මේ අන්තර්ජාලයේදී අහම්බයෙන් මුනගැසුන ඡායාරූපයකි.
හිටපු ජනාධිපතිවරයා පන්සලක් තුලදී සපත්තු පැලඳ සිටින බව සඳහන් කරමින් එය පලවී තිබිනි. පන්සල් ඇතුලේදී වුව එක එක්කෙනාගේ සපත්තු පැලඳීම් හෝ ගැලවීම් ගැන අමාරුවක් අපට නැතත් ඡායාරූපය වටහා ගැනීම පැත්තෙන් වැදගත්ය. සටහන කියවීමට මත්තෙන් ඡායා රූපය මිනිත්තුවක් පමන නරඹන්න. ඔබට වැටහෙන්නේ කුමක්ද? දැන් රේඛාවෙන් පහල සිලෙක්ට් කර සටහන කියවන්න.
-------------------------*-------------------------*------------------------------
මහින්ද රාජපක්ෂ මහතා නිරන්තරයෙන් පන්සල් ඇසුරු කරන්නෙකි. සංඝයාට ගරු කරන්නෙකි. අතේ බරට පිරිත් නූල් බැඳ සිටින්නෙකි. බෝධි පූජා සඳහා සහභාගී වන්නෙකි. සංඝ්‍යා වහන්සේලාගෙන් නම්බු නාම ලැබූවෙකි. නිතර දන්ත ධාතුව-ශ්‍රී මහා බෝධිය වඳින්නෙකි. කොටින්ම මහින්ද රාජපක්ෂ යනු සිංහලබෞද්ධයන්ගේ අසහාය නායකයාය. ඒ අපට දෘශ්‍යමාන වන මහින්ද රාජපක්ෂයි.
ඡායා රූපයේ සිටින මහින්ද රාජපක්ෂ පන්සලේ සිටින්නේ සපත්තු පැලඳගෙනය. ගමේ සිරිපාලලාට සුමනාවතීලාට ආගම, ධර්මය, පන්සල පිළිබඳව ඇති ගෞරවය-භක්තිය මහින්ද මහතාට අැති බවක් පෙනෙන්නට නැත. සිරිපාලලා සුමනාවතීලා මෙන් සංඝයා පිළිබඳ ගෞරවයක් ඔහුට නැති බව වටහා ගැනීමට ඔහු හිඳගෙන සිටින (සංඝයා වහන්සේ වැඩසිටින අසුනට සම) අසුන දෙස බැලීම ප්‍රමාණවත්ය. මේ සිටින්නේ සංඝ නායකයන්ගේ කීමට පිටින් දලදා මාලිගාව වටා කාර් රේස් පැවැත්වූ පුතාගේ ජනාධිපති පියාය. දේශපාලන පලිගැනීම් නවත්වන්නැයි සංඝ නායකයන් කියද්දී ෆොන්සේකාගෙන් එලව එලවා පලිගත් හිටපු නායකයාය.
ඡායා රූපයේ පහලට ඇස් යොමු කරමු. පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර තම ස්වාමියාගේ සරම පහලට අදින්නේ සපත්තුව වැසීමටය. නැතිනම් සුලඟ නිසා දිස්විය හැකි වැල්ල වසීමටය. ස්වාමියාගේ අසූචි ජිව්හයෙන් පිස දැමීමට සූදානමින් සිටින මෙවැන්නන් ස්වාමියාගේ නිරුවත වැසීමට නිරුවත් වීමට ඕනෑම විටෙක සූදානමින්ය. ඒ වෙනුවෙන් දෙපා මුලට මස් කටුවක් විසිකිරීම ප්‍රමාණවත්ය. මේ අධිකරණය සියතට ගත්, පාර්ලිමේන්තුව මිටට ගත්, රට සෙල්ලමට ගත් වැඩවසම් මහින්ද රාජපක්ෂය.
මේ ඇත්තම මහින්ද රාජපක්ෂ යයි කීවේ එබැවිනි.
-------------------------*-------------------------*------------------------------
[මහින්ද රාජපක්ෂට වඩා මහින්ද රාජපක්ෂ වීමට දඟලන සජිත් ප්‍රේමදාස වැනි පුස්සන්ටද මෙය මේ ආකාරයෙන්ම අදාලය]
-------------------------*-------------------------*------------------------------
බ්ලොග් දෙකක්:
01.ලිවීම නවතා සිටි දමිත් කේතක බ්ලොග් ලියන ලකුණු පෙනේ. නොදන්න මඟුල් කථා කිරීමට/දැනගැනීමට ඔහුගේ බ්ලොග් අඩවියට ගොඩවිය හැකිය.
02.හෙට එච්චර කලුවර නැතැයි කියා "හැන්දෑවේ" ලිවිල්ල නැවැත්වූ මාලන් සමරවික්‍රම හා රැඩිකල් බ්ලොග්කරුවකු වන ජේමිස් බණ්ඩාගේ සටහන් තවමත් කියවා නැතිනම්, "(අ)සම්මත සටහන් | හෙට එච්චර කළුවර නොවන්නට!" වෙතින්.