කාර්යාලය විගණනයට පැමිණ ඇත. ඒ විගණකාධිපති දෙපාර්තමේන්තුවෙනි. තේරෙන භාෂාවෙන් කිවහොත් "ඔඩිට්" එකෙනි. විගණන පරීක්ෂකවරුන්ගේ පැමිණීම, සාමාන්‍යයෙන් රජයේ කාර්යාල තුල එදිනෙදා සිදුවන විවිධ වූ සිදුවීම් අතර විශේෂ වූ ස්ථානයක් ගනී. කලින් වතාවක මැතිවරණ රාජකාරී පිළිබදව "ඉලෙක්ෂන් ඩියුටි" තුලින් සදහන් කලාසේ "ඔඩිට් පැණීමද" වෙනම සාකච්ඡා කලහැකි තරමේ මාතෘකාවකි.
මුලින්ම විගණකාපති හා එම දෙපාර්තමේන්තුව පිළිබද යම් සදහනක් කල යුතුය.
ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අංක 153 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයා පත්කර ඇති අතර 154 ව්‍යවස්ථාවෙන් ඔහුට අදාල බලය පවරා ඇත.(විගණකාධිපතිවරයාගේ වැටුප් ගෙවීම සිදුවන්නේ කෙලින්ම ඒකාබද්ධ අරමුදලෙනි).
විගණනයට ලක්වන ආයතන වන්නේ මූලිකවම රජයේ අමාත්‍යාංශ-දෙපාර්තමේන්තු, සංස්ථා, පළාත් සභා හා පළාත් පාලන ආයතන වන අතර යම් නීතියක් මගින් රජයට පවරාගන්නා ආයතනයන්ද විගණනයට ලක්කල යුතුය.
විගණනයේ සීමාවන් පනවා නොමැති අතර එය විගණකාධිපතිවරයා විසින් තීරණය කලයුතුය. රාජ්‍ය දේපළ/මුදල් පරිහරණය සම්බන්ධයෙන්ද ඒවායේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබද සෑහීමකට පත්වියහැකි මට්ටමේ විගණනයක් සිදුකරයි. තම විගණන කටයුතු වලදී පහත සදහන් බලතල විගණකාධිපතිවරයාට පවතී.
き විගණනයට ලක්වන ආයතනයට අදාල යම් තාක්ෂණික, වෘත්තීය හෝ විද්‍යාත්මක පරීක්ෂණයකට බාහිර ආයතනයක් සම්බන්ධ කරගැනීමටත් ඔවුන් මෙහෙයවීමටත්,
き අවශ්‍ය පොත්පත් වාර්තා ආදිය ලබාගැනීමටත්,き යම් යම් නිළධාරීන්ගෙන් ප්‍රශ්න කර අවශ්‍ය පැහැදිලි කිරීම් ලබාගැනීමටත්,
き විගණනයට භාජනය කලයුතු යම් දේපලකට ඇතුල් වීමටත්"
ඔහුට බලය ඇත (එනම් ඔහු වෙනුවෙන් පැමිණෙන නිලධාරීන්ටද මෙම බලය ඇත).
විගනනයට ලක්කරන ආයතනවලට අදාල වාර්තාවන් ඊලග වසරේ 10වන මාසයේදීවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතුය.
කාර්යාලයට විගණන නිලධාරීන් පැමිණීම විශේෂ සිද්ධියක් බව මුලින් සදහන් කලෙමි. සාමාන්‍යයෙන් ඔවුන්ගේ පැමිණීම අවුරුද්දේ මුල් කාලයේ සිදුවන්නේ කලින් වසරෙහි අවසන් කරනලද කටයුතු පරීක්ෂා කිරීමටය. එබැවින් විගණනයට ලක්වන කාලයට අදාල වුචර්පත්, ලේඛණ, ලිපිගොණු ආදියේ ඇති අඩුපාඩු සකස් කිරීමට නිලධාරීන් පෙළඹේ.
උදාහරණයක් ලෙස දැනට රජයේ නිලධාරීන්ගේ වැටුප් ගෙවීම සිදුකරන්නේ බැංකු තුලින් බැවින්, වැටුප් මුදලින් ගෙවූ පෙර පැවති ක්‍රමයේදී මෙන් වැටුප් පත්‍රයට (Pay Sheet) එවලේම අත්සන් කිරීමක් සිදු නොවේ. "නීතියේ හැටියට" එය අත්සන් කලයුතු බැවින් අදාල නිලධාරීන්ට පණිවුඩයවා හෝ කාර්ය ඉටුකරවාගනී.
විගණන කටයුතු අවසානයේ හෙලිවන අඩුපාඩු, අකටයුතු පිළිබද ආයතනය දැනුවත් කරන අතර ඔවුන් ඉදිරිපත් කරන "විගණන විමසුම"(Audit Query) සදහා අදාල ආයතනය පිළිතුරු සැපයිය යුතුය. හෙලිවන තොරතුරු අනුව සමහර අවස්ථා වලදී යම් යම් නිලදාරීන්ට අධිභාර පැනවීමටද ඔවුන් ක්‍රියා කරයි.
කෙසේ වුවද විගණන කටයුතුවලදී හෙලිවන මහා පරිමාණ වංචා දූෂණ පිලිබදව සොයාබැලීම රජයේ කාර්යභාරයකි.