Tuesday, July 19, 2011

1000 ගැහුව! බ්ලොගේට ආපු ඔයාලා හැමෝටම ස්තුතියි!

ඕන්න අද මට විශේෂ දවසක්. මොකද ඔයාලා රාජ්ගෙ නවාතැනට ආපු වාර ගනන 1000 ඉක්මවා ගිහින් තියනවා.(9 දෙනෙක් ෆලෝ කරලා තියනවා). 1000ක් කියන්නෙ ඉතින් ගානක් නොවුනත් මං වගේ කෙනෙකුට පොඩි ගානක් නෙවේ නොවැ. මම නවාතැන පටන් ගත්තෙ පහුගිය අප්‍රේල් 06 වෙනිදා. ඒ බ්ලොගයක් අටවගන්න හැටි පෝස්ට් එකකින් දැකලා (ඒ බ්ලොගේ දැන් නෑ). ඊට කලින් බ්ලොග් කියවලා තිබුනාට බ්ලොග් එකක් අටවගන්නෙ කොහොමද කියලා තේරුමක් තිබුනෙ නෑ. කොහොමිං කොහොමහරි බ්ලොගේ පටන් ගත්තත් සිංඩියක රෙජිස්ටර් නොවුනු නිසා නවාතැනේ තනි අයිතිකාරයා උනේ මමම තමයි.
මගේ බ්ලොගේට හා හාපුරා කියල ඉස්සෙල්ලම ඇවිල්ලා හිටියේ සිත් ආර ලියන නලිනි චන්දිමා. ඒ මාරයාගෙ මෙන්න මේ තල්ලුවට පින්සිද්ධ වෙන්න. (නලිනි මගේ බ්ලොගේට වැඩියෙන්ම කොමෙන්ටු දාපු කෙනා). ඊට පස්සෙ මම ලාංකීය සිතුවිලි, සිංඩිය, දෙරණ අවකාශයටත් ඇතුල් වුනා. මම කැමැත්තෙන්ම හිටිය සිංහල බ්ලොග් කියවනයට ඇප්ලයි කලත් මේ දක්වා ප්‍රතිචාරයක් නෑ.
තවත් දෙයක්, මගේ බ්ලොගේ එක කැටගරියකට දාන්න පුලුවන් එකක් නෙවේ. විහිලු කතා, වැදගත් වෙනත් දේවල් වගේම හොද සොෆ්ට්වෙයාර් එකක් ලැබුනොත් ඒකත් දානවා කස්ටියට බෙදාගන්න.
මම ගැන කියනවනං කොම්පිතර ගැන ඉගනගෙන තියෙන්නෙ ඔෆීස් විතරයි.(ඒකත් බාගෙට). අයි.ටී. මෙලෝ හසරක් දන්නෙ නැති ආන්ඩුවෙ පොඩි ඔපිසියක පුංචි පුංචි වැඩකරන බුවෙක් තමයි.
එහෙනං දිගටම මාත් එක්ක රැදිලා ඉන්න. ගිහිං එන්නම්.
හැමෝටම ස්තුතියි!

14 comments:

  1. සිංහල බ්ලොග් කියවනයට ලිපි ලියන මාර්ගයක් තියනවා එ........ (සිතුව්ලි පවුර )තුලින් මාත් සිංහල බ්ලොග් කියවනයට ලිපි දාන්නේ එක මාර්ගයෙන් තමයි

    ReplyDelete
  2. @Anonymous
    බොහොම ස්තුතියි. ට්‍රයි කරලා බලන්නම්.

    ReplyDelete
  3. සුබ පැතුම් රාජ්! ඔන්න මම 10 වැනි අනුගාමිකයා වුණා! දිගටම ලියන්න.. ජය වේවා!

    ReplyDelete
  4. @විසිතුරු
    තැන්ක්‍යු. දිගටම ලියනවා.

    ReplyDelete
  5. එල එල..දිගටම ලියන්න...ජයවේවා!!!!!!ඔන්න මාත් ෆලෝ පාරක් දැම්මා

    ReplyDelete
  6. ප්‍රථම දහස. සිය දහස් ගණනින් මේ නවාතැනට ඇදී ඒවා. සුභ පැතුම් රාජ්.

    ReplyDelete
  7. ඔන්න අදයි ආවේ....මේ පැත්තේ.... ජය වෙවා... ඔය දහස ගොඩාක් ඉක්මනින්ම ලක්ශ ගනන් වලින් කියවේවා....
    ඔන්න අපිත් ෆලෝ කරලාම යන්නම්කෝ

    ReplyDelete
  8. අද තමා ආවේ මේ පැත්තේ. ජය!

    ReplyDelete
  9. රාජ් ලියන්න , තව ලියන්න , අපි ඔබත් එක්ක ඉන්නවා ,

    ReplyDelete
  10. @Sabith,
    පන්සල් හංදිය,
    නලිනි චන්දිමා,
    දේවා ගේ අඩවිය,
    Gimhani,
    Mahesh Nishantha
    හප්පේ මම ගෙදර ගිය අතරෙ නවාතැනට සෑහෙන කස්ටිය ඇවිල්ලානේ. සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. මම ලියන දේවල් තවත් කෙනෙක් බලනව කියන්නෙ මට සෑහෙන්න සතුටු වෙන්න පුලුවන් කාරණාවක්.ඒකෙ තියන හොදම දේ තමයි මේ කිසිකෙනෙක් අදුරන අය නොවීම(බ්ලොග් වලින්ම හැර).

    ReplyDelete
  11. ඔන්න මාත් ආවා..ෆලෝ පාරකුත් දැම්මා.. කොමෙන්ට් එහෙකුත් දැම්මා..දැන් ඉතිං ඔය ගානට තව බින්දුවක් එකතු කරන්න බලාගෙන ලියමු...

    ReplyDelete
  12. හප්පේ මං බැලුවා මේ කවුද ඉන්ටනෙට් ජාලෙ ස්ලෝ කරගෙන ආවෙ කවුද කියලා. දෙයියන්ටම ඔප්පුවෙච්චාවෙ!මේ මාරයානෙ! බොහොම ස්තුතියි නවාතැනට ආවට.

    ReplyDelete
  13. ඔන්න පරක්කු වෙලා හරි මගෙනුත් සුබ පැතුම් .....

    ReplyDelete