Thursday, March 28, 2013

ක්‍රිකට් වාර්තා සහ ක්‍රිකට් කතා.

බංගලිදේශයයි ලංකාවයි අතරෙ පළවෙනි එක්දින තරගය අතරෙ 'විචාරකයන්ගෙ' කතා අහල තමයි මේක ලියන්න හිතුනෙ. මේ ඒ තරගයේදි පිහිටවූ 'වාර්තා'!

1.ඇන්ජලෝ මැතිව්ස් ස්ථිර නායකය වෙලා මෙහෙයවපු පළමුවෙනි එක්දින තරගය තමයි මේක.

2.එයා කාසියේ වාසියත් දිනුව නෙව. ඒ කියන්නෙ පළමුවෙනි තරගයේදිම කාසියේ වාසිය දිනුව නායකය මැතිව්ස්? ඒක වෙන්න පුළුවන්ද? එතකොට ලෝකයේම පලවෙනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනුව කෙනාට නේද ඒක අයිති වෙන්න ඕන? වොරි වෙන්න එපා, සූරියවැවේදි කාසියේ වාසිය දිනුව නායකයා මැතිව්ස්. ඒක කඩන්න බෑ මං හිතන්නෙ. එහෙමත් කෙනෙක් ඉන්නව නං අන්තිම තුරුම්පුව ගහනව. 3349 වෙනි එක්දින තරගයේදි කාසියේ වාසිය දිනුව නායකය මැතිව්ස්. ඒකනං කඩන්න බෑ පුතෝ සක්කරයටවත්!

3.ආරම්භක පිතිකරුව වෙච්ච තමීම් ඉක්බාල් ශතකයක් ගැහුව. ලංකාවට ලංකාවෙදි ශතකයක් ගහපු පළවෙනි බංගලිය එයා. ඒක වාර්තාවක්. එච්චරද? නෑ! එයා අවුට් වෙලා තියෙන්නෙ දුවද්දි. ඒ කියන්නෙ ලංකාවට එරෙහිව ශතකයක් ගහල දුවද්දි දැවීගිය පළවෙනි බංගලියත් ඌ තමයි.

4.ලංකාව බැට් කරන්න යද්දි පවර්කට් එකක් උනා. ඒ නිසා සෑහෙන වෙලාවක් නවත්තන්නත් උනා. ඒකත් වාර්තාවක්.

5.සූරියවැවේදි එලවල ගිහිල්ල ගහපු වැඩිම ලකුණු ගනන තමයි මේක. ඒක ප්‍රධාන රෙකෝඩ් එක වෙනකොට අතුරු රෙකෝඩ් තමයි, සූරියවැවේදි බංගලිදේශයට එරෙහිව හඹාගොස් ජයග්‍රහනය කල වැඩිම ලකුණු සහිත තරගය, සූරියවැවේදි ලංකාව හඹාගොස් ජයගත් වැඩිම ලකුණු සහිත තරගය.


තව රෙකෝඩ් දෙන්න පුළුවන් ඕන තරම්.

ක්‍රිකට් ගැන කියනකොට මම ආසම කෑල්ල තමයි විශේඥ විස්තර විචාරය. ක්‍රිකට්වල ලේසිම කොටස තමයි ඒක මං හිතන්නෙ. ඔන්න ප්‍රධාන නිවේදකය අහනව මෙහෙම,
"අපි දැක්ක විසි එක්වෙනි පන්දුවාරයේදි මොහොමඩ් අෂ්රාෆුල් දුන්න උඩපන්දුව කඩුළු රකින්නා අතින් ගිලිහී යනව, ඒ වෙනකොට ඔහු ලබා සිටියේ ගකුණු හතක් පමණයි, ඉන් පසු ඔහු දිගට හරහට පහර දුන්න, මේක නේද ශ්‍රී ලංකා කන්ඩායමේ පසුබෑමට හේතුවුනේ" ඉතිං අපිට කියන්න තියෙන්නෙ "ඔව්" කියල විතරයි. විශේඥ විස්තර විචාරකයෙක් වෙනඑක මගෙත් හීනයක්.


පහුගිය දවස්වල පකිස්තාන් කණ්ඩායමට එකතුවුනා අලුත් වේග පන්දු යවන්නෙක්. නම මොහොමඩ් ඉර්ෆාන්. මෙතෙක් ඉතිහාසයේ බිහිවූ උසම පන්දු යවන්නා තමයි ඔහු. උස අඩි හතයි අඟල් එකයි. පන්දු යවනකොට බලන්න ලස්සනයි. දකුණු අප්‍රිකාවට එරෙහිව පවත්වපු හතරවෙනි එක්දින තරගයේදි මොහොමඩ් ඉර්ෆාන් එක්ක ආරම්භක පන්දු යවන්න ආවෙ ජුනයිඩ් ඛාන්. එයාගෙ උස අඩි හයයි අඟල් එකයි. අන්න ඒවගේව නං නියම වාර්තා. තරගාවලිය අවසානයේ හොඳම පන්දු යවන්නා උනෙත් මොහොමඩ් ඉර්ෆාන්.

33 comments:

  1. ලංකාවෙ ක්‍රිකට් පාලක මණ්ඩලෙ තියල තියෙන වාර්තා කඩන්න කාටවත් බෑ ඔට්‍ටුයි !

    ReplyDelete
  2. පෙර පිනකට, වෙන රටවල නාලිකාවලින් ලයිව් බලන්න වාසනාව තියෙනවා සැටලයිට් නිසා. නැත්තං ඉතින් අපේ ප්‍රවීණ විස්තර් විචාරකයන්ගේ විචාර මනටම් විචාර නෙමෙයි විකාර. පොඩි උන් ක්‍රිකට් කතා කරණවා වගේ. ප්‍රේමසර, පාලිතලා කිට්ටුවෙන් තියන්නවත් බෑ..

    ReplyDelete
    Replies
    1. ඉතාම මෑතක නොවුනත් ටිකක් මෑත මම දැක්ක ප්‍රේමසර වැඩක් නෑ. පාලිත නං ලඟදි දැක්කෙ නෑ.

      Delete
    2. මොනම සබ්ජෙච්ට් එකක වුණත් ඒ ගැන විද්යාත්ම හැදෑරීමක් නැතිව කතා කරනකොට බලන්න කැතයි.

      Delete
    3. උඹලා දැකලා තියෙනවද අර තලප්පාව දාපු ඉන්දියන් බුවාගේ කයිවාරුව? මම කියන්නෙ සැටලයිට් තමයි. දෙයි හාමුදුරුවනේ ඒක අහගෙන ඉන්න පුලුවං එකාට... මට වචන එන්නෙ නෑ බං. කොහොම හරි මම දැන් ක්‍රිකට් බලන්නෙ නැත්තේ ඇයි කියන එක මටම පැහැදිලි වුනා මේ කමෙන්ට් එක කොටන්න ගිහින්...

      Delete
  3. ඇඩෙනවනේ ඉතින්...

    ඇයි මී මැස්සෝ නිසා නවත්තපු පළවෙනි තරගෙ? ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා රජතුමනි!

      Delete
  4. අපේ ටීම් එක ඇරුනම මම ආසම ටීම් එක තමා බංග්ලාදේශ්.
    ෂකීබ් අල් හසන් තමා මගේ ලව් එක.ඒ වුනාට එයා බැන්දනේ..

    ReplyDelete
    Replies
    1. අපරාදෙ! කලිං කියන්න තිබුනනේ. එහෙම උනානං බලෙං හරි ගෙනත් දෙනව.

      Delete
    2. @රාජ්
      ෂකීබ් අල් හසන්ව Pramudi ට බලෙං ගෙනත් දෙන එකට වඩා ලේසි නැද්ද Pramudiව ෂකීබ් අල් හසන්ට බලෙන් ගිහින් දෙන එක.දෙකම එකයිනේ

      Delete
    3. කැමැත්තෙන් ඉන්න කෙල්ලව බලෙං ගිහිං දෙන්නෙ මොකටෙයි ආයිබෝවං!

      Delete
  5. මාත් යනව එහෙනම් සජීවි විස්තර කියන්ට. හරිම ලේසීනොවැ.
    6ක් 4ක් ගැහුවොත් දුර්වල පන්දුවක්
    අවුට් උනොත් හොද පන්දුවක්.
    බිම පෙරලිල පස් කාල අල්ලගත්තොත් හොද පන්දු රැකීමක්.
    බිම පෙරලිලා පස් කෑවත් අල්ලන්ට බැරි උනොත් දුර්වල පන්දු රැකීමක්.

    මං අහගෙන දවසක් හුලං විදුලියේ සජීවි විස්තර විචරයක් කරපු මහත්තැන් කෙනෙක් කියනව
    "පා ඉන්නේ වැදී පිට ඉන්නේ වැදුනු පංදුව කඩුලු රකින්නා අතට ඇදීයනව" කියල කිව්ව.
    මං හිටියෙ සැලුන් එකක. ඒ මාමගෙන් ඇහුවහම මොකක්ද මාමෙ ඒ කිව්වෙ කියල. ආ පුතේ ඒ ලෙග් එකට වැටුන බෝලෙ අනික් පැත්තට දෝලනය උනා කියන එකනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ මාමගෙන් ඇහුවහම මොකක්ද මාමෙ ඒ කිව්වෙ කියල. ආ පුතේ ඒ ලෙග් එකට වැටුන බෝලෙ අනික් පැත්තට දෝලනය උනා කියන එකනෙ//

      පට්ට විචාරෙ ඕයි.

      Delete
  6. ඉංග්ලන්ඩ් ටුවර් එකකදී සිංහල විස්තර විචාරය කරන්නේ අපේ කට්ටිය ටීවී එකෙන් බලාගන්නේ.එක සැරයක් ග්‍රවුන්ඩ් එකේ පොඩි හුලගකට ප්ලයෙර්ස්ලගේ ඇදුම් හෙලවෙනවා.මේක දැක්ක ගමන් විචාරකය කියනවා "ආදරණීය ක්‍රීඩා ලොලි අසන්නනි මේ මොහොතේදී පිටිය සිසාරා සිසිල් සුලන් රැල්ලක් හමායනවා."

    තව සැරයක් ජයසූරිය බැට් කරන්නේ.ඕවරේ මුල් බෝල් දෙකටම හයේ ඒවා.අනවුන්ස් කරන පොර කැටයම් දල කියවනවා ඉතින් හයේ දෙක ගැන.තාක්ෂනේද හයේ දෙකේ ස්පීඩ් එකද අරවද මේවද,තුන්වෙනි බෝලෙටත් හයක්.අපේ අනවුන්ස්ර් "අම්මට හුඩු තවත් හයක් යකෝ."

    ReplyDelete
    Replies
    1. ඇයි මේක අහල නැද්ද?
      පහරක් එල්ල කරනවා......නියත වශයෙන්ම හතරේ පහරක්..... නමුත් දක්ෂ ලෙස පන්දුව රැකගන්නවා..... එක ලකුණයි.... ලකුණු තුනක් කපාහැරීමට සමත් වෙනවා.....

      Delete
  7. ඔය තරම් වාර්තා..බුඩු අම්බෝ..මේ සේරම ලියන්න මාගලක්වත් ගන්න වෙයි නේද රාජ් අයියා.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං බට්ටියේ.

      Delete
  8. ක්රිනකට් ගැන මොනවා ලිව්වත් මම කැමැත්තෙන් කියවන්නේ.මටත් තියෙනවා ක්රිnකට් පිළිබඳව සිහිනයක්.

    ReplyDelete
    Replies
    1. ඒ මොකද්ද? ටීම් එකටවත් එන්නද? මේ කාලෙ හොඳයි කාන්තා ක්‍රිකට් ජනප්‍රිය වෙනව සීග්‍රයෙන්.

      Delete
  9. කෝ අපේ විචාරක සුදීක එයාට තමා මේකට හොදම කමෙන්ටුව දාන්න පුලුවන්වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්. සුදීක ක්‍රිකට් පිස්සනේ.

      Delete
  10. ඔන්න ආවා. මුලින්ම කියන්න ඕනේ මට මේ තරග දෙකම බලන්න වුනේ නෑ. බොහොම කලාතුරකින් වෙන වැඩක්. වාර්තා කියන්නේ ඉතිං තමන්ට හිතවත් අයට බෙදන්න ඕනේ වුණාම හදා ගන්න ජාතියක්නේ. ඕවා නිතරම වෙනවා අපේ ඔෆිස් වල. ඔය සුරියවැව තව වාරතා තියෙනවා හුළඟ නිසා බේල් නැතිව ක්‍රීඩා කරන ඒවා. ලයිට් නැති වෙන ඒවා නම් මීට කලින් වෙලා තියෙනවා. බිල ගෙවලා නැති නිසා ලයිට් කපලද දන්නේ නෑ. අන්තිමට රසල් ආනොල්ඩ් විදුලිබල මණ්ඩලයට ස්තුතිත් කළා මම දැක්කා හයිලයිට්ස් වලින්. මම දන්නා විදියට ටෙස්ට් තත්වේ හම්බ වුනාට පස්සේ නායකත්වයට පත් වෙච්ච් Pපලවෙනි සුළු ජාතිකයාත් ඇන්ජලෝ මැතිව්ස්(දන්නා විදියට කොළඹ චෙට්ටි). රාජ් දන්නවද ඩක්වර්ත් ලුවිස් නීතියෙන් වැඩිම තරග ගණනක් දිනලා තියෙන්නෙත් ලංකාව කියලා ?

    ReplyDelete
  11. ඔබගෙ සිහිනය සැබෑ වේවා කියා පතමි!අපේ සුදිකගෙන් විස්තර දැනගෙන උත්සහකර ඉදිරියට යන්න රාජ්.ඔහු උදව් නොකර ඉන්නෙ නැහැ.පස්සෙ නලින්ගෙන් උදව්වක් ගන්න බැරිය.

    ReplyDelete
  12. අනේ බන් උඹට බැරිද ගුවන්විදුලියට විස්තර ප්‍රචාරයට යන්න. පාලිත පෙරෙරා ප්‍රෙමසර ලොක්කා නැති අඩුව පුරවන්න වත්, මට වමනේ යනවා බන් දැන් උන් කියන කතා ඇහුවම

    ReplyDelete
    Replies
    1. පට්ටම ඇත්තයි ලොකු ජෝන්,දැන් ඉන්න උන් හොඳයි මළගෙවල් වල විස්තර විචාරයට

      Delete
  13. මට මතකයි ජයසූරියත් එක සරයක් ඇනගත්තා විස්තර විකාශෙකට ගිහින්

    ReplyDelete
  14. මූ වාර්ථා හදනව නේ බං..

    ඉස්සර අපි වාර්ථා තිබ්බා බං. නොකා නොබී මැච් බලලා. දැන් ඉතිං ඒ ගොනා විකුනල නොවැ !

    ReplyDelete
  15. ක්‍රිකට් ගැන ලොකු උනන්දුවක් නැති උනාට මේවගේ විස්තර අහන්න ආසයි... ඒ නිසා රස වින්දා පෝස්ටුව..

    ReplyDelete
  16. මැච් එක නොබැලුවට පාඩු නෑ.. රාජ් අයියගේ විචාරය කියෙවුවනේ..

    ReplyDelete
  17. විස්තර විචාරෙ ගැන කියනවා නම් ඊට වඩා විනෝද සමයක් නෑ. බෝඩ් එකේ උන්දැලා තියෙන රෙකෝඩ් එක්ක බලද්දි හැබැයි මේවා නම් මොනවද? ඒවා ලියන්න පොත් මදිවෙයි!

    ReplyDelete
  18. උඹ උඩින් කියපු වර්තානම්කඩන්න බැහැ වයිමටවත්.

    ReplyDelete
  19. ඇයි ඊයේ පලවෙනි සැරේ ලංකාවෙදි ලංකාව පැරදුනේනේ මුංට... ඩක්වත් සහ ලුවිස් අයියලට පිං සිද්ද වෙන්න

    ReplyDelete