Wednesday, July 20, 2011

පුංචි කතා දෙකක්.

අද කියන්න යන්නෙ පුංචිපහේ කතා දෙකක්.
මේ කතා දෙකම මට මතක් වුනේ පිණිබිදුගෙ 'ඔන්න ඕකිට ඇහැරවනවා' කියන පෝස්ට් එකයි අභීතගෙ 'දෙනෝ දාහක් මැද අභීත පුතාට හතර දෙනෙක් වට කරගෙන නෙලයි' කියන පෝස්ට් එකයි දැක්කම.
හරි පලවෙනි කතාව මේකයි.
මම කොලඹ වැඩකරපු කාලෙ ගෙදර ඇවිල්ල කොළඹ යනවා රත්නපුර පැත්තෙන්.ඔහොම ටිකදුරක් යනකොට ඇඹිලිපිටියයි රත්නපුරටයි අතරෙදි බස්එකට ගොඩවුනා සීදේවී නෝනා කෙනෙක්.නෝනා කෙනෙක් කිවුවෙ සාරියක් ඇදලා හිටපු නිසා(නැත්තං මටත් වැඩිය බාල ඇති).ඇවිල්ලා මගේ ලග සීට් එකේ වාඩිවුනේ නැතැයි.(කාටද ඇත්තටම..:D). ඕන්න ඉතින් මාත් හොද නැකතක් බලලා දැම්ම වර්ඩ් එකක් දෛකක්.දන්නවද මොකද වුනේ කියලා...................
අනේ ඉතින් ඒ වෙලාවෙ මගේ මූනෙ හැටි ඔයාලා දැක්කනම්.
කොහොමහරි බලාපොරොත්තු හුලගට ගසාගෙන ගිහින් මම මොකාද වගේ ඉන්නකොට දැක්කා මෙයා ලග තියනවා ෆයිල් එකක්.පළාත්සභාවක මොකක්ද ගහල තිබුනු එකක්.කොහොමහරි මෙයා වැඩ කරනවා ඇත්තේ රත්නපුරේ පළාත්සභා කාර්යාලෙ කියලා මගේ ටිකිරි මොලේට තේරුම්ගන්න වැඩිවෙලා ගියේනෑ.ඒ ගමන මම ආයෙත් ඉස්සෙල්ලා වගේ ටෝක් එකක් දැම්ම.(ලැජ්ජ නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයිලු නෙවැ).
ඉතිං ප්‍රතිචාරෙ චුට්ටමයි වෙනස්.
ඒ කියන්නෙ කලින්ට වඩා චුට්ටමයි ගස්සගත්තෙ.මං හිතන්නෙ කොල්ලො අරහං එකෙක්ද කොහේද? (නැත්නං මංවගේ කෙනෙකුටත්....:D).
ඕං ඔහොම ටික වෙලාවක් ගියා විතරයි මේකි නිදි.නිකං නං නෙවේ මගේ ඇගටත් හේත්තු වෙලා.හ්ම් උඹට දෙන්න ඕන මොනවගේ ගේමක්ද කියලා හිත හිත ඉන්නකොට බස් එක රත්නපුරේට ආවා.නෝනගෙ නිදිමත කොච්චරද කියනව නම් තාම නැගිටින්න වගක්වත් නෑ.තවත් විනාඩි ගනනකින් පළාත්සභා ගොඩනැගිල්ලත් පාස්කරගෙන බස් එක හෝ ගාලා අදිනව.කිලෝමීටරයක් විතර දුර ගියාම මම මොකද කලේ, ඇන්නා ඇගිල්ලෙන්.(වැරදි තැනකට නෙවේ ඕං).මිස් ගැස්සිලා ඇහැරුනා.බැලුව වටපිට, එබුවෙ නැතෑ බෙල් එක.ඛේදයකි! ඒ ස්විච් එක වැඩකරන්නෙ නෑ. ඒ ගමන මං ඇහුව
"ආ.. මිස් බහින තැන පහු උනාද" එයා කියනවා
"අනේ ඔව් මං බහින තැන පහුවුනානෙ" කියාගෙන ඉස්සරහට ගිහින් ඩ්‍රයිවර්ට කියලා බැස්සා. කතාව එච්චරයි.
ආදර්ශය(කෙල්ලන්ට):-බස්වලදී මුනගැසෙන කොල්ලන් සමග කතාකරන්න...:D
-------------------------------------------------------------------------------
මෙන්න අභීත අයියගෙ පෝස්ට් එක දැකලා මතක්වෙච්ච කතාව.
මේක මගේයාලුවෙකුගෙ යාලුවෙකුට වෙච්චි දෙයක්.
දවසක් ත්‍රීවිල් එකක සෙට් එකක් ගමකට ඇවිල්ලා.හතර පස් දෙනෙක්.ඇවිත් තියෙන්නෙ මුන්ගෙන් ගේමක් ඉල්ලපු රත්නායක කියන එකාට ගේම දෙන්න.කොහොමහරි කස්ටිය බැහැලා සද්දයක් එහෙම දාලා තියනව මෙන්න මෙහෙම.
"අඩෝවු..... කවුද ඩෝ රත්නායක කියන්නෙ?,%%$$%&^උඹ චන්ඩියෙක්ලු නේද?"
"වරෙන්ඩෝ එලියට"
ඔන්න ඔහොම කෑගහනවා.මේ වෙලාවෙ එකෙක් බැස්ස පාරට,‍කෙලින් ඉන්න බැරි ගානට පොරට බඩු.
"අඩෝ මම තමයි රත්නායක කියන්නෙ! ඇයි මොකද ඩෝ..?
ඊට පස්සෙ සිද්ධවුනේ අභීත අයියට වෙච්ච දේම තමයි.අර සෙට්එක නෙලුවා නෙලිල්ලක් අර බුවාට,කියලා වැඩක් නෑ.අන්තිමට උන් සෙට්එක ගිහින් ත්‍රීවිල් එකට නැග්ග යන්න.
ඊට පස්සෙ අමාරුවෙන් නැගිටපු අර බුවා කියනවා,
හූ... හූ....... ඇද්ද උඹලට...අඩෝ මේ අහපල්ලා..... මම රත්නායක නෙවෙයි ඩෝ......ඇද්ද උඹලට....හූ... හූ.......

6 comments:

  1. :D ආදර්ශමත් කතා කැටගරියෙ වගේ.

    ReplyDelete
  2. මාත් මේ ලගකදි නුගේගොඩින් බස් එකකට නැග්ගා තඩි බෑග් එකකුත් උස්සගෙන පස්සෙ සීට් එකේ විතරයි ටිකක් ඉඩ තිබුනෙ.. ඒකෙත් පොශ් ගෑනු ලමයෙක් ‍ඉදගෙන. ටිකක් අමනාපෙන් වගේ ඉ‍ඩත් දුන්නා. දෙයියො බැලුව වගේ ඇග පුරාම ගෙඩි හැදිච්ච මනුස්සයෙක් නැග්ගා බස් එකට . මාත් ඒ මනුස්සය එක්ක හොදට හිනා වෙලා ගෑනු ලමයා හිටිය පැත්තෙන්ම ඉඩදුන්නා... කාගෙන පලයන්කො කියල..

    ReplyDelete
  3. ඉක්මනට 2000ත් ගහමු.ලියන්නකො...අපිත් බලන්න එනවනෙ දැන්...

    ReplyDelete
  4. @නලිනි චන්දිමා
    කැටගරි කතාව තාම මතකද?

    @Geethika Dilruk (ගීතික දිල්රුක්)
    පව් අසරණ කෙල්ල.කාගෙ වුනත් දරුවෙක්නෙ.

    @Ruka
    බොහොම ස්තුතියි.

    ReplyDelete
  5. දෙවෙනි කතාව නං පට්ටයි ........

    ReplyDelete