මා උසස්පෙළ විභාගයට ටියුෂන් යන සමයේ සිසුන්ගේ ප්‍රධාන විනෝදාංශය වූයේ ගුරුවරුන් තම ක්ෂේත්‍රයේ ප්‍රතිවාදීන් සම්බව්ධයෙන් කරන විවේචනයන් හුවමාරුකර ඔවුන් ඇවිස්සීමත් ගුරුවරුන් කේන්ති ගැස්වීමත්ය. මෙයින් අත්වූයේ එක් ප්‍රයෝජනයකි. එනම් අසා සිටීමට අපහසු වූත් නීරස වූත් විෂය කරුණු වෙනුවට කේන්තියෙන් පුපුරණ ගුරුවරයාගේ වදන් මාලාව අසා සිටීමට හැකිවීමය. උදෑසන පන්තිය පටන්ගැනීමේදී ඉදිරියට යවන තුණ්ඩු කැබැල්ලකින් පැවසෙන්නේ අහවල් ගුරුවරයා සර් සම්බන්ධයෙන් පැවසූ දේවල්ය. කුකුල් කේන්තිකාරයන්ට එය ප්‍රමාණවත් වන අතර එතැන් සිට පැය භාගයක් පමණ කාලයක් අප ඔහුගේ "විෂය බාහිර දේශනයට" සවන් දෙන්නේ හද පිනායන සතුටිනි.
මා ටියුෂන් සදහා පැමිණියේ තංගල්ලට වන අතර ගුරුවරුන් අතරින් ශුද්ධ ගණිතය ඉගැන්වූ ගුරුවරුන් අතර පැවතියේ මහත් තරගයකි. ව්‍යවහාරික ගණිතය ඉගැන්වූයේ ජනක අබේවර්ධන සර් වූ අතර ඔහුට අභියෝගයක් වියහැකි අයෙකු නොවූ බැවින් එම විෂය සදහා මෙවැන්නක් පැනනැගුනේ නැත. අනෙක් විෂය වූයේ භෞතික විද්‍යාව වූ අතර රසායන විද්‍යාව ඉගැන්වූ ගුරුවරුන් කලහකාරී නොවූ "ඇවිස්සීමට නොහැකි" අයවලුන් විය.
මෙසේ උග්‍ර තත්වයට පත්වූ ගැටළු දෙකක් අදත් මගේ මතකයේ ඇත.එකක් නම් ශුද්ධ ගණිතය ඉගැන්වූ විජය විදානපතිරණසර්ට "x tanx" යන්න අනුකලනය කරනමෙන් ජයන්ත සෝමසිරි සර් කරන ලද අභියෝගයයි. විජය සර් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු නොවූ අතර ඔහු එන්.ඩී.ටී. පාළඨමාලාව හැදෑරුවකු විය. (එයද සම්පූර්ණ කර නොමැත). විශ්ව විද්‍යාලයේ නොගියකු හට ශුද්ධ ගණිතය ඉගැන්වීමට බැරිබව ඔප්පුකිරීමට අභියෝගයක් ලෙස මෙම ගැටළුව ඉදිරිපත් කෙරිණි. මේ සමයේ මෙම ගුරුවරුන් දෙදෙනාගේම (සහ අපගේ) කාලයෙන් විශාල ප්‍රතිශතයක් අදාල ගැටළුව සම්බන්ධ විවාදයට නාස්තිවිය. කෙසේ වෙතත් විශ්ව විද්‍යාල සමයේද මෙම ගැටළුව විසදීමට මාහට නොහැකිවිය. දැන් මෙම කාරණා අමතක වී ඇතිවාට සැක නැත්තේ අභියෝග කල ගුරුවරයා ජීවතුන් අතරද නොමැති බැවිනි.
දෙවන ගැටළුව මීටත් වඩා දුරදිග ගොස් ප්‍රදේශයේ සියළුම ගුරුවරුන් දෙපිළකට බෙදී වාදකිරීම දක්වා ඇදුනු සිද්ධියකි. ගැටළුව ඉදිරිපත් කලේ භෞතික විද්‍යාව ඉගැන්වූ සත්‍යානන්ද විජේසේකරසර් වූ අතර මුලින්ම ඊට අභියෝග කලේ එම විෂයම ඉගැන්වූ රුවන්පතිරණ සර්ය.
ගැටළුව මෙසේය,
රූපයේ දක්වා ඇති ආකාරයට වායුව පිරවූ බෝලයක් ජල භාජනයක පතුලට ගැටගසා ඇත්තේ එම පද්ධතිය තරාදියත් මත ඇතිවිටය. තරාදියේ පාඨාංකය මෙවිට යම් අගයක ඇත. යම් ක්‍රමයකින් සම්බන්ධක නූල කපාදැමූ විට තරාදියේ පාඨාංකය වෙනස්වේද නොවේද යන කරුණ සම්බන්දයෙනි ගැටළුව ඇතිවූයේ. සෑම අවස්ථාවකදීම තරාදිය මත ඇති බාහිර බලය නියත නිසා රුවන් පතිරණ සර්ගේ අදහස වුයේ පාඨාංකය වෙනස් නොවේය යන්න වූ අතර අනෙක් පාර්ශවයට සත්‍යානන්ද, ජනක, ජයන්ත සෝමසිරි යන ගුරුවරුන් එක්විය.සෛද්ධාන්තික කරුණු අවසානයේ ප්‍රායෝගිකවද තම මතය ඔප්පු කිරීමට රුවන්පතිරණ සර් පෙරමුණ ගත් අතර යට සිට උඩට වෙනුවට උඩ සිට යටට (ප්‍රායෝගික පහසුව සලකා) බෝලයක් ගිල්වා තම මතය ඔප්පු කලේය. ඔහු මෙහිදී රබර් බෝලයක් තුලට යන්තම් බරක් එක්කර බෝලය ගිල්වූ අතර අනෙක් පාර්ශවය නියෝජනය කල එම ආයතනයේම ඉගැන්වීම කරගෙන ගිය ජනක සර් වැඩි බරක් බෝලය තුලට දමා පරීක්ෂණය සිදුකර තරාදියේ පාඨාංකය වෙනස්වන අයුරු ඔප්පු කලේය. ප්‍රතිඵලයක් නොමැතිව අවසන්වූ මෙම ගැටළුව, අවසානයේ අයතනයේ පාලකයාට (ඔහුද පාසල් ගුරුවරයෙකි) සිදුවූයේ මේ විවාදය නතරකරන ලෙස ගුරුවරුන් දෙදෙනාගෙන්ම ඉල්ලා සිටීමටය.
නියම මතකයක්. අපේ කාලයේ මේවගේ දෙයක් වුනා. ඒ අපේ දෙයියට. මම දෙයියගේ හොඳම ගෝලයෙක්. ගෙදර පවා යන එනවා. දිනක් තවත් සර් කෙනෙක් දෙයියට උපාධියක් නැහැ කියලා මර ලෙඩක් ඇදුනා. දෙයියට අපි ඕක කිව්වා. දෙයියා ගනන් ගත්තේ නැහැ. ටික දවසක් යනකොට මේක හතර අතේ ප්‍රචාරය වෙනවා. දෙයියා අපිටම කියලා ෆොටෝ කොපියක් ගෙනල්ලා උපාධි සහතිකේ අර සර්ගේ මූණටම දමලා ගැහුවා. ඇත්තටම දෙයියා කියන්නේ නියමම මහත්තයෙක්. ඒ විතරක් නෙමේ ඇත්තටම දෙවියෙක්.
ReplyDeleteවෙද ගෙදර මහ වෙදනා
ReplyDeleteඔයාලටත් දෙයියෙක් හිටියද?
අපිටත් හිටිය කැම්පස් එකේ දෙයියෙක්. ගණිත අංශයෙ එතුමා හිටියෙ. විෂයක ලෙක්චර් එකේ අන්තිම දවසෙ දෙනව "මෙන්න මේවගේ" ගනං බලාගන්න කියල. ඊට කිට්ටු ඒව තමයි විභාගෙට දාන්නෙ.
නූල කැපෙන කතා නූල කැඩෙන කතා කියනකොට මට හිනා යන නිසා මම හැමදාම පන්තියෙන් එලියේ..
ReplyDeleteමාතලන්
ReplyDeleteමම මේක ටයිප් කරන ගමනුත් හිතුවෙ කොහොමද නූල් කැඩෙන කතා වලින් බේරෙන්නෙ කියල.:D
අර බෝලේ ප්‍රශ්නය සංවෘත ජල බඳුනක් තුල කරනවානම් තරාදියේ පෙන්නන අගයේ වෙනසක් ඇති වෙන්න බැහැ කියලා මට හිතෙනවා
ReplyDeleteඒ ගුරුවරු කරපු ප්‍රයෝගික පරීක්ෂණය සිදු කලේ විවෘත ජල බඳුනකනම් බෝලය ජල පෘෂ්ටයෙන් ඉහලට ආවට පස්සේ එයට ඉහළින් දැනෙන්නේ වායුවේ තෙරපුම නිසා අගයේ වෙනසක් ඇතිවිය හැකියි
අනුකලනය කියල දෙයක් ඉගෙන ගත්තද කියලවත් දැන් හරියට මතක නැහැ
මතකය ආපහු අලුත් කරගන්න පුළුවන් උනොත් මේක ගැන පොඩි ට්‍රයි එකක් දෙන්නම් පස්සේ වෙලාවක
ගුරුවරු දෙන්නම කලේ භාජනයේ උඩින් රදවපු ලී කෑල්ලක බෝලය එල්ලපු එක.(ඒ කියන්නෙ පද්ධතිය සංවෘතයි). හැබැයි දෙන්න බෝලෙ ඇතුලට දැම්මෙ බර වෙනස් කරල. එක්කෙනෙක් පොඩි බරක් දාල හෙමින් පහලට යන්න සැලැස්වුවා. අනිත් එක්කෙනා බෝලය ඇතුලට දැම්මෙ වැඩි බරක්. දෙන්නම කලේ තක්කඩි විදියට තමන්ගෙ මතය ඔප්පු කරප් එක විතරයි. ඒත් සෛද්ධාන්තිකව නං වෙනසක් වෙන්න බැහැ තමයි. මොකද බාහිර බලයක් නැති පද්ධතියක්නෙ මේක. ප්‍රශ්නෙ ගැන හිතුවට ස්තුතියි.
ReplyDeleteමේ වගේ බුද්ධි පරීක්ෂණයක් එංගලන්තෙ හිටපු රජ කෙනෙක් කරල තියෙනව , හැමෝම රජා කිව්ව දේට පිටින් හිතුවෙ නැති නිසා පොට වරද්දගෙන.
ReplyDeleteObserver
ReplyDeleteඒ කතාව කියන්න බෑ?
වෙලාවට කොමස් ක්ලාස් එකකට ගියේ...හික්.
ReplyDeleteවෙලාවට තාම ඉගෙන ගන්නව...හික්.
ReplyDeleteRaj & මාතරේ
ReplyDeleteසොරි තමයි!
වෙලාවට මමත් කොමර්ස් කොලේ හික්.
ReplyDeleteයම් ක්‍රමයකින් සම්බන්ධක නූල කපාදැමූ විට තරාදියේ පාඨාංකය වෙනස් නොවේ කියලා තමයි අපිටනම් ඉගැන්නුවේ.
අපේ මැතට හිටිය සර් ක්ලාස් කලේ හවස 4- 8 එහෙම වෙලත් ළමයි ගොඩයි.. හොඳම වැඩේ එයා පොස්ටර් හෑන්බිල් මොකුත් ගැහුවෙ නෑ... කටකතාවට ආවෙ... කිසිම තරගයක් තිබ්බෙ නෑ කාගෙන්වත්...
ReplyDeleteමාර වැඩෙ කියන්නේ කලා විෂයන් කරද්දී කිසි කරදරයක් නැහැ කවියක් පාඩම් කරන වළක් බැහැල හිටියේ.එකනේ අපිට මෙහෙම වුනේ
ReplyDeleteනරකයා...
ReplyDeleteඑහෙම සර්ලත් ඉන්නව.
වර්ණා
කොමස් නං කලේ කරන්න දෙයක් නෑ.
අසරණයා
ReplyDeleteඅපට කියලත් වෙනසක් නෑ.හික්!
ඔය සර්ලා අවුස්සන වැඩ කරන්න අපිත් හරි මනාපයි
ReplyDeleteවිසිතුරු | visituru
ReplyDeleteහ්ම්. මාර ආතල් සිද්ධි ටිකක් තියනව.
හි හී නියම කතාව. සර්ලා ඔහොම ඇවිස්සුනා ම අපිත් 'විෂය බාහිර දේශන' වලට සවන් දීලා තියෙනවා... මරු....
ReplyDeleteහැබැයි ඔය ප්‍රශ්නේ නම් මොලේ දෙයක් තේරුණේ නෑ. ආර්ට්ස් කරපු අපි කවියක් දෙකක් කටපාඩම් කරලා තමයි දෙයියනේ කියලා ගොඩ ගියේ..... :D :D
"වෙද ගෙදර මහ වෙදනා" කිව්ව දෙයියා වගේම අපිට දෙයියා වුනේ කේසිරි සර්. මම දෙයියගෙ ගිහින් එපා වෙලා කේසිරියා ලගට පැන්නා. මැත්ස් වලට ගියේ දුෂ්‍යන්ත මහබදුගේ ලගට, කේසිරි, දුෂ්‍යන්ත දෙන්නා මරා ගන්නවා පට්ට ආතල්. කේසිරි ක්ලාස් එකේ කෑගහන්න දෙන්නේ නැහැ. ලමයි තුන් හාර දහක් හිටියත් කිසි සද්දක් නැහැ. දුෂ්‍යන්තගේ එකේ පට්ට හූ කිවිල්ලක් තිබ්බේ. දෙන්න මරා ගන්නවා. අපේ එවුන් පැය ගනන් කතන්දර අහනවා.
ReplyDeleteරාජ් මහත්තයා මාර ටොපික් අල්ල ගන්නේ එල එල.. ජය ශ්‍රී..
ඒ ලෙවෙල් කාලේ ඉගෙන ගත්ත ගුරුවරුන්ගෙන් මම කැමතිම ගුරුවරයා කේ. සිරි සර්. පන්තියේ පිරිමි ළමයි හරිම තැන්පත් ගුණගරුක සද්ගුණවත් පුතාලා සර් උගන්වනකොට.... :D එහෙම නොවුනු එක්කෙනෙක් ව කොලර් එකෙන් උස්සලා, සරුංගලේ වගේ අරං ඉස්සරහා පේළියේ වාඩි කරලා, ෆ්‍රී කාර්ඩ් එකක් දුන්නා, ආවේ නැත්තං බලා ගනිං කියලා.... සර් හැමදාම ආපු ගමන් පොත් බලන්නේ ඒ ළමයාගේ. වැඩක් දුන්නත් මුලින් බලන්නේ ඒ ළමයාගේ. මං හිතන්නේ ඒ ළමයා කැම්පස් යන්නත් ඇති සමහරවිට...
Deleteඅපේ කාලෙත් සීන් එකක් තිබ්බා,,, එක බිංදුවෙන් බෙදුවම අනන්තයයි කියලා එක්කෙනෙක් කියද්දි අනිත් අය කියන්න ගත්තා බිංදුවයි කියලා
ReplyDeleteබලාගෙන යද්දි මම කොමර්ස් කරලා තියෙන්නේ හොද වෙලාවට..
ReplyDeleteවෙලවට ආට් කරේ....පුළුං කිලෝ එකද යකඩ කිලෝ එකද වැඩිය බර?
ReplyDeleteහොද වෙලාවට ඉස්කෝලෙකටවත් නොගියෙ.. ඉතින් කොහෙන්ද ටියුෂන්... ලොල්..
ReplyDeleteකොමර්ස් වල කොහෙද ඔහොම වාද විවාද වලට කේස් ? අපේ කාලෙ එච්චරම ටියුශන් වලට තරඟයක් තිබ්බෙ නෑ..
ReplyDeleteall
ReplyDeleteමම හිතුව වැරදියි. බ්ලොග් අවකාශෙ වැඩිපුර ඉන්නෙ ආට්, කොමස් කල අය බව පෙනේ.
කතාව චුට්ටක් දිගයි එකයි කියන්න කම්මැලි වුනේ, අනික වැඩ කොරන තැන කොම්පියුටරේ සිංහල කොටන්න හරිම අමාරුයි.
ReplyDeleteඅපේ කාලෙ නම් තරහවල් තිබුණෙ යටින්... එළියට ආවෙ හරිම කලාතුරකින්.... පන්තිවල හූ කිව්වෙත් නෑ... ලොකු විනයක් තියාගෙන හිටියා ඒ ගුරුවරු.... ළමයි ටිකක් හරි සද්දෙ දැම්මෙ අසංග අබේසුන්දර සර්ගෙ සූලොජි ක්ලාස් එකේ.... ඒකෙත් සර් දෙපාරක් කෑගහනකොට නිස්සද්ද වෙනව...
ReplyDeleteඔයාට සුබම, සුබ උපන්දිනයක් වේවා...කෝ අපට කේක්??? :D:D:D
ReplyDeletePodi Kumarihami
ReplyDeleteබොහොම තැන්කූ. කේක් ඔන්ලයින් දෙන්නද 29වෙනිදට අරගෙන එන්නද?
ඔන්ලයින්ම දෙන්ට. 29 දාටත් ගේන්ට. :D
ReplyDeletePodi Kumarihami
ReplyDeleteතේ ටිකක් බීලම බත්ටිකක් කමු කිව්ව වගේ :D
පරක්කු උනත් නියුන් සහොදරයා සුබ උපන්දිනයක්...මචො
ReplyDeleteරාජ් උඹේ උපන් දිනෙත් 22 ද...
ReplyDeleteඑහෙම නැත්නම් ජෝක් එකක්ද
කතාව ඇත්තනම් උඹටත් සුබ උපන් දිනයක් වේවා....
ආ උඹේ උපන් දිනේ 23
ReplyDeleteඑහෙ මෙහෙ රවුමක් දාල දැනගත්තේ
සුබ උපන් දිනයක් වේවා සහෝදරයා....
අපේ ගම්පහ පුරවරෙත් භෞතික විද්‍යා සර්ලා මරා ගන්න හැටි අහන් ඉන්නත් ආසයි. කලුආරච්චියයි පුස්සැල්ලයයි !!! මාර ගේමක් යන්නේ.
ReplyDeleteකොමස් නෙමෙයි අනේ කොලේ බයෝ..
ReplyDeleteදුෂ්‍යන්ත සර් ඉරිදා උදේ ක්ලාස් එකේදි බනිනවා. ඒකට රිප්ලයි එක හවස කේ.සිරි සර් දෙනවා....
ReplyDeleteහම්මෝ මරුනේ!!!!
ReplyDeleteතාමත් විජේ සර් නම් ඔය xtanx කතාව කියනවා!!
මම 2011 a/l කරේ!!
තරාදි පාඨාංකෙ වැඩි වෙනවා ලොවෙත්..මොනව උනත් පට්ට කතාව. .මට හිතා ගන්න බැරි අපේ ලාල් සර් මේකට ගෑවුනේ නැත්තෙ කොහොමද කියල..ලාල් සරුයි සමරසේකර සරුයි ගැන වෙනම ආටිකල් එකක් ලියන්න පුලුවන්...ලොල්
ReplyDeleteඅයියේ.. ඔයාගේ බ්ලොග් එක නම් නියමයි. හැමෝටම කියවන්නත් එක්ක ගීක් බ්ලොග් කියවනයට දැම්මනම් හරි..
ReplyDelete