සිංහල මුස්ලිම් ගැටුම මේ වනවිට තාවකාලිකව අවසන් වි ඇත. තාවකාලිකව යයි කියන්නේ ගැටුම ඇතිවීමට හේතු සාධක වූ කරුණු වලට විසඳුම් දීමට තවමත් කිසිවෙකුට අවශ්‍යතාවයක් ඇති බැව් පෙනෙන්නට නැති බැවිනි.
මාධ්‍ය ගැනද වචනයක් කිව යුතුය. දර්ගා නගරය සහ ඒ ආශ්‍රිතව සිදුවූ ගැටුම් පිළිබඳ විස්තර මාධ්‍යන් වලට වසන් කිරීමට කටයුතු කිරීමේ හොඳ නරක දෙපැත්තම ඇති බැව් කිවයුතුය. එක් පැත්තකින් ජනතාව කුපිත වීම වැලැක්වීමේ අදහසින් ප්රවෘත්ති වසන් කිරීම සිදුවූ අතර මහා පරිමාණ කටකතා වලටද ඉන් ඉඩ ලැබිනි. මා කාර්යාලයේ සිටියදී ලැබුනු එවන් 'ආරංචියකට' අනුව කියවුනේ තංගල්ල ප්‍රදේශයේ කඩ සාප්පු ගිනි තැබීමක් සිදුවෙමින් පැවති බවය.
සිංහල මුස්ලිම් ගැටුම පිළිබඳ ලියැවී තිබූ වාර්තා වලට අනුව මා දුටු එක් ලක්ෂණයක් නම් ගැටුමට නිශ්චිත හේතු දැක්වීමට රචකයන් අපොහොසත් වීමයි. එක් අයෙකු ඥානසාර හාමුදුරුවන්ටද තවෙකෙකු මුස්ලිමුන්ටද තවත් අයෙකු ආණ්ඩුවටද වශයෙන් තමන් කැමති කැමති මුවහම තඩිබෑමට තෝරාගෙන තිබුනි. මේ ලිපියෙන් උත්සාහ කරන්නේ කළමනාකරණයේ මූලධර්මයක් ඇසුරින් ගැටුම විශ්ලේශනය කිරීමටයි.
තර්ක රාමු ප්‍රවේශය යනු කළමනාකරණයේ ප්‍රශ්න විසඳීමට භාවිත වන ක්රමවේදයකි. එහි දැක්වෙන ආකාරයට යම් අයහපත් ප්‍රතිපලයක් ඇතිවීමට හේතු සාධක වන්නා වූ කරුණු පිහිටන්නේ දෘශ්‍යමාන ප්‍රතිපලයට යටින්ය. එමෙන්ම එකකට එකක් වෙනස් වූ මට්ටම් අනුවය. ජලයේ පාවෙන අයිස් කන්දක සුළු කොටසක් දෘශ්‍යමාන වන්නාක් මෙන්ම ප්‍රශ්නයක යටින් ඇති ගැටළු පැහැදිලිව දැකගැනීමට නොහැකිය. කළමනාකරණයේ විස්තර වන ආකාරයට එය මෙසේ විස්තර කල හැකිය.
1.ප්‍රතිපලය (ඇසට පෙනෙන මට්ටම)
2.විපාක ගැටළුව
3.මූලික ගැටළුව
4.පාදක ගැටළුව
5.හේතු ප්‍රත්‍යන්
1.ප්‍රතිපලය
ප්‍රතිපලය යනු ප්රශ්නය හේතුවෙන් ඇතිවූ "තත්වයයි". මෙය "ස්වභාවිකත්වයෙන්" එනම් පැවතියයුතු තත්වයෙන් කොතරම් දුරස්ද යන්න අනුව ප්රශ්නයේ බරපතල කම තීරණය කල හැකිය. පහසුවෙන් ඇසට පෙනෙන්නේ මෙම මට්ටමයි. ගැටුම හේතුවෙන් ජීවිත දේපල විනාශයට ලක්වීම ජාතීන්ගේ අසමඟිය වර්ධනයවීම ආදිය ප්‍රතිපලය ලෙස සැලකිය හැකිය.
2.විපාක ගැටළුව.
ප්‍රතිපලය ඇතිවීමට ආසන්නම හේතුව විපාක ගැටළුවයි. අන්තවාදී බොදු බල සේනාවේ ක්‍රියා කලාපය මෙන්ම ඔවුන්ට එදිරිවූ අන්තවාදී මුස්ලිම්වරුන්ගේ ක්‍රියා කලාපයද භික්ෂුවක් ගමන්ගත් රථයකට පහරදීමේ සිද්ධියද විපාක ගැටළු ලෙස හඳුනාගත හැකිය.
3.මූලික ගැටළුව
මෙහිදී මූලික ගැටළුව ලෙස සැලකිය හැක්කේ නිරන්තරයෙන් සිදුවන සිංහල මුස්ලිම් ගැටුම් ඇතිවීමයි. බොබසේ, රාවනා ආදී සංවිධාන සහ මුස්ලිම් අන්තවාදී සංවිධාන විසින් ජාතිවාදී-ආගම්වාදී බීජ වැපිරීමයි.
4.පාදක ගැටළුව
මූලික ගැටළුව ඇතිවීමට ආසන්නතම හේතුව පාදක ගැටළුවයි. එනම් නීතිය සැමට සමානව ක්‍රියාත්මක නොවීමයි. රජයේ දිශාවට ඇඟිල්ල දිගු කිරීමට සිදුවන්නේ මෙවිටය. මේ වනවිටත් අත් අඩංගුවේ සිටියයුත්තන් වන ඥානසාරලා වැන්නවුන් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමේ රහස එයයි. ආගමික පොලීසි ඇතිකිරීම වැනි අනවශ්‍ය විහිළු වලින් බැහැරවී කටයුතු කල හැකි නම්, අඩු තරමින් මූලික නීතිය ආරක්ෂා කිරීමේ වගකීම දැරීමට හැකි නම් ප්‍රශ්න ඇතිවීම පහසුවෙන් වැලැක්විය හැකිය.
5.හේතු ප්‍රත්‍ය
මුලින් සඳහන් කල ප්‍රතිපලය ඇතිකිරීමට සමත් වූ අනෙක් ගැටළු තුන විසඳීම එක රැයින් සිදුකල හැකිය. අවශ්‍ය වන්නේ අවංක උවමනාව පමණි. 2,3 හා 4 ගැටළු විසඳීම එතරම් අපහසු නොවේ. මතුවන අවස්ථාවේම ප්‍රතිකාර කලවිට රෝගය සුවකල හැකිය.
කෙසේ වුවත් අන්තිම කරුණ වන 'හේතුන්' වලට පිළිතුරු සැපයීම එක්වර කලහැක්කක් නොවේ. මෙහි හේතු වශයෙන් සැලකිය හැක්කේ ජාතීන් අතර ඇති අසමානතා විරෝදාකල්ප ආදියයි. උදාහරණ ලෙස මුස්ලිම් ජනතාව හලාල් ආහාර ගැනීමට කැමති වුවද සිංහලයන් එසේ නොවීම, මුස්ලිම් ව්‍යාප්තවාදය, විවාහ නීති... ආදියත් ඒවාට සිංහලයන් දක්වන නොකැමැත්ත වැනි දෑ දැක්විය හැකිය. මේ සංස්කෘතික අවුල් ලෙහෙසියෙන් පිළිතුරු සෙවිය හැකි ප්‍රශ්න නොවේ. එහෙත් ජාතිකත්වය, ආගම, මාතෘ භූමිය වැනි සංකල්ප මිනිස්කමට හා නීතියට පහලින් තබා කටයුතු කරන ඓහික රාජ්‍යන්හි සාමාන්‍යයෙන් ජාතිවාදී ප්‍රශ්න අඩු බැව් මතක් කරනු කැමැත්තෙමි.
හේතු ප්‍රතයන් අතර ඇති අනෙක් වැදගත් සාධකය දේශපාලනයයි. කටයුතු කල හැකි අවලස්සනම ආකාරයෙන් සිදුවන ලංකාවේ දේශපාලනය ගැන අමුතුවෙන් කතා කිරීම අවශ්‍ය නැත.
තවත් ලිපි: 1.කඹේ පාගපු ගොනා ගැන කතන්දරයක් (කතන්දරකාරයා)
2.අළුත්ගම, අනුසාසනා හා අසමත් රාජ්‍යය, (මාතලන්)(මාතලන් සෑම පැත්තම ආවරණය කර තිබූ බව කිවයුතුය)
3.ආගම නම් වූ විනෝදාංශය (අමිල චතුරංග) අමිල මතුකරල තියනව වැදගත් කරුණක්.
"නිදහස ලබාගෙන අවුරුදු හැටක් ගත වෙනකොට ලංකා ආර්ථිකය තාමත් දුවන්නෙ ටී රබර් පොල්, ගෑනු සහ ඉතාම සුළු පරාසයක අපනයන ප්‍රමාණයකින්. එදා ඒ සල්ලි තියෙන මිනිස්සු මොලේ වෙහෙසලා අලුත් දේවල් හිතලා අලුත් කලා කෘති, අලුත් කර්මාන්ත, නව නිෂ්පාදන වෙනුවෙන් සල්ලි වියදං කලානම් අද වෙනකොට ලංකාව කියන්නෙ මාරම රටක්..."
4.ජාතිය නැති කල හැකිද? නීතිය පොදු විය යුතුද? වැප්
5.ධර්ගා නගරය මැදින් චාරිකාවක් (අජිත් පැරකුම්)