Friday, November 18, 2016

බුදු ආතල්

සමන්තභද්‍ර බුදුවෙලාද......???

ගරු කත‍ානායකතුමනි, දැං බලන්න අර සමන්තභද්‍ර හාමුදුරුවො බුදුවෙලාලු. ඒ මදිවට පිලිමයකුත් හදලලු. බුදුවුනා නං යමාමහ පෙලහර පාල මේ සභාව දැනුවත් කරන්න ඕන. එහෙම නැත්තං මේක කුමන්ත්‍රණයක්.
-විමල් වීරවංශ

සමන්තභද්‍ර බුදුහාමුදුරුවන් ලඟ තියන වස්තුව දිහා බැලුවම කියන්න පුළුවන් එක පාරමිතාවකට මිලියනයක් දෙකක් වෙන්න සල්ලි තියන බව.
-දයාසිරි ජයසේකර

අපේ ඊලඟ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටපතක් උන්වහන්සේටත් යවන්න ඕන.
-අනුර කුමාර දිසානායක.

ඕන ගොනෙකුට පුළුවන් බුදුවෙන්න.
-ලක්‍ෂ්මන් කිරිඇල්ල

මාත් යන්න ඕන වැඳල එන්න... පහුගිය කාලෙ වැන්ද එවුන්ගෙ හැටියට සමන්තයට වැන්ද කියල අවුලක් ඇත්තෙම නෑ.
-අකිල විරාජ්

මේගොල්ල කොහේ බුදුවෙන්නද හාමුදුරුවනේ, අපේ තාත්තටත් බැරිවුන එකේ
-නාමල්

අපි දැං අපේ අමාත්‍යාංශය යටතේ බුදු මීටරයක් හදාගෙන යනව. මේක මහා නායක ස්වාමීන්වහන්සේලාටත් පෙන්නල උන්වහන්සේලාගෙ අනුමැතියත් ඇතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනව. ඊට පස්සෙ කාටවත් බෑ බොරුවට බුදුවෙන්න.
-විජේදාස රාජපක්ෂ

මගේ පියා වන ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සංකල්පයක් අනුව සැමට රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ උන්වහන්සේටත් රැකියාවක් ලබාදෙන්න සජිත් ප්‍රේමදාස වන මම කටයුතු කරන බව කියන්න කැමතියි මිත්‍රවරුනි. ලේකම් මහත්තයා, ‍උන්වහන්සෙගෙ උස මැනගෙන එන්න.
-සජිත් ප්‍රේමදාස.

අපි බලනව උන්වහන්සෙ ඇත්තටම බුදුවෙලාද කියල. හැබැයි බොරු කරල තිබුනොත් නං සිවුර ගලවල හෙලුවෙං පාරෙ දනගාවනව.
-එස්බී

යහපාලනය කියන්නෙ ඒකයි. ඕන කෙනෙකුට බුදුවෙන්න පුළුවන්. පහුගිය කාලෙ එහෙම තත්වයක් තිබුනෙ නෑනෙ.
-මහින්ද අමරවීර

බුදුවෙන්න අමාරු නං සෝවාන් වෙනවකෝ.
-ජෝන් අමරතුංග

ඔව්. අපි සලකා බලමින් යනව බුදුවෙච්ච අයගෙන් සීයට දහයක බද්දක් අයකරන්න. ඒ පිළිබඳව යෝජනාව ලඟදිම පාර්ලිමේන්තුවට ගේනව.
-රවී කරුණානායක

යහපාලනය යටතේ බුදුවරුන් දසලක්ෂයක් බිහිකරන්න අපි බලාපොරොත්තු වෙනව. සමන්ත හාමුදුරුවො කියන්නෙ එක්කෙනෙක් විතරයි
-රනිල්

දැං බලන්න අර සමන්ත බුදුහාමුදුරුවන්ටත් ඉන්න දෙන්නෙ නෑනෙ. ලඟදි එයත් එෆ්සීඅයිඩී ගෙනියයි. ලෑස්ති වෙලා ඉන්න... මගේ කාලෙ ඔහොම වු‍නේ නෑ.
-මහින්ද

බුදුවෙලාලු නේ? මාත් දැක්කෙ පත්තරෙං හිටං
-මෛත්‍රී

ඉඳල ඉඳල මාත් මොකක් හරි ඇඩ්එකක් දැම්ම ගමං මුං රිලව් වගේ උඩපනිනව. අනේ තොපි වගේ මැටි රැළක්.
-සමන්තභද්‍ර

24 comments:

  1. 😀!
    ලඟදී ඉඳන් අතුල සද්දයක් නැත්තේ මොකො? අතුලව දමනය කරගෙන මහණකරවගෙනවත්ද?

    ReplyDelete
    Replies
    1. මම තුලාවෙත් නැති නිසා අතුල නං දැක්කෙ නෑ.

      Delete
    2. අතුල කිව්වේ අපේ චෙෆාකිද?

      Delete
  2. සමන්තභද්‍ර ගැන මහනායක හිමිවරුන් බලා ගනීවි. අප කලබල වෙන්න ඕන නැහැ. ඒත් අර මහා බැංකුවේ ස්වාධීනත්වය නැති කරන්න යනවා කියලා එහි හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු කියලා තියෙන එක ගැන සමන්තභද්‍ර දන්නෙ නැතිව ඇති. දන්නව නම් මහා පාරෙ එක බසයක්වත් දුවන්නෙ නැහැ. එහෙනම් බස් දුවන්නෙ රේල් පාරෙ ද කියලා මගෙන් අහන්න එපා. රේල් පාරෙ දුවන බස් නම් තියෙන බව මා දන්නවා. ඒවා බස් ම නො වෙයි. කොහොම වුනත් ඒක ගැන වාද කරන්න මා සූදානම් නැහැ. මා කිසිම දෙයක් ගැන කාලෝ ෆොන්සේකා හැරෙන්්න වෙන කා සමගවත් වාද කරන්නෙ නැහැ. කාලෝ සමගත් වාද කරන්නෙ බටහිර විද්‍යාව පට්ටපල් බොරු ද කියන එක නොපෙනෙන මානය ආදී දේ ගැන විතරයි. ඔහු ඊනියා යථාර්ථවාදයෙ ලංකාවෙ නියෝජිතය වගේ කටයුතු කරන්නෙ.

    නලින් ද සිල්වා

    ReplyDelete
    Replies
    1. ඔයා මේකට කමන්ට් කරන්න දෙවියන්ගෙන් අවසර ගත්තද?? මොකද යුරෝපීය තාක්ෂණය මත පිහිටවු දෙයක් මේක..

      Delete
  3. බලන්ඩ අනේ සමන්තයා බුදු වෙලා පිළිම ගහනකං මට ඉන්න බැරි උනා නේ..

    ---අගතියට පත් නූතන විසාකාව

    ReplyDelete
  4. උෟ බුදු උනා කියල මට තියෙන වාසිය මොකක්ද?

    මද්දා,,,,

    ReplyDelete
  5. ඒ සිරාවටම "බුදු"ආතල් කියන්නේ මෙව්වාට වෙන්න ඇති නේ බං.

    ReplyDelete
  6. රාජ් ඔන්න අපිත් ආවා එහෙනම්. හැලප කඩෙන් තමා පාර අහගත්තෙ. ජය බෝලි නාත් !

    ReplyDelete
  7. මෙහෙම වෙන්න දෙන්න බැහැ. බුදුවන සියලු දෙනා වැට් අයකරගැනීම සඳහා මහබැංකුවේ ලියාපදිංචි වියයුතුයි.

    ReplyDelete
  8. නොදකින් මුන් බුදුවෙලා අපිට පවු පුරවන හැටි

    ReplyDelete
  9. 512,029 ක් වූ බුදුවරු අතුරින් තමන්ගේ පිළිමයකට තමන්ම මල් පූජා කල 'බුදු හිමි' සමන්තභද්‍ර බව මෙයින් සහතික කරමු.

    මීට ගිනස් වාර්ථා පොතේ සංස්කාරක මණ්ඩලය

    ReplyDelete
    Replies
    1. @ ඉයන්

      කෝසල බිම්බ වර්ණනාව නමින් මහනුවර යුගයේදී සම්පාදනය වුණු කෘතියක් තිබෙනවා. පළමු බුදු පිළිමය බුදුන් වහන්සේ ජීවමාන දවස කොසොල් රජතුමා විසින් සඳුන් කොටයකින් නිර්මාණය කරපු ආකාරය ඒ කෘතියේ විස්තර කෙරෙනවා.

      මෙහි විශේෂත්වය වෙන්නේ බුදුන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව මේ බුදු පිළිමය නිර්මාණය වීම වගේම ඒ බුදු පිළිමයට පළමුවෙන්ම මල් පූජා කරලා වන්දනා කරන්නෙත් බුදු වහන්සේ වීම.

      Delete
  10. ඉඳල ඉඳල මාත් මොකක් හරි ඇඩ්එකක් දැම්ම ගමං මුං රිලව් වගේ උඩපනිනව. අනේ තොපි වගේ මැටි රැළක්.
    -සමන්තභද්‍ර///// ha ha ha

    ReplyDelete
  11. ඕන ගොනෙකුට පුළුවන් බුදුවෙන්න.
    -ලක්‍ෂ්මන් කිරිඇල්ල
    ++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  12. මමත් බුදු වී ගෙන යන්නේ. ඒ ගමන්ම පිළිමයක් හදන්න සල්ලි සම්මාදමෙත් යනවා. මොකද බුදු වුණු ගමන් පිළිමයක් හැදුවේ නැත්නම් බුදු වුණු එකේ තේරුමකුත් නෑ. නැද්ද මං අහන්නේ?

    ReplyDelete
  13. පට්ටම ආතල් පත්තරෙන් දැක්ක කතාව බං......... අම්මපා උඹ නං සුපර් පදහදන්නෙක් බං.......

    ReplyDelete
  14. මුන්ට ඔච්චර සල්ලි කොහෙන්ද? කලු සල්ලි සුදු කරන තැනක්ද?

    ReplyDelete
  15. ///ඉඳල ඉඳල මාත් මොකක් හරි ඇඩ්එකක් දැම්ම ගමං මුං රිලව් වගේ උඩපනිනව. අනේ තොපි වගේ මැටි රැළක්.
    -සමන්තභද්‍ර///

    මේක තමයි ඇත්ත...

    ReplyDelete
  16. බුදුවන්නට යන සියලු දෙනා වත්කම් හෙළි කල යුතුයි.

    මැ.කො.

    ReplyDelete
  17. සමන්ත අති දක්ෂයෙකි... ඒත් ප්‍රතිරූපය හදා ගන්නට ගොස් නාන්නේය

    ReplyDelete
  18. සමන්ත අති දක්ෂයෙකි... ඒත් ප්‍රතිරූපය හදා ගන්නට ගොස් නාන්නේය

    ReplyDelete