Monday, January 6, 2014

ඔරුවේ ගිය මහාචාර්යතුමා හෙවත් මගේ නොවන මගේම චූටි කතාවක්.

ඉස්සර ශ්‍රී සඟරාවක තිබුන කතාවක් තමයි මේ.

ඔන්න මහාචාර්යවරයෙක් ගමනක් යන අතර මඟ ගඟකින් එතෙර වෙන්නත් තිබුන. ගං ඉවුරේ තිබුන ඔරුවකට ගොඩවෙලා ගමන යන අතරෙ තොටිය එක්ක කතාවට ආව.

මහාචාර්යතුමා: තමුසෙ දන්නවද භෞතික විද්‍යාව ගැන?

තොටිය : නෑ සර්!

මහාචාර්යතුමා: මෝඩයෙක්නෙ!... එහෙනං රසායන විද්‍යාව?

තොටිය : ඒත් නෑ සර්!

මහාචාර්යතුමා: මැටි මෝලෙක්කෙ!.... ගණිතය එහෙම නැත්තං දර්ශනය?

තොටිය : අනේ මං ඕව ගැන දන්නෙ නෑ සර්!

මහාචාර්යතුමා: චැහ්: පොල් බූරුවෙක්නෙ!

මේ අතරෙ එකපාරටම ඔරුව පෙරලුනා....

තොටිය : සර් පීනන්න දන්නවද?

මහාචාර්යතුමා: නෑ ඕයි?

තොටිය : එහෙනං අර කියපුවයින් බලන්න බේරෙන්න පුළුවන්ද කියල!

එහෙම කියපු තොටිය ඉවුර බලා පීනන්න උනා.

----------------------------------------------
දෙවනි කතාවෙත්-මගේ වර්ෂන් එකෙත්- මුල ඔය විදියටම සිද්ධවෙනව.

මහාචාර්යතුමා: තමුසෙ දන්නවද ලැකාන් ගැන?

තොටිය : නෑ සර්!

මහාචාර්යතුමා: එහෙනං ජිජැක්?

තොටිය : ඒත් නෑ සර්!

මහාචාර්යතුමා: අඩුගානෙ දීප්ති ගැන?

තොටිය : අනේ මං දන්නෙ නෑ සර්!

ඉතුරු ටික මුලින් විදියටමයි.

වමේ සමහර වෙබ් අඩවි කියවද්දි මට හිතුනෙ එහෙමයි.

----------------------------------------------
ෂර්ලොක් හෝම්ස්ගේ අවසාන රහස් පරීක්ෂණය කියවන්න ඕන නං හරියටම හෙට උදේ 8ට මේ පැත්තෙ එන්න වෙයි.

53 comments:

  1. වමේ සමහර වෙබ් අඩවි කියවද්දි මට හිතුනෙ එහෙමයි.///////නියම හයේ පහර

    ReplyDelete
  2. සුවර් එකටම වෙලාවට වැඩ කරනවද?? හැක්.. එහෙනං එන්නං..

    කකාත් මහාචාර්ය වරු තුන්දෙනෙක් ගැන කතා කරා නේද?

    ReplyDelete
    Replies
    1. අනිවා! ගිය සිකුරාද පබිලිස් කලේ!

      Delete
  3. රාජ් දැන් ශ්‍රී සඟරාවෙන් වැඩ නේද? හැබැයි ඕක මම අහල තියෙන්නෙ ඔහොම නොවෙයි.ඉස්සරවෙලාම මහාචාර්යතුමා අහනව රසායන ශාස්ත්‍රය දන්නවද කියල.තොටිය නෑ කීවම කියනව එහෙමනම් ඔහෙගෙ ජීවිතෙන් කාලක් ඉවරයි අපරාදෙ කියනව.ඊට පස්සෙ ආහ්නව ඔහේ ගණිත ශාස්ත්‍රය දන්නවද කියල.නෑ කීවම කියනව එහෙමනම් ඔහෙගෙ ජීවිතෙන් බාගයක් ඉවරයි කියල.එතකොට ඔරුව පෙරළෙන්න එනව.තොටිය අහනව මහාචාර්යතුමා පීනන්න දන්නවද කියල නෑ කීවම කියනව එහෙනම් ඔහෙගෙ මුළු ජීවිතේම ඉවරයි තව ටිකකින් ඔරුව පෙරළෙනව කියල

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි මගේ කතාවට වැඩිය. යකා බලන්න එන්නත් බැරිවුනා හිටපංකෝ....

      Delete
    2. යකා කිව්ව කතාව වගේ එකක් තමයි මමත් අහලා තියෙන්නේ. වෙනසකට තියෙන්නේ

      'ඔහේ දන්නවද තර්ක ශාස්ත්‍රය?'
      'නෑ පඬිතුමා.'
      'තාරකා ශාස්ත්‍රය?'
      'නෑ පඬිතුමා.'
      'හපොයි. එහෙනම් ඔහේගේ ජීවිතෙන් බාගයක් වතුරේ.'

      ඔහොම ගිහිල්ලා...

      'පඬිතුමා පීනන්න දන්නවද?'
      'නෑනේ'
      'එහෙනම් ඔහේගේ මුළු ජීවිතේම වතුරේ. මොකද ඔරුව ගිලෙන්නයි යන්නේ.'

      Delete
  4. අඩේ නියමෙට කියන්න ඕන දේවල් කියල තියෙනව...

    වම නේද??

    ReplyDelete
  5. අනේ අහිංසක මහාචාර්යවරු... :)

    ReplyDelete
  6. වෙබ් සයිට් ගැන නම් උඹේ කතාව ඇත්ත... සමහර ඒවා කියෙව්වහම හිතෙන්නේ ලැකාන් එහෙම කියලා තියන නිසා ඒක එහෙම්මම වෙන්න ඕනේ කියලා... හරියට මේ වගේ...

    දැන් ඔය මුහුදු යන යාත්‍රා වල නාවිකයෙක් මැරුණහම, යාත්‍රාවේ දොස්තර මරණ පරීක්ෂණයක් කරලා ඒ අදාල විදිහට යම් චාරිත්‍රයක් කරලා මිනිය දානවලු මුහුදට. දැන් ඔන්න ඔහොම මිනිහෙක් මැරිලා අනිත් නාවිකයෝ එකතුවෙලා මුහුදට දාන්න යනකොටම අර මිනිහා ඇහැරලා කලබල වෙලා කෑ ගැහුවලු. "මොකද්ද ඕයි මේ කරන්නේ, මාව බිමින් තියනවා" කියලා. නාවිකයෝ කිව්වලු "පලයන් යකෝ යන්න, දොස්තර මහත්තයා තමයි කිව්වේ උඹ මැරිලා කියලා, තෝ කොහොමද දොස්තර මහත්තයට වඩා දන්නේ" කියලා දැම්මලු මිනිහව මුහුදට.

    ReplyDelete
    Replies
    1. අන්න හරි. ඕක තමයි වෙන්නෙ.

      Delete
    2. හී.. ඒක නං අදහන්න වටින කතාව. ලංකාවෙ රාජ්‍ය සේවයෙ හුගක් තැං එක්ක නියමෙට පෑහෙනව

      Delete
  7. මහාචාර්ය කෙනෙක් දීප්ති ගැනෙ දන්නවාද අහන කාලයක් ඒවිද?

    (මෙතනට අදාල නෑ, නමුත් මං ඔය දීප්ති කියන කෙනෙක් ගැන දැන ගත්තේ බ්ලොග් කියවන්න පටන් ගත්තට පස්සෙයි! හැබැයි මිනිහා පොරක් වගේ. මොකට අද අමිල චතුරංග ගේ බ්ලොග් එකේත් දීප්ති ගැන පොඩි සඳහනක් තියෙනවා.)

    ReplyDelete
    Replies
    1. මේ ලංකාව කියන රටේ ඕනෑම කෙනෙකුට ලියන ප්‍රමාණය ( ඒ කියන්නෙ quantity එක, quality එක නෙවෙයි ) වැඩි කර ගැනීමෙන් පොරක් විය හැකියි. දීප්ති එහෙම පොරක් වුණු මනුස්සයෙක්. එහෙමෙ පොරවල් වුණු අනෙක් අය තමයි නලින් ද සිල්වා, සුජීව ප්‍රසන්න ආරච්චි, මාරයා සහ කකා.

      Delete
    2. කකා,
      ඔහේ හොඳටම මදි කකා.

      ඇනෝ,
      නමුත් දීප්තිසාදු කියන අයත් ඉන්නෙ. ඊයෙ මම සූස්තිගුණේට නං සාදු කිව්ව.

      Delete
    3. HALLO KAKKA, ME APE ARA CHOO, JEE PADA JOKKU GENA LIYANA KAKKA BUWA NEDA. KOHOMAI ITIN,

      Delete
    4. සෑර් මම මේ තාම මලක් ගහගෙන කල්පනා කොරන්නේ අහවල් ජිල්මාට් එකක් හින්දා එහෙම කිව්වද කියලා.

      Delete
  8. ඔය වගේ වෙබ් සයිට් හුගක් තියෙනවා.ගොසිප් සයිට් සහා සමහරක් ඔය වගේ සයිට් දෙකම එක වාගේ.

    ReplyDelete
    Replies
    1. ගොසිප් නං මොකද මේව......

      Delete
  9. //ෂර්ලොක් හෝම්ස්ගේ අවසාන රහස් පරීක්ෂණය කියවන්න ඕන නං හරියටම හෙට උදේ 8ට මේ පැත්තෙ එන්න වෙයි. //
    එහෙනම් කොහොම හරි එනවා :)

    ReplyDelete
    Replies
    1. මේක කවුරුවත් කියවලා/පරිවර්ථකය කරල නැති එකක්. හෙට බලන්න. දැන් පබ්ලිෂ් වෙලා තියෙන්නෙ :-)

      Delete
  10. දෙවෙනි වර්ශන් එක නං නියමයි. වමේ වෙබ් විතරක් නෙමෙයි ගොඩක් දෙවල් එහෙමයි. තිසර කියලා තියෙන කතාවත් හරියට හරි..

    ReplyDelete
  11. වමේ කතා කියවලා කාලෙ කනවට වඩා හොදා බතල අලයක් කාල නිදාගන්නවා. අපිට ඇති වැඩකුත් නෑ උන්ට ඇති වැඩකුත්නෑ...
    මං නං ඔය කතාව අහල තියෙන්නෙ අර යකා බුවා කියල තියෙන විදිහටම තමයි

    ReplyDelete
    Replies
    1. වමේ කතා කියවලා කාලෙ කනවට වඩා හොදා බතල අලයක් කාල නිදාගන්නවා.//
      :-)

      Delete
  12. කතාව නම් අසා ඇත :)

    හෙට එන්නම් අහපු නැති කතාව බලන්න :)

    ReplyDelete
  13. මොනවද වමේ වෙබ් අඩවි කියලා පොඩි පැහැදිලි කිරීමක් කළෑකිද ?

    මමත් අර තොටියා වගේ තමා. කිසිම දෙයක් දන්නෙ නෑ. හැබැයි පීනන්න දන්නෙත් නෑ..

    ReplyDelete
    Replies
    1. ඔය ඉතිං තොටියටත් හපං නේ උඹ! වමේ කිව්වෙ වමේ. බ්ලොග් එකේ ඔය වම් පැත්තෙ තියන සමහර වෙබ් අඩවි :-)

      Delete
    2. හෙහ්.. ඒකනෙ මම බොට කලින්ම කිව්වෙ මාත් තොටියා වගේ තමා කියලා..

      දැන් හංගලා ව්‍යංගාර්තයෙන් කතාකරණ, කතා ලියන එක විලාසිතාවක් නිසා මමත් හිතුවෙ එහෙම මොකක් හරි වෙන්නැති කියලා.. බලන් යද්දි මේ වමේනෙ...

      Delete
    3. ආ...දැන් තමයි මේ වමෙ කතාව තෙරුනේ...:)

      Delete
  14. මහාචාර්යවරු තුන්දෙනෙක් එකතුවෙලා හොඳම ගඳයා තෝරපු කතාව?

    ReplyDelete
    Replies
    1. ඒමොකද්ද? කියමුකො බලන්න ඇවිස්සුව නං....

      Delete
  15. හා එහෙනං හෙට එන්නං !

    ReplyDelete
  16. උගත් කමින් විතරක් අදකාලේ ජීවත් වෙන්න බැහැ. තමුන් සියල්ල දන්නවා කියල හිතන් ඉන්න යට කෙල වෙන්නේ ඔය වගේ තමයි

    ReplyDelete
    Replies
    1. සියල්ල දැන ගන්න ලෝකෙ කිසිම කෙනකුට බැහැ. නමුත් තමන්ගේ උගත්කම බුද්ධිය ගැන හරි තක්සේරුවක් තිබීම නරක දෙයක් නෙවෙයි. තමන් සමාජයේ අනෙක් අයට සාපේක්ෂව උගත් හා බුද්ධිමත් කියා දන්නා කෙනෙක් ඒ ගැන නිවැරදි තක්සේරුවක සෙටීම තමයි හරි. බුදු හාමුදුරුවො පවා තමන්ගේ බුද්ධිය දැනුම ගැන බොරු නිහතමානීකමක් පෙන්නන්න ගියේ නැහැ. දන්නවා නම් දන්නවා කිව්වා.

      Delete
  17. හප්පට සිරි මරු කතාව බන්... දෙවෙනි කතාව තරම් ත්රුනේ නැත්තේ මේ දවස්වල බ්ලොග් වල වැඩිය කරක් ගහන්නේ නැති නිසා වෙන්න ඇති.

    ReplyDelete
  18. එක්කොත් හෙට රහස් පරික්ෂක කතාව බලලම කොමෙන්ටුවක් දාන්නම්

    ReplyDelete
  19. දීප්ති ගැන අපි දැනගන්නම ඕන කියලා දීප්තිනම් හිතනවා

    ReplyDelete
  20. අනේ අපි ඔව්ව දනෙ නෑ බන්. කව්ද ඇත්තටම ඔය දීප්ති කියන්නෙ? ගෑණුකෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් බන් අර ඉස්සර ගියේ දූදරුවෝ කියලා නාටයක්, එකේ හිටිය චරිතයක්නේ බන්.නිල්මිණීද කොහෙද ඇක්ට් කලේ.

      Delete
  21. හෙට එනෝ..... :D

    වමේ කතාව තේරුනේ නෑ නෙ......

    ReplyDelete
    Replies
    1. වමේ බ්ලොග් ටික කියවා තේරුම් ගතිමි. :)

      Delete
    2. පුදුමයි!!! බස්සීට තේරුණා කියුව්වා???
      ඔය වමේ සයිට් වල ලියලා තියෙන එව්වා ලිය්න එවුන්ටත් තේරෙන් නෑ!

      Delete
  22. වමේ තියෙන සයිට් ටික දැන් තමයි කියවලා ආවේ.
    ඉන්ටර්නේට් එක හොයා ගත්ත බූවා සොවියට් නැත්තම් කියුබන්කාරයෙක් වෙන්න ඕනේ.

    ReplyDelete
  23. වමේ එවුන් ලියන ඒවා තවමත් උඹ කියවනවද...?

    ReplyDelete
  24. වමේ වෙබ් සයිට් නෙවෙයි සමස්ත වමටම රාජ්ගෙන් :)

    ReplyDelete
  25. අපි ඉතින් ඔය වමේ එවුවට වැඩිය නැහැනේ.. ඒ හන්දා හෙට එන්නම්.. මම ආසම එකක් තියෙන කතාවක් කිවුවනේ..

    ReplyDelete
  26. වමේ කතාවනම් හරියටම හරි රාජ්. කාට තේරුම් ගන්න ලියනවාද මන්දා. ඒ ඒ අයගේ ආතල් එක සඳහා පමණයි කියලා උඩින් දාන්න තියෙන්නේ. සමහර සාහිත්‍ය විචාරත් ඒ වගේ බං..පොත හෝ චිත්‍රපටිය බලන්න හිතෙන්නේ නැහැ. ඒ තරමටම විචාරය නීරසයි (නීරසයි නෙමේ මට ඒ කියන දේ තේරුම් ගන්න වෙනම ලිපියක් කියවන්න වෙනවා )

    ReplyDelete
  27. කතාව නම් අහලා තියේ.. අනිත් කතාවත් ඊළගට බලමුකෝ

    ReplyDelete