Friday, November 4, 2011

මම O/L ඉංග්‍රිසි ලිව්ව හැටි.

ඉස්සෙල්ලම කියන්න තියෙන්නෙ ඊයෙ දවසෙ දාපු එකත් එක්ක බ්ලොග් පෝස්ට් පනහක් සම්පූර්ණ වුනා. මාස හතක කාලයකදී ලියපු ප්‍රමාණය ගැන හොදටම සතුටු වෙන්න පුළුවන්. එකඅතකින් බැලුවම බ්ලොග් ලිවිල්ල හරියටම වේදිකා නාට්‍යක රගපානව වගේ. අපි දාන පෝස්ට් වලට ප්‍රථිචාර ලබාගන්න පුළුවන් සුළු වේලාවකදී. පත්තරේකට, සගරාවකට හෝ වෙනත් විද්‍යුත් මාධ්‍යයකට දක්වන අදහසකට ඒ වාසිය ලැබෙන්නෙ නෑනෙ.

හරි දැන් කියන්න යන්නෙ මම ඕලෙවෙල් ඉංග්‍රීසි ලියපුහැටි.

ඒ කාලෙ අපේ ඉස්කෝලෙ ඉංග්‍රීසි ඉගැන්නිල්ලට වගේම ඉගනගැනීමටත් තිබුනෙ කුඩම්මගෙ සැළකිලි. මට මතකයි මම හත වසරෙ හරි අට වසරෙ හරි ඉන්නකොට මුළු අවුරුද්දක් පුරාවටම ඉංග්‍රීසි උගන්නන්න ගුරුවරයෙක් හිටියෙ නෑ. හිටියත් අපිට උනන්දුවකුත් තිබුනෙ නෑ. අන්තිමට කොහොම කොහොමහරි ඕලෙවෙලුත් ආව. ඉංග්‍රීසි දවසෙ අපිට තිබුනු ලොකුම ප්‍රශ්නය තමයි ඒ පැය තුන කොහොමද ගෙවාගන්නෙ කියනඑක:D

ඔන්න විභාගෙ පටන් ගත්තා. කස්ටියම ශීර්ෂ පහත් කරගෙන හිටිය වැඩිම උනොත් විනාඩි විස්සක් විතර. මොකද හිස්තැන් පුරවන්න, ඩරි ගහන්න තියන ප්‍රශ්න ටික ඉවර කරල. ඊට පස්සෙ එකා එකා වටපිට බලනවා මොකද කරන්නෙ කියල වගේ. මමත් එහෙම තමයි. මම මෙහෙම ඉන්නකොට මට අමුත්තක් දැනෙන්න ගත්ත. මට ඉස්සරහ ඉන්න එකා රචනාව ලියාගෙන යනවා එකසිය ගානට. මම කල්පනාකරල බැලුව මොකක්ද මේ සිද්ධ වෙන්නෙ? ප්‍රාතිහාරයක්ද? මොකද මට ඉස්සරහ ඉන්න එකා හැමදාම පන්තියෙ අන්තිම හරියෙ ඉන්න එකෙක් වීම නිසා.

එහෙ මෙහෙ යන පරීක්ෂකයන් නැති වෙලාවක් බලල මම කකුලෙන් තට්ටුවක් දැම්ම මුගේ පුටුවට. ඊට පස්සෙ මම ඇහුව

"උඹ මොනවද ඔය ලියන්නෙ? කොලයක්වත් ගෙනාවද බලං ලියන්න?" කියල.
එකපාරටම මූ කියපි
"නෑ බං මම මේ සිංහලෙන් ලියන්නෙ" කියලා......:D(ඒ කියන්නෙ සිංග්ලිශ් වලින්)

මාත් කල්පනා කලා කොහොමත් ෆේල් වෙනඑකේ කාලය හරි ගෙවාදාන්න පුළුවන් ඒ ක්‍රමේට ලිව්වොත්. අනිත්එක අරූට වඩා හොදට සිංහලෙන් රචනා ලියන එකානෙ මං.

මාත් ඊට පස්සෙ හැම ප්‍රශ්නෙකටම උත්තර සිංග්ලිශ් වලින් ලිව්වා. ඔය අතරෙ ශාලාධිපතිතුමා ඇවිල්ලා එකෙකුගෙ ප්‍රශ්නපත්‍රයක් අරගෙන. ඌ රචනාව ලියල තියෙන්නෙ වැරදි තැනක. ඊට පස්සෙ මගේ ලගට ආවා. ඇවිල්ල ගත්ත මගේ පේපර්එක. අරගෙන රචනාව තිබුනු තැන කාටත් පේන්න උස්සල කියනවා.

"මෙන්න මේවගේ තමයි ලියන්න ඕන" කියල.:D
අන්තිමේදී විභාගෙ ඉවරඋනාට පස්සෙ අනිත් එවුන් හිතුවෙ මට D තමයි කියල අර ලියපු ලිවිල්ලට.

19 comments:

  1. ඇත්ත මචං....වෙදිකා නාට්‍ය වගේ සජීවි කලාවක් තමා මේ බ්ලොග් තුලත් තිබෙන්නේ...මේ තුලින් යම්කිසි තෘප්තියක් ලබන්ට පුලුවන්...දැනුමක් ලබාගන්ඩත් පුලුවන්...ඒ විතරක් නෙවී...නාට්‍යය බැලිමෙන් නොලැබෙන අලුත් මිතුරු සමාජයකුත් ගොඩනැගෙනව
    ඔලෙවල් කාලෙනං ඉංග්‍රීසි වාතයක් තමා...හි..හි..D

    ReplyDelete
  2. Raj
    ඒක හරි. කවදාවත් දැකල නැති-දන්නෙ නැති යාළුවො කට්ටියක් ඉන්න එකත් හොදයි.

    ReplyDelete
  3. ඇත්තෙන්ම! බ්ලොග් කලාවේ ඇති සුවිශෙෂත්වය මුලින්ම අපි කවුරුද නොදැන අපේ ලිපිවලට ලැබෙන විචාර. පස්සෙ අදුනගන්නකොට ටිකක් පක්ෂපාති වෙන්වා. කොහොම හරි අලුත් මිතුර්න් සෑහෙන්න මටත් ලැබුනා.

    ඔබගේ 50 ලිපිය ලිවීම ගැන මගේ සතුට.

    සා/පෙ ඉංග්‍රීසි කාලේ මටත් ලොකුම ප්‍රශ්නෙ තිබ්බේ කාලය ගෙවා ගන්න එක. ඒත් කොහොම හරි ගොඩ දාගත්තා. ඒකාලෙ සී. (ක්‍රෙඩිඩ් ) එකක් එක්ක. මට ඒක තමා අදටත් වටින්නේ. ඇත්තටම කොපි කලේ නැහැ. ඒත් මගේ දැණුම අනුව යන්තමින් පාස් වෙන්න තිබ්බේ.(එස්)

    ReplyDelete
  4. හිහ් ... හිහ් ...
    මට මතක් උනා මම සංගීත පේපර් එකට ලියපු හැටි ගත්තා ඕලෙවල් වලට ගහලා තිබුන සංගීත පොතක් ගැලෙව්වා ස්ටේපර් කටුව මුලු පොතම ඉනේ ගහගෙන ගියා විභාගෙට, මේසෙ උඩින් කොල දෙකක් තියලා ඊට උඩින් අර පොතම තියලා ඊටත් උඩින් තව කොල දෙක තුනක් තියලා ලිව්වා ලිවිල්ලක්, ප්‍රැක්ටිකල්වලට ලකුණු නැති උනත් මට සී එකක් තියනවා ........

    ReplyDelete
  5. වෙද ගෙදර මහ වෙදනා
    අදුනගත්තට පස්සෙ පක්ෂපාතී වෙනඑක නං හරි.ඒ ගැන සමහර විවේචන එහෙමත් තියනවා.ඒත් මම නං එහෙමයි.උදාහරණයක් විදියට ඔබතුමා ලිපියක් දැම්මොත් මම කොමෙන්ටුවක් දානව(සමහර විට අදාල මාතෘකාව ගැන එච්චර කැමැත්තක් නැති උනත්).මම එහෙම කරන්නෙ තමන්ගෙ ලිපියකට වැටෙන කොමෙන්ටුවක් බොහොම වැදගත් උත්තේජනයක් නිසා.

    පන්සල් හංදිය
    මාත් එකපේපර් එකක් ගොඩදැම්ම කොපිගහල.කැම්පස් එකේදි.මම ජීවිතේටම කොපිකලේ එදා විතරයි.

    ReplyDelete
  6. හපෝ.. මෙතන කොපි කරපු කස්ටියත් ඉන්නව වගේ... ආශ්‍රේ කරන්න හොඳ ගැන්සියක් නෙමේ.

    ReplyDelete
  7. Observer
    අනේ පව්! අහිංසක(?)ඔබා අයිය නරක්වෙනවා.

    ReplyDelete
  8. ඕලෙවල් කාලේ ඉඳල හොඳින් ලියනවනේ...!!!
    දිගටම ලියන්න.
    සුභ පැතුම් මගෙනුත්!

    ReplyDelete
  9. ඉංග්‍රීසිත් හොඳට ලියන්ට පුලුවනිලුනේ.
    මගෙනුත් සුබ පැතුම්....:D

    ReplyDelete
  10. ලොක්ක දැක්කෙ නැද්ද ඉන්ගිලිස් පේපර් එකේ සිංහලෙන් ලියල තියෙනවා.... කොල්ලො ටිකටවත් පෙනුනද...? :)

    මේක කියවනකොට මට මතක් උනේ ඒ දවස්වල අපේ පන්තියේ උන්නු ඉංග්‍රීසි ඇලජික් ගැන්සිය... කොහොම හරි බලන්නෙ කට් එක දාන්න... හරියට ටොයිලට් යන්න ඕන වෙනවා ඒ පීරියඩ් එකේදි... එහෙමත් නැත්නම් වෙන මොකක් හරි උප්පරවැට්ටියක්... ඒ සමහර අය අද දොස්තරලා, ඉංජිනේරුවො..... :)

    ReplyDelete
  11. මරු රචනා ලිවිල්ල.. හොද වෙලාවට ශාලාධිපති නිකමට වගේ මොනවද ලියලා තියෙන්නේ කියලා බැලුවේ නැත්තේ?? උත්තර පත්‍ර බලපු කෙනාට මොනවා හිතෙන්න ඇත්ද??

    50ට සුභ පැතුම්!!!!!!

    ReplyDelete
  12. හප්පේ මතක් කොරන කොටත් ඇඟට අමාරුයි වගේ. ඒකේ අගේ වටහා ගත්තේ පස්සේ. මම නම් කොච්චර ෆිට් උනත් ක්‍රිටිසයිස් කොරනවා. වෙද මහත්තය එහෙම දන්නවා. විවේචන දරා ගන්න පුළුවන් වෙන්න ඕන..

    සුබ අනාගතයක්...!!!

    ReplyDelete
  13. හුටා මමත් කලේ ඕකම තමා ..වෙනසකට තිබ්බේ මම ඔය වැඩේ කලේ මල් ඇදලා ආපු ගැම්මට

    ඉංගිරීසි පේපරේ දවසේ මල් ඇදලා ජෝගි නැටුවට මට පල විපාක ලෙස F♦ එකක් තෑගි ලැබුණා !

    ReplyDelete
  14. ඩී එකක් දෙන්න වටිනවා එහෙනම් ලියපු ලිවිල්ලට.
    සදරු මල්ලිත් මලක් ගහලා ඔහොම සිංහලෙන් ලිව්ව කතාව මතක් උනා.

    ReplyDelete
  15. ඉංග්‍රිසි මිස්ට අපි කිව්වේ බැමිනි කියල.....අනේ අපිට දිපු වදයක්....යන්තං මට s එකක් තිබුනා .....

    ReplyDelete
  16. රාජ්,

    calhara@gmail.com මේ මේල් එකෙන් මාව කන්ටෑක්ට් කරන්න පුලුවන්ද කරදරයක් නැත්නම් ........

    ReplyDelete
  17. all
    හැමෝටම ස්තුතියි මේ පැත්තෙ ආවට. ඇගිල්ලක් අවුල් ගිහිල්ල වැඩිය ටයිපින් බෑ.

    ReplyDelete
  18. අඩේ මාත් ලිව්වා ලිවිල්ලක්..හැබැයි ඔහොම දේවල් නෙවෙයි...
    ඒකත් ලියන්ට වටින කතාව...

    ReplyDelete
  19. මොකක්ද ප්‍රතිඵලේ අන්තිමට ??

    ReplyDelete