Thursday, February 9, 2012

කට වරද්දාගැනීම සහ ඉල්ලං කෑම.

කට වරද්දගන්න එපා! වනු පැරණි කියමනකි. එය නුසුදුසු අවස්ථාවකදී සිදුවන වචන භාවිතය නිසා ඇතිවන හානිදායක ප්‍රථිපලයක් විස්තර කිරීමට යෙදේ. අතීතය පිරික්සීමේදී මෙය වැඩිපුරම භාවිතා කලේ ආගමික අර්ථයෙන්ය. එනම් දෙවියන්ට බුදුන්ට නිගරු වනසේ වචන ප්‍රකාශකර විනාශයන් අත්කරගන්නන් හටය මෙය පැවසුවේ. මගේ අසල්වැසි වයෝවෘද්ධ කාන්තාවක් තරුණ කාලයේ ශ්‍රීපාද වන්දනාවේ ගොස් පැමිණ ප්‍රකාශ කලේ "හපෝයි කිසි වැඩක් නෑ, පස් ගොඩකටකට වැදල ආව" යනුවෙන්ය. දින කිහිපයකට පසු මාණසික රෝගයක් වැලදුනු ඇය කට වරද්දාගත් බව ගම්මු පැවසූහ. මේ කියමන පසු කාලීනව විවිධ වූ අවස්ථාවන් සදහා භාවිතා විනි. දෙවියන් බුදුන් පමණක් නොව රජුන් හමුවේද, ගුරුන් හමුවේද, ප්‍රධානීන් හමුවේද කට වරද්දගත්තන් බොහෝය. සම්මුඛ පරීක්ෂණයකදී පිටකරන අනවශ්‍ය වචනයක් අදාල තනතුර අහිමි විය හැකිය.

කීමට යන කතාවද කට වරද්දා ගැනීමේ පල විපාක දක්වන්නකි.

අප ගම් ප්‍රදේශයේ පිරිසක් ගමෙන් පිටත එතරම් දුරබැහැරක නොවූ ප්‍රදේශයක ඥාතියෙකුගේ අවමංගල්‍යකට සහභාගී විමට ගියේය. සැදෑ කාලය එලඹෙද්දී මධුවිතකින් සංතර්පනය වීමට පිරිසට අවශ්‍ය වූ අතර ආසන්නයේ මත්පැන් හලක් නොමැති බැවින් "ගමේ ස්ථානයකට" යෑමට සිදුවිය. පිරිස එම ස්ථානයේ සිට මත්පැන් පානය කරන අතර තවත් පිරිසක්ද එම ස්ථානයේ සිටියේය. දෙපිරිස අතර පැවති දුරස් බව නැති කිරීමට මත්පැන් සමත්වූ අතර ආගිය කතාද ‍දෙ‍පිරිසටම පොදු මිත්‍රයන් ගැනද කතාබහ අතර "බාලමහත්තයා" නම් දාමරික පුද්ගලයෙක් ගැන කතාබහක් ඇතිවිය. කතාව මේසේය,

ගමේ කෙනෙක්: (පිටතින් පැමිණියෙකුගෙන්) මචං, උඹ බාලයිය දන්නවද?

බාලයියා ඒහැටි හැදිනීමක් නැතත් ඔහු නාදුණන බව පවසා ගැමියන්ට දෙවැනිවීමට ආගන්තුකයා අකමැති විය.

ආගන්තුකයා: ආ... ඔව් බාලමහත්තය කියන්නෙ අපේ මාමා වෙන කෙනෙක්! අපේ සෙට්එකේම තමයි. ඊයෙත් අපි සෙට්උනා, සෙට්උනොත් කියන්නකො දෙනියෙ උපුල් පුතා හම්බුනා කියල.

කතාව එපමණකි! මොහොතකින් ගමේ සිටි පිරිස වටවී ආගන්තුකයන්හට දිගට හරහට පහරදෙන්නට වූ අතර සිදුවූයේ කුමක්දැයි සිතාගත නොහැකිවූ ඔවුන්හට ඇදසිටි ඇදුම් පවා නොමැතිව යලි පැමිණීමට සිදුවිය. පසුව සොයා බැලූ විට සිදුවී තිබුනේ බාලමහත්තයා නැමැත්තා දින කිහිපයකට උඩදී පහරදුන් පුද්ගලයන්ට අයත් හරක් හොරකම් කිරීමකට සම්බන්ධව සැගවී සිටි අයෙකු බවයි.

52 comments:

  1. මං ඕක ගැන අදහස් කියන්න බෑ..එක්තරා කාලයක මට සිරීපාදෙ නගින්න වුනේ හිතාගන්නවත්බැරි නඩයක් එක්ක..
    ඒ නඩේ හිටපු එක්තරා ගෑල්ලමයෙක් හීථලට මගේ ඇගේ එල්ලුනා...ඉතින් එල්ලුන ඒව බිමින් තියන්න යන්නෙ නැතුව මං කරතියන් ගියා...
    ඒක විතරයැ කිය කිය ගිය නරක දේවල් ගොඩ..ඉතින් දැන් අවු දෙකක් විතර..තාම ඉන්නෙ සෝක් එකට...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ඒ ගෑල්ලමයගෙන් උඹට ඉදිරියෙදි කරදර ඇතිවෙනව! ෂුවර්. කටවරද්දගත්තට. ;-)

      Delete
    2. ඉදිරියෙදී නෙමෙයි දැන්ම කාලා ඉන්නෙ. තාම තෙරිලා නෑ හික් හික්

      Delete
  2. කට නිසාලු මාලු නහින්නේ...අනිච්චේ දුක්කේ බොරු පුරාජෙරුවට ගොහින්..ඉලාගෙන කා ඇත

    ReplyDelete
  3. ශ්‍රී පාදේ ගිය කාන්තාවට සිද්ධ වුන ජාතියේ කට වැරදීම් නං මට අනන්තවත් වෙලා තියෙනව

    ReplyDelete
    Replies
    1. එහෙමද! ම්.... එක්කෝ ඕන නෑ.

      Delete
    2. ඔය වයසටත්, එක්කො ඒ ඉස්සර කාලෙ වෙන්න ඇති ......

      Delete
  4. පම්පෝරි ගහන්න ගිහින් තමයි ගොඩ වෙලාවට ඔහොම වෙන්නෙ නේද?

    ReplyDelete
  5. සමහරක් කියන්නේ ජනරාල තුමාත් කට වරද්දාගත්තා කියලා...

    ReplyDelete
    Replies
    1. එහෙමත් කියන සම'හරක් ඉන්නව.

      Delete
  6. කට පෙරට - ගුටි පොරට.....
    පවුද ඉතින් ඈ...?

    ReplyDelete
    Replies
    1. පව් නේන්නං...
      බොහොම ස්තුතියි.

      Delete
  7. මහනෙල් සුවඳමය
    …කුඩමසු පිළී ගඳමය
    …හොඳට නරකට
    …දෙකට කටමය!

    ReplyDelete
    Replies
    1. මට අමතක වෙච්ච කවිය.

      Delete
  8. රට වටකර වැට බැන්දත් කට වටකර වැට බඳින්න බෑ කියන්නෙ නිකන්යැ ....

    ReplyDelete
    Replies
    1. ඒකනේ. බිව්වම කොහොමවත් බෑ.:)

      Delete
  9. කට නිසා කොතරම් විනාශ වෙනවද. වැදගත් අදහසක්..

    ReplyDelete
  10. මදැයි වෙච්චි දේ හිකිස්‌.

    ReplyDelete
    Replies
    1. හිකිස්‌. රෙදි නැතුව එන්න උනා!

      Delete
  11. ඕකනම් වෙලා තියෙන්නේ බොරු පම්පෝරි ගහන්න ගියායි.. මමත් සිරිපාදේ යද්දි අපි පොඩි එවුන් කාලේ අපිට ලැබුන උපදෙස තමයි කට වරද්ද ගන්න එපා කියන එක..

    ReplyDelete
    Replies
    1. මට නං තාම වැරදිලා නෑ. මම සිරීපාදෙ ගිහිං නෑ.

      Delete
  12. හිකිස්...ඒකත් මරු..

    ReplyDelete
    Replies
    1. ගුටිකාපු එවුන්ට මරු නෑ.

      Delete
  13. පව් රාජ් මහත්තයෝ... උන් ඉල්ලගෙන කාලා...

    බිව්වම ඉතිං පොර ටෝක්ස් නොවැ..

    ReplyDelete
    Replies
    1. කෑවනං බිව්වනං පාඩුවෙ ඉන්න ඕන.

      Delete
  14. අපේ ආච්චි ජිවත් වෙලා ඉන්න කාලෙත් ඔය දේ නිතරම කියනවා ..විද්‍යාව අනං මනං කෙසේවෙතත් අපහාස නොකළ යුතු දේට අපහාස නොකළ යුතුයි කියන මතය තමයි මම ඉන්නේ..

    ReplyDelete
  15. අරක්කුවල පවර් එකනේ.සිරිපාදේ යන පඩිපෙළ දිහා බලල යන්න බැ කිවුවොත් යන්නම බැරිලු නේද

    ReplyDelete
    Replies
    1. මාත් අහල තියනව. සිරීපාදෙ ගිහිං නෑනේ.

      Delete
  16. මසුරන් දාන්න වටින කට :)

    ReplyDelete
    Replies
    1. කාගෙද ඉල්ලගෙන කෑව කෙනාගෙද?

      Delete
  17. පොලිස් මාමට ලොකු අයියේ කියලා ගුටි නොකා බේරුනේ යන්තං.....

    ReplyDelete
  18. කට ඉස්සර කරගෙන වගේ .

    ReplyDelete
  19. අයියෝ.. කට...කට ...
    අපේ තාත්ත අපි ඔය වගේ මොකක් හරි කරගත්තම කියනව 'කටත් එක වාජ්ජමක් පුතේ...' කියල...

    ReplyDelete
  20. මේකත් මේ කට කහනවට කියපු (ලියපු) එකක්ද කොහෙද?

    ReplyDelete
  21. බීල පාඩුවේ ඉන්නේ නැතුව ලොකුකම් කියවන්න යනවට හොඳ වැඩේ :)

    ReplyDelete
    Replies
    1. පව් අහිංසකයො. නොදන්නකම නෙ!

      Delete
  22. මාලුවත් නහින්නේ කට හින්දලු!

    ReplyDelete
  23. හැක හැක හැක මාර කෙස් එක

    ReplyDelete
  24. හික්ස්...මොනා කියන්නද මන්ද.......කට නිසා වෙන දේවල් පහු ගිය දවස් වල ජාලයෙත් දැක්ක නේද?????

    ReplyDelete
  25. කට හොදටම වරද්දගෙන !!! පවු වැඩේ.
    ඒක නෙමේ ඔය දෙනියේ කියලා කිව්වේ දෙනියායේ වෙන්ටෑ. ඒ පැත්තේ මිනිස්සු දෙනියායට දෙනිය කියලා නේ කියන්නේ.

    ReplyDelete
  26. සැට් වීමකදි ඉතින් ඕනි එකෙක් බොක්කනේ...

    ReplyDelete