Thursday, October 30, 2014

ඛේදවාචකයට පසු....

ව්‍යසනය සිදුවී අවසන්ය. මියගියවුන් වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම හැර අන් යමක් ඉතිරිව නැත. දැන් වෙහෙස වන්නේ විනාශයට වගකිවයුත්තා සෙවීමටය. බොහෝ පාර්ශවයන්ගේ ඇඟිල්ල දිගු වන්නේ රජය පැත්තටය. ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයට අනුව ප්‍රදේශයේ අවදානම පිළිබඳව අනතුරු හැඟවීම කර අැත්තේ 2005 පමණ ඈත කාලයේදීය. දශකයකට පමණ පෙර විනාශය හඳුනාගෙන තිබියදීත් ජීවිත සිය ගනනක් නැතිවීම පිළිබඳව වගකිව යුත්තේ කවුද?

නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ඉඩම් අත්පත් කරගැනීමේ විවාදයකදී ජවිපෙ නායක අනුර දිසානායක සඳහන් කල පරිදි ලංකාවේදී, ඉඩමක්-නිවසක් යනු හුදු දේපලක් පමණක්ම නොවේ. ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් යැපෙන්නේ කෘෂි ආර්ථිකය මූලික කරගෙනය. එනම් තමා අවට ඇති "භූමිය" මුල්කරගෙනය. එවන් තත්වයකදී "ඉඩමක්" යන්න අර්ථ ගැන්වෙන්නේ ඉඩම, නිවස, පවුල, රැකියාව.... ආදී සියල්ලයි. එබැවින් ජීවත් වන භූමියෙන් ඉවත්වන්න යයි යමෙකුට කීම යනු ඔහු හා බැඳී පවතින සියල්ල විතැන් කිරීමකි. අනතුරු හඟවන්නන්, චෝදනා කරන්නන්, ඇඟිල්ල දික් කරන්නන් ‍ආදී සියල්ලන්ම තේරුම්ගත යුතු තත්වය එයයි. ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ පර්යේෂණ වලට අනුව නායයාමේ අවදානම ඇති ප්‍රදේශ හැත්තෑ ගනනක් දිවයින තුල හඳුනාගෙන ඇත. ‍ගම්පහ දිස්ත්‍රික්කයේ අතිශයින් නාගරීකරණය වී ඇති ප්‍රදේශ වලද අවදානම් කලාප ඇති බැව් කියවේ.

විනාශයට පෙර රජයේ පාර්ශවයෙන් කලයුතු මැදිහත් වීමද සිදුකර නැත. සාමාන්‍යයෙන් මෙය බලාපොරොත්තු වියහැකි තත්වයකි. පාලන ක්‍රමයේ සංකීර්ණභාවය මෙයට මූලික හේතුවකි. අනතුරු හැඟවීම එක් පාර්ශවයකින් සිදුකරන විට අනෙක් පාර්ශව අනතුර වලක්වා ගැනීමට කටයුතු කර ඇති බවක් පෙනෙන්නේ නැත. මෙය ඉදිරියේදීත් වෙනස් වේයයි සිතිය නොහැක. සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉඩම් අහිමි කලවුන්ට පවා සාධාරණය ඉෂ්ඨ නොවන තත්වයකදී මෙවන් මිනිසුන් සිටින්නේ කොතැනද යන්න සිතාගැනීම අපහසු නැත. අප අසා ඇති ආකාරයට බොහොමයක් සංවර්ධිත රටවල ඇති එකට ගොනුවූ නිවාස ක්‍රම මෙරටට ගැලපෙන්නේ නැත. අනෙක් අතට කුමන හෝ ස්වභාවික අවදානමක් ඇති ප්‍රදේශ අති විශාල සංඛ්‍යාවකි. එම පෙදෙස් වලින් මිනිසුන් ඉවත් කිරීමද ලෙහෙසි නැත. එබැවින් ඉහත ප්‍රශ්න සියල්ල ආවරණය වන පරිදි පොදු වැඩපිලිවෙලක අවශ්‍යතාවය ඇත.

ඛේදවාචකයේ තවත් අත්දැකීමක්.

31 comments:

  1. ජේවීපී එකේ අසුව විතර කාලේ තිබුණු ප්‍රතිපත්තියක් තමයි අංශක 30ට වැඩි කඳුවල වනාන්තර වවනවා මිස වගා කරන්න, පදිංචි වෙන්න දෙන්නේ නෑ කියන එක.

    ඒක අර ඉන්දියානු ව්‍යාප්තවාද පන්තියේම කොටසක් ද මන්දා?

    ඒ කෙසේ වෙතත් අද ජනගහනය අනුව එය කෙතරම් ප්‍රායෝගික වෙයිද? ගෙවල් සඳහා නොවෙයි, වගා කටයුතු සඳහා!

    ReplyDelete
    Replies
    1. ගයිනො ලොස්ට් ඔන්කොලොජිස්ට් මේ කොහෙද ඇවිදින්නේ

      Delete
    2. රසිකලොජිස්ට්ට මතක අතීතය මට මතක නෑ. ජවිපෙ එවන් ප්‍රතිපත්තියක් තිබුනද?
      වගා කිරීම කෙසේ වෙතත් මිනිස්සු පදිංචි කිරීමට වත් ඒ වගේ නීතියක් තියනව නම් හොඳයි.

      Delete
  2. //ජීවත් වන භූමියෙන් ඉවත්වන්න යයි යමෙකුට කීම යනු ඔහු හා බැඳී පවතින සියල්ල විතැන් කිරීමකි. //

    //අනතුරු හැඟවීම එක් පාර්ශවයකින් සිදුකරන විට අනෙක් පාර්ශව අනතුර වලක්වා ගැනීමට කටයුතු කර ඇති බවක් පෙනෙන්නේ නැත. //

    //එබැවින් ඉහත ප්රශ්න සියල්ල ආවරණය වන පරිදි පොදු වැඩපිලිවෙලක අවශ්යතාවය ඇත.//

    අදාළ ප්රශ්න මතු කරලා වගේම ඒ සඳහා කලයුතු දේත් රාජ්ම කියලා තියෙනවා...

    ReplyDelete
  3. ඔයාගේ ගියපාර පෝස්ට් එකට මොනවද වුනේ ?

    ReplyDelete
  4. අපේ රටේ පසු විපරම කියන දේ නෑ. ටාගට් කියන දේ නෑ. එදා වේල ටුවර්ස්. දැන් ලොක්කා ගිහිල්ලා ඔක්කෝම හරි. උදව් කරන්නත් පිරිස් වැහි වැහලා. කිසිම කතිකාවක් නෑ. අවශ්‍ය ඒ දේ. එහෙම බැලුවම උඹලා ඉවාන් පැරා වගේ උන් තමයි මේ රටට අවශ්‍ය.

    අදත් බුකියේ සම හරක් ආතල් ගන්නවා. මහා පුදුම රටක් මේක. මිනිස්සුද ඉන්නේ කියලා හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. මාතලන් කියා ඇත්තේ සහතිකම ඇත්තය. අද උදේ පාන්දරින් මොකද්දෝ එෆ් එම් කරුමෙක, ගැටයා සහ ගැටිස්සිය ඉංගිරිසියෙන් තොදොල් වූයේ මෙවැනි විපතක් අසාවත් නැති ගානටය. විටෙන් විටේ හැලොවින් මලදානයක් මතක් කරමින් අමනුස්ස සිනා හඬක්ද වාදනය වුයේය. අදෝමැයි! කොටසක් පණපිටින් වැලලිලාය. කොටසකගේ පවුල්වල වුන් අතුරුදන්ය. සිය ගණනකට (දහස් ගණනකට දැයි නොදනිමි) උන් හිටි තැන් නැතිවෙලාය. මුන්ට හැලොවින්ය...

      Delete
    2. තමන්ගේ වැඩය කරව. අනුන්ට දොස් නොකියව..

      Delete
    3. සුනාමියට නොදෙවිනි කඳු නාය ගියා
      දේශපාලුවෝ පැමිණ පාළුව මකා ගියා
      ඔක්කොම දේන්නම් කියලා දිවුරලා කියා
      හෙල්පින්කොස්ලන්ද වගේ නැගලා යයි එයා

      මැරී කෑන්ස්

      Delete
    4. මාතා....ඇයි බන් මර්වින් සිල්වා සින්දු කිය කිය නට නට හෙණ ජෝගියක් දැම්මේ.
      සින්දුව.....වරෙල්ලා වරෙල්ලා මහින්ද දිනවන්න වරෙල්ලා

      ස්ථානය...ජනාධිපති මැතිවරන කාරියාලයක් විවෘත කිරීම...කිරිබත්ගොඩ.

      මුන් මොක්කුද අප්පා...

      Delete
    5. සමහර විට මේ ව්‍යසනය වතුකරේ වෙච්චි නිසා වෙන්න ඇති ගොඩක් අයට දැනිලා නැත්තේ.සිංහල බහුතරක් ඉන්න පැත්තක මේ ඛේදවාචකය සිද්ධ වුනා නම් මේ වෙද්දී රටේම සුදු කොඩි උස්සලා.ජාතික ශෝක සතියක් ප්‍රකාශ කරලා.පාර්ලිමේන්තුවේ විසේශ රැස්වීමක් කැදවලා කට්ටිය පහන් පත්තු කරගෙන ශෝක බරිතව ඉන්න හැටි බලන්න තිබ්බා.

      Delete
  5. නොදැනුවත්කම, අන්ත අසරණ බව මේ වැනි හැමදේකටම හේතුවයි. අපේ රටේ කිසිම ආයතනයක් තමන්ගේ වැඩය කරනවාද නෑනේ නිකං බෝල් පාස් කරන එක විතරයි.. අහිංසක දුප්පත් මිනිස්සුම හොයාගෙන කරුමය යනවද නැත්නං කරැමය පඩිසන් දෙන්නේ දුප්පතුන්ට විතරද??

    ReplyDelete
  6. රාජ් මේ ගැන කතා කිරීම අගේ කරනවා. ප්‍රශ්ණෙන් බැට කන එකෙක් මං.. ඔබේ මේ ලිපිය බොහෝ දෙනෙක් කියවන නිසා මේ ගැන වැඩි අවධානයක් යොමු වේවි..
    \\\අවදානම පිළිබඳව අනතුරු හැඟවීම කර අැත්තේ 2005 පමණ ඈත කාලයේදීය\\\
    මෙන්න මගේ අත්දැකීම.. ඔය නිලධාරීන් කියන ගනන් හිලවු වලින් උන්ටම ගහන්න ඕනි..වෙන කාටවත් නෙවෙයි.. ස්තූතියි නැවතත්.. ජය ශ්‍රී!

    ReplyDelete
  7. //එබැවින් ඉහත ප්‍රශ්න සියල්ල ආවරණය වන පරිදි පොදු වැඩපිලිවෙලක අවශ්‍යතාවය ඇත.// මේ රටේ කවදාවත් නොවෙන්නේද එයමය.

    ReplyDelete
  8. මේ සිද්ධියෙදි ඇඟිල්ල දික් වෙන්න ඕනෙ වැවිලි සමාගමට. ඒ අගේම නිසි ආර්ක්ෂන බැමි නැතුව, පරිසර අවශ්‍යතා ගැන නොසිතා ගෙවල් හදන, වතුර පාරවල් වහන, කැලෑ කපන, හැම මගුලෙම අල වවන එලවලු වවන උඩරට වතු සේවක/ සිංහල ගොවි මිනිස්සුත් මේකට වග කියන්න ඕන.

    අන්තිමේදී ටකරන් තහඩුවට, රුපියල් දාහට මන්ත්‍රීල පත් කරන මෝඩ ජනතාවත් වග කියන්න ඕනෙ. ආයතනයක යම් වැරැද්දක අවසාන වගකීම එහි ප්‍රධානියට වගේ, ආන්ඩුව අපේ නිසා අපිම තමයි වැරදිකාරයො!

    ReplyDelete
  9. දැනට තුනයිද හතරයිද මංදා,ඔක්කොම අය නායයෑම ගැන ලියන්න ගනී.හැම එකටම ලියන්න රෙඩිමේඩ් කමෙන්ට් එකක් හදාගන්න ඕනෑ.කොපි ඇන්ඩ් පේස්ට් එකෙන් වැඩේ ගොඩ.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. මොනවා උනත් පොලිස්කාරයගෙ පැත්තෙනුත් ප්‍රශ්නය බලන්න ඕනැ, එහෙම නේද හැලපෙ?

      Delete
  10. බොස් අද යනවලු ඒ පැත්තෙ විසිට් එකකට. අනික සෝකයත් පළකරලා. ඉතින් ඇතිනේ. දැන් අවුලක් නෑ. මැරිච්ච මිනිස්සු මැරුණා. අනිත් මිනිස්සුන්ට ආධාර හම්බෙනවා, ජනාධිපති අනුකම්පාව හම්බෙන්වා. තව සතියකින් මේ රටට ඕක අමතකවෙනවා.

    ප්‍රශ්නෙ මුල කොතනද, හේතුව මොකද්ද, වෙන්න ඕනි මොකද්ද, වෙලා තියෙන්නෙ මොකද්ද, ඔක්කොම අමතකයි මිනිස්සුන්ට. මේ රටට කවදාවත් නැඟිටීමක් නෑ. 2005දි නම් දැනගත්තෙ, මෙච්චර කල් අල හිටෙව්වා නෙවෙයිනේ. නච්ච ගීත වාදිත විසූක වලට කාබාසිනිය කරන්න කෝටි දාස් ගනන වියදම් කරන රටේ මේ අසරණයන් වෙනුවෙන් වැඩපිලිවෙලක් තිබුනෙ නෑනේ. මිනිස්සුන්ට අනතුරු ඇඟෙව්වා කියල අතපිහිදාගන්න කාටද පුලුවන්. මේ ඉන්නෙ රටේ මිනිස්සු, මේ මිනිස්සු අයිති රජයට. ආණ්ඩුව මේ මිනිස්සු ගැන බලන්නැතිව අල්ලපු රටින් ඇවිත් බලන්න නෙවෙයිනේ. ඒ මිනිස්සුන්ට ආරක්ෂිත ප්‍රදේශයකින් ගෙයක් දොරක් හද දීල ඒ මිනිසුන්ව ඒ තැන්වලින් ඉවත් කිරීමයි කලයුතුව තිබුනේ. ඒත් ඉතින් මොනා කරන්නත් රටේ මිනිස්සු ගැන කැක්කුමක් තියෙන නායකයො අපිට ඉන්න ඕනි. අපිට කවදාවත් එහෙම උන් හිටියෙ නෑ.

    ReplyDelete
  11. පොදු වැඩපිළිවෙලත් පොදු අපේක්ෂක‍යා වගේම හීනයක් විතරයි අපේ රටේ!!

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලාම අපේ ජහමනයට උවමනාව ඇතිවෙන්නෙ එපැයි බං. ඕ බලහං ඔතනත් අන්තිමේදී වීරයා, සුපර් මෑන් මහින්ද.

      Delete
    2. අනිවාර්‍යෙන්ම ඒක දැනටත් එහෙම වෙලා වගේ!!

      Delete
  12. BOS Ada Yanawa newei,Anna gihilla,Anatha wechcha manussayo innathenakata gihilla ETHANATH JANELEKIN ATHAK DALA PODI EKEKWA Allagena.Lankadeepa internet eke thiyenne.(Ranjan-Düsseldorf)

    ReplyDelete
  13. පොදු වැඩපිළිවෙලක් කියන්නේ කවදාවත් නොකෙරෙන දෙයක් කියන එකට කියන තවත් නමක්, මේ හැම දෙකටම වගකියන්න් ඕන ය ඉන්නවා . එත් උන් නිහඬයි , අසරණ මිනිස්සු වන්දි ගෙවනවා .

    ReplyDelete
  14. //එබැවින් ඉහත ප්‍රශ්න සියල්ල ආවරණය වන පරිදි පොදු වැඩපිලිවෙලක අවශ්‍යතාවය ඇත. // ඕක තියන්නෙ මේ අපිට විතරනෙ රාජ්. ඉතින් මක් කරන්නද

    ReplyDelete
  15. අවුරුදු දහයක් ඇතුලේ ගත්ත තීන්දුවක් නැහැනේ. භූ විද්‍යාවෙන් ඇඩ්වයිස් කරලා ලියුමක් දාලා ෆයිල් එක වහනවා. අනිත් තැනින් ඒ ලියුම කඩලා ෆයිල් එකට දානවා. ඉඩම් සොයාගැනීමක්, සැලසුමක් හදාගැනීමක්, මුදල් සම්පාදනයක් මුකුත් නැහැ. අන්තිමට ප්‍රාදේශීය ලේකම්ව බිල්ලට. මැරිච්ච එවුන්ට පෙට්ටියක් දෙයි. නඩ පිටින් සවාරි ගහයි ඒ පැත්තේ. ඔය දැන්ම පටන් අරන් තියෙන්නේ සිරි නරඹන්න යන්න. චැනල් කාරයෝ පුකෙනුයි, කටිනුයි දෙකෙන්ම නිව්ස් දෙයි. ටික දවසකින් වැඩේ ක්ලෝස්.

    අද දෙරණ එවුන් පුන පුනා කියනවා ජාතියන්තරේ මේ ගැන නිවුස් ගත්තේ උන්ගෙන්ලු. ඒ මදිවට ජාතියන්තරේ මුන්ගෙන් ගත්ත නිව්ස්..උන් පෙන්නුව හැටි අපිට ආපහු පෙන්නනවා. නොදෝකින්..නොදෝමකින්...ජාතික ආපදාවකදි මාධ්‍ය හැසිරීම. බල්ලට ගිහිල්ලා තියෙන්නේ.

    ReplyDelete
  16. පොදු වැඩපිළිවෙල ඇරඹිය යුත්තේ ඔබ අපමය. නොයෙකුත් වගාවන් සඳහා එළිකර ඇති කඳුකර ඉඩම් වල නැවත වන වගාව ඇති කිරීම මගින් අස්ථාවර වී ඇති පාංශු ස්තර යම් පමණකින් හෝ සවි ගැන්විය හැකි බව මාගේ මතයයි.

    ආණ්ඩුව පැත්තෙන් කරන්න ඕනේ දෙයක් තමයි කඳුකරයේ තියෙන ෆයිනස් ගස් ටික ගලවල දාල කඳුකරයට ඔරොත්තු දෙන ගස් වර්ග හඳුනාගෙන නිසි අදීක්ෂනයක් යටතේ වගා කරන එක. ඒකට හේතුව වන වගාව කියන එක නිකම් ගහක් වවන එක විතරක් නොවෙන නිසා...
    ඒකට කැමැත්තෙන්ම උදව් කරන්න ඕනේ තරම් පරිසරවේදියෝ ඉන්නවා

    මිනිස්සුත් තමන්ට හැකි පමණ ඒ වෙනුවෙන් මාසෙකට හෝ සතියකට වරක් හෝ ගසක් බැගින් තමන්ට ඉහල තියෙන තට්ටේ පෑදිලා තියෙන කඳු වල ඉන්දුවොත් මේ ප්‍රශ්නේ තවත් අඩු වෙයි.

    ඒ වගේම සතෙක් එලා ගන්න හරි එහෙම නැත්නම් විනොදෙට හරි කරන කඳු ගිනි තියන එකත් නතර කරන්න ඕනේ.
    බදුළු කෝච්චියේ එක පාරක් හරි ගිය මනුස්සයෙක් දන්නවා ඔය උඩහ පළාතේ හැමදාම කොතන හරි කන්දකින් ගිනි දැල් නගින හැටි.

    මිනිස්සු පරිසරය විනාශ කරලා දාන එකේ ප්‍රථිපල විඳින්න වෙන්නේ මිනිස්සුන්ටමයි.
    සමහර පරිසර හානි සිද්ධ කරලා තියෙන අදින් දශක ගණනාවකට පෙර. අවසානයේදී විනාශය කරපු නොකරපු භේදයක් නැතුව හැමෝම විපතට පත්වෙනවා.
    නමුත් පරිසරයට වින කටින්නේ නැති සත්තු සර්පයි ඒ ව්‍යසන කලින් අඳුනගෙන ඒවායෙන් ඈත් වෙන්න දන්නවා.

    දීර්ඝ කාලිනව සිදු කරලා තියෙන පරිසර විනාශයේ අතුරු පල වලට පවතින ආණ්ඩු වලට බැනල වැඩක් නැහැ...
    ආණ්ඩුවෙන් කරන්නේ නැත්නම් මේ වගේ දේවල් තමන්ට හැකි පමණ හරි කරනවානම් තරමක හරි විසඳුමක් වෙයි...

    ReplyDelete
  17. 2005 අනතුරු ඇගෙව්වා.දැන් අපිට කරන්න දෙයක් නැහැ කියලා වග කිව යුත්තෝ අත පිහිදා ගත්තම හරිද ?කලින් අනතුර හඳුනා ගත්තානම් ඇයි මේ ජනතාව වෙනත් තැනක පදිංචි කරන්න කටයුතු නොකලේ.මේ වතු සමාගමට විරුද්ධවත් නිතිය ක්‍රියාත්මක කරන්න ඕනේ.

    ReplyDelete
  18. ඔබ ඉස්මතු කරන කාරණය ඉතාම වැදගත් දෙයක්. ඒත් තේ වත්තක කොහේ හෝ මීට වඩා ස්ථාවර හා අඩු අනතුරු සහිත තැනක් තියෙන්න පුළුවන්. ඒ වගේ තැනක් අරගෙන මීට වඩා යහපත් නිවාස ටිකක් හදා දී මේ ලයිම් අවට පෙදෙස නැවත තේ වගාවට ගන්න වත්තට වගකීමක් තියෙනවා නේද? වැඩ කරන භුමිය හා පදිංචි භුමිය ගලවන්නේ නැතුව තේ වත්ත තුලම වෙනස් තැනකට අරගෙන යන්න බැරිද?

    ReplyDelete
  19. පංචායුදේට දැන් තදියම් වෙලා දැන් ගෙවල් හදන්න පොරේ...මුන්ට මේ තදියම වේලාසන තිබුනා නම් මේ මිනිස්සු අදත් ජීවත් වෙනවා...මෙච්චර විනාශයක් වෙලත් ශෝක දිනයක් නම් නොකල රටේ තනි පුද්ගල වියෝවන් වෙනුවෙන් ශෝක දින නම්කල ඉතිහාසයක් අපට තියෙන්නෙ. මේ මියගියේ අපේ රටේ ආර්ථිකයට උරදෙන අපේ පුරවැසියෝ නොවේද ?

    ReplyDelete
    Replies
    1. උන් පුරවැසියොද? මං හිතාගෙන හිටියෙ උන් දෙමළු කියලා. අර හෙළු උරුමෙ ඇමතිතුමා අපට කියල දුන්නෙ එහෙමනෙ. තම්බි මළා නම් හෙම අපි මෙලහට සෙලිබ්‍රේට් කරලා. දෙමළු නිසා නිකම් ඉන්නෙ.

      Delete