Monday, February 13, 2012

ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල ඉහලට! එයාලට හෙම්බිරිස්සාව අපට නිව්මෝනියාව.


අඩියටම හිස්වෙලා

ටැංකියත් කරවෙලා.

හෙජින් සූදුවෙ බරත්,

අපේ පිට පැටවිලා.

වසන්තය ඇවිල්ලා,

අරාබිය කැලඹිලා.

බැරල්එක උඩ යාම!

නවතන්න බැරිවෙලා.

ෆුල් ටෑන්ක් ගසාලා.

මාර්ගෙට ඇවිල්ලා.

කනේ වැලි ගෑවෙන්න,

යන දවස හීනයක්.

(පිංතූරය:thaiskale.com වෙතින් අනවසරයෙනි)

47 comments:

  1. අය්යෝ අපි පව් .

    ReplyDelete
    Replies
    1. පව් නේන්නං. කෝ කේක්?

      Delete
    2. ඇයි මේ ගිම්හානි ගෙන් කේක් ඉල්ලන්නේ? එක්කෝ හේතු ඕනේ නෑ. නිකන් හම්බවෙනව නම් පාන් වහල්ලක් වුනත් මොකද?

      Delete
    3. දන්නැද්ද? අත්තම්මගෙ පෙට්ටගමට යන්න.

      Delete
    4. වෙලාවට පෙට්ටගමෙන් අප්ඩේට් වෙලා ආවේ.. ;)

      Delete
  2. කනේ වැලි ගාගැනීම කෙසේ වෙතත් අද මම මේ ගෙදර යන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ. කෝ මේ පාරේ දුවපු බස්?

    ReplyDelete
    Replies
    1. අයි.ටී.එන්. එකේ නං බස් යනවලු ඕනතරං.

      Delete
    2. එතකොට හවසට මම වැඩ ඇරිලා අයි.ටි.එන්. එකට යන්න ඕන ද? මලා..ඊට හොදා මම පයින් යනවා...

      Delete
    3. ඇයි රූපවාහිනී සංස්ථාව ඉස්සරහිනුත් ඇතිපදං. හැබැයි පිටකො‍ටුවෙ ඇඳිරිනීතිය දාල වගේ.

      Delete
    4. නවම් & බට්ටි
      මම අහගෙන අයිටීඑන් එකේ නං කියනව ස්ට්‍රයික්එක අසාර්තකයි, බස් ධාවනය වෙනව කියල. ඒ ගොල්ල කවදාවත් බොරු කියන්නෙ නෑනේ.

      Delete
    5. එතකොට එයාලත් කිස්ට් මාමා වගේමයි.
      අපිටත් අපේම කියල බස් එකක් තිබුණනන් අද මම හිතනිස්කලන්කේ වැඩ කරනවනේ.

      Delete
    6. හිකිස් අද මම අයි.ටී.එන් එක ලගින්ම තමා වැඩ ඇරිල ආවේ. ඒකෙ එකෙක් ඇවිත් නැග්ග නොවැ වෑන් එකට.. පව් දෙයියෝ..!

      Delete
    7. අහන්නෙපැයි කෝ අර පෙන්නපු බස් කියල.

      Delete
  3. ලංකාවෙනම් කියලා වැඩි කලා.. අපිට මෙහේ වැඩි කරන්නේ කියලත් නෙමෙයි.. ශෙඩ් එකටම ගිහින් බලන්න ඕන අද..

    ReplyDelete
  4. ආර්ථිකය සවිමත් කරන්නත් එක්ක පයින් යවන්න ඕන නිසාලු අද එහෙම කරේ.....

    ReplyDelete
    Replies
    1. ඇයි, ඇවිද්ද පය දහස්වටී කියන්නෙ.

      Delete
  5. ඔය බැරල් එක උඩ යන තරමට නම් වලාකුළු වලටත් වදීද මන්ද.... අයියෝ සල්ලි

    ReplyDelete
    Replies
    1. අපිට අල්ලන්න බැරි තරමට නං උඩ ගිහිං තියෙන්නෙ මේ වෙනකොටත්.

      Delete
  6. බස්තියන් පයින් යමු..

    ReplyDelete
    Replies
    1. මෙන්න අපේ ඔපීසියත් වහන්න හදනව. අපි නං රෝද දෙකෙන් නිසා අවුලක් නෑ.

      Delete
  7. මාත් වහනයක් ගන්න හිතන් හිටියේ.චෑ... පෙට්‍රල් ගණන් ගියානේ.පුට්සයිකලයක්වත් ගන්නවා.

    ReplyDelete
    Replies
    1. අර වතුරෙන් යනඑක වත් එනකං ඉමු.

      Delete
  8. හේ හේ අපි වගේ පයින් ගියානම් හරිනේ ::D

    ReplyDelete
    Replies
    1. ඒකනේ නේද? හික්ස්

      Delete
    2. මිදුලෙ නං යන්න පුළුවන් :)

      Delete
  9. කනේ වැලි ගෑවෙන්න යන්න අමාරුම නං කන සාක්කුවෙ දාගෙන වත් යං

    ReplyDelete
    Replies
    1. ඒක කරන්නත් බෑ. බාප්පල ඉන්නව.

      Delete
  10. දැන් ඩීසල් වලයි පෙට්‍රල් වලයි වැඩි පරතරයක් නෑනෙ බලං යනකොට. දැන් හයිබ්‍රිඩ් තමයි ගන්නවෙන්නෙ කෂ්ටියටම.

    ඔබා අයියෙ ඕස්ට්‍රේලියාවෙ පෙට්‍රල් ඩීසල් කීයද?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. දකුණු ආසියාවෙදි නං අපි 1ලු.

      Delete
  11. http://www.moneyweek.com/news-and-charts/market-data/oil

    ලෝක වෙලඳ පොලේ ඔය කියන විදිහේ මහා වැඩි වීමක් තාම නැ , ඉරාන තෙල් වල විතරක් යැපීමේ විපාක !!

    ReplyDelete
    Replies
    1. අනේ මංද යාළුවන්ට සලකන්න ඉරානකාරය දන්නෙම නෑනෙ..

      Delete
  12. මම අද උදේ වැඩට ගියා මොකද ලංකාවේ නම්බර් වන් ටීවී චැනල් එකෙන් කිව්වනේ ප්‍රයිවට් බස් දුවනවා කියලා, ගියාම තමා රඟේ තේරුනේ ඒ ගමන අනික් පැත්තට ආපහු ආවා, ඒත් ගෙදර එද්දි 1.30 ත් පහු වෙලා දවසම ඉවරයි නිවාඩුවකුත් ඉවරයි .....

    මෙන්න හවස ප්‍රවෘත්ති වලට කියනවා අර ඊයේ වර්ජනේ කරන්නෙ නෑ කියපු එකාගේ බස්වත් අද දුවලා නෑ කියලා ........

    මේවා කාට කියන්නද, අන්තිමට ඔක්කොම බර අපි පිටම තමා .....

    මුන්ට නං දෙයියංගෙම පිහිටයි, උනුත් එකයි, මුනුත් එකයි ......

    ReplyDelete
  13. ආසියාවේම ආශ්චරිය....

    ReplyDelete
    Replies
    1. බුවාගෙ ලින්ක්එක බැලුවනං.

      Delete
  14. රාජ් අයියා.. අර ඉස්සර අපිට 'දේශද්‍රෝහීන්' කියල දිව දික් කර කර කඩේ ගිය එවුන් දැන් සද්ද නැහැ නොවැ :)

    ReplyDelete
    Replies
    1. නැහැ උං කියන්නෙ මේක කුමන්ත්‍රනයක් කියල.

      Delete
  15. පයින් යන්න... පයින් යන්න....මොකද අපේ ආදි මුතුන් මිත්තන්ගෙ කාලෙ බස් තිබුනද?

    ReplyDelete
    Replies
    1. ඇයි ගොංකරත්තත් තියෙන්නෙ. රෙපෙයාර් කරල ගත්තම මරු.

      Delete
  16. කනේ වැලිගැවෙන්ඩ නෙමේ බං දැන් බඩේ ගැවෙන්ඩ බත් කන්ඩ හම්බෙන එක කුත් නෑ.මෙහේම ගියොත්...දැන් සුජානම වැටුප් වැඩිකරගැනිමේ සටනට සැරසෙන්ඩයි.....

    ReplyDelete
    Replies
    1. හරි අපිත් දෙන්නං සපෝට් එක.

      Delete
  17. කතාව හරි.නියමෙට ලියල මචන්

    ReplyDelete
  18. වැලි ගෑවෙන්න කෙසේ වෙතත් බස් ගාස්තු ඉහල ගිහින් !!
    අයියෝ සල්ලි !!!

    ReplyDelete
  19. කාලෙකට පස්සෙ හම්බුනු චෑන්ස් එකේ ටිකක් බඩවල් බහින්නත් එක්ක යන්නකො පයින් අනේ..... :D

    ReplyDelete
  20. දේශ ද්‍රෝහීන් වෙන්න එපා බන්... අපිට නැව් නොයෙන් වරායක්.. උසම කුළුනක්.. නෙළුම් පොකුනක්... දැයට කිරුලක්.. නයිට් රේස්... ඔය ඔක්කොම තියෙනවනේ

    ReplyDelete