Tuesday, January 31, 2012

අන්න ගෑණු! (මෙන්න තවත් ජැක් කතන්දර)

හරියටම දවස් හතරක් මාව හැක් කිරීමට නෝන සමත් වුනා. ඒ නිසා පෝස්ට් කියවන්නත් කොමෙන්ටු දාන්නත් බැරිවුනා. දැනටත් පට්ටම බිසි වෙලා තියෙන්නෙ. ආව එකේ පුංචි කතාවක් දෙකක් කියල යන්නම්. මේ කතා දෙකම ඇත්තම කේස්. එකක් කිවුවෙ බන්ධනාගාරෙක වැඩකරන අයිය කෙනෙක්. අනිත්එක කිව්වෙ ගමේ අයිය කෙනෙක්.

බන්ධනාගාරෙ අයිය කියපු කතාවෙ හැටියට, එයා අළුතින් ඇතුලට ආපු එකෙක්ගෙන් විස්තර අහල තියනව. ඒ හිරකාරයගෙ කතාව තමයි මේ. මේ පුද්ගලය මරු වැඩක් කරනවලු.

කතරගම කාලෙට නොයෙක් ප්‍රදේශවලින් වන්දනා නඩ එනවනේ පෙරහැර බලන්න. ඒ ඇවිල්ල කට්ටිය එක්ක විශ්‍රාම ශාලාවල නිදාගන්නව. කතානායකය කරන්නෙ අන්න ඒවගේ වෙලාවල් වලදී කවුරුහරි ගෑණු කෙනෙක් කිට්ටුව නිදාගන්න එක. සමහර වෙලාවල් වලදී වැඩේ සාර්තක වෙනවලු. ඒත් අන්තිමේදී කෙහෙල් ගහකට කොටලයි ඇතුලට ආවෙ. මේ කියන දවසෙත් බුවා විශ්‍රාම ශාලාවකට ගිහිල්ල ගෑණු පරාණයක් තෝරගෙන ලයිට් ඕෆ් කලාම අර විදියට වැඩේට සෙට් වෙලා. ගෑණුකෙනත් වැඩේට කැමතියි වගේ තේරිලා. "සුදූ" වගේ වචන පාවිච්චි කරමින් ඉදල එකපාරටම බුවා ගෑණිගෙන් ප්‍රශ්නයක් අහල,

"ඔයාගෙ නම මොකක්ද?"

අන්න බුවාට වැරදුන තැන! මෙච්චර වෙලා ගෑණි හිතාගෙන ඉදල තියෙන්නෙ තමංගෙ මිණිහ අහවල් වැඩේට ඇවිල්ල කියල! වැඩේ ගැස්සුනාම ගෑණි කෑගහන්න පටන් අරගෙන. වෙච්ච දේ කියන්න ඕන නෑනේ, තමංගෙ ශරීර කූඩුව අහල පහල ඉන්න එවුන්ගෙ අතේ පයේ හිරි ඇරගන්න පූජාකරල විතරක් නෙවේ පොලිස් කූඩුවෙත් ලැගල දැන් ඇතුලෙත් ඉන්න වෙලා.

දෙවැනි කතාවත් මේ ජාතියෙම සීන් එකක්. තැන විතරයි වෙනස. ඒක කිවුවෙ ගමේ අයිය කෙනෙක්. සෝමෙ අයිය කියමු එයාට. එයා ගිහිල්ල තියනව යාළුවෙකුට ඇප දෙන්න උසාවියට. යාළුව කරපු වැරැද්ද බස් එකේදි ගෑණු කෙනෙකුට ජැක් එකක් ගැසීම. ඇප දීල එන ගමන් තමයි සෝමෙ අයිය මට මුනගැහුනේ. වෙච්ච කතාබහ මේකයි.

මම: සෝමෙ අයියේ කොහේද ගියේ?
සෝමෙ අයිය: මට උනේ මාර වැඩක්නේ රාජ් මල්ලී.
මම: ඇයි?

සෝමෙ අයිය: .......ගෙ ජැක් සීන්එකට ඇප දෙන්න කතාකලේ මට බං. නොයාත් බෑ. යන්නත් ලැජ්ජයි. මොනව කරන්නද මම ගියා. වැඩේත් කරල අඩියකුත් ගහල එන්නෙ. මේ $@^^& පුතා ඒත් පාඩමක් ඉගනගෙන නෑ බං!

මම:ඇයි නඩුකාර නෝනටත් ජැකක් ගහන්න හැදුවද? :D

සෝමෙ අයිය: එහෙම උනානං මට අරූ ඇතෑරල දාල එන්න තිබුන බං. අපි දෙන්න උසාවියෙ ඉදල ආව ....වයින් එක ලගට. මම කිව්ව ගනිං බාගයක් කියල. අරගෙන එතන තියාගෙනම බීල නැග්ග බස් එකට එන්න. මේ......පුතා ඒකෙත් ජැකක් ගැහුවනේ බං. මටත් එක්ක ලැජ්ජයි.

මම: :D

සෝමෙ අයිය: ඔවු බං. අපි නැගපු බස් එකේ වැඩිය සෙනග හිටියෙත් නෑ. හය හත්දෙනෙක් තමයි හිටගෙන හිටියෙ. මූ ඉස්සරහටම ගිහිල්ල එකියෙකුට ජැක ගැහුවනේ.

මම: ඉතිං, වැදුනද සෙරෙප්පු පාර?

සෝමෙ අයිය: නෑ බං ඒ ගෑණිටත් ලැජ්ජාවක් නෑ අගේට හිටිය දීගෙන. අන්තිමට මූ බැහැල එනගමං මට කියනව "අන්න සෝමේ ගෑණු" කියල. මොනව කරන්නද මමත් හිටි‍ය මූ අදුරන්නැති ගානට.

71 comments:

  1. මරු කතාවක් ආදර්ශමත් එකකි
    ....

    ReplyDelete
    Replies
    1. දෙපැත්තටම ආදර්ශෙ ගන්න පුළුවන්.

      Delete
  2. උඩ කතාවෙ පොරට නං හිතෙන්න ඇති, අහවල් වැඩේ කොරලා හිරේ ගියත් සැපයි කියලා ...

    ReplyDelete
    Replies
    1. කොහෙද වැඩිහොදට ජාතකේ හොයන්න ගියානේ...

      Delete
  3. ළොව පවතිනා තුරා ඕවත් පවතිනවා.. ඔෆීස් කෝච්චියක් ගියානම් පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා වෙන ඒවා දැක්කම.

    ReplyDelete
    Replies
    1. කෝච්චි සීන් මාත් දැනගත්තෙ කොළඹ ඉන්න කාලෙ.

      Delete
  4. අනේ මෙහෙමත් මිනිස්සු. ඔය ජාතියේ අයියල ඕනෙ තරම් ඉන්නවා. කවදාවත් පඩමක් ඉගෙන ගන්නේ නැති.

    ReplyDelete
    Replies
    1. නඩුවට වඩා ලොකුයි ආතල්එක.

      Delete
  5. "ඔයාගෙ නම මොකක්ද?"

    හික් හික්...ඌ මාර පොරක්නේ :)

    ReplyDelete
  6. උඩ කතාවට මතක් වුනේ ආප්ප හදන ගෑනු කෙනෙකුගේ කතාවක්. රෑ ආප්ප හැලිය ඒදල තියල නිදා ගත්තලු. ඉස්තෝප්පුවෙ නිදා ගෙන හිටපු එයාගෙ ස්වාමි පුරුෂය මහා රෑ ගෑණු කෙනාට කිට්ටු වෙලා රාජකාරිය පටන් ගත්තලු. සද්දෙට ඇත්තම මනුස්සයට ඇහැරිලා 'යෝධියෙ ඔන්න ආප්ප හැලියට බල්ලෙක්ද කොහෙද හොම්බ දානව' කියල කෑ ගැහුවම තමා ගෑණිට තේරිලා තියෙන්නෙ තමං ගාවට කිට්ටු කොරල තියෙන්නෙ වෙන මිනිහෙක් කියල.

    ReplyDelete
    Replies
    1. ඔබාගෙ කතාවෙන් මට මතක් උනා මෙතෙන්ටම හරියන කතාවක්. අයියෝ ඉස්සෙල්ල මතක් උනේ නෑනේ. පස්සෙ වෙලාවක දාන්නං.

      Delete
    2. ආප්ප හැලිය ?? ඌ නම් ලංකාවෙ ගෑනියෙක් වෙන්න බෑ වෙන්න බෑ

      Delete
    3. හික් හික් හික් කොහොමද බල්ලෙක් ආප්ප හැලියට හොම්බ දාලා ලෙව කනකොට එන සද්දේ කියලා මේ හිතුවේ...චක බක.....චක....වගේ සද්දයක් වෙන්ටෑ......

      Delete
  7. //හරියටම දවස් හතරක් මාව හැක් කිරීමට නෝන සමත් වුනා. ඒ නිසා පෝස්ට් කියවන්නත් කොමෙන්ටු දාන්නත් බැරිවුනා.//

    අපි කලබල වෙලා හෙව්වා.. සුදු වෑන් ඇවිත් කියල මම හිතුවේ

    කතාව කියවලා කතාවට අදාල කමෙන්ටුව දාන්නම්. :)

    ReplyDelete
    Replies
    1. ඔවු බං. සුදුවෑන් හොදයි.

      Delete
  8. සතියක් විතර හයි ජැක් වෙලා හිටියට මොකෝ කතා සෙට් එකක් ගෙනත් තියෙන්නේ.. :)

    ReplyDelete
    Replies
    1. කතා නං ඕනතරං. වැඩ වැඩියි මේ මාසෙ දෙකේ.

      Delete
  9. මෙහෙමත් පිරිමි....ඊට වඩා මුකුත් කියන්ට යන්නේ නෑ. :D

    ReplyDelete
    Replies
    1. ඒ මොකද? මං හිතුවෙ කඩු පොලු උස්සං එයිද කියල!:)

      Delete
  10. Replies
    1. සිංහල ගහන්න කම්මැලිය?

      Delete
  11. පට්ට! නියමයි! ජැක් ගහනවට දඩේ කීයද??

    ReplyDelete
    Replies
    1. ජැක් ගැහීම ස්ත්‍රි දූෂණය තරම්ම බරපතළයි. මං හිතන්නෙ හිරිඔතප් බිදීම කියන චෝදනාවට තමයි ලක්වෙන්නෙ. දඩ වගේම ඇතුලෙත් හිටියහැකියි.

      Delete
    2. අශේන් මලින්දJanuary 31, 2012 at 3:44 PM

      ඒ බං එච්චර බලපතලද බං? ජැක් ගහන එකෙත් සුපිරි ආතල් එකක් ඇති ඔච්චර දඩුවම බරපතල වෙන්න තරම්

      Delete
    3. ඔව්. එච්චර බලපතලයි. ආතලුත් එහෙම වෙන්නැති.

      Delete
  12. පලවෙනි කේස් එක ජැක් ප්ලස්...!

    ReplyDelete
  13. නොද්දකිං ... අරූට නම අහන්නෙ නැතුව ඉන්න බැරිවුන හැටි.

    ReplyDelete
    Replies
    1. ඔව්බං. ඔය කතාව අහපු හැටියෙම මමත් අරූගෙන් ඇහුවෙ ඔය පුරස්නෙම තමයි.

      Delete
  14. රවුම් ලෝකෙ හැටි ඔන්න ඔහොමයි කියලා හිත හදා ගමු අෆ්ෆා !

    ReplyDelete
  15. සිරා... අරූට මර ගටක් ඇතිනෙ යකෝ ඔවා කරන්න..... එක්කො බරපතල මානසික අසහනයක්...

    ReplyDelete
    Replies
    1. මානසික අසහනයක් තමයි. ඌ බස් එකක ගියොත් ජැකක් ගහනවමයි.

      Delete
  16. ඔන්න කනො පිනුම් පුලුවන්නම් බලාගනින්..හික්..අර මාතලන් කිව්ව වගේ ඔව නවතින්ට ලොක විනාසෙ ආවත් බැරිවෙයි..ලොකය ගොලාකරයි කිව්වට මනුස්සයො විවිදාකාරයි නේව...

    ReplyDelete
    Replies
    1. ජැක්ද විවිධාකාරයි.

      Delete
    2. From Raj to Raj.
      මාර ටපැලවිල්ලක් බොලල්ලා!

      Delete
    3. From Raj to රාජ්. එහෙමයි වෙන්න ඕන.

      Delete
  17. අනේ අම්මෝ... අන්න ගෑණු ද??? පිස්සු හැදෙයි!!!

    ReplyDelete
    Replies
    1. නෑ මම ලිව්වෙ අරූ කිව්ව එක. පිස්සු හැදෙයි තමයි.

      Delete
  18. උඩ කතාව ආතල්ය යට කතාව මාරම ආතල්ය.

    නෝනා හැක් කරනවා කියන්නෙත් බරපතල දඬුවමක් වගේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්. බරපතල වැඩ සහිත සිර දඬුවමක්.

      Delete
  19. අපි වගේ හොඳ ලමයි නරක් වෙනවා මේ වගේ පොස්ට් දැක්කාම ! , දෙවෙනි එකත් ඇතුලට යයි කවද හරි .

    ජැක් මාටියෙක් පොලිස් නෝනා කෙනෙකුට ජැකක් ගහල තියනවා (සිවිල් පිටින් ගමනක් යත්දි ) , ඊලඟ දවසේ ඌව පොලිසියෙන් අල්ලගෙන ගිහින් සංග්‍රහ කලාලු ජැක් ගහනවා තියා කසාදයක් බඳින එකත් එපා වෙන තරමට (තතු දත් ආරංචි කියන විදිහට නම් පොලිස් කාරයෝ සලකල තියන විදිහෙ හැටියට ඌ කසාදයක් බැන්දත් වැඩක්වෙන එකක් නෑලු )

    ReplyDelete
    Replies
    1. ජඩ වැඩ කරල අහුවෙන ඒවයින් නරකමඑක තමයි ඔය ගෑණුන්ට කරදර කරල අහුවෙනඑක. සැලකිල්ල ලැබෙන්නෙ මේ පිළිවෙලට
      1.මුලින්ම අහුඋනාම අතවරයට ලක්වූ හා අහල පහල ජනී ජනයාගෙන්
      2.පොලිසියෙන්
      3.ඇතුලෙදි හිරකාරයන්ගෙන්.
      අන්තිමේදි එලියට ආවත් බුවා කිව්ව විදියට තමයි ඉන්න වෙන්නෙ.

      Delete
  20. හිනා වෙන්න එපා මෙහෙම කිව්වට....මට නම් ඔය කියන ජැක් කතාව තේරෙන්නෙ නැහැ...මට බස් වල යන්න අවස්තා ලැබිල නෑ....කෝම උනත් ඕක හරියටම පැහැදිලි වෙන්නෙම නැහැ...අර දිල් අක්ක කිව්ව විදියට නම් බස් එකක යද්දි ඔය ගෑනියෙක් ගාවින් ඔහොම දෙයක් කලාම මොකක්ද ඇතිවෙන ප්‍රයෝජනේ? මොකක්ද ඒ විනෝදෙ හෝ සතුටෙ ඇති තේරුම? කෙලින්ම ''වනචරකම'' කියල නෙවේද ඒකට කියන්නෙ? එතකොට ගෑනුත් එහෙම නම්? අයියෝ මට නම් ඕක මහ පිස්සු කතාවක් මේ දවස්වල හැමෝම ඕකමයි කතාව.....

    ReplyDelete
    Replies
    1. බස් එකට ජැක් ගහනවා කියන්නේ කිරිල්ලි නංගි වනචර වැඩක් නෙවෙයි.බස් එකේ රෝදයක් මතට ආධාරකයක් තියන එක.නංගි වගේ අය ලබපු දෙමාව්පියෝ හරි වාසනාවන්තයි.

      Delete
    2. //මොකක්ද ඒ විනෝදෙ හෝ සතුටෙ ඇති තේරුම?//
      ඒක ගැඹුරින් කතා කලයුතු මාතෘකාවක්. ඒ වගේ මාණසික තත්ව තියන අය සතුටක් ලබනව ඒ දෙයින්. ඔයා අහල නැද්ද ඒ රෝගය ගැන. සමහර මාණසික රෝග තියනව එයාල කැමතියි ප්‍රදර්ශන කාමයට. ඒ කියන්නෙ තමන්ගෙ ලිංගික අවයව අනුන්ට ප්‍රදර්ශනය කරන්න. තවත් අය කැමතියි මේ විදියට අවයට ස්පර්ශ කරන්න. ඔයවගේ රෝග ගනනාවක් තියනව. ඒ ගැන පසුව දාන්නං. ඒ වගේම කිවයුතු දේ තමයි ගොඩක් ලොකු ප්‍රතිශතයක් ඉන්නව මේ දේවල් යම් ප්‍රමාණයකට තියන.
      //කෙලින්ම ''වනචරකම'' කියල නෙවේද ඒකට කියන්නෙ?//
      මම නං කැමතියි මේ අය "ප්‍රතිකාර ලැබියයුතු රෝගීන්" කියන ගොඩට දාන්න. හැබැයි අවදානමක් අරගෙන මේ වැඩේ‍ට යොමුවෙන අය.
      //එතකොට ගෑනුත් එහෙම නම්?//
      පිරිමින්ට විතරක් වෙනම තියන රෝග ඔයා අහල තියනවද කියන්න?(මං කියන්නෙ අවයව සම්බන්ධව නෙවේ මාණසික පැත්තෙ).ගෑණු පිරිමි දෙගොල්ලම ඉන්නව.

      Delete
    3. @JHOTHISHALANKA
      //නංගි වගේ අය ලබපු දෙමාව්පියෝ හරි වාසනාවන්තයි.//
      එහෙමද කියල හරියටම මටනං හිතාගන්න බෑ. මෙව්ව වැඩිපුර දැනගන්න ඕන ගෑණු දරුවො තමයි.

      Delete
    4. සමාවෙන්න ඕන රාජ් මල්ලී.ඔයාගේ බ්ලොග් එකට ආපු කෙනෙකුගේ හිත නරක් කරන්න ඒක ලිව්වා නෙවෙයි.

      Delete
    5. නැත නැත එසේ නොසිතමි.

      Delete
  21. දෙපාර්ශවයම කැමතිනම් අනිත් උන්ට මොකෑ ...?

    ReplyDelete
    Replies
    1. එක පාර්ශවයක් අකමැති උනොත්නෙ අවුල!

      Delete
  22. අරූ මොකට නම අහන්න ගියාද මන්දා... එක්කො ඉවර වෙලාම අහන්න ඕන..

    ReplyDelete
  23. අරූ නම් මහා ගොන් ගහක්..අහවල් එහෙකට නම අහන්න ගියාද මං අහන්නේ..
    දෙවැනි කතාව වෙනවා වගේ දේවලුත් බස්වල අම්බානෙක වෙනවා....කවුරුත් නොකිව්වට..

    ReplyDelete
    Replies
    1. Dinesh & ChammA
      උඹලටත් කිතියි වගේ නේද? මටත් හිතුනෙ ඔයටිකම තමයි. ලගටම ඇවිල්ල මිස් කරගත්ත.

      Delete
  24. අර මොකක්ද එකේ දාලවත් මොකක්ද එකේ ඇදේ අරින්න බෑලුනෙ රාජ් අයියා....

    ReplyDelete
    Replies
    1. හ්ම්. මැරුවත් ගහන එකා ගහනව.

      Delete
  25. ජැක් ගැහීම දඬුවම් ලැබිය හැකි වරදක් කියලා දැන ගත්තේ අදයි...උඩ කතාවේ මනුස්සයා නම් ඇදගෙන නාලා...

    ReplyDelete
  26. ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නේ ඕවට තමයි.. :PP

    ReplyDelete
    Replies
    1. ඔක්කෝටම වඩා ලොකුයි ලැජ්ජා නැතිකම.

      Delete
  27. කථාව හරි අන්න ගෑනු.....

    ReplyDelete
  28. ගෑනුන්ගේ හොඳ කෙලි බලන්න පුලුවන් මාතලන් කිව්වා වගේ ඔෆීස් කෝච්චි වල!මාත් ඉස්කෝලෙ ගියා ඔයින් එකක අවුරුදු 2ක් විතර~

    ReplyDelete
  29. sapata kamathi ganu ona tharam..tikak mol karanakota balen awith denne..hik methana inna katawath jack gasima gana experiance akak na wage....

    ReplyDelete
  30. ඔහොම ජැක් ගහල මොකටද? :D
    henryblogwalker the Dude

    ReplyDelete
  31. ආපෝ, ඔහොම එවුන් ඔනෙතරම් ඉන්නවා, ඉස්කොලේ යන කාළයේ මගෙත් යලුවෙක් හිටියා සුගත් කියලා ජැක්සන් කෙනෙක්, අපි ඌට කියන්නෙ ජැකී කියලා. එකපාරක් නුගේගොඩදි වලියකුත් ගියා 163 බස් එකක් ඇතුලේ ජැක් ගහලා... යන්තම් එදා ගුටි නොකා බෙරගෙන ආවා..... පස්සේ කාලයකදි ඌ ක‍ටුනායක පැත්තේ ජැක් එකක් ගහලා හොඳට ගුටිකාලා සිදුවේ පොලිසියෙත් ඉදලා, මාර වැඩේ කියන්නෙ ඌ ජැක් ගහපු කෙල්ලම පොලිසියට ඇවිත් මුව නිදහස් කරගෙන.... දැන් ඌ බැඳලා ඉන්නෙත් එ කෙල්ලමයි... දැන් අවු4ක පොඩි ලමයකුත් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඌ නම් පට්ට ජැකෙක් !!

      Delete
  32. ඌ නම් පට්ට ජැකෙක් !!

    ReplyDelete