වාසනාව කියන්නෙ මොකක්ද කියල ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනේ. සෙට් වෙච්ච වෙලාවක අපේ රවී අයිය කියපු ඇත්ත කතාවක් මේ මාතෘකාව යටතේ දාන්න හිතං හිටියෙ ටික දවසක ඉදල. හිතේ තිබුනත් වැඩේ නං දවසින් දවස පරක්කු උනා. ඔය අතරෙ තමයි මම පහුගිය සිකුරාදා කොළඹ යන්න පිටත් උනේ. ගමනෙ අරමුණු තුනක් තිබුන. අංක එක අවුරුද්දට රෙදිගන්න නෝන එක්ක සොපින් යෑම. අංක දෙක තවමත් කලින් සේවය කල කාර්යාලය යටතේ ලියාපදිංචිව තියන මගේ බයික්එක ලයිසන් කරගැනීම. අංක තුන අපේ රූම්එකේ හිටිය එවුන් එක්ක සෙට්වීම.
ඔන්න කොහොමහරි මම සිකුරාදා උදේ බයික් එකට වැදල කිලෝමීටර දෙයීයක ගමන ආරම්භ කලා. රත්නපුර පහුකලා විතරයි බයික් එකට දුං සහතිකේ ගන්න මධ්‍යස්ථානයක නැවැත්තුව. ටෙස්ට් එක කොරල බැලින්නං ෆේල්. අවාසනාව තමයි! දැං කාට කියන්නද! කමක් නෑ කියල හිත හදාගෙන ආයෙත් පිටත්වුනා. අවිස්සාවේල්ලට කිලෝමීටර දෙකක් මෙහා හරියෙදි බයික්කෙ හැඩල්එක තදයි වගේ තේරුණා. බැලින්නං ඉස්සරහ රෝදෙ හුලං බැහැල එකසිය ගානට. පාරෙ හිටිය අයිය කෙනෙකුගෙන් අහල බැලුවම කිලෝමීටර දෙකකට මෙහා ටයර් කඩයක් නැහැ! මොනව කරන්නද අවාසනාව කියල හිතල තල්ලුකලා. ඒ වැඩේ කරගෙන ආයෙත් ගියා හොමාගම පැත්තෙ ගරාජ් එකකට. ගරාජ් එකේ අයිය ප්ලග් එකක් අලුතෙන් දාල තෙල් ටිකක් අඩුකරල දුන්න දැං හරි කියල. ඊට පස්සෙ කොට්ටාවට ඇවිල්ල දුං සහතිකේ පාස් කරගෙන ආයෙත් හෝමාගමට ඇවිල්ල ලයිසොම ගන්න බලනකොට ටයිම් පාස්. බලන්න අවාසනාවෙ හැටි. අදුනන අයිය කෙනෙකුට ලයිසොම තැපෑලෙ එවන්න වැඩ සලස්වල මංතුමා අමාරුවෙන් අවාසනාවන්ත පළමු දවස අවසන් කලා.
පහුවෙනිද දවල් ෂොපින් ගිහිල්ල අහවර කලා. එදා දවසත් අන්තිම අවාසනාවන්තයි. අතින් පාඩුයි සෑහෙන ගානකට. කොහොම කොහොම හරි පුල පුලා බලාසිටි තුන්වෙනි අවස්තාව සෙට්උනා. ඒත් එතනටත් කණකොකා. බිග් මැච් එකකට ගිය යාලුවෙක් හොදටම ගුටිකාල ඌට එන්න විදියක් නෑ. ඌ වෙනුවට උගේ තාත්ත හිටි නිසා ඒක නං පාඩුවක් උනේ නෑ එච්චරම :P .දැං සිද්ධිය මේකයි. මමයි තව යාලුවො දෙන්නෙකුයි එන්න බැරිවුන එකා වෙනුවෙන් උගේ තාත්තයි ඉන්නව බියගම. තවත් එකෙක් ඉන්නෙ පිළියන්දල. "අපි බඩු ගේන්නං, උඹල බියගමට වරෙල්ල" කියල පිලියන්දල එකාට කියල මමයි තව එකෙකුයි ගියා බණ්ඩාරවත්ත හංදියට. විනාඩි 5ක් විතර "දැලේ එල්ලිලා" හිටිය අපි දෙන්න හැරිල බලනකොට මගේ බයික් රාජය උස්සල. ඒ වෙලාවෙ මොනවද හිතුනෙ කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.... යතුරත් මගේ ලග. එතන හිටිය මනුස්සයෙකුගෙන් ඇහුවම කිවුවෙ "මේ පැත්තට යනව දැක්ක" කියල. චුට්ටක් දුර "ඒ" පැත්තට යනකොට ඉරිගු විකුණන කරත්තයක් පිටිපස්සෙ බයික් එක හංගල තියනව. මං බැලුව හුලංවත් බැස්ස නිසා දාල ගියාද කියල. එහෙම දේකුත් නෑ. ඊට පස්සෙයි මට කාරණාව වැටහුනේ. වෙන්න ඇත්තෙ මේකයි, දුං සහතිකේ ගන්න තෙල් අඩුකල නිසා ස්ටාර්ට් කල ගමන් එකපාර අදින්නෙ නෑ. අනිත්එක ඇස්සලරේටර් එක වැඩිකලොත් බයික්කෙ නවතිනව. අපි දෙන්න ගෙදර ඉදල ආවෙත් බයික් එකට බැන බැන. අවාසනාව වාසනාවක් වෙච්චහැටි! හොරුන්ගෙ ප්ලෑන අප්සට් වෙන්න ඇත්තෙ බයික්කෙ පිස්සුකෙලින නිසා වෙන්න ඇති. මේකත් "වාසනාව" යටතේ දාන්න හොද පෝස්ටුවක් නෙවේද මං අහන්නෙ?
ඔය ජරමර ඉවරවෙලා "බේත්", බයිට් ආදී සියල්ලම රැගෙන ගෙදරට ලගාවුනා. ඒ වෙනකොට පිලියන්දල හිටිය යාලුවත් තව එකෙක් එක්ක ඇවිල්ල ඉන්නව. අපි පටස් ගාල බයික් එකේ විස්තරේ කිව්ව. මට එතනදිත් වාසනාව අහිමිවෙලා තිබුන. බයික්කෙ උස්සල තිබුනෙ හොරෙක් නෙවේ, පිලියන්දල ඉදලා ආපු "මිත්‍රද්‍රෝහීන්" දෙන්න.
මගේ ලග තිබුනු කතාව කිවුවම තව එකෙක් ඒවගේ කතාවක් කිව්ව.
ඔන්න මූද අයිනෙ තිබුනු ගමක එක කොල්ලෙක් ඉදල තියනව. අධ්‍යාපනයකුත් නැහැ. මූ දවසක් බීච් එකේ ඇවිද ඇවිද ඉන්නකොට එකෙක් බූලි දෙකක් අමාරුවෙන් බෝට්ටුවක් ලගට ගෙනියනව. මූ ඇහුවලු "උදව්වක් ඕනද?" කියල. ඊට පස්සෙ එක බූලියක් බොට්ටුවක් ලගට ගෙනිහිං දීල. දෙන්න පොඩි චැටක් එහෙම දාල අවසානයේ අමුත්ත කොල්ලට "මල්ලී ගමනක් යන්න ඕනනං නැගපං" කියල. මූත් නැගල! බෝට්ටුව ගිහිං තියෙන්නෙ ඉතාලියට. කොල්ලට දැං ගජ වාසීයිලු.
අන්තිමට රවී කියපු මගේ කතාව.
එක්දහස් නවසීය අනූ ගනංවල, කොල්ලෙක් කැසිනෝ ක්ලබ් එකක වැඩකරල. එතෙන්ට යනඑන කස්ටමර්ල ගැන මෙයාට මතකයක් තියනව. එක මහත්තයෙක් හැමදාම ඇවිල්ල ලක්ෂ දෙකක් තුනක් විතර පැරදිලා යනවලු. කොච්චර පැරදුනත් ඊලග දවසෙත් එනවලු. අපේ යාලුව දවසක්(හිතහොද වැඩිකමට) "මහත්තය" ලගට ගිහිල්ල කියනව "මහත්තයෝ මම හැමදාම බලාගෙන ඔයා ලක්ෂ ගනං පරදිනව. මේකට එන්න එපා සර්, මේවට ඇවිල්ල කවුරුත් දිනන්නෙ නෑ" කියල. ඒත් මහත්තය එච්චර ගනංගත්තෙ නෑ. ඔහොම ඉදල ප්‍රේමදාස ජනාධිපති තුමා සූදු තහනම් කලා. අන්තිම දවසේ "මහත්තය" කොල්ලට කතාකලා,
"මේක වැහුවම තමුසේ මොකද කරන්නෙ?"
"සිකුරිටි ජොබ් එකක් හොයාගන්නව සර්"
"කැමතිද මගේලග වැඩ කරන්න"
"හා!"
කතාව එච්චරයි. කොල්ලට ලැබුන හොදම තනතුරක්. නිකංම නෙවේ වාහනයකුත් එක්ක. "මහත්තය" කියන්නෙ ලංකාවම දන්න ව්‍යාපාරිකයෙක්. යාලුව "අවවාද" දීල තියෙන්නෙ දන්නෙ නැතුව. අන්තිමට ඒ අවවාද වාසනාව ගෙනාව.
එහෙමනං ගිහිං එන්නං. ලැබූවාවූ සිංහල දෙමළ නව වස ආ..... තාම නෑනේ...මටත් පිස්සුද කොහද!
Monday, March 26, 2012
(අ)වාසනාව.
Subscribe to:
Post Comments (Atom)
කාලෙකින් කියවන්න ලැබුන නියමම පෝස්ට් එකක්...
ReplyDeleteතැන්කූ හොදේ.
Deleteහිකිස්.. උබ වෙනදට දාන ඒවට මාරයා තරහයි.. මොකද උබ බනින්නෙම "මරා" ට නේ..
Deleteහපෝයි නැත... මරාට බැන්නට මගේ ඇගේ වදින්නේ නැත... මට රනිල්ට හෝ ෆොන්සේකාට බනින්න ඇති අයිතියම රාජ්ට හෝ සෑම්ට මරාට බනින්නත් ඇත..ආයේ මොකටද ඔව්වට තරහා ගන්නේ...
Deleteඑකම දේ මට අඳාල නැත්තං මං ඒක උඩින් පල්ලෙන් කියවලා නිකං ඉන්න එකයි...එහෙමත් නැතිව දිගින් දිගටම එවැනිම ලිපි යනවානම් එම බ්ලොගය කියවීමට නොයා මට හිතට අල්ලන ඒවා කියවන්නට එම කාලයත් වැය කරනවා මිස.
එවැනි මට වැඩකට ගත යුතු නැති බ්ලොග් ඕනෑ තරම් අතහැර ඇත.රාජ්ගේ බ්ලොගයේ විවිධත්වයක් ඇති හෙයින් මුල සිටම කියවමි. එය අතහැරිය යුතු බ්ලොග් ගොඩට දමා නැත. ඒ රාජ් ලියන දේවල් පැසුණු ගතියකින් ලියන බවක් හැඟී යන හෙයිනි.
මට හොඳයි කියා හිතෙන ඒවාට කමෙන්ට් කරන අතරම අඳාල නැත්තං සද්දේ වහලා පාඩුවේ සිටිමි.
මාරයා
Deleteඅතහැරියයුතු ගොඩට දැම්මෙ නැතිඑක ලොකු දෙයක්.
සෑම්
මම ලියන දේශපාලන ලිපි ගැන කවුරුවත් තරහ වෙනඑකක් නැතිවෙයි කියලයි මම හිතන්නෙ. මොකද මම කාටවත් කඩේයන කෙනෙක් නොවේ. මරාට වැඩියෙන් බනින්නේ වැඩියෙන් දැනට වැරදි කරන්නෙ එයා නිසා.
අන්න අභියත් දාලා තිබුනා වාසනාව ඇන ඇන දීපු හැටි ගැන කතාවක්..
ReplyDeleteමටනම් හිතුනෙ බොන්න කළියෙන් මෙහෙම අසිහියෙන් හිටිය නම් බීවයින් පස්සේ කොහොමට ඉන්න ඇත්ද කියලා තමා.. :)
මොනවා උනත් ආතල් කතා සෙට් එකක්..හැබැයි රවී අයියගේ කතාව නම් මදි වගේ..
මේ වගේ ඒවද පොර වෙනදා කියන්නේ.. :(
වෙච්ච වැඩ වලට පිස්සු නොහැදුනා පුදුමයි. රවි අයියගෙ එලකිරි කතා තියනව ඔහොම ඉදිං.
Deleteඅඩේ මට හිනා ගියාද නැද්ද කියලා මං වත් දන්නෑ ළග හිටපු එකෙක් ගෙන් අහලා බලන්න ඕනී
ReplyDeleteමෙව්ව හිනවෙන්න කියපුව නෙවේ බොල! මම ඇඩුවෙ නැතිඑක විතරයි.
Deleteඅනේ අනේ ඔයාටත් වෙන වැඩ ඔයිට වඩා පරිස්සම් වෙනවා හොදයි
ReplyDeleteඒකතමයි. මම ඉන්නෙ බොහොම පරිස්සමින්.
Deleteඅයියට මාර වාසනාවක් නෙ තිබිල තියෙන්නෙ.
ReplyDeleteහොද වෙලාවක එලියට බැහැල තියෙන්නෙ ගමන යන්න ඒකයි :D
හ්ම්. වෙනද උදේ පාන්දරම පිටත්වෙන මම එදා කම්මැලිකමට නිදාගත්ත. ඒකද දන්නෑ.
Deleteමම ඔය වාසනාව අවාසනාව කියන වචන 2කටම පාවිච්චි කරන්නේ තනි වචනයක්. "අහඹු සිදුවීම්!"
ReplyDeleteමාත් වාසනාව ගැන විශ්වාසයක් නෑ. නිකං ලස්සනට දැම්ම.
Deleteඔය වාසනාව ඉදිරියෙදිත් තියේවා කියා ප්‍රාර්තනා කරනව
ReplyDeleteබුදු අම්මෝ.... ඒ කියන්නෙ ඉදිරියෙදිත් බයික් තල්ලු කරන්න වෙයිද!
Deleteඇයි බොල කාර් එකක් ගත්තම ඕක රිපීට් කරන්ට වෙනවනෙ. ඒක නොවෙයි නෝනට බබා ලැබෙන්නෙ කවදද?
Deleteඊ මේල් කවිකාරි
Deleteතව කල් තියේ. ලැබුන විගස කියන්නං.
සිරා සිදුවීම් ටික බන් . . . මට නම් සිද්දවෙලා තියෙන දේවල් එක්ක බැලුවාම අවාසනාවට කියලා හිතපු සිද්ද වෙච්චි හැමදේම වෙලා තියෙන්නේ මගේ වාසනාවට . .
ReplyDeleteඑහෙමද, දිගටම ඒ වාසනාව තිබේවා!
Deleteඅබීතගේ ලිපියටත් මම කීවෙ ඒකමයි . අපි අවාසනාව කියා සිතන දේවල් අපිට වාසනාව ගේනවා . හොඳ ලිපියක් රාජ් .
Deleteඅභීතගෙ ලිවුම? නෑනේ. මෙන්න මෙච්චරයි මම නං කියෙව්වෙ
DeleteSorry, the page you were looking for in this blog does not exist.
ඇත්තමයි ඒ ලිපිය දැන් නැහැනේ .
Deleteමුල් ටිකේදි මට මාර ප්‍රශ්නයක් තිබුනෙ රත්නපුරේ ෆේල් වුන දුම් සහතිකේ කොට්ටාවෙදි පාස් වුනේ කොහොමද කියල :) කොට්ටාව කියන්නෙ එල නගරයක් හින්ද මම හිතුවෙ ජරාවක්වත් දුන්නද කියල...
ReplyDeleteහෝමාගමදි තෙල් වහල, ප්ලග් එකක් දැම්ම නිසයි පාස් උනේ. ඒගැන වෙනම පෝස්ටුවක් ලියන්නං.
Deleteඑතනදි මම නොකිව්ව කතාවකුත් තියනව. මාසයකට කලිං මම ගියා අපේ පැත්තෙ තැනකට බයික්කෙ සර්විස් කරගන්න. ෆුල් සර්විස් එකක් කරල ඔයිල් මාරුකලා. සර්විස් කල මල්ලි කෑල්ලෙන් කෑල්ල චෙක් කරකර අලුතෙන් දාන්න ඕන ඒව කියනව. මම එහාපැත්තෙන් ස්පෙයා පාර්ට් ගෙනත් දෙනව. අන්තිමට ඌ කියනව ප්ලග් එකත් දාන්න ඕන කියල. මම කල්පනා කලා මෙච්චර කල් දිව්ව ප්ලග්එක මොකටද මාරු කරන්නෙ කියල. අන්තිමට ප්ලග්එක විතරයි අලුතෙන් දැම්මෙ නැත්තෙ. හෝමාගමදි දුම පාස්කරල දුන්න පොට් එකේ අයිය කියනව "ඔයා ෆේල්වෙලා තියෙන්නෙ ප්ලග්එකේ අවුල නිසා විතරයි" කියල. බලාපං මම එදා ප්ලග්එක නොදැමීමේ පාඩුව කොච්චරද කියල!
මට මතක තිබුනේ රාජ්ගේ ලෝකය කියලානේ. නවතැන කිව්වහම මං හිතුවා වෙන කෙනෙක් වෙන්ටෑ කියලා........ පහලට එද්දි තමයි පිංතූරේ දැක්කේ. හපේ හප්පෝ බයික්කේ නැහැ කියලා දැක්කහම පපුවේ අමාරුව හැදුනේ නැද්ද අනේ........... මං "කී" පාරක් "කී" එක කටේම තියලා ගිහින් ආපහු පණ කඩාගෙන දුවලා ඇවිල්ලා තියෙනවද............. හොඳ ම වැඩේ ඔහොම භාගයක් දුර දුවද්දි ගිහින් හිටපු තැන කෙනෙක් කෝල් කරලා කියනවා මේ මේසේ උඩ යතුර තියෙනා හලෝ කියලා...................... :)
ReplyDeleteකී එක කටේ දාල ආවොත් නං සොරි තමයි. හොරු පිං දිදී අරගෙන යයි.
Deleteපපුවෙ අමාරුව නොහැදුනා විතරයි. ඒ ඔක්කෝටමත් වැඩිය අපි කතා කලේ ඇත්තටම නැතිවුනා නං පොලිසියෙ පැමිණිල්ල දාන්න වෙන්නෙත් වයින් එකක් ලගදි නැතිවුනා කියලනේ. වහ බොන්නයි වෙන්නෙ. :)
බයිසිකල් එපා වෙන්නේ මගදී තල්ලු කරන්න උනොත් තමයි....නැත්නම් ඉතින් ඉක්මනට වැඩ කරගන්න නම් ඊට එහා වාහනයක් නෑ.
ReplyDeleteඅන්තිම ටිකේ ලියල තියෙන්නේ නම් මාරම වාසනාවන්තයෝ ටිකක් ගැනනේ.
ඒක නං සහතික ඇත්ත. ට්‍රැෆ්ක් එකේ යන්න පුවවන් "රෝද දෙකට" විතරයි.
Deleteමේක කියෙව්වාම මට නිකමට හිතුන....
ReplyDeleteමුත්‍රාශයේ ගල් හැදෙනවානෙ,ඒවා මැණික් ගල් වුනානම් කොහොමට තියෙයිද....?
මුත්‍රාශයේ ගල් හැදුනොත් "ගල් කේස්"
Deleteඅනේ මන්දා.හොරෙක් වුනානම් බයික් එක ගෙනිච්චේ අරහෙම වුනේ වාසනාවට කියලා හිතන්න පුලුවනි.ඒත් හොරෙක් නෙවෙයි නෑ ගෙනිහින් තියෙන්නේ..
ReplyDeleteඒකනේ, වාසනාව ගැන දාන්න හිටිය පෝස්ටුවට ඒ කතන්දරය දාන්න හිතුවත් වෙලා තිබුනෙ වෙන දෙයක්.
Deleteයකෝ උඹ රත්නපුර ඉංගිරිය හරහා කොට්ටාවට ගියා නං අපේ ගෙවල් පැත්තෙත් ඇවිත් යනවනේ අපරාදේ, ඔය වගේ ගමනක් ආයිත් එනකොට නිකං හරි මැසේජ් එකක් දාපං ....
ReplyDeleteමම ආවෙ හයිලෙවෙල් එකේ බං. දවසක එන්නං ඔය පැත්තෙ, නාච්චිමලෙන් නාල එහෙම යන්න බැරිය.
Deleteඅන්න වැඩේ. මටත් හූවක් කියහං එවෙලට
Deleteඊයේ මම වැඩ ඇරිලා යද්දී හුගක් රෑ වුනා. ඉතිං යනන් අදුරන ත්‍රීවිල් එකක් නොමිලෙම බොස් කතාකරලා දුන්නා. ඕකේ යද්දී ත්‍රී විල් එකේ ලයිට් එක ගියා. හදන්න බැලුවා හරි යන්නෑ කියලා ආවා. ඉතිං ඉස්සරහ ලයිට් එක නැතුව පාකින් ලයිට් වලින් යද්දී ඩ්‍රයිවර් අහනවා නංගී මේ හරියේ පොලීසියෙන් ඉන්නවද කියලා. මට මතක් වුනේ නෑ ටිකක් එහායින් පොලීසියක් තියෙනවා කියලා. මම කිව්වා නෑ කියලා. ඊට පස්සේ උන්දැ කියනවා ඇයි අර අහවල් තැනපොලීසියක් තියෙනවා නේද කියලා.මම ඒගමන කිව්වා ආ ඇත්තමයි හැබැයි මම තවම ඔතන එක පොලිස්කාරයෙක්වත් ඉන්නව නම් දැකලා නෑ කියලා. නෑ නංගි මං මාර වාසනාවන්තයිනේ. ඉපදුන තැන ඉදලම මාරම වාසනාවන්තයි. ඉතිං අද ඔයාටත් ෂුවර් එකටම එතන පොලිස්කාරයෙක් ඉන්නවා දැක ගන්න පුළුවන් කියලා.
ReplyDeleteඑයා මේ වාසනාව කියලා තියෙන්නේ (අ)වාසනවාවට......
අපොයි පොලීසිය ලගදි අල්ලන්නෙ නෑ.
Deleteඔක්කොම සිද්ධ වුනේ වාසනාවට වුනාට, සාප්පු යන්න සිද්ධ වුනේ නං පෙර කල කරුමයක් නිසා
ReplyDeleteඅන්න! අත්දැකීම් ඇති පැසුන මිනිස්සු හරියට හදුනාගන්නව.
Deleteමේකෙන් උඹ කව්ද කියලා අපිට කියනවා. නියමයි මචං. පට්ට පට පට.. ආදර්ශමත් කතා.. තුනම.. තෑන්ක්ස්...
ReplyDeleteකැන්කූ තැන්කූ....මම කවුද කියනව කිවුවෙ?
Deleteබයිසිකලේ සීන් එක කියලා කර ගත්තේ වරදක්.. දැන් මේක බලන ඈයෝ බයිසිකලේ ලෙඩක් නෑ කියලා දන්න නිසා ඉස්සුවොත් අන්න ඒක අවාසනාව..
ReplyDeleteඅර අන්තිම කෑල්ල ලියලා කපලා දාලා තියෙන්නේ ඊයේ සෙට් උන ඒවා වැඩි නිසා වෙන්න ඇති...
බයිසිකලේ තාමත් එහෙමයි බං. මට අද උදෙත් එපාවුනා අදම තෙල් අරින්න ඕන. මම බැලුව මේ විදියට දුවන්න පුළුවන්ද කියල තෙල්මිලත් වැඩිවුන නිසා. ඒත් පිකප් එක අඩුවෙන් දුවන්න බෑ.
Deleteමට තරහ රාජ් ගැන..
ReplyDeleteඇයි යකෝ බියගමට, බණ්ඩරවත්තට ආපු එකා සෑමට කිව්වේ නැත්තේ.. බණ්ඩරවත්ත සිට සෑමාගේ නිවසට බයික් එකේ විනාඩි 10කි. බස් එකේ නම් (හවස) විනාඩි 30කි.
රට පුරාම ඇවිද්දද බං බොන්න සෙට් වෙන්න..??
උඹ ගැන මතක් උනා. මොකද දවසක් බියගම පැත්තෙ විස්තරයක් දාල තියනව දැක්ක නිසා. මට උඹේ නම්බරේ මේල් කරපං. ආපු වෙලාවක සෙට් කරගන්න.
Deleteප්‍රීතී..ප්‍රීතී..ප්‍රීතී.. !
Deleteඋබේ මේල් එක නැහනේ මෙතන.. මෙන්න මගේ එක tosamindika@gmail.com
(අ)වාසනාවට ඇත්ත කතාවක් නේ...ඔය "බේත්" පානය ශරීරයට අහිතකරයි යාළුවා!
ReplyDeleteහ්ම්ම්.කරුමෙට කකුල් අටයිලු....වාසනාව එන්නෙ නොන්ඩි ගහ ගහ ලු..අපේ ආත්තම්ම කිව්වෙ.....
ReplyDeleteසිරා කතාව.
Deleteමිත්‍ර ද්‍රෝහීන් දෙන්නා වාසනාව උදුරගෙනනෙ. :D
ReplyDeleteඒකනේ....;-)
Deleteඒ කියන්නේ අයියා බණ්ඩාරවෙල ද? අපේ අල්ලපු වැටේ නෙ. මේ ළඟදිත් දියතලාවේ ඇවිත් ගියා මම!
ReplyDeleteනෑ නෑ..... මම සීතල හම්බන්තොට.
Deleteපට්ටයිනේ ඈ.කොහොමත් කතාවකුත් තියෙනවනේ බන් හැමදේම වෙන්නේ හොදට කියලා.
ReplyDeleteඒකනේ. මදැයි බයික්කෙ බේරුනා.
Deleteඅවාසනාවත් වාසනාවක් වෙනවනේ. සමහරවිට අවුරුදු ගානකට පස්සේ.
ReplyDeleteඅනේ අනේ රාජ්ටත් වෙන දේවල්...
ඒකනේ කියන්නේ....
Deleteඅර කොල්ලට වගේ වාසනාවක් අපිටත් ලැබෙනව නම්....
ReplyDeleteහ්ම්. වාසනාව තියනවනං ලැබෙයි.
Deleteඋඹට වාසනාවයි ආවසනාවයි දෙකම තිබිලා.ඔක්කොම සමානයි.ෂිපින් ගියපු එක තමා අවාසනාව.
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා.රාජ් ටයි රාජිටයි.
හොඳම පෝස්ට් එකක් රාජ්.
ReplyDeleteඅර දුම් ටෙස්ට් එක නම් මාරයි නේ? මටත් ඕක මහා මානසික වදයක්. හරියට අපි එග්සෑම් එකකට ලියනවා වගෙ. සමහර අලුත් ඉන්ඩියන් බයික් ෆේල් වෙනවා මමත් දැකලා තියෙනවා. ගරාජ් කාරයොත් ඉතින් කල දුටු කල වල ඉහ ගන්නවා.
henryblogwalker the Dude
දුම ගැන වෙනම පෝස්ටුවක් ඉස්සරහට එනව. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.
Deleteඅවාසනාවයි....අර යාළුවො දෙන්නා සෝක් වැඩේ කරලා තියෙන්නේ...කවුද අර අන්තිම කතාවේ ඉන්න "මහත්තයා"?
ReplyDeleteසයුරි මොකද මහත්තය ගැන හොයන්නේ......
Deleteඔක්කොම කරදර වෙලත් අන්තිමට "බේත්" ටික බිව්වම වස් දොස් යන්න ඇති...
ReplyDeleteහ්ම්. හොද වෙලාවට බොන්න කලිං සිද්ධවුනේ. බීල හිටියනං බීපුවත් ඉවරයි.
Delete//පහුවෙනිද දවල් ෂොපින් ගිහිල්ල අහවර කලා. එදා දවසත් අන්තිම අවාසනාවන්තයි.//
ReplyDeleteඇයි බං උඹ හිතාගෙන ආවෙ එදා වාසනාවන්ත දවසක් වෙයි කියලද ?
:P
Deleteමටත් ඒ 'මහත්තයා' ගැන දැනගන්ට ඕනේ. :D
ReplyDelete