Tuesday, September 29, 2015

මෙවර රග්බි ලෝක කුසලානය කාටද? Rugby World Cup Prediction.

පසුගිය ලිපියෙන් රග්බි ලෝක කුසලාන‍ය‍ේ මුල් දින තුනේ තරග විස්තර ඉදිරිපත් කල අතර මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ලෝක කුසලානය දිනාගැනීමට හැකියාව ඇත්තේ කාටද යන්න විමසීමක් කිරීමටය. ඒ ඒ කාණ්ඩ බෙදී යන ආකාරය අනුව ඔවුනොවුන්ගේ ශක්තිය සලකා බලමු.


A කාණ්ඩය B කාණ්ඩයCකාණ්ඩය Dකාණ්ඩය
ඕස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාවනවසීලන්තය අයර්ලන්තය
වේල්සය ස්කොට්ලන්තයආර්ජන්ටිනාව ප්‍රංශය
එංගලන්තය සමෝආටොංගා ඉතාලිය
ෆීජි ජපානයනැමීබියාව කැනඩාව
උරුගුවේ ඇ.එ.ජනපදයජෝර්ජියාව රුමේනියාව

A කාණ්ඩය
උරුගුවේ කණ්ඩායම පහසුවෙන් ඉවත් කල හැකිය. ෆීජි පිලද මේ වනවිට දුර්වල ස්ථානයක සිටින නිසා ඔවුන්ද ඉවත් කරමු. එවිට ඉතිරි වන්නේ ඕස්ට්‍රේලියාව එංගලන්තය හා වේල්සයයි. ඔවුන් අතුරින් සුපිරි අටදෙනාගේ වටයට යාමට හැකිවන්නේ කණ්ඩායම් දෙකකට පමණක් නිසා එක් කණ්ඩායමක් ඉවත්විය යුතුය. ඒ කාණ්ඩයේ ප්‍රබලතමයන් ලෙස ඕස්ට්‍රේලියාව අනෙක් කණ්ඩායම් දෙකට වඩා මඳක් ඉදිරියෙන් සිටින බව උපකල්පනය කලහැකිය. යුරෝපයේ පැවැත්වෙන ප්‍රමුඛතම තරගාවලිය වන six Nations තරගාවලියේදී එංගලන්තය දෙවන ස්ථානයටත් වේල්සය තෙවන ස්ථානයටත් පත්වූයේ සම තරග ජයග්‍රහණ සමඟිනි. කෙසේ වුවද එහිදී එංගලන්තය හා වේල්සය අතර තර‍ගයෙන් ජයග්‍රහණය අත්වූයේ එංගලන්තයටයි. කණ්ඩායම් විස්ස අතරින් බරින් වැඩිම ක්‍රීඩකයන්ට හිමි වාර්තාව (pack weight) වේල්සය සතු වන අතර අඩුම වයස් මධ්‍යනය හිමි වන්නේ එංගලන්තයටයි.

B කාණ්ඩය
තරගාවලිය ආරම්භයේදී පහසුවෙන් තම කාණ්ඩයේ පෙරමුණට පැමිණෙතැයි අපේක්ෂා කල දකුණු අප්‍රිකාව, ජපානය හමුවේ ලද පරාජයත් සමඟ, සුපිරි අටදෙනාගේ වටයට යාමට ස්ථාන දෙකක් වෙනුවෙන් කණ්ඩායම් හතරක තරගයක් බලාපොරොත්තු වියහැකි උණුසුම වැඩිම කාණ්ඩය බී කාණ්ඩයයි. ඇමෙරිකා එක්සත් ජනපදය පමණක් පහසුවෙන් ඉවත් කල හැකි වුවත් අනෙක් කණ්ඩායම් හතර ගැන අවසාන මොහොත දක්වාම අනාවැකි පැවසීම අපහසු වනු ඇත.

C කාණ්ඩය
ලෝක ශූර නවසීලන්තය පළමු ස්ථානය දිනාගනු ඇතැයි සිතීම අපහසු නොවන අතර දෙවැනි කණ්ඩායම ආර්ජන්ටිනාව වීමට වැඩි ඉඩකඩක් ඇත. ඒ අනුව නැමීබියාව ටොංගා සහ ජෝර්ජියාව ඉවත් කල හැකිය.

D කාණ්ඩය
කැනඩාව සහ රුමේනියාව පහසුවෙන් ඉවත් කල හැකි අතර ඉතාලිය ගැනද වැඩි විශ්වාසයක් තැබිය නොහැකි බැවින් ප්‍රංශය සහ අයර්ලන්තය සුපිරි වටය සඳහා සුදුසුකම් ලබනු අැත. මෙවර යුරෝපීය ශූරයන් (six Nations) වන අයර්ලන්තය පළමු ස්ථානයට පැමිණීටම වැඩි සම්භාවිතාවක් ඇත.

ඉහත විස්තර අනුව දත්තයන් පෙලගැස්වූ විට පහත සඳහන් නිගමන වලට එළඹිය හැකිය.

(ඉහත සටහන ගිය සතියේ තැබූ අතර මේ සතිය වනවිට තීරණාත්මක තරග කිහිපයක් අවසන් වී අැත. ඒ අනුව එංගලන්තය පරාජය කරමින් වේල්සය ජයගත් අතර ජපානය පරාජය කල ස්කොට්ලන්තය දෙවන ස්ථානය දිනාගන්නා ලකුණු ඇත ඒ අනුව ඉදිරියට.....)


1.A1-[ඕස්ට්‍රේලියාව] හා A2-[වේල්සය]

2.B1 [දකුණු අප්‍රිකාව] හා B2-[ස්කොට්ලන්තය]

3.C1-[නවසීලන්තය] හා C2-[ආර්ජන්ටිනාව]

4.D1-[අයර්ලන්තය] හා D2-[ප්‍රංශය]

සුපිරි අටදෙනාගේ වටයේදී පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට තරග වදින්නේ "අනු පිලිවෙලින්" මේ ආකාරයටය.

B1 හා A2 - අර්ධ අවසන් පූර්ව තරගය 1

C1 හා D2 - අර්ධ අවසන් පූර්ව තරගය 2

D1 හා C2 - අර්ධ අවසන් පූර්ව තරගය 3

A1 හා B2 - අර්ධ අවසන් පූර්ව තරගය 4

වියහැකි වැඩිම සම්භාවිතාවයන් සැලකූ විය ප්‍රතිපල මෙසේය.

B1 හා A2 -දකුණු අප්‍රිකාව වේල්සය ජය: නිශ්චිත නොවේ.

C1 හා D2 -නවසීලන්තය හා ප්‍රංශය ජය: නවසීලන්තය.

D1 හා C2 -අයර්ලන්තය හා ආර්ජන්ටිනාව: නිශ්චිත නොවේ.

A1 හා B2 -ඕස්ට්‍රේලියාව හා ස්කොට්ලන්තය: ජය ඕස්ට්‍රේලියාව.

ඒ අනුව අවසන් පූර්ව තරග (1vs2), (3vs4) ජයග්‍රහණ ---නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව.

අනාවැකිය 01(වැඩි ප්‍රතිශත අනාවැකිය 60%)-අවසන් තරගයේ ඕස්ට්‍රේලියාව පරාජය කරමින් නවසීලන්තය තෙවැනි වරටත් ශූරයන් වනු අැත.

අනාවැකිය 02(සුළු ප්‍රතිශත අනාවැකිය20%)-දකුණු අප්‍රිකාව පරාජය කල වේල්සය, නවසීලන්තය හෝ ප්‍රංශය පරාජය කරමින් අවසන් තරගයට පැමිණ එහිදී ඕස්ට්‍රේලියාව පරාජය කර ශූරයන් වනු ඇත.

26 comments:

  1. D කාණ්ඩයේදී අයර්ලන්තය දෙවෙනි ස්ථානය ලබා ගනීවි. ඊට පස්සේ ක්වාර්ටර් ෆයිනල් එක නවසීලන්තයට පරාද වේවි.

    ReplyDelete
    Replies
    1. එහෙමද! මම හිතන්නෙ අයිර්ෂ් කාරයෝ එකට එයි කියල. ප්‍රංශය එච්චර හොඳ තත්වෙක නෑ නේද? පහුගිය අවුරුදු දෙකේ පිටපිට දෙවරක් 6 නේෂන් දිනුවෙ අයර්ලන්තය.

      Delete
    2. ආජන්ටීනා / අයර්ලන්ත නිශ්චිත නැතිබව ඇත්ත.
      ඒත් මට ඔට්ටුවක් අල්ලන්නම වුනොත් මං අල්ලන්නෙ අයිරිෂ් පැත්තට.

      Delete
    3. මාත් අයිරිෂ්!

      Delete
    4. අයිරිෂ් කාරයෝ 6 නේෂන්ස් දිනුවට වර්ල්ඩ් කප් මැච් එකකදි ප්‍රංශය පරදවල නැහැ. Neutral venue එකකදිත් ප්‍රංශය පරදවල නැහැ. ඒ වගේම අන්තිම මැච් 10 (France vs Irish) ගත්තොත් ප්‍රංශය තරඟ 5ක්,අයිරිෂ් තරඟ 3ක් දිනල (2ක් ඩ්‍රෝ) තියෙනව. ඩ්‍රෝ වුනු මැච් දෙකත් ප්‍රංශය chase කරපු මැච් 2ක්. ඒක නිසා මට හිතෙනව ප්‍රංශය පලවෙනිය වෙයි කියල. හැබැයි මම නම් කැමති නවසීලන්තයට

      Delete
    5. // ඔට්ටුවක් අල්ලන්නම වුනොත් මං අල්ලන්නෙ අයිරිෂ් පැත්තට. //
      මම අයිරිෂ් ඩාක් පැත්තට තමයි කැමති.

      Delete
  2. රාජ් හිතන්නෙ ඔස්ට්‍රේලියාව එන්ගලන්තෙ පරද්දයි කියලද?
    මං ඒතරම් වර්ල්ඩ් කප් එකට කලින් ටීම් කොහොමද කියල ෆලෝකරල නෑ. ඒත් සමහරු කියනව ඔසී ටීම් එක දැන් ඒජින් හොඳ කාලෙ පැනල කියල

    ReplyDelete
    Replies
    1. එහෙම හිතනව!
      වැඩේ තියෙන්නෙ වේල්ස් කාරයො එංගලන්තයට ගැහුව අනපේක්ෂිත විදියට. නමුත් වේල්සය ඔසියන්ට පරදීවි කියල මට හිතෙනව. මොකද ඔසියො හොඳ අත්දැකීම් ඇති ටීම් එකක්.(නවසීලන්තය වගේ). ඕන කරන වෙලාවෙදි ඔවුන් සාර්තකයි. ඒ අනුව මේ තුන් ගොල්ලගෙන් දැනට ගන්න වෙන්නෙ වේල්ස් (දැනටම එංගලන්තයට ගහපු නිසා) හා ඔසී.

      Delete
  3. අපරාදේ නාමල්ලා යෝෂිතලා උන්නා නම් ඕක අපිට ගේන්න තිබ්බා...

    කොහෙද මේ කාළකන්නි........

    ReplyDelete
    Replies
    1. හැක්! දැක්කද අර සිංහල බොදුනුව දාපු පෝස්ට් එක?

      Delete
  4. http://postimg.org/image/gwj1h7u6x/

    ReplyDelete
  5. @ මැච් ටික ෆලෝ කරන්න වෙලාවක් නැති වීම ගැන කණගාටු වෙමින් .. :/

    ReplyDelete
  6. මං නං කැමතියි ඒංගලන්තයට වේල්සය ගැහුවාට....... ඒ විතරක් නෙමෙයි ස්කොට්ලන්තයත් ගහලා අයර්ලන්තයත් ගැහුවානම් තවත් අගෙයි..... උන්ට ඔහොම වෙලා මදි.....

    ReplyDelete
    Replies
    1. :-) මගේ නං ෆේවරිට් අයිරිෂ්ලා. (ඒ 4න්)

      Delete
  7. දිනන්නේ ස්කොට්ලන්තය

    ReplyDelete
  8. දකුණු අප්‍රිකා ක්‍රීඩා විලාශය ගති...කරැුමයට එක තරගයක් පැරදුනා...

    ReplyDelete
    Replies
    1. මට නං එච්චර කොලිටියක් පෙනුනෙ නෑ.

      Delete
  9. මට නම් හිතෙන්නේ නවසීලන්තය මේ පාරත් ශූරයෝ වේවි.. කියන්න බෑ ඉතින්.. බලමුකෝ..

    ReplyDelete
    Replies
    1. මාත් වැඩි බර එයාලට.

      Delete
  10. දිනන්නේ ඔස්ට්‍රේලියාව...:P

    ReplyDelete
    Replies
    1. අර රසික සූරියාරච්චි ලඟදිත් ඇහුව පොඩ්ඩි මොන රටේද කියල. දැක්ක නේද ඉන්න තැන කිව්ව හැටි!

      Delete
  11. අපේ බොස් එක්ක එයාගේ මිසිස් එක්ක UK යනවා ක්වාර්ටර් ෆයිනල් බලන්ට.

    ReplyDelete