Friday, November 13, 2015

සතියේ ජෝක්











අයියා:
මලයන්ඩියේ නුඹ වෙන්වී ගිය දවසේ
ගිනි ඇවිලුනා කැණිමලට අපෙ නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
ආ එක මදෑ මගෙ වැඩේට අද දවසේ

මල්ලී:
‍කටු ලෙවකෑව ඇති අයියේ මෙහෙ එන්න
පරම්පරාවටම පුළුවනි සැප ගන්න
දියවන්නා රස මසවුළු වළඳන්න
සාටකයේ එල්ලෙමු අපි ගොඩ යන්න

දෙදෙනාම:
අපි සංතෝසෙන් ඉන්නේ
දුක සෝකය නෑ දන්නේ
අයියා මල්ලී වාගේ අයියා මල්ලි......

*******************************

හතර හිනා








රතු අයියලා:
කොහොමද අපෙ බලේ
මාරපනය කැලේ
අපිත් එක්ක බෑ සෙල්ලං
දෙනවා වෙන්නට සල්ලං

නිල් (සාටක)අයියලා:
ඕක තමයි අපි කිව්වේ
වරදක් වී නැත කිව්වේ
මාරපනත් කිව්වා නං
වරදක් වී ලා නෑ බං

කොල අයියලා:
වැරදි කලොත් යන්නම වෙයි
යහපාලනෙ මේක තමයි
ඉතිහාසේ කවදාවත්
සිදුවුනාද මෙහෙම දෙයක්

රාජ්:
මාර පනය ගියා
අපිටත් හරි හිනා
පොඩි පොඩි ආතල්
අපායෙ ඉන්ටවල්

24 comments:

  1. මට අනුර කෝල් දිදි කරදර කරනවා බං උඹ ලියන ඒවට ඉක්මනට ගොහින් කමෙන්ට් කරහං කියලා.. හැක්

    ReplyDelete
  2. සොබිත හිමිට වගේ මගේ මලගමටත් ජනගඟක් ගලාගනිමට මට ඇති එකම පිහිට නුඹයි සහෝ මට වෙන එල්ලෙන්න කෙනෙක් නැතෝ මගේ මලගම් කටයුතු නුඹට බාරයි.[උඩපින්තුරයට]

    ReplyDelete
  3. යූ එන් ට එන්න කියමු. අපේ රට බලන්න කියමු. බලාල ඉගෙන ගන්ට කියමූ අපී...

    ReplyDelete
  4. සෝමවංශ වීරවංශ එකතුව... හොඳයි.

    හැබැයි වීරවංශ පරිස්සම් විය යුතුයි...

    මොකද කියලා කිව්වොත්.. සෝමවංශ ඇත්තටම එළියට එනවනං ජවිපෙන් එළියට එන්න තිබුනේ දැන් නෙවෙයි... එදා වීරවංශ එළියට බැහැපු වෙලාවෙමයි. ඒත් එදා වීරවංශ තනියම සටන කරද්දි අකුලාගෙන බලාගෙන හිටපු සෝමවංශ එදා වගේ පැහැදිලි හේතු කියන්න පුළුවන් වෙලාවක් නොවන අවස්තාවක එළියට බැහැලා.. ඒ එලියට බැහැපු එකට දුන්න හේතු.. ඇත්තටම හේතු නොවන හින්දා... (මොකක්ද මංදා ජනවාරි නව වැනිදා කුමණ්ත්‍රණයක් ගැන දෙඩෙව්වා... මෛත්‍රීපාල අනතුරේ කිව්වා.. යකෝ රටේ දශක ගානක යුද්ධයක් නිමාවෙන්න ඔන්න මෙන්න තියා ආණ්ඩුව පෙරලන්න හදන කුමණ්ත්‍රණයට වඩා මේ ලොවෙත් නැති කුමණ්ත්‍රණය මොන ලබ්බක්ද..? )

    සෝමවංශ එදා එලියට නෑවිත් දැන් මේ වෙලාවේ එළියට ආවේ ඇයි කියන එකත්.. ඒ ඇවිත් ඒකට දුන්න හේතුත් සෑහෙන ගැටළු සහගතයි. පැහැදිලිම කාරණය තමා මෙතන සෝමවංශ නොකියන කතාවක් තියෙනවා කියන එක...

    සැබෑ ලෙසම පක්ෂය තුල ප්‍රශ්න දරාගන්න බැරිව එලියට ආවනං.. පක්ෂය තුල සිදුවන අකටයුතුකම්.. කුමණ්ත්‍රණ ඔහු වගකිව යුතු පුද්ගලයකු ලෙසින් රටට හෙළිකල යුතුයි. එහෙත් වැල් වටාරං ගහනවා මිසක් ඔහු තාමත් කෙලින් මේ ගැන කතා කරලා නැහැ...

    ඉතිං මගේනං අදහස ඔහු එළියට ආවෙත් අනුරකුමාරලගේම දීර්ඝකාලීන ප්ලෑනක් ක්‍රියාත්මක කිරීම පිණිසයි කියන එක... මොකද ඔහු එළියට එන විට ජවිපේ හොම්බෙන් ගිහින් අවසානයි. වීරවංශ කොටසක් කඩාගෙන ගිහිල්ලා ජවිපෙට වඩා ශක්තිමත් තැනකට ආවා... කුමාර් ගුණරත්නම් කල්ලිය ආයෙමත් කොටසක් කඩාගෙන එළියට ගියා.. ඒ සමඟින්ම පක්ෂයේ යාන්ත්‍රණය සහමුලින්ම බිඳ වැටුනා.. ශිෂ්‍ය ව්‍යාපාරය ඔවුන්ට නැත්තටම නැති උනා... පක්ෂය තුල හිටිය දක්ෂතම සංවිධායකයින් ඔවුන්ට අහිමි උනා.. අවසානයේ ඉතිරි වෙලා හිටියේ කොන්ත්‍රාත් කාරයෝ කියන ලේබලය ඇලවුන කිහිප දෙනෙක් පමණයි.

    ReplyDelete
  5. එහෙම හාන්සි උන පක්ෂය නැවත නගා සිටවීමත්.. පක්ෂයෙන් එළියට ගිය අයට කෙලවීමත් (මේක විශේෂයි.. තමන්ට වඩා වීරවංශ /ගුණරත්නම්.. බලවත් වීම කිසිසේත්ම අනුරටයි හෙංචයියන්ටයි දරා ගන්න බැහැ) අනුරකුමාර ඇතුළු නඩයට උවමනාම කාරණයක් බව කියන්න අමුතුවෙන් ඕන නැහැ... කුමාර්ට කෙලවීම සදහා වතාවකුත් ඔහු පාවා දුන් බව මේ වන විට ගෝඨාභය හෙළි කරලා අවසානයි... ( ඒත් ඒ වතාවේදී ගෝඨා සමඟ ඩීල් එකක් දමා ගැනීමෙන් පසුව කුමාර් නිදහස් උනා කියලයි කියන්නේ) දැන් නැවත වතාවක් කුමාර්ව පාවා දීලා තියෙන්නෙත් ඒ උවමනාවම මතමයි කියන එකත් මිනිස්සුන්ට රහසක් නෙවෙයි... එක පැත්තකට එහෙම කෙලින ගමන් අනිත් පැත්තෙන් කෙලින්න ඕන අනුර නඩේ ප්‍රධානම හතුරා වෙන්නේ වීරවංශ... ඒත් මොන සෙල්ලම දැම්මත් විමල්ට අත තියන්න ලේසි නැහැ කියන දේ අනුර දන්නවා... ඒ නිසා වීරවංශට ගේම ගහන්න වඩාත් උපක්‍රමශීලී ක්‍රමයක් අනුගමනය කල යුතු වෙනවා... ඒ සඳහා වීරවංශ සමීපයට යවන්න පුළුවන් සුදුසුම කෙනා සෝමවංශ බව අමුතුවෙන් කියන්න ඕන නැහැ...

    සෝමවංශගේ ඉතිහාස කතාවත් ඒ හැටිම හොඳ මදි... ජවිපේ නායකයින් සමූල ඝාතනය වෙද්දී ඔහු පමණක් අද්භූත ලෙසින් ආරක්ෂා වීම.. සිරිසේන කුරේට ඇති ඥාති සම්බන්ධතාවය... විජේවීර පාවාදීම සම්බන්ධව ඇති චෝදනාව... රෝ ඔත්තු සේවයේ සහයෙන් ඉන්දියාවේ ආරක්ෂාවීම... පක්ෂය ආරක්ෂා කරගන්නනම් එදා වීරවංශ ගත් මග ගැනීම කල යුතුව තිබුනත් එසේ නොකර පක්ෂය විනාශකාරීන්ට උවමනා අතට ගෙනයාම... මේ වගේ බොහෝම සැක සහිත පුද්ගලයෙකුට තවත් වතාවක් ගේමක් ගහන්න බැරි කමක් නැහැ... පක්ෂයෙන් එළියට පැමිණිමේන් පසු සැබෑ හේතුවක් නොදී වෙන වෙන වැල් බයිලා ගැසීම තුලින් මේ සැකය වඩාත් තහවුරු වෙනවා.. එක එල්ලේම වීරවංශට කිට්ටු වෙන්න ගියානං ඒකත් සැකයට භාජනය වන නිසා ටිකක් කල් මරලා කල් මරලා.. අවසානයේදී විමල්ට එකතු වෙන එක තමා වඩාත් නිවැරදි ක්‍රමය. දැන් ඒ ක්‍රමයටම ඔහු වීරවංශ සමීපයට එනකල් ගමන නිවැරදිව ඇවිත් තියෙනවා...

    ඔහු පැමීන තිබෙන්නේ එසේ වූ ගමනක් නම්.. මෙතැන් පටන් තියෙන්නේ තව තවත් තදින් වීරවංශගේ අරටුවට නියපොතු කා වැද්දීමයි... එය ක්‍රමක්‍රමයෙන් කර ගතහොත් එයින් පසුව වීරවංශ විනාස කිරීමේ වැඩසටහන ඉතාමත් හොඳින් කිරීම් හැකියාව සෝමවංශට තිබෙනවා.

    එහෙත් කුකුල් බෙට්ටත් බෙහෙතට උවමනා වෙන තියරිය මත.. වීරවංශ එක එල්ලේම සෝමවංශගෙන් ඉවත් විය යුතුයයි අප කියන්නේ නැහැ... වීරවංශ දැනගෙන සිටිය යුතුයි සෝමවංශ සමඟ ගනුදෙනු කරනා ආකාරය. ඔහුට දිය යුතු දේ.. නොදිය යුතු දේ.. ඔහුට කිව යුතු දේ.. නොකිව යුතු දේ... ඔහුට සම්බන්ධ කල යුතු දේ.. සම්බන්ධ නොකල යුතු දේ...සෝමවංශටත් අකටයුත්තක් නොවන පරිදි.. ඔහුටත් ඔහුගේම පාරක් කපාගෙන යාමට උදව් කරනා අතරේ..(ඒ මාවත වැටිය යුත්තේ ජවිපේ උඩිව් මිස.. වීරවංශ උඩින් නොවිය යුතුය) කිසිසේත්ම තමාගේ පාර ඔහුට ලියා නොදී සමාන්තර මාවත් ඔස්සේ දෙන්නාට දෙන්නා පෙනි පෙනී එකට ගමන යෑම වඩාත් නුවණැති ක්‍රියාව වනු ඇත. මේ දේවල් නිසි ලෙසින් දැන.. සෝමවංශව මනාව කළමනාකරණය කරගතහොත් සෝමවංශ කියන්නේ කුමණ්ත්‍රණ කරුවෙක් වූවත්.. ඔහුගෙන් වැඩ ගැනීමට වීරවංශට හැකි වෙනු ඇත. සෝමවංශ සද්භාවයෙන් වැඩ කරන අයකුනම්... ඔහුටද අසාධාරණයක් නොවනු ඇත.

    ආන්න එහෙම උනොත්....
    වීරවංශ සෝමවංශ එකතුව හොඳයි...

    කොටින්ම කිව්වොත් වීරවංශ සෝමවංශගෙන් පරිස්සම් විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. වීරවංශ සෝමවංශ දිගය නම් වැඩි කල් තියෙන එකක් නැහැ.ඊගවා පළාත් පාළන මැතිවරණයෙන් පස්සේ ඔය දිගේ නිකම්ම කටු ගැවිලා යාවි.

      Delete
    2. ඉතාම හොඳ විග්‍රහයක්. ඇත්තටම සෝමවංශගෙ අද්භූත ගැලවීම සහ ඔය කියන ඥාති සම්බන්ධකම් මටත් අවුල් . බිම් මට්ටමේ ජේවීපී අය දන්නෙ නැති උනාට රෝ බලපෑම ජේවීපී යට මුල ඉදන්ම තිබුන. කුමාර් ල ඉන්දියන් ට්‍රක් එක පිපිරෙව්වට පස්සෙ මේ බලපෑම දැඩි වුනා. ඇත්තෙන්ම ඉන්දියන් විරෝධී ප්‍රහාර නවත්වන ලෙස කුමාර්ට උපදෙස් ලැබුනලු.

      සෝමවංශ එලියට ආවෙ දේශපාලන වවුල් හපයක් වුනාට පස්සෙ. එදා ජවිපෙට නැතිවම බැරි සම්පතක් වුන සෝමවංශ (පන බේරාගත් අය සහ පැරනි ජවිපෙ අතර ට පාලමක් ලෙස ) අද දේශපාලන වවුල් හපයක්.

      Delete
    3. අඩේ මේ කතාව ෆිල්ම් වල FBI , CIA ගේම් වගේනෙ බන්... හබැයි කතාව තර්කානුකූලයි... ස්තුතියි අමුතුවෙන් හිතන්න පෙලඹෙව්වට... ඔන්න ඇනෝලගෙ වටිනාකම...

      Delete
  6. ඉන්ටවල් ඉවරයි............... ඔලුවෙන් හිටගනිල්ලා..............

    ReplyDelete
  7. මනෝ :

    යහපාලනය මාරයි
    දෛවය කුරිරුයි
    මහින්ද හමාරයි
    මෛත්‍රි වේවායි ..

    ReplyDelete
  8. ආතල් කෝටීයයි

    පිච්චු නැහ්නන් සෝක් අනේ...

    ReplyDelete
  9. පිස්සු පීකුදු වෙනව. දැන් මොකා මොන පක්ෂේද කියල හොයාගන්න බෑ...නියම නිර්මාණයක්.. ජය..

    ReplyDelete
  10. උඩම පිංතූරය

    අපි සන්තොෂෙන් ඉන්නේ
    දුක ශෝකය නැ දන්නේ
    අයියා මල්ලි වාගේ අයියා මල්ලී......

    ReplyDelete
  11. ම න රම්

    ජ ය වේ වා !!!

    ReplyDelete
  12. තරහ අය යාළු වෙනවා
    යාළු අය තරහ වෙනවා
    අපිත් ඉතින් බලන් ඉන්නවා..

    ReplyDelete
  13. අතුරු මිතුරු වැඩ පෙන්වන මේ කාලේ
    අනාගෙන පෙනෙයි පාලන සම්බෝලේ

    ReplyDelete
  14. මට නම් කවුරු මොනව කරල මොකකින් මොකක් වෙයිද කියල හිතාගන්න බෑ.

    ReplyDelete
  15. අලුත් එක්වීමක්. ටික කලකින් තවත් වෙන්වීමක්.

    ReplyDelete
  16. මේකර අර හිච්චි පුචා
    සාගල ගොය්ය ගැන පදයක් නැති එක ගැන නං අස්පට් ඈ
    හැක්

    ReplyDelete
  17. වංශ දෙන්නා ගේ එකතුවෙන් මොලෝ දෙයක් වෙන්නේ නෑ!

    ReplyDelete
  18. සෝමවන්ස ආයිත් කරලියට පැමිණෙනවානම් මං කැමතියි.

    මං හරි ආසම කථිකයන් දෙදෙනා සෝමවංස හා මුතුහෙට්ටිගම

    ReplyDelete
    Replies
    1. මමත් ඒ දෙන්නටම හරිම ආසයි.

      Delete