Tuesday, February 21, 2012

මනෝ විකාර. (2035 කතන්දරයක්)

තරුණ ගායකයා නිවසේ සාලයේ පුටුවක් මතට වී සිටී. සුවපහසු කුෂන් පුටුව මත හිද සිටින ඔහුගේ හිස ඉහලට යොමුවී ඇත. රූපවාහිණිය ක්‍රියාත්මක වෙමින් තිබුනද ඔහුගේ අවධානය ඒ තුල නොවීය. ඔහුගේ පියා පැමිණ අනෙක් පසින් හිදගත්තද ගායකයා ඒ බැව් නොදත්තේය.

"මොකද පුතා කල්පනා කරන්නෙ? මොකද්ද ප්‍රශ්නෙ?"

පුතා තවමත් නිහඩය. ඉහලට හැරවී තිබූ තම හිස අංශක 90ක් පහලට කලා පමණි.

"වීඩියෝ එක කරන්න සල්ලි මදිද? මම කිව්වනේ ETF එක ලැබුන ගමන්ම කීයක් හරි දෙන්නං කියල"

එවර පුතා පියා දෙස බැලූවේය.
"වීඩියෝ එක කරන්න බෑ තාත්තේ"
ඔහුගේ හඩෙහි කළකිරීමේ ස්වභාවයක් ඇත.

"ඕව ඔහොම තමයි ළමයෝ.... සීඩී එකේ සල්ලි අඩුවෙන් ලැබුනෙ ඔයා හරියට හොයන්නෙ බලන්නෙ නැතුව ඒ ගිවිසුම අස්සං කල නිසානේ...."

"ඒකනෙ මම මුලින්ම කිව්වෙ අපේ අයියට කියන්න කියල..... එයා ඕව ගැන දන්නවනෙ.... කොහේද පුතත් තාත්ත වගේමනේ..... තමංගෙ හිතුමතේටනෙ වැඩ කරන්නෙ"

එවර සංවාදයට මැදිහත් වූයේ කුස්සියේ සිට පැමිණි ගායකයාගේ මෑණියන්ය.

"අනේ ඔයාගෙ අයිය! එයා මැදිහත් උනානං ලැබිච්ච ටිකවත් නෑ.."
"සල්ලි නං කොහොමහරි හොයාගන්න බැරිය අම්මේ ,....."

"ආ.... පුතා ඔයාට ......මාස්ටර් අල්ලගන්න බැරිවුන නිසා නේද මේ නොකා නොබී ඉන්නෙ? මම කිව්වනෙ ඔය මාස්ටර් එක විදියක් කියල. එයා විතරද ඉන්නෙ අනේ මේ ලංකාවෙ මියුසික් කරන්න! අපි වෙනකෙනෙක් බලමු."

"එයාගෙ මියුසික් මට ඕන නෑ අම්මේ"
"එහෙනං රිගින් ටෝන් වලට සිංදුව දාගන්න බැරිවුන නිසාද?"
"ගෑණු ලමයගෙ ප්‍රශ්නයක්ද?"
එවර ගායකයාගේ මුවේ මලානික සිහින් සිනාවක් ඇදිනි.
"හ්ම්" ඔහු පිලිතුරු දුන්නේය.

"ඇයි? මොකද ප්‍රශ්නෙ? ගෙවල්වලටත් කිව්වට පස්සෙ ඔයාල තරහ උනාද?"

"නෑ තාත්තේ,... මගේ සිංදුවක් තාම තහනං උනේ නෑනේ. එයා කියනව තරුණ ගායකයෙක් උනාම සිංදුවක් දෙකක් තහනං වෙන්න ඕනලු. එතකොටලු නමක් හදාගන්න පුළුවන් වෙන්නෙ. එහෙම නැති ගායකයෙක්ව බැදගන්න එකෙන් එයාටලු ලැජ්ජා වෙන්න වෙන්නෙ. දැං ඉතිං ඉතිපිසෝ ගාථාව රැප් එකකට දාල සිංදුවක් කරන්නයි වෙන්නෙ. ඒක විතරයි තවම කවුරුත් ගත්තෙ නැති ඒව තියෙන්නෙ"


28 comments:

  1. ඔය ඉතිපිසෝ ගාථාව සෑහන කාලෙක ඉඳං ‍රැප් වෙනව බං. යකෙක් දැක්ක හැමවෙලාවකම මහ හයියෙන් දුව දුව කියවෙනෙම ඕකෙනෙ.

    ReplyDelete
  2. අදයි මේපැත්තෙ ආවේ....:)
    හිකිස්...මාර ප්‍රහාරය...කියල වැඩක්නෑ.....

    ReplyDelete
  3. මමත් හිතනවා ඒකත් වෙයි. හැබැයි මම නම් ඕවා ගැන බලන්නේ උපේක්ෂාවෙන්. සියල්ල නැසෙන සුළුනම් බුදුදහම ස්ථිර වෙන්නෙ කොහොමද? ඒ නිසා ඒක එහෙමයි. ඔබගේ හැකියාව ඉතාම විශිෂ්ටයි.

    ReplyDelete
  4. තහනම් වෙන බව දැන දැනම සිංදු ලියපු / කියපු අය 1970 ගනන් වලත් හිටියා වගේ මතකයි....ඒ අය ලිව්වේ/කිව්වේ ආණ්ඩුවට දිරවන්නේ නැති සිංදු. දැන්නම් එහෙම නෙවෙයි...

    ReplyDelete
  5. 'නමෝ..නමෝ..මාතා...සොරි...ශ්‍රී ලංකා මාතා' රැප් කොරොත් මොකද ?

    ReplyDelete
  6. ඇත්තටම කවද හරි මෙහෙමත් කියයිද අනේ.... කවද හරි නෙවේ, දැනටමත් කියනවද දන්නෑ....

    ReplyDelete
  7. මොහොදීන් බෙග් බුද්ධං සරණං ගඡ්ඡාමී රැප් කලාට අවුලක් නෑ. කොල්ලෙක් ඕක කරාම තමයි මරන් කන්න හදන්නේ.. අර්යධම්ම "බ" කරේ කිසි අවුලක් නැතුව...

    ReplyDelete
  8. ගොඩ දෙනෙක් වලිගෙ පාගාගෙන නේ කෑ ගහන්නේ.ඉස්සරහට ඔහොම කාලයක් එන්නත් බැරි නැහැ.

    ReplyDelete
  9. ඕවා පිස්සු විකාර අෆ්ෆා ගෑනුන්ට කොහොමත් ඕන මොන විදිහකින් හරි ජනප්‍රිය වෙන පොරවල්නේ

    ReplyDelete
  10. නියම කතාව මචං. :-D

    ඔය විධියටම නොවුණත් ඔයිට ලඟින් ඕක වෙන එක වලක්වන්න බැරි වෙයි. මොකද සමාජය කියන්නෙ තහංචිය බිඳගෙන ඉදිරියට යන එකක් නිසා. හැමවෙලේම පැරණි පරමාදර්ශ බි‍ඳෙමින් වෙන වෙන ඒව හැදෙනව.

    ජයන්ත සහ ලෙලුම් රත්නායක දෙන්නගෙ V2 - ඇසල නිල්සඳ ඇල්බම් එකේ මුල්ම සින්දුව "සලපතල මළුවක". ඒකෙ සංගීතය නදීක ගුරුගේ මහත්තයගෙ නිර්මාණයක්. ඉතිපිසෝ ගාථාව සංගීත ඛණ්ඩයක් විධියට ගැඹුරු මන්දගාමී හඬකින් පසුබිමින් ගැයෙනවා...

    ඒ සින්දුව යම් කාලෙක රැප් කළොත් කරන්න දෙයක් නෑ...

    ReplyDelete
  11. අද ජනප්‍රිය වෙන්න අළුත්ම ක්‍රමේ.. බලන්න ඕන ට්‍රයි එකක් දීලා..

    ReplyDelete
  12. ඇයි 2035 දි නෙමෙයි ඔයකතාව වෙන්න තව අවුරුදු 3ක් හොඳටම ඇති . මට මතකයි විනී හෙට්ටිගොඩගෙ කාටුන් එකක තිබුනා තව ටිකදවසක් යනකොට නිවුස් නවත්වලා ඇඩ් එකක් දායි කියලා. ඒ කාටුන් එක ඇඳලා තිබුනෙ ප්‍රෙමදාස යුගයෙ ඒ කියන්නෙ.

    ReplyDelete
  13. අයියෝ අපේ කට්ටිය තව අවුරුදු 23ක් බලං ඉඳීද ඕක කරන්න....?

    ReplyDelete
  14. මම නම් හිතන්නේ නැ ඕක කරන්න ඒ තරම් කාලයක් යාවි කියලා නම්..

    ඇත්තටම ඒ සින්දුවේ එහෙම ලොකු අවුලක් තිබුනද?

    ReplyDelete
    Replies
    1. සිංදුවෙ ලොකු අවුලක් නෑ. නැත්තෙත් නෑ.

      Delete
  15. දැන්මම ඕක ක්‍රියාත්මක කරලා බැලුවා නම් අහවරයිනේ. :D

    ReplyDelete
  16. නවම්
    මට නං තාම එහෙම කේස් එකක් වෙලා නෑ.

    නිසපුගේ ලෝකය
    බොහොම ස්තුතියි ආවට.

    වෙද ගෙදර මහ වෙදනා
    මගෙත් අදහස ඒක.

    kandyan
    දැං ආන්ඩුවට විරුද්ධ ගීත නැත්තේ සුදුවෑන් නිසා වෙන්නැති. ආගම සම්බන්ධ කරගත්තම කොච්චර උනත් මැැරෙන්න වෙන්නෙ නෑ කියන විශ්වාසය හරි තියන එකම මදැයි.

    Observer
    බ්ලොග් අවකාශයේ ටිකක් විතර කතාවෙයි.

    Miyuru
    දැනටත් තියනවලු රැප් නැතිව.

    මාතලන්
    මම උඹත් එක්ක පැටලෙන්නෙ නෑ. ඒත් එකක් කියන්න ඕන. මොහිදීන් බෙග් කිව්වෙ බුදුගුණ ගීත. එතුමා ආදර ගීතවලට ගාථා යොදාගත්තෙ නෑ. දැං ඉන්න කොල්ලො බල්ලොන්ට වඩා එතුමා ශ්‍රේෂ්ට වෙන්නෙ ඒකයි.

    අසරණයා
    කියන්න බෑ. එන්න පුළුවන්. ලොකු ජෝන්ගෙ කොමෙන්ටුව බලන්න.

    මඩිස්සලේ නිශාන්
    ඕවට උත්තර දීල මට ගෙදර ඉන්න බැරි වෙයි. :)

    hare :-)
    හරිනේ! ඒක රැප්කලාම හරි. සියලු සංස්කාරයෝ නැසෙනසුළුය!

    Dinesh
    කෙල්ලෙකුත් නැතිඑකේ ට්‍රයි එකක් දීපං බලන්න.

    Loku John
    ඔය විදියට විහිළුවට කියන අනාවැකි ඇත්ත වෙනබව උදාහරණ ගොඩක් තියනව.
    අපි නොදන්න ලයිව් එකේ මැච් එකක් බලනකොට ටීවී එක පුැා ඇඩ් ආන සීන්එක මතකද? ඇන් ඒක ඇත්ත වෙලා.

    Shani
    නෑ නෑ ලොකු ජෝන් කියන විදියට අවු. තුනයි.

    Praveena Palipana
    කොහෙද පොඩ්ඩිලා හොයන්නේ ඒවගේ අයනේ. ආ.... මේ පොඩ්ඩිද?

    ReplyDelete
  17. ඔව් අනේ පොඩ්ඩිම තමා. මගේ බ්ලොගේ අවුලක්. කෝ ඒත් හදලා දෙන්ට කෙනෙක් නෑනේ...:(

    දැන් බ්ලොග් නම වෙනුවට ඇත්ත නම වැටෙන්නේ. නම ලස්සනයි නේද?...:)

    ReplyDelete
    Replies
    1. ලස්සනයි නේන්නං. කුමාරිහාමි කෙනෙකුටම ගැලපෙන නම :)

      Delete
  18. දුකත් හිතෙනවා බං දැන් සමාජෙ යන හැටියට, අපේ පොඩි උන්ට මොන අනාගතයක් තියේද මන්ද ........

    ReplyDelete
  19. ඉතිපිසෝ ගාථාව රැප් කරද්දී මැද්දෙන් ඇහෙන්න ජයමංගල ගාථ ටිකකුත් දාමුද.මං දන්න ලස්සනට කියන නංගිලා ටිකක් ඉන්නවා. එයාලාට කියලා වැඩේ ගොඩ දාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. පන්සල් හංදිය
      උංට රැප් නරන්න දෙයක් ඉතිරි වෙන්නෙ නෑ.

      බට්ටි
      ඔන්න ද්‍රෝහියෙක් වෙන්න හදන්නෙ. ;-)

      Delete
  20. ආටානාටිය නං කොහොමටත් රැප් තමයි!

    ReplyDelete
  21. අද හෙටම ඒකත් රැප් වෙයි !

    ReplyDelete
  22. අයියෝ බං 2035 දිත් සීඩී ද... අඩුගානෙ ඒබීසීඩී වත් වෙන්න එපයි.

    ReplyDelete
  23. ‍රැප් ද රේප් ද මන්දා....

    ReplyDelete
  24. එහෙනම් රාජ් අයිය කියමුද සින්දුවක්............:))))))

    ReplyDelete