Wednesday, August 3, 2011

මළකුණු රසදෙන ස්වර්ණවාහිණී.

මේ දිනවල දෙරණ රූපවාහිනී චැනල් එකේ එයාලගෙම නිවුස් ඇඩ්එක මතක ඇතිනේ. අර වාහන දෙකක් හැප්පිලා දෙන්නෙක් මැරිච්ච ප්‍රවෘත්තිය එක එක චැනල්වලට වෙනස්ම ප්‍රවෘත්තියක් එකක් වෙන.
ස්වර්ණවාහිණීයෙන් කරන්නෙ ඒ මරණ ගැන ප්‍රවෘත්තිය රස කරලා කියන එකයි. මේ තත්වය අඩුවැඩි වශයෙන් හැම චැනල් එකකම තිබුනත් ස්වර්ණවාහිණීයෙ ප්‍රවෘත්ති වලදී ඒක පෙන්නන විදිය ඉතාම ජුගුප්සිජනකයි. කුමනහෝ ආකාරයක මරණයක් විකුණාගෙන තමන්ගෙ ප්‍රවෘත්ති ජනප්‍රිය කරගන්න එක තමයි මෙයාලගේ අපේක්ෂාව.
යම්කිසි ඛේදවාචකයක් වාර්තා කරනකොට ඊට අදාල වීඩියෝ කොටස් ප්‍රවෘත්තියට එක්කරන එක ඒ ප්‍රවෘත්තියට වැඩි වටිනාකමක් ගෙන එනවානේ. වැරැද්ද තියෙන්නෙ ස්වර්ණවාහිණිය දාන්නෙ නැරඹීමට අපහසුම අවස්තාවෙ විඩියෝ කොටස්. උදාහරණයක් විදියට දියේ ගිලීමෙන් සිදුවෙච්ච මරණයක් ගනිමු. මළ සිරුර ගොඩට ගත් විගසම සිදුවන දේ තමයි මියගිය තැනැත්තාගේ ඥාතීන් හඩාවැලපෙන එක. අන්න ඒ අවස්තාව තමයි මෙයාල ප්‍රවෘත්ති වලට පෙන්වන්නෙ.වෙලාවකට එතනින් එහාටත් ගිය අවස්තාවක් මම ලගදි දැක්කා.මීට ටික කලකට පෙර මියගියා හෝ ඝාතනයට ලක්වුනා යැයි සැලකෙන හමුදා සෙබලෙකුගේ සිරුර හොයමින් සිටි අවස්ථාවක(එම සිරුර එදින සොයාගැනීමට නොහැකි විය) ස්වර්ණවාහිණිය කිවුවේ මේ ගැන හෙට ප්‍රවෘත්ති විකාශයෙන්ද තොරතුරු ගෙන එන බවයි(කොච්චර කැත අරමුණක්ද?).මේකට වක්‍රාකාරව ප්‍රවෘත්ති බලන අයත් වගකියන්න ඕන. මොකද (විශේෂයෙන් කාන්තා පාර්ශවය) මේවගේ නිවුස් එකක් යනකොට ඒකට යොමුවන අවධානය ඉතාමත් වැඩියි. මිණිස්සු තමන් කරමින් හිටි වැඩ නවත්තලා ටීවී එක ලගට ඇදිලා එන එක ස්වාභාවිකයි.
ප්‍රවෘත්තියක් ඉදිරිපත් කිරීමේදී ඒක මොන විදියටද දෙන්නෙ කියන කාරණය ගැන විවිධ අදහස්, තර්ක විතර්ක පැවතුනත් සෑම ආයතනයකටම පොදු රීති පද්ධතියක් තියනවානේ. නමුත් ස්වර්ණවාහිණියෙන් කරන්නෙ මේ තත්වය ඉක්මවා යෑමක්. මාධ්‍ය කුමක් වුවත් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ ආකාරය ගැන සැලකිලිමත් වෙන්න ඕන කියලයි මට නං හිතෙන්නෙ. ඒවගේම සමාජ-මනෝ විද්‍යාඥයන් කියන විදියට ප්‍රවෘත්ති දැනගැනීමම අපරාධ වලට හේතු වෙනවා. ඒ කියන්නෙ මිණීමැරුම්, ස්ත්‍රී දූෂණ, සොරකම්, පැහැරගෙන යෑම් සහ කප්පම් ගැනීම් වැනි නොයෙකුත් ආකාරයේ අපරාධ පිළිබද ප්‍රවෘත්ති බැලීමෙන්, කියවීමෙන් හෝ ඇසීමෙන් ඒවා බලන, කියවන හෝ අසන පුද්ගලයන්හට ඒවා සාමාන්‍ය දේවල් බවට පත්වෙනවා කියලයි එයාලා කියන්නෙ. ඒ තුල තවතවත් වැරදි කරන්නන් බිහිවෙන්න පුළුවන් කියලයි ඔවුන් කියන්නෙ. හරි හෝ වැරදි ඕනෑම දෙයක් සාමාන්‍යකරණයට ලක්වුනාම තවදුරටත් ඒ දේවල් ගැන මිණිස්සු තුල පවතින තිගැස්ම නැතිවෙනවා.
දැනට වඩා ලංකාවෙ අපරාධ අඩුවෙන් තිබුණු කාලෙ (අපි පොඩිකාලේ ගත්තොත්) අපරාධයක් ගැන ඇහුවම අපේ වැඩිහිටියන් තුල ඇතිවන තිගැස්ම මම දැකලා තියනවා. නමුත් අද ඒක එක කනකින් අහලා අනෙක් කනෙන් පිටකරලා දාන තරමට මිණිස්සු පත්වෙලා. යුද්ධය තිබුනු කාලෙ බෝම්බයක් පිපිරිලා කිවුවම මැරු‍ණෙ කීයද අහලා ඒක අමතක කරලා දැමීම නෙවේද අපි කලේ (ඒ තත්වය දැන් නැතිවීම වාසනාවක්). අනිත් කාරණේ දූෂණයකට ලක්වූ තරුණියක් පිළිබද ප්‍රවෘත්තිය වාර්තා කිරීමේදී "රූමත් තරුණිය දූෂණය කරයි" යනුවෙන් වාර්ති කිරීම තුල රූමත් තරුණියන් දූෂණය කලයුතුයි වගේ හැගිමක් අපරාධකරුවන්ට ඇතිවෙන බව සමාජ විද්‍යාඥයන් කියන්නෙ. අද වනවිට ලෝකයේ පවතින ජනමාධ්‍ය නිදහස නිසා ඕනෑම දෙයක් ඕනෑම ආකාරයට වාර්තාකිරීමේ අයිතිවාසිකම මාධ්‍යවේදීන් සතුයි. ඒත් මම ඉහත කියපු ආකාරයේ වාර්තා කිරීම් වලට ඔයාලා එකගද?
ප.ලි.
බලන්න මාධ්‍ය නිදහස ගැන වැඩිපුරම කතා කරන "රාවය" පත්තරේ අරගෙන ඒකෙ අපරාධ වාර්තා කරන ආකාරය මොනතරම් ශීලාචාරද කියලා.(හැබැයි රාවයේ පවතින දේශපාලනයත් එක්ක මේ කාරණේ පටලවාගන්න එපා).

18 comments:

  1. මේ අදහස් වලට මාත් එකඟයි .. ස්වර්ණවාහිනියේන් මියුසියස් සිය දිවි නසා ගැනීම විකුණුවට පස්සේ ලංකාවේ හතර වටේටම ඒ වගේ ඒවා කීයක් උනාද ? රාවය හොඳ සදාචාරයක් තියන පත්තරයක් වික්ටර් අයිවන් මහින්දට කඩේ යනව කියල පලු යන්න බැනපු ලිපිත් රාවයේ පලවෙලා තියනව මම දැකල තියනව . වෙන කිසිම මාධ්‍යක එහෙම දේවල් දකින්න ලැබෙන්නේ නැ

    ReplyDelete
  2. මාත් හිතනවා හොඳ සමබර ලිපියක්. මේක තමයි වෙන්න ඕනෙ අපි කා අතිනුත් වැරදි වෙනවා. හැබැයි ඒක පෙන්නලා දුන්නම ගහ මරා ගන්නව නම් අපි මිනිස්සුද?
    අනික මිනිස්සුන්ගේ දුක මාකට් කරන එක මාධ්‍ය සදාචාරයට කොතරම් ගැලපෙනවද කියලා හිතන්න කාලේ ඇවිත්. මිනිස්සු මේවා ස්වයං වාරනය කරන්න ඕනෙ.

    ReplyDelete
  3. ඔව් කියලා තියෙන එක ඇත්ත සහෝ , ඔය කියන නාලිකාවට මොකක් කරන්න ගියත් නා ගන්නවා දැක්කනේ රියැලිටිය කාපු හැටි, තවත් දෙයක් දැන් තියෙන මිනී මැරුම් වැඩි වීමට ඔය මාධ්‍ය ආයතනත් වක්‍රාකාරයෙන් දායකත්වය දෙනවා,බලන්න දිනපතා පුවත්පතක් අරගෙන තියෙන්නේ ඔය සඳහන් කරලා තියෙන තේමාවන් වන "රූමත් තරුණියක් දූෂණය කරයි","පුතා පියාව කොටා මරයි", පුවත් තියෙන්න ඕනේ ඒත් සමාබරව හරවත් යමකුත් තියෙන්න ඕනේ, ඕකට හේතුව මම හිතන්නේ ඔවුන් මාධ්‍ය භාවිතා කරන්නේ සන්නිවේදන කටයුත්තකට වැඩිය තමන්ගේ බඩ
    තර කරගන්න අරමුණෙන් විතරයි, ඒකනේ පුවතක් සාමාන්‍යකරණය කරලා හානිකර තත්වයෙන් මුදවලා දෙනවා වෙනුවට වැඩි වැඩියෙන් ආකර්ශනය කර ගන්න එක ,එකම අරමුණ කරගෙන උළුප්පලා පෙන්නන්න යන්නේ.. කොටින්ම කිව්වොත් මාධ්‍ය කියන්නේ අද කාලේ මාකටින් විතරයි, ඒත් හොඳ දේවල් කරන සුළුතරයකුත් ඉන්නවා කියන එකත් නොකියා බෑ..

    ReplyDelete
  4. කතාවට සියයට සියයක්ම එකගයි,ඇයි මතක නැද්ද අර ගාල්ලෙ දේවාලේ කපුවෙක්වත්වත් ඔය නාලිකාවෙන් පුම්බලා ගත්තේ , අනේ මන්දා නලින් , ජැක්සන් , රොස්මන්ඩ් වගේ ප්‍රවීණ අය ඉන්න කාලේ කොහොමට තිබ්බ නාලිකාවක්ද ඔය

    ReplyDelete
  5. ඊයා කක්ක ගැන පෝස්ට් එකක්.. ගන්දස්කාරේ බෑ.. අපරාදේ රාජ්ගේ නවාතැන.. අර ඇඩ් එකනම් මරු....

    ReplyDelete
  6. @buwa
    ඒක ඇත්ත.අයිවන්ට බැනලා දාන ලිපි රාවයේ ඕනතරම් යනවා.බලන්න රාවයේ එස්.එම්.එස්. අදහස් තීරුවේ අයිවන් විවේචනය කරන තරම් කොච්චරද කියලා.

    @වෙද ගෙදර මහ වෙදනා
    ස්තුතියි මේපැත්තෙ ආවට.මේවගේ අයගෙන් ස්වයංවාරණයක් කවදාවත් සිද්ධවෙයිද? ආන්ඩුවෙන් වාරණයක් දැම්මොත් ඒකට කෑගහන පිරිසක් නම් ඇතිවේවි.

    @චතුර
    ඕවා ඔක්කොම කතා කරන්න ගියොත් බ්ලොග් අවකාශෙම ඉඩ මදිවේවි.ඒකයි එක කාරණයක් ගැන විතරක් සදහන් කලේ.

    @ChammA
    ඒක තවත් නාඩගමක්.කපුවා කොහේද මේගොල්ලො එතන.

    ReplyDelete
  7. @මාතලන්
    ඒ වුනත් සහෝ ඒවා පුලුවන් පුලුවන් වෙලාවල සුද්ධකරන්න තමයි අපි ට්‍රයි කරන්න ඕන. එහෙම නැතිවුනොත් ඔය ගද දිගටම තියේවි.ඒකට කැමතිද?..:D

    ReplyDelete
  8. අපරාදේ කියන්නෙ එච් ඩී, රොස්මන්ඩ් සහ බලු කුක්ක කොරන කාලේ හොඳට තිබුනා.. කරන්න තියෙන්නෙ එක දෙයයි.. බුද්ධික එළවන එක විතරයි.. නමුත් ඒක දැන්ම වෙන්නේ නෑ.. හේතුව.. පුද්ගලිකයි රහසිගතයි...

    ReplyDelete
  9. ඒකත් එහෙමද? ආ..උඹේ සින්ඩියෙ මගේ බ්ලොගේ තියනවා. පබ්ලිසිටියක් ඕනනම් මට කියපන් අර "මාතලන්" රූපෙ මගේ එකට දාගන්න විදිය?

    ReplyDelete
  10. සාමාන්‍යයෙන් මම ඔය කියන වාහිනිය නොබලමි. බැලූ විට ඔක්කාරයට එයි. ඇහැට කනට වැටී ඇති ටික අනුව මගේ නිරීක්ෂණය, සෝමාගේ නාලිකා වල ඉලක්ක ප්‍රේක්ෂක කොටස උගත්කමින් අඩු ප්‍රධාන වශයෙන් ග්‍රාමීය කාන්තාවන් බවයි. එය පහත් ගනයේ වුවත් සාර්ථක ක්‍රමයකි.

    ඔය ගෑනිගේ රුචිකත්වයේ හැටියට උන්දැ ගෙදරදීත් කන්නේ පිළුණු බත් විය යුතුය.

    ReplyDelete
  11. @Asanga
    ඒක ඇත්ත.මේ ජාතියේ ප්‍රවෘත්ති වලට කාන්තා ආකර්ෂණය වැඩියි.

    ReplyDelete
  12. ඊයේ පෙන්නුවා බබරුද මොක්කුද ඇනපු නිසා මැරුණු පොඩි එකෙක් ගැන කතාවක්. මම බලන් හිටියා ඒවගේ කෘමි ප්‍රහාරයකින් බේරෙන විදියවත් කියල දෙයි කියලා. මොන, අඩන හැටි පෙන්නුවා, දුකයි කියලා කිව්වා..ඊට පස්සේ වෙළඳ දැන්වීම්...දැනට ලංකාවේ තියන එපාමකරපු නිවුස් තමා ඔය කියන වාහිනියේ යන්නේ

    ReplyDelete
  13. ස්වර්ණවාහිනී නිවුස් ගැන නම් කවර කථා ද....

    ReplyDelete
  14. @deeps
    ඔව් අනිත් ඒවත් හොදම නැතත් මේවගේ නෑ.

    @සෝරෝ
    අනේද කියන්නෙ!

    ReplyDelete
  15. ඔයා කියන එක සහතික ඇත්ත. මළගෙයක් කියන්නෙ රත්තරන් වාහිනියට මගුල් වගේ තමයි. බස් අජිත්ගෙ සිංදු රස කර කර අහන මේ රටේ ඕව අහන බාල රසවින්දනයක් තියන මිනිස්සු ඉන්න එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ බං.

    ReplyDelete
  16. ස්වර්ණවාහිනිය විතරක් නෙවේ ලංකාවේ රූපවාහිනි මාධ්‍ය කොයිකත් එකයි දැන්නම් .......

    වැඩි හරියක් වෙළඳ දැන්වීම් වලට තමා කාලය යවන්නෙ .....

    ඒ වගේම මොන ප්‍රවෘතිය උනත් විකුණගෙන කන්න පස්සට යන්නෙ නැහැ ........

    ReplyDelete
  17. කක්ක වාහිබිය ගැන කතා කරන්ස එකත් අපරාධයක්

    ReplyDelete
  18. හ්ම්. දැං එහෙමත් හිතෙනව!

    ReplyDelete