Wednesday, September 7, 2016

දරුවනි මමයි නුවර අනගාරික ඇතා!

පසුගිය දිනෙක ෆේස්බුක් සටහනක් තබන අප මිත්‍ර චමීර ජීවන්ත දෙද්දුවගේ විසින් අලුත් වචනයක් නිර්මාණය කර තිබුනි. ඒ "බෞදිය" යන්නයි. කුමක්ද මේ බෞදිය? ආගමික වශයෙන් දැඩි අන්තවාදයක් පවතින, ආගමේ නාමයෙන් සිය දහස් ගනන් මිනිසුන්ගේ ගෙල සිඳ දමන, කසපහර දෙන, අත්-පා සිඳ දමන "සෞදිය" (හෙවත් සෞදි අරාබිය) යන්නෙහි ශ්‍රී ලාංකීය අනුවර්තනයයි. අපූරුය. අප රටෙහි දැන් දැන් සිදුවන්නේ බෞදිය අර්ථගැන්වෙන සිදුවීම්ය. එහි නවතම කූටප්‍රාප්තිය දළදා කරඬුව ගෙනයන හස්තියාගේ ලිංගික චර්යාවන් පාලනය කිරීමට ඇත් හිමිකරුවන් කටයුතු කිරීමයි.

මෙම සිදුවීම, විවිධ පාර්ශවයන් විසින් විවිධ අයුරින් විග්‍රහ කිරීමට කටයුතු කරමින් සිටිති.
පිරිසකට අනුව, පෙරහර යනු සංස්කෘතික කටයුත්තකි. ඇතාට සිදුවන සිංසාව සංස්කෘතියේ නාමයෙන් ඉවසා සිටිය යුතුය. පෙරහැර නම් සංස්කෘතික උත්සවය ශ්‍රී ලංකාවට යම් යම් වාසි සලසන්නකි. (උදාහරණ ලෙස සංචාරක ව්‍යාපාරය) එහි සත්‍යතාවයක් තිබේ. තවත් පිරිසකට අනුව ඇතාට සිදුවන හිංසාවන් නැවැත්විය යුත්තේ මස් පිණිස සිදුවන සත්ව ඝාතන නැවැත්වීමෙන් පසුවය. හිංසාවට වඩා ඝාතනය නරකය. එබැවින් හිංසාව නැවැත්වීමට සියල්ලන්ම නිර්මාංශික වියයුතුය. එයත් නරක නැත.

තවත් කොට්ඨාසයකට අනුව ඇතාට සිදුවන හිංසාවක් නැත. ඇතා ස්ව කැමැත්තෙන් පෙරහැරට සහභාගී වන අතර, මහා ලොකු පින් කන්දරාවක් රිටර්න් එක ලෙස ඌට ලැබේ. ඒ පිනෙන් මතු භවයේ මිනිස් ආත්මයක් ලබාගත හැකිය. මොවුන්ට අනුව මරක්කලයන් හරක් මරද්දී ඇතාට සිදුවන සාපේක්ෂව ‍කුඩා හිරිහැරය, බෞද්ධ විරෝධීන්ගේ වෙනම ගේමකි. බුදුදහමට කෙලවීම ඔවුන්ගේ අරමුණයි.

අපට බෞද්ධයන්ගේ හෝ වෙනත් ඕනෑම පාර්ශවයකගේ අදහස් සම්බන්ධව ඉවසිය හැකිය. ඒ, ඔවුන්ගේ කියුම් කෙරුම් අපට අදාල නොවන තාක් කල්ය. ඕනෑම අයෙකුගේ ක්‍රියාවකින් අපට බලපෑම් සිදුවන්නට පටන් ගත්විට ඒ පිළිබඳව කතාකිරීමට සිදුවේ. ඇතාගේ ලිංගික චර්යාව සම්බන්ධයෙන්ද එසේය. ඇතා වර්ගයා බෝ කලත් නැතත් අපට ගැටළුවක් නැත. පෙරහැරේ යන ඇතුන්ට සිදුවන හිරිහැරයන්ද ගනන් නොගෙන සිටිය හැකිය. නමුත් ප්‍රශ්නය වන්නේ මේවා අන්තවාදය දෙසට ගමන් කිරීමයි.

සමහර ආගම් ස්වභාවයෙන්ම අන්තවාදි වන අතර ඒ හේතුවෙන් අන්‍යාගමිකයන්ට සිදුවන හිරිහැර සඳහා උදාහරණ අවශ්‍ය නම් මැදපෙරදිග කලාපයෙන් සොයාගත හැකිය. නමුත් බුදුදහම එසේ නොවේ. ඉතාම නිදහස් දර්ශනයක් සහිත බුදුදහමෙහි කොතැනකවත් අන්තවාදයට ඉඩක් නොවේ. අවිහිංසාවාදය ‍බුද්ධ දර්ශනයේ එක් ප්‍රධාන බල කණුවකි. අවුල ඇත්තේ අවිහිංසාව පදනම් කරගත් බුදුදහම දෙසූ බුදුන් වෙනුවෙන් තිරිසන් සතුන් වධයට භාජනය වීමයි. බුදුන් වෙනුවෙන් සතෙකු හිංසාවට පත්කිරීමෙන් නොනැවතී, ලිංගික කාර්යයන් බලහත්කාරයෙන් නවතා 'දැං ඌ සිල් අරං' යැයි කියන්නෙකුගේ මානසිකත්වය කෙබඳු විය හැකිද? තවත් කාලයකින් දියවඩන නිලමේ තනතුර සඳහා නපුන්සකයෙකු තෝරාගැනීමට යෝජනා විය හැකිය. එවිට සදාකාලික අනගාරිකයෙකු දන්ත ධාතුවට සේවය කල හැකිය... මෙය, පෝයදා බාර් වැසීම, රූපවාහිණී චිත්‍රපටි නැවැත්වීම (ඒකත් හරි ආතල්ය. පෝය දිනවල ඇක්ෂන් ශෝ නැතිය. ගහ මරාගැනීම් නරක නිසාය. එහෙත් බුද්ධාගමට සම්බන්ධ නම් කොතෙක් මැරුවත් කමක් නැත), ඉරිදා ටියුෂන් තහනම, ආදියේ දිගුවකි. එබැවින් අපට කීමට ඇත්තේ මෙයයි. "උඹලා උඹලාගේ සිස්ටම් එක ඇතුලේ ඕන මගුලක් කරගත්තාට අපට කමක් නැත. හැබැයි අපේ අාතල් කඩන්න එපාය. අපේ ආතල් කඩන විට අපටද ආතල් කැඩීමට සිදුවේය!"

61 comments:

  1. මේකට හේතුව මේ සතා ලිංගික ක්‍රියාවට පුරුදු වුනොත් කරඩුව ගෙන යන විටත් ගැහැණු සතෙක් දුටුවොත් ලිංගික ක්‍රියාවට ඒ ‍අවස්ථාවේදී සෙට් වෙන්න ගියොත් විශාල කලබගෑනියක් වෙන නිසා බව ‍වෙනත් තැනක දුටුවා

    ReplyDelete
    Replies
    1. උපුටනය:
      පසුගිය දිනක පැවති රූපවාහිනී වැඩසටහනක් අතරතුරදී නැදුන්ගමුවේ රාජා හස්තියාගේ හිමිකරු පැවසුවේ එම ක්‍රියාවලිය සිදුකලහොත් ඇතා ලිංගික සංසර්ගයට ඇබ්බැහි වෙන බවත් එය ඔහුගේ පූජනීය ක්‍රියාකාරිත්වයට අනිසි බලපෑම් එල්ල කල හැකි බවත් එම නිසා එසේ එක්වීම වළක්වන බවයි. - See more at: http://www.rawtv.lk/article/19164/why-not-add-nadungamuwe-elephant#sthash.bSBavQOD.dpuf

      Delete
    2. අලි ඇත්තු සංසර්ගයේ යෙදෙන්නේ එක්තරා කලයකදී විතරයි නේද?
      ඒ කාලේ පෙරහැර නොපැවැත්වුවා නම් එහෙම ප්‍රශ්නයක් එන එකක් නෑ නේහ්

      Delete
    3. //අලි ඇත්තු සංසර්ගයේ යෙදෙන්නේ එක්තරා කලයකදී විතරයි නේද?
      ඒ කාලේ පෙරහැර නොපැවැත්වුවා නම් එහෙම ප්‍රශ්නයක් එන එකක් නෑ නේහ්//

      ලංකාවේදි දොහොත් මුදුනු දීල වැදල කරල ඉන්න උන්ට, අවුරුදු දෙක තුන පරදේස වල හිටියම අපිට ආවේණික අපේ වටිනා සම්ප්‍රදායන්, අරව මේවා අමතක වෙන එක සාමානයයි.. ඕක ඉතිං පෘතග්ජන ස්වභාවය නේ. අපි සැලෙන්න නාකයි ඕවට.. දුකා දුකා කියල කිව්වට ලංකාවට ආවොත් නං මේ කියන ඒවට දුක් දුක් කියල තමා කියන්න වෙන්නේ.. හැක්

      Delete
    4. පෙරහැර නැති කාලෙටවත් ආතල් ගන්න දෙන්නෙ නෑනෙ.

      Delete
    5. //ලංකාවේදි දොහොත් මුදුනු දීල වැදල කරල ඉන්න උන්ට, අවුරුදු දෙක තුන පරදේස වල හිටියම අපිට ආවේණික අපේ වටිනා සම්ප්‍රදායන්, අරව මේවා අමතක වෙන එක සාමානයයි..//

      ඔව් යකඩෝ දැන් සින්හලත් අමතකයි අරාබියෙන් කතාව. අවුරුදු දෙක හුන නෙමේ දේශා දැන් අවුරුදු ම 16ක් කියහන්කෝ

      තව ටික කාලයක් ඉඳලා පෙට්ටියෙන්ම ලන්කාවට එන්න ඉන්නේ !

      දැන් උඹලා අලියගේ කොයි හරියටද දොහොත් මුදුන් දීලා වඳින්නේ කියහන්? හිකිස්

      Delete
    6. අනගාරික යනුවෙන් අදහස් කෙරෙනුයේ නිවසක් හැරදා පැමිණි නිවසක් නොමැති පුද්ගලයෙක් නේද? ලිංගික ක්‍රියා වලින් වලකින අයෙක් සම්බන්ධයෙන් යෙදිය යුතු පදය බ්‍රහ්මචාරී නේද?

      Delete
  2. රජවරු අන්තපුර දාගෙන හිටියත් එකෙක් එක්කවත් ඉන්න නිදහස නැති ඇත් "රජෙක්".

    ReplyDelete
  3. මෙහෙමයි.. සතා අනගාරික නොවී කොහොමද අර තරං පාරිසුස්ස කරඩුව ගෙනියන්නේ.. කව්ද අහල තිබුනා දියවඩන නිලමේ හනිමුන් ගිහල්ලා මොනාද කරේ කියල උත්තරේ - බාවනා කරාලු.. ඉතිං අර උඩ ඉදල පහලට එන බලය අනුව අලියට ඕක උනා කියල මහ ලොකු දෙයක් වෙනවද උඹල මේ පිස්සු කියවනවා.. හැක්

    ReplyDelete
    Replies
    1. උඹ ලබන පාර අලියෙක් වෙලා ඉපදියං දේශො..හැක්

      Delete
  4. අරාබි නිසොල්ලාසේද මන්දා කතාවක් කියෙව්වා වගේ මතකයක් තියෙනවා සංසර්ගයට කිසිම කැමැත්තක් නොතිබුනු රජ කෙනෙක් කොහොමින් හරි වැඩේ කරලා ඒකේ ආතල් එක කොයි තරම් දැනුනද කියනවනම් රජා ඇර වෙන කිසි කෙනෙක්ට ඒ සැප ගන්න බැරි වෙන්න රටේ ඔක්කෝම පිරිමින්ගේ රහසඟවල් කපා දැම්මා කියලා.

    මේවා ඇහුවාම හිතෙනවා ඒ කතා බොරු නෙමේද කියලත්

    ReplyDelete
    Replies
    1. උඹට වැරදිලා. නිසොල්ලාසයේ තිබුනත් ඒක ලංකාව සෙරන්ඩිබ් අලලා වූ කතාවක්.. කොච්චර ආඩම්බරයක්ද බලන්න අපේ මුතුන් මිත්තන් ගැන.. හැක්

      Delete
    2. ඕක ජාතක කතාවක් නේද?

      Delete
    3. කියෙව්වේ කොහේද කියලා මතක නෑ අයියෝ . . දැන් වයසයිනේ - ශෝර්ට් ටයිම් මෙමරි ලොස් ලෙඩේ :P

      Delete
    4. ඔය කියන්නෙ චුල්ලපලෝභන ජාතකයෙ අසනඝ කුමාරයා ගැන නේද.

      ඔය කතාව හසිත ලියල තිබුන කාලයකට කලින්

      Delete
  5. මේ බ්ලොග් කරු පවසන දේ ගඳයි.. ඒක නිසා නිර්මල බුදු දහම කෙළසන විනාසකයා කියා නං තබමි.

    ReplyDelete
  6. කසාය සදාගෙන බී ලෙඩේ හොඳ නොකරගෙන කසාය වට්ටෝරුව කටපාඩම් කරගෙන මතුරා, වෙදාගේ උපදෙස් පිළිනොපැද වෙදාගේ පිළිමවලට වැඳ ලෙඩේ හොඳ කරගන්න ප්‍රාර්ථනා පමණක් කරන බෞද්ධයන්ට............

    ReplyDelete
    Replies
    1. මේ ලිපියට ලද කොමෙන්ටු අතර හොඳම කොමෙන්ටුවක්

      Delete
    2. ඉයන් ගේ කටහ්ව මසුරන් තමා.

      Delete
  7. පව් ඌට අතේ පාරක්වත් ගහන්න දෙන්නෙ නැද්ද මෙ හැත්ත.

    ReplyDelete
  8. ane nikan pala pona raj etha hikuwe ne kiyala ube athal kedenne uba etha hukana diha balan athe gahanawada nikan pala jathiyak jammayak nethi padurak asse ballekuta jathaka una sakkiliya uba geniwa re wedata noyawa gedara thiyena hukala athal ganin doctersla athal gani nethnam

    ReplyDelete
    Replies
    1. මූ නම් ප්‍රොෆයිල් කාරයෙක්ම තමයි.

      Delete
    2. Ah maathe.. :-)

      Delete
    3. තෙරුවන් සරණා..........යි!

      Delete
  9. මරු මරු.
    හොඳ ලිපියක්

    ReplyDelete
  10. ඇතා රෑට කන්නෙත් නැද්ද?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා කන්නත් නැහැ *කන්නත් නැහැ.

      Delete
  11. පව් කරපු සත්තු..(මං අදහන ආගමේ හැටියට ) . වැඩේ වැරදියි.සාකච්ඡාව මාත් බැලුවා.අර බස්නායක නිළමෙ නොගෙනාවනං වැඩේ මීට වඩා පිලිවෙලකට කරං යන්න තිබුනා.අම්මප ඊට හොඳා එතෙන්ට මං ගියානං :D..ඇතා අයිති වෙදමහත්තය නං යම් තරමකට මධ්‍යස්ත මනුස්සයා..කොහොම උනත් පුලුවන් වෙලාවකවත් දෙන්නෙක්ව එකට දාන පුලුවන්නං පිනම ඇති..ඕ යේස්

    ReplyDelete
  12. අලි ඇත්තු අයිති උන්ගේ පවුල්වල උන්ටත් ඔය නිතිය වලංගු කරානම් අලි ප්‍රශ්නේ සුටුස් ගාල විසඳෙනවා.. කවුද කැමති නො*කා අලි හදන්න.. හැක්!

    ReplyDelete
    Replies
    1. එකනේ උඩුවේ හාමුදුරුවෝ අලි පැටව් හදන්නේ..

      Delete
  13. හරකුන්ව කරඅඹලා පුස්සන් කරනවා නේද බර අදින්න ගන්න.

    මෙහේ පූසන්ව, බල්ලන්ව විකුණන්නේ ම අලිංගික කරලා ලු.

    ReplyDelete
  14. මේ ලඟදි නෙත් එෆ් එම් එකේ ඇත්තු පිළිබද සාකාච්ඡාවකට ඇවිත් හිටියා හීලෑ අතුන්ගෙ සභාපති(වෙන්න ඕන) හාමුදුරු කෙනෙකුයි..තරුණ සත්වවේදීන්ගෙ සංගමයෙ පුබුදු කියන මහත්මයයි. එතන ගිය සාකච්ඡාවේදී...හාමුදුරුවො වනජීවී එකට දොස්කියනව නොසෑහෙන්න...මේ පෙරහර කරන්න අලි නෑලු..ඒකට ක්‍රමවේදයක් හදන්නෑලු..තව නොයෙක් දේ...
    පුබුදු මහත්මයා කිව්ව වන්ජීවී එකේ රාජකාරිය ඒක නෙවේ...වන ජීවීන් සු‍රැකීම ඔවුන් ‍රැක බලා ගැනීම ආරක්ෂා කිරීම කියල.
    ඒ වගේම අලින්ට වෙන හිරිහැර ඔවුන්ගෙ ලිංගිකත්වය...අලින්ගෙ ජීවන රටාව ආදී දේ බොහෝම හොඳින් අධ්‍යනය කරල සෑහෙන්න විස්තර කිව්ව.
    අප්පුහාමිලා කියල අර තරුණ සත්වවේදීන්ට නින්දාකල හාමුදුරුවො...රජයට බනින එකම කලා.
    මේ බුද්ධධර්මය රකින අයද කියල තමයි හිතුනෙ.

    ReplyDelete
  15. රාජ් අර සෑහෙන්න රිදිලා කියන කොමෙන්ට් එක දැම්මේ මටද? මම හිතන්නේ කවුරුහරි කොමෙන්ට් එකක් දාල ඇහුවම උත්තර දෙන එක මගේ යුතුකම කියල.

    ReplyDelete
    Replies
    1. මොන කමෙන්ටුවද? කරුණාකර කියනු මැනවි!

      Delete
    2. ඉයන්ව අපහරණය කරන බවට තර්ජනය කර පෝස්ට් මැකවීම හෙලාදකිමු.
      මේකත් නිකන් මහින්දගේ පාලනේ වගේ නෙ . කෝ මාධ්‍ය නිදහස?

      Delete
    3. අජිත් කියන කතාවත් එක්ක මමත් එකඟයි. ඉයන් පෝස්ට් එක අයින් කරපු නිසා ඔයාට උත්තර දෙන්න බැරිවෙච්චි කොමෙන්ට් එක තමයි මේ. දැන් ඔයාගේ අවස්තාව.

      //"මාතලන් ගේ කොමෙන්ට් එකක් රසික පල කර නොමැති නිසා මෙය හටගත් බව මා දන්නා දෙයයි." ඔයා බබා. පල නොකරපු කොමෙන්ට් එකට එනකම්ම, මාතලන් කියන්නේ ඇනෝ දාන්නේ රසික තමන් විසින්ම බවයි. කොමෙන්ට් එක පල නොකිරීමේ තර්කෙ ගෙනාවේ පස්සේ. මේ වලියට සහ බොග වලේ වලි බොහොමයකට හේතුව ඇනෝ කොමෙන්ට් වලට එක එක නම් ඈඳල , සැකය මත චෝදනා කිරීමයි. ඇත්ත ප්රශ්නේ යට ගහන්න උවමනාවක් ඇයි ?

      ඇනෝ ගහන අය හොයාගන්න දන්නවයි කියල ඔයා මාතලන්ව ඇන්දුවේ නැද්ද. දොස්තර රුවන් ගේ කේස් එකේදී මාතලන් රෙදි කෑල්ලක් ගැන පොඩ්ඩක් කතා කලාම,ඇඳුම මහල ගෙදරටම ගෙනල්ල දුන්නේ ඔයා නෙවියිද? කකා ගේ බ්ලොග් එකේ කොමෙන්ට් ගැන මාතලන් ඔයත් එක්ක කතා කලාම, ඔයා කෙලින්ම කිව්වද මේක ඔප්පු කරන්න බැරි දෙයක් මේක අත ඇරලා දාන්න කියල. නැත්නම් මාතලන්ගේ මතය තවත් ස්ථිර වෙන විදියටද කතා කලේ.

      අනික ඇයි ඔයා තිරෙන් පිටිපස්සේ ඩීල් දාන්න යන්නේ. ඒක මහින්දගේ ඉස්ටයිල් එක නේ. එළිපිට කොමෙන්ට් දාල හරි , පෝස්ට් එකක් ලියල හරි මේ ගැන කතා කරන්න තිබුනනේ. එහෙම තමයි යහ පාලනේ. සිංහල බොග වලේ කෙලි කාරයන්ගේ හොර, මැර, දූෂණ වැඩ අවශේෂ බ්ලොග් කාරයෝ ඉස්සරහ කතාකරන්න අකැපයි ද? ලජ්ජයිද? මාක්ස් ල, ලකාන් ල ඉන්නේ, post modernism තියෙන්නෙ ඔයාගේ පොතේ විතරයි ද?

      මිනිස්සු සමහර බ්ලොග් කාරයෝ ගැන ඇනෝ ගහනවා කියල ඔයත් එක්ක චෝදනා කලානම්, ඒ අයට කියල දෙන්න එපයි ඇනෝ ල අල්ලන්න ක්රමයක් නැති බව. ඇයි 'මම හැක් කලත් මම පිළිගන්නේ නෑ ' වගේ හිතා ගන්න ඉඩතියල උත්තර දෙන්නේ.

      කෙකටිය ගාලෙන් පටන් ගන්න බොග් කාරයන්ව දැනුවත් කරන වැඩසටහනක් -ඇනෝ ලව අල්ලන්න බැරි බව කියාදෙන්න. ඔයා අල්ලන්න පුළුවන් කියල කියනවනම්, මෙතනම කරලා පෙන්නන්න.. (දැන් ඉයන් ට කරදර කරන්න යන්න එපා ඔයාට tracking details එවන්න කියල. ඔය විස්තර මොකුත් නැතුව, බොග් පොලීසිය අනුන්ගේ බ්ලොග් වල යන ඇනෝ කොමෙන්ට් උනත් සුටුස් ගාල අල්ලනවනෙ). සිංහල බ්ලොග් ලෝකේ ප්රශ්නේ මිනිස්සු ඇනෝ ගහන එක නෙවෙයි, ඇනෝ කොමෙන්ට් ඈඳල අහිංසක මිනිස්සුන්ට බ්ලොග් ලිවීම එපා කරවන එතරමට වධ දෙන එකයි. ඒක නවත්තන්න නම් මේවයේ ලියන මෝඩයින්ව දැනුම්වත් කරන්නයි ඕන. නැතුව ඇනෝ අල්ලන මැජික් එකක් තියෙනවා කියල මිත්යා විශ්වාස පතුරුවන එක නෙවෙයි.

      කට්ටඩියාගෙන් අහන්න කැමතියි, ඇනෝ කොමෙන්ට් වල අයිතිය එක එක්කෙනාට පටලවල උන්ට පාරදෙන එක කවුරු හරි කරනවනම් , ඒක හරි දෙයක්ද? කෙලින් කියන්න. ඇයි ඔයා මට නමින් එන්න කියල කියන්නේ. නම ද වැදගත්, කියල තියෙන කරුණුද. තව දවස් දෙක තුනකින් මම ප්රොෆයිල් එක මෙතැනයි, පැරා ගෙ බ්ලොග් එකෙයි දානවා. ඊට කලින් ඔයාගේ හැකින් වලින් මාව එළිදරව් කරන්න.

      අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, සිංහල බොග වලේ ගෝඩ් ෆාදර් වෙන්න, ඔයාගේ කේ.ජී.බී. ස්ටයිල් වැඩ යොදා ගන්න එක කැතයි කියලයි.//

      Delete
    4. ඉතින් අර මම දාපු උත්තර ටිකත් දාන්න. මට අපහු ලියන්න කම්මැලියි. වැඩ නහුතෙට. ඔයාගේ ඊමේල් එකට එන්න ඇතිනේ.

      Delete
  16. අලියා අලිංගික කලාම හරි නේ ඇත්තටම.

    ReplyDelete
  17. හ්ම්...........අර ඊයේ පෙරේදා චැලේන්ජ් කොරපු (මිනිස්සුන්ගේ පඬුරු කාසි වලින්, සක්විති ළඟ කෝටි ගානක් ෆික්ස්ඩ් ඩිපොසිට් දාපු) උන්නාන්සේගේත්, ඔය චරියාද මොනවද එව්වා, කවුද දන්නෑ පාලනය කොරන්නේ. හැක්.

    ReplyDelete
  18. මම බොහෝම පැහැදිලිව දකින විදියට මේ අලි ඇත් ප්‍රශ්නය අද වන විට යොදා ගන්නේම බුදු දහමට හා සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගහන්න.
    ඒක හංගලා සාධාරණ බවක් පෙන්නලා කරන්නේ නැතුව කෙලින්ම කරනවානම් මීට වඩා හුඟක් හොඳයි.

    අලි ඇතුන් පෙරහැරට ආවේ කොහොමද?
    රජවරුන් රට පාලනය කරන කාලේ රජුගේ ඇත් ගාලේ හිටිය කඩවසම්ම ඇතාව ගවුරවයක් වශයෙන් දලදා කරඬුව වඩම්මවන්න දෙන්නේ රජුගේ අනුග්‍රහයෙන්. අනෙක් අවශේශ ඇතුන් පෙරහැරට දීම නිලමේ වරු ඇමති වරු තමන්ගේ බලය හා ධනවත්බව පෙන්වන්න කල දේවල්.
    හරියට දැන් ඡන්දේ ඉල්ලන්න ලොකු වාහන වල යනවා වගේ.

    අදටත් මේක හුදු සංස්කෘතික උලෙලක් විදියට භාර ගැනීම තමයි නිවැරදි. ස්පාඤ්ඤයේ උල් වලින් ඇනලා හරක් මරන්නේ සංස්කෘතික අංගයක් ලෙස. අනික අලි ඇතුන් මීට වඩා පීඩාවට පත් වෙනවා සංචාරකයන්ට ප්‍රවාහනය දෙන කොට.

    කොහොම වුනත් මේ අලි ඇත් කථාන්දරය රටේ ප්‍රභූවරුන්ගේ ක්‍රියාවක් මිස හාමුදුරුවරුන්ට අයිති දෙයක් නෙවෙයි. විනය අනුව හාමුදුරු කෙනෙකුට බල්ලෙකුට බත් කටක් දීමත් තහනම් ක්‍රියාවක්.
    බුදු දහමේ මූලික හරයන් නොදන්නා උන් දහමත් සංස්කෘතියත් දැන දැනම පටලවා මේ කරන්නේ මැවුම්කරු පිළි නොගන්නා බුදු දහමට අපහාස කිරීමක් විතරයි.

    ReplyDelete
    Replies
    1. ඉතින් පට්ට බොරුනේ බන් බුද්ධාගමේ තියෙන්නෙත් අනිත් ආගම් වල වගේම.
      කර්මය වගේ ඒවා පට්ටපල් බොරුනේ මැවුම්කාරයා වගේම. කර්මය ඇත්තනම් ඉතින් මැවුම්කාරයත් ඇත්ත.

      Delete
    2. "පහර ගහන්න" වගේ වචනයක් යොදාගැනීම කොතරම් දුරට එකඟද මම දන්නෙ නෑ. ඒකත් අර ඇනෝ ඇල්ලීම වගේ තමයි. උපකල්පනය කරනව බැටේ දෙනව. කොහොම වුනත් මම කරන්නෙ 'ප්‍රශ්න කිරීමක්' විදියට හඳුන්වන්නයි මගේ කැමැත්ත. රයිට් දැං කාරණාවට බහිමු.

      පෙරහැරට අලි යොදාගැනීමේ ඓතිහාසික කතන්දරය හරි. රජාගෙ වාහනය-ඒ කාලෙ තිබුන උසස්ම වාහනය- තමයි ඇතා. එදාට සාපේක්ෂව ඇතා ඒ කාර්යට යොදාගැනීමේ ලොකු අවුලක් නෑ.අද රජා බෙන්ස් එකේ යද්දි දන්ත ධාතුව ගෙනයන්න ඇතාට වධදෙන්නෙ ඇයිද කියල මට නං හිතාගන්න බෑ. පෙරහැර කියන්නෙන වෙනස් නොවන දෙයක් නෙවේ. නැටුම් පවා වෙනස්වෙලා. ඉතිං අලියෙකුට වධදීම පහර ගැසීමක් නං ඒ වැරැද්ද හදාගැනිමයි බෞද්ධයන් කලයුතු

      Delete
    3. ඔය කරඬුව පාගලා පොඩි කරලා දාන්න කවද හරි ඇතාට නුවන පහල වේවා. සාදු සාදු

      Delete
    4. ඔව් රාජ්,
      පහර ගැසීම කිව්වහම සැර වැඩියි වගේ තමයි
      යමක් විවේචනය කිරීම හෝ ප්‍රශ්ණ කිරීම ඕනෑම කෙනෙකුට ඇති අයිතියක් ඒක ප්‍රශ්න කිරීම වැරදියි, හැබැයි ඒ විවේචනය නැතිනම් ප්‍රශ්න කිරීම දෙන්නම් බැටේ වර්ගයේ අදහසක් වගේ අනෙක් අයට පෙනෙන කොට පහර ගැසීම වගේ වචන ලියැවෙනවා.
      ඒකට කමක් නැහැ ඒ වචනේ නිසා ඔබේ හිත රිදුනා නම් මම ඒක අහක් කර ගන්නම්කෝ.
      ප්‍රශ්නයට ආයෙත් ආවොත්, මේක ආගමික හරයෙන් වෙන්ව සංස්කෘතික උත්සවයක් ලෙස බැලීමයි කල යුත්තේ. මේක සිංහල බෞද්ධ කියන ජන කොටසට අයිති සංස්කෘතික උත්සවයක්.
      ඉතින් ඒක ඒ සංස්කෘතික ජන කොටස කැමති ආකාරයට කිරීම ඊට අයත් නොවන කණ්ඩායම් විසින් වැලකීමට උත්සහ කිරීම නිවැරදි දෙයක්ද?

      අනික ඒක බුදු දහමට එකඟද නැතිද කියන එකත් බුදු දහම අදහන අයගේ ප්‍රශ්නයක් මිසක් එය ප්‍රථික්ශේප කරන අයගේ වැඩක් නෙවෙයි නේද?

      හැබැයි මම බෞද්ධයෙක් විදියට අලි ඇතුන් ගේ භාර කාරත්වය භික්ෂූන් විසින් දැරීම වැරදියි කියන මතයේ ඉන්නවා.

      මේ වගේ විවේචන නිසා යම් දවසක දලදා පෙරහර නැවැත්වුවහොත් ඒක බුදු දහමේ අවසානය වෙන්නේ නැහැ. මොකද දළදා පෙරහැරට වඩා බොහෝම වටිනා දේවල් බුදු දහමට නැති වෙලා තියෙනවා. ඉදිරියේදිත් ඒක එහෙමමම වෙයි.

      Delete
    5. මෙහෙමනේ
      අලියා පෙරහරේ ගෙනියන එක ඔයාලගේ කැමැත්ත
      ඇතින්නියක් එක්ක හැමිනෙන එක ඇතාගේ කැමැත්ත

      Delete
    6. අන්න හරි ඇනෝ සහෝදරයා,
      අපි අවුරුත් අපේ කැමැත්ත ඉටු කරගන්නවා වගේම අනිත් සත්තුන්ගෙත් කැමැත්තට ඉඩ දෙන්න ඕනේ. ඒක වලක්වන එක බරපතල වැරැද්දක්.

      ඒ වගේම අමතක කරන්න එපා හැම සතෙකුගේම පලමු කැමැත්ත තව එක මොහොතක් හරි වැඩි පුර ජීවත් වෙන්න.
      අනිත් හැම කැමැත්තම ඊට යටයි.
      එහෙම කියලා අපිට සියළු ආකාරයේ සත්ත්ව ඝාතන නැවැත්විය හැකිද? ප්‍රායෝගිකව?

      බැහැ ලෝකය විව්ධාකාරයි, මිනිස්සුත් එහෙමයි.
      අපි ඇත්ත පිළිගෙන කාටත් ඇහුම්කන් දීලා සාධාරණව ජීවත් වෙනවානම් ප්‍රශ්න අඩුයි.

      Delete
  19. බලනකොට හෙන පව්කාර ඇතෙක්නේ මේ තරම් අතිපාරිශුද්ධ ශ්‍රී දළදා හාන්දුරුවන් පිටේ තියන් යන්න අරගෙන තියෙන්නේ.
    පෙර ආත්මෙක මහිතේ මොකක් හරි ලිංගික අපචාරයක් කරලා තියෙනවා.

    ReplyDelete
  20. මට තේරෙන්නේ නෑ ලිංගික ක්‍රියාවට ඇති සහජ කැමැත්ත එහෙම පාලනය කරන්නේ කොහොමද කියලා. හෝමෝන පාලනය කිරීමකින් වගේ දෙයකින් වෙන්න ඇති සමහර විට. සතුන් බෝ වීම පාලනය කිරීම නම් තේරුම් ගන්න පුළුවන්, ඒත් ශුද්ධ බව රැකගන්න ලිංගික ක්‍රියාව වැලක්වීම නම් ඉතිං මඤ්ඤං. එහෙනම් අර කියනවා වගේ දියවඩන නිලමේටත් අදාල වෙන්නේ ඕනේ.

    ලෝකයේ සත්ව හිංසනය ගැන ලොකු හඬක් තියනවා. දැන් ක්වීන්ස්ලන්තයේ අර බලු රේස් කර්මාන්තය එහෙම පිටින්ම වැටිලා අලුත් නීති රීති සහ ඒවා කඩපු අයට දඬුවම් කිරීම නිසා.

    ReplyDelete
  21. සාසනේ රැකෙන්නේ දන්තදාතුව අලියා පිටේ තියාගෙන නුවර වටේ ගියොත් විතරයි කියලා හිතන එකෙම්ම පේනවනේ ධර්මාවබෝධය..

    ReplyDelete
  22. මෙතන තියෙනෙන් රටේ සංස්කෘතියට අදාල දෙයක් නේ. ගොඩක් සංචාරකයෝ හෙමත් එනවා ඕව බලන්න. අලියට කරන හිංසා අඩු කරගෙන පෙරහරේ ගෙනිච්චම හරිනේ. අලින්ගේ සුභ සාධනය සඳහා කට්ටියක් පත් කරත් කමක් නැහැ වනජීවී කාර්යාලෙන්. අලියව නියුටර් කරන්න පුළුවන් නේද?. හැබැයි ඉතින් එකත් වදයක් තමා.

    ReplyDelete
  23. //උඹලා උඹලාගේ සිස්ටම් එක ඇතුලේ ඕන මගුලක් කරගත්තාට අපට කමක් නැත. හැබැයි අපේ අාතල් කඩන්න එපාය. අපේ ආතල් කඩන විට අපටද ආතල් කැඩීමට සිදුවේය//

    ReplyDelete