Thursday, November 3, 2011

නමක් දෙන්න බැරි කතාවක්........

"මේක තමයි තැන"

ඒ, මා පිටුපසින් හිදුවගත් මෝටර් සයිකලයෙන් අදාල ස්ථානයට ලගාවූ මගේ යහළුවාගේ හඩය. විවෘත වූ ද්වාරයෙන් හිස යොමු කලෙමි. එය තරමක් විශාල සෘජුකෝණාශ්‍රාකාර කාමරයක් විය. කාමරයකටත් වඩා ශාලාවක් යනුවෙන් එය හැදින්වීම නිවැරදිය. එක් පසකින් පමණක් පියන් තුන හතරකින් යුත් ජනෙලයක් හැරදමා තිබුනි. ශාලාව මධ්‍යයේ විදුලිපංකාවක් පැවති අතර යන්තමින් පැවති අදුර මැකීමට මෙන් ශාලාවේ දෙපස විදුලි බුබුළු දල්වා තිබිණි.

"වරෙංකො යන්න" මිතුරා ඉස්සර විය.
"මචං....කවුද මේ... යාළුවෙක්ද?" ඔහු තරුණයෙකි.
"ඔව්. මගේ යාළුවෙක් එක්ක ආවා"
ඔහුගෙන් ඉවත්වී යාළුවා පසුපස යමි.

අප දෙදෙනා තවත් කණ්ඩායමක් පසුකරමින් ගමන්කලේ මගේ මිත්‍රයාගේ මිත්‍රයා සිටි දෙසටය.

"හා... මොකද පරක්කු?"
"පොඩ්ඩක් පරක්කු උනා මචං මූ එනකං හිටියා" ඉන්පසු සුපුරුදු හදුනාගැනීම්ය.
"බීපං සිගරට් එකක්" ඔහු මාදෙසට සිගරට් පැකට්ටුව යොමුකරයි. ඉන් එකක් ගෙන දෙතොලේ රදවා ගතිමි.
"ඉදා මට පරක්කු වෙනවා" නාදුනන මිත්‍රයා මගේ මිතුරාට යමක් දෙමින් පිටව යයි.
ඒ තුල කඩදාසි ගුලි දෙකකි. ඉන් එකක් ඇගිල්ලක් තරම් විශාල වූ අතර අනෙක කුඩා විය.
"උඹටත් නිකං වේලි වේලි ඉන්න බෑනෙ ඒකයි මේක ගෙන්නගත්තෙ"
මා ඔහු දුන් පැකට්ටුව දිගහරින අතර ඔහු පසුම්බියෙන් ඊයම් කඩදාසියක්ද මේසය මත තිබූ පත්තර පිටුවකින් කොටසක්ද කඩාගෙන එයින් යමක් සාදමින් සිටී.
මේ අතර මගේ අතැගිලි කඩිනමින් ක්‍රියා කරමින් මාහට ඇවැසිදේ නිපදවන්නට වීමි.
"මචං කවදාවත් ඩස්ට් එකට සෙට්වෙන්න හොද නෑ නවත්තගන්න බැරිනං"

ඊයම් පත්‍රය මතට දැමූ ඉතා කුඩා ගුලියක් වමතට ගනිමින් ඔහු පවසයි. මා මාගේ අතේ ඇති වැඩ අවසන් කලදෙය මුවට තබා දල්වාගතිමි. මේ අතර මාගේ මිත්‍රයා ඊයම් පත්‍රයට යටින් දැල්වූ ගිණිකූරක් අල්ලා මුවෙහි රදවාගත් පත්තරපිටු බටය ඊට ලංකරමින් සිටී. ක්‍රමයෙන් ඊයම් පත්‍රය මත ඇති කුඩා ද්‍රව්‍යය දුම් පිටකරමින් ඒ මේ අත ගමන් කිරීමට පටන්ගැනීමත් සමග ඊට අනුරූපී ලෙස දකුණතෙහි ඇති ගිණිකූරද මුවෙහි රදවාගත් බටයද ඒ දෙසට මෙහෙයවන්නේ යාන්ත්‍රිකව මෙනි. තත්පර කිහිපයක ඇවෑමෙන් කාර්ය අවසන්වූ අතර ඒ ක්ෂණයකින්ම ගිණිකූර ගෙන සිගරැට්ටුවක් දල්වාගති.

ශාලාවේ විවිධ තැන්වල මේස පුටු මත නැගුනු විවිධාකාර තරුණයින් ඔවුන්ගේ ලෝකවල ආශ්වාදය විදිමින් සිටී. ඉදහිට නිහඩතාවය බිදී ගියේ පිටතින් පැමිණියෙකුගේ හඩකිනි.

"උඹට ඕක නවත්තන්න පුළුවන්ද" ඒ මගේ ප්‍රශ්නයයි.
"පුළුවන්, ඒත් හැමෝටම බෑ. ඒකයි මම උඹට කිවුවෙ කවදාවත් මේකට පුරුදුවෙන්න එපා කියල"
"මොකක්ද ඕකෙයි මේකෙයි තියන වෙනස"
"දැං උඹ සිගරැට් බොනවනේ, ජොයින්ට් එකත් ගහනවනේ ඔයදෙකේ ආතල්එකේ වෙනස උඹ දන්නවනේ. ඒවගේ තමයි මේකත්. එහෙම විස්තර කරන්න බෑ"
"ඇයි උඹ ඩස්ට්එක ගහන්න ගත්තෙ"
ඔහු මදක් කල්පනා කරයි,

"මට ඕන උනා ඒක කොහොමද කියල බලන්න, එච්චරයි. උඹ දන්නවනේ අපි කොච්චර ජොයින්ට් ගැහැව්වත් මම තනියම ගහන්නෙ නෑ කියලා. ඒකට මට පාලනයක් තියනව. මේකත් මම දහදොලොස් වතාවක් කරල නවත්තනවා" ඔහු කියයි.

"උඹට පුළුවන්නං කියපං කුඩු ගහපු එකෙක් අදුරගන්නෙ කොහොමද කියල"
මම කල්පනා කරමි...."නිදිමත ගතියෙන් වගේ ඉන්නවා"

"නෑ, ඒක ජොයින්ට් වලත් තියනවනේ, ඒක නෙවෙයි කුඩු ගහල ඉන්නකොට නහය කසන්න ගන්නවා.හරියට දෙදරණ බස් එකක හිටගෙන යනකොට නහයඅග කසන්න ගන්නෙ , අන්න ඒවගේ."

"හරි එහෙනං කියපං අළුවලින් කොහොමද අදුරගන්නෙ ඒක සිගරට් අළුද ජොයින්ට් අළුද කියල"

"ඒක නං මම දන්නවා, සිගරට් අළු හුලගට යන්න බලනව.ගුලියක් වගේ රෝල්වෙනවා. ජොයින්ට් අළු වැටුනතැන තියනවා.හරියට ගොමගොඩක් වගේ"

"හරියට හරි, අපේ ළමයෙක් කවදහරි අමුතු විදියට ඉන්නවනං අපට පුළුවන් ඌ ගහල ඉන්නෙ ජොයින්ට්ද අරක්කුද කුඩුද කියල කියන්න"

"ඒ ළමයි හිටියොත්නෙ, මේ ගහන ගැහිල්ලට ළමයි හදාගන්න පුළුවන්වේවිද කවුද දන්නෙ?" .

"අන්න අර ඩයල්එක දිහා බලපන්" සුදු පැහැති ටී ෂර්ට් එකක් හා කළුපැහැත් ඩෙනිම් කලිසමකින් සැරසුනු අවුල්වගිය හිසකෙසින් යුත් තරුණයෙකු ඇසින් පෙන්වමින් ඔහු සෙමෙන් කියයි.

"මේකෙන් වෙන හාණිය පෙන්නන්න පුළුවන් ලෝගෝ එකක් තමයි ඕක"
"ඇයි, කවුද ඒ.."

"මචං ඕකා ...... ලග හිටියෙ සෙකට්‍රි වගේ, ඌට කෝල් එකක් ආවම ෆෝන් එක දෙන්න වගේ වැඩ තමයි මූ කලේ. අපි දෙන්නම එක දවසෙ ඉස්සෙල්ලම ඩස්ට් එක ගැහුවෙ. මම සතියකට වගේ සැරයක් ගහනකොට මූ ඩේලි ගැහුව, දැන් ජොබ්එක කරන්නෙත් නෑ. මුලදී හොදම බඩු අරගෙන ගැහැවුවෙ අනිත් එවුන්ටත් දීල, දැං මූ යන්නෙ අමාරුවෙන්. තව ටිකක් කල් ගියාම මූ වැල්වල වනල තියන රෙදි හොරකං කරන ගානට එන්නත් පුළුවන්. පේනව නේද මේකෙ හාණිය" කුඩුගැහීමේ ආදීනව කියාදෙමින් මිතුරා දිගටම දොඩමළුය,

"උඹ දන්නවද සිගරට් වලයි බියර්වලයි හාණියෙ වෙනස?" හේ තවත් මාතෘකාවකට මුලපුරයි.
"ඒ කියන්නෙ"

"ඉස්සෙල්ලම බියර්එකක් බොන එකා ඊලගට බොන්නෙ අරක්කු. ඌට යන්න පුළුවන් උපරිම දුර තමයි අරක්කු. ඒත් සිගරට් එක බොන එකා ඊට පස්සෙ ජොයින්ට් ගහනව, ඊට පස්සෙ ඈෂ් ගහනව, ඊට පස්සෙ කුඩුයි කොකේනුයි ගහනව.අරක්කු ඩේලි ගහන එකෙකුට බාගයක් ගානෙ ගැහුවත් රුපියල් පන්සීයකින් හයසීයකින් ෂේප් වෙන්න පුළුවන්. ඒත් ඩේලි කුඩු ගහන්න සෙට් උනොත් දවසකට රුපියල් එක්දාස් පන්සීයක්වත් යනව අඩුම ගානෙ.ලග තියන සල්ලි ඉවරඋනාම ගෙදරින් සල්ලි දෙන්නෙ නැතිවුනාම අම්ම තාත්ත හරි විකුණල කුඩු ගහන්නමයි හිතෙන්නෙ."

"හොරකම් කරන්නෙත් ඒකනෙ"
"හ්ම්. මුං හොරකං කරන්නෙත් අමුතු විදියකට. උඹ දන්නවද?"
"නෑ. කොහොමද?"

"මෙහෙමයි සික්එක ගහල ඉන්නකොට මොකක් හරි උස්සන්න පුළුවන් දෙයක් දැක්ක කියල හිතපංකො. මුං ඊට පස්සෙ යන්නෙ ඒක විකුණගන්න පුළුවන් කියල හිතෙන ඩයල් එකක් ලගට. ගිහිල්ල ඌට ටෝක දෙනවා, ...... බඩුවක් තියනවා ගන්නවද ගන්නවනං කීයටද කියල. ගාන කතා කරගත්තට පස්සෙ තමයි භාන්ඩෙ උස්සන්නෙ"

"මරුනෙ"

"ඔව් ඒවගේ ඩයල් තමයි ඉන්නෙ. එක කුඩ්ඩෙක් කරපු වැඩක් කියන්නං. ඌ දැකල තියනව එලවළු කඩේක පොල්ගෙඩි වගයක් තියනවා. මූ මොකද කලේ ඊට අල්ලපු තේ කඩේ මුදලාලිගෙන් අහනව පොල් ගෙඩි ටිකක් තියනව කීය ගානෙ ගන්න පුළුවන්ද කියල. ගාන කතා කරගෙන මූ එලවළු කඩේට ගිහිල්ල කියනව, මම එහා පැත්තෙ තේ කඩේ වැඩ කරන්නෙ, මුදලාලි කිව්වා මේ පොල්ටික ගේන්න කියල. එලවළු කඩේ මුදලාලිත් විශ්වාසෙට සල්ලි නොගෙන පොල්ටික දෙනවා. අන්තිමට මූ සල්ලි ටිකත් අරගෙන පොල් තිබුන බෑග් එකත් එලවළු කඩේට දීලයි මාරුවෙන්නෙ. බලපං දෙන ගේම්"

"ඒකත් හොදයි තමයි"

"හුගක් විට මෙතෙන්ට ඉස්සෙල්ලම එන එවුන් එන්නෙ සෙට් එකකුත් එක්ක. ඊට පස්සෙ ටික ටික තන්යම ගහන්න පටන් ගන්නවා. ජොයින්ට් එකක් ගහනකොට බෙදාගෙන ගැහුවට ඩස්ට් එක ගහන්නෙ තනියම. මොකද තමන්ගෙ වියදම තමංම හොයාගන්න ඕන නිසා"

"අර අතන ඉන්නඑකා බලපන්" මිතුරා යලිත් ඉගි කරයි

"ඌ ඔය බලං ඉන්නෙ සල්ලි නැතුව. ෂොට් එකක් කාගෙන් හරි ලැබෙනකං. ඔයවගේ එවුන් ඉන්නව මේවගේ තැන්වල. අනිත් එවුන්ට කෙලගහන්න සොපින් බෑග්එක පවා මුං අල්ලනවා"

"මෙතෙන්ට බඩු එන්නෙ කොහොමද"

"මේව තියෙන්නෙ හෙනම රහසිගතව.දැං බලපං ගමක තියන කසිප්පු පොට් එක ගමේ පොඩි එකාගෙ ඉදල දන්නවා. ඒවගේම ඕන කෙනෙකුට බොන්නත් පුළුවන්. ඊලගට ජොයින්ට් විකුණන තැනක් ගත්තොත් ලේසියෙන් ගන්න බෑ දැනගත්තත්. ඩස්ට් එක ඊටත් වැඩිය අමාරුයි. ෂුවර් කස්ටෙක් දහපාරක් විතර රෙකමන්ඩ් කරාම තමයි දෙන්නෙ"

"හරි මේවා කොහෙන්ද?"
"උඹට කිවුවොත් පුදුම වේවි. උඹලයි ඔ‍ෆීස් එකට මෙහා තියන බෝගහ ලගින් පොඩි පාරක් තියනවනේද?"
"ඔව්"
"ආන්න ඒ පාරෙ තමයි තැන තියෙන්නෙ"
"නෑ..."
"මම එක දවසක් ගියා ඒකයි දන්නෙ"
"දපි යමුද?"
"හා"

අදුර ගලා එමින් පවතී. ශාලාවට පිවිසෙන්නවුන්ද වැඩිවෙම්න් පවතී. ඔවුන් සියල්ලෝම තාරුන්‍ය දියකරහැරුමට අදුරට පෙම්බදින අයයි.

29 comments:

  1. මේවා ගෙන්නන උන් විඳින සුර සැප ?!

    ReplyDelete
  2. ග්‍රේට් පෝස්ට් මචන්. මේවට තමයි කියන්නේ ගවේනශීලී මාධ්‍යවේදය කියලා. මේව පොඩි උනුත් බලන්න ඕන. සම්පූර්ණ කතාව අඩංගුයි. මමත් පාවිච්චි කරා නැතුව මොකක්ද දන්නේ නෑනේ. පොස්ට් එකේ නම වෙනස් කරපන් "කුඩු" කියලා හැම එකාම බලයි. මම හිතන්නේ ආයෙත් පබ්ලිෂ් කරන්න වෙයි. එහෙම චේන්ජ් කරලා. සයිඩ් එකෙන් දාපන් කෙටි කතාවක් කියලා නම "කුඩු"

    ReplyDelete
  3. මම ඉස්සෙල්ලම කුඩු ගහපු එවුන් දැක්කේ අපේ ඉස්කොලේ ස්පොර්ට් මිට් එක දවසේ...ඒ දර්ශන දැක්කම ඔක්කාරෙට ආවබං...ඔකේ කොයි හරියේද ආතල් එක තියෙන්නේ දන්නැ....
    මට උබට කියන්ඩ තියෙන්නේ මෙච්චරයි....මාත් 8 වසරේ ඉඳන්ම සිගරැට් බිව්ව ...පස්සේ ගංජත් ගහල තියෙනව..නමුත් ඔය සිගරැට් එක හරිය්න්නැ බං..ඔනතරං අරක්කු බීපං..නමුත් සිගරට් ගහන එක නවත්තපං.....

    ReplyDelete
  4. මාතලන්
    එච්චර ප්‍රතිචාර හොද නැති නිසා මම වෙන පෝස්ට් එකක් පබ්ලිෂ් කලා මචෝ.මම මේක ලියල හිතුවෙ පබ්ලිෂ් කරනවද නැද්ද කියල. පබ්ලිෂ් නොකර ගොඩක් වෙලාවකුත් ඉදලයි කලේ. ඒත් අද උදේ වෙද්දී තිබුනෙ එක කොමෙන්ටුවක් නිසා මම ඒක වැහෙන්න විහිළු කතාවක් දැම්ම ඒකට උඩින්.උඹේ ප්‍රතිචාරෙට ස්තුතියි. ඒත් ආයි පබ්ලිෂ් කරන්න හිතදෙන්නෙ නෑ.

    ReplyDelete
  5. Raj
    අරක්කු සිගරට් වලින් තොර කෙනෙක් තමයි බං මම. කතාවට පාදක වෙච්ච අත්දැකීම ගොඩක් කලින් ලැබුනෙ. ඒත් ඒ ඕකම නෙවේ. ඕක කතාවක් කියල හිතාගන්න.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ර් ර් ම්...( මම මේ උගුර පෑදුවා...) අපි නොදන්න චෙස්...

      Delete
  6. වටිනා ලිපියක්. ඉස්කෝලවල යන ලමයි මේක කියවනවා නම් හොඳයි. මාලලන් කීවා වගේ නමත් මාරු කලා නම් හොඳයි.

    ReplyDelete
  7. අය්යෝ බලන්ටකෝ උනදේ. ටයිප් කරනකොට මාතලන්ගේ නම වැරදුනානේ. ඔන්න හැදුවා. මාතලන් හොඳේ.:)

    ReplyDelete
  8. Podi Kumarihami
    ළමයි ඕව බලන එකක් නෑ.

    ReplyDelete
  9. ඔකේ මචො එළ...

    ReplyDelete
  10. මේ ලඟදී මම හොඳ documentary එකක් කියෙව්වා....ඇත්තමයි කෙනෙක්ට කුඩු බොන්න එපා කියලා නිකම්ම නිකන් වැඩක් නෑ...

    මේවගේ ඒව කියවන්න දෙන්න ඕනෙ...

    ReplyDelete
  11. මාතලන් හා එකඟ වෙමි. ඇත්තෙන්ම විශිෂ්ටයි. ඒ වගේම ඔබට ආචාර කරනවා. මෙහෙව් දේකට ඇබ්බැහි නොවී සිටීමට ගත් උත්සාහයට. ඔබ වැනි තරුණයන් තමයි අපට අවශ්‍ය. තමන්ගේ තරම, හැකියාව, ශක්තිය ගැන මිනිසුන් වෙනම කල්පනා කලයුතුයි. එවිටයි සමාජයේ ජීවත් වීමට හැකි වන්නේ.

    ReplyDelete
  12. දිල්
    ඒව ගන්න අය මේව කියවන අය නේවේ. මම දන්න කියන අත්දැකීම් ටිකයි ඔතන ලියල තියෙන්නෙ.(පොස්ට් එක දිගවෙන නිසා)

    වෙද ගෙදර මහ වෙදනා
    බොහොම ස්තුතියා ප්‍රතිචාරයට.

    ReplyDelete
  13. පට්ටයි, ඒත් කුඩු ඉඳලා හිටලා ගහනවා කියන එක නං ප්‍රායෝගික නැහැ වගේ ......

    මගේ හොඳම බොක්කක් හිටියා ඌ මට කියපු එකම කතාව තමා “මචං කවදාවත් ඩස්ට් එකටයි ආයුදේටයි හුරු වෙන්න එපා බං, එතකොට ඩස්ට් එක නැතුව ඉන්න බැහැ, ආයුදේ කොට්ටෙ යට නැති උනාම නින්ද යන්නෙ නැහැ කියන එක“

    ReplyDelete
  14. පන්සල් හංදිය
    මේ වගේ කෙනෙක් ගැන උඹලට හිතාගන්නවත් බැරුව ඇති. ඒත් ඌ අත්හදා බලන්න ගහල නියම වෙලාවෙදි නැවැත්තුවා.
    උඹේ ඔය කියන පෝස්ට්එක මම බැලුව මතකයි. උඹත් අවුරුදු 9 ඉදල බූරුව ගහපු එකානෙ.:D

    ReplyDelete
  15. අපේ රටේ අනාගතය තමයි ඉතින් ඔය..අර ඇහුවා වගේ ඔකේ කොයි හරියේද දන්නේ නැහැ ආතල් එක තියෙන්නේ

    ReplyDelete
  16. ඔය සේරම ගෙන්නන එවුන් සුර සැප විඳිනවා. ඒවා බොන උන් !!!1
    ඒ හරිය නම් ඉතින් කියලා මොකටද.

    ReplyDelete
  17. මලක් නං ඉදලා හිටලා ගැහුවට මම ඕවා පස්සේ පන්නන්නේ නෑ....

    ReplyDelete
  18. ChammA
    මාත් දන්නෙ නෑ හරියටම තැන.

    මධුරංග
    නෑ බං.ඔය දෙගොල්ලම තාවකාලික සැපක් විදින්නෙ.

    ඔබ නොදු‍ටු ලොවක්
    ඊට එහා නොයනවනං තමයි හොද. ආපස්සට යන්න පුළුවන් නං වඩාත් හොදයි.

    ReplyDelete
  19. ලිපිය වැඩි දෙනෙක් අතරට ගිහින් නෑ වගේ මචන්... මොකද ආයෙම පබ්ලිශ් කලොත්....

    ReplyDelete
  20. පිස්සා පලාමල්ල
    ඔය මදැයි. ආයෙත් පබ්ලිෂ් කරන්න ගිහිං සින්ඩියෙනුත් අයිංකරයි.

    ReplyDelete
  21. හොද පොස්ට් එකක් ම්චන්.. සමහර අය test කරන්න විතරයි කියල ගහන්න අරන් පස්සේ නවත්ත ගන්න බෑරි වෙනෙවා.. හ්ම්ම්.. මම නම් බොන දෙවල් විතරයි.දුම් පානයක් නෑ :)
    මේ පොස්ට් එක වෙන forum site එකකට copy/paste කරන්නද? උබේ බ්ලොග් ලින්ක් එකත් එක්කම

    ReplyDelete
  22. GIhanD4R
    අවුලක් නෑ ඕන එකක දාපන්.

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. Thanks මචන්. මෙන්න මම එලකිරි එකේ දැම්මා. views 1,004 ගිහින් තිබ්බා දැන් බලද්දි

    http://www.elakiri.com/forum/showthread.php?t=1298502

    :)

    ReplyDelete
  25. GIhanD4R
    තෑන්ක්ස්. ගොඩක් බලල තියනව. බොහොම සතුටුයි.

    ReplyDelete
  26. මචන් පිස්සු හෑදෙන කතාවක්,මම නම් තාම ඩස්ට් එක ඇර අනික් හෑමදේම පාවිච්චි කරල් තියනව,ඒත් ඇබ්බෑහිවීමක් කියල දෙයක් නම් වෙන තරමට යන් නෑ,ගොඩක් වෙලාවට ජොයින්ට් ෆීලින් එක මට හරියන් නෑ,ඒක නිසා අඩිය ගහන්න තමයි සෙට් වුනොත් සෙට් වෙන්නේ,
    මත්දර්ව්‍ය වලින් ජීවිත විනාස වෙන්නේ තමාට පාලනයක් නෑති වුනාම,උඹේ යාලුවා කියපු කතාව හරි.ඇත්තටම මේ කතාව කියවලා පොඩ්ඩක් විතර ඔලුව ස්ටක් වුනා බන්...

    ReplyDelete
  27. නියමයි මචං. ග්‍රේට්.. මුල් කතා ටිකනම් මං දන්නවා. ගහන විදිය. හැබැයි ඔය යට සිද්ධිය කුඩු ගහන උන් දෙන ගේම් ගැනනම් වැටහීමක් තිබ්බේ නැහැ.
    ඒ ටික දැන ගත්තා.

    මම - Bora Diyaka Induwara

    ReplyDelete
  28. රාජ්......මට කියන්න දිග කතාවක් තියෙනවා විතරක් කියලා මම දැනට නවතින්නම්.

    ReplyDelete