Friday, September 9, 2016

සතුටුදායක-කණගාටුදායක නඩු තීන්දුව!

මහාධිකරණ තීන්දුවට අනුව දුමින්ද සිල්වා එල්ලන්න නියමිතය. දුමින්ද විතරක් නොවේ, ඔහු සමඟ තවත් හතරකට මරණ දඬුවම නියම කර ඇත. දුමින්ද නිසා හතර දෙනෙකු මියගිය අතර තවත් හතර දෙනෙකුට මරණය හිමිවී ඇතැයි කීම වඩාත් නිවැරදිය.

පුද්ගලයා කවුරුන් වුවද කෙනෙකු මැරීම කණගාටුදායකය. මරන්නට නියමවී ඇති අය, තවත් ඝාතන සිදුකල අයවලුන් වීමෙන් ඔවුන්ට දඬුවම් ලැබීම සතුටුදායකය. ‍තීන්දුව, බෙදුනු තීන්දුවක් ලෙස ලැබීම කණගාටුදායකය. ඒකමතික තීන්දුවක් ලැබුනේ නම් සතුටුදායකය. ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති ගැන කියවෙන සමහර කතන්දර කණගාටුදායකය. එහෙත් බෙදුනු තීන්දුවක් දීමට තරම් ස්වාධීනත්වයක් විනිසුරු මඬුල්ලට තිබීම සතුටුදායකය.

තීන්දුව ප්‍රකාශ කල දිනයේ දුමින්දගේ නාට්‍ය පිටපත කණගාටුදායකය. මිනිසුන් මැරීමට තීන්දුව ලැබීම සතුටුදායක නොවන බවට හිරුණිකාගේ තේරුම්ගැනීම සතුටුදායකය. උසාවියෙන් පිටත අයුතු ජන රාශීන් පෙළගස්වා නඩු තීන්දුවට බලපෑම් කිරීම කණගාටුදායකය. තී්න්දුවට එරෙහිව කලහැකි නීත්‍යානුකූල ඉදිරි ක්‍රියාමාර්ගය වන අභියාචනා කිරීමට කටයුතු කරන බව පවසනු ඇසීම සතුටුදායකය.

නඩු තීන්දුව හමුවේ මාධ්‍යන්වල හැසිරීම කණගාටුදායකය. තීන්දුව කුමක්ද, දඬුවම් ලැබුනේ කාටද යන කාරණාවලට මූලිකත්වය ලැබුනේ නම් සතුටුදායකය. "බෙදුනු තීන්දුවක්" ලැබුනු බව උලුප්පා පෙන්වීම කණගාටුදායකය. එවැනි විකෘති කිරීම් වෙනුවෙන් යම් ගෙවීමක් මාධ්‍යවේදීන්ට ලැබුනේ නම් ඔවුන්ට සතුටුදායකය. තවත් සමහර මාධ්‍ය, ප්‍රතිවාදී මාධ්‍යකරුවාගේ සහෝදරයාගේ මරණ දඬුවමෙන් චූන් වීම කණගාටුදායකය. පෞද්ගලික මාධ්‍යට සාපේක්ෂව ආණ්ඩුවේ මාධ්‍යවල වාර්තාකරණය සතුටුදායකය.

නීතිය වල්වැදුන යුගයේ නඩුවේ තත්වය මතක් කිරීමත් කණගාටුදායකය. පමා වී හෝ බලපෑම්වලින් තොරව නීතිය ක්‍රියාත්මක වී යැයි සිතන්නට හැකි නම් සතුටුදායකය. එහෙත් නීතියට ඉහලින් සිටින පිරිසගේ ඩීල් ගැන මතක්වීම ඉතාමත් කණගාටුදායකය. එබැවින් නඩු තීන්දුව අභියාචනාධිකරණයේදී නැවත පරීක්ෂාවට ලක්වන තෙක් උෂාර් නොවී සිටීම අපේ පැත්තෙන් සතුටුදායකය.

පැටීගේ බ්ලොග් අඩවියෙන් අතුරු කතාවක්

28 comments:

  1. සමස්ථයක් ලෙස මරණ දඩුවමට අකමැතිය..

    ReplyDelete
    Replies
    1. මුගේ සිංහල ඉතා කණගාටුදායකය.

      Delete
  2. රාජ්ගේ වාර්තාකරනය සතුටුදායකය.

    ReplyDelete
  3. භාරත ලක්ෂ්මන් ඇතූළු සිව් පුද්ගල මිනීමැරුම ගැන නඩු තීන්දුව සම්බන්ධයෙන් මගේ නිරීක්ෂණ දෙකක්.

    1. අධිකරණය සහ ආණ්ඩුව එකිනෙක සම්බන්ධය යන බියකරු සිතුවිල්ල තවමත් බහුතරයක් දෙනා ගේ සිතෙන් බැහැර වී නැත.

    2. "ආ, ඔහොම වුණාට අන්තිමට වෙන්නේ මෙහෙමයි" යනුවෙන් බොහෝ දෙනා තවමත් අවනීතිය ම පතති.

    !

    ReplyDelete
    Replies
    1. "පතති"
      ඒක මිනිස්සුන්ගෙ වැරැද්දක් නෙවේ.
      හානා හීය පානා අඬහැරෙන් දැනේ
      යකාගෙ හැටියටලු විමානෙ
      තුවාලෙ තියන එකයි වේදනාව දන්නෙ
      ඉබ්බන්ගෙන් පිහාටු බලාපොරොත්තු වෙන්න බෑ
      ගිණි පෙනෙල්ලෙන් බැට කෑ එකා කණාමැදිරි එලියටත් බයයි

      Delete
  4. මරණ දඩුවමට මමත් අකමැතියි.කෙසේ නමුත් අධිකරණය ගැන සතුටුවිය හැකි මට්ටමේ තීන්දුවක් මහධිකරණයෙන් ලැබුණු බව කිව හැකියි.

    ReplyDelete
  5. සතුටුදායකද නැත්ද නිර්ණය වන්නේ කළින් තිබූ තත්ත්වයට සාපේක්ෂකවය. උදාහරණයකට පිළිකාවක් නොතිබූ පුද්ගලයෙකුට පිළිකාවක් ඇතිවීම අසතුටුදායක දෙයකි. එහෙත් ඖෂධ නිසා එම පිළිකාව පැතිරීම අඩුවීම සතුටුදායක දෙයකි. එබැවින් හිරුණිකා කිවූ දෙයට යටත්ව මෙය සතුටුදායකය. අභියාචනයේදී නෛතික කරුණු මත නොව වෙනයම් බලපෑමක් උඩ එය වෙනස් වන්නේ නම් එම තත්ත්වය ගැන සිතිය යුත්තේ එදාය.

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල අහන දකින දේවල් බැලුවම නීතිය ක්‍රියාත්මක වීම ගැන වුනත් බලන්න වෙන්නෙ සැකයෙන්. ඒකයි.

      Delete
  6. සුප්‍රීම් කෝට් එකේදිත් දුමින්දයාට එල්ලුම් ගහ ස්ථිර වෙනවා. බලන්න බොරුද කියලා. මම එදාට ප්‍රොෆයිල් එන්න මේ පෝස්ට් එක බුක්මාක් කරගන්නවා.

    ReplyDelete
    Replies
    1. එතකොට වලිය ඉවරවෙල තියෙයිද​

      Delete
  7. මේ ලිවිල්ල සමබර බැවින් සතුටුදායකය...

    ReplyDelete
  8. හරිහමන් කොමෙන්ට් එකක්වත් දාගන්න බැරිවීම ගැන කණගාටුදායකය.. :/

    ReplyDelete
  9. තීන්දුව ඉදිරියේදී වෙනස් නොවේ නම් සතුටුදායකය...

    ReplyDelete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  11. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  12. පෝස්ටුව සතුටුදායකය. උඹේ ලිවිල්ලක් නොවීම කණගාටුදායකය.

    ReplyDelete
    Replies
    1. අම්මපා හැලපයියේ කොහෙද ගිහින් හිටියේ. කෝ චන්ද්‍රක්කා. අපි මේ මග බලාගෙන ඉන්නේ විස්තර දැනගන්න.

      Delete
    2. පෝස්ටුවට පැසසුම් කමෙන්ට් ලැබීම සතුටුදායකය. පෝස්ටුව බාගෙට කියවා මගේ නොවේ යැයි කීම කණගාටුදායකය.

      Delete
  13. මිනිසෙක් මැරීම දුක්ඛදායකය. මරපු එකාව අවුරුදු ගානකින් පසු මරන්නට නියමවීමද හීනියට දුක්ඛදායකය. රටේ නීතියක් ඇති බව ජනතාව විශ්වාස කිරීම සුබදායකය. මටද මෙයට කොමෙන්ටුවකින් දායකවීමට ලැබීම සතුටුදායකය.

    ReplyDelete
  14. දුමින්දට දඬුවම් ලැබීමත්, වැට් එක අකුලා ගන්නට වීමත් සතුටුදායකය.

    ReplyDelete
  15. බ්ලොග්, නිතර කියවන්නට ඉඩක් නොලැබීම කණගාටුදායකය. ඉඳ හිට හෝ මෙවැන්නක්ම කියවන්නට ලැබීම සතුටුදායකය.

    ReplyDelete
  16. ඔව් මේක සතුටු වෙන්නද? අසතුටු වෙන්නද කියලා හිතා ගන්න බැරි නඩු තීන්දුවක්.
    භාරත ඝාතන සිදුවීම රාජපක්ෂ රජයේ අතිශයින්ම කලුවන් කලු පැල්ලමකි. නීතිය හා නීතිය ක්‍රියාත්මක වීම විහිළුවක් වූ තැනෙකි.

    එහෙත් අද ලැබෙන තීන්දුව ?

    ReplyDelete
  17. "එබැවින් නඩු තීන්දුව අභියාචනාධිකරණයේදී නැවත පරීක්ෂාවට ලක්වන තෙක් උෂාර් නොවී සිටීම අපේ පැත්තෙන් සතුටුදායකය."

    සැබවින්ම අධිකරණයක් විසින් අධිකරණමය මනසකින් යුතුව සලකාබැලිය යුත්තේ අධිකරණය ඉදිරියේ ඇති සාක්ෂි පිළිබඳව පමණි.

    ReplyDelete
  18. මෙම තීන්දුව නැවත සලකා බැලීමට ලක්කෙරෙන්නේ අභියාචනාධිකරණයයේ නොව ශ්‍රේෂ්ඨාධීකරණයේදීයි. ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කළ බව අද අසන්නට ලැබුනා - මෙය සැබවින්ම බෙදුනු තීන්දුවක් - ඇතැම් විට අප කැමති වුනත් නැතත් දුමින්ද සිල්වා ශ්‍රේෂාඨාධිකරණය මඟින් නිදොස් කර නිදහස් කිරීමට අවකාශ තිබෙනවා - උසාවියේදී වැදගත් වන්නේ හරි වැරැද්ද නොව ඉදිරිපත් වූ සාක්ෂියි ( නව සාක්ෂි කැඳවීමක් සිදු නොවේවි කියා සිතනවා)

    ReplyDelete
  19. ඔබ නිවැරදිය. මේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විනිසුරන් පස්දෙනෙකු ඉදිරියේ විභාගවනු ඇත. සාමාන්‍යයෙන් අභියාචනයකදී නව සාක්ෂි කැඳවීමක් සිදුනොවේ. නමුත් සුවිශේෂී අවස්ථාවකදී නව හෝ නැවත සාක්ෂි කැඳවීමක් සිදුකළ හැකිය.

    එසේම අධිකරණය විසින් අවශ්‍යයයි සිතන්නේනම් "amicus curiae"(an impartial adviser to a court of law in a particular case) කෙනෙකුගේ සහය ලබාගැනීමට අවකාශ ඇත.

    මේ නඩුව විභාග කළ මුල් අධිකරණය වන මහාධිකරණය විසින් බෙදුණු නඩු තීන්දුවක් ලබාදීම මතම අභියාචනය සාර්ථක වේ යැයි පූර්ව නිගමනයකට පැමිණිය නොහැකිය.

    මා පෙර කමෙන්ටුවේද පවසා ඇත්තේ සැබවින්ම අධිකරණයක් විසින් අධිකරණමය මනසකින් යුතුව සලකාබැලිය යුත්තේ අධිකරණය ඉදිරියේ ඇති සාක්ෂි පිළිබඳව පමණක් බවයි.

    මේ නඩුවේ සම්පුර්ණ තීන්දුව මා කියවා නොමැත. නමුත් එසේ නොකියවා එක් වෙබ් අඩවියක් විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කළයුතු යයි මතය ප්‍රකාශ කළ මේ නඩුවේ සභාපති විනිසුරුවරයා පිලිබඳ ඉතා පහත් මට්ටමේ විවේචනයක යෙදී තිබුණේ ඔහුගේ පුද්ගලික දුරකථන අංක පවා සඳහන් කරමිනි.

    නඩු තීන්දුවක් විවේචන කිරීමට මාධ්‍යයන්ට පමණක් නොව සාමාන්‍ය පුරවැසියන්ටද අයිතියක් ඇත. නමුත් ඒ විවේචනයන් හේතු සහගත විය යුතුය. "සැබෑ යහ පාලනය" සහ වල් බූරු නිදහස යනු දෙකකි.

    ReplyDelete