මේ දිනපතා මත්පැන් පානය කරන්නන්ට අසුභ ආරංචියක් ගැනය. ප්‍රථමයෙන්ම ඊට ප්රස්තුත වූ සිද්ධිය පවසන්නම්. මගේ යහළුවෙකු දන්නා කියන මිණිසෙකු ඔහුගේ ගමේ වෙසෙයි. ඔහු ලගදී එම ගමට පැමිණි දෙමළ ජාතිකයෙකි. වැඩපල කිරීමට දක්ෂ ඔහු පාළු ඉඩමක පිහිටි කුඩා හිස් නිවසක නැවතී සිටින අතර දින කිහිපයක් එකම ස්ථානයක වැඩ කරයිනම් ඒ ඒ නිවෙස්වල නැවතී සිටිමින් දිවි ගෙවයි. කුලී වැඩ කිරීමෙන් ලැබෙන මුදලින් කෑමක් බීමක් ගැනීම හැරුනුවිට ඔහු කරන්නේ මත්පැන් පානය කිරීමයි(මෙහි මත්පැන් යනු අරක්කු නොව කසිප්පුය).
දිනක් මධ්‍යම රාත්‍රියේ මේ පුද්ගලයා යහළුවාගේ නිවසට පැමිණෙන්නේ තමා නිවසේ සිටිනවිට අවි ආයුධ රැගත් පිරිසක් තමා මැරීමට පැමිණි බවත් ඔවුන්ට හසුවීමට කලින් පැනආ බවත්ය. මෙහි සත්‍ය අසත්‍ය තාවය සෙවීම පසෙකලා මිත්‍රයා ඔහුට නිදාගැනීමේ අවස්ථාව සලසා දුන් අතර ඉන් පසුවද, යම් ශබ්දයක් ඇසුනවිට මොහු බියපතු වූ බවත් ඔහු මා සමග පැවසීය. කෙසේ වුවද එදින ඔහු බීමතින් නොසිට ඇත. පසුදින අදාල ප්‍රදේශය පරීක්ෂාකර බැලුවද කිසිවකු පැමිණි සළකුණක් නොතිබූ බවත් මා මිතුරා ප්‍රකාශ කලේය. ඔහු එම සිද්ධිය තවත් අයෙකුට ප්‍රකාශ කලවිට එම පුද්ගලයා පැවසුවේ බීමත්ව නොසිට නින්දට යන දිනවලදී ඔහුටද එවැනිදෑ පෙනෙන බවත් මෙම සිද්ධියද එවැන්නක් වියහැකි බවත්ය.(දෙවනුව සදහන් කල තැනැත්තාද අධිකව මත්පැන් පානය කරන්නෙකි).
මේ සිද්ධියෙන් පසු මා කලේ මෙලෙස අධික ලෙස මත්පැන් පානය කරන්නන් කිහිපදෙනෙකුගෙන් මෙවැනි තත්වයක් ඇතිවිය හැකිදැයි විමසීමය.
ලැබුනු ප්‍රථිපල අනුව එය සත්‍යබව පෙනිනි. මා දටදෙනෙකුගෙන් පමන විමසීම් කල අතර ඉන් හයදෙනෙකු පමන ප්‍රකාශ කලේ සාමාන්‍ය තත්වයෙන් බැහැරව බීමතින් නොසිටින රාත්‍රී කාල වලදී ඔවුන් කුමනහෝ ආකාරයක භයවීම් වලට මුහුණදෙන බවයි. එම හයදෙනාගෙන්ද තුන්දෙනෙකු භයවී ඇත්තේ ඉහත පුද්ගලයා මුහුණදුන් ආකාරයට "යම් කෙනෙක් හෝ පිරිසක් තමාට හාණිකිරීමට පැමිණෙන" දර්ශනයන්ගෙනි.
පරීක්ෂණයට ලක්කල අටදෙනාම ඉතාමත් අධික මත්පැන් පානය කරන්නන් වූ අතර මින් සිව්දෙනෙකු කුලීවැඩ කරන්නන් වූ අතර දෙදෙනෙකු ගොවියන්ද අනෙක් දෙදෙනා සුළු ව්‍යාපාර කරගෙනයනු ලබන්නන්ද විය. තවද මොවුන් අටදෙනාම නීතිගත මත්පැන් සහ කසිප්පු යන දෙකම පාවිච්චි කරන්නන් වුවත් සාමාන්‍ය පාවිච්චිය කසිප්පුය. ප්‍රමාණයෙන් භාගය ඉක්මවා යන්නන් විය.
මීට අමතරව සාමාන්‍යයෙන් මත්පැන් පානය කරන්නන්ගෙන්ද වෙනම විමසීමක් කලත් ඔවුන්ගෙන් ඉහත ලැබුනු ප්රථිඵලය නොලැබුනි. ඔවුන් සාමාන්‍යයෙන් නීතිගත මත්පැන් පානය කරන්නන් වූ අතර එක්වරකට පානය කරන ප්‍රමාණය භාගයකට අඩුවිය.
අවවාදයයි! ඔබ පාවිච්චි කරන ප්‍රමාණය ඉතා ඉහල නම් මෙවැනි ප්‍රථිඵල ඇතිවියහැක.
//ඔවුන් සාමාන්‍යයෙන් නීතිගත මත්පැන් පානය කරන්නන් //
ReplyDeleteඅරක්කු සංස්ථාවෙන් උඹට කීයක් දුන්නද ? :p
බුවා
ReplyDeleteඅනේ නෑ බං, මම ඒ අදහසින් නෙවේ කිවුවෙ. හැබැයි ඔය නීතිගත මත්පැන් බොන්නන් බොනවට වැඩිය කසිප්පු බොනඅය බොනව. පෝස්ට් එක ආයෙත් කියෙව්වම මටත් හිතුන කාටහරි හිතෙන්න පුළුවන් මේක කසිප්පුකාරයන්ට තියන ප්‍රශ්නයක් කියල. මම කියන්නේ මේක භාගය ඉක්මවා බොන්නංගෙ අවුලක්. මට සෙට්වෙච්ච ඩයල් අටම කසිය ගහන එවුන්. බාගෙට වැඩිය අරක්කු බොන කකෙනෙක් හොයාගන්න බැරිවුනා.(ගල් බාගයක් ගහන්න යන වියදමත් එක්ක බැලුවම ඒක පුදුමෙකුත් නෙවේ:D)
අනිවා මචො බත් කනව වගේ කසිප්පු අරක්කු බොන්ඩ ගියොත් කවුරුවත් බය කොරන්ඩ ඔන්නැ...බොක්ක දියවෙලා ඉක්මනටම දිව්‍ය ලොකේ යයි...
ReplyDeleteඔය ඉඳලා හිටලා මාස 7 ත 8 කට සැරයක් මදුවිත පොඩ්ඩක් ගත්තට දෙවියො මුකුත් කියන එකක් නැ...නේද බං..
මාස 7 ත 8 කට සැරයක් නං අවුලක් නෑ.මාසෙකට සැරයක් උනත් කමක් නෑ, එහෙම උනත් අවුරුද්දට 12නේ:D
ReplyDeleteකතාවෙන් ගත යුතු ආදර්ශය 'බියකින් තොරව නිදා ගැනීමට නම් දින පතා බාගයක් ගැසිය යුතුය'
ReplyDeleteකාලක් ගැසූ එකා කාලකන්නියා
බාගයක් ගැසූ එකා භාග්‍යවන්තයා
තුන්කාලක් ගැසූ එකා තුන් ලොවට අධිපති
Observer
ReplyDeleteඅන්න බලන්න බුද්ධිමතාගෙ ලක්ෂණ.බලන්න පින්වතුනි කොච්චර සෘණාත්මක දේක උනත් තියන ධනාත්මක පැත්ත දැක්ක හැටි අපූරුයි නේද ඔබාගෙ මොලේ. :D
සොරි වෙන්ඩ ඕන. මාතෘකාවෙ වරහන් ඇතුලෙ බෙබා වෙනුවට ඔබා කියලයි දාන්න තිබුනෙ!
ReplyDeleteහප්පේ මට නං මේක අදාල නෑ...මම උනු වතුරත් නිවලා බොන්නේ....හික් හික්...
ReplyDeleteඔබ නොදුටු ලොවක්.
ReplyDeleteඑහෙනං අවුලක් නෑ. ඔබාව නං ආදර්සෙට ගන්නෙපා.
මල්ලී ඔය තත්ත්වයට කියන්නේ හැලුසිනේෂන් කියලා. ඕක මත්පැන්වලින් මොළයේ සෛල විනාශ වීම නිසා ඇතිවන තත්ත්වයක්. බොහෝම භ්‍යානකයි. හැබැයි නීත්‍යානුකූල නෙමේ මොනම අයුරකින්වත් ඇබ්බැහියක් ලෙස නිතිපතා මත්පැන් පානයෙන් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. සිරෝසිස් එන්නේ බොහෝ විට මෙයින් පස්සේ. ඒ අක්මා සෛලවලට හානී වීමෙන්.
ReplyDeleteවෙද ගෙදර මහ වෙදනා
ReplyDeleteඅන්න ලැබුනා වෙදගෙදරින් පැහැදිලි කිරීම. එහෙනං ඒක බොරුවක් වෙන්න බෑ. මත්පැන් කොයිකෙනුත් ඕක වෙන්න පුළුවන්.ඒක හරි.
කොහොමත් අරක්කුයි කසිප්පුයි අතර වෙනසක් නෑ. එකක් කැලේ, අනෙක ස්කාගාරෙ- දෙකේම තියෙන්නෙ C2H5OH තමයි. ස්තුතියි පැහැදිලි කිරීමට.
කවුද කවුද දැන් බොන බෙබාලා ඉන්නෙ ? ඕන්න අපි නම් බොන්නෙ නෑ...
ReplyDeleteWeni
ReplyDelete:D
හැබැයි අරජාතියෙ ඩයල් නං බ්ලොග් අවකාශෙ නෑ මං හිතන්නෙ.
නොබී හිටිය නම ඔය ලෙඩ එකක්වත් නැ නෙ?...
ReplyDeleteමෙහෙම දෙයක් ගැන මං අදමයි ඇහුවේ... මට පේන්නේ ඔබා මාමගේ උපදෙස අනුගමනය කරන්න වෙයි වගේ...
ReplyDeleteකන පැලෙන්න බීල දාගන්න ගොරි වෙරි හිදිල ඉන්න වෙලාවට මතක් වෙනව ඇති.කොහොමත් කරටි කැඩෙන්න අම්බානක නවාගන්න අයට පොඩි කාලයයි තියෙන්න.
ReplyDeleteඔය ජාති කොහොමත් ඇඟට හොඳ නෑ නොවෑ! කසිප්පු හදන හැටියෙන්ම තේරෙනවා නෙ කොච්චර ඉස්තරම් අමුද්‍රව්‍යද ද දාන්නේ කියල!
ReplyDeleteඅපේ පැත්තේ අංකල් බුවෙක් සිටී. දවල්ට කන්නේත් නැත. ඉදහිට අපේ ගෙදරින් කෑම ලබා දේ. සල්ලි නැතත් බීමට සල්ලි ඇත. නොබිව්වොත් බුවා වයිබ්රේට් (vibrate) වේ. දිව දොට්ට පැමිණ සෙලවෙන්නට ගනී. නමුත් ඔහු ජීවත්වන්නේ මෙතිල් ඇල්කොහොල් පිහිටෙනි.
ReplyDeleteකාලීන පෝස්ටුවක් රාජ් මහත්තයෝ.. අපි වගේ ඔකේෂනලි සෙට් වෙන්න පුරැදු වීම අගනේය.. :)
ප්‍රමාණය ඉක්මවා ඕනෙම දෙයක් හොඳ නැහැල්ලුනේ....
ReplyDeleteසබිත්>
ඕකට ගන්න අමුද්‍රව්‍ය වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ
කසිප්පු වල එතනෝල් වලට අමතරව විෂ සහිත මෙතනොල් සහ තවත් නොයෙකුත් විෂ රසායන සංයෝග තියෙනවා. ඒ නිසා තමයි කසිප්පු බොන එකේ අවධානම ගොඩක් වැඩි.
ඔබා මාමගේ නීර්වචනය අනුව බෝතලයක් ගහපු එකා බෝධිසත්වයා වෙන්ටෑ. ඔය මල ජරාව අඩුවෙන්ම බොන එකමයි හොද. එහෙම කිව්වට බොන එකා නොබී ඉන්න එපා. එතකොට අරක්කු සංස්ථා වැහෙනවා. පාඩු ලබනවා. එතකොට ඒවා රජයට ගනී
ReplyDeleteමේවා අපිට ප්‍රශ්ණ නෙමේ....හි හී...
ReplyDeleteඅපට අදාල නැත...:D
ReplyDeleteසියල්ලන්ටම
ReplyDeleteබොහොම ස්තුතියි කොමෙන්ටු වලට.මේ කී බෝඩ් එකේ ටයිපින් අවුල්.සදුදට හම්බවෙමු.
අර කිව්ව වගේ අපි නම් බය නෑ ඔව්වට....
ReplyDeleteඅර ඔබා මාමගෙ රාජකීය විශ්ලේෂණය නම් මරු.... හනේ..හනේ... ඔබෝ...
අපිට නම් මේවා අදාල නෑ.
ReplyDeleteMiyuru, නදී
ReplyDeleteකාන්තා පාර්ශවයට මෙම ප්රශ්නය අදාල නොමැතිබව කොමෙන්ටුවලින් පෙනීයයි.
පුරුෂ පාර්ශවයේද ඔබා හැර අන් සියල්ලම ප්‍රශ්නයක් නොවන බව පෙනේ.
ඔබා මාම තමයි ගත යුත්ත දැකල තියෙන්නේ හික් හික්
ReplyDeleteපිස්සා පලාමල්ල
ReplyDeleteහැබැයි ඔබාට රෑට නින්ද යන්නෙ නැහැලු.
හප්පට සිරි මං දන්නෙත් නෑ, කෂ්ටිය මාව පතුරු ගහනව නේද?
ReplyDeleteObserver
ReplyDelete:D
සුරාවෙහි අගයත්
ReplyDeleteඑහි ඇති මනා ගුණයත්
බොන සුදනෝ දනිත්
නොබොන අනුවණ දනෝ නොදනිත්
හික්ස් :)))