දකින දකින තැන බලන බලන තැන අස්සක් මුල්ලක් නෑර සල්ලි බෙදන පෙරලිකාර යහපාලනේ අපි තවත් වාසනාවන්තයෙක් හොයාගෙන අටකලම්පන්නට ආව.....
"ගෙදර කවුද.......?"
"අපි ආවෙ පොඩි සමීක්ෂණයකට..... ඔයාගෙ නම කියන්න"
"පී.කේ. සරළලතා..... පිස්සු කෙලිනගේ සරළලතා"
"හරි.....සරළලතා මහතිමියගෙ ගෙදර වෙන කවුද ඉන්නෙ?"
"මායි මහත්තයයි දරුවො තුන්දෙනයි අම්මයි...."
"හරි.....කැමතිම බීම ජාතිය මොකද්ද?"
"මහත්තය නං බියර්..... අපි නං මයිලෝ"
"බොහොම හොඳයි.... දෙදාස් පාලහේ ජනවාරි අට ඡන්දෙ දුන්කෙ කාටද?"
"යහපාලනේට!" [විසිල් බල්ටි සමඟ අත්පොලසන් නාදය පසුබිමින්.......]
"යහපාලන..........ය............... ඔව්..... ඡන්දෙ දුන්නෙ යහපාලනයට කිව්ව නිසා සරළලතාට අපි දෙනව මෙන්න මේ මුදල....... එහෙනං කට්ටියත් එක්ක සද්දෙට ගනං කරන්න බලන්න...."
"දාහායි... දෙදාහායි.... තුන්දාහායි..... හාරදාහායි..... පන්දාහායි.....හයදාහායි....... හත්දාහායි....... අටදාහායි...... නවදාහායි..... නවදාස් පන්සීයායි...."
"ඔව් යහපාලනේට ඡන්දෙ දුන්න නිසා රුපියල් නවදාස් පන්සීයක් සරළලතාට හිමිවෙනව..... මොකද හිතෙන්නෙ?"
"ඇත්තටම සංතෝසයි.... අපි ඡන්දෙ දුන්නෙ යහපාලනේට තමයි....."
"ඔව්... කියන්න බලන්න යහපාලනේ ප්‍රතිපල ටික මතකෙන්....."
"ඔව් ජනවාරි අට ඡන්දෙ දීල හිටං තුමා පත්කරගත්ත ඒකෙන් අපිට ලොකු සහනයක් ලැබුන..... ඊට පස්සෙ හිරුනිකා නෝන ඩිපෙන්ඩරේකින් ගිහිල්ල අසරණ තරුණයෙකුට යුක්තිය ඉෂ්ඨ කලා හරිම සතුටුයි ඒ ගැන..... ඊටත් පස්සෙ මාස්ටර් මයින්ඩඩ් අගමැතිතුමයි යාලුවයි එයාගෙ බෑනයි මහබැංකුව කැඩුව, අගමැතිතුමාගෙ මොලේ තියන තැන ඒකෙන් දැනගත්ත.....ඊට පස්සෙ හිටං තුමා නන්ස්ටොප් ආතල් දෙන්න ගත්ත, ඒව ඇහුවම වැඩ කරපු මහන්සිය නැතිවෙනව..... අපි හැමදාම යහපාලනේ එක්කයි. යහපාලනේ මගේ පන වගේ!"
"අන්න ඒ වගේ අපි ඔබේ නිවසට කාර්යාලෙට ගොඩවෙලා ඇහුවත්, බස්හෝල්ට් එකේදි කඩපිලේදි ත්‍රීවීල් එකේදි ඇහුවත් ඡන්දෙ දුන්නෙ යහපාලනේට කියල කිව්වොත්......."
"සල්ලි තමයි!"
Tuesday, November 14, 2017
යහපාලනේ කිව්වොත් සල්ලි තමයි.....
Subscribe to:
Post Comments (Atom)
මාමායි බෑනයි සෝ එක තිබ්බ නං අපිට නමදාස් පන්සීයකට වැඩිය හම්බෙන්න තිබ්බා... බයි පාලනේ අහන අයට නං හම්බුවෙන ගාන වැඩියි කියල ගොසිප් එකකුත් ගියා.
ReplyDeleteඒකනම් පට්ටයි... ;)
ReplyDeleteඅටකලන්පන්නේ මොකෝ රාජ් මහත්තය කරන්නේ?
ReplyDeleteඉදලා ඉදලා බ්ලොග් බලන්න ආවා මේ වේටින් ලිස්ට් එකක ඉන්න ගමන්.
බලාගෙන ගියාම කොයි පාලනෙත් යම පාලනේට එහා නේ?
!
ReplyDeleteමිනිස්සු දුප්පත් කමට වාසෙක්තමි සැත්කම කරලා රුපියල් පන්සීයක් ගත්තු කාලෙකුත් තිබුණා
දැන් දහදාහේ ඒවා ඒවා නිකම් බෙදනවා
ඒ ලංකාවේ, ඉන්දියාවේ කෝච්චියේ හොර්න් ගිහින් අහුවෙලා, දඩ ගෙවන්න බැරි අය පෝලිම් ගස්සල ඉස්පිරිතාලේ ගෙනිහින් වසේක්තමි කරලු, කාන්තාවෝ ටිකට් නැතිව හොරෙන් යන්නේ නැතිලුනේ. ජොබ් ඉන්ටෙර්විව් වලට යනකොට අහුවෙන වුන් ඩොකාට වඳිනවලු නල දෙකම එපා එකක් විතරක් කපන්න කියල.
Deleteඅයිසෙ රාජ්, තමුසෙ බුකියෙ බින්න බැහැගෙන ඉන්නෙ මාසෙකට එකක්වත් මේකෙත් මොනව හරි ලියල දානව.
ReplyDelete++++++++++++ :))))
Delete:-D
ReplyDeleteමේක හරියට මර්වින් සිල්වා රජ වුනා වගේ ඕයි හරියට.
ReplyDeleteඑලකිරි
ReplyDeleteජ ය වේ වා ර්!!!
මොකද යකෝ මේ සල්ලි බෙදන හැම එකාම අටකලන්පන්නෙටම එන්නෙ.
ReplyDeleteමොලේ නැතිව උපන් එවුන් එහෙ ඉන්න නිසා
Deleteදැනුවත් උනා. ස්තුතියි.
Deleteමඩු වලිගයක් නැද්ද හිටං ?
ReplyDeleteබියර් ජනතාවගේ පානය කියලා සිංහ්ැඩි එකආයෙ දැම්මානම් හරි. දැන් වතුරත් හිඳිනෙවනෙ
ReplyDeleteවිචාරක දියණිය
ඔච්චරයි අඩු රාජ්... තව ටික දවසකිං ඡන්දෙත් අල්ලල මුං සල්ලිත් බෙදයි.
ReplyDeleteඅපිත් හැමදාම යහපලනේට තමයි හිටං.. යහපාලනේ අපෙත් පණ (ගියා) වගේ.. :)))
ReplyDeleteකමක් නැහැ දුමින්ද අයියා නැති කොට මෙයාලා හරි සල්ලි දෙනවනේ..
ReplyDeletesinhala sub
ReplyDeleteපට්ට ආතල්.
ReplyDeleteතලතා නෝනා මක් කොරන්නෙයි. සොරි සරලලතා. මේ ලංකාවේ ඔයිට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ මචං. මාරුවෙන් මාරුවට දෙමු.
ReplyDeleteහැබැයි යහපාලනේ වෙනුවෙන් ඇත්තටම සල්ලිවලට ලියන පිරිසකුත් ඉන්නවාදො කියල හිතේ සැකයක් ඇතේ
ReplyDeleteබුරුවා තාම තියාගෙන ඉන්නැතිව ලිහල අශ්වයක් ගෙනැල්ල මොකක් හරි මේකේ ලියහං..
ReplyDeleteඅටකලන්පන්නෙ සල්ලි ගත්ත එකෙක් මේ කොමෙන්ට් එක දාන්නෙ.
ReplyDeleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
ReplyDelete
ReplyDeleteشركة تنظيف مكيفات سبليت بالرياض
تمتلك افضل الطرق والمعدات في تنظيف الواحدات الداخلية والخارجية للمكيفات توفر تنظيف المكيفات الاسبلت الفريون الكاست شركة غسيل مكيفات توفر خدمة تعبئة الفريون بسعر مميز شركة نظافة مكيفات تساعد علي رفع كفاءة التشغيل مرة اخري
شركة تنظيف مسابح بالرياض
شركة تسليك مجارى بالرياض
افضل شركه تنظيف بالرياض شركه الصفرات تقوم الشركه باداء الخدمه على افضل وجه. حيث ان الشركه تمتلك عماله محترفه ومدربه فى كافه الخدمات التى تقدمها الشركه .تقدم شركتنا العماله المتعدده الجنسيات المدربه على احث وسائل واجهزه التنظيف العالميه المتسورده
ReplyDelete%تهتم الشركه اهتماما كبيرا براحه العميل والاسره حيث ان الشركه تمتلك احث الاجهزه التى لا تسبب ازعاح افراد الاسره كما ان الشركه تضمن للعميل ضمان الخدمه المتفق عليها مسبقا وبالاسعار المتفق عليها تقدم الشركه لعملائها الكرام خصومات تصل الى 30
طواااااااااال العام شركه الصفرات جائت بكافه الخدمات من اجل سعادتك وعدم انشغالك بخدمات التنظيف. الشركه مسؤله عن كافه متتطلبات التنظيف ولا تطلب من العميل اى شي .اهم ما يميز شركتنا هى سرعه استجابه طلب الخدمه فى كافحه انحاء الرياض الشركه
تعمل طوال الاربعه وعشرون ساعه يوميا شركه الصفرات من اضمن الشركات بالرياض على الاطلاق من حيث العماله وادوات واجهزه التنظيف ومواد العزل وادوات كشف التسريبات تمتلك الشركه افض انواع المنظفات المستورده شركه الصفرات فى خدمتك وخدمه اسرتك فى اى
.وقت كل ما عليك هو التواصل مع مندوبنا عبر الارقام الموضحه سيصك فريق العمل المتخصص بافضل المعدات لأداء الخدمه المطلوبه
شركة الصفرات لتنظيف المنازل بالرياض
شركة الصفرات لعزل الاسطح بالرياض
شركة الصفرات لتنظيف المجالس بالرياض
شركة الصفرات لتنظيف السجاد بالرياض
شركة الصفرات لنقل الاثاث بالرياض
شركة الصفرات لمكافحة الحشرات بالرياض
شركة الصفرات لكشف التسربات بالرياض
شركة الصفرات لتنظيف المسابح بالرياض
شركة الصفرات لتنظيف الخزانات بالرياض
شركة الصفرات لتسليك المجاري بالرياض