Monday, November 21, 2011

මට හිතෙන හැටි.

පරිගණකය ඉදිරියේ හිදගත්තේ සතියකට පසුව බැවින් බ්ලොග් ලිවීමට හෝ කියවීමට නොහැකිවිය.(විශේශයෙන්ම දේශපාලන ලිපි). වෙන වෙනම ලිවියයුතු කාරණා කිහිපයක් ගැන එකම සටහනක පළ කිරීමට සිදුවන්නේ කාල වේලාවක් නොමැතිකමින්ය.

සරත් ෆොන්සේකා

නඩු තීන්දුවේ ඇති සාධාරණ අසාධාරණකම් ගැන කතා කිරීමට මෙය වේලාව නොවේ. සියල්ල සිදුවී අවසන්ය. ඉතිරිව ඇත්තේ අභියාචනා තීන්දුව ගැන බලාසිටීම පමණි. කෙසේ වුවද මෙම තීන්දුව හරහා ජාත්‍යන්තරයට යන පණිවුඩය වන්නේ "සුදු කොඩි රැගෙන පැමිණී එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට වෙඩිතැබීමට ගෝටාභය රාජපක්ෂ මහාතා ෂවේන්ද්‍ර සිල්වා මහතාට නියෝග කල බව එවකට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි" යන්න නොවේද? දැන් ලංකාවේ අධිකරනයකින්ම "ඔප්පුවී ඇති" ඇති එම චෝදනාවට උත්තර සොයාගැනීම රජයට සිදුවේ. "කුම්බලා මාළු කෑවාපන් විදවපන් බළලෝ".

ඉන්පසුව සදහන් කල යුත්තේ ලාංකීය සමාජයේ ඇති නොදැනුවත් භාවය සහ තමා යටත්වන නීති පද්ධතිය තුල ඇති අයිතිවාසිකම් පිළිබදව නොදැනීම යන කාරණය ගැන කතා කිරීමයි. මේ සදහාද ප්‍රස්තුතය වූයේ සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් යම් යම් අය විසින් විවිධ අවස්ථා වලදී දක්වන ලද අදහස්ය.(මෙවැනි අදහස් බ්ලොග් අවකාශයේද දුටුවෙමි).

"සරත් ෆොන්සේක චන්දෙ ඉල්ලුවෙ නැත්නම් පැන්ෂන් එකත් අරගෙන ලස්සනට ජීවත්වෙන්න තිබුන. දේශපාලනයට ආවෙ නැත්නම් ඔය ටික වෙන්නෙ නෑනෙ"

"සරත් ෆොන්සේකට මේ වෙච්ච දේට වගකියන්න ඕන ජෙප්පො.උං තමයි එයාව දේශපාලනයට ඇදල ගත්තෙ"

"ෆොන්සේකට තිබුනෙ එකපාරටම ජනාධිපතිතුමාට විරුද්ධව එන්නෙ නැතුව 2016 විතර චන්දෙ ඉල්ලන්න. එහෙම නැත්තං සංදානෙං ආවනං හොදම ඇමතිකමකුත් ගන්න තිබුනා"

‍ඉහත දක්වන ලද අදහස් වලින් ගම්‍ය වන්නේ කුමක්ද? මිණිසුන් තමාගේ අයිතිවාසිකම් තේරුම්ගෙන නොමැති බව හා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම නොවේද?

ෆොන්සේකාට ඡන්දයට ඉදිරිපත් වීමට අවශ්‍ය නම් 2016 වනතුරු බලා සිටිය යුත්තේ ඇයි?

රැකියාවෙන් විශාමගිය පසු තම ප්‍රධානියාට විරුද්ධවීම(දේශපාලනිකව) දඩුවම් ලැබියයුතු වරදක්ද?

මෙසේ සිතන ඡන්ද දායකයන් සිටින තාක් ලංකාවේ දේශපාලකයන්ගේ වර්තමාන තත්වය වෙනස් නොවනු ඇත.

වැදගත්- ෆොන්සේකා වැරදි නොකලා යයිද වැරදි කලානම් ඒවාට දඩුවම් නොදිය යුතු යයිද මා නොකියමි. ඔහු සිරගතවූයේ දේශපාලනය නිසා පමණක් බව දැඩිසේ විශ්වාස කරමි.

සරත් එන් සිල්වා.

ගොනා හැරෙන ඊලග පොල් පැලය සරත් එන් සිල්වා විය හැකිය. ඔහු අගවිනිසුරු ධූරය දැරූ කාලයේ දුන්නා යැයි කියන නඩු තීන්දුද නැවත සමාලෝචනය කරන බව වටින් ගොඩින් ඇසේ. මේ ගැන වඩාත් සතුටු වන්නේ(සහ ඊට වඩාත් වැඩි අයිතියක් ඇත්තේ) රාවය කතෘ වික්ටර් අයිවන් වියහැකිය. සරත් එන් සිල්වා මහතාගේ ධූර කාලයේදීම ඔහුට විරුද්ධව හඩනැගූ එකම පුද්ගලයා අයිවන් මහතාය.

එදා එන්සත් ජාතික පක්ෂය විසින් සරත් එන් සිල්වා මහතාට දෝෂාභියෝගයක් ඉදිරිපත් කලද ආණ්ඩුව විසින් එය පරාජය කරනු ලැබීමත් දැන් ඔහු එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන විට ආණ්ඩුව ඔහුව දංගෙඩියට යැවීමට සැරසීමත් දෛවයේ සරදමක් නොවේද? අපේ පැරැන්නන් "කලකදි වහලු කලකදි රස වෙනවාලූ" කියා කීවේ මෙයටය.

වැදගත්- සරත් එන් සිල්වා ලබාදුන් ඕනෑම නඩු තීන්දුවක් පරීක්ෂා කිරීම හෝ ඔහුගේ අතීතය හාරා ඇවිස්සීම නීතියට එකගය. එමෙන්ම අනෙකුත් සියල්ලන්ම සම්බන්ධයෙන්ද නීතිය එසේ වියයුතුය.

සනත් ජයසූරිය සහ ශ්‍රී ලංකා ක්‍රිකට්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයෙන් පසුව සියලු තරගාවලි පරාජයට පත්විය. විශේෂයෙන්ම එක්දින අනුශූරයන් මෙසේ එක්දින තරගවලින් පරාජය වීම විමතියට කරුණක් වන අතර ලෝක කුසලාන අවසන් තරගයට ක්‍රීඩා කල කණ්ඩායමෙන් අඩුවී ඇත්තේ මුරලිදරන් පමණි. ක්‍රීඩාවට රිංගාගත් දේශපාලනය මෙන්ම දිල්ෂාන්ගේ නායකත්වයද ඉවත් නොකලහොත් තත්වය මීටත් වඩා භයානක වීමට ඉඩ ඇත.

අනෙක් කරුණ මේ දිනවල මැදපෙරදිග සංචාරය සදහා සනත් ජයසූරිය විස්තර විචාරකයෙකු වශයෙන් සහභාගී වීම සම්බන්ධයෙනි. ඔබ ඔහුගේ විචාරයට සවන් දුන්නාද? ශ්‍රි ලාංකික විචාරකයන් අතරින් වඩාත්ම චෝදනා එල්ල වූ (දුර්වල දැණුම හා භාෂා හැසිරවීම සම්බන්ධයෙන්) රංජිත් ප්‍රනාන්දු මහතා ජයසූරියට වඩා කෙතරම් ඉදිරියෙන් සිටිනවාද! "බැරි වැඩ නොකරන් අබරෝ".

කතා කලයුතු අනෙක් කාරණාව වන්නේ සනත් ජයසූරියට මෙසේ අවශ්‍ය පරිදි පෞද්ගලික රූපවාහිණී නාලිකා සමග ගණුදෙණු කලහැකිද යන්නයි. මක්නිසාද යත් ඔහු ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන බැවිනි. එහෙත් ඔහුගේ වාසනාවට ඔහු සිටින්නේ ආණ්ඩු පක්ෂයේය.(එසේ නොවූයේ නම් ඔහු තවත් නුවන් හෙට්ටිආරච්චි කෙනෙකු වීමට ඉඩ තිබුනි). ඒ නිසා තව කාලයකට භයවීමේ අවශ්‍යතාවයක් නැත.

31 comments:

  1. This is Sri lanka.
    http://youtu.be/tWz367iJeq0

    ReplyDelete
  2. සියල්ලටම එකඟයි. ජෙනරාල්ට චන්දෙ ඉල්ලන්න අයිතියක් තියෙනවා. නමුත් එයා දේශපාලනයට සුදුසු නෑ කියන එක මගේ මතය. සරත් සිල්වම මේ ළඟදි දේශනා කළා කළ කළ දේ පලදෙනවා කියලා ඒ කිව්වේ පාලකයින්ට. නමුත් ඒක එයාටත් අදාලයි. සනත් නම් පවු. ලියන ඉන්ගිරිසියෙන් කතා කරනවා. පවු. පිටරට චැනල් වලටත් පිස්සූ. නැත්නම් ටෝනිගේ ලඟින් ඉන්දවයිය. උනුත් වීරවංශලට බයයි වගේ.

    ReplyDelete
  3. වර්ථමාන ලාංකීය දේශපාලනයනම් මඩ ගොහුරුවක්...ඔය සරත් එන් සිල්වා හෝ සරත්ෆොන් සෙකලා ගේ ප්‍රශ්න කෙසෙ වෙතත් ක්‍රිඩාවට දෙශපාලනය අත පෙවිමනම් ඛෙදවාචකයකී...ක්‍රිඩාව බිඳවිම යනු ලොකය හමුවේ රටක් ජාතියක් පාවාදිමකි...

    ReplyDelete
  4. Anonymous
    කරුමෙ කියන්නෙ වීඩියෝව ලෝඩ්වෙන්න ගතවෙන කාලෙ උපරිමයි.

    මාතලන්
    //නමුත් එයා දේශපාලනයට සුදුසු නෑ කියන එක මගේ මතය// ඇත්තක් තියනවා.

    ReplyDelete
  5. Raj
    පාවාදෙන්නන්ගෙන් පිරුණ රටක්නෙ මේක.

    ReplyDelete
  6. ක්‍රිකටුයි දෙශපාලනෙයි කවදාවත් එකට පෑහෙන්නෙ නැති බව අපේ රටෙන් ඔප්පු වෙලා තියෙනවනෙ...

    ReplyDelete
  7. ලිපිය කියෙව්වෙමි..නමුත් කමෙන්ට් කිරීමට දෙයක් නැත..

    ReplyDelete
  8. Miyuru
    දැං තමයි ඒක හොදටම ඔප්පු වෙච්ච අවස්තාව.

    ReplyDelete
  9. Weni
    ඒ කියන්නෙ මේ කාරණා වලට එකගයි කියන එකද?නැත්තං කමෙන්ට් කරන්න තරං දෙයක් නැද්ද?

    ReplyDelete
  10. මට නම් එකඟ නොවී බෑ

    ReplyDelete
  11. Observer
    මාර වැඩේ කියන්නෙ මම ඔබාගෙ බ්ලොගේ බලබල හිටියෙ. මෙන්න ඔබා මගේ තැනට ඇවිල්ල!

    ReplyDelete
  12. මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.

    ReplyDelete
  13. මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.

    ReplyDelete
  14. Podi Kumarihami
    ඒ කියන්නෙ පොඩ්ඩි ප්‍රවීනා පලිපානද?
    මම නං මූණු පොත ගැන උනන්දුවක් නෑ.ඔන්න කවුරුහරි මොකක් හරි ෆොටෝ එකක් දානව.කස්ටිය ඒකට පන දාගෙන කමෙන්ට්ස් දානවා.ඒකද මූනු පොත කියන්නෙ?:D

    ReplyDelete
  15. අනේ මටත් මූනු පොත අල්ලන්නේ නෑ මෙයා. මම ප්‍රවීනා පලිපාන තමා. ලස්සන නම නේද?,,,:D

    ReplyDelete
  16. දෙශපාලනය ගැන කතා නොකරත්..සනා ගැන කියනවනම් " සනා නම් ඇදගෙනම නානවා "..වර්ල්ඩ් කප් එකේ ආරම්භක උත්ස්වයේදී රසල් ආනල්ඩ් ට එක එක ඒවා කිව්වට මොකෝ ආනල්ඩ් ( ඉස්සර කෙසේ වෙතත් දැන් නම් ) ටිකක් හරි හොදට කරනවා...
    කවදාහරි සංගා ක්‍රිකට් කමෙන්ට්‍රි වලට ආපු දවසකට තමා ඕක හරින්නේ..

    ReplyDelete
  17. මමත් මේ හැම දේටම ඔබ හා එකගයි...

    ReplyDelete
  18. @chammaa-සංගා ආපු දාට වචන පැටලෙන සුද්දන්ටත් දුවන්න දෙයි ...

    @රාජ් - සනා නම් පව් , එන් සිල්වා නම් අමුතු ජාතියක ඩයල් එකක් , ෆොන්සේක අංකල් ගැන නම් දුකයි , මම ප්‍රභ්ල යුධවාදියෙක් නොවෙන නිසා ඒ අතින් ඔහු ගැන විශේෂයක් නැති වුනත් මනුස්සයෙකුගේ , අයිතිවාසිකම් උදුරා ගැනීම ගැන කණගාටුයි. ෆොන්සේකා දේශපාලනයේ දි අසාර්ථකයි , එහෙම කෙනෙකුට් පාඩුවෙ ඉන්න අරින්නෙ නැතුව කුඩු කරපු එකෙන් තව ටිකක් වීරයෙක් වුනා දේශපාලනිකව

    ReplyDelete
  19. Podi Kumarihami
    :D

    ChammA, Dinesh, මධුරංග
    බොහොම ස්තුතියි ප්‍රතිචාරවලට.

    බුවා
    ඒක මාත් විශ්වාස කරන දෙයක්.මහ මැතිවරණයෙන් පස්සෙ ෆොන්සේකට පාඩුවෙ ඉන්න ඉඩ දුන්න නම් ඔහුගේ ආකර්ශණය මීට වඩා ගොඩක් අඩුවෙන්න ඉඩ තිබුන.

    ReplyDelete
  20. පෝස්ට් එක කියෙව්වා . .

    මොකුත්ම නොකිව්වට අවුලක් නෑ නේද?

    හේතු පස්සේ කියන්නම්කෝ . ..

    ReplyDelete
  21. අර එක බ්ලොග් එකක තිබ්බා වගේ අපි ඉතිං දායක සබාවේ කට්ටියනේ ..නඩුයි බඩුයි දෙකම හාමුදුරුවංගේ !!!!

    ReplyDelete
  22. දුකා
    ප්‍රශ්නයක් නෑ.

    ඔබ නොදු‍ටු ලොවක්.
    ඉතිං අපි මක්කොරම්ද!

    ReplyDelete
  23. පට්ටම පෝස්ට් එක.. ‍මගේ ෆේස්බුක් පොස්ට් එකකට අපේ එකෙක් කීවා.. "සරත් ෆොන්සේක චන්දෙ ඉල්ලුවෙ නැත්නම්, දේශපාලනයට ආවෙ නැත්නම් ඔය ටික වෙන්නෙ නෑනෙ" මට දුක ඒ කමෙන්ට් එක දාපු එකාට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති එක නොතේරැන එක..
    නොකියා කියන්නේ චන්දෙ ඉල්ලුවොත් හිරේ දානවා..

    http://samindikasrimantha.blogspot.com/2011/11/blog-post_21.html

    ReplyDelete
  24. sAm (සෑම්)
    //මට දුක ඒ කමෙන්ට් එක දාපු එකාට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති එක නොතේරැන එක//
    හරියට හරි ඔය තියෙන්නෙ උදාහරණ. ඕක තමයි මේ රටට වෙලා තියන ලොකුම හෙණේ. ස්තුතියි මේ පැත්තෙ ආවට.

    ReplyDelete
  25. //ශ්‍රි ලාංකික විචාරකයන් අතරින් වඩාත්ම චෝදනා එල්ල වූ (දුර්වල දැණුම හා භාෂා හැසිරවීම සම්බන්ධයෙන්) රංජිත් ප්‍රනාන්දු මහතා ජයසූරියට වඩා කෙතරම් ඉදිරියෙන් සිටිනවාද! "බැරි වැඩ නොකරන් අබරෝ".//
    මේ සබැදිය බලන්න.. පස් කමිං අවුට්.. සනාට ජය.. ලොල්..

    http://www.youtube.com/watch?v=NUlkaxG1_7I&feature=share

    ReplyDelete
  26. //දැන් ලංකාවේ අධිකරනයකින්ම "ඔප්පුවී ඇති" ඇති එම චෝදනාවට උත්තර සොයාගැනීම රජයට සිදුවේ. "කුම්බලා මාළු කෑවාපන් විදවපන් බළලෝ".//

    ඕකට උත්තරයක්‌ තියනව. උත්තරේ ගන්නෙ පල්ලෙහ කෑල්ලෙන්

    //ජාත්‍යන්තරයට යන පණිවුඩය වන්නේ "සුදු කොඩි රැගෙන පැමිණී එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට වෙඩිතැබීමට ගෝටාභය රාජපක්ෂ මහාතා ෂවේන්ද්‍ර සිල්වා මහතාට නියෝග කල බව එවකට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි" //
    ඔය උඩ කියපු කෑල්ලෙ තියන "ෆොන්සේකා මහතා පවසයි" උනාට ඕක ඇත්තද බොරුද කියල නඩුවේ කියල නෑ. ඊලගට ඔය කතාව බොරුවක්ය, බොරු කියල රටට ද්‍රෝහී උනා, පාවා දුන්න කියල ආපහු අව්රුදු 3ක් -4ක් හිරේ.
    තවත් දෙයක් තියනව, දුමින්ද සිල්වට මිනිස්සු 1000ක් මැරුවත් ගෝට ඉන්නකං ලෙඩක් වැටෙන්නෙ නෑ.
    ඒත් ඉතින් ඔය ඔක්කොම අවුරුදු 30ක් ගිය යුද්දේ නතර කරපු එකෙන් වැහිල යනවද,, නැද්ද,, කියන එක තමන් තීරණය කරන්න ඕනි.

    ReplyDelete
  27. දූපත් වැසියා
    "ෆොන්සේකා මහතා පවසයි" යනුවෙන් පැවසීම වුවත් ජාත්‍යන්තරයට ප්‍රමාණවත්ය.(මක් නිසාද යත් ඔවුන් බලාසිටින්නේ කුමක් හෝ කොනක් අල්ලාගැනීමට බැවිනි. අනෙක් අතට ඔවුන්ගෙන් ස්වායත්ත පැවැත්මක් අපට නැත. කළුගලේ ඔළුව ගසාගැනීමේ ප්‍රථිපල ගැන අමුතුවෙන් සදහන් කිරීම අනවශ්‍යය)
    //ඒත් ඉතින් ඔය ඔක්කොම අවුරුදු 30ක් ගිය යුද්දේ නතර කරපු එකෙන් වැහිල යනවද,, නැද්ද,, කියන එක තමන් තීරණය කරන්න ඕනි//
    අවුරුදු 30ක යුද්ධෙ නවත්තනව කියන්නෙ අවුරුදු 29ක් මිණිස්සු මරන්න දෙන ලයිසන් එකක් කියලද හිතං ඉන්නෙ:D

    ReplyDelete
  28. අවුරුදු 30ක යුද්ධෙ නවත්තනව කියන්නෙ අවුරුදු 29ක් මිණිස්සු මරන්න දෙන ලයිසන් එකක් කියලද හිතං ඉන්නෙ:D

    ඔව් රාජ් ලංකාවේ බොහොමයක් අය එහෙම තමයි හිතාන එන්නේ , ගමේ මිනිහ පැත්තකට දාමු , අන්තර්ජාල භාවිත කරන්නන් තුල පවා එහෙම හිතන සැලකිය යුතු පිරිසක් ඉන්නව , ඔන්න ඔහේ දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉම්මු , බැරි නම් කොහේ හරි තොලොංචි වෙමු , ලියන්න හැකියාව/නිදහස තියන තාක් කල් ලියමු

    ReplyDelete
  29. බුවාගේ සිතුවිලි !
    ස්තුතියි අදහස් දැක්වීමට. ඊටත් වඩා සතුටුයි පුළුල්ව හිතන පතන අදහස් ප්‍රකාශ කරන්නන් ඉන්නඑක ගැන. //අන්තර්ජාල භාවිත කරන්නන් තුල පවා එහෙම හිතන සැලකිය යුතු පිරිසක් ඉන්නව// කණගාටුයි. ඒත් ඉතිං මොනව කරන්නද? ලියනවා ලියනවා....අවසානය දක්වා ලියමු.

    ReplyDelete