Friday, February 6, 2015

කතන්දර තුනක් (+18)

මේක ෆේස්බුක් එකේ යාළුවෙක් දාල තිබුන කතාවක්.
අවුරුදු අසූවකටත් වැඩි වයසක කපල් එකක් හිටියලු. මේ දෙන්න කසාද බැඳලත් අවුරුදු හැටකට වැඩියි. දවසක් මේ කාන්තාව අසනීප වෙලා. වැඩි දවසක් යන්න කලින් එයාගෙ අන්තිම මොහොත උදාවුනා. ඒ ගමන තමන්ගෙ ස්වාමි පුරුෂයට කතා කරල කිව්ව ගෙදර අල්මාරිය උඩ තියන පෙට්ටිය ගේන්න කියල. මේ පෙට්ටිය මේගොල්ල බැඳපු දවසෙ ඉඳල තියන දෙයක්. ඒක පිරිමියට විවෘත කරන්න තහනම් කියල පොරොන්දුවකුත් අරගෙනයි තිබුනෙ. එයත් ‍ඒක විවෘත කලේ නෑ.

ඔන්න පෙට්ටිය කාන්තාව ලඟට ගෙනල්ල විවෘත කලා. එ‍්කෙ තිබුන රෙදි වලින් ගොතපු බෝනික්කො දෙන්නෙකුයි මුදලින් රුපියල් අනූ දාහකුයි.

"මම ඔයාව බැන්ඳ දවසෙ, මේ පෙට්ටිය ම‍ගේ ආච්චි දුන්නෙ.... එයා දුන්න උපදේශය තමයි ඔයා එක්ක කවදාවත් රන්ඩු කරන්න එපා කියන එක.... ඔයා එක්ක තරහක් ඇතිවුනොත් මේ විදියට බෝනික්කෙක් ගොතන්න ආච්චි කියල දුන්න....." කාන්තාව කිව්ව.

සීයටත් මාර හැපී. මොකද ජීවිත කාලෙටම තමන් එක්ක තරහක් ඇති වෙලා තියෙන්නෙ දෙවතාවක් විතරයි.

"එතකොට මේ තියන රුපියල් අනූදාහ?"

"ආ....... ඒ බෝනික්කො විකුණල ගත්ත සල්ලි!" කාන්තාව උත්තර දුන්න.

මේ කතාව අපේ කාර්යාලෙ ඉන්න ලීලෙ අයියට කිව්ව.

"යකෝ අපිට තදවෙන තරමට අපේ ගෑනු බෝනික්කො ගෙතුව නං මෙලාකට අපි කෝටිපති!" එයා උත්තර දුන්න.

++++++++++++++++++++++++++++++++++++++++++++++

ඔන්න හස්බන්ඩ්ලා විකුණන සාප්පුවක් තිබුනලු. මේක තට්ටු හයක ගොඩනැඟිල්ලක්. යට තට්ටුවෙ ඉඳල උඩට අඩු හොඳ සිට වැඩි හොඳ දක්වා පිරිමි ඉන්නවලු. හැබැයි එක කොන්දේසියක් තිබුනලු. ඉහල තට්ටුවකට ගියොත් ආයේ ඊට පහල තට්ටුවකින් මිලදීගන්න බෑ.

ඔන්න කාන්තාවක් ගියා සාප්පුවට.

පළමු මහලට ඇතුළුවන තැන දොරේ ඉලෙක්ට්‍රොනික් අකුරෙන් ගහල තියනවලු මෙහෙම,

"රැකියා කරන ස්වාමිපුරුෂයන්"

රැකියාවක් කරන කෙනෙක් නං හොඳයි..... ඊලඟ එකත් බලමු! දෙවනි තට්ටුව ලඟ තියනව කියන්නෙ මෙහෙමයි,

"රැකියාවක් කරන, ළමයින්ට කැමති ස්වාමි පුරුෂයන්" ඒක දැකල අර මනුස්සයට තවත් සංතෝසයිලු. නමුත් ඊලඟ තට්ටුවටත් යන්න ආසයිලු. එතනත් බෝඩ් එකක්,

"රැකියාවක් කරන, ළමයින්ට කැමති කඩවසම් ස්වාමි පුරුෂයන්" ඒත් මදි මේ ගෑනිට, ගියා හතරවෙනි තට්ටුවටත්,

"රැකියාවක් කරන, ළමයින්ට කැමති කඩවසම් ගෙදර වැඩට උදව් කරන ස්වාමි පුරුෂයන්" ආයි ඉතිං ගෙදර වැඩත් කරනව නං මොනවද! නමුත් ඊලඟ එකටත් යන්නයි හිත එතන තියෙන්නෙ,

"රැකියාවක් කරන, ළමයින්ට කැමති කඩවසම් ගෙදර වැඩට උදව් කරන කාන්තාවන් හොඳින් සතුටු කලහැකි ස්වාමි පුරුෂයන්" ඔන්න එකම අඩුවත් සම්පූර්ණයි. තවත් මොකුත් ඕනද? නමුත් ආසාව ඊලඟ එකටත් යන්න. ඒකට ගියාම ඒක හිස්. මොකෙක්වත් නෑ. එක තැනක මොකක්දෝ දැන්වීමක් දැකල කාන්තාව ගියා එතනට,

"ඔබ මෙම මහලට පැමිණි 6,975,953,032 වන කාන්තාවයි. කාන්තාවන් සතුටු කිරීමට නොහැකි බැව් සනාථ කිරීමට මෙය නිර්මාණය කර ඇත"


++++++++++++++++++++++++++++++++++++++++++++++

මේක ටිකක් නෝටි, ඩර්ටි කතාවක්. ළමයි ඉවත් වෙන්න.

ඔන්න බොසෙක් තමන්ගෙ ලඟ වැඩකරන ගෑණු ලමයෙකුට පොඩි යෝජනාවක් කලා.

"මාෂී.... ඔන්න මම රුපියල් දාහක් බිමට දානව..... ඔයාට පුළුවන් නං ඔයා ඒක අහුලගන්න..... හැබැයි ඔයා ඒක ගන්න අතරෙ මම ඔයාට #$&^(*^ කරනව! කැමතිද වැඩේට?"

කෙල්ල හොල්මං.... හැබැයි බොසාගෙ සල්ලි වලටත් ආසයි. ඒ නිසා කෙල්ල තමුන්ගෙ කොල්ලට කතා කරල විස්තරේ කිව්ව.

"ඔච්චර ඉක්මනිං කොහොමද ඔය වැඩේ කරන්නෙ? අඩු ගානෙ රෙදි ටිකවත් ගලවන්න පුළුවන්ද ඔය ටික වෙලාවට..... ඔයා ඕනනං දෙදාහක්ම ඉල්ලන්න......"

ඔන්න උපදේශයෙන් පැයබාගෙකට විතර පස්සෙ කොල්ල කෙල්ලට කෝල් එකක් ගත්ත,

"ඩාලිං මොකද වුනේ? අරූගෙ රුපියල් දෙදාහ ගත්තද?"

"දෙදාහ තමයි, ඒ *&$#@@^& කාසි වලින් දුන්නෙ.....මම පැය බාගයක් තිස්සෙ කාසි අහුලනව..... ඌ පැය බාගයක් තිස්සෙ මට ^@#^#$&^$@#"

40 comments:

  1. හයියෝ සල්ලි...

    ReplyDelete
  2. අන්තිම එකනම් ගිනස් පොතට දාන්න වටිනවා හොඳම විහිලුවට. ඇහුවමයි.
    (දැන් මෙහෙම කලාම අපි කයි ලියන්නෙ කොහොමද?)

    ReplyDelete
  3. දෙවැනි කතාව අහලා නැහැ.හැබැයි කතාව ඇත්ත.ගැණු ලේසියෙන් සැහීමකට පත් වෙන්නේ නැහැ.

    එක නෙමේ දේශාගේ "රසකතා"බ්ලොග් එකේ සම කෘතු කමක් ඉල්ලා ගත්තා නම් මොකද :D ?

    ReplyDelete
  4. අන්තිම එක නම් අහල තියෙනව .......
    එක නම් සුපිරි.......
    දෙකත් හොදයි......

    ReplyDelete
  5. බොසා තමයි බොසා.

    ReplyDelete
  6. අර පෙට්ටිය කසාද බඳිනකොට ගෙනාව එකද ?

    ReplyDelete
    Replies
    1. හී හී...නෑ නෑ මනමාලයගේ අම්මා දුන්නු එකක්ලු...

      Delete
  7. චික් විතරක්. අපිනං බලයි මෙව්වා................. (හොරෙන් මිසක්)

    ReplyDelete
  8. හම්මේ ඇති යන්තං අද දවසට ඩිංගක් හිනා උනා.. තැන්කුයි අයියේ.. හැක්

    ReplyDelete
  9. බොස්ට මාර ස්ටැමිනා

    ReplyDelete
  10. ඔෆිස් එකේ අක්ක කෙනෙක් ඉන්නවා.එයාගෙ වැඩේ හැමවෙලේම මගේ කම්පියුටර් එකට එබෙන එක.....පව් අනේ..එයා...චික් විතරක් මෙයා බලන එව්ව කිව්ව....

    ReplyDelete
  11. අම්මප අන්තිම කතාව අහලා මුලින් කියවපු ඒවත් අමතක වුනා .... අයියෝ සල්ලි

    ReplyDelete
  12. දැන් බනිස් මිල රුපියලකින් අඩුකරලා නිසා මාරු සල්ලි ඕසෙට..කොහොමද බනිස් කඩයක් දාලා ගෑල්ලමෙකුට රස්සාවක් දුන්නනං..

    ReplyDelete
  13. //^@#^#$&^$@#"//
    කියන්නේ මොකක්ද? හරියට තේරුං නෑ..

    ජ ය වේ වා !!!

    ReplyDelete
  14. තුන් වෙනි එක නම් පට්ට.. ඒක නම් අහලා තිබුනෙම නෑ.. අනිත් දෙක නම් දෙපැත්තටම ගැලපෙනවනේ...

    ReplyDelete
    Replies
    1. උඹ තුන්වෙනි එක අහල නැහැ කියන්නේ මටනම් ලෝක පුදුමයක්...

      ඔය මාරු සල්ලි දාල තියෙන්නේ රුපියලේ කාසි වලින්. ඒ එක්කම තව නීති එහෙමත් තියෙනවා.
      සල්ලි අහුලා ගන්න කැමති උනාට පස්සේ සල්ලි ඔක්කොම අහුලගෙන මිසක් නැගිටින්න එහෙමත් බැහැ. දෙකට නැමිලම ඉන්න ඕනේ.
      කොහොමද ටිකිරි මොළේ... :)

      Delete
  15. අර මම ලියපු මුං ඇට කතාව පළවෙනි කතාවෙ තවත් වර්ෂන් එකක්.උඹට ඒ කතාව මතකද?

    ReplyDelete
  16. හැක්..
    අන්තිම කතාව කියෝල බකස් ගාල හිනා ගියා..

    ReplyDelete
  17. මුං ඇට පහයි රුපියල් පන්දාහයි මතක් වෙනවා පලවෙනි එක කියවද්දි නම්

    ReplyDelete
  18. ඉංග්ලිෂ් ජෝක්ස් යන බ්ලොග් එකක මේ කතා පලවෙලා තිබුණා මම දැක්කා . හැබැයි ඉංග්ලිෂ් එක කියවනවට වඩා සිංහලෙන් කියවනකොට හිනා යනවා . එළකිරි . නියම කතා තුන .

    ReplyDelete
    Replies
    1. හරි හරි, උඹට ඉංග්‍රීසි තේරෙන්නෙ බාගෙට කියල කිව්වා නම් ඉවරයිනෙ, හිනා යන්න සම්පූර්ණයෙන් තේරෙන්නෙ එපායැ...

      Delete
  19. 18+ තියෙන නිසා කියෙව්වේ නෑ බන් ........

    ReplyDelete
  20. ^@#^#$&^$@# කතා තුනක් තමයි.

    ReplyDelete
  21. හොඳ වෙලාවට යකෝ රුපියලට වඩා පොඩි සත ගනං වල කාසි නැතුව ගියේ...

    ReplyDelete
  22. දෙවනි කතාව අද තමා දැනගත්තෙ. ඕක වගෙම තව එකක් තීනව මෙහෙම.

    ඔන්න බිල්ඩිමක් තීනවලු, තට්ටු සීයයි, එකක කාන්තාව ගානෙ ගෑණු සීයයි. තරඟෙ තමයි පුළුවන් තරම් උපරිම ගෑණු සංක්‍යාවක් එක්ක මහ වැඩේ කොරම එක. ඒ ඒ තට්ටුවෙ ගෑණු කෙනාට වැඩේ හරියට කරාම එයා පිටට පේන්න තට්ටුවෙ ලයිට් දානවලු.

    ලෝකෙ පුරාම රටවලින් ගියාලු. එකෙක්වත් අසූව පැන්නෙ නෑලු. ලංකාවෙන් ගිහින් තියෙන්නෙ xලු. ඔව් ඔව් ඌ තමයි.

    ඉතින් මූ ගිහින් ටිකකිම්, තට්ටුවෙන් තට්ටුව ලයිට් පත්තුවෙනවලු. කොහොම හරි ටික ටික උඩ ගිහින් අන්තිමේ සීයටම ඇවිත්, සීයෙත් ලයිට් පත්තුවෙලා.

    දැන් කට්ටියම ඉන්නවලු මූ එනකල්. සෑහෙන වෙලවක් ගිහින් මිනිහ නෑ! පරක්කු නිසා මොනා හරි වෙලාද කියල බලන්න ඕගනයිසර්ල සෙට් එකක් ගියාලු සීයටම.

    සීයෙ ළමය කිව්වලු "ඔන්න උඩට යනව දැක්ක" කියල.

    පස්සෙ අරුන් රූෆ් ටොප් එකට ගියාම .................................................................................................................................................................................................................................................................................................................................................................................................................................අපේ බුවා බිත්තියක් අයිනෙ අතක් දානවලු කරපුව මතක් කර කරක..

    ReplyDelete
  23. දෙක නම් සුපිරි.. පෙන්නන්නෝනෙ ගෙදර උන්දැටත්..

    ඒත් කෝමෙයි හරිම නෝටි කතාවක් නෙ අන්තිමට තියෙන්නේ... දැන් වැරදිලාවත් ඔෆීස් එකේ ගෑණු ලමයෙකුට අතමාරුවක්වත් දුන්න කියන්න බෑනේ හදිස්සියකට..

    ReplyDelete
  24. තුන්වෙනි කතාව අදමයි ඇහුවේ. හැක හැක හැක හැක

    ReplyDelete
  25. තුන් වෙනි කතාව මරු.. බොසා පිං කැටයක් කඩලද දන්නේ නෑ කාසි අරගෙන ආවේ..

    ReplyDelete
  26. මුල් දෙක නම් අසා ඇත. අන්තිම එක පස්ට..

    ReplyDelete
  27. ගෑල් ලමයි ගැන මහලොකුවට ලියන කියන අයගේ කෙරුවාව බලන්න .මාතලන් ගෙ බ්ලොග් එකේ මෙහෙම තිබුනෙ.

    //AnonymousFebruary 4, 2015 at 10:09 PM
    ඔය දින 100 යෙ මගුලෙන් කාරි නෑ
    අනේ අර දිල්කා කෙල්ල 360 ටේ පෙනෙන්න නැත්තෙ ඇයි කියල කවුරු හරි කියනවද.
    මට ඒකිව දකින්න නැතුව තොන්තුවාව වගේ.
    අර ගොරිල්ලෙක් වගේ එකෙක් දැන් ඒක කරගෙන යනව කිසි ගතියක් නෑ

    Replies

    දේශක යාFebruary 4, 2015 at 10:29 PM
    හැක් හැක්.. මටත් ඕකම හිතුනා බොල.. මොනා උනත් ඒ කෙල්ල හරි සිරියාවයි.

    Maathalan - Priyantha HewageFebruary 4, 2015 at 11:06 PM
    ඊට වඩා පට්ට කෑල්ලක් ඉන්නවා සෝමවාහිනියේ අඟහරුවාදා හරි බදාදා හරි රෑට .. අරයා කැළේ...

    ඉවාන් පවුලූශාFebruary 5, 2015 at 2:01 AM
    පොඩ්ඩක් ඉවසලා ඉඳිල්ලා ඒකි අඩු ගානේ හම්බවෙච්ච් ළමයට කිරිටිකක් වත් දෙනකං

    Helapa kadeFebruary 5, 2015 at 2:27 AM
    ඔව් බං ඔය කොල්ල කියනවා වගේ තුවාල වේලෙනකල් වත් ඉවසපල්ලකො.අනික උඹල ළමය බලන්නවත් ගියාද?//


    බබා හම්බෙවෙන්න ගිය ටිකට වත්
    කතා නාහ ඉන්න පිනක්
    නැති අසරන ගෑල්ලමයා මං.
    බබා හම්බ වෙද්දි හැදුනු
    මගෙ තුවාල වේලෙනකන් බලන් ඉන්න
    මාමලා වගෙ මිනිස්සුන්ගෙ
    කතා අහන්න වෙච්ච ගැල්ලමය මං.

    තමන්ගෙ ගෙදර ඉන්න හඩු ගඳ ගහන, බඩ තඩි, කිහිල්ලෙ මයිල් පුරෝගෙන වයසක මාමලාගෙ නාකි නෝනලා, දූල ගෙදර පරිස්සමට තියල, රටේ ඉන්න අනිත් ගෑනුන්ට, තමන්ගෙ දුවලා වගෙ උනත්,කෙල පෙරන මහා මානව හිතවාදියන්ගෙ සබෑ අදහස් තමයි ඔය උඩින්ම තියෙන්නෙ.
    ඒ කියන්නෙ,
    මාතලන් ට ඉවාන් ගෙ දුව උනත් කෑල්ලක්
    හැලපෙට ට මාතලන් ගෙ දුව උනත් ලමයා හම්බෙලා තුවාල වේලෙනකන් ඉස්පාසුවක් නැහැ.
    මේක කමෙන්ට් කරාම,
    ඉවන් පව්ලූශ යි, මාතලනුයි,
    ඉක්මනට එම කමෙන්ට් මකලා දැම්මා.
    හැබැයි දකින්න ඕනැ අය දැක්කා.බස්සි මේකට මොකද්ද කියන්නෙ කියල අහන්න මම කැමතියි. මේක මකන්නෙ නැතුව උත්තර දෙන්න.

    ReplyDelete
  28. උඩම එකේ වෙන වර්ෂන් අහලා තියෙනවා...දෙවැනි සහ තෙවැනි කථා අද තමයි ලොක්කො ඉස්සෙල්ලාම ඇහුවෙ...

    ReplyDelete
  29. මමනම් ඔන්න තුන්වෙනි කතාව කියෙව්වේ නෑ . හැබැයි අග ඉඳන් මුලට තමයි කියෙව්වේ

    ReplyDelete
  30. මම මේ කල්පනා කලේ අර අසරණ කෙල්ල තාම සල්ලි අහුලනවද දන්නේ නෑ කියලා....

    ReplyDelete
  31. මාරු කාසි එච්චර වටිනවා කියල දන්නේ නැනේ...

    ReplyDelete
  32. තුන්වෙනි සහ දෙවෙනි කතා නං අහලා නෑ.පළවෙනි එකේ වෙන වර්ෂන් එකක් අහල තියෙනවා.අන්තිම එක පට්ට.

    ReplyDelete
  33. ශෝක් තුන් වෙනි කතාවට හැමෝම කැමති වගේ.

    හස්බන්ඩ් ලා විකුණන සාප්පු ඇත්තටම තියෙනවද අයියේ :D

    ReplyDelete