කසාද බැඳල ළමයි ඉන්න එවුන් දන්නව ඇතිනේ පොඩි එවුන් ඉන්නකොට "රොටියක් පුච්චගන්න" තියන අමාරුව. ලංකාවෙ බොහෝමයක් දරුවො ලොකුමහත් වෙනකල් ඉන්නෙ දෙමව්පියන් එක්ක එකම ඇඳේ. ඉතිං මහ එවුන්ට මොනවහරි කරගන්න ඕන උනාම හෙන අවුල. පොඩි එවුන් නින්දට යනකල් ඉන්න වෙනව නේ. සමහර එවුන් රෑ වෙනකල් නිදාගන්නෙත් නෑ. අනෙක දැං ඉන්නෙ කොලු තාත්තල සහ කෙලි ආච්චිල. මම දැක්ක මේ ගැන බ්ලොග්කරුවො කිහිප දෙනෙකුත් කියල තිබුන. අපි හැන්දෑවක අනුමත වෙන වෙලාවක අපේ ඩ්‍රයිවර් මහත්තයෙක් මේ ගැන කතා දෙකක් කිව්ව.
ඔන්න මේ කියන ඩ්‍රයිවර් මහත්තයයි එයාගෙ නෝනයි ඉඳල තියෙන්නෙ නෝනගෙ ගෙදර. හේතුව නෝනට දෙවනි දරුව ලැබීම. පොඩ්ඩ ඉපදිලා මාස කිහිපයක් ගිහිල්ලත් තිබුන. ඒත් හරි හැටි දෙන්නට අහවල් වැඩේ කරන්න ලැබිල නෑ. එයාලගෙ වැඩිමහල් දරුව කෙල්ලක්. වයස අවුරුදු හතරක් පහක් ඇතිලු. ළමයි දෙන්න එක්ක අම්ම ඉඳල තියෙන්නෙ එක කාමරේක. ඩ්‍රයිවර් වෙනම කාමරේක. ඉවසල ඉවසල බැරිම තැන දවසක් ඩ්‍රයිවර් ගිහිල්ල ළමයි නිදි ඇති කියල හිතල නෝනගෙ අතින් ඇදල තමුන්ගෙ කාමරේට එක්ක යන්නයි සූජානම. ඔන්න එකසැරේටම ලොකු කෙල්ල නැඟිටල මුගේ අත යටින් රිංගල දුවල ගිහින් තියනව ආච්චිගෙ, ඒ කියන්නෙ ඩ්‍රයිවර්ගෙ නැන්දම්මගෙ කාමරේට. නිකං නෙවේ මෙන්න මෙහෙම හඬ තලමින්,
"....ආ.......ච්.......චී....... මෙන්න තාත්ත ඇවිල්ල...... අම්ම එක්ක යන්න.... හදන.............වෝ........"
අපේ යාළුවගෙ රෙදි කලින්ම ගැලවුනා කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.
"මම පහුවදා පහට නැඟිටල නෝනට කියල ගෙදර ආව. නැන්දම්මලගෙ මූන බලන්න ඇහැක වෙච්ච දේට!"
6969696969696969696969696969696969696969696969696969696969
දෙවනි සිද්ධිය වෙලා තියෙන්නෙ උගේ යාළු ඩ්‍රයිවර් කෙනෙකුට. සීන්එක අරවගේම තමයි. ඔන්න එකසැරයක් දොරෙන් එබිල බලනකොට ලොකුදුව ඇහැරිලාලු. තව ටික වෙලාවක් ඉඳල ආයෙත් යනකොට ඒත් නිදි නෑ. තුන්වෙනි වතාවෙ දුව නිදි වගේ පෙනුන නිසා දනගාගෙන නෝන ලඟට ගියාලු. මෙන්න ඒ එක්කම පොඩි එකී නැඟිටල කියනවලු,
"අන්න අම්මේ තාත්ත මේ පැත්තට එනව හොර ගෙඩිය වගේ දනගාගෙන" කියල.
6969696969696969696969696969696969696969696969696969696969
අපේ සෑම් අයියගෙ ළමයි එකෙක්වත් සෑම් කියන දෙයක් අහන උදවිය නෙවේ. සෑම් නිතරම කියන්නෙ "මහත්තයෝ ළමයි කියන්නෙ අපි පූරුවෙ ආත්ම වල ණයකාරයො. අපි ණය අරගෙන මගහැරියට පස්සෙ උං ළමයි වෙලා උපදිනව" කියල. දවසක් සෑම් කියනව කලින්දා රෑ සිද්ධිය. මේ කතාවෙන් සෑම්ගෙ තවත් රහසක් හෙලිවුනා.
"වැඩක් නෑ මහත්තයෝ ඊයෙ රෑ දෙක විතර වෙනකල් ට්‍රයිකරා වැඩක් කරගන්න, කොහේද අපේ එවුන් එක්ක බෑ, උං පාඩං කරනව කියල නිදාගන්නෙත් නෑ, කරන පාඩමකුත් නෑ, එහෙට යනව මෙහෙට යනව අපේ කාමරේ දොර රෙද්ද ඈත් කරල බලනව,...... අන්තිමට මම නිදාගත්ත, දැං ඉතිං ඊලඟ පඩි දිනේ එනකල් ඉන්න වෙනව"
බැලින්නං සෑම්ට පර්මිෂන් ලැබෙන්නෙ පඩි දවසට විතරයි.
පට්ට යකෝ.... සිරා කතාව....
ReplyDeleteබොලාට අත්දැකීම් තියනව වගේ.
Deleteඋබ පිස්සු කතා කරනව.... තාම මම පොඩි එකෙක් බොල....
Deleteරයිට් මම උඹේ අඩවියට ගිහිල්ල මගේ රෝලටත් දාගත්ත. හරි මතකයක් තිබුනෙ නෑ. ඉස්සරහට බලපං.
Deleteඑලම කතා සෙට් එකක්... මම නම් කොහොම හරී මගේ වැඩේ නම් කරගන්නවා...ඇයි යකොඕ මෙහෙ වේලි වේලි ඉඳල ගිහින් එහෙත් වෙලියන්කෝ....
ReplyDeleteහෙහ් හෙහ් හෙහ් නැත්ව නැතුව...
Deleteඔය ක්‍රමයෙන් තමයි අපේ සීයලා ගේ කාලේ පවුල් සැලසුම් කෙරුණේ. අවුරුදුදෙකකට එක පාරයි පැදුර පෑගෙන්නේ.
ReplyDeleteමං දවසක් යාළුවෙක් අළුතින් ගෙයක් කුලියට අරං යන තැනක් බලන්න ගියා. මූ බලනවා එක කාමරේක ඩබල් ඇඳන් දෙකක් දාන්න ඉඩ තියෙනවද කියලා.
අපි දෙන්නයි, දරු දෙන්නයි!
මං සෑහෙන්න උපදෙස් දුන්නා, නමුත් වැඩේ හරි ගියාද මන්දා!
ඔයා කවුන්සිලින් කරේ කොයි කාලෙද?
Deleteඅවුරුදුදෙකකට එක පාරයි අවුරුදු විස්සයි. ඉතිං දහයක්වත් ෂුවර් තමයි. පව් ඉතිං දරුවන් වෙනුවෙන් කැපවෙන දෙමව්පියෝ නේද?
Deleteඒකත් සෑහෙන බරපතල ප්‍රශ්ණයක් වගේ නේද ? තාමනම් ඔය තත්ත්වය උද්ගත වුනේ නෑ..:D
ReplyDeleteඉස්සරහට බලපං ආතල් එක.(එහෙම කිව්වට මටත් තාම එහෙමකට නෑ...)
Deleteඔව් ඔව් රාජ්.. ඕව මහ කැත කේස්.. මහජනයාට හොරෙන් මුකුත් කරන්න බෑ...
ReplyDeleteඅන්න හරි. ඒ කතාව දැන් මතක් උනේ.
Deleteහික් .. හික් .. ඒ...ක හැබෑව. මහජනතාව අවදියෙන්.
Delete:D
Deleteලොල් සීන්... :)
Deleteළමයි පොඩි කාලේ ඉඳන් වෙනම නිදියන්න පුරුදු කරන්න ඕන . .
ReplyDeleteඒක නෙමේ මොකෝ මේ කතා වෙන් කිරන්න සික්ටි නයින් ( 69) දාලා . . හික්ස්
මම කතන්දර වෙන් කරන්න මොකක් හරි සිම්බොල් එකක් දානවනේ. සිම්බල් හොයද්දි මේක හොඳයි කියල හිතුව. දුකාටත් මේ දැවෙන ප්‍රශ්නෙ ඇති.
Deleteඅපෝ නෑ අපේ එකා තනියෙම නිදා ගන්න පුරුදු කරලා තියෙන්නේ. නින්ද යනකම් පොඩ්ඩක් ලඟට වෙලා ඉන්න ඕන එච්චරයි . . . හෙ හෙ හේ
Deleteඅපිට හොඳ අවවාද මේව.
Deleteමටත් ආපු ප්‍රශ්නේ මේ 69 ම් දම්මේ ඇයි කියලා
Deleteදැං තේරුනා නේද?
Delete69 විශේෂත්වෙ හුඟ දෙනෙක්ට පේනවනේ. :)
Deleteඅම්මඅප්පට වධදීපු එවුන්නේ
Deleteබුහහහා... මමත් ඕක කියන්න ආවේ. ඒක සිරා කතා වෙන්කිරිල්ල!! :))
Deleteමගේ යාලුවෙක්ටත් ඔය වගේ දෙයක් වෙලා....
ReplyDeleteයාලුවට ළමයි 3ක් ඉන්නවා ..දවසක් ලොකු ළමයි දෙන්නා අම්මලාගේ ගෙදර ගිහින් නිවාඩුවට ..අපේ එකා එදා රෑ සෙල්ලමට සෙට් වෙලා තියෙන්නේ ඇඳ ළඟ පැදුරක් එලා ගෙන .....දැන් පොඩි එකා ඇඳේ නිදිලු ...ආණ්ඩුව විපක්ෂයට පෙරලා පහර දෙනකොට එක පාරම පොඩි එකා කියනවාලු "හා හා දැන් ඇතිනේ" කියලා....යාළුවා එහෙමම ඇඳ යටට රිංගලා ...පස්සේ බලනකොට පොඩි එකා කියවලා තියෙන්නේ හීනෙන්ලු....
ඒක නං නියම කතාව බං. බොහොම ස්තුතියි ආවට.
Deleteපට්ට කතාව ඕයි! :D :D :D
DeletePuluvnm Blog ak akuru tikk podi kargana aukuru loku wadi. ahama unma hari aul anee . gadara katiyath athaaa edagana kiywanva. mavaga davl horata kiywanna ona dewal
ReplyDeleteCtrl එක්ක + සහ - පාවිච්චි කලා නං අකුරු පුංචි වෙනව.
Deleteඅනේ පව් බං ... හස්ත කර්මාන්තයක් කරගෙන ඉන්න තමයි තියෙන්නේ ..
ReplyDeleteහෙහ් හෙහ් හෙහ්.... හැමදාටම?
Deleteහ්ම්ම් මමත් ඔය කටුව කනව.සෙට්වෙනකොටම නෑගිටිනවනෙ දෙන්නගෙන් කවුරු හරි.
ReplyDeleteඔය ඉන්නෙ තවත් කෙනෙක්.
Deleteමේකා කකුල ඉස්සුවත් යකඩ ඇදං ඩෝං පටොන් ගාන ඒකේ පොඩි උන් කොහේ නිදාගන්නද..
Deleteලංකාව වගේ රටවල් වල ඔය සීන් එක තියනවනේ. පිට රටවල් වල ඒක වෙන්ඩ ඇති පොඩි එකාට උනත් පොඩි කාලෙම වෙනම ජීවත් වෙන්න පුරුදු කරන්නේ. ගොඩක් ඉංග්‍රීසි ෆිල්ම් වල මම නම් දැකලා නෑ දෙමව්පියෝ ළමයි එක්ක එකට නිදියනවා. ගොඩක් කිව්වට කොහොමත්ම නෑ වගේ.
ReplyDeleteඔව්. ලංකාවෙ තත්වෙ වෙනස් ඇති.
Delete:D මං හිතුවේ 'තමන් හිසට තම අතමය සෙවනැල්ල' කියලා කියන්න වෙන්නේ බඳින්න කලින් විතරයි කියලා!
ReplyDeleteඒක සර්වකාලීනයි.
Deleteඔය කතාව කියවනකොට හිනාව වගේම මට මතක් වුනේ අර එකසැරයක් ළමයි දෙන්නෙක්ව මැරුවේ අම්මගේ හොර මිනිහා වැඩේ දැක්ක කියලා ලමයි දෙන්නා.
ReplyDeleteමේ ළඟදිත් අවුරුදු එකහමාරක ගෑනු ළමයෙක්ව මැරුවේ එත් අම්මගේ හොර මිනිහා වැඩේ කර කර ඉන්නකොට ළමයා නැගිට්ට කියලා.
ඔහොම වඩාත් වෙනවා බං මේ ධර්මද්වීපේ
ඇත්ත තමයි. මටත් මතකයි ඒ සීන්එක.
Deleteඅර 69 69 69 දිගටම දාලා තියෙන්නේ ඒ ගොල්ලෝ 69 සෙක්ස් පොසිෂන් එකද කලේ
ReplyDeleteනිකංම තියන එකේ දැම්ම ඇනෝ.
Deleteඅනේ රාජ්, යුද්ද කාලේ ගෙදර එන්නේ මාස දෙක තුනකට සැරයක් දවස් 4 ක විතර නිවාඩුවක් අරන්. කොහෙද අපේ පොඩි එවුන් මම ගෙදර ආවම නිදාගන්නෙම නැහැ. අම්මපා මුංට කවුරුහරි කියල දුන්නද දන්නේ නෑ තාත්තා ගෙදර ආවම නිදාගන්න එපා කියලා. අම්මපා එක සැරයක් ගෙදර වැඩට එන ගෑණු කෙනාට ළමයි දෙන්නා බලාගන්න කියලා අපි දෙන්න ගියා රෙස්ට් හවුස් එකකට.
ReplyDeleteහපෝයි! මාස 3-4 සැරයක් ඇවිල්ලත් වැඩේ කරගන්න බෑ කියන්නෙ පෙර පින් නැතිකම තමයි. පොඩි කාලෙ බලු පුට්ටු වලට ගල් ගහන්න ඇති.
Delete//පොඩි කාලෙ බලු පුට්ටු වලට ගල් ගහන්න ඇති.//
Deleteබය කරන්න එපා යකෝ
බොරු නෙවේ මේං
Delete“මං පොඩි කාලෙ බං හරියට බලු පූට්ටුවලට ගල් ගහලා තියෙනවා. ඒවා තමයි දැං මට ඔය හම්බ වෙන්නෙ.”
Thanks Raj. තව හොඳට බය කරහං. :D
Deleteනියම කතා ටික බං,කොයි වෙලාවෙ බැලුවත් මහජනයා අවදියෙන් නේද.බැලුවම කාට කාටත් ඔය ප්රශ්නය තිබිල තියෙනව.
ReplyDeleteහැබෑටම රාජ් හදිස්සියෙම මේ සබ්ජෙක්ට් එක මතක් වුණේ ඇයි,අත්දකීමක්වත්ද.
මේ කතා ඇහුවම තමයි ලියන්න හිතුවෙ. නැතුව මගේ අත්දැකීම් නෙවේ. ඒවට තව චුට්ටක් කල් තියනව. පොඩ්ඩට තාම අවුරුද්දයිනේ.
Deleteඒ වුනාට දැම්ම හිටන්ම පැලෑනක් ගහපන් රාජ්.
Deleteහ්ම්. ඔව්. මේක හිතන්න ඕන කාරණාවක්
Deleteපව්, අෆ්ෆා!අහිංසක දෙමව්පියෝ :D
ReplyDeleteඒක නේන්නං. කමෙන්ටු හතලිහකට පස්සෙයි වලලු දාන අතකින් එකක් ආවෙ.
Deleteටික කලකට කලින් මම කෙටි කතාවක් කියෙව්වා.. ජෝඩුවක් ගෙස්ට් හවුස් එකක ඉන්නකොට පොලිසියෙන් පැනලා උන් දෙන්නවත් දාගෙන යනවා. පොර කියනවා අපි බැඳලා ඉන්නේ කියලා... පොලිස් ලොක්කා අහනවා බැඳලා නම් මේවගෙ රිංගන්නෙ මොකද කියලා. පොර කියනවා කාමර දෙකයි තාම තියෙන්නේ... ලමයි එක්ක ඔක්කොම නිදියන්නේ එක කාමරේ... ළමයිනුත් දැන් ලොකුයි... ඒ නිසා වැඩේ කරගන්න තමයි මෙහෙට ආවේ කියලා....
ReplyDeleteකෙටි කතාවකට කියාපු වස්තුබීජයක් මචං.
Deleteපොඩි එකාට නින්ද යනකන් කියලා ඉන්න කොට එලිය වැටිලා..පොඩිඩා ඇහරලා අපි නිදි...වැඩක් නැහැ කියලා
ReplyDeleteඔය තියෙන්නෙ.(දැං සිංහල නියමයි)
Deleteඅපෙ පොඩ්ඩා ආවෙ කෙලීට වයස අටේදි.. එතකල් තාත්තියි අම්මියි මැද්දෙ තාප්පයක් බැඳගෙන නිදාගත්තෙ.. හ්ම්ම්. ඒ උනාට ඉතින් ඔය අනිත් කාමර තිබ්බෙ නිදහසේනෙ.. වෙලාව තමයි ප්‍රශ්නෙ.. නින්ද යනකල් කතන්දර කියන්න ඕනෙ. එකක් කිවුවට මදි.. කතන්දර ඉවරවෙනකොට තාත්ති කෙසේ වෙතත් අම්මි නං නිදි.. හ්ම්ම්.
ReplyDelete//කතන්දර ඉවරවෙනකොට තාත්ති කෙසේ වෙතත් අම්මි නං නිදි//
Delete:-)
තාත්තිගේ කතාවක් බාගෙට කියද්දි අපිට නින්ද යන එකේ ඕක මොකක්ද රාජ්
Deleteදේශකයත් ඉඳහිට හරි ඇත්තත් කියනවා.
Deleteදැන් පොඩි උන් එක්ක හැරෙන්නවත් බැහැ රාජ්..
ReplyDeleteදරුවෙක් ලැබුනම මේ වගේ කතා තමා ලියැවෙන්නෙ..;)
පලි- රජ්ලා දෙන්නටම දැවෙන ප්‍රශ්න මේවා !!
ඒකත් එහෙමද? Rajට කතා කරන්න ඕන.
Delete//සෑම් අයියගෙ ළමයි..// අර සෑම් ගැනත් කියල තියන්නෙ...:D
Deleteපඩි දවසට විතරයි..... හෆූ....!!!
Deleteඔය මාස්පඩි ආණ්ඩුවෙ රස්සාවෙන් අස්වෙල දවස්පඩියට කුලී වැඩ හරි කරන්න පලයන් කියපන් බං.
Deleteසෑමට පඩි දවසට විතරයි..
Deleteහූ යකෝ හූ....
අපිට නමි පඞි දවසට ගැනි දන ගහලා කථා කරන්නේ
Deleteතමුසේ ඇද යටින් එලියට එනවද? නැද්ද? කියලා
මම නම් කරන්නේ මෙට්ටයක් දාල අන්ද මුල නිදා ගන්නවා.පොඩි උන් දෙන්න නින්ද ගිය ගමන් අදාල ගත්තහැකි බිමට....
ReplyDeleteඔව්. හොඳ උත්සාහයක්.
Deleteමම නම් පොඩි එව්වො දෙන්නටම පුරුදු කොලේ නැන්දම්මා ව.කිරි ටික පෙව්ව ගුඩුස් හතරක් පහක් යැව්ව ගමන් නැන්දම්මට දීලා අපි දෙන්න කාමරේට වෙලා අර රතී එක පටන් ගන්නව.
ReplyDeleteහැබැයි ඉදල හිටල මට මල පනින හඩක් ඇහෙනව එළියෙන් පුතේ..පුතේ..දුව/පුතා කිරිවමනෙ දැම්ම එන්නකෝ කියල දොරට ගහනව නැන්දම්ම.
හා..හා...අම්මෙ එයා බාත්රූම් එකේ ඇග හෝදනව මම එන්නම් කියල කියනව බිරිදගේ ක්‍රීඩා පිටියෙන් බසින ගමන්.
නැන්දම්ම එහෙන් කියනව ඇග හෝදගෙන නේද දරුවට කිරි දුන්නෙ කියල.
පට්ට කතාව. ඔන්න ඕකනේ උඹේ වටිනකම.
Delete//ඇග හෝදගෙන නේද දරුවට කිරි දුන්නෙ// :-)
දරුවන්ට බොන්න කිරි ඉතුරු කලාද කෙන්ජි මාමා ? හලිම නාකයි අනේ ඔයා...
Delete//බැලින්නං සෑම්ට පර්මිෂන් ලැබෙන්නෙ පඩි දවසට විතරයි.//
ReplyDeleteමල කෙලියයි.
හැමදා නියං එකදා වැහි වලාවේ. ඒකටත් කෙලිය
Deleteඅලේ මල්ලල්ලෑ ඕවා..
ReplyDeleteදවසක් හාමුදුරුවො කෙනෙක් බණට කියනව මම අහගෙන ඔය වගේ කතාවක්. ළමයා ගොඩක් පොඩි කාලෙ පුංචි එකානේ කියල ළමය නිදිකරවල එකම ඇඳේ අම්මයි තාත්තයි වැඩේ කරාලු. අතරමගදි දරුව නැගිටල ඔහේ ඉඳල, සීන් එකත් දැකල. ඉතිං අර නොතේරෙනවය කිව්ව දරුවගෙ යටි හිතේ රැඳිල තිබුනලු අදහසක් තාත්තා අම්මට රිද්දනවය කියල. ඉතිං දරුව ලොකු වෙද්දිත් මේ තාත්තා කොච්චර හොඳ මනුස්සයෙක් උනත් තාත්ත අහලකටවත් එන්න දෙන්නෙ නැතුව බෙරිහන් දෙනවලු. අන්තිමට මෝහන ප්රතිකාරයකින්ද කොහෙද සීන් එක හොයා ගත්තලු. හාමුදුරුවො බණේදිම උපදෙස් දුන්නා කුඩා උනත් දරුවන් සිටින තැනක වැඩේ කරන්න එපා කියල.
Deleteහරියට හරි. මේක මානසික කේස් වලට බලපාන්න පුළුවන්. මාත් අහල තියනව.
Deleteබලාගෙන ගියාම DDT යා හරි දැහැමි කොලුවෙක්නෙ...
Deleteහාමුදුරුවො උපදෙස් දෙන්න ඕනෙ මෙවුවට නෙවෙයිනෙ,... අනේ මන්දා..
Deleteඅඩේ සිරා ... අපි ඒමයි ඈ...
Deleteඅනේ ඇනෝ සමහර හාමුදුරුවරු නම් දෙසන්නෙම ඕවා. ඔය එක ප්‍රසිද්ධ, ටීවීවලට එහෙම එන විචිත්‍ර ධර්ම කථික උන්නාන්සෙ කෙනෙක් ඉන්නවා මට නම් ඒ උන්නාන්සෙ පේන්න බෑ. දැන් හුඟක් හාමුදුරුවරු බණ කියල දෙසන්නෙ කුණුහරුපයි, වල්පලුයි, විහිළුයි. උපාසකම්මලත් ඉතිං සාධු කිය කිය අහන් ඉන්නව.
මම අහන බණක් නම් නෑ බං. එහෙම කිව්වෙ බණ අහන්නෙ නාකි මිනිස්සුය, ඒක ලැජ්ජ වෙන්න ඕන දෙයක් වගේ අදහසක් නිසා නෙවි, තියෙන පව්කාරකමනේ. බණවලට කියන ජාතක කතා අහන් ඉන්න නම් ඔන්න මම කැමතියි. කොහොම උනත් අපිට බණ බලෙන් අස්සවනවා ඉස්සරහ පන්සලේ ලොකු හාමුදුරුවො. මම සාමාන්‍යයෙන් ගෙදර ඉන්න අකමැතිම දවසක් පෝය දවස. උදේ ඉඳන් මර සද්දෙ. පීකර් කටවල්ම 4ක් ගේ ඉස්සරහ. ඕක මේ එහෙම වෙලාවක ඇහිච්ච එකක්ද කොහෙද. කොහොමටත් හාමුදුරුවරු මිනිස්සුන්ට කම්සැපේ ඇලී ගැලී ඉන්න උපදෙස් දිය යුතු නෑ. තේරෙන සිංහලෙන් ‘හාමුදුරුවො බණේදිම උපදෙස් දුන්නා‘ කියල කිව්වෙ ඒකයි. හැබැයි මේ දේවල් ගැන උපදෙස් දෙන්න, දැනුවත්කරන්න නම් අනිවාර්යෙන් සුදුසුකම්තියෙන කවුරු හරි ඉන්න ඕන. මොකද ලංකාවෙ නිසි ලිංගික අධ්‍යාපනයක් නෑනේ. අරයගෙන් මෙයාගෙන් අහගන්න ඒව තමා. අඩුගනනෙ අර මදුරුවා පිටේ එන නෝනලවත් ඕව කියල දෙනවද දන්නෑ, කසාදබැඳල ළමයි හම්බෙච්ච උන්නේ ඒව දන්නෙ.
ඕක කවුරුත් කරන වැඩක්නේ.
Deleteහැබැයි හාමුදුරුවරුන්ට ඕකට සුදුසුකම් තියනව ඕනවටත් වැඩිය.
හි හි... මං පොඩි කාලේ ඔය වැඩේ කරනවලු හරියට... මොකද අපි හිටපු ගෙදරත් කාමර කියලා වෙන් කරලා තිබ්බෙ නෑ නේ.. අපේ තාත්ත තමයි දැන් ඔය හිනා වෙවී කියන්නෙ... අපිට කරපුවා හම්බවෙයිලු... මං කිව්වා මං නං පොඩි උන් මැද්දෙ තියන් නිදාගන් නෑ කියලා ... දැම්ම කියල තියෙන්නෙ අපේ මහත්තයට... හි හි...
ReplyDeleteඇත්තටම ළමයි වෙනම තියන්න කියන්නෙ මානසික හේතූන් හින්ද කියල මං අහලා තියෙනව.. ඔය අම්මලා මැද්දෙ නිදාගන්න ළමයි එහෙම තමයි පළවෙනියට ඉස්කෝලෙට ගියාම එහෙම ගොඩක් අඬන්නෙ... අම්මගෙ තාත්තගෙ උණුසුම තියෙන්න ඕනෙ... හැබැයි එයාලට පොඩි කාලේ ඉඳලම ස්වාධින වෙන්න ඉඩක් දෙන්නත් ඕනෙ.. ඒත් අපේ රටවල් වැඩිපුර ඉන්නේ 60 පැන්නත් මමාස් බෝයි ලා....
ඇත්තටම තාත්ත ඔහොම කිව්වද බං?
Deleteඅපේ අම්මයි තාත්තයි ගොඩක් වෙලාවට යාලුවෝ වගේ තමා රාජ්.. හිටපු ගමන් නං ඉතිං කේස් දානව... ඒත් කොහොමත් මාව අල්ලන් බයිට් කරන්න තියෙනව නං ඒ වගේ ඒවා අතාරින්නේ නෑ... පොඩි කාලෙ ඉඳන් කරපු හරක් වැඩ, ගොන් වැඩ සහ මී හරක් වැඩ ඔක්කොම සභාව මැද්දෙම කියල දානව.. හි හි... මේක නං හැබැයි ඔය ළමයි හැදිල්ල ගැන කතා කර කර ඉන්නකොට කියපු දෙයක්...
Deleteඒක හොඳ තත්වයක්. එතකොට ප්‍රශ්න අඩුයි.
Deleteහි හි ... ඔයා සතියට කී පාරක් කරනවද? හි හි. මාරු ඈ...හි හි.
Deleteහාව හද දකින්නැහෙ බොල කරුමාන්තේ දැන්. උඹ තනි නැත, අපිත් ඔය ක්ලබ් එකේම තමා.
ReplyDeleteමට තනියම හිනා යනව දැකල පිස්සු කියල මුං හිතයි. අද කමෙන්ටු ටික පංකාදුයි. :-)
Deleteළමයින්ට තනි තනි කාමර දීලා එළියෙන් ලොක් කලොත් මොකද ? ගේ හදන කාලෙදි හදන ළමයි ගාන තීරණය කලා නම් ඔහොම වෙන එකක් නෑ...
ReplyDeleteහපොයි..පන්තියක් වත් දාන්න වෙයිද ?
Deleteගෙවල් කොහොම හැදුවත් පොඩ්ඩො ඉන්නෙ අම්මල තාත්තල ලඟනේ. ඒකනෙ අවුල
Deleteමුල් කාලේ තොටිල්ලෙ දොයි කරවල ටිකක් ලොකු උන ගමන් තනියම නිදාගන්න පුරුදු කරන්න තියෙන්නෙ...හැම කාමරයකටම දොරක් තියනවනම් වැඩිය හොදයි :D
ReplyDeleteඔය තියෙන්නෙ වටිනා උපදෙස්.
Deleteඔන්න තවත් එක පොඩි එකෙක් දැක්කලු ඔය වැඩේ අම්මයි තාත්තායි කොරනවා..... පොඩි එකා ඕක ගිහිල්ලා තාත්තම්මගෙන් ඇහැව්වලු ඒ මොකද්ද තාත්තම්මේ අපේ තාත්තා කරන්නේ කියලා ...... තාත්තාම්ම කිව්වලු ගණන් ගන්න එපා පුතේ ඒ තාත්තා බිම දාන් අදිනවා කියාලා ...... ඕක අහපු පොඩි එක කිව්වාලු මටත් ඕන බිම දාන් අදින්න කියලා ..... තාත්තාම්ම බැලුවාලු කොල්ල පිට කොහෙහරි ගිහින් වෙන එකියක් එක්ක බිම දාන් ඇදල පවුලට අවනම්බුවක් එහෙම කරොත් කියලා ..... ආ එහෙනම් වරෙන් මාත් එක්කම බිම දාන් අදිමු කිව්වලු ..... මේක දැක්කලු තාත්තා....... මල පැනල කොල්ලගෙන් ඇහව්වලු මගේ අම්මත් එක්ක ඕක කරන්න උබට ලජ්ජා නැද්ද යකෝ කියලා ...... එපාර පුතා තාත්තට කියනවලු මගේ අම්මට ඔයා කරන කොට ඔය ලැජ්ජාව තිබ්බේ කොහෙද කියලා ....
ReplyDeleteවැඩේ කෙහොම උනත් තර්කෙ නං ටක්කෙට හරි.
Delete:D:D:D
ReplyDeleteමොකෑ හිනාවෙන්නෙ? පොඩ්ඩිලාට තමයි අනාගතේ මේව වැදගත්. (12ක්ද කොහේද හදන්න ඉන්නව කිව්ව නේද?:)
Deleteමරු මාතෘකාවක් තමයි අද හොයාගෙන තියෙන්නෙ. මට නම් තවම ඔය ප්‍රශ්ණය නැතත් අපිත් ඒක්ක ඉන්න යාළුවෙකුට ඔය වගේ අැබැද්දියක් වෙලා තියෙනව දැනට සෑහෙන කාලෙකට ඉස්සර.
ReplyDeleteමිනිහා සව්දි අරාබියට ඒනවිට ලමයට යන්තම් අවුරුද්දක් විතර තමයි වයස. ඉතින් අවුරුදු තුනක් මෙහෙ කට්ට කාලා වැකේශන් යන්න මාසෙකට විතර කලින්ම මෑන් වයිෆ්ට කියලා "පුතාව වෙනම නිදිකරවන්න පුරුදු කරන්න කියලා.
පුතා දැන් ලොකුයිනෙ, ඒකනිසා අම්මත් ඒක්ක ඒක අැදේ බුදියන්න ඉඩ මදිනෙ, ඒකනිසා පුතා වෙනම බුදියන්න කියලා වයිෆ් කොහොමහරි ලමයව වෙනම නිදාගන්න පුරුදු කරල,හැබැයි ඒ කාමරේම.
ඉතින් යාළුව රට ඉදල ගියාට පුතා ලගට ඒන්නත්ටිකක් මැලි වෙලා තියෙනව. කොහොමහරි රෑ වෙන කොට පොඩි ඒකාට අළුතෙන් ලැබුනු සෙල්ලම් බඩු ටිකත් තුරුළු කරන් ඒයාගෙ අැදේම නින්ද ගිහිල්ල. ඉතින් යාළුවත් කිසි අවුලක් නැතිව වයිෆ්ගෙ අැදේම නිදා ගෙන.
පසුවදා උදේම යාළුවයි වයිෆ්යි නැගිටලා. වයිෆ් කුස්සියේ උයන අතරේ යාළුව ගිහිල්ල ලග තිබෙන කඩයට. ඔය අතරෙ පුතා මුහුණත් නරක් කරගෙන ඒනවළු කුස්සිය පැත්තට.
අැයි පුතා බඩ ගිනිද? කියලා යාළුවගෙ වයිෆ් අැහුවහම පුතා කියනවළු,
අම්මට මාත් ඒක්ක නිදාගන්න තමයි අැදේ ඉඩ මදියි කිව්වෙ. ඒ වුනාට අර කළු තඩි බඩත් ඒක්ක බුදියන්න ඉඩ තිබුන නේද? කියල.
මම බලපු රුසියන් කෙටිකතාවක තියනව යුද්ධෙට ගිය තාත්ත ගෙදර ආවට පස්සෙ පොඩ්ඩට අම්ම නැතිවෙනව. කොල්ල තාත්තට වෛර කරනව. ටික කාලයක් යද්දි තවත් ළමයෙක් ලැබෙනව. ඊට පස්සෙ තාත්ත පුතාගෙ ඇඳට එනව. මේව මානසිකව බලපාන කේස්.
Deleteයකඩෝ වෙලාවකට අපි දෙන්නම ලියන්නේ ටිකක් ලඟින් යන මෙව්වානේව බං පටන් ගන්න හැටි මම ලිව්වා මැද හරියෙදි වෙන එව්වා උඹ ලියල එළ
ReplyDeleteඅඩේ උඹ පෝස්ටුව මකල නේද තිබුනෙ?
Deleteදෙන්නම රාජ්ල.
Deleteඑකලඟ අවුරුදු දෙකක උපන්දින එක ලඟ.
පොඩ්ඩන්ගෙත් උපන්දින අවුරුද්දක එක කිට්ටුව.
ඉතිං.......?
එක නෙවෙන්නම් ..!!!
Deleteහපෝ කතා කරන්න එපා ඕකුන් ගැන නම්. මට ඉන්නෙත් එකයි උ ඇති ගමකට. මුන්ට රැට නින්ද යන්නේ නැද්ද මන්දා බන්. පොඩිම කාලේ මු රහැයියා වගේ අඬනවා අපිත් එලි වෙනකම් ඇහැරලා පහුවදාට වැඩක් පලක් කරන්නත් නැ නිදිමත. හැමෝම කීවේ ඕක ටිකක් ලොකු වෙනකොට හරියනවා කියලා. මොන පිස්සුද දැන් අවුරුදු 3යි තවමත් මු තමයි අන්තිමට නිදා ගන්නේ. අනික උදේ පාන්දර නැගිටලා අපි නැගිටිනකන් වද දෙනවා බං.
ReplyDeleteපොඩි එකාට අවුරුද්දක් වෙද්දී මම මෙහෙ ආවේ. හරියටම අවුරුද්දකින් නිවාඩු ගියා. වැඩක් නෑ කතා කරලා. කොහෙන් හරි මල්ලි නැගිටින වෙලාවක් බලලනේ මුත් නැගිටින්නේ. මගේ වැඩේ මුළු මාසෙම මු මුගේ ආච්චිත් එක්ක පොඩි පොඩි ට්‍රිප් යවන එක. අයියෝ සල්ලි බං සතියට රුපියල් දහ දොලොස්දාහක් ඉවරයි අත්තම්මයි, මුනුපුරයි නෑදෑ ගෙවල් වල යවලම. අපරාදේ අවුරුද්දක ඇරියස් කවර් කරන්න හිතාගෙන අරන් ගිය රේන්කෝට් ටික.
විචාරක මහත්මයට වෙච්ච දේ තමයි වෙලා තියෙන්නෙ.
Deleteපිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී :D (විහිලු හොඳේ )
Deleteහෙහ් හෙහ්.. හරිම පුරස්නයක් තමයි ඒක..:D
ReplyDeleteතාම නැද්ද මොකුත්? :-)
Deleteමමත් ඔහොම වද දීලා තියනවා.. මම දවසක් ඩූඩ් අයියගේ බ්ලොග් එකේ නම් කිව්වා... Naughty ළමයි...
ReplyDeleteඒවට රිටන් එක ලැබෙනව.
Deleteළමයි හෙම ස්කෝලෙ ගියාම දවල්ට බැරිද වැඩ ටික කර ගන්න.නිවාඩුවක් දාලා ගෙදර හිටියත් පාඩු නෑනේ වැඩේ....නැද්ද මං කියන්නේ.ධීවරයෝ එහෙම වැඩ ටික කර ගන්නෙ එහෙමයි ලුනේ.
ReplyDeleteඉස්කෝලේ යනවුන් නම් සිද්දිය කියලා කඩේ හරි යවන්න බැරිය. පොඩි එවුන්ට මක්කෙය් කොරන්නේ නෝනේ
Deleteඒකටත් ඉතිං වෙනම නිවාඩු දාන්න එපැයි. ධීවරයන්ගෙ වැඩ වාරකන් කාලෙටයි.
Deleteඇඟ කීරි ගැහිල ගියා. ඉතින් කොහොමද 5ක් හදන්නේ? එකෙක් හදන එකත් ටිකක් කල්පනා කරලා කරන්න ඕන සීන් එකක්.
ReplyDeleteහෙහ් හෙහ්.. උඹත් මං වගේම 5 කට හීන මවපු පොරක් එහෙනං.... ඔන්න මං කියන්නං අද උඹ දෙකයි හදන්නේ...
Deleteහෙහ් හෙහ් හෙහ්.... මේවායෙන් ඉගනගත්ත නං දැං හිටං ප්ලෑන ගහත හැකි.
Deleteගෙයක් හදද්දී අහවල් එක කරන කාමරේ කියලා එකක් හදන්න ඕනේ! :D
ReplyDeleteඒකටත් එයි.
Deleteයකෝ මේක 69න් බෙදපු එකනේ වැඩේ. වෙන ඉලක්කමක් තිබුනෙම නැද්ද බොට?
ReplyDeleteඈ රාජ් මලයා? ඇයි බං මේ ඩ්‍රයිවර්ලටම මෙහෙම වෙන්නේ?
69 නරකද?
Deleteඩ්‍රයිවර් කෙනෙක් කියපු කතාවක්නේ.
අඩේ අප්පා එකෙත් හැටි එහෙනම්.
ReplyDelete18+ කිවත් ඒ තරම් සර නැහැ වාගේ...:D
සැර නං නෑ. ඒත් වැදගත් වෙන්නෙ +18 අයටනේ.
Deleteහික්.. මම හිනා වෙලා එන්නම්.. :D මට කියන්න දෙයක් නැහැ. අත්දැකීම් නැහැ. පුංචි කාලේ ඉඳන් තනියම. :D
ReplyDeleteBora Diyaka Induwara
අන්න හොඳ ළමයි
Deleteඅපේ උන්දැට නිකං වත් මාලග නිදාගන්ඩ තියා මට උන්දැව අල්ලන්ඩවත් දෙන්නැ පොඩ්ඩි මාව තල්ලු කරනවා
ReplyDelete''අපා මදේ අම්..ම මදේ''
පොඩ්ඩි ලගින් මම නිදාගන්නවට ලොක්කි කැමති, එයා තමා අපි නිදාගන්න විදිහ තීරනය කරන්නේ
''අම්ම මුල්ලේ මෙතන නංගී මම මෙහෙමම ඉන්නවා , තාත්තා මෙන්න ඔයාගේ කොට්ටේ''
*******සියල්ලන්ගේ අවධානය පිණිස*******
මම දාපු පෝස්ට් එකක් මැකිලා , ඒ මදිවට මම පබ්ලිෂ්කරන එව්වා පබ්ලිෂ් වෙන්නෙත් නැ, වදෙන් පොරෙන් පබ්ලිෂ් කරහම බ්ලොග් රෝල් වලට යන්නේ නැ අනේ උදව් කරහං බං
මං හිතුව උඹටත් අවුල ඇති කියල.
Deleteටැක්නිකල් දන්න එකෙක් මූට උදව්වක් කරපල්ල.
දැන් උදව්වක් කරන්න කියන්නේ බ්ලොගේටද නැත නම් මූ හැමදාම කොට්ටේ අරගෙන එලියට යන එකටද ???
DeleteOYATH HARI LANU NE DENNE Ctrl + ?
ReplyDeleteඑහෙමත් ලණු දෙනවද. මම කිව්වෙ කන්ට්‍රෝල් එක ඔබාගෙන + ගැහුවොත් අකුරු ලොකු වෙනව. කන්ට්‍රෝල් එකත් එක්ක - ලැහුවොත් පොඩි වෙනව. ෆයර්ෆොක්ස්, ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා වලට හරියනව. ආයෙත් බලන්න
Deleteකන්ට්‍රෝල් එක ඔබාන මවුස් එකෙන් ස්ක්‍රොල් කරත් හරි. ක්‍රෝම් එකටත් හරියනෝ
Deleteමේ දැවෙන ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙන විදියටයි මම අඳින ප්ලෑන්වල කාමර සැලසුම් කරන්නෙ. ප්ලෑන දෙනකොට ඒ ගැන සුළු දේශනයකුත් දෙනවා.(රූම් පාවිච්චිවෙන විදිය ගැන) වෙන් කළ එක් රූම් එකක් තියෙන්නෙ ගෙදර උන්දැගෙ අම්මට හෙවත් දරුවගෙ ආච්චිට. ළමයි පුංචිකාලෙ කැමතියි ආච්චිලාගෙ වියපත් සුවදට. ඒ ඇසුරෙ ඉන්න පුලුවන් විදයට ළමයිව ආචචිගේ කාමරයට තල්ලුකරන්න ඕන. ඒකෙන් ආච්චිගේ හුදකලාවත් නැතිවෙනවා. ළමයටත් හොඳයි. ළමයින්ගෙ පුංචි දකාරකමකට වුනත් ඇතිවෙනකල් හිනාවෙන්න ආච්චිලාට ඉස්පාසුවක් තියෙනවා,දෙමව්පියන්ට නෑ.
ReplyDeleteමේ විදියට වැඩ සිද්ධවෙනවනම්, තමන්ගෙ ශෘංගාර ජීවිතයටත් හානි නොවී, වැඩිහිටි දෙමව්පියොත් බලාගෙන අපූරුවට ජීවත් වෙන්න පුලුවන්.
මෙහෙම වචාන නාස්තිකළාට කාලයක් ගිහින් ඒ ගෙවල් බැලුවොත් මොනවද මාස්ටර් රූම් එකේ දකින්න තියෙන්නෙ, ක්වීන් බෙඩ් එකක් හෝ ඩබල් බෙඩ් දෙකක් එකට පූට්ටුකරලා හදාගත්ත “මහජන වේදිකාවක්“ .....ඉතින් කොහේද රමණීය රමණයක්.
මේ හේතුව හින්දා මිනිහා ටික ටික “අනුමත“ වෙන්න පටන් ගන්නවා. ගෑණි ටික ටික පන්සලට නොහොත් ආගමික පැත්තට කිටටු කරනවා.
අකුරුවල කෑලි සෑහෙන්න හැලිලා. මදුරුවන්ට තල තලා කෙටුවෙ... :(
Deleteමදුරු වදේද. සැලෙන්න එපා. ගහන්න අයියා ඩීඩීටී. :)
Deleteඅන්න මුළු විස්තරයම දීල. ප්ලෑන් අඳින්න කෙනෙක් ආවම මේ තත්වෙ පැහැදිලි කිරීම හොඳයි.
Deleteඩීඩීටී ඩීසීඩී ඔක්කොම එකයි.
චැහ්! උබටත් අර දේශකයගේ වගේ ළමයි දෙන්නෙක් හිටියනං හරි බං
ReplyDeleteමම දුලාගේ අඩවියේ™ දුලා
හැ... පඩි දවසට විතරයි.....???,, ජොබ අතැරලා කුලීවැඩ කරන්න පටන්ගන්න ඕන ...
ReplyDeleteඒක හොඳයි. හැමදා සැප!
Deleteමාසෙ පඩිය කොටස් වශයෙන් ගෙවන්න කිව්ව නං හරි!
ReplyDeleteඊට නරකද කුලී වැඩ
Deleteමෙව්වා කියෝලා දැං ඉදංම ප්ලෑන් ගැහුවනං ඒ කාලේ වෙනකොට කරදරයක් නැතුව ඉන්න පුළුවං වෙයි..
ReplyDeleteහොඳා
Deleteමහ රෑ වෙනකල් ළමයින්ට ටීවී බලන්න දෙන්නෙ නැතුව වේලාසනම නිදි නොකරවීමේ පළ විපාක තමයි ඔය.
ReplyDeleteඒකත් එහෙමද?
Deleteමේව අපට හොඳ පාඩම්......අකුරක් නෑර කියෙවුවා..
ReplyDeleteහොද වෙලාවක් බලලා නිල අල්ලලා වැඩේට සෙට් උනානම් ඔය බාධාවල් පැන නගින්නෙ නෑ....... නේද ජෝති...
Deleteow... ow...
Deletejhothishalanka
ඔය ළ්මයි ලොකු වෙනකොට දවසගානෙ රොටි පුච්චන්න තියෙන ආසව අඩුයි. එතකොට හොඳම විදිය නිවාඩු දවස්වල, සති අන්තෙ පාන්දර හිතෙ හැටියට රොටිය පුච්චන් පරක්කු වෙනකල් නිදා ගන්න එක. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
ReplyDeleteමගෙ අම්මේ බං... පෝස්ට් එක හොඳයි... කොමෙන්ට් කිට හොදාදාදාදායි...
ReplyDeleteමේ ඉන්න විදියටම ඉන්නවා බං.. ආයේ මොකටද නැති කරදර හදා ගන්නේ.. :D
අයියෝ අයියෝ...
ReplyDeleteමේකෙ බැදපු උන් සෙට් එක දාලා තියෙන කමෙන්ට් ටික දැක්කම සසර කල කිරෙනවා... පව් අප්පා!!! ^_^
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මං මීට වඩා කමෙන්ට් වලින් දෙයක් බලාපොරොත්තු උනා :P
ReplyDeleteහෙක් ... හෙක්.. ඔව්වට ක්‍රම සහ විධි තියනවා. අපේ මහජනතාව නින්ද ගියාට පස්සෙ ආයි කන ගාව නලා ගැහැව්වත් ඇහැරෙන්නෙ නැහැ. හිමින් වෙනත් කාමරේට රිංගුව. එකම වැඩේ කෙල්ල උදේම ඇහැරෙනවා. ආ.. අද තාත්ත වෙන කාමරේක ද නිදා ගත්තේ???????????? ඔව පුතේ .. නැහැ පුතේ.... වචනත් ටැපලෙනවා.
ReplyDeleteකෙන්ජියට වගේ මටත් බොහොම කරදර හිරිහැර තිබුනේ නැන්දම්මගෙන්. මම හිතන්නේ උන්දැට දිවැස් තිබුනද කොහෙද..?
ReplyDeleteමේවා ඉස්සර වුනේ නෑ. හේතුව ගෙවල් වල ලයිට් නෑ. කාලා බීලා හත අට වෙනකොට හැමෝම නින්දට යනවා. දැන් තමයි දහය වෙනකං ටී.වී. බලලා, එක දෙක වෙනකං ඉන්ටර්නෙට් එකේ ඉන්නේ. ඉස්සර ළමයි මුවන්පැලැස්ස අහලා නිදා ගන්නවා. නැගිට්ටත් ලයිට් නැති නිසා මොනවත් පේන්නේ නෑ. මොනවා හරි ඇහුනොත් මිස.
ReplyDeleteමටත් මතක් වෙනවා පට්ට සීන් ඒකයි... මේක වුනේ අපේ අයියා කෙනෙක්ට.. මේකාට ළමයින් දෙන්නෙක් ඉන්නවා.. කෙල්ලෝම දෙන්නෙක්. මේ සීන් ඒක වෙනකොටත් මුන්ගේ ගේ බගේට හදලා.. ඉතින් ඒකට කාමරේ තමයි දොයිය ගන්නේ.. දවසක් මං ගියා මුන්ගේ ගෙදර.. අක්කායි අයියායි පේන්න හිටියේ නැ.. පොඩි එවුන්ගේ සද්දේ කාමරෙන් ඇහුන නිසා මං ගියා කාමරේට.. යනකොට ලොකු කේලී පොඩි කේලීගේ ඇඟ උඩ ඇදේ.. මං ටිකක් බලන් හිටියා.. ලොකු උඩ පැන පැන ඉන්නවා පොඩ්ගේ ඇග උඩ.. මං ඇහුවා මොකද ලොකු ඔය කරන්නේ කියලා.. මේකී ගත් කටටම කිවිවේනැතා ඇයි අපේ තාත්තාත් අම්මිට මෙහෙම කරනවානේ කියලා.. මට පොළව පලාගෙන යන්න හිතුවා..උන්ට මෙලේ දේයක් තේරෙන්නේත් නැතුව ආතල් ගන්නවා වගේ.. කොහොම හරි ලොකු කේලී දැකලා ආණ්ඩුව විපක්ෂේට ගහනවා.. මං අක්කාටත් කිව්වා විස්තරේ. නැත්තම් පොඩිවුන් දෙන්නා තව මොනවා කරයිද දන්නැනේ...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඕක පොඩි එවුන්ගෙන් විතරක් නෙමේ බන් ලොකු ලමයින්ගෙනුත් තියෙනවා.අපේ දුව ලමිස්සියෙක්.අපේ කාමරෙයි එයාගේ කාමරෙයි එක බිත්තියයි.දුව සමහර දාට වයිෆ්ගෙන් අහනවා අම්මේ මම අද EARPHONES දාගන්නද කියලා.අපි තුන්දෙනා යාලුවෝ වගේ.
ReplyDeleteරාජ්ගෙ පෝස්ට් එක හැමෝගෙම සිත් බැඳගෙන තියෙන හැටි!
ReplyDelete//බැලින්නං සෑම්ට පර්මිෂන් ලැබෙන්නෙ පඩි දවසට විතරයි.//
ReplyDeleteඉගෙනගෙන වැඩක් නෑ ...
කුලී වැඩක් කරනවා . එතකොට දවසගානේ පඩි. බුහහහහාආ හඃ හඃ හඃ
එල එල
පට්ට කතාව .
පව් බන් සෑම්කාරයා. ලබන සැරේ පඩි දවසටත් දුවලා නැගිටලා හිටියොත්...
ReplyDelete