Tuesday, August 5, 2014

බිත්තර කොස් ඇට සහ කොස් ඇට මීයෝ.

පසුගිය දිනෙක වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා ලියූ පුවත්පත් ලිපියක් අන්තර්ජාලයේද සංසරණය විය. ලිපියෙන් විස්තර වූයේ මාංශ/නිර්මාංශ ආහාර පිළිබඳවය. වෛද්‍යවරයාගේ ලිපිය අනුව මිනිසා සර්වභක්ෂකයෙකු වන අතර ඔහුගේ ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමුඛ පෝෂක ලබාගැනීමට මාංශ ආහාර ලබාගැනීම අත්‍යවශ්‍යය. තවද ළමා කාලයේ මොලයේ වර්ධනයට ප්‍රෝටීන් ඇතුළු පෝෂක වල අවශ්‍යතාවයද මෙම පෝෂක නොමැතිවීමෙන් ඇතිවිය හැකි අනිසි බලපෑම්ද විද්‍යාත්මකව විග්‍රහ කර තිබිනි. මෙවැනිම ලිපියක් උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින්ද මීට මාස කිහිපයකට පෙර පුවත්පතකට ලියා තිබිනි. විශේෂයෙන්ම නිර්මාංශිකයන් අධික ඉන්දියාවේ, නිර්මාංශ ආහාර වේල තුල අඩංගු ද්‍රව්‍ය ඔවුන්ගේ පෝෂණ උෟණතාවය මඟහරවන ආකාරය හේතු සහිතව දක්වා තිබුනි.

කෙසේ වුවත් ටීඑන්එල් රූපවාහිනියේ නිර්මාංශ ප්‍රවර්ධන වැඩසටහනකදී වෛද්‍යවරයෙකු විසින් ආරියසේන යූ ගමගේ මහතාගේ අදහස විවේචනයට ලක් කලේ කිසිදු විද්‍යාත්මක හේතු දැක්වීමකින් තොරවය. ඔහුට අනුව බිත්තරයක පෝෂණ ගුණය සමාන ගුණයක් කොස් ඇට දෙකක ඇත. වෙනත් ආකාරයකට කියන්නේ නම් (සත්ව) බිත්තරයක් අනුභව කිරීම වෙනුවට (ශාකමය) කොස් ඇට දෙකක් අනුභව කිරී‍ම කලහැකිය. ඊට පසු සති අන්ත රාවය පුවත්පතේ ආරියසේන යූ ගමගේ මහතාගේ පිළිතුරු ලිපිය පලකර තිබුනි. බිත්තරයක පවතින ගුණයත් කොස් ඇටයක පවතින ගුණයත් විද්‍යාත්මකව පැහැදිලි කර තිබූ අතර රූපවාහිනී ගොඩවෙදාගේ තර්ක පුස්සක් බවට පත්කොට තිබුනි.

මේ සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ස්වභාවයයි. එක් අයෙකු ඇත්ත කියන විට හිතුමතේ ගල් පැලෙන බොරු කීමට සූදානම් වූවන් සිය ගණනක් සිටිති. විශේෂයෙන්ම රූපවාහිනිය වැනි මාධ්‍යක් තුලින් කියන දෑ හිස් මුදුනින් පිලිගැනීමට සූදානම් ජනතාවක් මෙහි සිටිති. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියේ අසත්‍ය පැවසීම නීතියෙන් තහනම්ය. එහෙත් මෙම නිර්මාංශිකයන්ට මෙන්ම ජ්‍යෝතිෂය වැනි මිත්‍යාව පතුරන්නන්ටද එය බාධාවක් නොවේ.

මීට ටික කලකට පෙර පොල්තෙල් වල කොලෙස්ටරෝල් අඩංගු බවත් හෘද රෝගීන්ට පොල්තෙල් යෙදූ ආහාර සුදුසු නොවන බවත් කියැවිනි. මේ බටහිර විද්‍යාත්මක මතයයි. එහෙත් ඉන් පසු තවත් පිරිසක් ප්‍රකාශ කලේ පොල්තෙල් හානිදායක නොවන බවය. විදේශයන්හි සිට පැමිණෙන විවිධ වර්ගවල එලවළු තෙල් විකුණාගැනීමේ අරමුණින් (බහුජාතික කුමන්ත්‍රණයක්) පොල්තෙල් වල ගුණ අගුණ කල බැව් ඔවුන්ගේ මතය විය. චිරාත් කාලයක් ලාංකිකයන් පාවිච්චි කල පොල්තෙල් වලින් කොලෙස්ටර්රෝල් සම්බන්ධ රෝග ඇති නොවූ බව ඔවුන්ගේ තර්කය විය. තර්කයක් ලෙස ගත්විට මෙය සාවද්‍යය, මක්නිසාද යත් ප්‍රතිලපය ලබාගත යුත්තේ අතීතයේ ලාංකිකයාගේ ජීවන රටාව සහ වත්මන් ලාංකිකයාගේ ජීවන රටාවද අධ්‍යයනයට ඇතුළු කිරීමෙන්ය. මෙහි ප්‍රතිපලය නම්, සාමාන්‍ය මිනිසෙකු සලකා බැලූ විට තමාට පොල්තෙල් හොඳද නරකද යන්න නිශ්චය කරගත නොහැකි තරම් ව්‍යාකූල කර තිබීම අභාග්‍යකි.

කෙසේ වුවද ආහාර වැනි දෑ සම්බන්ධයෙන් යම් නීතිරීති පද්ධතියක් මෙරටට අැවැසිය. වර්තමානයේ පවතින කුමන හෝ ක්‍රමවේදයක් තුලින්(දේශීය හෝ බටහිර) යම් සිරුරකට හිතකර ආහාර මොනවාද අහිතකර ආහාර මොනවාද යන්න නිශ්චිතව දැනගැනීමේ ක්‍රමයක් තිබිය යුතුය. එක එක මූලධර්මවාදීන්ගේ චින්තනය ආහාරයට එක්කිරීම වැලැක්විය යුතුය. කෙටියෙන් කිවහොත් ආහාර පිළිබඳ සංගායනාවක් කල යුතුය. නිර්මාංශ ප්‍රවර්ධකයන් නිර්මාංශයේ වැදගත්කම දැක්විය යුත්තේ සත්ව අවිහිංසාව පදනම් කරගෙන මිස බේගල් ඇදබෑමෙන් නොවිය යුතුය. එසේ වූ විට පොල් බූරුවන්ගේ කතන්දර නිසා අනාගත පරපුර කොස්ඇට මීයන් වීම වලකිනු ඇත.

ප.ලි: සරුංගලේ බ්ලොග් අඩවියේ අද දින පලකර අැති "දෙයියන්ගේ කැඳ" ලිපියට පාදක වන්නේද මෙවැන්නකි

94 comments:

  1. බොට මොකද බං උනේ.. හයි වේ එකේද දැං යන්නේ. හැක්..

    උඹ කියනවා වගේ ලෙඩක් හැදුනම කන්න එපා කියන කෑම ටික ඇහුවම මොනවද කන්න ඉතිරු වෙන්නේ කියල හිතෙනවා බං.. දියවැඩියාව ප්‍රෙෂර් තියෙන එකාට වතුර විතරයි බොන්න වෙන්නේ..

    කිව්වත් වගේ පොල්තෙල් වල ගුණාගුණ හරියටම පහදල දෙන්න තාම කව්රුවත් උත්සාහ කරන නැහැ. මිනිස්සු එහාට වැනෙනවා මෙහාට වැනෙනවා..

    කෑම වල ගුණ පිළිබඳව නිශ්චිත නිර්ණායකයක් හදන්නම ඕන...

    ReplyDelete
    Replies
    1. නිශ්චිත නිර්ණායකයක් ??
      නිශ්චිතම වෙන්න නම් ඊට පස්සෙ රිසර්ච් නොකර ඉන්නවෙයිනෙ දේශක :-D

      Delete
    2. එකඟයි. ප්‍රා, දේශක යා කියන එකට "දැනට පිලිගත් තත්වයන් යටතේ" කියල දාගත්තම හරි. පොල්තෙල් උදාහරණය ඇති මං හිතන්නෙ.

      Delete
  2. බිත්තර වගේ ද කොස් ඇට?

    කළු පොල් කොස් ඇට මාලුව නම් මරු, ඉස්සර අපේ අම්මා හදනවා, මතක්වෙනකොටත් කටට කෙල ඉනුවත් දැන් අවුරුදු විස්සකින්වත් කෑවේ නෑ.

    ReplyDelete
    Replies
    1. සිස්සත්වේ ලියපු අපේ පොඩි එකෙක් ට ආවා ප්‍රශ්නයක්..

      කළු පොල් මාළුව හදන්නේ කුමකින්ද??

      දීපු උත්තරේ “මාළු“.. ඇයි දෙයියනේ පොඩි උන් ඕවා දැකල තියෙන එකක්යැ..

      Delete
    2. නැහැ නිර්ණායකන් කීයන්නේ මොකක් හරි දෙයක මූලික ලක්ෂණ පිළිබද දත්තයන්..

      Delete
    3. KOS ETA KEWAMA PADA YANAWA NEDA, ETHAKOTA JOKAWA GALAWAGENA
      INNA WENAWA NEDA?

      Delete
    4. කකාට උත්තරේ නං අංකල් දීල.
      දේශක යා
      ඕක මහ ගොං ප්‍රශ්නයක්. අනෙක ඔයවගේ ප්‍රශ්න ශිෂ්‍යත්ව පේපරේට දාන්න පුළුවන් හරකුන්ට. කළුපොල් කියන්නෙ විවිධ වර්ගවලට හැදෙන කෑමක්(අපේ පැත්තෙ නං) සුදුළුනු, කොස් ඇ‍ට, කරවිල ආදී විවිධ වර්ගවල කළුපොල් තියනව.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. ඔතන " මාලුව" සහ "ව්‍යංජනය" කියන වචන දෙකේ ප්‍රශ්නයක් නේද දේශා තියෙන්නේ? රත්නපුර පැත්තේ පරිප්පු මාලුව, ගහලකොල මාලුව, වට්ටක්කා මාලුව etc. etc. වෙන පැතිවල ව්‍යංජන වෙනවා නේද? කොලුවා මොන පලාතේද දේශා?

      Delete
    7. ඔය රාජ්ලගේම හම්බ පලාත තමා...

      Delete
  3. කොයි කෑමත් අවශ්‍ය ප්‍රමාණයට කෑවානම් තමයි හොඳ!

    ReplyDelete
    Replies
    1. එහෙමයි සෑර්.

      Delete
    2. ආර්ථිකේ හැටියට ඒකත් කරන්න බෑ බොස්.

      Delete
  4. උඹ මතු කරලා තියෙන කාරණාවට මමත් මුළුමනින්ම එකඟ වෙනවා. පෝෂනය ගැන සත්‍ය දැනගැනීමට අපිට තියෙන අයිතිය එක එක මූල ධර්මවාදීන්ගේ ප්‍රොපගැන්ඩා නිසා සම්පූර්ණයෙන් අවුල් වෙලා තියෙන්නේ. නිර්මාංශික ආහාර ගන්නවද නැද්ද කියන එක සත්ව අවිහිංසාව ගැන තමන් දරණ මතය අනුව තීරණය කරගන්නවා මිස ක්ෂේත්‍රයේ ලොක්කෝ අල්ලාගෙන බලපෑම් කරලා, කෙප්ප දෙසාබාලා, මිත්‍යා මත වපුරලා, ඇස් අන්ධ කරලා, කල යුතු දෙයක් නෙවෙයි.

    හරියට දන්තාලේප කාරයෝ දන්ත වෛද්‍යවරු අල්ලගෙන endorsement ගහගන්නවා වගේ

    ඔය වගේමයි මත්පැන් ගැන මතයත් මම හිතන්නේ. පමණට වඩා ගැනීම හානිදායක වගේම, සුළු ප්‍රමාණයක් ගැනීම සෞඛ්‍යට හිතකර බව පිළිගන්නේ බොහොම ටික දෙනයි.

    ReplyDelete
    Replies
    1. 'හරියට දන්තාලේප කාරයෝ දන්ත වෛද්‍යවරු අල්ලගෙන endorsement ගහගන්නවා වගේ'

      මොකැක්ද සෑර් මේකේ තේරුම? පොඩ්ඩක් පැහැදිලි කරන්ටැකෝ.

      Delete
    2. මම අදහස් කලේ ඇනෝ හුඟක් දන්තාලේප දවටනයේ හෝ දැන්වීම්වල උදාහරණයක් විදියට ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ අනුමත, ඉන්දීය දන්ත වෛද්‍ය සභාවේ අනුමත වගේ දේවල්, ඒ වගේම රූපවාහිණී දැන්වීම්වලත් එක එක වෛද්‍යවරුන්ගේ නම් හෙම දාලා ඒ දන්තාලේපයේ ගුණ වර්ණනා කරන අවස්තාවල් ගැන. මෙහෙම දැන්වීම සිංගපූරු, මැලේසියා වගේ රටවලින් එවන චැනල්වලත් හුඟක් තියෙනවා.

      Delete
    3. ආන්න හරි. මම කිව්ව එක හොඳට පැහැදිිලි කරල තියනව උඹ.

      Delete
  5. නිර්මාංශ වීමේ ප්‍රතිපලයක් ලෙස ශාන්ව දැකීමෙන් සහ ඇසීමෙන් TNL ශ්‍රාවකයන් තේරුම් ගත්තොත් මල කෙලියයි නිර්මාංශික කැම්පේන් එකට වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ශාන් ලොක්කාගේ හැටි නං අජූතයි තමයි.

      Delete
    2. :-)
      ඒකට අරගෙන තියෙන්නෙ අර උස මහත නළුවෙක්ව.

      Delete
    3. //උස මහත නළුවෙක්//
      කවුද ඒ? ශාන් ගෙ මල්ලිට (මිනිහත් නිර්මාංශද? )නම් එහෙම යාලුවෙක් ඉන්නව කෝපි බොන්න.

      Delete
    4. සිංහල සිනමාවේ දැනට ජනප්‍රිය නළුවෙක් බං. වෙලාවට නම ඔලුවට එන්නෙ නෑ

      Delete
    5. ලඟදි බැඳපු රෝෂාන් රණවනත් නිර්මාංශයි කියල මම අහගෙන කියනව. මමනං ඔය මස් නොකන උන්ට කියන්නෙ "ශාභක්ෂක" කියල. නිර්මාංස කියනකොට ටිකක් ප්‍රබුද්ධයි වගේනෙ.

      Delete
    6. ප්‍රා අන්න බුවා. රොෂාන්! හයේ හතරෙ මෑන්

      Delete
    7. ඇයි අනේ අපේ ගෝටයිබ්ර අයියා.. එයත් හොද තණකොළ කන බුවෙක් නේ...

      Delete
    8. ඇයි අර පොලිස්කාරයට ගහපු හේමාල් ඇමතිතුමත් කන්නෙ තණකොල විතරලු.

      Delete
    9. ඊටත් වඩා එතුමා අවිහිංසාවාදියෙක්ලු නේ..

      Delete
    10. දැන් එළවලු කන එවුන් ඇවිල්ල වෙජිටෙරියන්නේ බන්... සමහරු ඉන්නවා මස් මාළු කන්නේ නෑ එළවලු සහ කරෝල කනවා ... එතකොට උන් වෙජිකටෙරියන් ද බන් ???

      Delete
  6. මට නං ඔය ටීඑන්එල් එකේ මාසෙට දවස් දෙකක් බදාදා දවසේ යන නිර්මාංශ ගූ වැඩසටහන පෙන්න බැහැ. ටීඑන්එල් එකේ යන වැඩසටහන් වලින් බලන්න දෙකට තියෙන්නේ අද(අගහරුවදා) යන පිබිදීම කියන වැඩසටහන විතරයි.

    ඔය නිර්මාංශ වැඩසටහනට ගිය සතියේ ආවේ තම්බින්ගේ මස් කන්න වලිකන රාවනා බලකායේ සාදු. මට ඉතිං පුකෙනුත් හිනා එව්වා දැකලා. ඕකට මුලිකත්වය ගෙන ක්‍රියාකරන නාකි ඩයල් එක අල්ලන ඇට දෙක තලන්න ඕනි.

    මස් කන එකා කයි,නැති එකා නිකං ඉදි. ඒක ගැන උපදෙස් දෙන්න,තීරණය කිරීමේ බලය ශාන් ලොක්කට හෝ අනික් ඩයල් එකට දුන්නේ කවුද? බුදුහාමුදුරුවෝටත් බුද්දාගම උගන්වන්න යන ගිහි එවුන් නිසා තමයි මුහුදු කරේ සිටිය බෞද්ධයන් සැහෙන ප්‍රමාණයක් ක්‍රිස්තියානි ආගමට ගියේ. මොකද ඉතිං උන්ව කොන් කලානේ මසුන් මරනවා කියලා.

    අනික මස් කෑවේ නෑ කියලා රැකෙන සීලයක් නෑ. අන්තිමට කියන්න තියෙන්නේ වල් ඌරු මස් කැල්ලක,හරස් මස් කෑල්ලක රහ දන්නේ නැති උන් මහා පව්කාරයෝ කියලයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ ප්‍රමුඛතා පටලවගෙන යතාර්ථයට වඩා අයිඩියල් ගැන කතාකරන එකයි වැරැද්ද. මරණ විදිහ කාර්යක්ශම හා වේදනා අඩු කල හැකි ක්‍රමවේද හඳුන්වාදීමට කැම්පේන් කරන්නෙ නැතිව මස් කන එක නවත්වන්න හදනව වගේ අතාත්වික, අසාර්ථක, සමහරවිට හානිකර, දේවල් කරනව

      Delete
    2. ඇයි එකපාරක් ගව ඝාතනයට යොදා ගන්න දියුණු උපකරණයක් ලංකාවට හඳුන්වලා දෙන්න හැදුවා. එකෙන් වෙන්නේ සතාට අවම වේදනාවෙන්,ඉක්මනින් මරණය ලගාවෙන එක, කොහෙද ඒක ගෙනාවම අපේ තට්ට හරක් තප්පුලන්න පටන් ගත්තනේ මෙන්නෝ මුන් ගව ඝාතනය ප්‍රොමෝට් කරනවෝ කිය කියා. අන්තිමේදී ව්‍යාපෘතිය අකුලන් ගියා. ඉතිං ඒත් හරක් මරණ එක නතර උනේ නෑ, තාම පරණ,අසාර්ථක විදියට වැඩේ කරනවා.

      Delete
    3. ඔය වැඩසටහන මටත් පේන්න බෑ. එලිච්චි නං මාත් බලනව ඉඳහිට. ඒ ඇරුනම බලන්ානෙ ජනහඬ.

      ප්‍රා & ඇනෝ 2
      ඔය ව්‍යාපෘතිය මටත් මතකයි. ඒකට විරුද්ධවුන කෙනෙක් තමයි අපේ වර්තමාන ජනාධිපති අතිගරු....

      Delete
  7. මේ ලංකාවෙ ඔය වගේ දේවල් මිනිස්සුන්ට තේරුං කරල දෙන්න වැඩසටහන් ටීවී එකේ යයි කියල හිතන්න අමාරුයි. මොකද ඒව ඔක්කොම පාලනය කරන්නෙ කෑම ජාති විකුණන කොම්පැනි කාරයන්ගෙ උවමනාවට නිසා.
    පත්තරේකින්නං පොඩියට හරි ඔයගැන යමක් කරන්න පුලුවං වෙයි.

    ReplyDelete
    Replies
    1. එහෙමත් දෙයක් තියනව. අනිත් පැත්තට ටීඑන්එල් එක සාමාන්‍යයෙන් මාකට් එක ගැන හිතන චැනල් එකක් නෙවේ. අවුල එතන.

      Delete
  8. කැමැත්තෝ කැමති දෙයත් අකමැත්තෝ අකමැති දෙයත් නිසි ලෙස සලකා අනුන්ගේ අදහස් හා මතවාදයන්ට ගරු කලානම් සහ තමන්ට නිවැරදිවම අවශ්‍ය කුමක්ද කියල අනුන්ට තෝරන්න ඉඩ නොදී තමන්මතෝරාගත්තා නම් ඔය ප්‍රශ්නත් නෑ.. ඔය වගේ ගොබ්බ වැඩසටහනුත් නෑ

    ReplyDelete
    Replies
    1. ඕක එක පැත්තක්. තමුන් විශ්වාස කරන දෙයක් කන්න බොන්න අයිතිය තියනව. නමුත් මේවගේ බේගල් ඇදබෑම!

      Delete
  9. පහුගිය දවස්වල එකෙක් ඇවිත් ඇදබාපු බේගලේ හැටියට මේ මොකද්ද?ඌ ඇවිත් කතරගමට දෙයියො වඩිනවා කියල මුළු රටම රැවට්ටුවා.එච්චර බොරුවක් කියලත් තාම අගේට ඇවිත් ඔය චැනල්වල බොරු වපුරන්නෙ.තාම ඕකුන්ට අපේ රටේ හරක් රැවටෙන එකනෙ වැඩේ.ඔවුන්ගෙ කටවල් වලට හෙන ගහන්නෙ නැද්ද බං.

    ReplyDelete
    Replies
    1. කතරගම දෙයියන් ගැන නං මොනව කිව්වත් කමක් නෑ. ඒකට අහුවෙන එකාට කනට හහල කිව්වත් අහුවෙනව. නමුත් මේවගේ දේවල් නිසා යමක් කමක් තේරුම්ගන්න හදන මිනිස්සුත් ව්‍යාකූල වෙනව. හාන්ය වැඩියි

      Delete
  10. ඔය දැන්වීම මාෆියාව මිනිස්සු කොයිතරං ව්‍යාකූල කරනවද කිඅල තේරෙන්නෙ අපි වගේ රූපවාහිනී චැනල් නොබලන මිනිස්සු ලංකාවට ගිහින් ටීවී බැලුවමයි. කාලෙකට කලින් .ල එකේ පෙන්නුව මැච් එකකකදි ස්ක්‍රීන් එක වැහෙන්න ඇඩ් යනව අන්තිමේ. අද වෙනකොට අටපට්ටම වගේ ප්‍රෝග්‍රෑම් ඒ ගානට වැටිල.අපේ පුත්‍රය ෆුල් අන්දොස් ඇඩ් වලින් පෙන්න හොඳ නරක ගැන අහල. බුවා මගෙන් අහනව බහරේන් වල මිනිස්සුට කවුද එතකොට මෙහෙම කන්න බොන්න, දත් මදින්න හොඳ දේවල් ගැන කියල දෙන්නෙ කියල.

    අනික තමයි ඔය ශාකභභක්ෂක වීම. අපෙ තාත්තත් දැන් දශකයක විතර ඉඳන් පියෝ ශාකභක්ෂක. හැබැයි මනුස්සය තමන්ගෙ හය්ය තිබ්බ කාලෙ ඔක්කොම සෙල්ලමුත් දල අපිවත් ගොඩ දාල, අන්තිම කාලෙ ආවම ඊලඟ ඉනිමට මේ පාරට වඩා හොඳ ප්ලේස් එකක ප්ලේ කරන්න කරන ප්‍රැක්ටිස් එකේ කොටසක් විදියටයි ඒක කරෙන්නෙ. ඒ වයසෙ කෙනෙකුට සෞක්‍යමය විදියට ගත්තම ඒක හොඳ දෙයක් නිස අපිත් අනුබල දෙනව. ඒත් මේ තරුණ ගැටව්, කෙල්ලොත් දැන් ෆැෂන් එකට ශාකභක්ෂක වෙලා. අනේ කාලේ වනේ වාසේ!

    ReplyDelete
    Replies
    1. අනේ මේ කෙල්ලොන්ගේ වෙජිටෙරියන්නම් ගණන් ගන්න එපා ඉන්දික අයියේ උන් පිගානේ එළවලු කෑවාට පිගන් නැතුව කන තරමක් කන්නේ මස් තමයි

      Delete
    2. වයසක අයට නං එච්චර අවුලක් නෑ කියල මාත් අහල තියනව. පොඩි එවුන්ට හොඳ නෑ.
      උඹ ඉන්න ඔටු රටේ ඔය විකාර නැද්ද?

      Delete
  11. Harak maranaekata ATHIGARU kawadath wiruddai unneheta chanda aduwenawane.

    ReplyDelete
  12. මට පේන්නේ මේ රාජ් කරන්නේ අපේ ඇනෝ මලයාව ගෙන්නගන්න වැඩක් වගේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. ඒ මොකද්ද ඒ හරුපෙ?

      Delete
    2. කෝ බං ඒකා තාම ඇවිත් නෑනේ.. මටත් නිකන් පාළුයි වගේ.. ඌ නැත්නං ඕං කිව්වා මාත් නෑ එන්නේ.. හැක්...

      Delete
  13. නිර්මාංශවීම හරහා අඩු පෝශණයක් නොවෙන්න පුළුවන් ආහාර රටා මේ වෙද්දි හඳුන්වා දීලා තියෙනවා.

    ඒත් බොහෝ බක පංඩිතයන්ට නොතේරෙන දේ තමයි නිර්මාංශී වීම හෝ නොවීම ආගම වගේම අතිශයින් පෞද්ගලිකයි කියන එක. තව කෙනෙකුට අනෙකාට බලපෑම් කරන්න බෑ ඒ වගේ දේකදි. ඒත් ලංකාව වගේ රටකදි පෞද්ගලිකත්වයක් කොහෙද ඇඳුමක් අඳින්නත් ඕනේ තව කෙනෙකුට ඕනේ විදියට.

    අනික ඔය මෝඩ පෙට්ටියේ විදියට කෑම කන මිනිස්සු, ජීවත් වෙන මිනිස්සු තවම ඉන්නවද?
    දිලිනිගේ ආටිකල් එක කියෙව්වම නම් දැණුනේ රටක් විදියට අපි කොයිතරම් ආගාදයකද ඉන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඔය ඇඟිලි ගැහිල්ල අපේ රටේදි ටිකක් වැඩියි නෙව.

      Delete
  14. නිසි පෝෂණය සඳහා සුදුසු ආහාර සොයාගැනීමට මහජනතාව දැනුවත් කරන අතරම ඒවා වර්ධනය කර ප්‍රචලිත කිරීමත් කලයුතුයි. විශේෂයෙන් ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීම වැදගත්.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒත් මේ බේගල්කාරයන් නිසා අමුතු මහන්සියක් දරන්න වෙනව ඒ වැඩේටත්.

      Delete
  15. හලෝ රාජ් කොහොමද අදනම් හරිම රස්නේ දවසක්. මම ඔෆිස් එනකොටත් අද හොඳටම දාඩිය දාලා ඒ නිසා උදේට මම මුකුත් කෑවේ නෑ කෙලින්ම කුල් බියර් දෙකක් ගෙනත් එකක් බීවා. දවල් වෙනකොටනම් රස්නේ ටිකක් අඩු උනා ...

    අද අපේ බෝසුත් ෂොට් ලිව් දාලා ගෙදර ගියා ... බොසා නැති නිසා මම ටිකක් හවස් වෙනකම් ඉන්නවා ... වැඩ කරන්න නෙවි හවසට වැස්සොත් අර බියර් බෝතලෙන් වැඩක් නැති නිසා හදිසි පාවිච්චියට ඔෆිස් එකේ තියෙන බාගේ බෝසත් නැති එකේ ගෙදර අරන් යන්න..

    බොස් නැති උනාමත් පාළුයි පාළුව යන්නත් එක්ක තමයි මම මේ ගොලිප් එකකුත් පත්තු කරගෙන බ්ලොග් බලන්න ගත්තේ .. මේකයි මාතලන්ගේ අලුත් පොස්ට් එකයි පරණ එකයි බලලා කොමෙන්ට් දාලා එන කොට හවස් වෙලා තියෙයි .... එතකොට කාල්ගුනේ හැටියට මට තීරණය කෙරුවකි මොන බෝතලයද ගෙදර ගෙනියන්නේ කියලා

    කෝකටත් මම මගේ පොට්ට කැබරාවෙන් පොටෝ එකක් ගත්තා බෝතල් දෙකේම මේ තියෙන්නේ එක පැහැදිලිව තියෙනවද දන්නෙත් නෑ

    අර ඇනෝ එන්න පරක්කු නිසා මේ වෙන (ඇක්ටිං ) ඇනෝ කෙනෙක්

    ReplyDelete
    Replies
    1. superb.............................+++

      Delete
    2. ++++++++++++++++++++++++
      +++++++++++++++++++++++++
      +++++++++++++++++++++++++++++++
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. උඹ ඔය මගුල් කරල දැන් අරූ ඇවිත් හැරිලා යන්න යයි.

      Delete
    4. ආතල් අනෝගේ නමින් කමෙන්ට් කරනවා මදිවට පිංතූරයක කියලා ලින්ක් එක දීලා තියෙන්නේ උගේම බ්ලොග් එකට. කැත වැඩ කරන්න එපා මැලේ. බොරදියේ මාළු බාන්න එපා. හිට්ස් ඕනනං කෙලින්ම කියහං දෙකයි පණහේ වැඩ කරලා සුපිරි ඇනෝව විකුණනන්නේ නැතිව.

      Delete
  16. ඕවා මොනවද බං සුදු වෙන්නයි. කෙට්ටු වෙන්නයි පෙන්නන බෙහෙත් තොගේ බලාපන්කෝ ටී වී චැනල් වල.. පාරේ කඩවල් වලට පැනලා ශරීරයට අහිතකර දේ හොයනවා. මුන් අමු කෙප්ප කෙල කෙල .. ග්‍රීස් විකුණනවා..

    මම ජනපති නම් කොස් ඇට දෙක ගහනවා කියපු එකාහේ පුකේ..

    ReplyDelete
    Replies
    1. මම ජනපති නම් කොස් ඇට දෙක ගහනවා කියපු එකාහේ පුකේ..
      :-)

      Delete
  17. අනේ මන්දය.... අපේ සීයල ...තාත්තල... & තව අයගෙ කාලෙ හැම රෙද්දම කෑව ...බිත්තර උනත් ...කොස් ඇට වුනත් ...වැල් පෙනල බැදුම උනත් කාල...බීලා ...හොදට හුකල.... ළමයි හැදුව....බීඩි ....පෝරෙස් ...ත්‍රි රෝස් ...නැයිකට් ඉරුව......
    හැබැයි...හොද කල් ජිවත් වුනා/වෙනව .....
    දැන් මේ පින්තුර වලින් පෙන්නල ..මිනිස්සු භය ගන්වල කරන රෙද්දවල් නම් අජූතයි....

    ReplyDelete
    Replies
    1. හොඳා. අමුවෙන්ම දීල තියනව :-)

      Delete
  18. අනේ බං ..ඕවා කියන්න ගිහින් නිකං මගේ ලේ ටික රත් කර ගන්නෙ මොකටද කියල මං පාඩුවෙ ඉන්නව... වෙජි‌ෙටේරියන් කියන මාතෘකාවත් මට තිත්තයි මේ දවස්වල...

    ReplyDelete
    Replies
    1. තේරෙනව. බිත්තරයක් හොරාටවත් කාල ඉඳිං

      Delete
  19. ඇයි රාජ් අහවල් ලෙඩේට මේක හොඳයි. අර ලෙඩේට මේක හොඳයි කිය කිය එක එක දේවල් කියන ගොඩ වෙද්දු කොයිතරම් ලංකාවෙ ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත
      මේක ඊටත් නරකයි. වැඩේ තියෙන්නෙ මේව කියන්නෙ ඔරිජිනල් දොස්තරල

      Delete
  20. අනේ මන්ද..කාම ගැන තීරණ ගන්න ටී වී බලනවා කියන්නේ ඉතින් හොරා ගැන දැනගන්න උගේ අම්මගෙන් පෙන අහනවා වගේ වැඩක්..

    නැද්ද මං අහන්නේ ආ...

    ReplyDelete
  21. බිත්තර කොස් ඇට ? ඇහුවෙත් අදයි ! ඒක වෙජ්ද ? නන් වෙජ්ද ?

    ReplyDelete
  22. ඔය රූපවාහිනී වැඩසටහන් වලට කොහෙන් හරි වෙදෙක් හොයාගෙන එන්නෙ වැඩසටහනේ අධ්‍යක්ෂකයා හරි නිෂ්පාදකයා හරි නොවැ....උන් ඉතින් ජාතකේ හොයන්න යන එකක්යැ....ඔය හොර සාස්තර කාරයො...කොටින්ම වර්තමානයෙ රහත් බවට පත් වෙලා ඉන්න අය පවා ප්‍රමෝට් කලේ කවුද...රූපවාහිනියම තමයි.

    ReplyDelete
  23. කාලයත් එක්ක වෙනස් වෙන ට්‍රෙන්ඩ් එකට එක එක දේවල් හොද වෙනවා වගේම හොද නැති වෙනවා..

    මගේ මතකේ හරිනම් සුද්දෝ අපේ රටට ආව කලේ අපේ මිනිස්සුන් හොද ශක්තිමත්ය කියලා වෙන මොකක් හරි එළවලුවක් අපේ රටට පුරුදු කලා වගේ දෙයක් මම අහලා තියෙනවා.. ඒක ඇත්තක්ද හරි වැරැදි නම් ඔන්න මම දන්නේ නැතෝ..

    ReplyDelete
    Replies
    1. මාත් ඔහොම කතාවක් අහල තියනව.

      Delete
  24. ආහාර ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍යය

    ReplyDelete
  25. ඔය වෙජිටේරින්ලාත් ප්‍රභේද තියනවනේ... ඕකෙ ඉන්නවා මස් විතරක් නෙමෙයි සත්ව කොටස් කිසිම දෙයක් නැති ආහාර විතරක් ගන්න අය. ජෙලි වත් කන්නේ නෑ, මොකද්ද සත්ව කොටසක් අඩංගුයි කියලා. ඒ අයට නම් ලැබෙන පෝෂ්‍ය පදාර්ථ වල ඌණතාවක් තියනවා කියලා තමයි සැලකෙන්නේ. කිරි බිත්තර කන, මස් නොකට අයට එහෙම පෝෂණ අවුලක් නෑ කියනවා. ඕවත් ඉතිං එහෙම් මෙහෙන් එක එක්කෙන කියපු ඒවා තමයි.

    තව දෙයක්... අපි දැන් මැදපෙරදිග ගෘහ සේවයේ විපාක කියනකොට "හාම්පුතු විසින් ඇඟට කටු ගසා" කියන එක නිතර පාවිච්ච කරනවනේ අර එහෙම සිද්ධියක් වෙච්ච නිසා. මේ දොස්තරම තමයි කිව්වේ මේක ඇය විසින්ම කරගත් දෙයක් කියලා. එක පිළිගන්න අයත් අඩුයි.

    ReplyDelete
    Replies
    1. කටු සිද්ධිය මාත් දැක්ක. නමුත් මොකද්ද හරි මොකක්ද වැරදි කියල කියන්න නං දන්නෙ නෑ. නමුත් එක දෙයක් නිරීක්ෂණය වුනා. ඒ තමයි ප්‍රධාන කටු සිද්ධිය ආසන්නයේ කටු සිද්ධීන් කිහිපයක් වාර්තා වුනා. ඊට පස්සෙ මෙහෙම දෙයක් අහන්න ලැබුනෙ නෑ.

      Delete
  26. කොස්-ඇට කන්ට මාත් ආසයි. හපොයි අහු වුනු වෙලාවට කන ගොඩ මතක් වුනා මේ පෝස්ට් එක දැක්කාම. ගම් බිත්තර බර ගානක් කාලනේ. :)

    ඔය කවුරුත් කියන දේවල් අහන්නේ නැතුව මද පමනට කෑවා නම් මොහොකවත් අගුණයක් නෑ.

    ReplyDelete
    Replies
    1. කොස් ඇට වාතෙට නං හොඳ නෑ. පොඩ්ඩි කොහොමෙයි රට ඉඳං කොස් ඇට කන්නෙ?

      Delete
  27. මස් කෑල්ලක්,මාළු කෑල්ලක් නැතුව කොහොමද බං බත් ටිකක් කන්නේ.
    මට නම් කරන්නම බැරි වැඩක්,අඩු ගානේ කරවල කෑල්ලක්වත් ඕනේ.

    ReplyDelete
    Replies
    1. මාත් ධර්මෙට ලදී එකා වුනත් කරෝල කෑල්ලක් වත් නැත්නම් බත ගිලෙන්නේ නැහැ.

      Delete
    2. මාත් මස් මාළු බිත්තර කිරි ඕකේ. කරවල නං බෑ.

      Delete
  28. http://helppal.tk/discussions kattiya awith set wenna ape forum ekata.

    ReplyDelete
  29. Fried කොස් ඇට Boiled කොස් ඇට Poached කොස් ඇට Scrambledකොස් ඇට......... කොස් ඇට ඔම්ලට් එකක් හදාගන්නේ කොහොමද දන්නේ නැහැ නේද?

    අහිංසක මිනිස්සු පෝෂණය ගැන හිතලා අමාරුවෙන් බිත්තරයක් හරි කනවා. ඒ මිනිස්සුන්ව කොස් ඇටේට වට්ටන්න යන්නේ. බිත්තර ෆාම් කාරයෝ ඔය ගොඩවෙදාව අල්ලලා කොස් ගහක බඳින්න එපැයි.

    ReplyDelete
    Replies
    1. අහිංසක මිනිස්සු පෝෂණය ගැන හිතලා අමාරුවෙන් බිත්තරයක් හරි කනවා. ඒ මිනිස්සුන්ව කොස් ඇටේට වට්ටන්න යන්නේ//
      ඒක තමයි ඇත්ත අරූ

      Delete
  30. මම මේ සුද්දන්ගේ බ්‍රෙක්ෆස්ට් එකට eggs &bacon වෙනුවට කොස් ඇට & bacon එකක් හද හද ඉන්න ගමන්.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්..... ඇහැව්වොත් කියපං බිත්තරෙක ගුණ තියනව කියල.

      Delete
    2. කොස් ඇට සහ සෝයා බේකන්ද අරූ?

      Delete
  31. රටේ වියදමේන් ඉහලට ඉගෙන ගත්ත උගතුන් මුදලට යට වී නිසයි ඇත්තට තැනක් නැත්තේ..

    ReplyDelete
  32. ලංකාවෙ ලෙඩ්ඩු වැඩි වෙන්න මූලික හේතුව කෑම වල තියන විශ කියලයි රාජ් මම නම් හිතන්නෙ,,අපේ රටේ කෑම සිස්ටම් එක එක කනපිට හැරවිලා තියෙන්නෙ...ඔතන මාංශ උනත් අද විශ හෝමෝන වලින් පිරිලා,,බිත්තරයක් උනත් විශ ගොඩක් වෙලා තියෙන්නෙ,,බ්‍රොයිලර් දවස් 35 දැන්,,පස්සෙ මසට..
    එළවලු උනත් රසායනික වලින් පිරිලා,,හාල් උනත් ඒ සෙතේම තමා..
    මම ඉන්න නගරේ සමීක්ශනේකදී වෙන රට වලට වඩා දියවැඩියා රෝගීන් වැඩිම කප් එක අරන් ඉන්නෙ විදේශිකයන් අතරින්,,විශේසෙකුත් තියේ,,අනික් උන්ට ලන් වෙන්නවත් බැරි දියවැඩියා මට්ටමේදී අපේ අය කිසි ගානක් න්.අතුව නොමැරී ඉන්නවා කියලා,,ඉතාලි කෙනෙක් ඒ මට්ටමට ගිහාම මිය යන මට්ටම කියලා කියන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔව්. අපේ රටේ සාමාන්‍යයෙන් රසායනික වැඩිපුර භාවිතා කරනව නෙව. හාල් කිලෝවක නිෂ්පාදන වියදම බැලුවම පේනව හේතුව මොකක්ද කියල.
      ලංකාවෙ එවුන් දියවැඩියාවට ඔරොත්තු දෙනව මාත් හිතන්නෙ. තුන්සිය ගනං හාරසිය ගනං ගිහිල්ලත් ඉන්නව අවුලක් නැතිව

      Delete
  33. මමත් ඉතින් මස් මාලු නොකෑවට, බිත්තර කනවා, .
    ඇත්ත නැත්ත හොයන්න බැරි තරම් සංකීර්ණයි බන් වෙළදපොල

    ReplyDelete