අද කියන්න යන්නේද කූඩ පිළිබදවය. එහෙත් ඇමතිතුමාගේ කූඩ ගැන නොවේ. මේ වනවිට ඒ ගැන කතාකල ප්‍රමාණය ප්‍රමාණවත්ය. මා කීමට යන කූඩ ගැනකතාකිරීමට හොදම මේ කාලයයි. සමහර විට බ්ලොග් ලියන මුළු කාලයේම මීට වඩා හොද අවස්ථාවක් නොලැබීමට පුළුවන.
"කූඩ" කිව් විට මගේ මතකයට එන්නේ තාත්තා විසින් සාදනු ලැබූ අපේ ගෙදර ඇති විවිධ ප්‍රමාණවල වේවැල් කූඩය. 90% පමණ කෘෂිකර්මාන්තයෙන් දිවි සරිකරගන්නා අපේ ගමේ කූඩවලට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. මූලිකවම කූඩ ප්‍රයෝජනයට ගන්නේ කුඹුරු ගෙවිතැනේදීය. කුඹුරක් වැපිරීමට පෙර ඉසින "මඩපෝර" නමින් ගොවියන් හදුන්වනු ලබන පොහොර මිශ්‍රණය කුඹුරට ඉසීමේ සිට අස්වනු නෙලා වී මැණීමේ කාර්ය දක්වා භාවිතාවන එකම උපකරණය කූඩයයි.
කූඩ සාදාගැනීම විවිධ ප්‍රදේශ වලදී විවිධ අමුද්‍රව්‍ය භාවිතා වේ. ඒ අතරින් වේ වැල් ප්‍රමුඛ වන අතර බට ගස් හා සමහර වැල් වර්ග භාවිතා කරන ප්‍රදේශ ඇත. කූඩ සාදාගන්නේ මෙසේය.
මුලින්ම වේවැල් කෑපීම සිදුකරයි. මෙය වේවැල් තැලීම යනුවෙන් හදුන්වයි. මේ සදහා තෝරාගන්නා වැල් වර්ගය අප ප්‍රදේශයේ හදුන්වන්නේ "වේරෑන" යනුවෙනි. වේරෑන යනු අධික කටු සහිත වැල් වර්ගයකි. (මේවායේ රතු පැහැති ගෙඩි සෑදෙන අතර ඒවා කුඩාකල කෑමට ගත්තෙමු). කූඩා සදහා තෝරාගනු ලබන්නේ මීටර හතරක් හෝ වඩා දිග වේරෑන වැල්ය. මුලින්ම, කපාගන්නා ලද මෙවැනි වේරෑන වැල්වල කටු ඉවත්කරගනී. ඉන්පසු එය මදක් පවනේ වේලා දෙකට-හතරට ආදී වශයෙන් පැලීම සිදුකරයි. එක් කෙලවරක් පිහියකින් කපා එතැන්සිට දෙපසම සම ප්‍රමාණයක් සිටිනසේ පැලීමට දෑත් පුරුදුකර තිබියයුතුය.
මෙසේ කුඩා කරගන්නා ලද වේවැල් කොටස්වල තියුණු දාර පිහියක් ආධාරයෙන් ඉවත්කරගනී. මෙය වේවැල් මැදීම ලෙස හදුන්වයි. ඉන්පසු ජලය මුළුමනින්ම ඉවත්වනසේ අව්වේ තබා වේලාගනී.
මෙසේ සකස්කරගත් වේවැල් කූඩ විවීමට සුදුසුය. කූඩය සාදාගන්නේ මෙසේය.
මුලින්ම මීටර දෙකක් පමණ දිග වේවැල් අටක් ගෙන ඒවා හතර බැගින් කතිරයක ආකාරයට තබාගනී(1රූපය).
ඉන්පසු එම වැල් ගරාදි හැඩයට සකස් කරමින්ද වෘතාකාර වනසේද එකක් උඩින් හා යටින් ඇතුළුවනසේද දිගු වැලකින් වෙලීම සිදුකරයි.(2රූපය)මෙය තරමක් දුරට සිදුකර ඉන්පසු විහිදුවන ලද වැල් ඉහලට ඔසවමින් වක්‍ර ස්වභාවය ඇතිකරගන්නා අතර අවසානයේ අගලක පමණ මහත වැලක් පිටත දාරයට එක්කර සවිමත් කරගනී.
වේවැල් ආශ්‍රිත විවිධ කර්මාන්ත ඇති අතර වේවැල් සදහා ගූගල් සෙවීමේදී ප්‍රථිඵල වැඩි ප්‍රමාණයක් ලැබුනේ "වේවැල් පහරදීම්" වැනි පුවත්ය.
වේවැල් පහරදීම්! ඔව්වා අපිට බොහොම සමීප දේවල් පාසැල් යන කාලෙ!
ReplyDeleteවැදගත් ලිපියක් රාජ්. ස්තූතියි!
මට මතක ඇති කාලෙදි අපේ ගෙවල් පැත්තෙ වී මැන්නෙ බුසල හෝ බුසල් භාගේ නම වූ පෙට්ටි විශේෂයකිනි.. .මඩපෝර ගැසුවෙ ඇලුමිනියම් බාල්දියක වන අතර වේවැල ඉස්කෝලෙ මුල්ගුරුතුමා ගාව හා වැලිගොඩ දැමූ චුට්ටෙ අයියා ගේ වට්ටියේ තිබූ අතර ඉස්කෝලෙන් හොරෙන් පැන එනවිට වේ ගෙඩි කන්නට හැකියාව තිබුණා උවත් අසුවන්නට පෙර පැනගත යුතු වූ බැවින් එයටද ඉඩක් නොලැබුණි
ReplyDeleteහ්ම්ම්ම් ගොඩාක් හොද ලිපියක් , මම දැකලවත් නැහැ වියනවා ඕවා..
ReplyDeleteමහත්තයා වේවැල්දෙණිය පැත්තේ වෙන්ටෑ..
ReplyDeleteඑකෙක් එක්ක ගහගෙන අමරදාස සර්ගෙන වේවැල් පාරවල් 23ක් කෑවා.. මම නෙමෙයි ගනන් කලේ. බලන් හිටපු එකෙක්..අනිකට ගහන් කොට වේවැල කැඩුනා. ඌට 9 යි..
වෙවැල් කූඩ ගැන කියපු ගමන් මටත් හිතුනේ ඔබ වරකාපොල වේවැල්දෙණිය වැනි ප්‍රදේශයක අයෙක් කියයි. කොහොමින් හෝ හොඳ විස්තරයක්.
ReplyDeleteඅපොයි මමත් ඔය වෙවැලේ නපුරු පහස විඳලා තියෙනව...ඉස්කොලේදිත්...දහම් පාසලේදිත්....අපො ඔය වෙවැල් කටු හරි තියුනුයි...හීරුනොත් හොඳට දනවා....
ReplyDeleteවේවැල් ගැන ගොඩාක් දේවල් දැන ගත්තා. පොඩ්ඩි නම් වේවැල් පාරවල් කාලා නම් නෑ. ඒත් වේවැල් දැකලා නම් තියනවා. :D
ReplyDeleteමේ කර්මාන්තයත් දැං දැං අභාවයට යනවයි කියලා මට හිතෙනවා..
ReplyDeleteවේවැල් පහරදීම් නම් ඉතින් අපිට නුපුරුදු දෙයක් නෙමෙයිනේ..
මාත් ඉස්සර ඉදන්ම මාරම කැමතියි ගෘහස්ත කර්මාන්ත වලට. අපේ අම්මාට පුලුවන් මාලු කූඩ වියන්න. අම්මා දන්න නිසා මාත් දන්නවා.
ReplyDeleteවේවල් පහරදීම් නම් ගොඩක්ම හුරුයි. අවුලක් නෑ.
රාජ්ට වේවැල් කර්මාන්තය ගැන හොඳ අවබෝධයක් තියෙනවා වගේ
ReplyDeleteබොහොම ස්තුතියි දැනුම බෙදාහදා ගන්නවට
මටත් වේවැල් කසායනම් ලැබිල නැහැ, වෙනවෙන කොටු වලින්නම් ලැබිච්ච කසාය අනන්තයි මං හිතන්නේ :))
වටින විස්තරයක්,ඒ කාලේ ගොඩක්ම පාවිච්චිකලේ වේවැල් කූඩ දැන් මේ යකඩ තාච්චි ආපු නිසා ඒවා නැත්තටම නැතිවෙලා,මාකට් යන කූඩත් තිබුනේ වේවැල්,දැං ඒකත් ප්ලාස්ටික් වෙලා,කොහොම නමුත් වේවැල් වල තිබුන ලස්සන ඒවයෙ නෑ.මමත් මේවා වියනවා දැකලා නෑ.....
ReplyDeleteකවුද දැකල් තියෙන්නෙ වේවැල් ගෙඩි? හරිම ශෝයි පොකුරු හැදෙන්නෙ....මම කාල තියනවා......
ReplyDeleteවිසිතුරු | visituru
ReplyDeleteප්‍රතිචාර දැක්වුවට ස්තුතියි.
නරකයා ...!!
මම පොඩිකාලෙත් වී මැන්නෙ බුසල, කුරුණිය, ලාහ වගේ භාජන වලින්. ඒත් අපි පොඩිකාලෙදිම කූඩ වලින් මණින්න පටන්ගත්ත. ඒකට හේතුව වී මිලදීගැනීම් වගේම මිණිස්සු අතර තිබුනු වී හුවමාරු වලදී කලින් පැවති ඒකක වෙනුවට මෙට්‍රික් ක්‍රමය ආපුඑක මං හිතන්නෙ.
වර්ණා
බලන්න එපාය. හරි ආසයි බලං ඉන්න මේ දේවල්.
මාතලන් & වෙද ගෙදර මහ වෙදනා
වේවැල්දෙනියෙ එච්චරට වේවැල් තියනවද? මම හිතුවෙ ඒක නිකං නමක් විතරයි කියල.
Raj
අපේ බාලාංශ ඉස්කෝලෙ හිටිය සර් කෙනෙක්. එයා ළමයින්ට කියල වේවැල් ගෙන්නගන්නෙ. ගෙනාපු ලමයගෙන්ම තමයි වැඩ අල්ලන්නෙ.
Podi Kumarihami
පොඩ්ඩි එහෙනං හැදිගාන්නෙ නැතිව හදන හොද්ද වගේ ඇති.:D
Dinesh
වේවැල් කර්මාන්තය අභාවයට යන කතාව හරි. හේතුව ඔය භාණ්ඩ වලට ඕනතරං ප්ලාස්ටික් ආදේශ තියනවා. ඒවායෙ මිල අඩුයි.
මධුරංග
මටත් පුළුවන් වේවැලෙන් වියන ඉදල් හදන්න. ඉස්සර රුපියල් තිහ හතලිහක් ඕන උනාම කරන්නෙ ඉදලක් හදල කාටහරි විකුණන එක. වැඩේ තියෙන්නෙ ඔය භාණ්ඩ හදන්න යන මහන්සියත් එක්ක මිල කරන්න බැරිඑක.
ලොකු පුතා
වේවැලක් ලේසියෙන් කැඩෙන්නෙ නෑ. ඒකයි කසායට ගන්නෙ.
ඔබ නොදුටු ලොවක්
ප්ලාස්ටික් තමයි කරුමාන්තෙ නැතිකලේ.
වින්චැට්කිරිල්ලි.
වේරෑන නලා දැකල නැද්ද? වේ වැලෙන් ගන්න පුළුවන් බටයක් වගේ කොපුවක්. ඒකෙන් සරළ නලාවක් හදන්න පුළුවන්. වේ ගෙඩි කාපු අයත් ඉන්නවනේ...
වේවැල් කූඩ වියන හැටිත් ඉගෙන ගත්ත අද. මටත් එක පාරටම මතක් වුනේ වේවැල්දෙනිය. තාමත් වේවැල්දෙනිය පහු කරල යනකොට වේවැල් වලින් නිෂ්පාදනය කල භාන්ඩ විකුණන වෙළඳ සල් ගණනාවක් දකින්න ලැබෙනව.
ReplyDeleteObserver
ReplyDeleteවේවැල්දෙනියෙ එච්චර වේවැල් භාණ්ඩ තියනබව මම දැනගෙන හිටියෙ නෑනෙ.
මොකද මචං කියන්නෙ, අපේ මීගොඩ ආර්ථිකේට කූඩ සප්ලයි කරන්න සෙට් කරලා දෙන්නද ..
ReplyDeleteපන්සල් හංදිය
ReplyDeleteවැඩක් නෑනෙ මචෝ, අපේ තියෙන්නෙ රවුං කූඩනෙ. හතරැස් ඒවනෙ ඕන.
රාජ්,
ReplyDeleteඅපි ජොනි අංකල්ට කියමු කතා කරලා රවුම් ඒවත් ඇක්සෙප්ට් කරන්න කියලා, ජොනී අංකල්ට බැරි දෙයක් නැහැ .....
පන්සල් හංදිය
ReplyDeleteබුදු අම්මෝ ඊලගට මට විරුද්ධවත් බෝඩ්ලෑලි ඉස්සෙයි පිටකොටුවෙ!
This comment has been removed by the author.
ReplyDeleteමා කුඩා කළ වේරෑන පළතුර කලා තියෙනවා. ඔබ වේරෑන පළතුර දැක තිබේද? ඡායා රූපයක් ඇති කෙනෙක් ඉන්නවාද?
ReplyDelete