Monday, December 5, 2016

කුමාර්, ජවිපෙ සහ වාම දේශපාලනය.

කුමාර් ගුණරත්නම් නිදහස් විය. වැඩි සද්ද බද්ද නැත. ඔහුගේ මව පැමිණ පුතු වැලඳගැනීමේ දසුන සංවේදීය. කොහොමටත් හිරේ ගිය පුතුන් නිදහස් වීම මවුවරුන්ට සතුටකි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයාට පසුගිය වසර කිහිපය තුල සිදුවූ අලකලංචි අනන්ත අප්‍රමාණය. ජවිපෙන් කුට්ටියක් කඩාගෙන අලුතෙන් පක්ෂය පිහිටුවීමත් ඒ හා සමාන්තරව ඔහු හා දිමුතු ආටිගල පැහැරගැනීමත් ඉන් අනතුරුව ඕස්ට්‍රේලියාව බලා යාමත් යලි මව්රටට පැමිණ වීසා නොමැතිව රැඳී සිටීම හේතුවෙන් අත්අඩංගුවට පත්වීමත් ඒ අතර ප්‍රධානය. කුමාර් මහතාට සිදුවූ මේ ඇබැද්දි රටේ දේශපාලනය පැත්තෙන් සහ ඔවුන්ගේම වාමාංශික දේශපාලනය අධ්‍යයනය කිරීමට හොඳ කේස් ස්ටඩියක්ය.

කුමාර් ජවිපෙට සම්බන්ධව සිටියේ තිරය පිටුපස හැංගුනු චරිතයක් ලෙසය. ඇතැමෙකුට අනුව කලක් ජවිපෙ නිල නොලත් නායකයාගේ භූමිකාවද ඔහු විසින් රඟදැක්වූ බව කියවේ. අනූව දශකයේ මැද භාගය වනවිට රටේ පැවති තත්වය අනුව දේශපාලන හැංගිමුත්තන් සෙල්ලම් කිරීමේ අවශ්‍යතාවයක් නොවීය. එහෙත් කුමාර් සිටියේ තිරය පිටුපසය. සැඟවුනු න‍ායකයෙකු සිටීම පක්ෂයට මාර මෙව්ව එකක් තිබුන නිසා විය හැකිය. හැංගිමුත්තන් සෙල්ලමට බොහෝ දෙනෙක් මනාපය.

ඉන්පසුව ආරම්භ වූයේ හතුරු මිතුරු සෙල්ලමයි. කුමාර් තවත් පිරිසක් සමඟ ජවිපෙන් ගැලවී ගිය අතර වාමාංශිකයන්ට ආවේනික වෛරය එතැනින් ආරම්භ විය. වාමාංශිකයන්ගේ සෙල්ලමට සම්බන්ධ වූ ආණ්ඩුවද කුමාර් සහ දිමුතු පැහැරගෙන පුවත් මවමින් උපරිම ලෙස ආතල් ගත් අතර කුමාර් යනුවෙන් අයෙකු නොදන්නා බව කියමින් ජවිපෙ පශ්චාත්භාගය පොලවේ ගසාගත්තේය. ඔවුන් පැහැරගැනීමට ජවිපෙන්ද උදව් ලැබුනු බව පසුව කියවුනි.

කෙසේ වුවත් වසරකට පසුව කුමාර් ගුණරත්නම් අර්ධ වශයෙන් නිදහස ලබා ඇති අතර එය පූර්ණත්වයට පත්වීමට නම් ඔහුගේ පුරවැසිභ‍ාවය සම්බන්ධ අවුල විසඳාගත යුතුය. ලංකාවේ රැඳී සිටිමින් දේශපාලනය කටයුතුවලට සම්බන්ධ වීමට ඔහුට අවශ්‍ය නම් අපරාධකරුවකු නොවන ඔහුට ඒ අවස්ථාව ලබාදීම 'යහපාලන රජයේ' වගකීමයි. මැවිසුරුවරයෙකු ලෙස සුවපහසු ජීවිතයක් ගතකිරීමට හැකිව තිබියදී ඔහුගේ තේරීම දේශපාලනය විය. එසේ හෙයින් කුමාර් ගුණරත්නම් නෙලාගත්තේ ඔවුන් විසින්ම වැපිරූ අස්වැන්න වන අතර ඔහු යලිත් බසින්නේ ඒ වගා භූමියටමය!

17 comments:

  1. කුමාර් ගුණරත්නම් නිදහස් වෙන දවසේ මාධ්‍යවල ප්‍රමුඛ අවධානය තිබ්බේ බස් වර්ජනයට.ඒ නිසා වෙන්න පුළුවන් මේක ලොකු පුවතක් නොවුනේ.
    කොහොම නමුත් ගුණරත්නම්ගෙව දේශපාලන අයිතිය රැකදීම ආණ්ඩුවේ යුතුකමක්.මොකද ගුණරත්නම් සුදානම් තමන්ගේ ඕස්ට්‍රේලියානු පුරවැසිබව අතහරින්න.ආණ්ඩුවට ජවිපෙ එක්ක ඩිල් එකක් නැතිනම් ගුනරත්නම්ට පුරවැසිභාවය දෙන එකට විරුද්ධ වෙන්න දෙයක් නැහැනේ.

    ReplyDelete
  2. ඇත්තමට මේ සම්බන්ධ නීතිමය සම්බන්දෙ ගැන මට අවබෝධයක් නෑ.කොහොම වුණත් කුමර ගුණරත්නම්ට වුවත් නීතිය ඉදිරියේ එක සමාන සැලකීමක් අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම දිමුතු ආටිගලගෙ පැහර ගැනීම මට හිතෙන්නේ ඒ කාලවකවානුව තුළ අවධානය දිනා ගැනීමට කළ එකක් වගේ.කුමාර ගුණරත්නම් වුනත් එහෙමයි

    ReplyDelete
    Replies
    1. කවුද බොරු කරන්නෙ කියල හිතාගන්න බැරි සිදුවීම් ටිකක්

      Delete
  3. කවුරුහරි කියල තිබ්බ ලොකු අවුලක් ගැන...
    කුමාර් නිදහස් වෙයි කියල පක්ෂෙ බයේලු හිටියෙ...
    මොකද නිදහස් වුණොත් විප්ලවේ කරන්න වෙනවනේ

    ReplyDelete
  4. http://mallepol.blogspot.com/2016/04/blog-post_29.html

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමයි එහෙනං. :-)

      Delete
  5. කුමාර් කලින් නිදහස් නොවුනේ ජවිපෙ සහ ආණ්ඩුව අතර තිබුන ඩීල් එකක් නිසා කියලා හිතෙන්නෙ මට විතරද

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. උඹට කියන්න.. මේ මෑතක් වෙනකං මං හිතං හිටියෙ කුමාර් ගුණරත්නම් හා දීප්ති කුමාර ගුණරත්න කියන්නේ දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් කියල.. ඕං මගේ දේශපාලන දැනුමේ තරම.. ඉතිං කෝමෙයි මේවට කොමෙන්ට් කරන්නේ..

    ReplyDelete
    Replies
    1. පක්‍ෂ දෙකේ නම් දෙකත් පෙරටුගාමී සමාජවාදී නේ!

      Delete
  8. කුමාර් ගුණරත්නම්ගේ දේශපාලන අයිතියට ගරු කරමු. ඉන්නෙ කොහෙද කියලා තීරනය කරලා ඉන්න වෙයි මුලින්ම.

    ReplyDelete
  9. මේගොල්ලෝ දේශපාලන ක්ෂේත්‍රයේ ඉඳියි. ඔහේ කෑගගහා, විශ්ව විද්‍යාල ළමයි පාරවල් දිගේ දක්කමින්, උන්ට කඳුළු ගෑස්, වතුර, බැටන් ප්‍රහාර කන්න සලස්වමින්, උන්ව, නොපෙනෙන අනන්තයක ඇති විප්ලවයක් කරා දක්කන්න හදයි. හැබැයි, ඔවුන් අන්තිම අවුරුදු දෙකේ හොඳට පාඩම් කරලා, රස්සාවක් අරන් වැඩට යද්දී, මේ උද්ඝෝෂණ දැක්කම, 'අම්මපා මුන්ටනම් පිස්සු' කියයි. ඔච්චර තමා කුමාර්ලගේ විප්ලවය.

    ReplyDelete
  10. දේශපාලන අයිතිය දීලා රටේ තියෙන ප්‍රශ්න තව ටිකක් වැඩිකරගන්න පුලුවන්.

    ReplyDelete