Monday, February 16, 2015

මහින්ද පෝලිමේ අංකල්ට දුන්න ඔත්තුව!

ටික දවසකට කලිං මද්දහනෙ, වැඩ ඇරිල එන නෝනව එක්කරගෙන එන්න යන ගමං, බයික් එකට තෙල් ටිකක් ගහගන්න සෙඩ් එකට ගියා. මහින්ද වන්දනාවට ආපු සෙනඟ කාල්‍ටන් එක ලඟ ඉඳල සෙඩ් එක ලඟට පෝලිං ගැහිල ඉන්නව. කතරගම, යාල,.... ආදී පැතිවල යන ගමන් මහින්ද මහත්තයත් බලාගෙන යන එක සිරිතක් වෙලා. තෙල් ගහගෙන එන ගමං නෝනගෙ කෝල් එක එනකල් පුතා එක්ක ගහක් යටට වෙලා හිටිය. අංකල්ලා කිහිප දෙනෙකුත් හෙවන හොයාගෙන ගහ යටට ආව.

"පැටියෝ කොහෙද මේ යන්නෙ?" පුතා දිහා බලපු අංකල් කෙනෙක් ඇහුව.

"අංකල්ලා කොහේද?" මම ඇහුව.

"පුතා අපි කුරුණෑගල..... කතරගම යන ගමං..... ජනාධිපතිතුමත් බලල යන්න ආව...." මෙහේ ඉන්න එක්කෙනාද ඔහේලගෙ ජනාධිපති කියල අහන්න හදලත් ආයෙ ගිලගත්ත.

"ඒකනෙ දැන්නං පුළුවං බලන්න...."

මේ අතරෙ තවත් බුවෙක් ආව.... "මචං ඒ රාලහාමි නෑ බං.... පෝලිමේ ඉන්න වෙනව...."

"තාත්තී..... මුං ඒකටත් පෝලිම පැනල යන්න හදන්නෙ.... මුන්ත මයින්දමයි ඉන්න තිබුනෙ" පුතාගෙ කට වහගත්තත් කියල ඉවරයි. මං හිතන්නෙ අංකල්ලාට ඒක තේරෙන්න නැතුවැති.

"කොච්චර උනත් මහින්ද මහත්තයට මිනිස්සු තාම සලකනව නේද අංකල්....." මම මුට්ටිය දාල බැලුව.

"ඒක තමයි පුතා..... ඒකනෙ අපි මෙච්චර දුර ගෙවාගෙන ආවෙ.... ඒ වගේමයි දකුණෙ මිනිස්සු, ෂහ්!"

"කාල්තන් එක අයිනෙ පිං කැතයක් හයිකලානං පන්තලේ වගේ පඬුලු ටිකක් එකතු කලගන්න තිබුන, මයින්ද මාත්තෙයට තල්ලිත් නැති එකේ නේද තාත්තී"

මේ අතරෙ නෝන කෝල් එකක් දුන්න.... "ඔයා ඔතනම ඉන්න....මම අහවල් මිස්ගෙ කාරෙකේ එනව"

"අංකල්..... අද හවස තියනව මහින්ද මහත්තය‍ගෙ සේවය ඇගයීමක්.....ටිකක් වෙලා හිටියොත් ඒකත් බලල යන්න පුළුවං......" පුතා මගේ මූල බැලුව.

"ඇත්තද පුතා.... බලන්න කොච්චර දෙයක්ද! ඒ.... මචං.... මහින්ද මහත්තයට උස්සවෙයක් තියනවලු..... ඕන්නං බලල යං.... මේ පුතා කිව්වෙ..."

"තාත්තී අර...." පොඩ්ඩ කියාගෙන එද්දිම කට වහගන්න හැකියාව ලැබුන.

"එහෙනං ඒකත් බලල යං...."

"ඔව්වොව්..... හවස තුනට පටං ගන්නෙ....." මම කිව්ව.

"ඒකනෙ..... හතේ පූජාවට දේවාලෙට ගියාම මදැයි.... කොහේද පුතා තියෙන්නෙ?"

"බස්ටෑන්ඩ් එකට එහා පැත්තෙ පරණ කඩපොල තිබුන තැන...."

"මොකද්ද?" අපි ලඟට ආපු නෝනත් ඇහුව.

"මේ අර අද හවස තියන මහින්ද මහත්තය ගැන කියන රැස්වීම" නෝන මගේ අත කෙනිත්තුව.... බයික්කෙ ස්ටාට් කරගෙන අපි අංකල්ලාගෙන් සමුගත්ත.

"මතකෑතුව යන්න.... පලන පොල ගාව තීන්නෙ...." බයික්එක අද්දනකොටම පුතා ආයෙත් කිව්ව.

"හා..හා... මෙයත් හොඳ ගානට හැදිල දැං...." නෝන කිව්ව.

අපි එනකොට සංවිධායක මඬුල්ල කොඩිවැල් එල්ලමින් හිටිය..........
















































53 comments:

  1. බුහ් හහ් හා................................
    කැට කතාව තමා මරුම
    හිහි

    ReplyDelete
    Replies
    1. Maathalan - Priyantha HewageFebruary 17, 2015 at 1:05 AM

      අනගාරික ධර්මපාල කියන්නේ පිස්සෙක්.. ඒ පිස්සා කියපුවා අහපු හරක්ට වඩා.. ඒ යකා පිස්සෙක් බව දැන ගන්න අපේ උන්ට මොළේ තිබුනා..

      එකනේ අන්තීමට ලංකාවත් එපා උනේ.. දැන් ඉන්න අනගාරික ධර්මපාලලාටත් භාගෙට පිස්සු.. ඊළඟ ඉලෙක්සොන් එකෙන් කෙලින්ම අංගොඩ..

      පිස්සෝ කවදත් උන්ට පිස්සු කියලා කියන්නේ නෑ.. පිස්සුද ඕයි කියලා අහනවා මිසක්..

      Delete
  2. හැබැටම රාජ් ඔය පැත්තේ තත්වේ කොහොමද? මරා ඊලග ජන්දෙදි අගමැති කමට ශ්‍රීලනිපයෙන් ඉල්ලුවොත් දිනයිද? මම නං හිතන්නේ නෑ පොරට ආයේ ශ්‍රීලනිපයේ නං අගමැති කමට තියා,නගරසභාවකටත් ඉල්ලන්න ඉඩ දෙයි කියලා.

    එහෙම උනොත් පොර අර ත්‍රිවිල් පක්ෂ වලින් ඉල්ලුවොත්? එතකොට මොන වෙයිද? ඔය පැත්තේ ඉන්න අය ජන්දේ දෙයිද?
    පහුගිය ජනාධිපතිවරනයේදී ගත්තු ජන්ද වලට වඩා වැඩිපුර ඔය පැති වලින් ලැබෙයිද?

    ReplyDelete
    Replies
    1. මහින්දට ජන පදනමක් තියනව. නෑ කියන්න බෑ. ඒක වෙන්නෙ මෙහෙමයි.
      1.ශ්‍රීලනිපෙන් ඉල්ලුවොත් ජනාධිපතිවරණයේදි ගත්ත ප්‍රමාණයට වඩා අඩු මට්ටමක් ගනීවි. මහ මැතිවරණයක් කොහොමත් වෙනස් ඡන්දයක්නෙ. යූඇන්පී ශ්‍රීලංකා ලඟ ලඟ සටනක් යනවමයි. අගමැති වේවිද නැත්ද කියල ඉතං අපිට කියන්න බෑ.

      2.විමල්ලා දිනේෂ්ලා එක්ක මහින්ද වෙනම ඉල්ලුවොත් ශ්‍රීලනිප ඡන්ද කැඩෙනව. කොහොම උනත් මම හිතනව එහෙම උනොත් ඒ සන්ධා‍නය ලක්ෂ දහයක් ගනී කියල.

      වෙනම ඉල්ලුවත් එකට ඉල්ලුවත් ජනාධිපතිවරණයේ ගණනට අඩු ගනනක් එන්නෙ.

      Delete
  3. බඩුම තමා.......................... අන්න ලනු......... මුං තාම ලනු හොය හොය කනවා.........

    ReplyDelete
  4. අර ඩුප්ලිකේට් සිරිසේනත් එහෙ ඉන්නවද තාම?

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔව්. මේ අපේ කාර්යාලෙටත් ආව ලඟදි

      Delete
    2. ඌටනං ගූ ගහලා එලවන්න වටින්නේ. මයිත්‍රී හොද නිසා ඔය ඩුප්ලිකේට්කාරයා කිසි ගින්නක් නැතිව ඉන්නවා. හැබැයි හදිසියේ වත් ඩුප්ලිකේට් මහින්ද කෙනෙක් එහෙම ඔය වගේ ජන්දෙට දාලා,මහින්ද ජන්දෙන් දිනුවා නං ඩුප්ලිකේට්කාරයට වෙන දේ උගේ ඔලුවේ ඉන්න උකුනොත් දන්නේ නෑ.

      ඔය ඩුප්ලිකේට් සිරිසේන ආවම උබලා ඌව කිච කරන්න එපැයි බං. මිනිස්සු ඌට අකමැත්ත ප්‍රකාශ කරන්නේ නැද්ද?

      Delete
    3. අනේ ඔය ඇනෝ කියන ඒව කරන්න එපා රාජ්. මිනිස්සු හිනැස්සීම හොඳ සේවයක්.
      වටින මනුස්සයෙක්. ලොක්ක බෑ කිව්වොත් අර හතරදෙනාගෙ අගමැති අපේක්ශක එක එයාට දෙන්න පුලුවන්.
      අඩුගණනෙ අර අනුශාසක මණ්ඩලේටවත්

      Delete
  5. එතකොට ඔය බල පෙරලිය කලේ ජෙප්පොද...

    හුකෑස්... හික්... හුක්.....

    ReplyDelete
    Replies
    1. කියෙව්වෙ නැද්ද? රෑ බඩු වැඩිද තාම?

      Delete
    2. කියෙව්වා කියෙව්වා.. මම කතා කොලේ පෝස්ටර් එක ගැන.. අර කාරනේ ගැන මම ඉන්ටර්වීව් එකක්ම කොරලා දැම්මනේ...

      Delete
  6. ඒක නෙමෙයි බං.. උඹ ඔය ජෝක් එකටද ලියන්නේ නැත්නම් ඇත්තටම මහින්දව බලලා යන්න කියල පොරවල් එනවද?

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නෙ එකක්


      තිසර,

      මම මේ ඊයෙ පෙරෙයිදත් තවත් කොහේදි හරි ගොසිප් සයිට් එකක දැක්ක හිටපු ජනාධිපතිවරයා මේසෙට වාඩිවෙල ඉද්දි එතන ඉස්සරහින් මිනිස්සු පෝලිමට බල බල යන පොටෝස් කීපයක්. මමත් ඒක දැකල ඇත්තටම පුදුම උනා. මේ මොන විකාරයක්ද කියල. ඒත් ඉතින් රාජපක්‍ෂ මහත්තයගෙ චරිත ස්වභාවය අනුව ඔය වගේ නාටක එයාට හොඳටම ගැලපෙනව.

      Delete
    2. මේං පුතේ විදියෝ එකක්..

      https://www.facebook.com/video.php?v=398745543622608&fref=nf

      Delete
    3. බොට පිස්සුද යකෝ?ඇත්තටම බොල ඇත්තටම.කාල්ටන් බංගලාවෙ හාල් මුට්ට ගණන් තම්බන්නේ එන උන්ට කන්න දෙන්න.

      Delete
    4. හැඩ කරන්න දාපුව හැර අනික් සේරම ඇත්ත මේකෙ තියෙන්නෙ. මම ඔය කිව්ව දවසෙ තමයි වැඩිම සෙනඟක් දැක්කෙ. මීටර සීයක් විතර පෝලිමක් තිබුන. ඒ පෝලිමට මෙහා පෝලිමට‍ එකතු වෙන්න ටිකක් විතර අකමැති අංකල්ලා සෙට් එකක් එක්ක තමයි මම කතා කලේ. එයාල කුරුණෑගල ඉඳල ඇවිල්ල තිබුනෙ. එකක් කතරගම සිතුල්පව්ව යාම. අනෙක මේක.

      Delete
    5. මේ කතාවත් අහල ඉන්ටකෝ..
      https://lankacnews.com/sinhala/main-news/128426/

      Delete
    6. දේශා,
      වෙන්න පුළුවන්. මම දවසක් අඳුරන රාලහාමි කෙනෙක් එක්ක කතා කරද්දි එයා ඒ වගේ කතාවක් කිව්ව. එයා ක්ව්වෙ "අද එන්නෙ අහවල් පැත්තෙ කට්ටිය" කියල. ඒ වගේම ඔය කියපු ජවිපෙ රැස්වීම තිබුන දවසෙ ලොක්ක බලන්න ආපු තරම් සෙනඟ කවදාවත් දැකල නෑ. ප්ලෑන් කරල කරනව කියල සැක කරන්නත් බැරිකමක් නෑ.

      Delete
    7. යූඇන්පී කට්ටිය කියයිද දන්නෙ නෑ මිනිස්සු අනුරාධපුරේ යන්නෙත් දුටුගැමුණු රජුගෙ වර්තමාන ඒජන්තයො බස් දාල සන්විධානාත්මකව ගෙන්නනව කියල . අපේ ගම්වල මිනිස්සු දවසෙ වැඩ පාළුකරගෙන ස්වෙච්ඡාවෙන් ගියෙ. බත්පැකට් එකට යන හිඟන්නො නෑ.

      Delete
    8. ඔය යන උන් ජාති දෙකක් තියෙනව. එකක් තමා දඹුලු ගොහින් තලගොය්යො මරන කතරගම වන්දනා නඩ. අනෙක තමා, මහින්දගෙ හිතහදන්නන්ගේ සංගමේ ගානෙ ලැබෙන නොමිලේ බස් චාරිකාවෙන් ඈත ඉඳන් ඇවිත් මහින්ද සහ මුල්කිරිගල වැඳල යන උදවිය.

      //අපේ ගම්වල මිනිස්සු දවසෙ වැඩ පාළුකරගෙන ස්වෙච්ඡාවෙන් ගියෙ. බත්පැකට් එකට යන හිඟන්නො නෑ. // මොළේ අමාරුව තියෙන, රජන්ඩු ඉවරවෙලා අවුරුදු දෙසීයක් ගියත් තාම ඒ දීන හැඟීම්න් මිදෙන්න බැරි උන් තාම ඉන්නව.

      Delete
  7. අනේ රාජ්, ඔය හැමොම එකතු වෙලා.. ඔවු ඔවු.. ඔයාගෙ සිඟිති පුතාත් එක්ක තමා... මොනව මොනව හරි කොරලා, පොස්ටර් බැනර් එහෙම ගහලා ආපහු රනිල් මහතත්යාව රජ කරවලා දෙන්න හොඳේ...

    රනිල් මහත්තයා රජ වුනාම රාජකීය විද්යාලෙන් ම දුසිම් දෙකක් ඇමති මන්ඩලේට දානවනේ...

    අපිත් ඉගෙන ගත්තු පාසලේ අපිත් දන්න කියන කස්ටියට ඇමති මැතිකම් හම්බු උනාම කාටද ආඩම්බර? ඔයාලටම නේද මෙයාලා??

    ReplyDelete
  8. මාත් හිතුවේ ඔය මයි්න්ද මාත්තියා බලන්න එන කතාව බොරු කියලා.. ඒත් පහුගිය සෙනසුරාදා දවල් වරුවේ මම දැක්කා කාල්ටන් එකේ තියෙන විප්ලවේ..

    “පුතා.. මහින්ද මහත්තයට මින්ස්සු තාම කැමතියි.““ හැක්..

    මහින්ද මහත්තයට රැවටුන එකේ අර අංකල්ල බොටයි බොගේ කොලු පැංචටයි උං රැවටෙන එක කජ්ජක්ද බං..

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයට රැවටුන එකේ අර අංකල්ල බොටයි බොගේ කොලු පැංචටයි උං රැවටෙන එක කජ්ජක්ද බං..//
      ඒකත් ඇත්ත තමයි.

      Delete
    2. යකෝ,මහින්ද මහත්තයා කියන්නේ නළුවෙක් වෙච්චි.උන්දැ රඟපෑම් වලට ජනතාව රැවටෙනවා නෙමේ බං ආකර්ශනය වෙනවා.

      Delete
    3. දේශක මහින්ද කියන පුද්ගලයට තියන කැමැත්තක් නොවෙයි. ඒ මතයි මේ රටේ දේශ හිතෛශී ජනතාව. දේශහිතෛශී ජනතාව රටේ බහුතරයක් වීම නිසයි යුද්දෙ දිනුවෙ. එන් ජී ඕ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් වල මිනිසුන්ගෙ ඔළු බ්‍රේන්වොෂ් කරල ඊළම දෙන්න හැදුවත් බැරිවුනේ ඒකයි. ලෝකෙ ඕනම රටක බඩ ගැනම නොසිතන රට ගැන හිතන පිරිසක් ඉන්නව. බඩගැත්තරයො සුළුතරයකුත් ඉන්නව කැපුවත් කොළ කියල. ඒ අයගෙ මීමුත්තන්ට ඩීඇස් ලගෙ කාලෙ බත්ගොටු දීල සුදහ ගින්දරේ නිමුව කියල කෙළෙහිගුන තියන්නෙ.
      යූඇන්පී කාරයොත් කපුටො වගෙ ජාතියක්. කපුටන්ට එළගිතෙල් පාන්ක්ඩ ගිල්ලන්නෙ එහෙම නොකළොත් උන් රෑට කලන්තෙදාන නිසාලු.කනබනේමනෙ තියෙන්නෙ.
      කොටිය කන්ඩ බොන්ඩ දෙනවනම් යූඇන්පීකාරයො ඒ පැත්තෙ. හිතන්න එපා රටේ හැමෝම එහෙම කියල.
      රටේ ඔක්කොම යූඇණ්පී උනානම් කිසි කරදරයක් නෑ .ප්‍රභාකරන් ට තියෙන්නෙ බත් ගොටු ටිකක් ලෑස්තිකරගන්න එක විතරයි.

      Delete
  9. ඇත්තටම රාජ් මේක මහ පිස්සුවක්. අර උන්නැහෙ මේසෙට වාඩි වෙල ඉද්දි මිනිස්සු ඉස්සරහින් බල බල යනකොට මට මතක් උනේ නිකන් අමුතු සතෙක් බලන්න මිනිස්සු පෝලිමේ යනව, නැත්නම් කවුරුහරි ප්‍රසිද්ධ පුද්ගලයෙක් මැරුණම මිනිස්සු දේහය ඉස්සරහින් ආචාර කරගෙන අවසන් ගෞරව දක්වනව වගේ දර්ශනයක්. හිටපු ජනපතිවරයෙක් මුණගැහෙන්න මිනිස්සු එන්නෙ තමන්ගෙ ප්‍රශ්න ගැටළු ඔහුට ඉදිරිපත් කරල ඔහුගෙ කාර්යාලය හරහා අදාල ආයතනවලට යොමු කරගන්න වගේ මහජන සේවයකට කියල මම හිතන් හිටියෙ. ඕන් පාඨලී උන්නැහෙත් චෝදනා කරනවළු බස්දාලා මිනිස්සු අද්දනව කියල.

    ReplyDelete
  10. මේ වගේ මළ කෝළමක් දැක්කමයි.මහින්ද මහත්තය කුඩුවෙ දාපු සතා වගේ ටී ෂර්ට් එකකුයි සරමකුයි ඇඳන් මේසෙට වාඩිවෙලා ඉන්නව.(සාටකේ නෑ)මිනිස්සු පෝලිමට බල බල වැඳ වැඳ යනවා.උදේ ඉඳන් රෑ වෙනකල් ඔහොමමයි.
    මෙච්චර කල් රාජ තේජසෙන්ඉඳල එකපාරට තටු කපල නියපොතු ගලෝල දැම්මම සාංකාව වගේ හැදෙනවනෙ.මෙයාටත් එහෙම වෙලා ආතතිය හැදිලා කියවන්න ගත්තම මෙහම කරන්න කියල වෛද්‍යවරු කිව්වලු.ඒ ගමන මේ වැඩපිළිවෙල වලව්වෙන්ම පටන්ගත්ත කියලයි ආරංචිය.දැන් ලෙඩේ හොඳලු ඕං.

    ReplyDelete
  11. ඉස්සර අපේ යාළු අයියා කෙනෙක් තමයි දැන් මහින්ද මහත්තයා බලාගෙන ඇප උපස්ථාන කොරගෙන ඉන්නෙ. චතුෂ තුෂර කුමාර කියලා. එයාට කොහොමද දන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. පුක හෝදනකොට ඇඟිල්ලක් පුකේ ඇණුනා කියලා ඌව වලං හෝදන්න දාලා

      Delete
  12. රාජ් අපි පවුල එකට ඉඳන් බලන ටෙලි නාට්‍යයක් තියෙනවා ඉන්දියන් එකක්. ඕකෙ තාත්තා මරුවා.. කරන්නෙම ත්‍රාඩ වැඩ. අපෙ කොල්ල කියන්නෙ එයා තමාළු හොඳම කෙනා. මොකද ඇහුවම මිනිහගෙ ‍රැවුල මරුළු..
    ඔන්න ඔහොමයි අපේ රටේ චන්ද දායකයො බහුතරයක්..

    ReplyDelete
  13. ඉතිං මරා ඔතන ඉන්නේ ඇඳුම් ඇඳගෙනද මරා බලන්න එන සම හරක් ගේ වලිගෙ වැදිලා මරාට තුවාල වෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒක දන්නේ නෑ, එත් මරාගේ වලිගෙ වැදිලා උන්ටනම් හොඳ නොවෙන්නම තුවාල වෙලා ඉන්නේ

      Delete
  14. අනේ මෙහෙමත් විගඩම්,යකෝ පහුගිය අවුරුදු දහයට රට කොයි තරම් ආපස්සට ගිහිල්ලාද කියලා පෙන්වන උදාහරණයක් තමයි ඕකත්.

    ReplyDelete
  15. කව්රු ආවත් දේශපාලනෙන් කෙරෙන්නේ ජනතාව රැවටීම තමයි.

    ReplyDelete
  16. චික් විතරක්. අපි ඡන්දෙට නාමයෝජනා දෙන දවසෙනෙ කතරගමු ගිහිං ආවෙ.

    ReplyDelete
  17. ponna hiwal raj... thota chu wela... hiki hik hik.

    ReplyDelete
    Replies
    1. මොකද්ද බං මේ කියන්නෙ? තේරෙන්න බැනපංකො බනිනව නං....

      Delete
    2. තෙරෙන්නද ඕනි. වැඩිවෙයිද මන්දා... උඹ බල්ලෙක්. උඹෙ අම්ම ගණිකාවක්. උඹේ අප්ප නරියෙක්. උඹ අවජාතක බල්ලෙක් උණු නිසා උඹ උඹේ රට ගැන හිතන්නෙ නෑ. හීනමානෙ නිසා බඩ ගැන හිතනවා මොකද ඉතින් කාණු පල්ලෙ උපන් එකෙක්නෙ. උඹ මෙතන කොටන එකෙන් උඹ මහම මහ කෙරුමෙක් කියල හිතවන පට්ට හීනමාන කාර ගතිය නැති කර ගන්න දත කනවා. ඒ උනාට උඹ බලු පැටියෙක් සයිස්වත් නැති මන්ද බුද්ධිකයෙක් කියල බලන උන්ට තේරෙනවා......දැන් තේරුණාද? ඒක අමතක කරපන්... ඒව හිස් වචන .. උඹට ඕනි කිව්ව නිසා දුන්නු..
      ------------------------------------------
      දැන් කථාවට බහිමුකො.... කිසිම වගකීමක් නැතුව, කිසිම පාදමක් නැතුව, උඹේම හීන මානෙ නිසා ඒක වහ ගන්න උඹ මෙතන කොටනවා. නෑ කියනවනන් උඹෙන්ම අහල බලපන්. තමන්ම අධ්‍යයනය කරපු කිසිම කාරණයක් නැතුව උඹ හිතන ආකාරයට ගැලපෙන මොකෙක් හරි එකෙක් කිව්ව එකක් ඇත්ත කියල සලකගෙන උඹ මේ කරන වැඩෙන් උඹේ සහ උඹට හුරේ දාන පිස්සු හරක්ගෙ අපරිණත භාවය හොදට පේනවා. කිසිම දැනුමක්, දර්ශණයක්, ගවේශණයක් අවම වශයෙන් සමාජ විද්‍යා හැදෑරීමක් වත් නැතුව මේ වගේ කසි කබල් දාන උඹ තව අවුරුදු කීපයකින් උඹ ගැනත් උඹේ දරුවො ගැනත් අවංකව පසු තැවීමකට ලක්වෙයි.

      Delete
    3. බලාංකෝ අපේ රාජ්ට කොයි තරං සම්මාන දීලද කියලා.. හැක්.. බොට හොදයි ඉතිං රාජ් වගේ එකෙක් නිසා.

      Delete
    4. අම්මට වන මෘගයෙක් හැමිනිල ආපු ළම්යි දෙන්න උන් උන් හැමිනිල ආවයි කියන ජාතියෙ වීර පුතෙක් මේ අමතල තියෙන්නෙ? අර ලක්ස 7ට ණය ගෙවන්න වෙන්නැති ඔය කඩේ යන්නෙ?

      දේශ කිව්වැහෙ මූ මේක රාජ්ට කිව්ව නිසා හොඳයි.

      නිකංවත් මාතලන්ට කිව්වනං එහෙම,

      "අනේ පල හැඹිලි පොන්නයො යන්න, උඹලගෙ නගින්නැති හින්ද ගෙදර ගෑණිට මහින්දගෙ සාරුවගෙ සාරු දාල පුකෙත් ඇරගෙන හාල් සේරුවෙ බත් එක මිටට රීල දැන් එනව අපේ ඇටේ රවුන්ද බලන්න. ගිහින් සිරන්ති නෝනගෙ හෝදපු නැති ජංගියක් තම්බන් බීපන් හත් දොහක් හිස් බඩට, එතකොටවත් ඕක කෙලින් වෙයි ප්‍රොෆයිල් එකෙම්ම ඇවිත් කමෙන්ට් කරන්න හය්ය එන්න" කියල මූට දෙනව දොඹෙන්.

      ඒකට අපි ඉතින් කුණුහර්ප නොදන්න නිසා කමෙන්ට් එක මකල නිකා ඉන්නවනෙ.

      Delete
  18. රාජ් දන්නෙ නැද්ද , ලොක්ක දේවත්වයට උසස්වීමක් ගත්ත.( හොරකමට අදිපති ) කතරගම යනගමන් වදින්න ඕනෙම තැනක් තමා කාල්ටන් දේවාලෙ.
    තමන්ගෙ පැත්තෙ දෙයියව පල් කතා කියල සවුත්තු කරන්න එපා මෙයා

    ReplyDelete
  19. පැරදුනේ මං.... නැති උනේ මං... උබලට නම්... මොකද ඉතින්....

    ReplyDelete
  20. මුලිල්ම ගියේ මෛර්‍ත ලොක්කා...

    ජ ය

    ReplyDelete
  21. අම්මපා මෙහෙමත් ලනු දෙනවද මම අහන්නේ..

    ReplyDelete
  22. මහින්ද මහත්තයා නොහිතපු වෙලාවක පුටුවෙන් බැස්සෙ. කරගෙන ගිය සමහර “වැඩ“ අතරමග. ඉතින් ඒ වගේ තත්වයකදි එයාව බලන්න නොගිහින් කොහොමද? සංවිධානාත්මකව යන අයත් ඇති. (අද (15) සවස ද බස් අසූවකින් පිරිස් පැමිණීමට නියමිතව සිටි බව ද ඔහු කීවේය. ) ඒ වුනත් බොහෝ අය යන්නෙ තමතමන්ගෙ ගනුදෙනු බේරගන්න, ඉස්සරහට කරන වැඩ ගැන ප්ලෑන් කරගන්න වගේ දේට වෙන්න පුළුවනි.

    ReplyDelete
  23. අන්දනවද ඔහොමත්?

    ReplyDelete
  24. වන්දනාවේ ආපු නඩේට පාර කියලා වගේ හැක හැක හැක
    ආතල් සිද්ධිය :D

    ReplyDelete
  25. රාජ්ගෙන් බේරුනත් පොඩි රාජ්ගෙන් බේරෙන්න බැරි හැඩයි

    ReplyDelete
  26. කොල්ල එළ කොල්ල.. 'උඹත පුතේ.. හෙතක් ඇතේ.." ජය ශ්‍රී!

    ReplyDelete