Monday, October 14, 2013

රත්තරන කැපීම සහ ඒකාධිපති ආතල්.

ඊයෙ පෙරේද දවසක ලොකුමාමගෙ කඩේට ගියේ මොකද්දෝ ගන්න. ගෑනි එක්ක තරහ වෙලා අහවල් එක කපාගත්ත එකා ගැනයි කතාව.

"ගෑනි එක්ක තරහ උනානං ඌට කරන්න තිබුනෙ වෙන ගෑනියෙක් ගේන්න, කපාගන්න නෙවේ බොල දෙයියො දුන්නෙ. ඕකට රත්තරං කියන්නෙ නිකංයැ" ලොකුමාම කියනව.

"මිනිස්සු කනමදය වගේ බීල එනකොට රත්තරං උනත් ගෑනුන්ට එපාවෙනව නෙව!" ලොකුමාමගෙ මායියත් කතාවට ඇන්ටර් උනා.

"ඒ හාදය ගල් කපල ජීවත් වෙන දුප්පත් මිනිහ වෙච්චි, ඇ‍ඟේ අමාරුවට ඩිංගිත්තක් බිව්ව කියල රණ්ඩු කරන්න ඕනද?" ධර්මෙ අයිය දෙපැත්තටම කැපුව.

"වැරදිලාවත් ඔය ඔපරේෂන් එක අවුල් උනානං මිනිහට ගොඩ යන්නත් තිබුන" රත්තගෙ අමුතු කතාවට කවුරුත් ඌ දිහා බැලුව.

"ඒ කොහොමද බං? මොනව උනත් වැඩක් තියනවද ජුන්ඩ නැතුව?"

"එහෙම උනානං ඌ එක්සත් ජාතික පක්ෂෙ ඉහල තනතුරකට යන්න තිබුන, අඩු ගානෙ කෘත්‍යාධිකාරී මණ්ඩලේටවත්........"

"ඒ කිව්වෙ?"

"ඇයි බං සජිත් මහත්තය කියන විදියට යූඇන්පී එකේ උඩිංම ඉන්න බුවාල නපුංසකයො කියන්නෙ.....ඒකයි"

"උඹේ කතාවත් ඇත්ත බං" ලොකු මාම කිව්ව.


----------------------------------------------------------------------------


මේක මේ අනාගතේ සිද්ධවෙන කතාබහක්. හරියටම කියනව නං මේ නොවැම්බරේ.
ඔන්න පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ආවරනය කරන්න විවිධ රටවලින් ආපු මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් හැන්දෑජාමෙක සෙට්වුනා. ඒ වෙලාවෙ මේගොල්ල තම තමන්ගෙ රටවල ඒකාදිපතියන් ගැන පම්පෝරි ගහන්න ගත්ත. මේ රටවල් වල උදවියට ආඩම්බරෙන් කියන්න තියෙන්නෙත් එච්චරයි නෙව. ඔන්න ඉස්සෙල්ලම ම්ලොම්බා කියන උගන්ඩා ජාතික මාධ්‍යවේදිය කියනව තමුන්ගෙ රට ගැන,

"අපේ ඉඩි අමින් ගැන දන්නව ඇතිනේ..... එයා බලහත්කාරෙන් රට අල්ලගෙන අවුරුදු නවයක් පාලනය කලා......"

එයාට ඉවර කරන්න උනේ නෑ අලාම් කියන පකිස්තාන්කාරය ඒකාධිපති ආතල්එක පටන් ගත්ත,

"අපේ රටේ හිටිය සියා උල් හක් එක දිගට අවුරුදු දහයක් බලය අල්ලගෙන හිටිය. හදිස්සියෙ මැරුනෙ නැත්තං මෑන් තාම ඉන්නව"

මේ වගේ කතන්දරවල ලංකාවෙ එකා පැරදිලා තියනව කියල ඔහේල අහල තියනවද? නෑනේ! ඔන්න ලංකාවෙන් සෙට්වෙච්ච නලින් දිල්රුක්ෂ කියන මාධ්‍යවේදිය දුන්න ඇ‍ඬෙන්න,

"අයියෝ ඕව මොනවද,..... අපේ රටේ විතර ඒකාධිපතියො කොහේවත් නෑ..... පාලකය අමතක කරන්න...... බලන්න අපේ විපක්ෂ නායකතුමා, එතුමා එක දිගට අවුරුදු විස්සක් තිස්සෙ පක්ෂෙ බලේ අල්ලගෙන ඉන්නව. පාක්ෂිකයො කොච්චර කෑගැහුවත් යන්නෙ නෑ.....තව අවුරුදු ගානකට යවන්නත් බෑ!"

ඊට පස්සෙ කස්ටියගෙ ඒකාධිපති කතා නැවතුනාලු!


57 comments:

  1. ආයේ ඉතිං රනිල්ව යවනවත් බොරු මහින්දව එලවනවත් බොරු !
    දෙන්නම එකයි !

    ReplyDelete
  2. වැඩේ කියන්නෙ නලින්ම ඔතනට සෙට් උන එකනෙ

    ReplyDelete
  3. නලීන්ට එක්කෝ සංඛ්‍යා ලේඛන වැරදිලා නැතිනම් ලේක්හවුස් ක්‍රමයටයි ඔය කියලා තියෙන්නේ.

    ඔය කියන අවුරුදු 20 ඇතුලත රනිල් වසර දෙකක් අගමැති වුණා නේද?

    ReplyDelete
    Replies
    1. වැඩක් තියේද? සැටලයිට් නෝනට ඔලුව නවාගෙන හිටිය. උන්නත් මලා වගේ කියල නලින් හිතන්න ඇති

      Delete
  4. //"මිනිස්සු කනමදය වගේ බීල එනකොට රත්තරං උනත් ගෑනුන්ට එපාවෙනව නෙව!" ලොකුමාමගෙ මායියත් කතාවට ඇන්ටර් උනා."//
    ලොකු මාමගේ මාය්යගේ කතාවෙත් ඉතින් ඇත්තක් තියෙනවා...:D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිට කෑල්ලක් අල්ලගන්න බැරි වෙන්න ඊලඟ පෝස්ටුව දාන්නෙ.

      Delete
    2. ෂිහ් පොඩ්ඩි බැන්ඳා කියලවත් කිසිම දියුණුවක් නැහැ නොවැ.....

      Delete
  5. ස්වයං සුන්නත් කියන්නෙ ඕවට තමා    

    ReplyDelete
    Replies
    1. තමන්ගේ ආසාවට කපා ගත්තා නම් දොස්තර මහත්වරු මොකට මහන්සි වුනාද. අපරාදේ ජාතික ධනය.

      Delete
    2. මම නං කියන්නේ විශ්ව, ඕකට zipper එකක් හයි කරන්න තිබ්බේ. නැත්නම් ත්‍රෙඩ් එකක්.

      Delete
  6. නායකයෝ කියන්නෙ පොඩි එකා සුප්පුව ඉල්ලලා අඩනවා වාගේ බලේ ඉල්ලලා අඩන අය නෙමෙයි..
    සුදුසු නම් කොක්කෙන් හෝ කෙක්කේන බලේ ගන්න අය..
    ඒ හැකියාව රනිල්ට හැර විපක්ෂයේ වෙන කාටද තියෙන්නෙ../

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නෙ ලොක්කගෙන් රටේ බලය ගන්න මේ කාටවත් බැරිඑකනේ.

      Delete
  7. ඇත්තටම ජුන්ඩා නැති උනා කියන්නේ ආයේ ලිංගික සතුටක් අරගෙන ඉවරයි කියන දේද ...? වෙනත් ඔප්ෂන් ගැන කතා කිරීමට ඔට්ටු නැත.

    ( පුක යනු කුණුහරපයක් නෙවේ.. )

    ReplyDelete
  8. අහවල් එක නැතිවුනාට වැඩක් නෑ, තොල් රතු වෙන්න ඕන, සමරිසි වෙන්න ඕන, සුදු කොල්ලෙක් වෙන්නම ඕන.

    නලීන් කියන නම අහල පුරුදුයි ... :-D එකාධිපතියෝ කියන එක වැවේ පත්තරලින්නම් කැපෙන වචනයක්නේ.

    ReplyDelete
    Replies
    1. තව අවශ්‍යතා තියනව නේ?

      Delete
  9. නලියෝ මෙන්න මෙහෙ වරෝ............. උබේ අහවල් එක මුන් මෙතන කපන්න වගේ යන්නේ...... ඇවිත් බෙර ගනියෝ........

    ReplyDelete
  10. නලින් මහත්තයගෙ ඔය කතාව මම කොහේදි හරි අහල තියෙනවා.. ඒකත් රාජ්‍ය මාධ්‍යයකමද මන්දා..

    මම දොස්තර නම් අර ගැජට් එක කපා ගත්ත එකාට චු කරන්න විතරක් හිලක් තියල.. කාන්තා ගැජට් එකක් විදිහට සකසනවා !

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ උඹ උගේ නම්බර් එකත් ඉල්ල ගන්නවානේද

      Delete
    2. හානි වූ සම්පත් වලට හානී පුර්ණය කරවීම.අඳුරු වලා වල රිදි රේඛාවක් දැකිමක්ද? සෑමා ගුදමාර්ගයෙන් ආදායම් අපවන හැටි කියාදෙන්න යනවා වගේ .

      Delete
  11. විපක්ෂ නායක තුමා ඒ තනතුරේ ඉදගෙන කරන්නෙත්...අනිත් උන් එහා පැත්තට බල්ටිය ගහලා කරන්නෙත් එකම දේ...ඒ තමයි රජාගෙ දෑත ශක්තිමත් කිරීම...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනේ ඇත්ත කතාව. +++++++++++++++++++++++++++++

      Delete
  12. උට එපාවෙච්ච එක මොකට මහන්සිවෙලා ආපහු මැහුවද මන්ද.

    ඔයාලට කියන්න මෙයාල මමත් බ්ලොගක් ලියනවනෙ දැන්.(අප්ඩෙට් වෙන්නෙ නැද්ද මන්දා.ඉඩ තියෙන අය පොඩ්ඩක් ඇවිල්ල යන්නකො
    http://damgune.blogspot.com/

    ReplyDelete
    Replies
    1. දිනුක මල්ලිය කියල තිබුන,ඔපරේෂන් කරන තැන හිටපු ජුනියර් බැජාල කිව්වලු ගෑනි කපල කියල.

      Delete
    2. පස්සෙ ඕනවෙයි.

      Delete
  13. අයියෝ සල්ලි! කනමදයි වාගෙ බීලා තමන් විහින්ම කපා ගත්තු එවුවා ආපහු හයි කොරන්න ඩොකාලට පිස්සුද මන්දා.

    ReplyDelete
    Replies
    1. ඔයා දන්නවද ඒකේ අගේ?

      Delete
    2. ඇයි දැං කියන්නෙ නෝන කපලයි කියල.

      Delete
    3. බස්C, පිස්C වගේ මේ වගේ කුණුහරුප කතා යන තැන්වලට එන්න එපා. බස්C ගේ අඩවියට හිට්ස් නැතත් කමන්නෑ කියලා හිත හදාගන්න.

      Delete
  14. නලීන් අයියා හොද වෙලාවට විපක්ෂය ගැන කතා කලේ.. නැත්නම් ඉතින්......

    ReplyDelete
    Replies
    1. එට නලියගෙන් විසුමක් නැතිවෙයි වගේ

      Delete
  15. රටේ විපක්‍ෂය නපුංසක වෙනවා කියන්නේ පොළොවේ හැපී,හැපී අඩන්න ඕනේ කරුණක්.

    ReplyDelete
  16. මොනවා.....නලිය එහෙම කියයි ද..?
    නලී එහෙම කිව්වොත් එයාගෙයි,මගෙයි මිතු දම එතැනින් අහවරයි...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...... එතකොට කතාව?

      Delete
  17. අද පත්තරේට ඌ කියලා තියෙන්නේ ඌ එළියේ නිදාගෙන ඉන්නකොට කවුද ඇවිත් කපලා ගියාය කියලා .
    දැන් ඔය දෙවැනි කතාවට නලින් අයියාම අල්ල ගත්තේ මොකද ?

    ReplyDelete
    Replies
    1. නලිය හොඳයි මේ වැඩේට :-)

      Delete
  18. අරක ඉස්සර වගේම වැඩද කියලත් පස්සේ පත්තරේ දායි...,
    අපේ රනිල් ලොක්කට මොකුත් කියන්ට එපා හරිය...

    ReplyDelete
    Replies
    1. ඒක වැඩද කියල අහන්න ඕන නෝනගෙන්

      Delete
  19. දැං ඕක මිනිහ කපාගත්තද, ගෑනි කැපුවද කියල අපි දන්නෙ නෑනෙ.
    නලින් අයිය කන බොන වෙලාවට කියන කතානං ඔහොමම තමයි. :D

    ReplyDelete
  20. ඉස්සරනම් කිව්වේ පයිය කපාගෙන මැරියන් කියලා....දැන් කියන්න වෙන්නේ පයිය කපාගෙන යුඇන්පියට බැඳියන් කියලා.

    සැ.යු...... පයිය කියන්නේ කුණුහරුපයක්ද....වල් වචණයක්ද නැද්ද කියා හරියටම නොදණිමි. පයිය වල් නම් බිජ්ජ කියා දාගත්තාට වරදක් නැත. මම හිතන්නේ බිජ්ජ කියන්නෙත් පයියටමය.

    ReplyDelete
    Replies
    1. මෙන්න අරූ වගේ තව එකෙක් ඇවිල්ලා. මේ නම් අරූ වෙන්න බෑ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  21. ඩොක්ටර් ලා නම් කියන්නෙ ප්‍රානවත් වෙයි ඒත් පරන විදිහට ආශ්වදයක් නැති වෙයි කියල තමා.අනික සැට් කරපු එකත් තාම පරීක්ශන මට්ටමේ නේ.සැට් කරපු අහවල් එක හාවෙයිද කියලා බලන්න ඕනෙලු නෙ.කොහොම වෙතත් මේක ශ්‍රීලංකාවේ ප්‍රථම වලු බද්ධය විදිහට ඉතිහාස ගතවෙනවා. :)

    ReplyDelete
  22. කෙන්ජි නලින්ගෙ බ්ලොගේ ලියපු එවවයෙ සැර බාල කරන්න රාජ් මේක ලිවුවෙ.. පව්.. පාළුගෙයි වලං බිඳිනවා වගෙ මෙහෙ නලින්ව හම ගහනවා.. කෝ නලින් ?

    ReplyDelete