Friday, February 20, 2015

මහා වියවුල......












රට රටවල මිනිස්සු සෙට් එකක් තමන්ගෙ රටවල් වල ඡන්ද ගැන කියන්න ගත්ත.

"මම වාමාංශිකයෙක්.... වමේ පක්ෂයට ඡන්දෙ දෙනව"

"මම දක්ෂිණාංශිකයෙක්.... දකුණෙ පක්ෂෙට ඡන්දෙ දෙනව"

"මම නං ජාතිකවාදියෙක්.... අහවල් පක්ෂෙට ඡන්දෙ දෙනව"

ඔන්න ලංකාවෙ එක්කෙනාගෙ වාරෙ ආව. (දන්නව නේ ලංකාවෙ බුවාලගෙ හැටි)...

"ඕව මොන ප්‍රශ්නද බං..... අපිටනෙ ප්‍රශ්න තියෙන්නෙ!" එයා කිව්ව.

"මොනවද උඹලගෙ ප්‍රශ්න?"

"ඉස්සර වාමාංශිකයො සමාජවාදය ගේන්න ‍JVPයට ඡන්දෙ දුන්න..."

"ඉස්සර ලිබරල්වාදීන් ලිබරල් ගේන්න UNPයට ඡන්දෙ දුන්න..."

"ඉස්සර මැදිං යන්න ඕන කියල හිතපු අය ශ්‍රීලනිපයට ඡන්දෙ දුන්න...."

"ඉස්සර සිංහල ජාතිකවාදීන්, ජාතිකවාදය ගේන්න හෙල උරුමයට ඡන්දෙ දුන්න....."

"ඊට පස්සෙ?"

"2005දි වාමාංශිකයො එකතු වෙලා මහින්ද දිනෙව්ව ප්‍රභා එලවන්න...."

"2005දි ලිබරල් UNPකාරයොත් මහින්ද දිනෙව්ව ප්‍රභා එලවන්න...."

"2005දි සිංහල ජාතිකවාදීනුත් මහින්ද දිනෙව්ව ප්‍රභා එලවන්න..."

"ඊට පස්සෙ?"

"2015දි වාමාංශිකයො එකතුවෙලා අනියමින් සහය දුන්න මෛත්‍රී දිනවල මහින්ද එලවල සමාජවාදය ගේන්න...."

"2015දි UNP ලිබරල්වාදීනුත් සහය දුන්න මෛත්‍රී දිනවල මහින්ද පරද්දල ලිබරල් ගේන්න...."

"2015දි සිංහල ජාතිකවාදීනුත් සහය දුන්න මෛත්‍රී දිනවල මහින්ද පරද්දල ජාතිකවාදය ගේන්න......"

"2015දි දෙමළ ජාතිකවාදීනුත් සහය දුන්න මෛත්‍රී දිනවල මහින්ද පරද්දන්න තමුන්ගෙ බලය පෙන්නන්න....."

"ඊටත් පස්සෙ?"

"දැං........"

"ලිබරල් UNPකාරයො ලිබරල් ගේන්න JVPය‍ට ඡන්දෙ දෙන්න වෙලා.... මොකෝ අවංකව හොරු ටික හරි අල්ලන්නෙ උංනෙ! හොරුත් එක්ක මොන ලිබරල්ද?"

"වමේ එවුන්ට සමාජවාදය ගේන්න UNP රනිල්ට ඡන්දෙ දෙන්න වෙලා..... UNPයේ සරදියෙල් අයවැය හින්ද!"

සිංහල "ජාතිකවාදීන්‍ටයි දෙමළ ජාතිකවාදීටයි මොනවා කරනවාද කියල හිතාගන්න බැරි වෙලා....ඇයි යකෝ විමල්ල, ගම්මන්පිලල ආයෙ සෙට් වෙන්නනෙ යන්නෙ"

"මොකද්ද දැං අවුල?"

"අවුල? යකෝ ආයෙ කවද්ද මිනිස්සුන්ට තමංගෙ මතවාදය වෙනුවෙන් ඡන්දෙ දෙන්න පුළුවං දවසක් එන්නෙ?"

35 comments:

  1. ඔය ප්‍රශ්ණ මොකුත් නෑ චන්ද අහෝසි කරල රාජාණ්ඩුවකට ගියානං.. හෙක් හෙක්..

    අර කහ පාට ෆොන්ට් කලර් එක කියවන්න පට්ට අමාරුයි..

    ReplyDelete
    Replies
    1. Good governance type answer.. that trick is awesome dude! useful for many. :P

      Delete
    2. ඔය ප්‍රශ්ණ මොකුත් නෑ චන්ද අහෝසි කරල රාජාණ්ඩුවකට ගියානං//

      ඇත්තම කිව්වොත් ප්‍රශ්නෙ එන්නෙ ඔතනින් තමයි. "පොදු සතුරෙක්" ආපු ගමන් සියළු විරෝධතා අමතක කරල එකතු වෙන්න වෙනව. යහපාලනය කියන දේ යම් මට්ටමක් දක්වා වත් ලඟ වෙනකල් මිනිස්සුන්ට හිතේ තියන මතවාද අමතක කරන්න වෙනව. (සමහර විට මිනිහෙකුගෙ ජීවිත ක‍ාලෙම මේකට වැය කරන්න සිදුවෙන්න පුළුවන්)

      Delete
  2. කිසිම කෙනෙකුට තමන්ගෙ කියල අනන්‍යතාවයක් පෙන්නන්න බැරි වෙනවා සම්මජ්ජාතියකට.....
    ඒක තමා ඉතින් මේ දේශපාලන වියරුවෙහි හැටි මේන්ම මිනිස් හදවත් කුහකත්වයෙන් වියරු වැටිලා..ඉතින් තමන්ගෙ කියල අදහසක් මතයයක් වැඩි කාලයක් දරා සිටීමට මිනිසාට ඇති අයිතිවාසිකම් විනාශ වී ගිහිං

    ReplyDelete
  3. මම නම් ජන්දේ දෙන්නේ ඒ මොහොතේ දෙන්න ඕනේ ප්‍රමුඛම කාරණාව දිහා බලලා.පක්‍ෂ සාමාජිකයෙක් නොවී සිටීම තීරණයක් ගැනීමට පහසුවක්.

    ReplyDelete
    Replies
    1. //මම නම් ජන්දේ දෙන්නේ ඒ මොහොතේ දෙන්න ඕනේ ප්‍රමුඛම කාරණාව දිහා බලලා//
      ඕක තමයි මමත් කියන අවුල. උඹට "ඒ මොහොතේ" මොකක් හරි වැදගත් කමක් එන්නෙ මේ ක්‍රමයේ තියන අවුල නිසා මිසක් වෙන දෙයක් නිසා නෙවේ. දැං වෙලා තියෙන්නෙ නරකම එකා වෙනුවට ඊට ලඟින්ම පහලින් ඉන්න ටිකක් නරක එකාව තෝරාගන්න. නැත්තං ඊලඟ මොහොතේ අරූ සොරි වෙන්න අපිට අරිනවනේ.

      Delete
    2. ඔව් එහෙම නරක අඩු එකා තෝරා ගන්නේ නැතුව අපිට වෙන විකල්පයක් නැහැ නේ.දන්න යකාට වඩා නොදන්න යකා හොඳයි කියලා කටයුතු කරන්න වෙන්නේ ඒ නිසයි.

      Delete
  4. ශ්‍රී ලංකාවේ දේශපාලන අච්චාරුව පිළිබඳව වූ, මෙතෙක් කාලයකට මා දුටු හොඳම විග්‍රහය.....

    ReplyDelete
  5. මට තියෙන්නේ ඇන්ටිගෙ දේශපාලනය. වැඩියෙන්ම ඇන්ටි පක්ශය හෝ තැනැත්තා
    (උදා - anti-ප්‍රේමදාස/චන්ද්‍රිකා,/මහින්ද) පරදවන්න පුලුවන් පක්ශය/සංධානය/තැනැත්තාට චන්දෙ දෙනව.
    ඒක ප්‍රබුද්ධ දර්ශනයක් නොවනවා ඇති ඒත් දුන් චන්දයක් ගැන කලකිරීමක් තාම ඇතිවීනැත.

    ReplyDelete
    Replies
    1. අපි හුඟ දෙනෙක් ඔය ගොඩේ තමයි. මම පෝස්ටුවෙන් මතුකරන්නෙත් ඔය අවුල තමයි. උදාහරණයක් විදියට බලපං ඇමරිකාව. ඒ මිනිස්සු ඡන්දය දෙන්නෙ යම් මතවාදයක් ඔලුවෙ තියාගෙන. ඇන්ටි කතා එතන‍ට එන්නෙ නෑ. එහෙම එන්න ඉඩක් නෑ.

      මාත් උඹේ විදියටයි ඡන්දෙ දෙන්නේ. පසුතැවීමකුත් නෑ. නමුත් ඇන්ටි අහවල් වීමට සිදුවීම ගැන නං සෑහෙන්න කණගාටුයි.

      Delete
    2. //ඇන්ටි අහවල්// ? කවුද? මොකක්ද?

      ප්‍රෝ වගේම ඇන්ටිත් සාපේක්ශයි නේ? මං ගිය අවුරුද්දෙ අකමැති එවුන්ට තාමත් අකමැතියි. ටිකක් කමැත්ත තිබුන එවුන්ට කමැත්ත අඩුවෙලා වෙන්න පුලුවන් . ඒත් අකමැති එවුන්ට ඉස්සරටත් වඩා අකමැතියි. දෙක බැලන්ස්වෙලා. සිම්පල් රාජ්

      Delete
  6. කථාව ඇත්ත. මට නම් හිතෙන්නේ ඒක හරි කියල. ඒක තමා වෙන්න ඕනේ. පක්ෂවල් උඩ ඈයෝ එකට එකතු වෙලා කාල බිල ජොලි කරනවා. යට පාක්ෂිකයෝ මරා ගන්නවා. ඒක නතරවෙලා උඩ ඉන්න එවුන්ට මරා ගණන් ඇරිලා යට ඉන්න වුන් චන්ද බලය හරියට පාවිච්චි කලාම නේද හොඳ ?

    ReplyDelete
  7. දැන් එහෙම පක්ෂ නෑ රාජ්...

    දැන් තියෙන්නේ අඩුවෙන් හොරකම් කරපු එකා පත් කර ගන්න. මොකෝ ඔක්කෝම හොරු. තාමත් චාන්ස් එකක් තියෙන්නේ. මේ රටේ හොරක්මට විරුද්ධ සෙට් එක. දශම ගානකින් ඉදිරියෙන් ඉන්න එක.

    94 එතකන් හොරා කාපු උන් එලෙවලා සැටලයිට්ලට හොරා කන්න දුන්නා.
    2002 දි සැටලයිට් ඉඳිද්දිම අනික් හොරු එලවලා රනිල්ලට හොරා කන්න දුන්නා.
    ඒ පාර ජෙප්පෝ ඇක්සෙකටිව් පවර් යූස් කොරලා, රනිල්ලා එලවලා, කම්බ හොරුත් එක්ක ජෙප්පොත් සෙට් වෙලා කන්න ගත්තා.
    2005 සැටලයිට්ට හොරා කන්න දීපූ කාළේ ඉවර උනා.
    2005 ම කොටිත් එක්ක එකතු වෙලා මහින්ද රාජපක්ෂ හොරා කන්න පටන් ගත්තා. ජෙප්පන්ට කන්න දෙයක් නැති නිසා එයාලා ගියා.
    2010 මහින්ද සහෝදර හා පුත්‍ර සමාගම සමඟ හොරා කන්න දෙයක් නැති නිසා චීනට රට දීලා කන්න තියෙන ඔක්කෝම කෑවා. ඒ අස්සේ හොරා කන කාළයේ අසිමාන්තික කලා.
    2015 මහින්ද තව අවුරුදු 8 කට කන්න ගිහිල්ලා ඉල්ලගෙන කෑවා.
    දැන් අලි පාටියේ උන්ට කන්න දෙයක් නැති නිස උන් ගම කනවා.
    සිරිසේන නානවා.
    සිරසෙන් වතුර දෙනවා.
    සන්නස්ගල සබන් ගානවා.
    රනිල් කක්කා වලින් ප්‍රතිරූපය හදනවා.
    මහින්ද කක්කා නාවා.
    ගොම්මන්පිලයි රිලවයි සැර්කස් පෙන්නනවා.
    වාසුට පිස්සු.. ප්‍රගතිශීලි මහින්ද ගේන්න ට්‍රයි කරනවා.
    දිනේෂ් පුතාට හොරා කන්න විදියක් නැතුව බොරලුගොඩ සිංහයා වගේ බව්................... බව්.............. ගග සිහ නද පතුරනවා..

    මේ දවස්වල අපායේ ඉන්ටවල්..
    අපිත් සිගරට් එකක් ගහගෙන ඉන්නවා..
    ආයෙත් අපායටම යනවද දිවියලෝකේ යනවද කියන එක හරකුන් විසින් තීරණය කරනකන්..

    ReplyDelete
  8. අප එක එක්කෙනා එක එක වාද, ism වලට ගැති නොවී අපේ ඡන්දේ නිහස්ව දුන්නා නම් ඔය කිසි ප්‍රශ්ණයක් නෑ!

    ReplyDelete
  9. කරකවා අතහරින ලදී...

    ReplyDelete
  10. ඔහොම කාලයක් චන්දෙ දීගෙන යනකොට ඔන්න, අපිම නේද මේ අපිව පාලනය කරගන්නේ කියලා වැටහෙනවා පින්වත්නි.

    ReplyDelete
  11. මටනම් දැන් වමෙන් දකුණෙන් නෙවෙයි උතුරෙන් නැගෙනහිරෙන් ආවත් එකයි . ඔක්කොම එකයි වගේ .

    ReplyDelete
  12. අර නෑකම් හුටපටේ වගේ ඔක්කොම පැටලිලා දැන් (තාත්තා පුතාගෙ ගෑනිගෙ දුව බැන්දම වෙන එක)

    ReplyDelete
  13. කතාව ඇත්ත...මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ ටිකක් හොද කෙනෙකුට ඡන්දෙ දෙන්න....

    ReplyDelete
  14. //යකෝ ආයෙ කවද්ද මිනිස්සුන්ට තමංගෙ මතවාදය වෙනුවෙන් ඡන්දෙ දෙන්න පුළුවං දවසක් එන්නෙ?"//

    යකෝ කවද්ද මේ අම්මටසිරිලංකාවෙ බහුතරය මතවාදයක් වෙනුවෙන් ඡන්දෙ දුන්නෙ?

    ReplyDelete
  15. හොඳ වෙලාවට පාට ටික දැන්මේ නැත්නම් ඉතින් මුන් කව්ද කියලා හොයාගන්නත් බෑ

    ReplyDelete
  16. රාජ්,
    කාලෙකින් හොද ලිපියක් ලියල තියෙනවා.මේ හැම හොරුන්ම හොරකම් කිරීමට අපිත් උදව් දුන්නේ අපේම චන්දය දීමෙන් තමයි.ඒත් අපි චන්දය දුන්නේ යහ පාලන කරන්න මිසක් හොරකම් කරන්න නෙමෙයිනෙ. පසුගිය දින කිපය තුල වගේ මේ රටේ ජනාධිපතිතේ/අගමැතිගේ විධායක බලය අනිසි ලෙස පාවිච්චි කිරීමක් මිට කලින් සිදුවී නැති නිසා මම නම් පසුගිය චන්දයේදී බලත් කොලයට කැමැත්ත දීම ගැන පොඩ්ඩක්වත් පසු තැවෙන්නේ නැහැ. මේ සෙට් එකම නම් අප්‍රේල් මස තියෙනවා කියන චන්දයට එන්නෙ මේ රටට දෙවියන්ගේම පිහිටයි.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. // පසුගිය දින කිපය තුල වගේ මේ රටේ ජනාධිපතිතේ/අගමැතිගේ විධායක බලය අනිසි ලෙස පාවිච්චි කිරීමක් මිට කලින් සිදුවී නැති නිසා// කොයි රට ගැනද කියන්නේ ? ලංකාවේද එහෙම කලේ නැත්තේ ? එතකොට ශිරනිව හෙම එලෙව්වේ මොනවා කරලද?

      Delete
    2. ඩබ්එම්කේ මහතා,
      //පසුගිය දින කිපය තුල වගේ මේ රටේ ජනාධිපතිතේ/අගමැතිගේ විධායක බලය අනිසි ලෙස පාවිච්චි කිරීමක් මිට කලින් සිදුවී නැති නිසා //

      ශිශිරතාරක නින්දෙද හිටියෙ පහුගිය අවුරුදු 9 කාලෙ?

      Delete
    3. //පසුගිය දින කිපය තුල වගේ මේ රටේ ජනාධිපතිතේ/අගමැතිගේ විධායක බලය අනිසි ලෙස පාවිච්චි කිරීමක් මිට කලින් සිදුවී නැති නිසා //

      විධායකය කියන්නේ කොහොම බිල්ලෙක්ද කියලා අපිනම් දැක්කේ මහින්දගේ කාලේ.

      Delete
  17. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15906-2015-02-22-21-27-05

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත්.

      Delete
  18. මේ පෝස්ට් එකනම් එපික් රාජ් ...දැන් අපි මොකද කරන්නේ

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete