Monday, October 10, 2011

ඉලෙක්ෂන් ඩියුටි.

මේ දවස් ටිකේම ජාලෙට එන්න බැරිවුනේ මැතිවරණ රාජකාරි සදහා සූරියවැව ප්‍රදේශයට ගිය නිසා. ඒ නිසා අද කතා කරන්න යන්නෙ මැතිවරණයත් එක්ක බැදුනු රාජ්‍ය සේවයේ උප සංස්කෘතින් ගැන කියන්න.

ඉලෙක්ෂන් එකට දවසකට ‍හෝ දෙකකට කලිනුයි ඒ සදහා නිවාඩු ලැබෙන්නෙ(රාජකාරී ස්වභාවය අනුව). ඡන්ද මධ්‍යස්ථානෙක නං ඩියුටිය තියෙන්නෙ, කලිං දවසෙ හවස දෙක විතර වෙනකොට රාජකාරියට වාර්තා කරන්න ඕන. පිරිමි නිලධාරීන් මධ්‍යස්ථානයේ නැවතී ඉන්න ඕන කියල තමයි නීතියෙ තියෙන්නෙ. කිට්ටුව ඉන්න සමහරු රෑ වෙනකොට ගෙවල්වල ගියත් බොහොමයක්දෙනා රෑට මධ්‍යස්ථානෙ නවතින්න බලාගෙන එන්නෙ.

රාජකාරියට ඇවිල්ලා අත්සන් කරලා ඉවරවෙලා කරන්නෙ පසුදා අන්තිමට කරන්න ඕන වැඩවලින් කරන්න පුළුවන් ප්‍රමාණය ඉවරකරන එක. ඡන්ද පෙට්ටියත් එක්ක භාරදෙන්න ඕන කරන ලිපිලේඛණ ගොඩාක් තියනවා. මේ හැම එකක්ම එක එක කවර වල දාල දෙන්න තියෙන්නෙ. කවර වල අදාල කරුණු සටහන් කිරීම, පිරවීමට ඇති ආකෘතිපත්‍ර ආදියේ කොටස් පිරවීම වගේ දෙවල් තමයි කරන්නෙ. ඔය කියන වැඩ ටික අවසානයේ කාන්තා නිලධාරීන් ගෙවල්වල යනවා.

ඊට පස්සෙ තමයි හොදමහරිය තියෙන්නෙ. මෙතෙක් වෙලා එකට වැඩටික කරලා ඇතිකරගත් "ෆිට්එක" වර්ධනය කරගන්න තමයි පිරිමින්ගෙ ඊලග උත්සාහය. ආගිය තොරතුරු කතාබහ කරලා මාතෘකාවට එනවා.

"මොනවහරි කරනවද?"

ඔය ප්‍රශ්නයෙන් පස්සෙ කන බොන අය සල්ලි එකතුකරලා "බඩු" ගේන්න යනවා. ඉස්සර නං ගොඩක්දෙනා ඩියුටි යන්නෙම "ගලක්" බෑග්එකේ දාගෙන. දැං පරම්පරාව එහෙම නැත්තෙ එයාල හොද අය නිසාද එහෙමත් නැත්නං හැමතැනම බාර් තියන නිසාද කියල දන්නෙ නෑ. අනෙක මෙතනදී මේකට කාගෙවත් තහංචියකුත් නෑ. මොකද ඉස්කෝල ගොඩනැගිල්ලක හරි ප්‍රජාශාලාවක හරි ඡන්ද පෙට්ටිත් පරිස්සං කරගෙන, මදුරුවො තලමින් "අමුවෙන්" නිදාගන්නව කියනඑක ලේසි වැඩක් නෙවේනෙ. ඊටපස්සෙ ඉතින් වෙනදේ කියන්න ඕන නෑනෙ. අවසානයේ කස්ටිය එක අම්මගෙ දරුවො වගේ වෙනවා. මේකට බොහෝවිට ඡන්ද පෙට්ටි ආරක්ෂාවට ඉන්න පොලීසියෙ රාලහාමිලා දෙන්නත් සහභාගී වෙනවා.

ග්‍රාම නිලධාරී මහත්තයගෙ සහයෝගය මෙතනදී අතිශයින් වැදගත්. එයාගෙ මාර්ගයෙන් තමයි මයියොක්ක, දඩමස්, කිරිපැණි වගේ දේවල් ලැබෙන්නෙ. "තනි අකුරෙ බඩු" තියන පළාතක නං ඒවත් ලැබෙනවා. ග්‍රාම නිලධාරී මහත්තය කුම්මැහියෙක් හරි එහෙම නැත්තං ගමේ උදවියගෙ අප්‍රසාදයට පත්වෙච්ච කෙනෙක්හරි උනොත් සොරිම තමයි. ග්‍රාම නිලධාරිණියන් හිටියත් ටිකක් විතර අවුල් තමයි. ඒ වුනත් "දුක හදුනන" නිලධාරිණියන් ඕන තරම් ඉන්නවා.(මට මතකයි එක සැරයක් මේවගේ රාලහාමිනේ කෙනෙක් අපිට තම්බපු මයියොක්කයි ගල් බෝතලයකුයි ගෙනත් දුන්න).

බීම ඇරුනම මේවගේ තැන්වලදී නෑමත් ප්‍රධාන තැනක් ගන්නවා. දිය ඇල්ලක් ගගක් ඔයක් ... ආදී වශයෙන් "හොදට නාගන්න" පුළුවන් තැන් තිබුනොත් ඒවා ප්‍රයෝජනයට ගන්න අමතක කරන්නෙ නෑ.

ඡන්දෙ දවස ගැන කියනවනං "කටඇති පුතාල" හිටියොත් පාළුව මැකෙනවා ඇරෙන්න එදාට එහෙමකට ආතල් එකක් නෑ. "කාන්තා ඡන්ද පෝලිමේ" "සුලැගිල්ල පාටකිරීමේ" රාජකාරිය තමයි ටිකක්හරි හොද ඩියුටියකට තියෙන්නෙ. හතර උනාට පස්සෙ කවුරුත් ට්‍රයි කරන්නෙ ඉක්මනින් ගෙදර යන්න.

අවසානයේදී ඡන්දෙ ඉවරවෙලා ෆෝන් නම්බර් එහෙම ඉල්ලගෙන වෙන්වෙලා ගියත් ඊටපස්සෙ සම්බන්ධතා ඇතිවෙනව ගොඩක් අඩුයි කියලත් කියන්න ඔන.

22 comments:

  1. "කාන්තා ඡන්ද පෝලිමේ" "සුලැගිල්ල පාටකිරීමේ"

    බොලේ නියම ඩියුටියක්නෙ ඒක නං,කොල්ලෙක් දැම්මම එතෙන්ට, ආච්චිල වැල නොකැඩි එනව ඇති..

    ReplyDelete
  2. ලියන්නකො හොද ඉලෙක්ෂන් ඩියුටි කථා සෙට් එකක්. නැගලා යයි.

    ReplyDelete
  3. @Observer
    මේ සැරේ අපේ මධ්‍යස්ථානෙට ඇවිල්ල හිටියා පලවෙනි වතාවට ඩියුඩි ආපු කොල්ලෙක්. ඔය ඩියුටිය ඉල්ලලා ඌ ඇඩුවෙ නැතිඑක විතරයි. මගේ කලිං ඔෆීස් එකේ සී.සී. මහත්තය මට කියල දුන්න ඔය ඩියුටිය කරන විදිය ගැන.ඒක කරල පෙන්නනවා මිසක් කරන විදිය දාන්න බෑ.
    අම්මපල්ල මේ ඩියුටිය හරියන්නෙ ඔබා අයියටම තමයි.

    @වෙද ගෙදර මහ වෙදනා
    මටත් එහෙම හිතෙනවා. ඒත් අද සමාජයේ කතා කියන්නන්ට ඉඩක් නෑනෙ මේ දේසපාලකයො නිසා....:D

    ReplyDelete
  4. ෂඃ, මටත් ඡන්ද ඩියුටි කරන්න ආසාවක් ඇති උනා....! හ්ම්ම්...මම අවුරුදු 10කින් විතර ඡන්දේ දාලත් නෑනේ බොලේ.... ඒත් මම නොදැම්මට මගේ ඡන්දේ කවුරුහරි දාගන්නවා ඇතිනේ කියලා හිත සනස ගන්නවා....!

    ReplyDelete
  5. @දුමී
    ඡන්ද ඩියුටි කියන්නෙ හොද අත්දැකීම් ගන්න පුළුවන් තැනක්(ආතල්ද සමග).
    දුමී ඉන්නෙ රට නේද? රට ඉන්න අයගෙ නමට ඉස්සරහින් A අකුර තියනවා(අබ්‍රෝඩ්).ඒ නිසා ඡන්දෙ නං දාන්න නැතිව ඇති කවුරුවත්.

    ReplyDelete
  6. @Observer
    නෑ ඔබා අයියේ. සී.සී. මහත්තයා කියපු විදියට, ඡන්දෙ දාන කෙනා ඉන්නෙ අපිට ඉස්සරහින් නේ. අපේ වමත උඩ ඡන්ද දායකයගෙ වමත තියල දකුණු අතින් සුලැගිල්ල පාට කරන ගමන් වමතේ මැදගිල්ලෙන් ඡන්ද දායිකාවගේ අත්ලට කිතිකවනවා. ඕං මං නං ඕව කොරන්න ගියේ නෑ...:D

    ReplyDelete
  7. ඡන්දෙ තිබ්බට මොකෝ මාත් තාම දාලා නෑ! ලංකාවේ ඉන්න එපැයි චන්දෙ දාන්න :)

    ReplyDelete
  8. @Sabith
    ඡන්දෙ දාලම නැද්ද?එහෙනං තව කාලෙකට දාන්න වෙන්නෙ නෑ.

    ReplyDelete
  9. අත්දැකීම් නැතත් ඔය සීන් හොඳට දන්නවා , අපේ පලාතට පිටින් එන අයට ග්‍රාම සේවක් මහත්තය දෙන පලවෙනි උපදෙස , මහත්තයල ගඟට යනව ඉතින් මාත් එක්ක විතරයි ඕං ...

    ReplyDelete
  10. @buwa
    මටත් ඉතිං ගගක් කිවුවොත් ඊටවඩා දෙයක් නෑ. කියන්න දෙයක් තියනවා, කොහොම වුනත් ඉලෙක්ෂන් ඩියුටි යන අය අනතුරුදායක වැඩ කරනවා මම නං දැකල නෑ.(මේකට හේතුව මං හිතන්නෙ ඩියුටි එන අයගෙන් බහුතරය පැසුණු අයවලුන් වීම).
    බුවාලගෙ ගගේ නාන්න ක්‍රමයක් තිබුනනං...

    ReplyDelete
  11. මෙදා පාර ඡන්දේ වෙනකොට මාත් හිටියේ නුවර. අම්මෝ එහෙත් මාර විදිහට ඡන්ද උනුසුම තියෙනවා.

    ReplyDelete
  12. මම ඡන්දේ දාන්න යන්නේ නැත්තෙත් ඕකමයි. ඇඟිල්ල පාර කරන් කෙල්ලෝ අල්ල කිචිකවනවා. මම හොඳ මනුස්සයා උනාට මල්ලි මහ වස වර්තියා. පොත් ප්‍රදර්ශන බලන්න යන්නේ නැත්තෙත් ඒකයි. ඇයි මිසි ලා ලේ ගන්නකොට.

    ReplyDelete
  13. පැසුණු අය විතරක්ම නෙමේ ලපටි අයත් එනව ඩියුටි වලට , ඔය කොයි කවුරුත් ඉතින් දෙකක් දා ගත්තට පස්සේ චණ්ඩි තමයි , ඇත්තට ම ඕක අපේ ගෙවල් ගාව සිද්ධියක් නෙවෙයි චුට්ටක් දුරින්(කිලෝ මීටර 10-15) පලාතක සේවය කරන ග්‍රාම සේවක මහත්තයෙක් තමයි කිව්වේ , ඒ පලාත් වල ඉතින් නැති දෙයක් නැ , තනි අකුර ඕනි තරම්

    ReplyDelete
  14. ඉතින් අය්යෙ අල්ල කිචි කැව්වම මොකෑ වෙන්නෙ?

    ReplyDelete
  15. මයියොක්ක, දඩමස්, කිරිපැණි වගේ දේවල් ලැබෙන්නෙ. "තනි අකුරෙ බඩු"

    ෆට්ටයිනෙ!

    ReplyDelete
  16. මමත් චන්දේ දාලා නෑ තාම.. ලංකාවෙන් පිට ඉන්න නිසා.. ඉතින් අයියත් අර සී.සී මහත්තයා කියපු විදිහට කරලා බලන්නනේ තිබුනේ...

    ReplyDelete
  17. සහෝ..උබේ..ලිපිය දැක්කම මට අතීතය මතකේට ආව...මගේ තාත්තත් ඉස්සර ඔය රාජකාරියට යනවා....එතකොට රාත්‍රියේ ගෙදර ලොක්කා මම මොකැ අම්මයි නගයි විතරයි..ගෙදර....
    හැබැ එක අමතක නොවෙන සිදුවීමක් තිබුනා...
    එතකොට තාත්තට මැතිවරන රාජකාරි යෙදිලා තිබ්බේ බදුල්ලේ.... මම ලොක්කවගේ ගෙදර තිබ්බ මොටොබයික්කේ අරගේන ටවුමට ගියා...ඔය අල්ල පනල්ලේ මාව ත්‍රිවිලර් එකක හැපුනා....තාත්ත ගෙදර එනකොට ...හොර පුසාවගේ මාත් ගේඅස්සට වෙලා ඉන්නව..පස්සේ දොස්මුරෙකුත් එක්ක කාලයකට බයිසිකොල් පැදිල්ල තහනම් කොරා...හි..හි..

    ReplyDelete
  18. @all
    සමාවෙන්න ඕන පරක්කු උනාට. දහ වෙනිදයින් පස්සෙ ආවෙ අද. කොමෙන්ටු දාපු හැමෝටම ස්තුතියි.

    ReplyDelete
  19. යකෝ ඡන්ද ඩියුටියත් මාර ෆන්නෙ බැලුවාම .......

    ReplyDelete
  20. @පන්සල් හංදිය
    ඒකනේ කියන්නේ....

    ReplyDelete
  21. මමත් එක පාරක් පැෆරල් එකෙන් මැතිවරණ නිරීක්ෂණේකට ගියා. සුපිරියි තමා :))

    ReplyDelete