මේකත් අර ඔබට එළදෙනුන් දෙදෙනෙකු සිටීනම්....... වගේ කේස් එකක්.
ලිව්වෙ අපේ බුකිමිත්‍ර සයිබර් වරිගෙ උණ්ඩියා.
ලාංකික පිරිමියා මුහුණ දෙන සහ කරන්නට සිදුවන ජීවිත දේශපාලනය
පුංචිම කාළෙ -
"සුභසාධනවාදය"
- " කන්න මයෙ සත්තලං පැංතො...කන්න පුතේ....කෝ කට අරින්න....ආ කියලා....ඔන්න කූවෙක් එනවා චූති පුතා ළඟට....මේ කටත් කන්න පුතූ"....
ටිකක් ලොකු වෙනකොට -
"ජාතිවාදය"
- " අම්මෙ මේ මල්ලි මගේ බැට් එක අරන් දෙන්නෙ නෑ....මෙහෙ දීපන් ඕක....කඩනව උඹේ දත්..." " අයියට දුන්න නම් මටත් එකක් අරන් ඕන...."
තව ටිකක් කල් ගියාම -
"සමාජවාදය / කොමියුනිස්ට් වාදය"
- "ඒයි මේ බලහන් හු*තො...මෙන්න මූ තනියෙන් බත් එකක් කනවා....අඩෝ කැ* වැඩ කරන්න එපා ප*යා....එකට ඉඳලා ෂේප් එකේ ඇවිත් තෝ තනියෙන් බත් එක කන්න....ඒයි වරෙල්ලා බත් එකක් තියෙනවා, සෙට් වෙමු....වරෙන් කමු මේකෙන්....මූ මෙතන තනියෙන් කන්න"
තව ටිකක් කල් ගියාම -
"ප්‍රජාතන්ත්‍රවාදය"
- "පුතේ....අපි මේ උඹට හොඳින් කියන්නෙ....උඹ ඔය කෙල්ලව මේ ගෙදරට ගේනවට මමවත්, උඹගෙ තාත්තවත්, උඹලගෙ අක්කල දෙන්නවත් කීයටවත් කැමති නෑ....අපි උඹට ඕකිව කරගහන්න ඉඩ තියන්නෙ නෑ....අන්න ඒක මතක තියාගනින්"
තව ටිකක් කල් ගියාම -
"ෆැසිස්ට් වාදය"
- "තමුසෙට කන්න ඕන නම් අද හවසට එනකොට මේ තුණ්ඩුවෙ තියෙන බඩු ටික අරන් එනවා.....මෙතන යාලුවො එක්ක ජවුසන් නටලා කට ගොන්නක් බීගෙන එන්නෙ නැතුව.....මේ මාසෙ පඩි ගත්තුවා කෝ....?"
තව ටිකක් කල් ගියාම -
"රාජාණ්ඩුව"
- " දුවේ මම මේ අන්තිම වතාවට කියන්නෙ....උඹ ආයෙ එහෙම ඕකා එක්ක රවුම් ගහලා අහු වුනොත් මම උඹගෙ හතර හන්දි කඩනවා......උඹ තාම දන්නෙ නෑ මේ අප්පාගේ හැටි....මම නොකිව්වයි කියන්න එපා උඹ ආපහු ඕකාගෙ සයිකලේ රවුම් ගහලා අහුවෙලා..."
අන්තිමට -
"හරිත චින්තනය / ධර්ම රාජ්‍යය / ජාතික චින්තනය"
- " මං ඉතින් දැන් මේ පැළයක් වවාගෙන, සතෙකුට කන්න ඩිංගක් දීගෙන ඔහේ ඉන්නව ඉතින්......දැන් ඉතින් රැස් කොරා කියලා ගෙනියන්ටයැ....අපි ඉතින් තව කී දොහද?....ඒක නෙමේ ... මතකද ඒ දවස් වල....."
විශේෂ සටහන: වැට්බදු ඉහලයාම නිසා "ලාංකීය සිතුවිලි" සින්ඩියේ අධිපති, හිතවත් වැප් නිසාන්ත තරුණ මහතා පත්වූ දැඩි අපහසුතාවය පිළිබඳ අපගේ බලවත් කණගාටුව!!!
වටේ යනවා.. යන ගමන් අහු වන මොකක හරි එල්ලෙනවා..
ReplyDeleteමගෙත් සාතිසය මෙව්වා වූ සංවේගය අපේ වැප් නිසාන්ත මහතාට..
සයිබර් වරිගෙ උණ්ඩියා. එල පොරක් නේ මන්පොරට වඩා
ReplyDeleteචී චී කකාට එහෙම අපහාස කොරන්න එපා මචෝ
Deleteඇයි වැප් නිසාන්ත මහත්තයට මක්ක වෙලැයි..
ReplyDeleteඅර රාජාණ්ඩු කතාව නං මරු
හැක් හැක්... මරු
ReplyDeleteමුළු දේශපාලනේම ඉගෙන ගත්ත මේක කියවල බන්
ReplyDeleteමරු කථාව
ReplyDeleteනියම සටහනක්. හැබැයි අර my3 පෝස්ට් එකට පහලින්.අර කට ගොන්නක් බීගෙන එක කෑල්ලත් අලුත් විදිහකට තිබුනනම් හරි කියලා නිකමට භිතෙනවා.
ReplyDeleteනියම සටහනක්. හැබැයි අර my3 පෝස්ට් එකට පහලින්.අර කට ගොන්නක් බීගෙන එක කෑල්ලත් අලුත් විදිහකට තිබුනනම් හරි කියලා නිකමට භිතෙනවා.
ReplyDeleteසමාජවාදේ බත් එක බෙදාගෙන කන නිසා වෙන්ටෑ අර බුකියේ පොටෝ තිබුනේ ජෙප්පන්ගේ දේශපාලන බල මන්ඩළේ උන් බත් පැකට් වලට පොරකනවා.
ReplyDeleteබෙදාගෙන කන්නේ නෑ බං....ඒකෙත්....!
Deleteබෙදාගෙන කන්නේ නෑ බං....ඒකෙත්....!
Deleteඋඹලට උන් බෙදාගෙන කෑවත් වැරදියි......බදාගෙන කෑවත් වැරදියි. උන් කොහොමද කන්න ඕන....
DeleteA heti gathiyak ne Mata nam.. :(
ReplyDeleteපාල්ලිමෙන්තුවේ මැරයන්ත්‍රී වරුන් තනි පේළියකට දනගස්වා මේක ලැච්චර් එකක් විදිහට කලොත් හොඳයි.
ReplyDeleteයකෝ කාල්මාක්ස්ට වඩා හොඳට පැහැදිළි කළා නෙව
ReplyDeleteපැලයක් වවාගෙන කිව්වෙ මල් පැලයක් වෙන්ටැ.
ReplyDeleteදේශපාලනය උගන්වන්න මරු ක්‍රමයක්...
ReplyDeleteඅගෙයි...
නියම සටහනක් , අපටත් ඔහොම වෙයිද නහින දෙහින කාලේ ආවහම
ReplyDeletehttp://nelumyaya.com/?p=5858
ReplyDelete