Friday, January 6, 2012

ජනප්‍රියම බ්ලොග්කරුවා කවුද?

ජනප්‍රියම බ්ලොග්කරුවා කවුරුන්ද යන්න "ඇනෝනිමස් ආතල්" අඩවියේ අදහස් දක්වන්නන් විටින්විට කතාබහ කෙරෙන මාතෘකාවකි. බොහෝවිට මාතෘකාව සම්බන්ධ වන්නේ මඩ ගැසීමක්ද සමගිණි.(මේ අතුරින් වැඩිපුරම ප්‍රහාරයට ලක්වන්නා මාරයාය). මේ උත්සාහය මඩගැසීම හෝ ජනප්‍රියත්වය තීන්දුකිරීම නොව ඊට ගෙනහැර දක්වන ලද නිර්ණායකයන් සාකච්ඡා කිරීමය.

ඇනෝනිමස් අඩවියේ පළවූ "බ්ලොග් අවකාශ මඩේ පිපුණු අරවින්දය - ආනන්දවර්ධන" යන ලිපියට ප්‍රතිචාර දක්වන ඇනෝනිමස්කෙනෙකු ජනප්‍රිය බ්ලොග් කරුවා තීරණය කරන්නේ මෙලෙසිනි,

Anonymous said...
සඳරුගේ ජනප්‍රියතාවය
පෝස්ට් ගණන(අද උදේට ) : 108
හිට්ස් ගණන(අද උදේට ) : 487,232
පෝස්ට් එකකට හිට්ස් : 4,511
කතන්දරගේ ජනප්‍රියතාවය
පෝස්ට් ගණන (අද උදේට ) : 543
හිට්ස් ගණන: (අද උදේට ) : 661,264
පෝස්ට් එකකට හිට්ස් : 1,217
මාරයාගේ ජනප්‍රියතාවය
පෝස්ට් ගණන (අද උදේට ) : 531
හිට්ස් ගණන: (අද උදේට ) : 241,752
පෝස්ට් එකකට හිට්ස් : 455
ඇනෝනිමසයාගේ ජනප්‍රියතාවය
පෝස්ට් ගණන (අද උදේට ) : 45
හිට්ස් ගණන: (අද උදේට ) : 45,956
පෝස්ට් එකකට හිට්ස් : 1,021

නිගමනය: පෝස්ට් එකකට ලැබෙන හිට්ස් අතින් මාරයා සිටින්නේ ජනප්‍රිය බ්ලොග්කරුවන්ට බොහෝ පිටුපසිනි. ඇනෝනිමසයා පවා ඔහුට වඩා දෙගුණයක් හිට්ස් පෝස්ට් එකකට ලබා ගනී. සඳරු මාරයා මෙන් දහගුණයක් හිට්ස් එක පෝස්ට් එකකට ලබා ගනී. මේ නිසා මාරයා ජනප්‍රිය බ්ලොග්කරුවෙක් නොවේ. කරුණාකර ඔහු "ජනප්‍රිය බ්ලොග්කරුවන්" ගොඩට දැමීමෙන් වළකින්න.

2 January 2012 19:30

මෙහිදී ප්‍රතිචාරකගේ ජනප්‍රියභාවයේ සූත්‍රය,
[ජනප්‍රියභාවය = (සම්පූර්ණ පිවිසුම් ගණන/මුළු ලිපි ගණන)]වේ.

මාරයා (චතුශ කුමාර) සිංහල බ්ලොග් අවකාශයේ සුනිල් මාධව ප්‍රේමතිලකද? යන ලිපියට ඇනෝනිමසයෙකු දක්වන ලද අදහසක් අනුව "ඇනෝනිමසයා" හා "මාරයා" සංසංදනය කරන්නේ මෙලෙසිනි.

Anonymous said...
@ඕනයෝ,
ඔක්කෝටම කලියෙන් උඹැහැට අංක ගණිතය කියල දෙන්න වෙලා නෙවැ.
මාරයාගේ සම්පූර්ණ හිට්ස් ගණන (ජූලි මාසේ 18 වැනිදා ප.ව. 2.30ට ) = 145,418
මාරයාගේ පෝස්ට් ගණන = 410
එම නිසා මාරයාගේ එක පෝස්ට් එකකට හිට්ස් සාමාන්‍යය = 355
දැන් බලමු මේ හරි හමන් සින්ඩියකවත් නැති ඇනෝනිමසා ගැන
ඇනෝනිමසාගේ සම්පූර්ණ හිට්ස් ගණන (ජූලි මාසේ 18 වැනිදා ප.ව. 2.30ට ) = 26,721
ඇනෝනිමසාගේ පෝස්ට් ගණන = 26
එම නිසා ඇනෝනිමසාගේ එක පෝස්ට් එකකට හිට්ස් සාමාන්‍යය = 1,028

මෙහිදීද ජනප්‍රියත්වයේ සූත්‍රය මා ඉහත සදහන් කල සුත්‍රයමය. අංක ගණිතය උගැන්වීමට යන ඇනෝනිමස්ට වීජ ගණිතය වැරදී ඇත.

ජනප්‍රියතාවය මැණීමේ ඒකකය වශයෙන්, ගෙනඇති සූත්‍රය බොහෝ දෝශ සහිතය. එය මෙවර උසස්පෙළ ප්‍රථිථලවල ඉසෙඩ් අගය ගණනය කලා වැනිය

එබැවින් ජනප්‍රියතාවය ගණනය කිරීමට අවශ්‍ය නම් යම් නිශ්චිත කාලයකදී ලබාගත් හිට්ස් සහ එම කාලයේ පෝස්ට් සැසදීමෙන් කලයුතුය.

උදාහරණයක් ලෙස සදරු සහ මාරයා සංසංදනය කිරීමට අවශ්‍ය නම්

2011-01-01 දින සිට 2012-01-01 දක්වා කාලය තුලදී (මෙම කාලයම අවශ්‍ය නැත) ඔවුන්ගේ "හිට්ස්/පෝස්‍ට්" මගින් තීරණය කල යුතුය. එය මුල් කී ක්‍රමයට වඩා සාර්ථකය. මක්නිසාද යත් මාරයා බ්ලොග් ලිවීම 2009 නොවැම්බරයේ ආරම්භ කරන විට සදරුගේ ආරම්භය 2010 ඔක්තෝබරයේ නිසාය. මෙහිදී සිදුවන්නේ වසරක් පාසා ඉහල යන බ්ලොග් කියවන්නන්ගේ සංඛ්‍යාවෙන් ඇතිවන බලපෑම විස්තර කිරීමට මුලින් දැක්වූ සූත්‍රය අසමත් වීමයි.

එහෙත් මෙම ක්‍රමයද 100% සාර්ථක ක්‍රමවේදයක් නොවේ. මක්නිසාද යත් මෙවැනි ක්‍රමවේදයක සාර්ථකතාවයට බලපෑම් කරන තවත් සාධක ඇති බැවිනි. සතියකට වරක් ලිපියක් එකතුකරන අඩවියක් හා දිනපතා ලිපියක් එකතුකරන අඩවියක ජනප්‍රියත්වය මැන බැලුවහොත් (හරය විශාල වීම මත) දිනපතා ලිපි එකතුකරන අඩවියේ ජනප්‍රියත්වය අඩු බව තහවුරුකරගත හැකිය.

ජනප්‍රියත්වය මැණිමේ තවත් සාර්ථක මිණුමක් නම් එක් එක් බ්ලොග් අඩවිවල ඇති බ්ලොග් රෝල් තුලින් යම් නිශ්චිත බ්ලොග් අඩවියක් ලබාගත් පිවිසුම් ගනන මැණීමයි.

උදාහරණයක් ලෙස මාගේ බ්ලොග් අඩවියට පැමිණෙන්නන් පසුගිය මාසයේදී පැමිණියේ කුමන අඩවි හරහාදැයි දක්වමි.

http://blogs.sinhalabloggers.com/                -260
http://syndi.lankeeya.lk/                        -160
http://kathandara.blogspot.com/                  -109
http://ambagaha.blogspot.com/                     -55
http://wedagedara.blogspot.com/                   -47
http://ctkumara.blogspot.com/                     -41
http://wapnishantha.blogspot.com/2011/12/blog-post_13..-32
http://maathalangesindiya.blogspot.com/           -26
http://raj-rajmyblog.blogspot.com/                -17
http://www.lankeeya.lk/                           -15

නමුත් මෙම ක්‍රමයද යම් තරමකට දෝශ සහිතය. එහෙත් මුල්ම ක්‍රමයට වඩා සාර්ථකය. එහෙත් මෙමගින් මැණියහැකි වන්නේ බ්ලොග්රෝල් තුල ඇති අඩවි පමණි. අනෙක් අතට යම් අඩවියක පලකරන සබැදියක් නිසා මෙම අගය වෙනස් වියහැකිය. (වැප්ගේ අඩවියේ පළකල මාගේ ලිපියක සබැදියක් නිසා පිවිසුම් 32ක් ලැබී ඇති අයුරු බලන්න).

ජනප්‍රියම බ්ලොග්කරුවා කවුද යන්න අදහසක් ලබාගැනීමට මෙවැනි ක්‍රම කිහිපයක් පාවිච්චි කල යුතුය.

කෙසේ වුවද තවමත් බ්ලොග් අවකාශයේ පිවිසුම් සදහා වගකිවයුත්තන්ගෙන් බහුතරය දැනට දෙදහසක් පමණ වේයැයි සැලකෙන බ්ලොග් රචකයන්මය. කෝටි දෙකක් පමණ වන ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ ප්‍රතිශතය අවම මට්ටමක පවතින අතර ඔවුන්ගේ බහුතරය බ්ලොග් කියවන්නන් බවට පත්වුවහොත් මෙම තත්වයේ වර්ධනයක් අපේක්ෂා කල හැකිය.

ප.ලි.- මගේ නමක් දෙන්න බැරි කතාවක් කියන කෙටි කතාව පෙරේද එලකිරි.කොම් එකේ දාල තිබුන. නවාතැනේ දවසක වැඩිම හිට්ස් වාර්තා උනෙත් එදා. :D

103 comments:

  1. ජනප්‍රියම බ්ලොග්කරුවා මේ වෙලාවේ ඔයා. ඒ මොකද මේ වෙලාවේ මම ඔයාගේ බ්ලොගය කියවමින් ඉන්න හන්දා...:D

    ReplyDelete
  2. ඉලක්කම් වලින්නම් ගොඩක් දේවල් කියන්න පුළුවන්.. කතන්දර බ්ලොග් එකෙනුයි මාරයාගේ හෝරාවෙනුයි මම ඉගෙන ගත්තු දේවල් බොහොමයි.. සදරුවා මට කොහොමත් මගේ සහෝදරයෙක් වගේ..

    ReplyDelete
  3. මෙහෙම දෙයක් තියනව රාජ් , මම හිතන විදිහට එක ලිපියකට හිටිස් කියන ක්‍රමය වඩාත් සාධාරණයි බ්ලොග් අඩවියකට . බ්ලොග් කරණයේදි "ලිපි කියවීම" තමයි මූලික අරමුණ . දිනපතා අප්ඩේට් වෙන පුවත් වෙබ් අඩවියක් වගේ නම් පුවතේ ස්වාභාවය අනුව බලන පිරිස වෙනස් වන නිසා ඔබ කියන "හරය" විශාල වීම ගැටලුව තියනව . නමුත් බ්ලොග් එකකට මිනිස්සු වෙන්නෙ ලිපි කියවන්න නිසා , කොච්චර වේගයෙන් ලිපි දැම්මත් ලිපි හොඳ නම් හිටිස් ප්‍රමානයක ලැබෙනව . එකම දේ හෝම් පේජ් එක හරහා ලිපි දෙක තුනක් එක සැරේ බලනව නම් වෙන අවාසිය නමුත් බ්ලොග් ලිපියක කෙමෙන්ට් කියවීමත් බහුතරයක් දෙනා කරන නිසා ඒකත් අවමයි .සඳරුගේ ජනප්‍රියතාවය ඉතාම පැහැදිලියි(අඩුම කාලයකින් , අඩුම ලිපි ගණනකින් ) . කතන්දර , රංග , අජිත් පැරකුම් වගේ අයත් සැකයකින් තොරව මේ ජනප්‍රියතම ගොඩේ ඉන්න අය .

    ReplyDelete
  4. ජනප්‍රියතාවය නිසා මඩ ගහනව නම් වැඩියෙන්ම මඩ වදින්න ඕනි සඳරුට , කතන්දරට , රංගට ..... ඒ අයට නැතුව මාරයටම මඩ වදින්නේ ඇයි කියන එක කල්පනා කරල බලන්න ඕනි කාරණයක්

    ReplyDelete
  5. ඔය ලිපියට මම බ්ලොග් ලියන අය ගැන මගේ පුද්ගලික අදහස මෙහෙම ලිව්වා

    //බරපතල වචන භාවිතා කරලා පාඨකයන්ව වෙහෙසට පත් කරන කොට ආයිමත් එයිද ඒ බ්ලොග් එක කියවන්න ? බරපතල දේවල් කතා කරන්න ඒත් බහුතරයකට තේරෙන සරල සිංහලෙන්. නැතුව බොහෝම සුළුතරයකට තේරෙන මහප්‍රාණ යොදලා යන්නෙ සහ අරන් යන්න හදන්නෙ කොහෙද ? එහෙම නැත්නම් පුළුවන් නම් ගිහින් වෙනස් කරන්න අපේ භාෂාව උගන්වන අධ්‍යාපන ක්‍රමයම ඔය විදියේ බහුසෘත තේරෙන ඊළඟ පරම්පරාවකට.. නැතුව ජනප්‍රිය බ්ලොග් ව්ලට උඩ පැන පැන තල තලා මේ වගේ හොඳ බ්ලොග් ජනප්‍රිය කරන්න පුළුවන් වේද කියලා සැකයක් තියෙනවා !//

    මම බ්ලොග් කියවන අය ගැන මෙහෙම ලිව්වා

    //සඳරූද,කතන්දරද, මාරයාද, නැත්නම් වැප් ද ජනප්‍රිය කියන දේ සොයනවාට වඩා ඕනිම බ්ලොග් එකක තියෙන ලිපියක් කියවලා, රස විඳින්න අපි ඇතුලෙ තියෙන හැකියාව වැඩි කර ගත්තොත් මොකද වෙන්නෙ ? රසඥතාවයේ හෝ රසිකත්වයේ තියෙන සීමා සහිත බව නිසා නේද නව නළු රසයේ තිබෙන යම් රසයන් අපට දුරස් බවක් සහ එයත් සමඟ ගැටීමක් ඇති වෙලා මෙහෙම නිර්මාණය හිමි නිර්මාණකරුවාට පහර ගහන්න පෙළඹිලා තියෙන්නෙ ? ඕනිම නවක බ්ලොගයක ලිපියක නිර්මාණකරු හෝ කාරිය යම් රසයක් මවන්න උත්සාහයක් දරනවා. ඒ රසය වඩාත් හොඳට එළියට අදින්න උදව් කිරීමද වැදගත් නැත්නම් කොයි එකද ලොකු කියලා හොයන එකද කියන එක මට නම් ප්‍රශ්ණයක්..//

    මට වෙන කියන්න දෙයක් නැහැ මේ ගැන...

    ReplyDelete
  6. ජනප්‍රිය කියන්නේ ජනයා ප්‍රිය කියන එකනෙ. ප්‍රසිද්ධ කියන්නේ වැඩි දෙනෙක් දන්න කියන එකනෙ. ජනප්‍රිය නමුත් ප්‍රසිද්ධ නොවන බ්ලොග් ඕනෙ තරම් ඇති. ඒ කියන්නේ බලපු කීපදෙනා ඉතාමත් ආදරය කරන නමුත් වැඩිදෙනෙක් නොදන්න බ්ලොග්. මේ කොහොම ගත්තත් බ්ලොග්වල අන්තර්ගතය ඉතාම වැදගත්. මේ වෙන විට අපට සිටින ඉතාම වැදගත් බ්ලොග් කරුවන් කීපදෙනා අතර ඉහත කියූ අංග දෙකම මැනවින් රදවා ගත් බ්ලොග් අඩවි තමයි. සඳරූගේ එක, මාරයා, කතන්දර සහ රංග. දේශපාලන අතින් අජිත් පැරකුම්, විවේචනාත්මක අතින් මාතලන්, සහ බුවා. මේවාට එන ගාන කීය වුවත් දැනට මට තිබෙන හොඳම අඩවි කීපය මේක. මඩ ගැන නම් කියන්න තියන්නේ. ඵල ඇති රුකට ගල් ගහනවනේ. ඒ නිසා ඒක නොසැලකිය යුතු සධකයක්. හැබැයි සාධාරන විවේචන නම් ඉතාම වටිනවා. අනිත් වැදගත් දේ සංවාද, ඒ අතිනුත් මාතලන් සහ බුවා තමයි එක.

    ReplyDelete
  7. ඇත්තටම මෙක මනින මිම්ම මොකක්ද ?

    ReplyDelete
  8. @වෙනි - මහත්තයෝ අපි නම් බ්ලොග් එකක් බලනකොට අමාරු වචන ලේසි වචන හොයන්නේ නැ , ලියල තියන දේවල් වල රහක් තියනව නම් එච්චරයි . අද ඔලුව කැක්කුමයි , බඩ දඟලනව . අහවල් _බ්බ හදන්නේ මෙහෙමයි වගේ සමයම් ලියන බ්ලොග් නම් බැලෙන්නෙ නැ . හැබැයි ඒ බ්ලොග් වලට ගිහින් අය්යගේ ඔලුව ඌය්යා වෙලාද , අනේ හරි රහයි වගේ කොමෙන්ට් තොග පිටින් දාන නංගිල මල්ලිලා දැක්කාම හිතුවේ උන් ජනප්‍රිය ඇති කියල . බලාගෙන ගියාම ඇති දෙයක් නැ . බ්ලොග් කියවන උන් රස අඳුරන උන් බව ඒකෙන් පේනව . එක එකාගෙ පිට කහගන්න කමෙන්ට් වලින් ජනප්‍රියතාව හොයන්න බැ , නිහඬ වුනත් වැඩි පාඨකයින් ගාණක් ඉන්න එකා තමයි ජනප්‍රියම . කිසිම සැකයක් නැ සඳරු තමයි එක . මාසෙකට ලිපි 7ක් විතරක් දාන , ඔය බ්ලොග් හමු අරකට මේකට නොයෙන, ආන්දෝලනාත්ම හෙඩින් නොදාන , ඒ පොඩි එකාට ඉන්නේ ඌගේ ලියවිල්ලටම වශිවුනු පාඨකයො මිසක් , බ්ලොග් අවකාශේ පොරක් (කියල හිතාන ඉන්න ) ගේ බ්ලොග් ඒකකට ඇවිත් කමෙන්ට් කරන උන් හරි , බ්ලොග් හමුවල එකට කනබොන යාලුවො හරි නෙවෙයි . අන්න ඒකටයි නියම ජනප්‍රියතාව කියන්නේ

    ReplyDelete
  9. අලුතින් "ජ්‍යාමිතික සූත්‍රයක්" හදන්නම වෙනවා මෙකටනං!!! :))

    ReplyDelete
  10. නාලනි චන්දිමාJanuary 6, 2012 at 5:23 PM

    අද මම 10 :D

    ReplyDelete
  11. නාලනි චන්දිමාJanuary 6, 2012 at 5:24 PM

    අද මම එක :P

    ReplyDelete
  12. ඔය සුත්‍රය ඔහොම කරලා බැහැ..මගේ ගාව තියෙනවා ඕකට සුත්‍රයක්..ඒ උනාට මට මේ අවස්ථාවේදී ඒක පැහැදිලිව ප්‍රකාශ කරනං අපහසුයි..මොකද ඒක පේලි 8 ක් විතර තියෙන හින්දා.. :D

    ReplyDelete
  13. මගේ නම් ප්‍රියතම බ්ලොග් රචකයා සඳරු තමයි.

    ජනප්‍රියත්වය හිට්ස් ගණනින් මනින්න බෑ නොවැ. ලිපිය රසවත් නැත්තම් උඩින් පල්ලෙන් බලලා අතෑරලා දාලා යන බ්ලොග් ලිපි කොච්චර නම් තියෙද? ඒවටත් හිට්ස් වැටෙනවනේ!

    ReplyDelete
  14. Podi Kumarihami
    :D

    Dinesh
    හ්ම්! මම විනිශ්චය කරන්නෙ නෑ.

    බුවාගේ සිතුවිලි !
    එක පෝස්ටුවකට එන හිට්ස් ගනන පෝස්ට් දෙකක් අතර කාලය මත රදාපවතිනව කියල හිතෙන්නෙ නැද්ද? මගේ බ්ලොග්එකේ අත්දැකීම් අනුව නං ඒක එහෙමයි.(සමහර විට වැරදිත් ඇති.) උදාහරණයක් විදියට මම දාපු කතාවක් අසාර්ථකයි කියල මට හිතුන දවසක ඒක වැහෙන්න මම පෝස්ට් දාල තියනව. ඒක ගොඩක් බලපානව බ්ලොග් රෝල් වලට. ඒ කියන්නෙ හිට්ස් වලට.
    වදින මඩ ගැන මට වෙනම අදහස් තිබුනත් මෙතනදි වැදගත් වෙන්නෙ මගේ "ජ්‍යාමිතික සූත්‍රය".:D

    Weni
    බරපතල දේවල් සාකච්ඡා කරන්න පුළුවන් සරළ සිංහලෙන්. ඒකට හොදම උදාහරණය කතන්දර.

    වෙද ගෙදර මහ වෙදනා
    සංවාද අතින් එක මාත් විස්වාස කරන හැටියට බුවා තමයි. ඇයි ලගදි ඔබතුමාටත් වැදුනෙ :-)

    Loku John
    මගේ ජ්‍යාමිතික සූත්‍රය හැර වෙන කුමක්ද?:P

    ReplyDelete
  15. Anonymous
    ලියන දේවල්වත් ඒවට ලැබෙන කොමෙන්ටුවත් පාලනය කරන්න අපිට බෑ. තමන්ට කැමති දේ තෝරගන්න එක තමයි කරන්න පුළුවන් ලොකුමදේ.

    ReplyDelete
  16. ජංජාල චාමර & ChammA
    :D

    නාලනි චන්දිමා
    හීනියට ආතල් එකක් ගත්තට කමක්නෑ. හැබැයි නලිනි චන්දිමා කියල හරියටම කිව්වනං හරි.:P

    විසිතුරු | visituru
    //උඩින් පල්ලෙන් බලලා අතෑරලා දාලා යන බ්ලොග් ලිපි කොච්චර නම් තියෙද? ඒවටත් හිට්ස් වැටෙනවනේ!//
    අන්න තව පොයින්ට් එකක්.

    ReplyDelete
  17. @ මාව ආමන්ත්‍රණය කල ඇනෝ වෙතයි, මා සඳරූ ගේ ජනප්‍රියතාවය පිළිබඳ විවේචන කලා යැයි වැරදි උපකල්පනයක් කර ඇතැයි සිතමි. එසේනම් කරුණාකර ඔබ සඳරූ දනී නම් ඔහුගෙන් "වෙනී" නැත්නම් "වෙනිවැල්" යනු කවුදැයි අසා බලන්න ! ඔය පොඩි එකා සහ ඔය පොඩි එකාගේ සුපිරි ලියවිල්ල ගැන මා කොතරම් කමෙන්ට් කර ඇත්දැයි ඔහුගේ කමෙන්ට් වලින් සහ තවත් අවශ්‍ය නම් මගේ මූනු පොතෙ පිටුවෙන් බලා ගන්න !මම ඉතාම ආධුනික බ්ලොග් ලියන්නෙක් වුනත් සඳරූ ඉතා නිරහංකාරව මට ලබා දී ඇති කමෙන්ට්ද කියවා බලන්න .. ආන්න එවිට ඔබට තේරෙයි මගේ ඔය ඉහත කමෙන්ට් දෙකෙන්ම සඳරූ ව තබා ඇති උඩ !

    ReplyDelete
  18. mage adahasa ano commnet karana kenek widihata

    mehamai man nam wadiyenma kamathi
    1.magelokaya liyana aselayage ekata

    ekata hetuwa math eka inna field eke inna a wagema hoda bebek.atal lokayak eka

    2 abe pala mamage tikak hinawenna awith yanna ennna kiyana eka

    A blog eke godak welawata abe aiya apita life ekata mona hari wadagath deyak dena aramunak terenawaaa akath athal dial ekak wagee

    3.sadaruge blog ekata
    sadaruge liyana ratawa godak hodai

    4.dumiyage ekata kamathi
    akath hitha hoda ekek kiyala terenawa kiyawanakota

    5 ara kakula abaditha nangi (samawenna ehama kiyanawata nama mataka ne mata) kenek liyana ekata kamathi a blog eka kiyeuwama life eke reality eka terenawa.

    owa thama mata allala giya blog

    additional

    kathandarage blog ekakin thama man blog kiyawanna awee...ath dan eka nirasai kiyala hitanawa

    maraya iya ganath kiyanna epai uge blog eka dan kamawattoruwak karagena ewa hodai jangi walata balanna

    man attama mehama kiwe ape adias ubalata wadagath wei kiyala hitala kage ekkawath kisima tharahawak ne ...godak dewal api igena gannawa mewa kiyawala .samaharu innawa awith blog eke gon jork dala yana ewage un ape welawth kanawa uge welawath kanawa




    Alexa rank balanna koi blog da famous kiyala bala ganna...
    me api wage dial walatath set wena widihak set karapallakoo..apita blog liyanna welawak ne kiyawanna welawa hoyaganneth hari amaruwen eka nisa api wage asaranayo ganath hitapalla owa oganze karana kota

    good luck guys !!!

    ReplyDelete
  19. මම නම් හිතන්නේ ලැබෙන කොමෙන්ට්ස් සංඛ්‍යාවත් වැදගත්. මම දැක්කා එක සයිට් එකක කියලා තියනවා ".....blog is really a form of conversation between you and your readers"....

    ReplyDelete
  20. Anonymous(January 6, 2012 5:40 AM)
    ගරු කරනව ද්වේශයෙන් තොර අදහස් දැක්වීම ගැන. බ්ලොග් ලියන්නෙ නැතත් ප්‍රොෆයිල් එකක් හදාගෙන කියවන්න කට්ටිය අදුරගන්න ‍ඕන නම්. කියවන අයටත් පුළුවන් සෙට් වෙන්න.
    බොහොම ස්තුතියි ඇවිල්ල අදහස් දැක්වුවට.

    ReplyDelete
  21. kandyan
    අනිවාර්යෙන්ම කෙමෙන්ට්ස් වැදගත්. කොච්චර හිට්ස් ලැබුනත් කොමෙන්ටුවකින් තමයි මට නං ලියන්න ශක්තිය එන්නෙ.

    ReplyDelete
  22. මගේ අත්දැකීම අනුව මගේ ලිපි බලන මූලික පාඨක සංඛ්‍යාව හැමලිපියක්ම වගේ බලනව , සමහර විට අකමැති ඒවා නොබල අතාරිනව ඇති . හැබැයි ඒ ගැන විශ්ලේෂනය කරන්න භාහිර ස්ටැට් කවුන්ටරයක් භාවිතා කරන්න වෙනව , මම එහෙම කරල නැති නිසා හරියටම කියන්න බැ . ඒ ප්‍රමාණය ඉක්මවා යන ලිපිත් තියනව අන්න ඒවට නම් වැඩි කාලයක් සින්ඩි කේටර හා බ්ලොග් රෝල් වල තියන එක ප්‍රයෝජනයි

    ReplyDelete
  23. මම නම් හිතන්නේ අයියේ ඉලක්කම් වලට වඩා අන්තර්ගතයයි වැදගත් කියලා....

    ReplyDelete
  24. බුවා
    "බුවාගේ සිතුවිලි" ගැන මගේ අදහස ටිකක් විතර වෙනස්. මම උනත් උඹේ සයිට්එකේ පරණ-මට මිස්වෙච්ච බලනව(කොනේටුත් එක්ක). ඒ එතකන සංවාද වැඩි තැනක් නිසා. හැබැයි ඊට සාපේක්ෂව මම බලන විනෝදාත්මක බ්ලොග් තියනව මිස්වෙච්ච පෝස්ච් සමහර විට අතහැරලදාන.

    ReplyDelete
  25. ලහිරු
    අන්තර්ගතය වැදගත් වෙනකොට ඉලක්කම් ගනනත් වැඩිවෙනව. හැබැයි එහෙම නැති තැනුත් ඕන තරම් තියනව.

    ReplyDelete
  26. ජනප්‍රිය වෙන්න අමාරුයි රැකගන්න ලේසියි....ඇයි ඊට පස්සෙ මොන බොරුවක් ලිව්වත් කියවන්න කමෙන්ට් කරන්න කට්ටිය ඉන්නවනෙ...

    මොකද ඔය සමහරු "මම එක මම එක" කියලත් කමෙන්ට් දාන්නෙ.....

    මම දන්න විදිහට නම් කමෙන්ට් පාවිච්චි කරන්න ඕනා අවස්තා තුනයි...
    1.ලිපියේ වැරැද්දක් නිවැරදි කරන්න.
    2.ලිපියට අදාලව නොකියවුනු යමක් එකතු කරන්න
    3.ලිපියේ අපැහැදිලි තැනක් තියෙනවනම් විමසන්න.

    ඒත් මම කියවලා තියන ගොඩක් බ්ලොග්වල නිකාම් කමෙන්ට් කිරීමක් තමයි තියෙන්නෙ...
    ඉතින් කමෙන්ට් වලින් ජනප්‍රියතාව මනින්න බෑ..

    ඔය නම් කියවිලා තියන අය නම් ජනප්‍රියයි...ඒ අතරට මට හිතෙනවා සත් සමුදුරත් එකතු කරන්න....ගොඩක් අය කියවනවද දන්නෙ නෑ..ඒත් ඒ ලිපිවල හොඳ අන්තර්ගතයක් තියෙනවා...

    ජනප්‍රිය අයට සුභ පතමි.
    මම බ්ලොගයක් පටන් ගත්තොත් දාට මම ඉන්නෙත් ඔතන.. :D

    ReplyDelete
  27. google stats වල පෙන්නන ප‍්‍රස්ථාරෙ සම්මත අපගමනය සහ මධ්‍යන්‍යය අරගෙන..

    ∑(මධ්‍යන්‍යය -පෝස්ට් එකක හිට්ස් ගණන)/සම්මත අපගමනය = එන අගයෙන් පුළුවන් හොයගන්න ලේසියෙන්ම

    ඔන්න ඔ්ක තමයි සාධාරණ... කොහොමද ඒක..

    ReplyDelete
  28. Anonymous
    //ජනප්‍රිය වෙන්න අමාරුයි රැකගන්න ලේසියි.//
    ඇත්ත. වෙන කියන්න දෙයක් නෑ. බ්ලොග් කියවන පිරිස වැඩිවෙනකොට ඕව මගහැරෙයි. බ්ලොග් නොලිව්වත් කමක් නෑ, ‍ප්‍රොෆයිල් එකක් හදාගන්න. එතකොට තමන්ගෙ අනන්‍යතායක් හදාගන්න පුළුවන්. හැබැයි ඒ කියන්නෙ තමං කවුද කියල කියනඑක නෙවේ.

    නරකයා....!!
    ස්ටැට් මතක නෑ බං දැං!:)

    ReplyDelete
  29. පෝස්ට් එක හා සියලුම කොමෙන්ට් අකුරක් නෑර කියෙව්වා

    ReplyDelete
  30. ම් ජනප්‍රියත්වය....වැඩිම හිට්ස්..වැඩිම කමෙන්ට්ස්...බ්ලොග් කලාවේ උන්නතිය..ඒකිනේක අතර දොලනය වන..ශ්‍රිලාංකිය බ්ලොග් කරුවන්...

    ReplyDelete
  31. Raj
    පිස්සු හැදෙන සද!

    ReplyDelete
  32. පෝස්ට් එක සහ කමෙන්ට් සියල්ල බැලුවෙමි
    කවුද එක කියන එක මටනම් කිසිම වැදගත් කමක් නැති දෙයක්

    ලියන තියෙන දේ මගේ හිතට දැනෙනවානම් (ඒකෙන් මට සතුටක් හරි දුකක් හරි දැනෙනවානම්) හෝ ගන්න දෙයක් තියෙනවනම් මම වඩේ ඔතාගෙන ආපු පත්තර කොල කෑල්ලත් බලන්න පුරුදු වෙච්ච එකෙක්
    ඉතින් ඒවා ලියල තියෙන්නේ කවුද කියලවත් දන්නේ නැහැ සමහර වෙලාවට..
    ඒ නිසා බ්ලොග් එකක් ලියන මනුස්සය කවුද කියන එක සහ එයා ලොකු පොරක්ද කියන එක මට අදාළ දෙයක් නෙමෙයි
    හිතට වදිනවානම් කියෙව්වා

    ReplyDelete
  33. ලොකු පුතා
    නියම කියවන්නෙක් කියන්නෙ ඒකයි.

    ReplyDelete
  34. ලියපු කොමෙන්ට් ඒක 3 සැරයක් මැකුවා.රැල්ලට කියවන බ්ලොක් අතරේ වින්දනයක් හොයාගෙන කියවන බ්ලොක් බැලුවම තව කෙනෙක් එක්ක ශයර් කරගන්න ඒක තමයි සැබෑ ජනප්‍රිය.දක්ෂ ගායකයා හා SMS ගායකයාගේ ජනප්‍රියත්වය වගේ..

    රාජ් ස්තුතියි මේ පොස්ට් එකට..

    ReplyDelete
  35. අසරණයා
    ස්තුතියි ප්‍රතිචාරයට.

    ReplyDelete
  36. වසරක් පාසා වැඩි වෙන බ්ලොග් කියවන්නන් සංඛ්‍යාව අර සුත්‍රයට අදාළ වෙන්නේ නැහැ කියන එකට මමත් එකඟයි. ඒ නිසා රාජ් කිව්වා වගේ නිශ්චිත කාල පරාසයකදී ගණනය කිරීම කළා නම් තමයි හරි.

    මටත් හිතෙන්නේ සඳරු ගේ ජනප්‍රියතාවය පැහැදිළියි කියලා :)

    ReplyDelete
  37. හිට්ස් කවුන්ටරේ !

    http://blogvicharaka.blogspot.com/2011/10/blog-post_22.html

    ReplyDelete
  38. ජනප්‍රියත්වය යනු කාලය සමග වෙනස් වන දෙයක්. මේ දිනවල සඳරූ ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ සිටිනවා. කලින් එතන සිටි කතන්දර ටිකක් පහලට ඇවිත්. මේ අය කවුරුත් වගේ දක්ෂයෝ. නමුත් හිටිස් ගණන නම් ජනප්‍රිය බව මනින මිම්මක් කියන්න අමාරුයි. අපි නිකන් දිනපතා ක්ලික් කලත් එය හිට් එකක් නේද.
    යමක් කව යුතුමයි. ජනප්‍රිය වන්න වාසනාවත් තියෙන්න ඕනි...

    ReplyDelete
  39. ඔබා මාමා කිව්ව වගේ කමෙන්ට් ඔක්කොම එක්ක ස්ටෝරිය බලුවා. ආසම කමෙන්ට් එක තමා..
    //ChammA said...ඔය සුත්‍රය ඔහොම කරලා බැහැ..මගේ ගාව තියෙනවා ඕකට සුත්‍රයක්..ඒ උනාට මට මේ අවස්ථාවේදී ඒක පැහැදිලිව ප්‍රකාශ කරනං අපහසුයි..මොකද ඒක පේලි 8 ක් විතර තියෙන හින්දා..//

    බ්ලොග් හදපු දවස ඉදන් ගතවුන කාලය ගණනය වෙන්නේ නැති එක අසාධාරණයි. සමහර විට මම මගේ බ්ලොගේ පෝස්ට් නොදා අවුරැද්දක් විතර තියලා ආයෙ පටන් ගත්තොත් හිට්ස් වැඩි, පෝස්ට් අඩුයි. එහෙමත් නැත්තම් පොස්ට් එකේ ලින්ක් දාන්න ඕනේ කතාව අස්සේ. තවත් නැගලා යයි.

    ReplyDelete
  40. ජනප්‍රිය කියන එක ඔහොම මනින්න පුලුවන්ද කියලා මම නම් දන්නේ නැත... නමුත් සදරු මල්ලි මගේත් නම්බර් 1.

    කමෙන්ට් හිට්ස් පදනම් කරගෙන බ්ලොග් එකක ජනප්‍රිය භාවය මැනිම මම අනුමත කරන්නේම නැ..

    ReplyDelete
  41. සෑහෙන්ඩ බොන්ඩ වෙන ප්‍රශ්නයක්.....

    ReplyDelete
  42. @ ChammA
    //ChammA said...ඔය සුත්‍රය ඔහොම කරලා බැහැ..මගේ ගාව තියෙනවා ඕකට සුත්‍රයක්..ඒ උනාට මට මේ අවස්ථාවේදී ඒක පැහැදිලිව ප්‍රකාශ කරනං අපහසුයි..මොකද ඒක පේලි 8 ක් විතර තියෙන හින්දා..//

    වත්ස්‍යායනගෙ එක නෙමේ නේද?

    ReplyDelete
  43. ඔබා
    "වත්ස්‍යායනගෙ එක" කිව්වෙ මොකක්ද? මං නං අහලවත් නෑ එහෙම එකක්.

    ReplyDelete
  44. ලිංගිකත්වය පිලිබඳ ලොව වඩාත්ම සාර්ථක පුරාථන ග්‍රන්ථය කුමක්ද ? ලිව්ව එකා තමයි . පොතේ නම මතක් කරගන්න .

    http://en.wikipedia.org/wiki/V%C4%81tsy%C4%81yana

    ReplyDelete
  45. එක එක අවුරුද්දට වෙන වෙනම Z අගයන් හොයලා, ජ්‍යාමිතිකාණුකුලව ඒවා මේනන මෙහෙම එකතු කරලා, සංයෝජනය කරලා කම්බයින් කොරලා තනි අගයක් ගන්න ඕනි.

    ReplyDelete
  46. බුවා
    ඔබාව අවුස්සන්න බැලුවෙ:)

    ReplyDelete
  47. @රාජ්,

    ප්‍රායෝගික ලෝකයේ සූත්‍රයක වටිනාකම එය යොදා ගැනීමේ හැකියාව (හා එක්තරා දුරකට එය පහසුවෙන් වටහා ගැනීමේ හැකියාව) මත රඳා පවතී.

    ඇනෝවා සරල සූත්‍රයක් ඉදිරිපත් කර එය ප්‍රායෝගිකව යොදාගෙන යම් දෙයක් ඔප්පු කොට ඇත. (උදා: මාරයාගේ බ්ලොග් එක කියවන පිරිස මෙන් දහ ගුණයක් සඳරුගේ බ්ලොග් එක කියවන බව)

    ඔබේ සූත්‍රය ඊට වඩා නිවැරදි බව පෙනෙතත් ඔබට එය යොදාගෙන යමක් පෙන්විය හැකිද? ඔබ ඊට දත්ත සොයා ගන්නේ කොහොමද? උදාහරණයක් හැටියට යම් බ්ලොග් එකකට අවුරුද්දක් තුළ හිට්ස් ගණන එක පාරට කියන්නේ කොහොමද?

    මගේ නිගමනය නම් සැබෑ ජනප්‍රියතාවය ඔය කිසිම ක්‍රමයකට සෙවිය නොහැකි බවයි. ස්වයංක්‍රීයව තමන්ගේ බ්ලොග් එක refresh කරන්න ක්‍රමයක් හදා ගත හැකි කෙනෙකුට ලෙහෙසියෙන්ම වැඩි හිට්ස් ගණනක් ලබා ගත හැකිය. මෙය බ්ලොග් වල වන්නේද නොදනිමි. නමුත් වෙනත් සයිට් වල යොදා ගත්තැයි සිතිය හැකි අවස්ථා මම දැක ඇත්තෙමි. (හරියටම ෂුවර් නැත.)

    ReplyDelete
  48. ජනප්‍රිය බ්ලොග් කරුවන් අතර මටනම් එකවගේම කීප දෙනෙක් ඉන්නවා . මොකද එක එක්කෙනාගේ දක්ෂතාවයන් වෙනස් නිසා. යම්කිසි බ්ලොග් කරුවෙක්ට හැකිනම් බලන අයව දිගටම රඳව ගන්නත්, ඔවුන්ගෙන් සාධරණ විවේචන ලබන්නත්, ලිපි අතර පරතරය අඩු උනත් , ඒ සැම ලිපියකට හොඳ ප්‍රතිචාර ලැබෙනෙවනම් ඒකත් එක ජනප්‍රියභාවයක්. මුල් කාලයේ ඉතාමත් අගනා ලිපි ලියපු අය ,මේ වෙනකොට එකම ආකාරයේ ලිපි ලියමින්,අවසානයේ ලිපියේ අන්තර්ගතය කුමක්ද කියා සිතාගන්න බැරි අයුරින් ලිපි ලියල තමන්ගේ ජනප්‍රියභාවය අඩු කරගන්නවා.

    සඳරූගේ නිමාණ ඉතාමත් ඉහල තලයක තියනව බව අවිවාදිතයි.මාරයා හෝ වෙනත් කෙනෙක් ගැන මඩ ගහනවනම් මම හිතන්නෙ ඔවුනුත් ජනප්‍රිය ගොඩේ ඉන්න අය. මම නම් කැමති ජනප්‍රිය අයට කොමෙන්ට් කරනවාට වඩා හරවත් ලිපි ලියන ආධුනික බ්ලොග් කරුවන් හඳුනගෙන ඔවුන්ව දිරිමත් කිරීමටයි..විවේචිකාවක් විදියට එවැනි දිරි දීම් තුලින් යම් කෙනෙක් බ්ලොග් අවකාශය තුල යම් ස්ථාවරයකට එනවිට මා ලබන සතුට අපමණයි.

    රාජ්, හොඳ මාතෘකාවක් ඔබ අරගෙන තියෙන්නේ . මට මේ බ්ලොග් එක මග හැරී ඇති නිසා දුක්වෙනවා. ජය පතනව .

    ReplyDelete
  49. බොහොම ස්තුතියි. මට මතක විදියට ඔයා කලින් මේ පැත්තෙ ඇවිල්ල තියනව.

    ReplyDelete
  50. Anonymous
    //උදාහරණයක් හැටියට යම් බ්ලොග් එකකට අවුරුද්දක් තුළ හිට්ස් ගණන එක පාරට කියන්නේ කොහොමද?//
    දත්ත සොයාගැනීමේ ක්‍රමවේදය ගැන ම‍ම අදහස් කලේ නෑ. මම කියන්න උත්සාහ කලේ අනෝගෙ සූත්‍රයට වඩා මම ඉදිරිපත් කල සූත්‍රය නිවැරදි බව විතරයි.
    ඒවගේම සයිට්එක refresh කරලත් මේ වැඩේ කරන්න පුළුවන්. ඉස්සරවෙලා දවසක මම හිට් කවුන්ටර් එකක් දාන්න ගිහිල්ල ඔය ඇබැද්දිය මට සිද්ධවුනා.
    බොහොම ස්තුතියි අදහස් දැක්වීමට.

    ReplyDelete
  51. කමෙන්ට් අනුවනං හිතෙන්නෙ කුමාරිහාමිත් ඔය කියන ජනප්‍රිය ලිස්ට් එකේ ඉන්න ඕන බවයි. ඒත් ඉතින් හිට් කවුන්ටරයක් නැති හින්ද කවුරුත් කතා කරන්නෙ නෑ!

    ReplyDelete
  52. ඉන්දික උපශාන්ත
    අපොයි ඔව්. ඒතෙ තියන කොමෙන්ටු කන්දරාව කියවල ඉවර කරන්න බෑ

    ReplyDelete
  53. ඉන්දික සමඟ එකගයි . මගෙ ජනප්‍රිය ලිස්ට් එකේනම් ඉහලින්ම ඉන්න කෙනෙක් පොඩි කුමාරිහාමි. ඇයට තියෙන්නේ අමුතුම රටාවක් . මම හිතන්නේ ඒ විදියට ලිපි ලියන එකම බ්ලොග් කාරිය ඇයයි .ඇය මැතක ලියූ ලිපි වලට වඩා පරණ ලිපි බොහෝ අගෙයි. ඉතාමත් නිර්මාණශීලී භාවයෙන් වැඩියි.

    ReplyDelete
  54. රාජ්,

    පළමුවෙන්ම මගේ සුභ පැතුම්. හොඳ කාලීන නැගලා යන මාතෘකාව. මෙයින් පසු ඔබේ බ්ලොගයේ නිත්‍ය සාමාජික පිරිස වැඩි වේ යැයි මම හිතනවා.

    දෙවෙනුව, කතන්දර බ්ලොගයත් නිකං පුංචි සින්ඩිකේටරයක් වගේ වෙලා බව පේනවා. ඒකෙන් පොඩි ජොලියක් ලැබුණා.

    තුන්වෙනුව, මගේ නමත් සඳහන් වී ඇති නිසා මෙහෙම කියන්නම්.

    මං බ්ලොග් ලියන්න පටන් ගත්තේ මට කියන්නට කතන්දර ගොඩක් ඇති නිසා ඒවා බහුතරයක් සමහ බෙදා ගැනීමට මිස ජනප්‍රියවීමක් ගැන හිතා නොවේ. ඒ නිසාම, මා පුවත්පත් සඟරා ආදියට ලියනවාට වඩා වෙනස් භාෂා ශෛලියක් යොදාගත්තා. බ්ලොග් එකට වැඩි පිරිසක් එනවා නම් හොඳයි, එමගින් මගේ මූලික අරමුණ ඉටුවෙන නිසා.

    නමුත් මං හැමදාම ලියන්නේ මට ඕනෑ කතන්දර මිස අනුන්ට ඕනැ ඒවා නොවේ.

    මුලින් මගේ කතන්දර කියවා දැන් නොකියවන අයත් ඉන්නවා ඇති. ඒ සමහරු මගේ සමහර කතන්දරවල යටින් තියෙන පොලිටිකල් ලයින් එකට අකමැති අය වෙන්නත් පුළුවනි. නමුත් මට එය ප්‍රශ්ණයක් නොවේ. සමහරු යනවා, ඊට වැඩි පිරිසක් අළුතින් එනවා.

    හැම කමෙන්ට් එකකකටම පිලිතුරු ලියන්නත් සංවාද කරන්නත් තියෙනවා නම් හොඳයි. ඒත් කෝ කාලය. අනික මම සාමානයෙන් විවාදවලට යන්නේ නෑ, විශේෂයෙන්ම පොලිිටිකල් දේවල් ගැන.

    බ්ලොග් එක කිරීමේදී මට තෘප්තියක් ලැබෙන්නේ කතන්දර ලිවීමේදීයි. වැඩි වැඩියෙන් ලියන්නේ එනිසායි. නැවතත්, ඒ මං කැමති කතන්දර විතරයි.

    ඔබට ස්තුතියි.

    ReplyDelete
  55. //කතන්දර බ්ලොගයත් නිකං පුංචි සින්ඩිකේටරයක් වගේ වෙලා // for sure - මගේ බ්ලොග් එකට සින්ඩි කේටර 4කින්(ලාංකීය, කොත්තු, සංසදය අඹගහ ) ආපු ගාණට පස්සේ වැඩිම පිරිසක් ආපු තැන තමා කත්න්දර බ්ලොග් එක

    //සමහරු මගේ සමහර කතන්දරවල යටින් තියෙන පොලිටිකල් ලයින් එකට අකමැති අය වෙන්නත් පුළුවනි//


    මම නම් වඩාත්ම කැමති ඒ පොලිටිකල් ලයින් එකට තමා
    //අනික මම සාමානයෙන් විවාදවලට යන්නේ නෑ//

    බොහ්මයක් වෙල්වට විවාද කරන එක තේරුමක් නැ ඒත් ආතල් එකක් තියනව

    ReplyDelete
  56. කතන්දර කියන එකත් හරි එයාගෙ බ්ලොග් එකේ ලියන්න ඕනා එයාට ඕනදේ මිසක් කාටවත් ඕනදේ නෙමේනෙ.

    එතකොට කිසිම දේකට නැති සමහර වල්පල් ඇති බ්ලොග් (බ්ලොග් කීම හරි නෑ සමහර පෝස්ට් )කියවීමේ වැරදිකාරයා කියවන්නාද? ලියන්නාට ලියන දේ ගැන වගකීමක් නැද්ද?

    ReplyDelete
  57. මම හිතන විදිහට බ්ලොග් ලැයිස්තු ගත කරලා තිබුනනම් හොඳයි. එතකොට ජෝක් ඕන කට්ටියට ජෝක් සම්භාව්‍ය කට්ටියට සම්භාව්‍ය තෝරලා ගන්න පුලුවන්නෙ. හැබැයි සිංහල බ්ලොග් ගොඩක් කියවන්නෙක් හැටියට මම දකින දෙයක් තමයි ගොඩක් බ්ලොග් එකම මාතෘකාවක් හෝ තේමාවක් යටතේ නොලිවීම. එතකොට ලැයිස්තුගත කිරීමත් ප්‍රශ්නයක්.

    ReplyDelete
  58. ඔව්වා මොනවද මචං... මේකේ දැන් තියෙන ලොකුම ගැටළුව කවුද එක කියලා හොයන එකයි... ඕක හොයාගත්තම දැනට තියෙන සියළුම ගැටළු නිරාකරණය වෙයි...

    මංනං දකින්නේ කාලෙන් කාලෙට එක එක්කෙනා ජනප්‍රිය වෙනවා මිස කිසිම කෙනෙක් සර්වකාලීන ජනප්‍රිය කියලා කියන්න බැහැ... ඒ අතරින් මුල්ම කාලෙදී කතන්දර හිටියා... දැන් සඳරු ඉන්නවා... අතරින් පතර තව තව අය ආවා... ඔය අතරේ මාත් යම් තරමක හිටිය කාලයක් තිබුනා..ඒත් ඒ අතීතයේ සුළු කාලසීමාවකට... රංගත් ඔතන හිටියා... ඒවගේම ඒකට මේ වාද විවාද අස්සේ වැඩිය නම් නොකියවෙනවා උනත් දුකා..දුමී..පොඩිකුමාරිහාමි.. සොඳුරු සිත.. වගේ සරල සාමාන්‍ය භාෂාවෙන් ලියන අයත් අඩු වැඩි වශයෙන් ඉන්නවා... ඔය කියන බ්ලොග් හැම එකක්ම හුගාක් දුරට සරල සාමාන්‍ය බ්ලොග් වගේම එක තේමාවක් යටතේ ලියවෙනවයි කියලා කියන්න බැරි ඒවා.. ඒ වගේම හරියට බැළුවොත් සම්භාව්‍ය කියලා කියන ජාතියේ බර වචන හා යෙදුම් නැති.. මිනිස්සුන්ට කියවන්න පුළුවන් සරල සාමාන්‍ය විදියට ලියවෙන බ්ලොග්...

    ඊ ළගට ගත්තාම ටැබූ/පැරා/බායොන්ඩ් ෆ්‍රේම්/ වගේ දේශපාලනික අඩවිවලටත් යම් යම් කාල තිබුනා..ඒත් ඒ ජනප්‍රියතාවයයි මේ සරල බ්ලොග් වලට තියෙන ඉල්ලුමයි අතරේ ලොකු වෙනසක් තියෙනවා.

    කොහොම උනත් මං දකින දේ තමා මේ බ්ලොග් ලියනකොට කාටවත් ඒක මෙහෙම විය යුතුයි කියලා නීති දාන්න පුළුවන්කමක් නැහැ. තම තමුන්ගේ කැමැත්තට..තම තමුන්ගේ දැනුමේ ආකාරයට කවුරු උනත් ලිව්වට කමක් නැහැ. ඒත් අර කියන්නැහේ ටිකක් විතර සංවරව ඒ කිව්වේ අමු අමුවේ කුණුහරප නොකියා ඉඳීම ඉතිං ටිකක් විතර හොඳයි..ඒත් එහෙම නැතත් මොනවා කරන්නද..?

    අවුල වෙලා තියෙන්නේ ඉතාම සුළු පිරිසකට ඕන වෙලා තියෙනවා මෙතන ගැටුම්කාරී තත්වයක් ඇති කරන්න... ඒ අයට එහෙම වෙලා තියෙන්නේ ඇයි කියලා හිතන්න ගියාම හේතු බර ගානනක් එන්න පුළුවනි..ඒත් ඒ හැම දෙයක්ම නිශ්චිතව ඔප්පු කල හැකි දේ නෙවෙයි...

    කොහොම උනත් මාව පට්ට ගහන එකටනං අවුලක් නැහැ. මොකද ඔය කියන්නැහේ අප්සට් පෝස්ට් එකක් සමගින්ම අළුතින් එකම එක කෙනෙක් හරි හොයනවා මේ මොකාද කියලා... බ්ලොග් එක පැතිරීමට ඒ හරහා රුකුල් දීමක් කෙරෙන හින්දා ඒකේ කිසිම අවුලක් නැහැ...

    ඒත් කණගාටුවට කාරණාව ඇයි මෙතන කොටවන්න හදන්නේ කියන එකයි.

    ඒ කොහොම උනත් මෙන්න තියෙනවා ඔය ජනප්‍රිය එකා හොයන තවත් හොඳ ක්‍රමවේදයක්...

    http://ctkumara.blogspot.com/2012/01/blog-post_07.html

    ඒ වගේම මං හිතනවා ඔය සින්ඩි වල අය තමන්ගේ සින්ඩිවල සම්භාව්‍ය හා දෙකයි පණහේ කියලා වර්ග කරලා බ්ලොග් දානවනං..මං එහෙම උනොත් කෙලින්ම අයදුම් කරනවා දෙකයි පණහේ ලේබලේට.. පුංචි අපිට ගැලරිය හොඳයි බං..විසිල් එකක් ගහලා අප්පුඩියක් ගහලා හූවක් කියලා ඔහේ හිටියාම මදෑ...

    ReplyDelete
  59. ආ උඩ කෑල්ලට තව ටිකක් එකතු කරන්න ඕන..ඒ තමා ඊයේ අද වගේම හෙටක් තියෙනවා..ඒ හෙට දවසේ බබලන්න තව අළුත් අය ගොඩාක් ඒවී... ඒ වගේම දැනට ලියවෙමින් තියෙන සිත් ආර..ඔබා අයියගේ බ්ලොග් එක.. එතකොට නොදන්න මගුල් කියෝමු බ්ලොග් එක වගේ ඒවත් තව බබලන්නේ ඉස්සරහටයි... ඒ වගේ කාල වෙනකොටත් ඔය ඊයේ අද හිටිය අපි හැමෝම යම් කිසි තත්වෙකින් මේවා ඇදගෙන යාවී...

    හැබැයි එදාටත් ඇනෝලා හිටීවි..ඒ අය ඒ අයගේ කාරිය අඩුවක්ම නැතිව කරගෙන යාවී... ඒ හින්දා කලයුතු හොඳම දේ ආරවුල් වාද විවාද අතරේම අපි ඉස්සරහට පදින එකයි...මම නම් කොහොමත් මේ යන විදියට යනවා..මං දන්නා පරිද්දෙන් කතන්දරත් මේක අතෑරලා දුවන්නේ නැහැ... අනිත් අයත් ඒ ඒ අයට පුළුවන් විදියට තමන්ගේ ගමන යාවි.. මේ වගේ දේවල් හරහට දාගත්තාම වෙන්නේ අපේ ගමන පරක්කු වෙන එකයි..ඒත් හරහාට කොටයක් වැටුනාම ඒක උඩින් පැනලා හරි ඒක අහක් කරලාම හරි යන්න එපෑ...

    හුටා බුද්ධියව හැලිලා නේද මගේ අතින්... ඌත් ඉන්න ඕන ඔය ලිස්ට්වල..

    ReplyDelete
  60. කතන්දර
    ස්තුතියි ප්‍රතිචාරයට. කකා ගෙ ජනප්‍රියත්වය මගේ පෝස්ටුවෙන්ම පැහැදිලියි නේද? 2012 මට හොද අවුරුද්දක්. පෝස්ට් තුනකට කවදාවත් ආවෙ නැති තරම් හිට්ස් තියනව. මේ දවස් ටිකේ කකාගෙ පෝස්ට් බරගානක් බැලුව. මට හිතෙන්නෙ දැනටත් වඩා ඉස්සර හොදට ලියල තියනව.

    බුවා
    //බොහ්මයක් වෙල්වට විවාද කරන එක තේරුමක් නැ ඒත් ආතල් එකක් තියනව //
    මාත් ඒක හොදහැටි ගන්න කෙනෙක්.

    Anonymous 11.57
    එහෙම කරන්න බෑ. මගේ එක ගත්තොත් ඒකෙ දේශපාලන,කතන්දර,රාජ්‍ය සේවය ගැන එක එක ඒව තියනවනේ.

    ReplyDelete
  61. ඊ ළග දේ තමා ඔය කිසිම දේකින් කිසිම විදියකින් කවුද ජනප්‍රියම කියලා හොයන්න බැහැ...
    එහෙම ගන්නවනං බ්ලොග් එකක හිට්ස්..කමෙන්ට්..ෆලෝවර්ස්ලා.. වගේම ඒකේ ගතවී ඇති කාලය වගේ හුගක් දේවල් උපයෝගී කරගන්න ඕන..ඒ කරලත් ඕක හොයන්න බැහැ..මොකද දවසින් දවස මේවා කියවන්න අළුතින් එකතු වෙන පිරිස වැඩියි.ඒ වගේ දේවල් එක්ක කොහොමද ස්ථීරව ඔහොම දෙයක් හොයන්නේ..?

    මං තව හොඳම උදාහරණයක් කියන්නම්..ඒ තමා ටැබූ දවසක් දාලා තිබුන ලිපියක තිබුනා ටැබූ පොස්ට් එකක් දාපු දවසකට බ්ලොග් එකට 1000ක් වගේ පිරිසක් ඇදිලා එනවයි කියලා... ඒ කාලේ හැටියට ඒක විශාල පිරිසක් වෙන්න ඇති..ඒත් අද වෙනකොට ඒක ලොකු ගානක්ද කියලා කියන්න පුවවන්ද..සාමාන්‍යයෙන් පහුගිය කාලේ මටත් පොස්ට් එකක් දාපු දවසට ඔය කියන ගාන ආවා..ඒකෙන් කියවෙනවද ටැබූගේ සහ මං අතර සමානකමක්..? එහෙම හිතලා මං ඇඳගන්න ඕනද මං පොරක් කියලා...තව අවුරුදු දහයකින් විතර ඔය කියන ගාන පොස්ට් එකක් දාලා විනාඩි කිහිපයක් ඇතුලත එකතු වෙන්න පුළුවන් බ්ලොග් එකක් බලන්න..එතකොට එදාට ඒ ලියන කෙනාවයි ටැබූවයි සංසංදනය කරලා බැළුවම හරියයිද..?

    ඕවා තමයි මල්ලි විහිළු කියන්නේ... මොන මගුල හරි කමක් නැහැ මටනං කියවන්න පුවවන්නං කියවනවා..නැත්තං නොකියවා ඉන්නවා... කියෙව්වොත් සහ ඒ ගැන මටත් අදහසක් පහළ උනොත් ඒ ගැන කොමෙන්ටුවක් ලියලත් එනවා.. නැත්තං නිකංම හැරිලා එනවා. කියවද්දී මං මට ඕන හැටියට ලිපි තෝරා ගන්නවා වගේම ලියද්දිත් මං මට ඕනෑ හැටියට ලියනවා...

    ආයේ නැතුව සම්භාව්‍ය කරන්න කියලා මං නොදන්න දේවල් ලිව්වැකියෑ මට... වැඩක් ඇත්තෝ කියවයි..නැත්තෝ නිකං ඉඳියි..ඔච්චරයිනේ..ඒකට කේන්ති ගන්නවත් දඟලන්නවත් ඕනයෑ... ඒත් සමහරු කරන්නේ එහෙම උනාම ඇනෝ ආතල් එකක් දාගෙන අනිත් ඒවට බුර බුර යන එක..ඒකත් ෂෝක් වැඩේ..නැත්තං මේ දවස්වල බ්ලොග්වල කියවන්න අපිට මාත්තුරුකාවක්වත් නැහැනේ.. දැන් බලහංකෝ උමත් පෝස්ට් එකක් දාගත්තා‍ මේක අස්සේ..රංගත් දැම්මා..මාත් දැම්මා...සමහර විට හෙට කතන්දරත් දාවි... තව තව අයත් දාවී... ඒ කොහොම උනත් වැදගත්ම දේ මං දකින්නේ අපි ලියන්න ඕන...

    ආ තව එකක්..මෙන්න මං දැක්ක බ්ලොග් අවකාශයේ පළමු ලිපියෙන්ම හිට් වෙච්ච..අදටත් වැඩිම කමෙන්ට් අනුපාතයක් ලිපි ගානට සමානව පවත්වාගෙන යන එළ කොල්ලෙක්..එතකොට මේ වගේ බ්ලොග් ජනප්‍රිය නැද්ද ඔය කියන සාධක මත පිහිටලා ගත්තාම

    ReplyDelete
  62. මාරයා,
    //..ඉතිං දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ප්‍රශ්න නැතිකම..ඉතිං දැන් හැම තැනම අපි ප්‍රශ්න හදන්න සෑහෙන්න දත කන්න වෙලා...
    ඉතිං මේ ගැන මේ දවස්වල බ්ලොග් අවකාසෙත් හෙනට ප්‍රශ්න..ඉතිං ඒකේ අළුත්ම එක තමා ජනප්‍රිය බ්ලොග් කරුවා සෙවීම.. ඕක හොයා ගත්තම අපිට සෑහෙන්න දෙයක් කරන්න පුළුවන් වෙයි මං හිතන්නේ...//

    ඔයාගෙ පෝස්ටුවෙනුයි මේක උපුටා ගත්තෙ. හැබැයි මට නං ඔය කියන විදියෙ කිසිම ප්‍රශ්නයක් නෑ. මම මේ පෝස්ට් එකෙන් උත්සාහ කලේ ඇනෝකෙනෙකුගෙ සූත්‍රයට විකල්ප ක්‍රමයක් ඉදිරිපත් කරන්න මිසක් කාගෙවත් හිත් රිදවන්න නෙවේ. ඒවගේම ජනප්‍රියත්වය ගැන කා එක්කවත් තර්ක කරන්නත් ලෑස්ති නෑ. හැබැයි මම උනන්දුයි ජනප්‍රියත්වය ගැන මණින මිමි ගැන, ගණිත ක්‍රම ගැන. ඒකයි මගේ පෝසටුව දැම්මෙ. නම් සදහන් වීම නිසා හිත්රිදීමක් ඇතිවුනානං සමාවෙන්න!

    ReplyDelete
  63. හපොයි බං උඹ ගැන නෙවෙයි කිව්වේ..උඹ කලේ මේක උඹ දකින විදිය ලියන්න ගිය එකනේ..ඒත් ඔය ප්‍රශ්නේ තියෙනවානේ කස්ටියකට දැන් සෑහෙන කාලෙක ඉඳලා.. ආන්න ඒකයි මේ කියන්නේ...

    ReplyDelete
  64. මාරයා තමන්ගේ ගොන් කමත් උද්දච්ඡ කමත් එකවර පෙන්නා ඇත . රංග සුලු කාලයකට ජනප්‍රියව සිටියා කියනව මාරයා තේරුම් නොගන්නේ අදටත් සැම අතින්ම රංග මාරයාට වඩා ඉදිරියෙන් ඉන්නා බවය . ටැබු බියෝන්ඩ් ෆ්‍රේම් ලිවීම නතර කලා මිස (මාරයා වැනිම කුහක අන්තවාදීන් නිසා ) ඔවුනගේ ජනප්‍රියත්වයෙ කිසිදු අඩුපාඩුවක් තිබුනේ නැත . දිනපතා ලියු බියෝන්ඩ් ෆ්‍රේම් අදටත් බ්ලොක් කරණයේ සිටියා නම් වැඩිම හිටිස් ප්‍රමාණයක් ලබාගත්ත වුන් අතර ඔහුද සමාජිකයෙකු විය හැකිව තිබුනි . ටැබු සිටියා නම් නිසැකයෙන්ම ජනප්‍රියම බ්ල්ග් කරුවා වන්නේ ඔහුය . මාරයා සිතා සිටින්නේ මාරයා වැනි පොරවල් (හිතාගෙන ඉන්න ) ලිපියක් ලිවූ සැනින් එක දෙක වීමට දඟලන ලපටි කමෙන්ට් කරුවන් සමස්ථ බ්ලොග් පාඨකයින් ප්‍රමාණය ලෙසය . පිට කැසිමේ කමෙන්ට් නොදමන , හරවත් බ්ලොග් ලිපි පමණක් කියවන පාඨකයින් පිරිසක් ඇතිබවත් ඔවුන් පිටකැසීම් හමුදාවට වඩා වැඩි බවත් මාරයා විසින් වටහා ගත යුතුය . මාරයා කතන්දර හා තමාව සැසඳුවත් කතන්දරගේ සරල ලිපි පිටුපස ඇති දේශපාලනික ගැඹුරට අලගු තැබීමට වත් නොහැක . භාෂවේ සරල හෝ සංකීර්ණ භාවයේ කිසිදු අදාලත්වයක් නැත . කාලිනව වැදගත් මාතෘකා සාකච්ඡාවට ගන්නා මාතලන්ගෙ සියලු ලිපි ලියවෙන්නේ ඉතා සරල බසිනි . ඇට මැස්සාගේ දේශපාලනික ප්‍රහසනද , බුවාගේ ඇතැම් දේශපාලනික ලිපිද ලියවෙන්නේ සරල බසිනි . තමන්ගේ බ්ලොග් වල ඕනි අටමංගල්ලයක් ලියා ගත්තාට අපට කමක් නැත . නමුත් පොර ටෝක් දෙන විට නිහඬව සිටිය නොහැක . ගොන් ටෝක් දෙන විට _කෙනුත් සිනා නොවී සිටිය නොහැක

    ReplyDelete
  65. මාරයා
    හ්ම්! මම හිතුවෙ උඹ මාත් එක්ක තරහට අර පෝස්ටුව දැම්ම කියල. ඉරිසියාකාර ඇනෝල ගැන නං හිතන්න එපා බං. උන්ටත් වැඩක් තියෙන්න එපාය.

    ReplyDelete
  66. අපොයි නැහැ...වැරදිලාවත් එහෙම හිතන්න එපා..මං ඊයේ රෑ මේක දැක්කේ..ඒත් ඒ වෙලාවේ හිතුනා අද කමෙන්ට් එකක් දිගට ලියන්න ඕන කියලා..ඒකයි පරක්කු උනේ...

    මේක හොඳ පොස්ට් එකක්...

    ඔය එන්නේ කස්ටිය දැන් ආයේම මේක නැගලා යයි..මං බලං ඉන්නං..:D:D:D

    ReplyDelete
  67. දැන් ඔය එව්වා මෙව්වා කොරන ඒවා අමතක කරල දාල මාරය තමයි පොර කියල අපි හිතාගත්ත නම් වැඩේ ෆිනිශොං .

    ReplyDelete
  68. ඔය ඔක්කොම කතන්දර කාරය ඉරිසියාවට කරන යටිකුට්ටු වැඩ ......

    ReplyDelete
  69. ඔය ඔක්කොම කතන්දර කාරය ඉරිසියාවට කරන යටිකුට්ටු වැඩ ......

    see this
    මාරයා කතන්දර හා තමාව සැසඳුවත් කතන්දරගේ සරල ලිපි පිටුපස ඇති දේශපාලනික ගැඹුරට අලගු තැබීමට වත් නොහැක . භාෂවේ සරල හෝ සංකීර්ණ භාවයේ කිසිදු අදාලත්වයක් නැත .

    ReplyDelete
  70. මං නම් හරවත් ය්අමක් ලියවිලා තියන තැනකට ගිහින් කියවනවා මිසක් ලියල තියෙන්නේ කවුද කියලා බලන්නේ නෑ!

    ReplyDelete
  71. මේ දවස්වල මේ මාතෘකාව සෑහෙන උනුසුම් වගේ. කවුරු උනත් හොදට ලියනවා නම් කියවන්න කට්ටිය ඉන්නවා.

    ReplyDelete
  72. මගේ පෝස්ට් 64 හිට්ස් 38882 තීනව ගූගල් ලොක්කට අනුව. එතකොට එකෙකට 607ක්! එතකොට දුමියට පෝස්ට් 59ට හිට්ස් 121619 තීනව ( උගේ හිට්ස් කවුන්ටරේ පෙන්නල තීන විදියට ) ඒ කියන්නෙ එක පෝස්ට් එකට හිට්ස් 2061ක්! එතකොට දුමියද ජනප්‍රිය සඳරුද? මමද මාරයද? හිට්ස් වලින් කමෙන්ට්ස් වලින් නෙමෙයි, ජනප්‍රිය බව මනින්නෙ ඒ ඒ අඩවි පාථකයන්ට කරන බලපෑමෙන්. ඒ අතින් දුකා, කතන්දර, මාරය, වගේ අය උඩින් ඉන්නව. ටැබූ හිටියනං මිනිහ තමයි උඩම ඉන්නෙ. කුමාරිහාමි, දුමී, නෙළුම් විල ඊට පස්සෙ. සඳරු, ගඩොල් බ්ලොග්, පොඩි මෑන් සහ ඔබාල පාඨකයන්ට රසයක් දෙන ජනප්‍රිය මිනිස්සු උනාට ඒ ලිපිවලින් අනික් අය තුල ඇතිකරන උත්තේජනය, හැඟීම අර මං උඩ කියපු අය තරම් නෑ. ඒ නිසා ජනප්‍රිය කියන එක සාපේක්ෂයි. හිට්ස් බලං ලියන උන්ට හිට්ස් නෑ වගේම ඕ.පු කියල පාඩුවෙ ලියන සඳරු දුමී වගේ උන්ට හිට්ස් නාන්න. ඒ නිසා විය යුත්තේ ජනප්‍රියම එකාටත් වඩා හොඳම බ්ලොග් ගැන සංවාදයකට යාමයි. ඒක ඇනෝ විදියට මඩ ගහල කරන්න හදනවට වඩා හරවත් විදියට බ්ලොග් කලාවෙ උන්නතියට උදව්ක් වෙයි!

    ReplyDelete
  73. ade oya uda commnet diga ano commnet eka mage maraya upset gohin wagee...mehamai man kiwe mage adahas awankawama kawawath kotawala apita tiyana atal eka mokakda?ubala kamati nati nam api commnet hithata ekagawa adahas danawata noda innam..mehama deyak tiye ano commnet ekakin puluwan direcly kiyanna adu padu .namuth oyalawa danna kenek ahama wewechanaya karawida? danna hamoma awith sha niyama post eka kiyala yana eka neda wenne...mage comment eken kage hari hita ridunanam itin sorry !!

    ReplyDelete
  74. 1. ලිපියක් ලියූ පසු ප්‍රචාරණ මාධ්‍ය දැන් වැඩිය
    2. ගුගල් හිට් කවන්ටරය පටන් ගත්තේ ලඟදිය.... ගුගල්ට උනත් 2009 /2010 මුල් කාර්තුවේ හිට්ස් ඩේටා බේස් එකක් නොතිබිය හැක.
    3. 2006 සිට බ්ලොග් ලියන මොහු අදුනන්නේ කවුද? අන්තර්ජාලයේ මගේ බිත්තිය
    4. සාධාරණ සූත්‍රයක් සෑදිය නොහැක

    හිට්ස් / ලිපි / ෆොලෝවර්ස් / කමෙන්ට් මෙන්ම ලිපියේ අන්තර්ගතයද සැලකිය යුතුයි.

    ජනප්‍රිය බ්ලොග් කරු හා හරවත් බ්ලොග් කරු යනු දෙදෙනෙකි.

    ~

    ReplyDelete
  75. රාජ් මහත්තයා ඉදලා ඉදලා සුපිරි පහරක් ගැහුවා. අර බ්ලොග් එක හිට් කරන හැටි පෝස්ට් එක කියෙව්වට පස්සෙද මන්දා.. :))

    දැන් හිට් කවුද බොල :)

    ReplyDelete
  76. "ජනප්‍රිය බ්ලොග් කරුවා " කවුරුන්ද යන්න සොයා ගත්තා කියා ඇති ඵලය කුමක්ද?
    මේ සූත්‍ර වලට අනුව නම් බ්ලොග් අවකාශයේ කමෙන්ට් කර දැන හැදුනුම් කමක් ඇති කරගෙන ඉන්පසු බ්ලොග් එකක් ආරම්භ කර එහි එක් පෝස්ට් එකක දැමීමම ජනප්‍රියම වීමට හේතුවේ.
    ජනප්‍රිය බ්ලොග් කලින් කලට වෙනස් වෙනවා කියන එකට එකඟයි.
    මමනම් බ්ලොග් ලිපි ලියන්නේ දැනට සිංහල බ්ලොග් ලියන එක්දහස් ගනනට(ආසන්න වශයෙන්) විතරක් බලන්න නෙවෙයි.ඒත් අවාසනාවට හැමදාම අපේ ලිපි කියවන්නේ එකම පිරිසක්.ඒ වගේම සර්ව කාලීන වටිනාකමක් ඇති ලිපි ලියන්න තමයි මගේ උත්සාහය.සෙනසුරු මාරුව ගැන අපි ලියන විස්තරයක් වටින්නේ ඒ කාලෙට විතරයි.ඒත් මහ වෙදනා වගේ කෙනෙක් "දියවැඩියාව පාලනය කිරීමේ ක්‍රම" ගැන ලියන ලිපියක් හරි මාරයාගේ කෑම පොස්ට් එකක්, දුමීගේ විහිළු කතාවක්,සදරුගේ අත්දැකීමක් වගේ දේවල් හැමදාටම රස විදින්න පුළුවන්.වටිනාකමක් තියෙනවා.
    ඇත්තටම මම ආසයි මේ අද ඉන්න බ්ලොග් ලියන්නෙක් මගේ ලිපි කියවනවට වඩා තව අවුරුදු 60 - 70 ක් ගිහින් අනාගත බ්ලොග් කියවන්නෙක් මගේ ලිපි කියවනවට.(එතකොට මම මැරිල තියෙන්නත් පුළුවන්.).ඉලන්දාරියා නැති වුනත් එයාගේ ලිපි ඕන කාලෙක කියවන්න ලැබෙනවා වගේ.

    ReplyDelete
  77. ස්තූතියි රාජ් මගේ නමත් මේ පෝස්ට් එකට ඇතුලත් කරතිබීම ගැන ..

    පහුගිය දවස් කීපයේම මට බ්ලොග් අවකාසේ පැත්ත පලාතේ එන්න බැරි වුණා මගේ ඩොංගල් එකේ පොඩි දෝසයක් නිසා . ඉතින් ඒකත් හදාගෙන මම මේ අවේ මේ ආන්දෝලනාත්මක ලිපිය කියවන්නයි ..

    මේ කතා කරන බාසාවෙන් ගෙඩිය පිටින්ම කතාවක් ලියා දාන මම ජනප්‍රියයි නම් .. මගේ ගමේ ඉන්න සමහර එවුන් බ්ලොග් ලියන්න ආවා නම් රටම අල්ලයි නෙව .

    ඉස්සර නම් හිට්ස් වලට පුදුම විදිහට මමත් පෙම් බැන්ඳා ..ඒත් දැන් එහෙම නෑ ඉස්සර මම මාසෙට ලිපි හතක් ලියන ආතතියෙන් පෙලුනා ඒත් දැන් ඒකත් නෑ .. හොඳ කතාවක් මතක් වුණෝතින් මම ලියන්නම් .. නැත්තම් මම බ්ලොග් කියවගෙන ඉන්නම් ..ඉතින් අපේ නවක බ්ලොග් කරුවන්ට වැඩ අල්ලන්න කාලේ හරි ..

    මම ලියන කතා මිනිස්සුන්ට රස විඳින්න පුලුවන් තත්වයේ ඇති කියලා හිතෙන එක මට පුදුම සතුටක් . කැරකෙන හිට් කවුන්ටරේට වඩා ඒ නිහඬ සතුටම මට රත්තරන්..

    ReplyDelete
  78. @සඳරු - //මගේ ගමේ ඉන්න සමහර එවුන් බ්ලොග් ලියන්න ආවා නම් රටම අල්ලයි නෙව//

    උඹේ කථා කියවන කොට මුණ ගැහුණු සමහර චරිත රටම අල්ලන ජාතියේ ඒව තමයි . ඔය නිහතමානි කම රැකගෙන දිගටම ලියන්න ශක්තිය ලැබේවා !

    ReplyDelete
  79. අනේ මේ මම නං ඔය මොකුත් බලාගෙන නෙමෙයි හිතේ තියෙන ආතල් එකටයි තනියම ඉන්න කම්මැලිකම යන්නයි එක්ක මේ ලියන්න ගත්තේ..

    ReplyDelete
  80. ජනප්‍රිය බ්ලොග්කරුවා කවුද කියන එක කෙසේ වෙතත් ඒක හොයාගන්න සංඛ්‍යාන සූත්‍රයක් හදන්න සංඛ්‍යානය හදාරපු අපේ බ්ලොග්කරුවෙක්ට/කාරියක්ට පුලුවන් නේද?

    රාජ්ගෙ අදහසට එකඟයි. කාලයත් එක්ක බ්ලොග් අවකාශෙ පාඨකයො ගනන වැඩි වෙනවා. උදාහරනයකට මගේ බ්ලොග් එක ගත්තොත් පලවෙනි ලිපි 100ට හිට්ස් 100000ක් තිබුනා. එතකොට සාමාන්‍යය 1000ක් විතර. ඊට පස්සෙ ලියපු ලිපි 38ට 69000ක් හිට්ස් ලැබිලා. එතකොට සාමාන්‍යය 1815යි. නමුත් බ්ලොග් එකෙ මුලු සාමාන්‍යය 1225යි. ඒ කියන්නෙ පසුකාලීනව බ්ලොග් වලට හිට්ස් පැමිණීම සැහෙන්න වැඩිවෙලා තියෙනවා.

    ඒ හින්දා එකම හිට්ස් ප්‍රමානය ගත්ත පරණ බ්ලොග්කරුවෙකුයි අලුත් කෙනෙකුයි සංසන්දනය කරන්න බැහැ. ඒත් ඔය මොන විදිහට ගත්තත් සදරු තමයි දැනට ඉන්න ජනප්‍රියම බ්ලොග්කරුවා. සඳරුගෙ ජනප්‍රියත්වය අර කලින් කොමෙන්ට් එකක තිබුනා වගේ මොන සූත්‍රය දැම්මත් ඉදිරියටම එනවා.

    මම හිතන්නෙ රාජ්ගෙ නවාතැනෙත් ග්‍රවුන්ඩ් බ්‍රේකින් ලිපිය විදිහට උඹට මේ ගැන සතුටු වෙන්න පුලුවන්. :)

    ReplyDelete
  81. මට හිතෙන්නේ වැඩියෙන්ම බලපෑමක් කරන්න පුළුවන් කෙනා තමා සුපිරිම බ්ලොග් කරුවා .... එහෙම බලනකොට අනොනිමසා තමා දැනට ඉන්න සුපිරිම බ්ලොග් කරුවා ... උ ගිය සතියේ ලියපු එකක් ගැන අපි තාම කතාවෙනවා..............

    ReplyDelete
  82. This comment has been removed by the author.

    ReplyDelete
  83. ඉන්දික උපශාන්ත
    ටැබූ හිටියනං එහෙම වෙන්න තිබුන.

    ඇනෝ January 7, 2012 6:36 AM
    නෑ මාරය කියල තියෙන්නෙ මඩ ගැන මිසක් විවේචන ගැන නෙවේ. ඒ නිසා ඔයා සමාව ඉල්ලන්න ඕන නෑ. මම ආයෙත් කියන්නෙ එකවුන්ට් එකක් හදාගෙන ආවනං හරි.

    ReplyDelete
  84. ඇනෝ January 7, 2012 7:05 AM
    ඒ වගේ අවස්තාවල් තියනව. "අන්තර්ජාලයේ මගේ බිත්තිය" මගේ අවධානයට යොමුවෙලා තිබුනෙ නෑ. ඔන්න ඒක මගේ ලිස්ට් එකට දාගත්ත.මේ ලිපියෙන් ඒ දේ හරි උන එකට සතුටුයි. බොහොම ස්තුතියි.

    sAm sRi
    දැං මම.:)

    JHOTHISHALANKA
    //"ජනප්‍රිය බ්ලොග් කරුවා " කවුරුන්ද යන්න සොයා ගත්තා කියා ඇති ඵලය කුමක්ද?// ඵලයක් නෑ. ආතල් එකට:)
    අනිත් කාරණාව සූත්‍ර ගැන ඔයාමනේ අපට කුප්පි දැම්මෙ.:D

    ReplyDelete
  85. සදරු
    //ඉස්සර මම මාසෙට ලිපි හතක් ලියන ආතතියෙන් පෙලුනා ඒත් දැන් ඒකත් නෑ ..//
    උඹේ ලිපියට මම දාපු කොමෙන්ටුව බැලුවද? ඒකෙ තියෙන්නෙ ලිපි ගනනකට හිරවෙලා පීඩනයක් දාගන්න එපා කියල. කියෙව්වෙ නැත්තං බලපං.
    //නවක බ්ලොග් කරුවන්ට වැඩ අල්ලන්න කාලේ හරි ..// උඹ ආයෙත් මොකක් හරි දේකින් පෙළෙනව. තව අවුරුදු ගනනක් යනකම් අපි ඔක්කොම නවකයො තමයි. උඹ ක‍ඩේට ගිහිං එන එක උනත් කියවන්න ආස හිතෙන විදියට ලියනව. ඒ කිසා කතා අඩුවෙයි කියල නොලිය ඉන්න එපා.

    බුවා
    අර ඌරු මස් කන්නෙ නැති මාම ආවනං...

    ReplyDelete
  86. ඔබ නොදු‍ටු ලොවක්
    අපි දෙන්නම එක කාලෙද කොහෙද පටන් ගත්තෙ.

    BLOG ගඩොල්
    බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිල්ල කොමෙන්ටුවක් දැම්මට. මේ පෝස්ට් එකෙන් මාව සෑහෙන්න උඩට ගෙනාව කියන එක නං සහතික ඇත්ත.

    seetha
    සුපිරිම එක්කෙනා ඇනෝනිමසය නෙවේ. එයාගෙ පෝස්ට් විවාදිතයි. ඒකයි. බොහොම ස්තුතියි.

    ReplyDelete
  87. රාජ් මහත්තය පටන් අරන් තියන සාක්ච්ඡාව බොහොම වටිනව . ස්තුතියි!. මම සාමාන්‍යයෙන් නිහඬ පාඨකයෙක් . ඒ වුනත් මේ ගැන මගේ අදහස කියන්න ඕනි

    01)හිටිස් වැඩිම බ්ලොග් කරුවා වෙන එක එච්චර අමාරු නැ , කාට හරි බැනල , මඩ ගහල ලිපි දාන කෙනෙකුට . කුණුහරුප හෝ බ්ලොග් අවකාශය ගැන ලියන එකෙකුටත් ඒක පුලුවන් . එක ලිපියක් කරල සතියක් විතර තියෙන්නෙ ඇරල අනික් එක ලියන මේ වගේ කෙනෙකුට එක ලිපියට හිටිස් ගාන උපරිමයක් ගන්න පුලුවන්

    02) මොන නිර්ණායකය දැම්මත් ජනප්‍රියම බ්ලොග් එක වෙන්නේ හිස් අහස . නමුත් ජනප්‍රියම බ්ලොග් කරුවා මාරයා හෝ කතන්දර හෝ වෙනත් බොහෝ දෙනෙක් දන්න කියන වෙන්න පුලුවන් . බ්ලොග් කාරයා කියන කෙනා ජනප්‍රිය වෙන්න බ්ලොග් එකේ තියන හිට්ස් වලට අමතරව ඒ අය වෙනත් ක්‍රම වලින් අනෙකුත් බ්ලොග් කරුවන් එක්ක පවත්වන සම්බන්ධයත් වැදගත්

    03) දක්ෂතම බ්ලොග් කරුවා සහ හොඳම බ්ලොග් අඩවිය කියන්නේ ජනප්‍රියම එක නොවෙන්න පුලුවන් (නමුත් සඳරු මල්ලිගෙ දක්ෂතාවයත් ඉතාම ඉහල බව කියන්න ඕනි )

    04) බ්ලොග් කරණයට පිටින් අනික් බ්ලොග් කරුවන් එක්ක සම්බන්ධයක් නැති සඳරු, රාජ් , අපේ වෙදමහත්තයා, ඇට මැස්සා , මාලන්, මාතලන් , බුවා(මම දන්න කියන චරිත වලින් උදාහරණ කිහිපයක් පමණි ) වගේ අය අරන් තියන කුමන හෝ ජනප්‍රියතාවයක් ඒ අයගේ ලේඛනයට පමණක් ලැබිච්ච ඒවා . ඒක බොහොම වටිනව


    සියලුම බ්ලොග් කරුවන්ට සුභ නව වසරක් ප්‍රාර්ථනා කරන මම - සාරංග

    ReplyDelete
  88. ඇයි මේ ජනප්‍රියතාවයට මරාගන්නේ?

    කස්ස

    ReplyDelete
  89. දැන් නම් තෝ තමයි බොල..

    ReplyDelete
  90. මම මේ ගැන ගොඩක් ගැටලු සහගත නිසා විභාග දේපාර්තමේන්තුවේ z ස්කොර් සිස්ටම් එක යොදා ගත්තා. එතකොට එකට එන්නේ ලස්සන මූනක් තියෙන ඉතාමත් ජනප්‍රිය බ්ලොග් එකක්. ඒ උනාට අනිත් අය ඒ ක්‍රමය වැරදියි කියලා උද්ගෝෂනය කරනවා. සමහරු නැවත සමීක්ෂනයක් කරන්න ඉල්ලලා. සම හරක් උසාවී යන්නත් හදනවා. පිස්සෝ.. ඉරිසියාකාරයෝ..

    ReplyDelete
  91. Anonymous (January 7, 2012 6:35 PM )
    සාරංගටත් සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනව.
    කියල තියන කාරණාත් එක්ක එකගයි. බොහොම ස්තුතියි ඒකට.
    //මම සාමාන්‍යයෙන් නිහඬ පාඨකයෙක්//
    මම යෝජනාවක් කරන්නම්. ඔය නමින් අයිඩී එකක් හදාගෙන එන්න. ඔබ වගේ පාඨකයන්ට එතකොට අනන්‍යතාවයක් හැදෙනව බ්ලොග් ලිව්වෙ නැතත් කමක් නෑ.

    sAm sRi
    :)

    කස්ස
    සහෝදරයා මේක මරාගැනීමක් විදියටද දකින්නෙ? එහෙම දකින්න එපා. මෙතන ඇතිවුනේ සංවාදයක් පමණයි. ඇනෝකෙනෙක් දෙන්නෙක් මොනවහරි කිව්වට මේ පෝස්ට් එක නිසා කවුරුත් තරහකාරයො ඇතිකරගත්තෙ නැ මම හිතන විදියට. අනිත් කාරණාව මම දකින විදියට වචන වලින් කොච්චර ගහගත්තත් ගැටළුවක් නෑ ඊට එහා යන්නෙ නැතුව. ශිෂ්ඨසම්පන්න සමාජයක ඒකයි වෙන්න ඕන.
    මේක මරාගැනීමක් නම් ලගදි අපේ පැත්තෙ විදේශිකයන්ට එරෙහිව සිද්ධවුන සැහැසිකම් හදුන්වන වචනය මොකක්ද?

    ReplyDelete
  92. මාතලන්
    ලස්සන මූනක් තියන බ්ලොගයක්? කවුද? කොහේද? මං ටියුබ් ලයිඒ.

    ReplyDelete
  93. සරලවම කිව්වොත් “ජනප්‍රියතම බ්ලොග්කරුවා“ යන්න තේරීමෙන් බ්ලොග් අවකාශයට හෝ අදාල පුද්ගලයාට ලැබෙන ප්‍රතිලාභය හෝ පිරිවැය කුමක්ද? හුදු ඔසවා තැබීමක් පමණක් නම් එයත් අර සුපර් ස්ටාර් ගනයට පමණක් වැටෙනු ඇත. ගණිතමය සූත්‍රමත පදනම්ව ජනප්‍රියත්ව සංකල්ප ගොඩනගනවානම් කුනුහරුප ලියන බ්ලොග් වලට යන ප්‍රතිශතය බොහොම වැඩියි.බොහොමයක් විදේශීය සභ්‍යත්වය ඉක්මවා ගිය බ්ලොග් අඩවි වල හිට්ස් යන්ත්‍ර වගේ ඉහල යනවා. ඒත් එහි හරාත්මක අගයක් නෑ. එබැවින් ජනප්‍රියත්ව පමණක් නොවෙයි හර සම්පන්න බව පරික්ෂාකල යුතුයි

    ReplyDelete
  94. මෙයාලට තියෙන ප්‍රශ්න..ඕවා ගැන ඔය තරම් නොහිතා අපිත් එක්ක ඔයාලගෙ නිර්මාන බෙදාගත්තනම් ඉවරයි නේ..@Janarangana wijaindu මම සම්පූර්නයෙන්ම එකඟයි..

    ReplyDelete
  95. වෙද ගෙදර හා සදරු 1

    ReplyDelete
  96. Janaranga & පුංචි කුමාරිහාමි
    නිකං ආතල් එකට ලිව්වෙ! අනිත් එක මගේ ජ්‍යාමිතික සූත්‍රය.

    Anonymous
    ඒක ඔබේ තීරණය

    ReplyDelete
  97. කතන්දර-sl ranaka-1185/alexa rank-368661

    රංග-sl ranaka-1467/alexa rank-614304

    මාරයා-sl ranaka-1778/alexa rank-478987

    සඳරු-sl ranaka-එහෙම එකක් තවම නැත/alexa rank-873834

    දුමී-sl ranaka-නැත/alexa rank-1909433

    දුකා-sl ranaka-නැත/alexa rank-2232170

    සොඳුරු සිත-sl ranaka-නැත/alexa rank-2219878

    සිත් ආර-sl ranaka-නැත/alexa rank-5265125

    පොඩි කුමාරිහාමි-sl ranaka-නැත/alexa rank-4291888

    දිල්ශාරා-sl ranaka-නැත/alexa rank-1624538

    ඔය තියෙන්නේ දැනට ඇලෙක්සා රේටින්ග්ස් අනුව තත්වය.
    ඒත් බයිස්කෝප් අඩවියත් ගොසිප් අඩවිත් ඉන්නේ මෙයාලට වඩා හුගාක් ඉස්සරහා.

    ආ අර අපේ ඇනෝනිමසා ගැනත් කියන්න ඕන නේද?

    ඇනෝනිමස්ට ලංකාවේ රේටින්ග්ස් නැත. ඒත් කැනඩාවේ රේටින්ග්ස් පෙන්නනවා ඒ ඇයිද මංදා?
    ඒ අනුව කැනඩාවෙන් ඇනෝ 24466ත් ඇලෙක්සා රේටින් අනුව 1423382 කියන තත්වයත් පෙන්නනවා.

    හිතන්න දෙයක් තියෙන කාරණාවක් මේවත්.ඇලෙක්සා රේටින්ග්ස් කියන්නේ අහක දැමිය යුතු දෙයක් නෙවෙයි.

    ඒ වගේම ලංකාවේ රේටින්ග්ස් වලට අනුව මාරයා ඉන්නේ අංක 3නේ සහ රංග අංක 2කේ උනත් ඇලෙක්සා රේටින්ග්ස් අනුව රංගට වඩා මාරයා ඉස්සරහින් ඉන්නවා. ඒ වගේම කතන්දර පහුගිය මාසේ සීයයට 3ක දියුණුවකුත්, මාරයා සීයයට 8ක පසු බෑමකුත් තියෙනවා.

    මම යම් කිසි කාරණාවකට මෙයට මාස කිහිපයකට කලින් බලනකොටනං සඳුරුට ලංකාවේ රේටින්ග්ස් තිබුනා. ඒත් දැන් ඒක පේන්නේ නැහැ.ඒ වෙනකොටනං සඳුරු හිටියේ ඔය මුල්පෙලේ අයට වඩා දෙසිය පණහකට විතර පිටුපසින්.
    කොහොම උනත් ගොසිප් සයිට් තමයි වැඩිම රේටින්ග්ස්වල ඉන්නේ ලංකාවේ හැටියට. එහෙම බැළුවම
    ඔය මුලට එන හුගාක් ඒවා අධ්‍යාපනික හෝ සම්භාව්‍ය කියලා ගොනු කරන්න අමාරුයි කියලයි මට හිතෙන්නේ කතන්දර/මාරයා/රංග/සඳරු මේ කවුරුත් ජනතාවට ආතල් දෙන්නෝ මිස අර කිව්ව ආකාරයේ හරවත් අඩවි නෙවෙයි.
    ඒත් ජනතාවට ආතල් දීමත් හරවත් වැඩක් හැටියට සලකන මට අනුවනං ඔය කවුරුත් වැදගත් කොටසක් කරනවා. ඇනෝ උනත් එහෙම තමයි. ඒත් ඇනෝ ආතල් දෙන විදියේ පොඩි හිරිකිතයක් තියෙනවා.
    අපි කරන්න ඕන කතන්දර/මාරයා/රංග/සඳුරු වගේ අය රැක ගන්න එක මිසක් ඇනෝලා වගේ පාලනයක් නැති සමාජ නාශක අඩවි රැක ගැනීම නොවන බවත් කරුණාවෙන් මේවා කියවන මහත්වරුන්ට කියන්න කැමතියි.
    ස්තූතියි.
    සිංහල සයිබරයට ආදරය කරන හිතවතෙක්.

    ReplyDelete
  98. ඇයි මේ ඇනෝ (සිංහල සයිබරයට ආදරය කරන හිතවතෙක්.) පරා ලියන http://w3lanka.blogspot.com/ ගැන දාලා නැත්තේ?

    පොලිටිකල් බ්ලොග් එපාද?

    ReplyDelete
  99. ලගම ඇනෝ
    ස්තුතියි.

    කතන්දර
    මගේ මුල මාතෘකාව සූත්‍රය නිසා ඔය කාරණාව මට වැදගත් උනේ නෑ. ඒත් මම හිතන විදියට පුවත් සහ ගොසිප් බ්ලොග් අඩවි අපේඒවට වැඩිය ජනප්‍රියි. ඒකෙ දෙකක් නෑ.

    සියල්ලන්ටම,
    බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිල්ල අදහස් දැක්වීම ගැන. මා මේ ලිපිය පළකලේ ගණිතමය සංවාදයක් ඇතිකිරීමට මිස ජනප්‍රියම බ්ලොගය තෝරන සුපර්ස්ටාර් වැඩසටහනක් වැන්නක් කිරීම නොවේ. එමෙන්ම ජනප්‍රිය බ්ලොග් අඩවිය පිළිබද මගේ විනිශ්චය දීමටද නොවේ. එහෙත් දක්වනලද අදහස් ඔස්සේ සංවාදය ඒ දෙසට ඇදී ගියේය. උදාහරණ වශයෙන් නම් සදහන් කල ‍බ්ලොග්කරුවන්ගේ සිත් රිදීමක් ඇතිවූයේ නම් සමාව අයැදිමි.

    කෙසේ වුවත් දෙබරයට ගල් ගැසීම, අවසානයේ මීපැණි කෑමක් දක්වා රසවත් වූයේ ජනප්‍රියත්ව‍යේ පහලින් සිටි මෙම අඩවියට, මෙම ලිපියත් සමග ලැබුනු පිවිසුම් ගනන දුටුවිටය.

    ReplyDelete
  100. අපිනම් පේන්නවත් නැතෝ හික් හික්.

    ReplyDelete
  101. කොමෙන්ට්ස් නම් 90%ක්ම කියෙව්ව.
    ලිපිය වටිනව.
    ඒත් ඇත්තෙන්ම ජනප්‍රිය කෙනා හොයන එකේ ලොකු ප්‍රයෝජනයක් නම් නෑ නේද? මොකද එකිනෙකා ලියන්නෙ විවිධ මාතෘකා ඔස්සේ. ඒ ඒ මාතෘකා වලට කැමති පිරිස විවිධ ප්‍රමාණ වෙනවා.
    උදා: පරිගණක තාක්ෂණය ගැන ලියන බ්ලොගයකට එන පිරිස වැඩී, ඉතින් හිට්ස් උනත් වැඩී. ඒ කෙනාට ඉන්න potential readersල ගාණත් වැඩී.
    කවි ලියන බ්ලොග් එකක් ගත්තොත්, කවි වලට කැමති අය පරිගණක තාක්ෂණයට කැමති අයට වඩා අඩු ඇති. එතකොට එයාට ඉන්න potential readersල ගාණ අඩු නිසා එයාගෙ හිට්ස් අඩු වෙයි. නමුත් ඒ බ්ලොග් එක වඩා ජනප්‍රිය වෙන්න ඉඩ තිබෙනවා.
    ඉතින් මගෙ අදහස විවිධ විෂයන් ගැන ලියන බ්ලොග් සාර්ථකව සංසන්දනය කරන්න බෑ කියලයි. පුළුවන් වෙන්නත් පුළුවන්, එහෙනම් ඒකට සාර්ථක සූත්‍රයක් අවශ්‍යයි.
    මගෙ පුද්ගලික අදහස.

    කාර්යබහුලත්වය නිසා බ්ලොග් කියවෙන්නෙම නැති නිසා (ලියවෙන්නෙත් නෑ වගේ ටිකක්) ලිපිය දැක්කෙ අද.

    ReplyDelete