Thursday, October 25, 2012

බඩ අල්ලං හිනාවෙන්න චූටි කතා.

කතරගම දෙයියෝ

ටික කලකට ඉස්සර නෝනලගෙ ගෙදර පහන් පැල් හදනව. මම නෝන එක්ක කතාව,

මම : ඇයි පහන්පැල් හදන්නෙ?

නෝන : ඔයා දන්නෙ නැද්ද, මේ කාලෙට තමයි කතරගම දෙයියො දෙව්න්දරට යන්නෙ.

මම : ඉතිං?

නෝන : දෙවියන්ට පාර බලාගන්න තමයි හැමෝම කතරගම ඉඳල දෙව්න්දරට යනකල් පහන් පැල් බඳින්නෙ.

මම : දැන් මහවෙල පාරෙ ගෙවල් වලත් මේ විදියට පහන් පත්තු කරනව නේද? (නෝනගෙ ගෙවල් තියෙන්නෙ බෙලිඅත්ත පාරෙ)

නෝන : ඔව්!

මම : එතකොට දෙයියො දෙව්න්දර යන්නෙ මහවෙල පාරෙන්ද බෙලිඅත්ත පාරෙන්ද?

නෝන : $@$&%*&%@(^+

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

ආයෙත් බඳින්න ආවොත්........

ඔපීසියෙ උදවියට ට්‍රේනින් එකක්. මමයි තව මිස් කෙනෙකුයි විතරයි බ්‍රාන්ච් එකේ. එහාපැත්තෙ කාමරේ ඉන්න රෙජිස්ට්‍රාර් නෝනත් ට්‍රේනින් එකේ. උප්පැන්න-විවාහ-මරණ සහතික ගන්න එන උදවියගෙ ඇප්ලිකේෂන් අපි බාරගන්නව. රෙජිස්ට්‍රාර් නෝන ආවම දෙන්න බලාගෙන. ඔන්න එකසැරේටම ජෝඩුවක් ආව බඳින්න. සහතිකයක් ගැනිල්ල වගේ නෙවේනෙ බැඳිල්ල. තව ටික වෙලාවකින් ජීවිත කාලෙටම හිරේ විලංගුවෙ වැටෙන්න යන අසරණය දැක්කම මට තවත් දුකයි! එහෙව් එකේ පරක්කු කරන්න හොඳ නෑනේ. මම ගත්ත රෙජිස්ට්‍රාර් නෝනට කෝල් එකක්. ම්හු! නෝ ආන්සර්. ඊට පස්සෙ රැස්වීම් ශාලාවටම ගිහිල්ල දේශනයත් මැද නෝන ඇදගෙන ආව. ඇවිල්ල වැඩේ කරවල දුන්න. යන ගමන් මනමාලය මටත් කියල ගියේ. මේ ඒ කතාබහ,

මනමාලයා : මහත්තය අපි යන්නං. බොහොම ස්තුතියි උදව්වට.

මම : ඔයාලටත් සුභ අනාගතයක්!........මේ..... නැකතක් තිබුනෙ නැද්ද?

මනමාලයා : නෑ,.... රෙජිස්ටර් කලා විතරයි.

මම : හා:...... මේවගේ දෙයක් පරක්කු වෙනඑක හොඳ නෑනේ. ඒකයි මම උදව් කලේ..... මීට පස්සෙ බඳින්න ඕනවුනොත් ඉස්සෙල්ල කෝල් එකක් දීල එන්න. කලින් දවසෙ උනත් කමක් නෑ. එතකොට පරක්කුවක් නෑනේ.oහෑ!........ මොකද්ද මම කිව්වෙ? ආයෙත් බඳින්න! ... මම කිව්වෙ දන්නකියන වෙන කව්රුහරි බඳින්න එනවනං!

මනමාලයා : හා!

යන්තං ගුටි නොකා බේරුනා!

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

එංගලන්තෙ නයි........

රවි අයියගෙ අයිය කෙනෙකුයි නංගි බැඳපු මස්සිනයි ඉන්නෙ එංගලන්තෙ. නංගිටත් එංගලන්තෙට යන්න වීසා ගන්න තිබුන ඉන්ටවීව් එකකින් ෆේල්වුනා. මස්සිනා එංගලන්තෙ උසාවියක කේස්එක ඇද්ද. මාස හයකින් විතර නඩුවෙන් දිනල නංගිට එංගලන්තෙට යන්න පුළුවන් උනා. රවි අයිය ඔය කතාව කිව්වට පස්සෙ අපේ කතාව මෙහෙමයි,

මම : ලංකාවෙ ඔහොම නඩුවක් දැම්මනං ඒක දිනල වීසා ලැබෙන කාලෙ වෙද්දි රට යවන්න වෙන්නෙ නංගිගෙ ළමයින්ගෙත් ළමයි නේද රවි අයියේ.

රවි අයිය : අඩෝ මස්සිනා රට ඉන්නකොට ළමයි කොයින්ද $@%තෝ!

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

නංගි රට යද්දි රවි අයියගෙ අම්මත් රට ගියා. මාස 6ක් විතර හිටිය මට මතක විදියට. දවසක් අපි එංගලන්තෙ ගැන කතාව,

රවි අයිය : එංගලන්තෙ නියමයිලු මල්ලී.

මම : oහා....

රවි අයිය : ඊයෙ පෙරේද අයිය නයෙක් මැරුවලු, මෙන්න සයිස් පී අකුර.

මම : පී අකුර

රවි අයිය : එංගලන්තෙ නයිංගෙ පයන්න කොයින්ද බං. පී අකුරලු තියෙන්නෙ.

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

ගිය වෙසක් පෝයට ඔපීසියෙ තිබුන සීල ව්‍යාපාරෙ වෙලාවෙ මාත් සිල් ගත්ත! උදේ 8.30ට සිල් ගත්ත මම 10.30 විතර වෙනකල්ම වාඩිවෙලා හිටිය. ඊට පස්සෙ නං ඉන්න බෑ කොහොමටවත්. කොන්ද රිදෙනව, කකුල් රිදෙනව..... ඒ ගමන උතුරු සළුව ගලවල දානෙ බෙදන කස්ටියට සෙට්වුනා. ඔපීසියෙ එවුන් කිව්වෙ මම ගත්තෙ ෂෝට්ලීව් සීලයක් කියල . ඒ උනත් වැඩේ ඉවරවෙලා ගෙදර ගියාම අම්ම කිව්වෙ මෙහෙමයි,

මම : අම්මේ අද මාත් සිල් ගත්ත.

අම්ම : හා.....! කොච්චර වෙලා සිල් ගත්තද?

මම : පැය දෙකක් විතර.

අම්ම : අපොයි ඒ හොඳටම ඇති!

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

93 comments:

  1. මරු කතා ටික අයියා.. එළ.. :)

    ප්‍රශ්නයක් : එතකොට ඉන්දියාවේ, චීනේ වගේ රටවල ඉන්න නයින්ගේ තියෙන්නේ මොන අකුරද?

    ReplyDelete
    Replies
    1. දකුණු ඉන්දියාවෙ-ப
      උතුරු ඉන්දියාවෙ-पी
      චීනෙ නං නයි නෑ. කාලම ඉවරවෙලා.

      Delete
    2. අඩේ මේකනං එල..
      ලොල්..!

      Delete
    3. කමෙන්ට් එක සිරා රාජෝ !

      Delete
  2. මරු කතා ටික... හි හි...

    රාජ්ගේ ටිකිරි මොලේ හින්දා යන්තම් ගුටි නොකා බේරිලා නේද... හි හි.. ////මීට පස්සෙ බඳින්න ඕනවුනොත් ////

    ෂෝට්ලිව් හරි කමක් නෑ මූ සිල් අරන්නේ කියලා අම්මා හිත හදාගන්නැති... හි හි

    ReplyDelete
    Replies
    1. මමම හිංද බේරුනා.

      ඔව්. අම්මට ඒකත් පුදුම වෙන්න කාරණාවක්.

      Delete
  3. මරු කතා සෙට් එක !

    ReplyDelete
  4. පොඩි උනත් හෙන රසයි රාජෝ. තව ඕන වගේ දැනේනවා. බඩ පිරුනේ නෑ වගේ...

    ReplyDelete
    Replies
    1. දැනට ඉවරයි බං. පස්සෙ ලියන්නං. දිරිමත් කිරීමට ස්තුතියි.

      Delete
  5. මෙන්න පී එකේ සයිස් එක! හික්ස්!

    ReplyDelete
  6. ලස්සන කතා ටික.
    මම උසස් පෙළ ඉගෙනගන්න කාලේ හිටියා, රාජකාරියට බොහොම උනන්දු සර් කෙනෙක්. වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා තරග සඳහා, උස පැනීමේ/දුර පැනීමේ වලට දාගන්න, ලී කුඩු ටිකක් ගෙනෙන්න කියලා, එයා ට්‍රැක්ටර් රියදුරෙකුට දුරකථන ඇමතුමකින් උපදෙස් දුන්නේ මෙහෙමයි. 'හැබැයි බොහොම පරිස්සමෙන් එන්න ඕනේ ඈ. අර ලී මෝලට මෙහා වංගුවත් එක්ක කන්ද මේන්'......එහෙම කියලා, එයා දකුණු අත වැලමිටෙන් නවලා උස්සලා කන්ද පෙන්වනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් කොල්එකක් ආවම නැඟිටල උත්තර දෙන උපාසක මහත්තයගෙ කතාව වගේ.

      Delete
  7. සිගිති කථා ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺ ☺

    ReplyDelete
  8. හී හී...කතා ටික ඔක්කොම හරිම ලස්සනයි.

    එංගලන්තේ, නයින්ගේ පෙනේ පී අකුර තියන එකයි, රවි අය්යගේ මස්සිනාගේ එංගලන්තේ ඉන්දෙද්දි, නෝනාට මෙහේ ලමයි හම්බවෙලා ලොකු වෙන එකයි නම් නියමයි.:D

    ReplyDelete
    Replies
    1. තැන්කූ. පොඩ්ඩි කතන්දර වලට කැමති නිසාමයි ලිව්වෙ ☺ ☻

      Delete
    2. අනේ මේ වගේ පොඩ්ඩි කැමති දේවල් අර අනික් අයත් කරනවා නම්...:D:D:D

      Delete
  9. රවියාගේ කතා ටික තමා පස්ට

    ReplyDelete
    Replies
    1. රවි අයිය කතා සාගරයක්.

      Delete
  10. පට්ට කතා සෙට් එකක්. අර නයාගේ කතාව පටේ පට්ට. ඉල ඇටයක අලයින්මන්ට් එක ගියා ගිනා වෙලාම. හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. හා හා බලාගෙන පරිස්සමින්.

      Delete
  11. ඔක්කොම කතා ටික මරු..
    මැ.හි.

    අර ආයෙත් බඳින කතාව මරු...

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හහ් තැන්කූ මාතලන්!

      Delete
  12. නියම කතා සැට් එක රාජ් මහත්තයා. ඇතිවෙන්න හිනා උනා. හැමදාම අහන කතාවල නැති ප්‍රෙස් ගතියක් තිබුනා. ජය..!!

    ReplyDelete
    Replies
    1. සරත් මහත්තයටත් ජය! ස්තුතියි දිරිගැන්වීමට.

      Delete
  13. පට්ට කතා ටික

    නැද්ද තවත් මේ වගේ කතා

    ReplyDelete
  14. මරු කතා සෙට් එක බං....

    ReplyDelete
  15. "එතකොට දෙයියො දෙව්න්දර යන්නෙ මහවෙල පාරෙන්ද බෙලිඅත්ත පාරෙන්ද?"
    මේකට තමයි මම ආසම....

    ReplyDelete
    Replies
    1. ඕකට නෝන නං ආසවුනේ නෑ බං.

      Delete
  16. උඩ පිංතූරෙ පොඩිඑකාගෙ හිනා කට දිහා ටික වෙලාවක් බලා ඉන්න...මම හිතන්නෙ මට වගේම ඔනෙ කෙනෙකුට ඩිංගක් හිනායන‍වා...

    ReplyDelete
    Replies
    1. මටත් ඕකම උනා. ඊට පස්සෙයි පිංතූරෙට ගත්තෙ‍.

      Delete
  17. මෙහෙම ගියොත් කතන්දර කාරය ඉවරයි.මිනිහට කඩේ වහන්න වේවිද ? හොඳ බඩු මෙහේ නේ දැන් තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. හපොයි කකාගෙ ගානට එන්න කලක් යයි මට.

      Delete
  18. පලවෙනි කතාව තමයි මරුම කතාව! :D

    ReplyDelete
  19. මරු කතා සෙට් එකක්..
    කතරගම දෙයියෝ දෙවුන්දර යන සීන් එක නම් නියමයි... :D

    ReplyDelete
  20. පුංචි උනත් ෂෝක් කත ටික ...

    ReplyDelete
  21. වෙනස් විදිහෙ කතා ටිකක් මචං- ආශාවෙන් රස වින්දා .

    ReplyDelete
  22. දෙවියන්ට පාර පෙන්වන්න අදහස නම් නියමයි.

    ReplyDelete
    Replies
    1. දෙවියන්ට පාර පෙන්වීම! පාර අමතක වෙනවට. :)

      Delete
  23. පි අකුරේ කතාව නම් නියමයි

    ReplyDelete
  24. අනේ තව දෙන්න අය්යා...!!

    ReplyDelete
  25. කාල වරෙන්කො ආයෙමත් බත් ඇටයක් නාහෙන් ආවා @කන ගමන්

    ReplyDelete
    Replies
    1. හා හා පරෙස්සමින්! :)

      Delete
  26. රාජ්, කතා ටික නම් එකකට එකක් නොදෙවෙනියි. අනික ඔරිමජිනල් හන්දා තවත් ගති. උඹට මී ලඟ පෝස්ට් එකටත් දේශපාලන මගුලක් නොදා මේවගෙ ජොලි පෝස්ට් එකක් දාන්න හිත් පහලා වේවා.

    උඹ උඩම ඉෂාරගෙ කමෙන්ට් එකට දීල තියෙන රිප්ලයි එකත් පට්ටයි බං. :D

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හා... තැන්කූ ඩියුඩ්. ඉඳහිට ජොලි පෝස්ට්, දේශපාලන, රාජ්‍ය සේවය ගැන ලිපි.... මේවගේ කලවමට තමයි මම කැමති.

      Delete
  27. යකඩො මේ පැත්තෙත් දෙවුන්දර කාලෙට පහන්පැලක් හදල පත්තුකරන සිරිතක් තියෙනවනේ, දෙයියො දෙවුන්දර පහුකරන් කොහෙ වඩිනවද මන්ද.

    කතා ටික නම් මරු.

    රාජ් කොහෙද සිල් ගන්නෙ, ඔයා ගන්නෙ සීල් නේ. :)

    මටත් සිල් ගන්න වැඩේ කරන්න අමාරුයි අෆ්ෆා, ටික වෙලාවක් බිම වාඩිවෙල හිටියම හුස්ම ගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මට හිතාගන්න බැරි කතරගම ඉඳල දෙව්න්දරට යනකොට මොකද උඹලගෙ පැත්තෙ පහන් පත්තු කරන්නෙ කියල.

      Delete
  28. වින්දනයක් තියෙන කතා ටික.

    ReplyDelete
    Replies
    1. තැන්කූ. උඹ ලිව්වෙ නෑ නේද කාලෙකිං?

      Delete
  29. ආයේ බදින්න කතාව උඹ ඒ වෙලාවේ කිව්ව නිසා බේරුණා. නැත්නම් බැදල අවුරුදු 2කින් විතර කිව්වනම් උඹටත් කතරගම දෙයියන්ගේ පිහිට තමා.

    අර නංගිගෙ ළමයි කතාව උඹට වෙන පැත්තකට හරවන්න තිබ්බා. කොහෙද උඹ රවි අයියගේ කැඩිච්ච කටට බයයිනේ. (එකත් එකට ඌ මේ බ්ලොගට දක්වපු සහයෝගෙට උඹ කරබාගෙන හිටි එකත් හොදා )

    අඩේ නයත් බලං ගියහම සිංහළයට ආවේනික සතෙක් නේද? උඹේ සිල්...ඒ ගැන මොන කථාද?

    ReplyDelete
    Replies
    1. බඳින සීන්එකට මටත් අප්සට්. මම කල උදව්ව නිසා එයාල මොකුත් කිව්වෙ නෑ මං හිතන්නෙ.

      Delete
    2. මට එහෙමනම් මේ කාලෙ වගේ එකෙක් කිව්වනම් ආයේ බදින්න කියල අනිවා නෙලනවා. බැරි වෙලාවත් ඊළග භවේ මතක තිබ්බොත් මේ භවේ බැදල හිටිය කියල. අනිවා නොබැද ඉන්නයි හිතා ඉන්නේ. එහෙව් එකේ ආයේ බදින්න?

      Delete
  30. නයි කතාවේ, පී අකුරු සීන එක නියමයි හෙහ් හෙහ්....

    ReplyDelete
  31. LOL

    දෙයියන්ට පාර පේන්න පහන් පත්තු කරනවට වඩා ලේසියිනෙ පොරට ටෝච් එකක් අරන්දෙන එක බැට්ටි කෑලි දෙකකුත් දාලා.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ! කිව්වට අහන එකක්යැ!

      Delete
  32. ආයිත් බදනවනම් කලින් කෝල් එකක් දීල එන්න... හි හි... මාර වැඩේ...

    ReplyDelete
  33. අනේ අනේ රාජ් මහත්තයෝ.. දෙයියෝ යන්නේ අහසෙන්.. ඒ යනකොට පාරවල් දෙකේම පහන් පත්තුකරපු එවුවා නොට් පොතක සොරි ටැබ්ලට් එහෙක ලියාගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. මං හිතුවෙ කෙලින්ම චන්ද්‍රිකා ඡායාරූපයක් ගන්නව කියල.

      Delete
  34. අපි වගේ ලොකු බඩවල් තියනකොට මාර අමාරුයි බං හිනාවෙන්න... බඩ මේසෙට තද කරගෙන තමා කියෙව්වේ... දැන් නම් බඩයි යටි බඩයි දෙකම රිදෙනවා...

    කතාව ඇහුවහම මට හිතුනේ මෙහෙමයි. දැන් කතරගම දෙවියන්ට මූණු හයයි නේ... ඉතින් එක මූණක් කියනවා ඇති "බෙලි අත්ත පාරේ යං" කියලා, තව මූණක්.. "නෑ නෑ මහවෙල පාරේ ට්‍රැපික් අඩුයි එහෙන් යං" ලියලා, තව මූණක්, කියනවා ඇති... "නෑ ඕයි බෙලි අත්ත පාර ලඟයි"... ඊලඟ මූණ... "මුං හැම තැනම පහන් පත්තු කරල, ඉතිං කොහෙද අපි පාරක් හොයා ගන්නේ"... ඊලඟ මූණ... "මේ පහන් බල බල ඉන්නෙ නැතුව හයිවේ එකේ එන්න තිබ්බේ".... අන්තිම මූණ නින්දෙන් නැගිටලා... "ඒ ඇ‍යි මේ?.. පොලිසියෙන් නැවැත්තුවද?"

    මනමාලි නම් හිනාවෙලා, මීට පස්සෙ බඳිනකොට රාජ් මහත්තයට කියන්නං කියලා ෆෝන් නම්බර් එකත් ඉල්ලන් ගියාලු....

    රවි අය්යගෙ නංගිගෙ සීන් එක :D .. එළ එළ.. ඔය වගේ ලොජිකල් පොයින්ට් මටත් අමතක වෙනවා... කරන්ට් නැති වෙලාවට ඉටිපන්දමක් හොයන්න ලයිට් එක දාන්න කිව්ව වගේ තමා...

    ඔව් ඔව් නයි කෑවහම කෑගහන්නේ "buddha mother" කියල...

    පුතාගේ සීලය ගැන හොඳටම දන්නේ අම්මනේ....

    ReplyDelete
    Replies
    1. ඔය කියල තියෙන්නෙ විස්තර ඇතුවම! තැන්කූ.

      Delete
  35. ආයෙ බදින්න තියා මට මේ පළමු සැරේට බැදගන්නත් එකක් නෑ බොලං..

    ReplyDelete
    Replies
    1. අම්පාරෙන් සෙට් කරගත්තෙ නැද්ද? :)

      Delete
  36. මරු. ෂෝට් ඇන්ඩ් ස්වීට්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිහාල් මේපැත්තෙ ආවට.

      Delete
  37. වීසා කතාවෙන් උබ චාටර් වුනා නේද?

    පවුලට කියපු කතාවත් සිරා !

    මේ වගේ ආතල් දෙබස් සෙට් වෙනවා බං. පස්සෙ මතක නැති එකයි අවුල !

    ReplyDelete
    Replies
    1. මතක තියාගෙන ඉඳල ලියපං.

      Delete
  38. අනේ වාසනාවන් අද අපේ උන් ඒජීඑම් ගිහින්. නැත්තං මේක කියවල හිනා වෙච්චි තරමටම උංගෙං බයිට් වෙන්නත් වෙනවා තනියෙං හිනා වෙනව කියල..
    එල එල රාජ්..

    ReplyDelete
  39. සිරා ෆ්‍රෙස් කතා ඈ :) එල....

    ReplyDelete
  40. නයි කයිද රෝස් පාන් කිව්වලු.

    ReplyDelete
  41. හොඳට ගලපලා තියෙන්නේ
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  42. හහ් හහ් හා.....මරු කතා ටික.හිනා කාලා පණත් ගියා.... :)
    මම අද තමා මේ පැත්තට ගොඩ වැදුනේ.......

    ReplyDelete
  43. //ඒ ගමන උතුරු සළුව ගලවල දානෙ බෙදන කස්ටියට සෙට්වුනා.//

    කොහොම හරි ගියපු වැඩේ කරල තියෙන්නෙ ඔය. කෑම ටික රහට තිබ්බ ද??

    ReplyDelete
  44. අම්මප එකක් වත් අහල නෑ මීට කලියෙන්. ජය වේවා,,

    ReplyDelete
  45. කතරගම දෙයියෝ

    ටික කලකට ඉස්සර නෝනලගෙ ගෙදර පහන් පැල් හදනව. මම නෝන එක්ක කතාව,

    මම : ඇයි පහන්පැල් හදන්නෙ?

    නෝන : ඔයා දන්නෙ නැද්ද, මේ කාලෙට තමයි කතරගම දෙයියො දෙව්න්දරට යන්නෙ.

    මම : ඉතිං?

    නෝන : දෙවියන්ට පාර බලාගන්න තමයි හැමෝම කතරගම ඉඳල දෙව්න්දරට යනකල් පහන් පැල් බඳින්නෙ.

    මම : දැන් මහවෙල පාරෙ ගෙවල් වලත් මේ විදියට පහන් පත්තු කරනව නේද? (නෝනගෙ ගෙවල් තියෙන්නෙ බෙලිඅත්ත පාරෙ)

    නෝන : ඔව්!

    මම : එතකොට දෙයියො දෙව්න්දර යන්නෙ මහවෙල පාරෙන්ද බෙලිඅත්ත පාරෙන්ද?



    මේක මරැ.... ඇන්තෝ ස්ටඩි එකකට.... උඹට තෑන්ක්ස්....

    ReplyDelete
  46. DDT ඔයා ඉන්නෙ කොහෙද? සීරියස් අහන්නේ? පහන්පැලේ කතාව ගැන දැනගන්න.... අවු 4ක් කැම්පස් හිටියා.... ගුණසේන එකෙයි, ගොඩගේ එකෙයි තියෙන පොත් ටිකේ විස්තර ඇරෙන්න මහාචාරියො වෙන මොන මළදානයක්වත් අපිට අලුතෙන් කියලා දීලා නෑ.... හැබැයි ටෝක් දෙන්නෙ පරණවිතානටත් වැරදුනා වගේ..... අපරාදේ ඒ අවුරැදු 4 බ්ලොග් බැලුවනම් කොයිතරම් වටිනවද?

    මට මේ කතාව කීවේ ඩොක්ට නිර්මාල්.... නිර්මාල් රංජිත්.... පිස්සු කරැගේ යුනි එක - ජපුර - ඉතිහාසෙ උගන්නන ලෙක්චර් කෙනෙක් ළමයෙක්ගෙන් අහනවලු කවුද ඔය කියන ජී.සී. මෙන්ඩිස්... එයා ගැන මම නම් අහල නෑ කියලා... බලනකොට අර ළමයගෙ තීසීස් සුපවයිසර් අර ලෙකා.... ළමයගෙ මාතෘකාව ජී.සී ගැන.... වැඩක් නෑ රාජ්....

    දන්නවනම් DDT ඉන්න පැත්තවත් මට කියන්න.... පහන් පැලේ ගැන විස්තර හොයාගන්න...

    ReplyDelete