Wednesday, March 23, 2016

කාන්සියට චූටි කතා.

තර්ඩ් අම්පයර්.

පහුගිය දවසක ග්‍රව්න්ඩ් එකක් අයිනෙ ඉන්න වෙලාවක පොඩි එවුන්ගෙ ක්‍රිකට් මැච් එකක් බලං හිටිය. අවුරුදු දොලහක් නැත්තං පහලවක් වගේ වයස හාදයො ටිකක් තමයි එතන හිටියෙ. හයේ-හතරෙ-අවුට් අස්සෙ එකසැරයක් යටිගිරියෙන් කෑගහනව ඇහුන. බැලින්නං කීපර් ඇතුළු ෆීල්ඩ් එකේ එවුන් ප්‍රබල ඉල්ලීමක් කරනව. ඔන්න මාව හොල්මංද පොල්කොල කරමින්, මිඩ් විකට් පැත්ත බලාගෙන, අම්පයර් අත්දෙක උස්සල කොටුව ඇඳල තීරණය දුන්න තර්ඩ් අම්පයර්ට. මොහොතකට, මට හිතුනෙ සීන්එක විහිළුවක් කියල. නමුත් ඒක විහිළුවක් නෙවේ. කට්ටියම මිඩ්විකට් හිටිය කොලුව ලඟට ගිහිල්ල එයා අතේ තිබුන ස්මාට් ෆෝන් එකට එබුන. විනාඩියක් විතර ගියාට පස්සෙ "ස්මාට් අම්පයර්ගෙ" තීරණය අනුව පිතිකරුවාට තව අවස්ථාවක් ලැබුන. වලි නෑ, වැඩිය කතා නෑ, ස්මාට් තීරණයට හැමෝම ගරුකලා.

බවුන්රියෙ හිටපු පොඩිඑකාගෙන් දැනගත්ත විස්තරය අනුව අවුට් වෙච්ච කෙනෙක් හෝ ඉදිරියෙ බැට් කරන්න ඉන්න කෙනෙක් ‍මිඩ්විකට් ඉඳගෙන මැච්එක වීඩියෝ කරනව. රනවුට් එකකදි තීරණය දෙන්නෙ එහෙමයි. මේ කතන්දරේ ආයෙත් මතකත්වුනේ කොදෙව්වන් එක්ක තිබුන තරගයෙදි විනිසුරු තීරණ මතභේදයකට ලක්වීම නිසා. මට හිතෙන හැටියට නීතිවල මොනව තිබුනත් ක්‍රිකට් තරගයක සියල්ල සිදුවෙන්න ඕන "උපරිම අයුරින් සාධාරණය ඉටුවන විදියට". එහෙම බැලුවම ඒ පොඩි එවුන් අයිසීසී එකට වැඩිය ග්‍රේට්.

සැලකිල්ල.

මේක නෝන කියපු කතාවක්.
පහුගිය දවසක කාන්තාවක් අධික රුධිර වහනය නිසා ඉස්පිරිගාලෙට ගෙනල්ල. මේ මනුස්සය ඊට දවස් තුනකට කලින් සිසේරියන් කරල ගිය අම්ම කෙනෙක්. ලේ වහනය වෙලා තියෙන්නෙ කොතනින්ද කියල කියන්න ඕන නෑනෙ. විශ්වාස කරන්න පුළුවන්ද ලේ වහනයට හේතුව? දවස් තුනෙන් ස්වාමි පුරුෂයට "සලකල"! රෝගියාගෙ තත්වය අමාරු බවත් සෑහෙන්න ලේ දුන්න බවත් කිව්ව. රෝහල් කාර්යමණ්ඩලයේ නොමසුරු බැනුම්වලට ලක්වුන බවත් කිව්ව. ඒක අසාධාරණත් නෑ. හිතාගන්න පුළුවන්නේ මේවගේ කෙනෙකුට අහන්න ලැබෙන මිහිරි වදන් මොනවද කියල. බොහෝ දෙනෙක් කියයි මේ ගෑනිට තියන විසේට ආයෙත් එහෙම කරගත්ත කියල. නමුත් කවුද දන්නෙ, බීල ආපු මිනිහ ගෑනි දූෂණය කලාද? ගෑනි ඉන්න තත්වය තේරුම්ගන්න බැරි මිනිහෙක් මාස ගානක "අමාරුව" පිටකරනකල් ඒ මනුස්සය ඉවසුවද? කොමොඩ් එකේ මුත්‍රා හැලීමට වැඩිය සීරියස් ප්‍රශ්න මේව.

කාශ්‍යප මෙතඩ්.

අපේ පොඩිමෑන් කියන්නෙ වෙලාවකට මලපනින හාදයෙක්. බොහොම දරුණු වචන ටිකකුත් කොහෙන් හෝ ඉගනගෙන තියනව. මම හරි නෝන හරි එක්ක තරහ වුනාම කියන්නෙ "මම ඔයා මරණව", "ඔයා පිහියෙන් කපල දානව", "ඔයා නැතිකරනව", "ඔයා බල්ලට කන්න දෙනව" වගේ තර්ජන. ලඟදි දවසක අලුත් "දඬුවම් ක්‍රමයක්" ඉගනගෙන,

"ඔයා බිත්තියට තියල කොංක්‍රීට් දානව"

මට තග දැම්මෙ එහෙමයි.

40 comments:

  1. "ඔයා බිත්තියට තියල කොංක්‍රීට් දානව" :D

    ReplyDelete
  2. 'සැලකිල්ල.

    මේක නෝන කියපු කතාවක්.... '


    ඒ කතන්දරේ ඉන්න ගෑනු කෙනා නං අච්චර අමාරුව තියාගෙනත් මහත්තයට සැලකුවා. ඒ උනාට රාජගේ නෝනා රාජ්ට සලකන්නේ කොහොමද? මොකද නෝනා රෑ වැඩ. රාජ් දවල්ට වැඩ. හැබැට රාජ් ලිංගික ජිවිතයේදී සතුටු වෙන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඇයි තොපේ අම්මා තොට කිව්වේ නැද්ද රාජ් මහත්තයා හොඳා.......යි කියලා?

      Delete
    2. රජාගේ පුතා නං කිව්වලු ආයේ රාජායි, නෝනායි සලකනවා දැක්කොත් රජාගේ අහවල් එකට කොන්ක්‍රීට් දානවා කියලා.

      රජා ඔ මංගලියා.

      අහස් යන්තරේ ගේ පැල පසුකරන් ගියා. පුංචිඋන් අඩයි රජා බැස්සේ නෑ කියා.
      හැබැට ඇයි රජා අහකබලන් ගියේ.

      Delete
    3. උඹලගේ අම්මා කාර්බලික් සබන් දාලා හෝදගෙන බලාගෙන ඉන්න නිසා.

      Delete
    4. රාජා අහක බලං යෑම සම්බන්ධව අපගේ බරපතල අමනාපය මෙයින් දක්වා සිටිමු.

      Delete
  3. ඕකත් එක්කං වරෙන්කෝ 26 ට..... කතා ටිකක් අහගන්න..... හැක්

    ReplyDelete
  4. පොඩිමෑන් ලොකු වෙච්ච ගමන් ලංකාවේ හමුදාවට/ පොලිසියට බඳවපන් සුදුසු කම් දැම්මම පෙන්වනවා

    ReplyDelete
  5. පුතා කාශ්‍යප කුමාරයා ධාතුසේන රජ්ජුරුවන්ව හිටුවා පස් ගැහීමේ කතාව මොඩිෆයි කරලා වගේ.

    ReplyDelete
  6. පළවෙනි කතාවෙ ඉන්න පොඩි උං ටිකනං අපේ ගොඩක් එවුවන්ට වැඩිය වැදගත් වැඩකට ස්මාට් පෝං එක යූස් කරල තියෙනව.

    රාජ්ගෙ පොඩි එකා කරල තියෙන්නෙ ධාතුසේන ස්ටෝරි එක රීමේක් කරපු එකක්. සිංදු රීමේක් කරන එකේ ඔය රජ ස්ටෝරිත් එහෙම නොකර ඉන්න හේතුවක් නෑනෙ.

    ReplyDelete
  7. කතා තුනම උඩින් උඩින් කියෙව්වේ.. :) නෝනා මහත්තයට සලකන විදිය ස්මාර්ට් ෆෝන් එකෙන් වීඩියෝ කරලා අහු උනොත් බිත්තියට තියලා කොන්ක්‍රීට් ගහනවා ලු නේ.. අම්මෝ..

    ReplyDelete
  8. ස්මාට් වැඩ නියමයිනේ.දැන් මේ තරගාවලියේ විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය භාවිතා කරන්න ඉඩක් නැත්තේ ඉන්දියාව මේකට කැමති නැති නිසා නේද ?අර එකෙක් කියලා තිබ්බේ ICC කියන්නේ indian cricket council කියන එකයි කියලා හිටං.

    කොංක්‍රීට් කෑල්ල පොඩි එකා කොහෙන් හොයා ගත්තු එකක්ද බං ?:D

    ReplyDelete
  9. දැං ඉන්න ඉංදියන් කාරයින්ගෙ ඇටිටියුඩ් එක හොඳටම ක්‍රිකට් වලින් ලෝකෙටම පෙන්නනවනෙ.. ආයෙ මොනව කතා කරන්නද ඒ ගැන.පොඩි එකා වැඩිපුර ටීවී වත් බලනවාද?
    ජයවේවා..!!

    ReplyDelete
  10. ස්මාර්ට් පොඩ්ඩො දෙන්නෙක්. හෙහ්. දෙගොල්ලම මොඩර්නේට් වෙලා.
    අයි සී සී යට වඩා හොදයි අනික් එක කොන්ක්‍රීට් දැම්මම කතන්දර අඩුයි හිහි

    මැද කතාව ගැන නං මොනව කියන්නද මංද

    ReplyDelete
  11. අර තර්ඩ් අම්පයර් කතාව නම් මාරයි බං. අන්න එහෙමනේ වෙන්න ඕනෙ.

    රාජ්. අන්තිම කතාව ගැන නම් උඹ ඔයිට වඩා සැලකිලිමත් වෙන්න ඕනෙ. උඹ පොඩි එකා එක්ක ඔය ගැන කතා කරපං බං. කොල්ලට වයස කීයද? ඕක කතා කරලා විසඳගන්න පුලුවන්. කියාපං අපි ඒ වගේ වචන පාවිච්චි නොකරන බව. එහෙම කලාම සමාජය අපි ගැන හිතන දේ ගැන. අපිට වෙන අවාසි ගැන. ඔය වගේ විස්තර කිව්වාම ඕක හරියනවා. කොයිවෙලාවකවත් ඔයවගේ දේ ධෛර්යමත් කරන්න එපා. කොල්ලව අවුස්සලා ඕක කියවලා ආතල් ගන්න උඹේ යාලුවන්ට හිතවතුන්ට ඉඩ දෙන්නත් එපා.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒක හරි. අපේ තුනේ පන්තියෙ ඉන්න ලොක්කත් දවසක් එයාගෙ මල්ලිව පෙන්නල කියන, අම්මෙ මූ හොර ගෙඩිය වගේ මගේ පොතේ ලියලනෙ කියල.

      වහාම අපි පොඩ්ඩට තේරුම් කරල දුන්න වගේම ඉන් පස්සෙ අපිත් කවදාවත් ආදරේට පොඩි අයට "මූට දෙන්න ඕන දෙකක්" වගේ කතා නොකිය ඉන්න වගබලා ගත්ත.

      Delete
  12. //ඔයා බිත්තියට තියල කොංක්‍රීට් දානව"//
    මේකනම් ගොඩක් දරුණුයි..

    ReplyDelete
  13. ක්‍රිකට් ගහපු උන් නම් පට්ට...

    ReplyDelete
  14. රාජ්
    පුතා ගේ කතා නම් සිනාවට කාරණයක් නොවෙයි නේද? කෙහෙන්ද ඔය කෑලි අල්ලාගෙන තියෙන්නේ?

    අර ගිරා පැටවු දෙන්නා ගේ කතාවේ වගේද?

    ReplyDelete
    Replies
    1. කකාට ඉන්නේ දුවලා දෙන්නෙක්නේ. ඒ නිසා කොල්ලොන් ගැන දන්නේ නෑ.

      Delete
  15. තව පරම්පරා දෙකතුනක් යනකොට ලෝකෙ අමුතුම තැනක් වේවි.

    ReplyDelete
  16. රාජ් මහත්තයා ආයෙත් ලියන්න අරන් නේද?
    ඒක නම් සතුටක්.
    පුතංඩියාගේ කතාව නම් පොඩ්ඩක් වගේ භයානකයි නේද? ස්කෝලේ යනවා නම් හෙම වටේ පිටෙන් ඇහෙන ඒවා වෙන්න ඇති. ඒත් දැන්මම කොන්ට්‍රෝල් වෙනවා නම් හොඳයි නේ.

    ReplyDelete
    Replies
    1. මහත්තයා කියන්න ඕනි නෑ බුරු පුතේ රාජාට. දැලි රාජා කිව්වා නං ඇති.

      Delete
    2. දැලිරාජා කියන්නෙ ඇයි? නොදන්න කමට ඇහුවෙ.

      Delete
    3. රාජා කට්ට කලුයි නේ. ඒකයි දැලි රාජා කියන්නේ. කොටින්ම කිව්වොත් රජාගේ සුදු කොන්ඩේ විතරයි. දත් ටිකත් කලුවෙලා ගොලිප් මැලියම් වලට.

      Delete
  17. පලවෙනි කතාව අනුව හිතාගන්න පුළුවන් අලුත් පරපුර කොයිතරම් වේගයෙන් නවීන තාක්‍ෂණය සමග අනුගත වෙනවද කියන එක. එහි වරදක් නැහැ. නමුත් ඊට සමගාමීව මානුෂිකත්වයත් වර්ධනය වියයුතුයි.

    දෙවැනි කතාවනම් හුදෙක්ම නූගත්කමේ ප්‍රතිඵලයක්. අපේ පවුල් සෞඛ්‍ය අධ්‍යාපනය තවමත් යල් පැන ගිය එකක්.

    තුන්වැනි කතාව නම් අර ගිරාපෝතක වස්තුවම තමයි. හැදෙන වැඩෙන පරිසරයෙන් තමා අපි සියල්ල උකහාගන්නේ. ගෙදර පරිසරය යහපත් කරගැනීම පළමුවෙන් කලයුතුයි. මා හිතන්නේ නැහැ මේ දරුවා ඔබෙන් හෝ බිරිඳගෙන් මේ වචන ඉගෙනගත්තා කියා. ටිකක් හොයාබලා පිලියමක් යොදන්න උත්සාහ කරන්න.

    ReplyDelete
    Replies
    1. එතකොට උතුරේ දෙමලු මරද්දී මානුෂිකතත්වය වර්ධනය උනාද මහත්තයෝ?

      Delete
    2. නෑ උඹලගේ අම්මගේ පුකේ හිල ලොකු කළා

      Delete
  18. මෙ කකුලුවා හරහට යනගමන් දකින දකින එකාට කෙලින් යන්න ටිකක් හොයාබලා පිලියමක් යොදන්න උත්සාහ කරන්න.කියලා උපදෙස් දෙනවා

    ReplyDelete
    Replies
    1. කෙලින් අරින්න බෑ මචෝ උඹලගේ අම්මගේ පුකේ හිල ඇදයි එක එකා ඇරලා

      Delete
  19. පළවෙනි කතාව කියවලා යන්තම් හිනා ගියා. කාලේ වෙනස් තාලේ අලුත් කියල හිතුනා.
    දෙවැනි කතාව කියෙවුවම නොදකින් මේ පිරිමි කියල හිතුනා.
    තුන්වෙනි කතාව කියෙවුවම බය හිතුනා. රාජ් මහත්තයෝ ඕව සෙල්ලං කතා නෙමේ.

    ReplyDelete
  20. ඉස්පිරිගාලෙට?

    ReplyDelete
  21. "රෝහල් කාර්යමණ්ඩලයේ නොමසුරු බැනුම්වලට ලක්වුන බවත් "

    සක්කිලි නෙ

    ReplyDelete
  22. අපේ එවුන්ට ගන්න තියෙන්නේ අයිසීසී එකට අම්පයර් වලට. ඔක්කොටම වඩා හොදට කරාවි.

    සැලකිල්ල ගැන කළකිරීමක් ඇති වුනේ.

    පොඩිමෑන් සීගිරියකුත් හදන්න ප්ලේස් එකක් වෙන් කරන්නද දන්නේ නෑ ඉන්නේ.

    ReplyDelete
  23. අපිට මතක් වුනේ නෑනේ මූව බිත්තියට තියල කොංක්‍රීට් දාන්න.

    ReplyDelete
  24. උබෙ මේ ෂෝට් ඇන් සූවිට් කතා තමා මං මනාපම..

    කොන්ක්‍රිට් දාන්න හිතෙනවා බිත්තියකට තියලා!!

    ReplyDelete
  25. මචං. උඹ Walled in ෆිල්ම් එක බැලුවද පුතත් එක්ක?

    ReplyDelete
  26. https://en.wikipedia.org/wiki/Cement_shoes

    ReplyDelete