Thursday, August 18, 2016

රාජගෙ විස්තරේ.....[සයිබර් වරිගෙ උණ්ඩියා]

"පොලිස් ආරක්ෂක රිය පෙරටු කරගෙන නැදුන්ගමුවේ රාජා හස්ථියා මහනුවර බලා පාගමනින් ගියේය.....අතර මගදී රාජා ඇතා එන මග සිටි දඩාවතේ යන බල්ලෙකු පොලිස් පා පහරින් කාණුවට විසිවී ගියේය.....ඌ දෙස වරක් වත් නොබැලූ නැදුන්ගමුවේ රාජා සිය ගමනේ යෙදෙනු දුටු වල් බල්ලා රිදුම් දෙන බඳ ප්‍රදේශය ලෙව කා ගනිමින්

"....දිනුවාම උඹ උඩින් යන බව අපි දැනගෙන හිටියා රාජා.....ආයෙ වරකො "වන රාජ" තෝරන දවසට හොඬවැල් නළලට අරගෙන අපි ඉන්න තැන්වලට.....තොට සළකඤ්ඤං ඊළඟ සැරේ....අම්මපා මම මී හරකට දෙන්නෙ ඊළඟ පාර.....උඹ ඔය පල්ලමකට වැටියං යන ගමන් " යැයි මුමුණන්නට විය......
කළින් වතාවේ මී හරකා දිනවා කරගත් හරිය දඩාවතේ යන බැල්ලියක පැමිණ උගේ කණට මුව තියා කොඳුරා ගිය පසු
"ඌත් එකයි, මූත් එකයි... ඇයි අරූ?.....අර උළමා.....ඌත් එකයි.....දෙන්න එකෙක් නෑ ගෑණියේ.... " කියමින් යළිත් තැලුම ලෙවකන්නට විය....

කඩුගන්නාව ප්‍රදේශයට රාජා හස්ථියා පැමිණෙන විට "සර්, සර්" කියන සද්දයක් ඇසී ඌ හැරී බලද්දී පෙනුනේ පෙත්සමක් තුඩඟින් ගත් කවුඩෙකු වේගයෙන් පියාඹා පස්සෙන් එන ආකාරයයි.....පෙත්සම රාජා හස්ථියාගේ පාමුල දැමූ කවුඩා, හස්ථියාට හිස නමා ආචාර කරමින් හොට තාර පාරේ උලා ගත්තේය....අනතුරුව පොලිස් රාළහාමිලා ඌව එතනම දොදොල් කරන්නට පෙර "සර්....පිළිමතලව්වෙ ගස් කපනවා.....අපිට ලගින්න තැනක් නෑ....බෙට්ටක් දාන්න තැනක් නෑ....මොනව හරි කරන්න සර්..." කියාගෙන යළි අහසට නැගුණේය....අහසේ ඌ එනතුරු බලාගෙන සිටි කවුඩු රැළේ ඉදිරියෙන් සිටි නාහෙට නාහන තරුණ කවුඩෙකු "වැඩක් නෑ තාත්තේ.....තාත්තලා නිකන් චාටර් වෙනවා විතරයි.....ඕකුන්ට අපේ දුක තේරෙන්නෙ නෑ.....ඕකුන්ට වඳින්න යන තාත්තලා නිසයි මේ සමාජය ගොඩගන්න බැරි" යැයි එතන සිටි සැමට ඇසෙන සේ කෑ ගැසුවේය.... ( මෙම සිද්ධියෙන් දින කීපයකට පසුව එම තරුණ කවුඩාගේ පොඩි පට්ටම් වී ගිය සිරුර ගසක් යට තිබී හමු වූ අතර, ඌ පියාඹන්නට ගොස් ගසක වැදී මළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කීවේය......තැන් තැන් වල කුටු කුටු ගානු හැර අනෙක් සතුන්ද මේ "අමුතු අහුඹුව" ප්‍රතික්ෂේප කරන බවක් නොපෙනිනි..... )

මග දිගට සිටි රිලව් සහ හැළි වඳුරන් රාජා ඇතාගේ හොඬවැලට සිය පැටව් දික් කිරීමේ අප්‍රසන්න උත්සාහය මෙන්ම, පැටවු රැගෙන උගේ බඩ යටින් රිංගන්නට දරන අමන වෑයම වළක්වන්නට රාළහාමිලාට ඉමහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය......"යකුනේ .. ඕකා ඔය හොඬවැල පාවිච්චි කරලම තමයි සත්තුන්ව උස්සලා පොලේ ගහන්නෙ......තොපි එහෙව් හොඬවැලට පැටව් දික් කරගෙන ඉන්නවද?" කියා ඇසූ මහළු බකමූණෙකුට හොඳවයින් කුණු හරුප ග්ලොසරියක්ම අසා ගැනීමට සිදුවිය.....

පේරාදෙණිය ප්‍රදේශයට පැමිණි රාජා හස්ථියා පෙරහැරට යමින් සිටි තවත් අලි ඇතුන් සහ අවට ප්‍රදේශයේ ලැග සිටි ගව මහීෂාදීන් අමතා කථාවක් පැවැත්වූයේය..... "මේ පේරාදෙණියට ඒ නම වැටිලා තියෙන්නෙ පළවෙනි බුවා නෙක නෙක බාහු රජතුමාගේ කාලෙ.....ඒ කාලෙ මෙතන පේර ගෙඩියක් දෙණිය මැද්දෙ රෝල් වෙවී තිබිලා තියෙනවා.....ඒ නිසයි මෙතන පේරා + දෙණිය කියල නම වැටුනෙ.....අපි ඔස්ට්‍රේලියාවෙ පේර වවන්න සාකච්ඡා කරගෙන යනවා ..." යැයි ඇතුගේ මුවෙන් පිටවන විට, එම කථාව අසාගෙන ගසක් මත සිටි දඬු ලේන්නු දෙන්නෙක්ගෙන් එකෙක් අනෙකා දෙසට හැරී " ඒ බං......මූ පට්ට සිරා මොළයක් කියලා නේද උඹ කිව්වෙ....?.....මොනවද බං මේ කියන කථා.....? " යි ඇසුවේය.....ඒ කරන කථාවේ ඇති මහා ගැඹුර වටහා ගන්නට එම දඬු ලේනාගේ මොළය ප්‍රමාණවත් නොවන බව අනෙක් දඬු ලේනා විස්තර කර දෙනු ඇසිණි......

ගැටඹේ දේවාල භූමියේදි කළින් වතාවක් නසරාණි වැඩක් කර මාට්ටු වී, කුජීත වී සිටි ගස් ගෝනෙක් උක් දඬු කෑල්ලක් ගෙනත් දුන් විට, එය සොඬින් ගත් නැදුන්ගමුවේ රාජා හස්ථියා, එම ගෝනා දෙස බලා එක ඇසකින් ඉඟි මරා, හොඬවැලෙන් "තම්බ්ස් අප්" එකක් දැම්මේය.....එම ගෝනාගේ සියළු වස්දොස් සමග උපන් දා සිට කළ පව් සියල්ල එම මොහොතේම දූරිං භූත වූ අතර, ඌ කළ මජරි වැඩ හෙළිදරව් කරමින් සිටි උන්ගේ වස්ත්‍රාභරණ ජල වාෂ්ප බිඳිති බවට පත්ව උඩු සුළඟට මුසුවිය......මේ අතර තමාට සහ තම රංචුවට අතීසාරය වැළඳී ඇති බව කියාගෙන මග දිගට බඩ එළිය හලමින් දුවගෙන ආ මීමින්නෙකුට එම ඛේදවාචකය පුවතක් වී පසුවදා පත්‍රයේ ඵලවනතුරු ඉවසා සිටින ලෙස හස්ථියාගේ උපදේශකයෙකුගෙන් උපදෙස් ලැබිණි.....

ලස්සනට සරසන ලද නැදුන්ගමුවේ හස්ථියා පාවඩ පිට පෙරහැරේ වඩිද්දී ඌට සාදුකාර දුන් සහ නොදුන් අනෙක් සියළු සතුන් උගේ පස්සෙන් වැටී යන දර්ශණය බලා සිටි මහළු බකමූණා නුවර වැවට ඉහළින් ඈත අහසට පියාඹා නොපෙනී ගියේය.....
-සයිබර් වරිගෙ උණ්ඩියා"

18 comments:

  1. මේ උඹ ලියපු එකක් නෙවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. සයිබර් වරිගෙ උණ්ඩියා ලියපු එකක්
      (කොහෙද උඹ බුකියෙ නෑ නෙව)

      Delete
    2. නෑ බං මං බුකියෙ නෑ. උඹ ලිව්වා නං හස්තියා කියල ලියාවී නේද?

      Delete
    3. හැලපේ අහපු එකට නෙමෙයි නේ බං උත්තර දීල තියෙන්නේ.. හැක්

      Delete
  2. කල්ප සොළොස් දහස් අටසිය හැත්තෑ පහක් පෙරුම් පුරා, වීර්ය, දාන, නෙක්කම්ම ඈ පාරමිතාවන්ද වඩා අති උතුම් ධන්ත ධාතූන් වහන්සේ වඩමවා ලීමේ මහඟු වරම ලබා ගත් සුපින්වත් නැදුන්ගමුවේ රාජා හස්තිරාජයාට අපහාස කරන්නන්ට අපරාපරිය වේදනීය කර්මය ඵල දෙනවා සත්තයි.

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. උඹේ පරිය දැන් හුඟක් කල් ඉඳලා වේදනා දෙනවා නේද

      Delete
  3. //ඒ බං......මූ පට්ට සිරා මොළයක් කියලා නේද උඹ කිව්වෙ....?.....මොනවද බං මේ කියන කථා.....? " යි ඇසුවේය//

    +++

    ReplyDelete
    Replies
    1. අලින්ට වඳින බූරුවන් ගැන රාජ් කිසිවක් කියා නැති නිසා දිප්පිටිය උන්නැහේ ඒ අඩුව තමන් විසින්ම පුරවා තිබීම ගැන මගේ ප්‍රීති ප්‍රමෝදය!

      Delete
  4. අපිට හොඳ වැඩේ බන් රාජලා පස්සේ යනවට. හොඳන් උස්සල පොලොවේ ගැහුවත් මදි ඇත්තෙන්ම හෙ හෙ හේ

    ReplyDelete
  5. අර ඩොකාට වගේ ඔය යකාටත් ගුලයක් අබරල මෙහාට ගනිං.. මාත් කිව්වා.. අපි කියන ඒවා සතේකට ගන්නැ බං.. හැක්

    ReplyDelete
    Replies
    1. ඌට බ්ලොගක් තියනව බං.

      Delete
  6. බොහෝ දේශපාලඥයින් විසින් සිදුකරන සහ සිදුකරන ලද ලද ක්‍රියාකාරකම් මෙම පෝස්ටුව තුළ කැටි වී ඇතැයි සිතමි. ආරියනන්ද දොඹගහවත්ත මහතා විසින් රචිත අපේ කාලයේ දේශපාලඥයෙකුගේ කථාවක් නව කථාවද මේ හා සමානම අදහස්වලින් සමන්විත වේ.

    ReplyDelete
  7. රාජ නේද.... අනේ මන්ද ඉතිං.

    ReplyDelete
  8. සයිබර් වරිගේ උන්ඩියත් පොරක්නේ.

    ReplyDelete