Monday, February 6, 2012

රැල්ලට යන අපේ රටේ නීතිරීති

කලින් කලට විවිධ රැලි-ප්‍රවනතාවයන් සමාජයට පැමිනේ. මේවා වෙලාගන්නේ සංගීත සාහිත්‍ය ජනමාධය වැනි ක්ෂේත්‍රයන්ය. බොහෝවිට මෙම ප්‍රවනතාවයන්(රැලි) සුළු කාලයක් පමණක් පවතින අතර ඒ කාලයේදී සමාජ කථිකාව සම්පූර්ණයෙන්ම පාහේ අල්ලා ගැනීමට මේවා සමත්ය. ඉන්පසු කතාබහ ක්‍රමයෙන් අවසන් වන අතර ටිකකලක් ගතවනවිට එය මතකයෙන් ඈත්ව යයි.

මෑත කාලයේ පැමිණි මෙවන් රැලි අතර රූපවාහිණී මාධ්‍යයෙන් තරු තෝරාගැනීමේ වැඩසටහන්, මෙගා නාට්‍ය, හඩකැවූ විදේශීය ටෙලිනාට්‍ය, ලක්ෂපතියන් බිහිකරන ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් වැනිදෑ ද ටාසන් බාප්පා වැනි වැඩසටහන් ගුවන්විදුලි මාධ්‍යයෙන්ද දක්නට ලැබේ. මෑත කාලයේදී ගායකයන් සෑම ගීතයකටම පාහේ රැප් ගායන ශෛලිය එක්කල අතර එයද මේ වනවිට තරමක් අඩු තත්වයක පවතී. මීට දශකයකටත් පෙර බිහිවූ "මල් පත්තර" යනුවෙන් අන්වර්ථ ගන්වනු ලැබූ පුවත්පත් වර්ගයක අලෙවිය ජාතික පුවත්පත් වල අලෙවියද ඉක්මවාගොස් තිබුනු බව පැවසුනද අද වනවිට ඒවා ගැනද හාවක් හූවක් නැත. මෙසේ පැමිණෙන ප්‍රවනතාවයන් පාලනය කිරීමට නොහැකිවාක් මෙන්ම, විශාල අනර්ථයක් නොවේනම් එය පාලනය කිරීමේ අවශ්‍යතාවයක්ද නොමැත. එහෙත් ඉහත සදහන් කල ක්ෂේත්‍රයන්ට වඩා ඉතා වැදගත් වන ක්ෂේත්‍රයක මෑත කාලයේ පැමිණෙන-බැසයන රැලි විශේෂයක් කෙරෙහි වැඩි අවධානයක් යොමුකල යුතුය.

ඒ නම් රටේ පාලනය සම්බන්ධයෙන් අතිශයින්ම වැදගත් වන නීති ක්ෂේත්‍රයයි. රටක රජය වේවා අධිකරණ පද්ධතිය වේවා, නීතිය-සාමය රකින පොලීසිය වේවා ඔවුන්ට, රැල්ලට යන ගුවන්විදුලි-රූපවාහිණී ආයතනයක් ලෙස හෝ පුවත්පතක් ලෙස කටයුතුකල නොහැක. පවතින නීතිරීති සියල්ල සර්වකාලීන වියයුතු අතර වෙනත් ක්ෂේත්‍රවල මෙන් කලින් කලට ක්‍රියාත්මක වීමක් සිදු නොවිය යුතුය. (මෙහිදී නීතිය සර්වකාලීන වියුතුය යන්නෙන් අදහස් කලේ නීතිරීති සංශෝධනය නොකල යුතුය යන්න නොවේ).

මෑතකදී පැමිණි, රාත්‍රී කාලයේ ශබ්ධ විකාශන යන්ත්‍ර පාවිච්චියට ගැනීමේදී අවසර ගතයුතුය යන නීතිය මේවනවිට ක්‍රියාත්මක වීම අඩපණවී ඇති අතර පසුගිය කාලයේ මේ පිළිබදව අකුරටම නීතිය ක්‍රියාත්මක කල පොලිසිය මේ වනවිට එය අත්හැරදමා ඇත්තේ රැල්ල අවසන්වී ඇති නිසාදැයි සිතේ.

2011 වසරේ ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මොෆෙඩ් යතුරුපැදි (මදුරුවා බයිසිකල්) ලියාපදිංචි කිරීමේ වැඩසටහන නීතිගත කල අතර ඒ ආසන්න කාලයේදී අකුරට වැඩකල පොලීසිය එම කාර්යද මේ වනවිට අඩපණවී ඇත.

2010 වසරේ සිට ප්‍රසිද්ධ ස්ථානවල දුම්පාණය කරන්නන් අත්අඩංගුවට ගත් නමුදු එයද රැල්ල අවසන්වී ඇති නිසා නවතා දමා ඇත.

ආන්දෝලනාත්මක සිද්ධින් වූ, පරිසරය අපවිත්‍ර කරන්නන් ලෙස බුලත්කෙල ගසන්නන් ද යට ඇදුම් නොදඇද සිටින්නන් ඇල්ලීමේ සරොම් අස්සේ ජොකා බලකාය පිහිටුවීමද කාන්තාවන්ගේ කොට ගවුම් පරීක්ෂා කිරීම්ද ලත් තැනම ලොප් වීය.

ඉහත දැක්වූයේ පසුගිය කාලයේ පැමිණි ප්‍රවනතා කිහිපයක් පමණක් වන අතර මේ සදහා උදාහරණ තවත් ඕනෑතරම් ඇත. යම් කාරණයක් සම්බන්ධයෙන් නීතිරීති සකස් කිරීමේදී නිසි අධ්‍යනයක් නොකිරීම මෙවැනි ගැටළු වලට මුල්වේ. අනෙක් අතට නීතියක් පැනවූ විට එය ක්‍රියාත්මක කිරීමේ වගකීම රජයට සම්බන්ධ අදාල පාර්ශව විසින් භාරගත යුතුය. එය දඩමුදල් එකතුකර ගැනීමේ අභිලාශයෙන් හෝ නීති ක්‍රියාත්මක කරන්නන් හට "කීයක්හරි ලබාගැනීමට අවශ්‍ය වන අවස්ථාවේදී" පමණක් සිදු නොවිය යුතුය. ක්‍රියාත්මක කල නොහැකි නීතිරීති එක්කෝ සංශෝධනය කලයුතුය නැතහොත් ඉවත් කරගත යුතුය. ක්‍රියාත්මක නොවන නීතිරීති පැවතීම අතිශයින්ම හානිදායකය. එය රටේ නීතිය පිරිහී ඇති බවට නැගෙන චෝදනා වැඩිවීමටද හේතුවේ.

පිංතූරය:http://www.realtruth.org/articles/071129-003-iltsoy.html

37 comments:

  1. ලෝකෙන් උතුම් රට ලංකාවයි......... අපෙ ලංකාවයි........

    ReplyDelete
    Replies
    1. ඒකද මතක්උනේ එකපාරටම? ;-)

      Delete
  2. Replies
    1. අන්න හරි. මට දැන් මතක් උනේ. දැන් පරණ ලන්ච් ෂීට් ආයෙත් විකුණනවා.

      Delete
  3. //මදුරුවා බයිසිකල් ලියාපදිංචි කිරීමේ වැඩසටහන//
    පිස්සුද රාජ් මාව නම් දෙතුන් ගමනක් ඇල්ලුවා තාත්තගේ මදුරුවා පැදලා. මේක පොලිස් මහත්තුරු අවස්ථානුකුලව භාවිත කරනවා. ද‍ඩ කොල නැතිව දඩ ගහන්ට එහෙම.

    මෙතන තියෙන බොහොමයක් නීති කලේ රජ්ජුරුවන්ව අප් කරල තියන්න. අසැබි වෙබ් අඩවි සීන් එක රාජ්ට මිස් වෙලා වගේ.

    ඒ වගේම කැළනියේ දුෂ්ඨ ගාමිනී මේ පැත්තට ආපු හැටියෙම බාර් ඔක්කොම වැහුවා. බලපත් හිම් ඒවත්. එහෙම ලකුණු දාගෙන බලපත් හිමි ඒවයෙන් ගාණක් අරගෙන ටික දවසකින් ආයෙත් ඇරියා. තවත් බලපත් නැති ඒව මහ ගොඩක් ඇරියා.

    මේක රජ්ජුරුවන්ගේ පොලිටිකල් මාකටිං ගේමක්. !

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මදුරුව ලි.ප. කරන්න චක්‍රලේඛයක් ගෙනාව. ඒත් ඒක ටික දවසයි තිබුනෙ. අනිත් කාරණාව පරණ මදුරුවො ලි.ප. කරන්න කස්ටම් පේපර් එහෙම නෑ දැන්. ඒව අයිතිකාරයො අතින් නැතිවෙලා. ඒව හොයන්නෙ බලන්නෙ නැතිවයි නීති ගෙනාවෙ.
      වෙබ් අඩවි සීන්එකත් ඇල්මැරිල යයි.

      Delete
    2. පෙරේදා මරදානේ කොල්ලො ටිකක් සිගා 3ක් පත්තු කරන් පෝලිමට පාරෙ යනව දැක්කම මට රාජ් (ගේ ලිපිය) මතක් වුණා.. :)

      Delete
  4. අපේ රටේ මොන නීතියටත් ඔය සන්තෑසිය අඩු වැඩියෙන් තියෙනව නේද? හැමෝම නීතිය රකින බව පෙන්නමින් වැරදි කරනවා. බැරි වෙලාවත් වැඩේ ගැස්සුනොත් තමයි කෙල වෙන්නේ. එතකොටත් ලොකු අත්තක් අල්ලගෙන ගැලවෙන්න පුළුවන්. අනික ඔය හැම නීතියම තියෙන්නෙ පොඩි මිනිහට විතරයිනෙ. ලොකු මිනිහෙක්ට ගේමක් නැතිව ලිස්සල යන්න පුළුවන්. ඉතිං එහෙම එකේ ඔය සමහර නීති නම් නැති එකම හොඳයි.

    අනික පොලිසියටත් නීති ක්‍රියාත්මක කරන්න බැරි අවස්ථා තියෙන නිසා එයාලගෙ උනන්දුවත් අඩු වෙලා වෙන්න ඕන. නමුත් රටේ ඉදිරියට බලපාන සමහර දේවල් (ඔය පොලිතිං වගේ) සම්බන්ධයෙන් තිබුණ නීති වැඩ නොකරන එක අපේම අවාසනාව තමයි...

    ReplyDelete
    Replies
    1. ක්‍රියාත්මක කරන්න බැරි නීති අයින් කරන්න ඕන. ඒකයි මම කියන්නෙ.

      Delete
    2. සෑර්, නීති ක්‍රියාත්මක වෙන්නෙ කාටද? ගෝට රාජපස්සගෙ ගෑනි මාර්ග නීති කැඩුව කියල පොලිසියෙන් අල්ලනවද? ඔන්න ටෝනි බ්ලෙයාර්ගේ ගෑනි ජජ් කෙනෙක් වෙලත් ටිකට් නැතුව ගිහින් ටික්කො ඇල්ලුව නෙව

      Delete
  5. ඔය කමිටු පත් කිරිල්ල දවස් 14න් 14ට අළුත් කලා නම් වැඩේ ගොඩ. මොකද අපේ මිනිස්සුන්ට දෙයක් මතක තියෙන්නේ වැඩිම උනොත් දවස් 14යි !!!

    වැඩේ කියන්නේ සැරෙන් සැරේ කමිටු මාරු කරන්ඩ ඕනේ කියලාත් දවස් 14කට පස්සේ මතක නැතුව යන එකනේ !!!

    ReplyDelete
    Replies
    1. ඒකට වෙනම කමිටුවක් පත්කරමු!

      Delete
  6. මේක ලංකාවනේ සහෝ! .... හික් හික්...

    ReplyDelete
  7. ඔය වගේම ප්‍රාදේශීය නීතිත් තියෙනවනෙ හරියට ලංකාව ෆෙඩරල් පාලනයක් තියෙනව වගේ
    මාතර ඉරිද ටියුෂන් තහනම් කිරීම, කුරුණැගල පොඩිඋන්ට නෙට් කැෆෙ තහනම් කිරීම වගේ ඒවා

    ReplyDelete
    Replies
    1. ඔව්නේ. මගේ යාළුවෙක් ඉන්නව බියගම. ඒ දවස්වල සෝන්එක අවට ප්‍රදේශයේ බයික්කෙ යන්න හෙල්මට් ඕන නෑ. පොලිසිය අල්ලන්නෙත් නෑ.

      Delete
  8. අපරාදේ ඒ සරම අස්සේ ජොකා බලකාය පිහිටෙව්වා නං කාන්තා රැකියා හිඟයට හොඳ විසඳුමක් වෙනවා!

    ReplyDelete
    Replies
    1. ඒකනේ. එහෙම උනානං චෙක්වෙන අපිටත් හොදයිනේ.

      Delete
    2. හපොයි රාජ්!!! :D:D:D

      Delete
  9. සමහර නිති තිබුනා නේද කියලා මතක් උනෙත් දැන් මේක කියවනකොට... ඒක ඇත්තටම ‍රැල්ල නිසා වෙන දේවල් තමා නේද? ‍රැලි එනවා.... ටික කාලයක් අල්ලලා යනවා..

    පස්සේ සද්දයක් නැ

    ReplyDelete
  10. කැලණියේ මස් කඩ නීතිය තාම තියෙනවද ? එතකොට තක්කාලි නීතිය ?

    ReplyDelete
  11. කාලෙකට ඉස්සර නුවර ටවුමේ තිබුනා තැන් තැන් වලින් පාර පනින අය අල්ලන ප්‍රොජෙක්ට් එකක්. ...
    ලඟදී ඉන්ටර්නෙට් පත්තරේක දැක්කා 3 වීල් වල තුන් දෙනාට වැඩියෙන් දාගෙන යන අය අල්ලනවා කියලා...

    ReplyDelete
  12. මේවා මිනිස්සුන්ට කරන මාකටින් විතරයි! ඇති හරයක් නෑ!

    ReplyDelete
  13. ඇයි අර වෙද පප්පා... සබරගමුවේ ආන්ඩූකාර උන්නැහේ දාලා තියෙන්නේ පෝයට පන්සල් එන්නම ඕන නීතියක්..

    හයි වේ එකක් හදලා ඒකේ 100 ට වැඩියෙන් යන්න බෑ.. හරියට මනමාලියෙක් ගෙනල්ලා අම්මටයි තාත්තටයි පේන්න කරන්න කියනවා වගේ..

    ReplyDelete
  14. හැමදේම ටික කාලයයි.. ඊට පස්සේ එක මිනිස්සුන්ටත් අමතකයි.. නිති පනවපු අයටත් අමතකයි..

    ReplyDelete
  15. "යට ඇදුම් නොදඇද සිටින්නන් ඇල්ලීමේ සරොම් අස්සේ ජොකා බලකාය පිහිටුවීමද කාන්තාවන්ගේ කොට ගවුම් පරීක්ෂා කිරීම්ද ලත් තැනම ලොප් වීය."
    අඩේ එහෙමත් නීතියක් ආවද? අපි රටේ නොහිටපු නිසයි දන්නෙ නැත්තෙ. ඉතින් කට්ටියව අල්ලලා දඩකොල දුන්නද? යකෝ මට කවුරුත් කිව්වෙවත් නෑනේ.

    henryblogwalker the Dude

    ReplyDelete
  16. ඇයි අර කතෘ භාග ගෙවිය යුතු බවටත් නීතියක් ගෙනාවා නේද රැල්ලට.. ඒකත් ලත් තැනම ලොප් මයෙ හිතේ..
    තව අර ප්‍රයිවට් බස් ටිකට් රැල්ල.. මැෂින් ගෙනාවා. පලාත් සභාවලින් ටික්කො දැම්මා. ඒත් තාමත් හරියට ක්‍රියාත්මක වෙන්නෑනේ..
    එතකොට ඩෙංගු නීතිය..ඒකත් එක කාළෙකට විතරක් සීමා වුනා. දැන් ටික ටික අමතක වේ‍ගන යන්නේ.. ආයෙත් දිගට හරහට මැරෙන්න ගත්තොත් මතක්වෙයි.

    නීති සංශෝධනය කරන්න තියෙන තැන් නම් එමටයි.ඒත් ඒවා ගැන කතා කරන්න මම ලෝ කරලා නෑනේ.. හිකිස්..

    ReplyDelete
  17. උඩින් ඔපේ යටින් හපේ !!!

    ReplyDelete
  18. කාගේ වරදක්ද?කවුරු නිසාද මේ නීති මගදී නවතින්නේ.මට තේරෙන්නේ නැහැ.ඒත් සමහර නීති ක්‍රියාත්මක නොවෙන එක ගැන කාලකණ්නි සතුටක් අපිත් විඳිනවා.

    ReplyDelete
  19. සමලිංගික සෙට් එකක් කොන්ඩම් බෙදලා මාට්‍ටුවෙලා කියලා පත්තරේ දැක්කා...

    ReplyDelete
  20. මට නම් ඕවා ඔක්කෝම විහිලු වගේ...අපි ඉන්නෙ ගොඩාක් ඉදිරියෙන්.....

    ReplyDelete
    Replies
    1. අපෙත් ඉදිරියෙන් තමා .....වැරදුනා අපිත්.......

      Delete
  21. නොවෙනස් වන එකම දේ වෙනස් වීමයි..සියලු දේ කාලීනයි!

    ReplyDelete
  22. නඩුත් හාමුදුරුවන්ගේ සහ බඩුත් හාමුදුරුවන්ගේ නියාය රඟ දක්විම..ඔන්න සිට් බෙල් දාගෙන යන්නැති උන්දලව උසාවි ගෙනියන් නැතුව අල්ලපු සැනින් දඩ ගැසිමේ නිතිය පැමිනෙන වාලූ..මොනා උනත් සිට් බෙල්ට් දාගෙන වාහන පදින එක තමා නුවනට හුරු

    ReplyDelete
  23. මේක නම් ඇත්ත.අපේ රටේ නිති රීති ඔක්කොම රැල්ලට තමයි වෙන්නේ...

    ReplyDelete
  24. මෙලෝ රහක් නෑ බං, ඔය ඔක්කොම පොඩි මිනිස්සුන්ට තමා බං .....

    ReplyDelete
  25. ඕවා ඉතින් මේ ලංකාවට නුපුරුදු දේවල්යෑ....

    ReplyDelete