Thursday, April 28, 2016

වසන්තයා II, ඕන ප්‍රශ්නයක් අහන්න, හැබැයි..........


මගෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න.. උත්තර දෙනව. හැබැයි එක්කෙනෙකුට අහන්න පුළුවන් එක ප්‍රශ්නයයි...
(copy this status and post on your wall. Will see what your friends actually wants to know about you)

බුකිය පුරාම වයිරල් වෙන මේ කේස්එක නිසා මාත් තීරණය කලා ප්‍රශ්න ටිකක් අහන්න. ඉස්සෙල්ලම ගියේ වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහත්තයගෙ පිටුවට.

"මගෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න, උත්තර දෙනව. හැබැයි එක්කෙනෙකුට අහන්න පුළුවන් එක ප්‍රශ්නයයි, ඒ වගේම ගුලි කන්ටේනරය ගැන අහන්නත් බෑ"

ඒක දැක්ක විතරයි මම වැඩේ අල්ලල දැම්ම. ඊලඟට ගියේ විමල් විරවංස මහත්තයගෙ බුකි පිටුවට.

"මගෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න, උත්තර දෙනව. හැබැයි එක්කෙනෙකුට අහන්න පුළුවන් එක ප්‍රශ්නයයි, ඒ වගේම මගේ පාස්පෝට් එක ගැන අහන්නත් බෑ"

ඉතිං කොහොමෙයි දං වළඳන්නෙ. ඊලඟට ගියා අපේ උදය ගම්මන්පිල මහත්තයගෙ පිටුවට,

"මගෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න, උත්තර දෙනව. හැබැයි එක්කෙනෙකුට අහන්න පුළුවන් එක ප්‍රශ්නයයි, ඒ වගේම පිවිතුරු හෙළ උරුමයෙ කීදෙනෙක් ඉන්නවද කියල අහන්නත් බෑ"

ඒ ගමන එතනින් ගියා දහම් පුතාගෙ පිටුවට,

"මගෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න, උත්තර දෙනව. හැබැයි එක්කෙනෙකුට අහන්න පුළුවන් එක ප්‍රශ්නයයි, ඒ වගේම කී සැරයක් තාත්ත එක්ක රටගියාද කියල අහන්නත් බෑ"

ඕන ප්‍රශ්නයක් අහන්න කිව්වට දැං බැලුවම උත්තරයක් ගන්න එකෙක් නෑ. ඒ ගමන ගියා අපේ අගමැතිතුමාගෙ පිටුවට,

"මගෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න, උත්තර දෙනව. හැබැයි එක්කෙනෙකුට අහන්න පුළුවන් එක ප්‍රශ්නයයි, ඒ වගේම කාර් ගැනයි ෆොක්ස්වැගන් ගැනයි බැඳුම්කර ගැනයි අහන්නත් බෑ"

ඒ ගමන ගියා නාමල් තරුණ මන්ත්‍රීතුමාගෙ පිටුවට,

"මගෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න, උත්තර දෙනව. හැබැයි එක්කෙනෙකුට අහන්න පුළුවන් එක ප්‍රශ්නයයි, ඒ වගේම තාත්තට වෙච්ච දේ ගැන මගෙන් අහන්නත් බෑ"

ජෝන් අමරතුංග මහත්තයගෙ පිටුවෙ තිබුනෙ මෙහෙමයි,

"මගෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න, උත්තර දෙනව. හැබැයි එක්කෙනෙකුට අහන්න පුළුවන් එක ප්‍රශ්නයයි, ඒ වගේම වත්තල මංතීරුව ගැන අහන්නත් බෑ"

මනූෂ නානායක්කාර මන්ත්‍රීතුමාගෙ පිටුවෙ මෙහෙම තියනව,

"මගෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න, උත්තර දෙනව. හැබැයි එක්කෙනෙකුට අහන්න පුළුවන් එක ප්‍රශ්නයයි, ඒ වගේම මහින්ද සමඟ නැඟිටීම ගැන අහන්නත් බෑ"

බැරිම තැන ගියා මහින්ද මහත්තයගෙ බුකි පිටුවට,

"මගෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න, උත්තර දෙනව. හැබැයි එක්කෙනෙකුට අහන්න පුළුවන් එක ප්‍රශ්නයයි, ඒ වගේම මං කැමති ප්‍රශ්න විතරයි අහන්න පුළුවන්"

ඇද්ද! අද උත්තරයක් ගන්න වෙන්නෙ අපේ ජනාධිපතිතුමාගෙන් ම විතරයි. ගියා එතුමාගෙ පිටුවට,

"මගෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න, උත්තර දෙනව. හැබැයි එක්කෙනෙකුට අහන්න පුළුවන් එක ප්‍රශ්නයයි,........."

අන්න බලන්න අවුලක් නැති එකම තැන! මං ඇහුව මෙහෙම ප්‍රශ්නයක්,

"සර්, ගාල්ලෙ මැයි රැලිය සංවිධානය කරන්නෙ කවුද?"

ටික වෙලාවකින් ආව උත්තරේ,

"පුතා මම තනතුරු බලාපොරොත්තු වෙන මිනිහෙක් නෙවේ.... අපි බොහොම චාම්, සරළ මිනිස්සු..... හේනෙ කුඹුරෙ වෙල් ඉපනැල්ලෙ සුවඳ දන්න මිනිහෙක් විදියට, මම අදටත් කන්නෙ නෝන කෙසෙල් කොලේ ඔතල දෙන බත්තෙක.... පහුගිය ආණ්ඩුව කාලෙ අපි මොන තරම් පීඩනයෙන්ද හිටියෙ.... වැරැද්දක් විවේචනය කලාම නායකත්වය අපිට බැන්න.... සිගරට් පැකට්එකේ සීයට අසූවක් අවවාද දාන්න හැදුවම ඒක කරන්න දුන්නෙ නෑ.... ඔෟෂධ පනත..............................................."

අප්ඩේටඩ්:2016.04.28 12.40

සයිබරයෙන් බුකියටත් බුකියෙන් එලියටත් ගිය මිත්‍රයො ටිකක් ජේමිස් බණ්ඩා එක්ක එකතුවෙලා හවුලෙ සුපර්මාකට් එකක් දාල. "ජේමිස් බණ්ඩා", "රිට්ටා" හෙවත් "රිටිගල ජයසේන", "මරණාසන්න රමණානන්ද" සහ "ගැත්තාට බය බෝයි" ලියන සටහන් මෙතැනින්.

99 comments:

  1. හික්.... මැක්සා...

    ReplyDelete
  2. Replies
    1. අප්‍රමාණ සන්තෝසයි උඹව ආයි දකින්න ලැබුනට රාජ්. බලපන් නිර්මාණ කාරයො ඉන්ස්පයර් වෙන්නෙ මොන තරම් සරල සුලු දේකින්ද කියල.


      P/S උඩ ලිව්වෙ එක නෙමෙයි, එළ. කොහෙද දෙක එක ලඟ තිබිල ෆෝන් එකෙන් කෙටිල තීන්නෙ වැරදි කොටුවටනෙ බම්

      Delete
    2. හැබෑව! පොල් ගාන ගමන් හරි මෙව්ව කලාට උඹලට පිං

      Delete
  3. මම හිතුවේ බලන්නේ මොන පත්ත්රේද කියල අහන්න බෑ කියයි කියල

    ReplyDelete
    Replies
    1. මාත් හිතුවෙ පත්තර සීං එකක් හිටං !

      Delete
    2. පත්තරේට වැඩිය කැතයි මේ සීන් එක

      Delete
  4. මේකට වසන්තයා හොඳම සම්මානේ නොදුන්නොත් මම ඕකුන්ව මරාගෙන කනවා.... නිර්මාණ කියන්නේ මේවට යකෝ...

    වල්ල පට්ටෙත් සුපිරිම එක...

    ReplyDelete
    Replies
    1. උඹට ඇල්සයිමර්ද මාතා. මේ මැදමුලන බයියෙකුට සම්මාන දෙන්ඩ කතා කරන්ඩ.. හැක්..හැක්

      Delete
    2. මාත, වසන්තයා සම්මාන දෙන්නෙ කියවන උන්ගෙ ඡන්දෙ අනුව. බොලා මේකට ඡන්දෙ දුන්නොත් දිනයි, නැත්තන් නෑ.

      Delete
    3. ඉස්තුතියි මාත. උඹ කලින් එකට ශොට්එක දුන්න නිසාමයි ලිව්වෙ

      Delete
  5. මෙන්න නියම රාජ් ඇවිල්ලා.. නියමයි යකෝ.. උම්මා.. හැක්..

    ReplyDelete
  6. හැමදාම බලල සද්ද නැතිව යන මගෙනුත් ඔන්න 5/5 ක් ම රාජ්ට!!

    ReplyDelete
    Replies
    1. කුෂ් කිවේ "කුෂ්" ද බ්‍රෝ ? :D

      Delete
    2. ඒ වගේම තමයි බ්රෝ :D

      Delete
    3. අපටත් දෙන්න කුෂ් ටිකක්

      Delete
  7. යහපාලනේ තියෙද්දී මොන ප්‍රශ්නද බං ?

    ReplyDelete
  8. වාසුගෙ පිටුවට ගියානං විගී ගැන නැතුව වෙන ඕනෑ ප්‍රශ්නයක් අහන්න කියල තියෙයි.

    ReplyDelete
    Replies
    1. ඇයි වට්ටක්ක සීන්එක?

      Delete
  9. බුදු අම්මෝ.................. පට්ට රාජ්........

    උඹේ නිර්මාණාත්මක සිතුවිල්ලයි අගේ. කියන්න ඕනේ දාහක් දේවල් අගේට කියලා... ඕකේ තියෙනවා ලංකාවේ සමස්ථ දේශපාලනයම.... ඒ විතරක් නෙමෙයි බං රටේ අනාගතයත් ඕකේ නොකියා කියලා තියෙනවා..... මේක දේශපාලන විද්‍යා පාඩමක් වගේ බං.... පට්ට

    ReplyDelete
  10. ඊලඟට ගියා අපේ උදය ගම්මන්පිල මහත්තයගෙ පිටුවට,

    "මගෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න, උත්තර දෙනව. හැබැයි එක ප්‍රශ්නෙට රුපියල් 100 ගානෙ මට paypal කරන්න ඕනේ " :P

    ReplyDelete
  11. හම්මේ රාජ් මහන්සි නොබලා තව කිප දෙනකුගේම පිටුවලට ගොඩවැදුණනං නේ හොඳ බං.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මටත් හිතුන එහෙම.

      Delete
  12. මගෙනුත් ඕන ප්‍රශ්නයක් අහන්න.උත්තර දෙනවා.හැබැයි එක්කෙනෙකුට අහන්න පුළුවන් එක ප්‍රශ්නයයි, ඒ වගේම "මේකද උඹලා කියපු යහපාලනේ"කියලා අහන්නත් බැහැ..:D

    ReplyDelete
    Replies
    1. පට්ට! සමහර වෙලාවට මටත් හිතෙනව ඔහොම

      Delete
  13. මේක නං මල් හත්සිය පනහයි රාජ්...
    සිරාවටම පට්ටයි...
    මේන් නියම රාජ්..
    හැක් හැක්

    ReplyDelete
  14. අපේ ෆීල්ඩ් මාර්ෂල් තුමාගෙන් අහන්නේ මක්කැයි?

    ReplyDelete
    Replies
    1. ඔබ තුමා එන්නකෝ regiment mess එකට එත කොට ලඟට ගිහිල්ලා අහන්න සලස්වා දෙන්නම්

      Delete
    2. ස්තුතියි උදව් කරන්න ඉදිරිපත් වුනාට. මේ දැන් වුනත් දුරකතනයෙන් කතාකරන්න පුළුවන්.

      Delete
    3. එතැනදී ඔබතුමා දුරකතනයෙන් ඒ ඉහල නිලයේ ඉන්න එතුමාව අමතන්නේ හලෝ ෆොන්සේකා උන්නැහේ කියල බ්ලොග් කොමන්ට් වල ලියන වීදිහට වෙන්න ඇති නේද
      දන්නෝ දනිති දැන් නොදන්නොත් දනිති පරිස්සමෙන් වචන බාවිතා කරන්න හමුදා නීතියට සොල්දාදුවෙක් වශයෙන් ගරුකරන්න එතුමාගේ නිලය දැන් බල සහිතයි

      Delete
    4. නොදන්නා කෙහෙම්මල් කතා කරන්නේ ඇයි. මට දැන් නිලයක් නැති නමුත් මගේ අධිකාරිය ඉවත් කර නැහැ. ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාටත් එහෙමයි. එහි බලයක් තිබෙන අවස්ථා බලන්න පුළුවන් එවැනි අවස්ථාවක් ආවොත්. මගේ නමට ඉදිරියෙන් අදත් මගේ නිලය ලියන්න පුලුවන්. ඔබට සාමාන්‍ය සොල්දාදුවකුගේ දැනුමවත් නැති බව ඒ ප්‍රකාශයෙන්ම පෙනෙනවා.

      මට පරිස්සමෙන් වචන භාවිතා කරන්න කියා අවවාද දෙන තමා හමුදා නීතිය ගැන ඉගෙනීම යහපති. තමන්ගේ අඳ බාල කම මෙලෙස ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කොට පහත් තත්වයට වැටීම ගැන දෙකොනින් හිනා යයි.

      උපන් මෝඩකමට බෙහෙත් නැත. කාලෙකින් මගෙන් මොකුත් අහගන්න බැරිවුනාම කහනවා කහනවා වගේනම් දිගටම ලියමු. මමත් ලෑස්තියි.

      Delete
    5. //මගේ නමට ඉදිරියෙන් අදත් මගේ නිලය ලියන්න පුලුවන්. ///ඉතින් ලියන්නකෝ පුහුණු වෙච්ච ඉන්ටෙක් එකයි අවුරුද්දයි නිලයයි නමයි ඔක්කොම මේවා කියවන සැමට දැනගන්න .සැලයුට් ගහන්නත් එක්ක අපිට පුළුවන්නේ එතකොට මැටිකලේ බිඳගන්න එපා ලොක්කා අපි නොදන්නා ආමි!

      Delete
    6. //මැටිකලේ බිඳගන්න එපා ලොක්කා අපි නොදන්නා ආමි!//
      +++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    7. එතුමා අමතකවුනා විචා.

      Delete
    8. @ Anonymous April 29, 2016 at 9:33 AM

      හරකා දන්නේ උම්බෑ කියන්න පමණයි. කිසිම නිලධාරියකු තම කෙඩෙට් නිලධාරි ඇතුලත් කිරීමේ අංකය ලියන්නේ නැතිබව වත් නොදන්නා හරකෙකු සමග කුමන කතාද?

      @ AnonymousApril 29, 2016 at 11:39 AM

      ගොන් මොලේ එලියට දාන්න එපා හරකා. චප්පවෙයි.

      Delete
    9. ඔබතුමා හමුදාවේ හංවඩු .පුනුව කාලේ හංවඩු ගැසූ අංකය නොවෙයි ඇහුවේ පුහුණව ලැබුණු කියන ඔය නිලධාරි පාඨමලා අංකයයි අවුරුද්දයි ඇයි ඕක කියන්න ඔච්චර ..........???????

      Delete
    10. පුනුව වෙනුවට පුහුණුව ආදේශ කර ගන්න මෙලෙස

      ඔබතුමා හමුදාවේ හංවඩු පුහුණුව වන කාලේ හංවඩු ගැසූ අංකය නොවෙයි ඇහුවේ පුහුණව ලැබුණු කියන ඔය නිලධාරි පාඨමලා අංකයයි අවුරුද්දයි ඇයි ඕක කියන්න ඔච්චර ..........???????

      අපිට සිංහල බැ

      Delete
  15. ඇයි බං ජෝන් ගෙන් වයාග්‍ර ගැන අහන්න තිබ්බනෙ.
    නියම පෝස්ට් එක රාජ් .

    ReplyDelete
    Replies
    1. ඕක මට මතක්වුනා, නමුත් පෞද්ගලික දෙයක් නිසා දැම්මෙ නෑ.

      Delete
  16. හොඳයි. මහින්ද තමයි හොඳම

    ReplyDelete
  17.    එළ කිරි !!!!
        ̄ ̄∨ ̄ ̄ ̄
         ∧_∧::
        (´・ω・`)::
       /⌒  ⌒)::
      / へ__/ /::
      (_\\ミ)/::
       | `-イ::
       / y  )::
      // /::

    ReplyDelete
  18. රාජ්ගෙ ලියපුවයින් මගෙ ආසම සටහන. ආතල් කෝටියයි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං. කවදද ආයෙ සුපර්මාකට් එක අරින්නෙ?

      Delete
  19. පට්ට රාජ් අයියා, මම හිතුවේ ජෝන් ලොක්ක වත්තල ගැන බැහැ කියයි කියල නෙවේ, අර පෙති ගැන බැහැ කියයි කියල.

    ReplyDelete
    Replies
    1. ඕක මට මතක්වුනා, නමුත් පෞද්ගලික දෙයක් නිසා දැම්මෙ නෑ.

      Delete
  20. කොයිතරම් රසවත්ද කියනවනම් තව දිගට ලියවූණානම් හොඳයි කියල හිතුනා.

    ReplyDelete
    Replies
    1. තව චරිත කීපයක් තිබුනනං හොඳයි කියලත් හිතුන, නමුත් ඔන්නොහෙ ඇති කියල හිතුව

      Delete
  21. දෙන්ඩ බොස් ඕං ඔහොම !!!

    ReplyDelete
  22. වසන්තයා බලන උන් මේකට ඡන්දේ දීපල්ලා !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මනාප අංකෙ ගහල පෝස්ටරයක් ගහන්න ඕන.

      Delete
  23. ලක්ෂණ කතාවක්.. ජනාධිපති පුටුවට ගිය කලක්.. චන්ද්‍රිකාව එංගලන්තෙන් ඉම්පෝට් කරලා ගෙනල්ල ඕකෙ වාඩිකලාමවත් ඔය තරං අජූවක් තිබුනෙ නෑ..

    ReplyDelete
  24. ජෝන්ගෙන් පුරුස සත්තිය බෙහෙත් ගැන අහන්න තිබුණ නෙහ්

    ReplyDelete
    Replies
    1. ඕක මට මතක්වුනා, නමුත් පෞද්ගලික දෙයක් නිසා දැම්මෙ නෑ.

      Delete
  25. උබෙ සරල ජුන්ඩි කතා එකතුවට මේ සෑමා තාමත් මනා-පයි

    ජය !

    ReplyDelete
    Replies
    1. උඹ එදා ඉඳල එන එකා නෙව! ස්තුතියි සප් එකට

      Delete
  26. රාජ්ගෙන් නොඇසිය යුතු දෙයක් තියෙනවාද? නැතිනම් ඕනේ දෙයක් ඔට්ටු ද?

    ReplyDelete
  27. එළ කිරි සහ කැළණි ගඟේ ජලය..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එලකිරි සහ කොකාකෝලා?

      Delete
  28. ඔය දීල තියෙන්නෙ උත්තරේ

    ReplyDelete
  29. වටේටම නෙළලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙමයි! සාදරයෙන් පිලිගන්නව. උන්නැහේ ආයෙත් බ්ලොග් පැත්තෙ ආපු එකට සතුටුයි. මට මතක් වෙන්නෙ මාරය එක්ක හිටිවන කව් කියපු හැටි.

      Delete
  30. අදයි ආවේ..
    මරු ආ..
    තව කාගෙන් කාගෙන් හරි අහගෙන ගියානම් පාඩු නෑ..
    ඒ තරම් රසවත්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. සාදරයෙන් පිලිගන්නව.

      Delete
  31. මානිගේ තීරුව ආපහු ලියන්න පටන් අරන් වගේ. රාජ් උඹ මර්වින්ටත් පිටුවක් ඇරපන්කො බන්.

    ReplyDelete
    Replies
    1. ඌ තමයි...ඔව් මචං අඩවිය ලියපු අරූ තමයි.

      Delete
  32. මටත් තියෙනවා ප්‍රශ්ණයක් අහන්න. අර නෙලුම් යායේ සම්මාන ගන්න නොහිටපු උන්ට දීපු සහතික සහ සම්මාන වලට අමතරව අර කර්තෘගෙ අස්සන හෙම ගහපු පොත් අනං මනං දුන්න ඒවා කවුරු ලඟද බං තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ කමිය ලඟ.....

      Delete
    2. නෑ. ඌ ලඟ තිබුනේ සහතික සහ සම්මාන විතරයි

      Delete