Friday, May 27, 2011

comments මොකටද...............?

මම ඉස්සර වෙලාම බ්ලොග් කියවන්න ගත්තෙ මීට අවුරැද්දකට විතර කලින්.ඒකත් සිද්ධවුනේ අහම්බෙන් වගේ.ඒ දවස්වල මම ජාලෙට ඇවිල්ලා සිංහල ** හොයන්න ගූගල් එකට ගිහිල්ලා ටයිප් කරන්නෙ "sinhala ****" කියලා.sinhala .. කියලා ටයිප් කරනකොට sinhala blog කියලා sugession එනවනේ. අන්න ඒව‍ගෙ වෙලාවක තමයි බ්ලොග් කියවන්න සෙට් වුනේ.ගොඩාක් බ්ලොග් වල තිබුනා comment එකක් දාන්න,ඔබේ අදහස් හරි වටිනවා,..වගේ දේවල්.එතකොට මම කල්පනා කලේ මොකටද comments ඕනවෙන්නෙ කියල. ඊටත් ගොඩාක් කාලෙකට පස්සේ මමත් මේ බ්ලොග් එක පටන් ගත්තේ මෙන්න මේ පෝස්ට් එක බලලා.බ්ලොග් එක පබ්ලිෂ් කලාට සින්ඩියට එකතු කලේ නෑ.මොකද මට ලියන්න දෙයක් නැතිවේවි,මම ලියන ඒවා අනිත් අයගේ තරම් හොද නැතිවේවි,වගේ ඔලුවෙ වැඩ කරපු වෛරස් නිසා.ඊයෙ හවස මාරයාගෙ මෙන්න මේ පෝස්ට් එක දැකලා මමත් නිකමට බ්ලොගේ ලිපිනෙ දැම්ම.අද උදේ බ්ලොග් එකට ගිහිලිලා බැලුවා නිකමට comments එකක්වත් ඇති කියලා.‍......... බලනකොට එකක්වත් නෑ.පස්යෙ මේල් එක ඕපන් කලාම තමයි දැක්කේ 5 දෙනෙක් comment දාලා කියලා. බ්ලොග් ලියන අයට comments කොච්චර වටිනවද කියල හිතන්න බ්ලොග් ලියන්නම ඔන. හැමෝටම ස්තුතියි!පස්සෙ හමුවෙමු.

12 comments:

  1. මං හිතන්නේ මං ටිකක් පරක්කුයි වගේ...රාජ් කියලා තියෙන්නේ කලින් ලිපිය ගැන වෙන්න ඇති..ඒත් කමක් නැහැ ඔන්න මං මේ අළුත් ලිපියට කමෙන්ට් කරලා යන්නං...
    කමෙන්ට් වැදගත් තමයි..හිට්ස් අපිව ධෛර්යමත් කරනවා තමයි..ඒත් ඒ දේවල් ගැනම නොහිතා තමන් දන්න දේ..වින්ද දේ ගැන වචනයක් හරි ලියන එක වැදගත්..මොකද ලොකේ කොහේ හරි අපි ලියන දේ හොයන කෙනෙක් ඉන්න පුළුවන් වීම..ආන්න එදාට එයා ඒක බලලා කමෙන්ට් කරයි.එ හින්දා කමෙන්ට් නැහැයි කියලා බලං ඉන්නේ නැතිව හොඳම දේ තමන් ලියන එක..අනිත් දේවල් ටිකෙන් ටික අපිව හොයාගෙන ඒවී..

    ReplyDelete
  2. @මාරයාගේ හෝරාව.
    ඔව් කතාව හරි.ස්තුතියි කමෙන්ට් එකට.

    ReplyDelete
  3. මම ආවේ රංග මගේ ලෝකයේ දිගුව දිගේ.... සුබ පැතුම්...

    ReplyDelete
  4. අපිව ගෙන්න ගත්ත වගේ නෙවෙයි. දිගටම හොඳ දේවල් ලියන්න වෙයි...නැත්නම් අපි ලැප් එක ඉස්සරහ තියාගන පිකටින් කරනවා......

    ReplyDelete
  5. @සොඳුරු සිත
    බොහොම ස්තුතියි.
    @Luckey
    හ‍‍පොයි!ලෙමන් පfප් කකා උපවාස නම් කරන්න නම් එපා.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මම රින්ගුවෙත් රංග අයියගේ පිහිටෙන් තමයි....දිගටම ලියන්න ආයුෂ ලැබේවා :ඩි !!!

    ReplyDelete
  8. හිතේ තෙරපි තෙරපි තියෙන අදහස් වචනවලට පෙරළලා එළියට දැම්මහම තමන්ටම හිතට ලොකු සතුටක් දැනෙනවා. මමත් ලියන්න පටන් ගත්තෙ එහෙම. තවත් කෙනෙක් අපේ අදහස් හා සමගාමීව හිතන බව දැක්කහම එය තවත් විදිහක සතුටක්. විශේෂයෙන්ම සැබෑ ලෝකයේදී අප අවට ඉන්න බහුතරය අපේ අදහස් හා සමව හිතන අය නොවේනම්, මේ විදිහට අපේ අදහස් දරන තව කෙනෙක් හමුවීම බෙහෙවින් වටිනවා.

    දිගටම ලියන්න. ජය!

    ReplyDelete
  9. @චාම්
    උඹේ බ්ලොගේට රිංගුවා.කෝ, මොකුත්ම නෑනේ.මම කාලයක් හිටිය වගේ උඹත් බ්ලොග් එකක් හදලා පරිස්සමට තියාගන්නද හදන්නේ.
    @නලිනි චන්දිමා
    කතාව ඇත්ත!බොහොම ස්තුතියි.

    ReplyDelete
  10. නොදකින් වල් හිත.වැලම තමයි හොයන්නේ.....

    ReplyDelete
  11. ඔන්න මගෙනුත් කමෙන්ට් එකක් .......

    ReplyDelete
  12. බ්ලොග් කරුවාට කොමෙන්ට් කියන්නේ බඩගින්නට බත වගෙයි. මම, ඊමෙල් එක අරින්නෙම කොමෙන්ට් එකක්වත් තියේවිද බලාගෙනයි, අගේ නොකලත් කවුරුවත් පෝස්ට් එකක් කියවල බැනලවත් කොටනවනම්, අන්න ඒක දකිනකොටත් මාර ආතල් එකක් දැනෙන්න්නෙ..........

    අන්න සහෝ ඇඩ් කරල බ්ලොගේත් එල්ල ගත්තා එහෙනං ( ඔයත් ඒ දේම කලානම් තමයි ඉතිං වටින්නේ)

    ReplyDelete