Tuesday, June 5, 2012

ගමගේගෙ ඇටේ පා පහරින් වැටේ!

.........හාමු-දුරුවො කිව්ව ඕකට ගහපං කියල පොඩි හාමු-දුරුවො ගැහුව.

අපි එදා රෑට කාල ටීවී බලමින් හිටියෙ. එකපාරටම ආපු ජිප් එකක් මිදුලෙ නැවැත්තුව. ඒකෙන් බැස්සෙ .... හාමු-දුරුවො. උන්වහන්සෙ අඳනය පිටින් හිටියෙ, ඉනේ පිස්තෝලයක් තිබුන. ඒ එක්කම කාර් එකෙන් බැස්ස තරුණ හාමු-දුරුවරු පස්දෙනෙක් විතර. එයාල අතේ කඩු පොලු බයිසිකල් චේන් තිබුන. ......හාමු-දුරුවො ගේ ඇතුලට ඇවිල්ල ඇහුව "අඩෝ උඹ නේද ධර්මෙ කියන්නෙ" කියල. ඊට පස්සෙ පොඩි හාමු-දුරුවරුන්ට කිව්ව "මූට ගහපල්ල" කියල. උන්ව-හන්සෙලා මට අතින් පයිනුයි පොලු වලිනුයි ගැහුව. මාව බේරගන්න ආපු මගේ නෝනටත් ගැහුව. ළමයින්ටත් කුණුහරුපෙන් බැන්න. මම පොලී-සියට ගියාම පැමිණිල්ල භාරගත්තෙත් නෑ. හෝමාගම අධි-කරණයේදී මෙසේ ප්‍රකාශ කලේ හෝමාගම ගොඩගම පදිංචි ගමගේ ධර්මදාස(41) නැමති දෙදරු පියෙකි. ඒ 2040 පාර්ලි-මේන්තු මැතිවරණ සමයේ සිදුවීයයැයි කියන පහරදීමක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගාය්දී සාක්ෂි දෙමිනි. මෙහි වගඋත්තරකරුව සිටින්නේ බුද්ධ-ශාසන-අමා-ත්‍යධූරය දරන .....හි-මියන්ය...................(ලංකාදීප 2042-05-06)

21 වෙනිද රෑ අපි පාමංකඩ හංදියේ පෝස්ටර් අලවමින් හිටියේ. තවත් හාමු-දුරුවරු කට්ටියක් එක්ක එතෙන්ට ආව .........හාමු-දුරුවො. ඒගොල්ල හොදටම බීලයි හිටියෙ. දෙන්නෙකුගෙ අතේ ටී 56 තුවක්කු තිබුන. මුං තමයි අපේ පෝස්ටර් ඉරල තියෙන්නෙ, වෙඩිතියපියව් කියල ........ හාමු-දුරුවො කෑගැහුව. පොඩි හාමු-දුරුවරු දෙන්න වෙඩි තිව්ව. අපේ දෙන්නෙකුට වෙඩි වැදුන මම එහා පැත්තෙ තිබුන ගහකට මුවාවෙලා බඩගාගෙන ගිහිල්ල පන බේරගත්ත. වෙඩි වැදිල වැටුන චමින්ද තමයි මියගිහිල්ල තියෙන්නෙ.................(ලක්බිම 2040-09-30)

.......ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ......... මහතා සදහන් කලේ මෙම මැතිවරණයේදී පුද්ගල ඝාතන තුනක් වාර්තා වන බවත් පහරදීම් තුවාල සිදුවීම් පනස් අටකුත් දේපළ හාණිකිරීම්, කාර්යාල වලට පහරදීම් දෙසිය තිස් හතරකුත් වාර්තා වන බවයි. තුවාල කරුවන් අතර භි-ක්ෂූන් වහ-සේලා දොලොස්නමක්ද සිටිනබව සදහන් කල ........මහතා පැමිණිලි කිරීම් වලින් හැත්තෑ දෙකක් භි-ක්ෂූන් වහ-සේලාට එරෙහිව ඇතිබව සඳහන් කලේය..........(දිවයින ලක්බිම 2040-10-05)

ගමගේගෙ ඇටේ පා පහරින් වැටේ...... [ස්-ර්ණවාහිණී (නිව්ස් වලින් ෆස්ට්) ලයිව් ඇට් ඒට් සිරස්තල. 2042-06-05]
චාමිකා, අද පා.ර්.ලි.මේ.න්.තු.වෙ.දි හරි අපූ..රු දෙයක් සිද්දවුනා. ......පා.ර්.ලි.මේ.න්.තු. මන්ත්‍රී ......හිමියන්ගෙ පා පහරින් පා.ර්.ලි.මේ.න්.තු. මන්ත්‍රී .........ගමගේ මහත්තය... පුටුවකුත් පෙරලගෙන වැටුනෙ හාව පොලවෙ ගැහුව වගේ!
අද පාර්-මේන්තුවේදී ....... මන්ත්‍රී හාමු-දුරුවො කතාකරමින් ඉන්නකොට .... උණුසුම් තත්වයක් ඇතිවුනා. කතා-නායකතුමා ගමගේ මහත්තයට නිස්සද්ද වෙලා වාඩිවෙන්න කිව්වත් එතුමා නෙවේ වාඩිවුනේ. තරහ ගියපු ........හාමු-දුරුවො ඊට පස්සෙ ගමගේ මහත්තය ලඟට වැඩම කරල හොඳවයින් දෙකක් ඇන්න.......(උ.ගැ.අ.)

........මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ..... ගමගේ මන්ත්‍රීවරයා දැනට ජාතික පෞද්ගලික රෝහලක ප්‍රථිකාර ලබනවා. එතුමාගේ වෘෂණ කෝෂ වලට දැඩිලෙද හාණි සිදුවී ඇති බවයි වාර්තා වෙන්නෙ.
......... රෝහලේ අධ්‍යක්ෂ .....මහතා ප්‍රකාශ කලේ මන්ත්‍රීවරයාගේ තත්වය........
........මේ පිළිබදව අද සවස පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ තිත්ත අට්ටනායක මහතා.......
(සිරස නිව්ස් ෆස්ට් 2042-06-05)

මේ කැමිලස්ගේ ගජමෑන් පුවත්පතකින් කල උපුටාගැනීම් නොව ඇත්තටම ඉදිරි කා‍ලයේදී (දී ඇති වකවානු වලටත් පෙර වුවද විය හැකිය) මාධ්‍ය තුල පලවිය හැකි ප්‍රවෘත්තිමය සිදුවීම්ය. විජේදාස රාජපක්ෂ මහතාගේ පෞද්ගලික යෝජනාවක් ලෙස අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන, පූජ්‍ය පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී පදවි දැරීම වලක්වා ලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනඑන සංශෝධනය පරාජය වුවහොත් ඉහත කී තත්වය ඇතිවිය හැකිය.


දැනටමත් විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව බලලෝභී චීවරධාරීන් අවි අමෝරාගෙන ඇත. BBCයට අදහස් දක්වමින් එල්ලාවල මේධානන්ද හිමියන් ප්‍රශ්නකලේ "දේශපාලනයට පිවිසීමෙන්, මන්ත්‍රීධූර දැරීමෙන් භික්ෂූන්ගේ ගෞරවය කෙළෙසී ඇත්ද යන්න මණින්නේ කුමන මිම්මකින්ද?" යන්නයි. ජනතා නියෝජනය වෙනුවෙන් තමන්හට ලැබුනු සුඛෝපභෝගී රථය විකුණාදමා එය අවසානයේ විපක්ෂ නායකවරයාට අයත්වන්නට කටයුතු සිදුකරමින්ද කලකට පෙර කනෙන් ඇදදමා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමකට ලක්වී පුවත් මැවූයේද තමන් බව උන්වහන්සේට අමතකය.


121 comments:

  1. මට නම් තේරුනෙත් නෑ අනේ.:)

    ReplyDelete
  2. "මේ කැමිලස්ගේ ගජමෑන් පුවත්පතකින් කල උපුටාගැනීම් නොව ඇත්තටම ඉදිරි කා‍ලයේදී (දී ඇති වකවානු වලටත් පෙර වුවද විය හැකිය) මාධ්‍ය තුල පලවිය හැකි ප්‍රවෘත්තිමය සිදුවීම්ය."

    නෑ, මට හිතෙන්නෙ ඔයා ගංජ ෂොට් එකක් දාගෙන බෝක්කු කෑල්ලක් උඩ ආතල් පිට ඉන්න වෙලාවක පෙනිච්ච හීන වෙන්ඩ ඕන.

    ReplyDelete
    Replies
    1. කරුමෙ කියන්නෙ බං මම දකින ඔයවගේ හීන ගොඩක් ඇත්ත වෙනඑකනේ.

      Delete
    2. ඒකත් තවත් ගංජ හීනයක්ද මන්ද?

      Delete
    3. ඔයාත් ඉන්නෙ ගංජ ත්‍රිල් එකක නම් ඔක්කොම හීන විදියට හිතාගත්තට මගේ මොකෝ.

      Delete
    4. ඇනෝ, මේක ගංජා ත්‍රිල් එකකට ලඝු කරන්න එපා. මෙ අනාගතයේ සිදුවියහැකි දේවල් නෙවෙයි,දැනටමත් සිදුවී ඇති දේවල්...
      මතකද...කතා නායක තෝරන "ගේම්" එකකදි හෙල උරුමයේ උන්නාන්සෙලා තවත් හෙල උරුමයේම උන්නාන්සෙ කෙනෙක්ව පිස්තෝල පෙන්නලා පැහැරගෙන ගිය හැටි.(රාජ්ටත් ඒක මිස් වෙලා)

      Delete
  3. "දේශපාලනයට පිවිසීමෙන්, මන්ත්‍රීධූර දැරීමෙන් භික්ෂූන්ගේ ගෞරවය කෙළෙසී ඇත්ද යන්න මණින්නේ කුමන මිම්මකින්ද?"

    විජේදාසට මේවට උත්තර නෑ. විජේදාසගෙ සට්ටම් රාළට විජේදාස චාටර් වෙච්ච පේන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. "දේශපාලනයට පිවිසීමෙන්, මන්ත්‍රීධූර දැරීමෙන් භික්ෂූන්ගේ ගෞරවය කෙළෙසී ඇත්ද යන්න මණින්නේ කුමන මිම්මකින්ද?"

      සද්දෙට සද්දෙ නං දෙන්න පුළුවන්. ඒත් ගඳ මකන්න බෑනෙ ඇනෝ.

      Delete
    2. ප්‍රශ්නෙට තාම උත්තර නෑ නෙ? ඔන්න චාටර් වීමේ ගඳ මෙහෙටත් එනව

      Delete
    3. ඇයි මර්වින් සිල්වල ලව්ව ඇට මිරිකවගත්ත එකම මදිද? චක්‍රවර්තිගෙ සැප කාර්එක බල්ලට ගියා මදිද? පුකට පයින් ගහල චක්‍රවර්තිව එලියට දැම්ම මදිද? තව ඕනද?

      Delete
    4. //"දේශපාලනයට පිවිසීමෙන්, මන්ත්‍රීධූර දැරීමෙන් භික්ෂූන්ගේ ගෞරවය කෙළෙසී ඇත්ද යන්න මණින්නේ කුමන මිම්මකින්ද?"//

      මේ ඇනෝ ලංකාවෙ ඉදල නැද්ද? නැතිනම් ඇස් පියාගෙන ඉදලද?

      අපිට බණ දෙසන්න හිටපු හිමිවරු කිහිප දෙනෙක් නිකං කොන් වුණා. සෝම හිමි අපවත් වුන එකෙන් ප්‍රයෝජනය අරන් පාර්ලිමන්ට් ගත වෙලා කරපු ඇති දෙයක් නැහැ. දැන් නම් ගිහියෝ ටිකකුත් රීප්ලේස් වෙලා පක්ෂෙට..

      Delete
  4. බුදු හාමුදුරුවෝ කරන්න කියලා දේශනා කරපු දේවල්වලින් කීයෙන් කීයද අද කාලේ හාමුදුරුවරු කරන්නේ...... කාශව කණ්ඨකයන් බිහිවෙන කාලේ වැඩි ඈතක නෙමෙයි වගේ

    ReplyDelete
    Replies
    1. කාශව කණ්ඨකයන් කියන්නෙ කවුද?

      Delete
    2. එයාලගේ අතේ කහ නූලක් විතරයිලු තියෙන්නේ. ඒත් එයාලත් භික්ෂූන් වහන්සේලා විදිහටයි සැලකෙන්නේ. එයාල අඹු දරුවෝ පෝෂණය කරමින් රැකියාවක් කරමින් ඉන්නවාලු. දානමය පිංකමකට ආරාධනාවක් ලැබුණොත් ඒකට පැමිණිලා කටයුතු කරලා දෙනවාලු,

      භික්ෂූන් වහන්සේලාගේ අවසන් අවස්ථාව විදිහටයි කාශව කණ්ඨක අවස්ථාව බුදුන් වහන්සේ දක්වන්නේ

      Delete
    3. මේ යන විදියට නං කහ නූලත් නැතිවෙයි.

      Delete
    4. හසිත ඔයා නියමයි

      Delete
    5. @ අටර්‍මපහුර

      ඒ මක්කෙයි :D

      Delete
  5. මේක ටිකක් බරපතලයි ඒ හන්දා මොකුත් නොකියමි කියන උන්ටත් මොකුත් නොකියමි

    ReplyDelete
  6. මසුරන් කතාව ඈ.රජ ගෙදර කට්ටිය සුට්ටක් වෙන්න බීවට කමක් නැහැ කියල නොනැවතී නිදන් ගොඩ දාගත්තට වරදක් නැහැ කියල දෙස වදාළේත් මුන්නාන්සේනේ.18 සියවසේ හිටිය ගනින්නාන්සේලා මීට වඩා දහස් ගුණයක් හොඳයි.බුදුදහම විනාශ කරන්න අත් පොත් තැබුවේ සෝම හාමුදුරුවෝ.උන්වහන්සේගේ මල සිරුර මතින් ගොඩ ආව හෙළ උරුමය දැන් ලස්සනට බුදුදහම විනාශ කරනවා.මට සංගරත්නය එපා වුනේ හෙළ උරුමයේ මගෝඩි හාමුදුරුවරු නිසයි.

    ReplyDelete
    Replies
    1. "නිදන් ගොඩ දාගත්තට වරදක් නැහැ"

      එහෙම කියපු තැන පෙන්නන්න

      Delete
    2. "මට සංගරත්නය එපා වුනේ හෙළ උරුමයේ මගෝඩි හාමුදුරුවරු නිසයි"
      හැබැයි කියනකොට නං කිව්වෙ අපි මේ තනතුරු ටික කාලයයි දරන්නෙ ඊට පස්සෙ ගිහියන්ට දෙනව කියල.

      Delete
    3. ඇනෝ, පලවෙනි වතාවට සෝම හාමුදුරුවො ගැන එහෙම දෙයක් ඇහුවෙ... නොදන්න කමට අහන්නෙ, පොඩ්ඩක් විස්තර කරන්න බැරිද ඒ කතාව?

      Delete
  7. අනේ කාලේ රජමැදුරේ වාසේ...

    ReplyDelete
  8. අනේ මන්දා ... කල්ප අවසානය වෙනතෙක් බුදු දහම පවතිනවයි කියන රටක මෙහෙම දේවල් වෙයිද?

    දැනට වෙලා තියන දේවල් එක්ක බැලුවහම 2040 ට කලින් මේව වෙන්නත් බැරි නෑ වගේ... එහෙම උනොත් බුද්ධ අනාවැකි බොරුවෙයිද...

    ReplyDelete
    Replies
    1. මේගොල්ල පාරාජිකා වෙලා යනවනම් බුදු දහම ආරක්ෂා වේවි.

      Delete
    2. පාරාජිකා වීමෙන් සිදුවෙන්නේ උපසම්පදාව නැතිව යාම පමණයි. එතකොට මෙයාලට සාමණේර විදිහට ඉන්න පුලුවන්. අනික පාරාජිකා වීම අපි දන්නේ නැහැනේ මෙයාලගේම හිතනේ දන්නේ තමන් පාරාජිකා වුනාද නැද්ද කියලා

      Delete
  9. මේ අයට කරන්න ඕන අර සර් ජොන් කොතලාවල කියපු ටික තමා ....

    ReplyDelete
  10. අැත්තට මෙව වෙන්න බැරි නෑ...

    ReplyDelete
    Replies
    1. @ඉන්ද්‍රජිත්
      මේව වෙච්චි ඇත්ත තමයි බොලං..

      Delete
  11. ඇයි විජේදාස රාජපක්ෂ හෝ වෙනකෙනෙක් හෝ, හොරුන්, වංචාකාරයින්, පාර්ලිමේන්තු එන එක වලක්වන්න නීති ගේන්නේ නැත්තේ? අඩුම වශයෙන් දේශපාලකයන් ගේ වත්කම් ප්‍රකාශ එලිදැක්වීම ගැන තියෙන නීතී ක්‍රියාත්මක කිරීම ගැනවත් හඬ නගන්නේ නැත්තේ? භික්ෂූන්වහණ්සේ පාර්ලිමේන්තුවේ ඉන්න එක ද අද රටේ තියෙන ලොකුම ප්‍රශ්නය? භික්ෂූණ්වහන්සේ පාර්ලිමේන්තු නොයා යුතු නම් ඒක ඡන්දදායකයා තීරණය කරාවි (ඒක ඒ අයගේ අයිතිය). නැත්නම් ස්වාභාවිකවම එය සිද්ධවේවි.මතක තියාගන්න මුල් ම වතාවේ හෙළ උරුමය නියෝජනය කරමින් ස්වාමීන් වහණ්සේ 11 නමක් පාර්ලිමේන්තු වැඩිමකළත් පසුගිය මැතිවරණයේ දී එය 3 දක්වා අඩු වුණා.
    බෞද්ධ භික්ෂූන්වහණ්සේ අතීතයේ සිටම රට ජාතිය වෙනුවෙන් පෙරට ආවා. දේශපාලනය කියන්නේ ඒක තමයි. විජේදාස රාජපක්ෂ මේ කරන්නේ මොන අරමුණකින් ද දන්නේ නෑ. නමුත් ඔහු බාර් හිමියන්ගේ සංගමයේ සභාපති බව රැඩිකල් අදහස් අද පෝස්ට් එකකින් පෙන්වල තිබුණා.

    ReplyDelete
    Replies
    1. විජේදාසගෙ ජාතකේ හොයන්න නං ගියේ නෑ. ඒක එච්චර වැදගත් කමකුත් නෑ. මොකද විජේදාස කියන්නෙ යෝජනාව ගෙනඑන්නාගෙ නම විතරයි. ජයශ්‍රීට අමතක වෙලා නැතුව ඇති විජේදාස ගෙනාව කෝප් කමිටු වාර්තාව ක්‍රියාත්මක කරවන්න කොච්චර උත්සාහ කලාද සහ ඒකට උනේ මොකක්ද කියන එකත්.

      //ඇයි විජේදාස රාජපක්ෂ හෝ වෙනකෙනෙක් හෝ, හොරුන්, වංචාකාරයින්, පාර්ලිමේන්තු එන එක වලක්වන්න නීති ගේන්නේ නැත්තේ?//
      නිවැරදි නොවුනත් උත්තරෙත් ඔයාගෙන්ම කොපි පේස්ට්.
      //ඒක ඡන්දදායකයා තීරණය කරාවි (ඒක ඒ අයගේ අයිතිය). නැත්නම් ස්වාභාවිකවම එය සිද්ධවේවි.//

      ‍‍//බෞද්ධ භික්ෂූන්වහණ්සේ අතීතයේ සිටම රට ජාතිය වෙනුවෙන් පෙරට ආවා//
      ඇත්ත ජයශ්‍රී! ඒත් හිතල බලන්න දැන් තියන දේශපාලනයට ආව කියල සිදුවන සෙතක් නෑ හාණියක් මිසක්. මහානායක හාමුදුරුවරු කියන දෙයක්වත් ලොක්ක අහනවද? සංඝ කියන්නෙ ගෞරවනීය තනතුරක්. එතනදි කාටවත් යටත් භාවයක් නෑ. "අතිහරින්න" ඇවිල්ල බදාගැනිල්ලෙන් ඒක හෑල්ලු වීමක් සිදු වෙන්නෙ.

      Delete
    2. ජයශ්‍රී

      භික්ෂුවට රට ජාතිය වෙනුවෙන් ඉදිරියට එන්න කියල කොහේ මොන සූත්තරේ ද ලියවිලා තියෙන්නෙ. නොදන්න කමට අහන්නෙ. බණක් භාවනාවක් කරගෙන ම්නිස්සුත් ධර්මයෙන් හික්මවන්න කරන උත්සාහයට වඩා මේ දේශපාලනේ ලෝකෝත්තරයිද මංද.
      ලෝකෝත්තර දහමක් [කියන පරිදි] නියෝජනය කරන සංඝයා වහන්සේලා රටකට ජාතියකට වර්ගයක් වෙනුවෙන් පෙනීසිටීම දහමේ මූලික පරමාර්ථ උල්ලංඝනය කිරීමක් නෙමෙයි ද ?

      Delete
    3. "Bar Association of Sri Lanka" යන්න "ශ්‍රී ලංකාවේ නීතීඥවරුන්ගේ සංගමය" ඉන්ගිරිසියෙන් කියවෙන හැටිය... විජේදාස රාජපක්ෂ සභාපති වන්නේ එහිය...

      Delete
    4. සූත්‍රයක ලියැවී නැතිව ඇති. නමුත් තම රට, ජාතිය, ආගම, තමන්ට සිව්පසයෙන් උපස්ථාන කරන දායකයන් මුහුණ දෙන අසාධාරණයක දී ඊට එරෙහිව නැගී සිටීමේ අයිතිය උන්වහන්සේට තිබිය යුතුයි. දළදා වහණ්සේ රැකගත් සුමංගල හිමි, මාතලේ කැරැල්ලට උර දුන් කුඩාපොල හිමි, නිදහස් අරගලයට පන්හිඳෙන් උරදුන් ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි, වගේම අපේ ඉතිහාසය පුරාවට එවන් හිමිවරුන් කළ කැපකිරීම් දැකගත හැකියි. මෙවා නොඉවසූ සුදු පාලකයන් තුවක්කුවේ බලයෙන් ඒ හිමිවරු මර්ධනය කළා.

      දහමේ මූලික පරමාර්ථ හිස්මුදුනින් ම රැකගෙන නිහඬවම හිටියා නම්, දහම නැත්තටම නැතිවෙලා මීට සියවස් ගනනකට ම පෙර.

      Delete
    5. :D:D:D
      සපතේරු,එළ කොමෙන්ටුව....

      Delete
    6. @සපතේරු උන්නැහේ,
      ස්තුතියි. ඔබ නිවැරදියි විය හැකියි.

      නමුත් මට නීතීඥවරුන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයින් පහත යොමුව ඔස්සේ සොයාගන්න බැරි උනා
      http://basl.lk/category/basl/basl-executive-committee/

      Delete
    7. ජයශ්‍රී
      බාර් ගැන ඕන නෑනේ! අනිත් පැත්ත බලමු.
      ඕක බෞද්ධය ඇලී ගැලී ඉන්න මිත්‍යාවක්. යම් දෙයක් ආරක්ෂා කරන්න ගන්න උත්සාහයේදී සිදු වෙන්නෙ ඒක තව තවත් විනාශය කරා යාම විතරයි. අපි හැමෝම පුළුවන් විදියට ධර්මයේ හැසිරෙනව නම් අපි දිහා බලන අනිත් උදවියගෙ අවධානය අපේ දර්ශනයට යොමු වෙනව. බුදුන් වහන්සෙගෙ කාලෙ සිදුවුනේ ඒකයි.

      Delete
    8. රාජ් අහල තියෙනව නේද තැලෙන යකඩේ දැක්කම ආචාරියා උඩ පැන පැන තලනව කියල. එදා ඉදල අපේ ජාතිය මුහුණ දුන්න අභියෝග වලදී අපේ මුතුන්මිත්තන් (ලිහි/පැවිදි) නවගුන වැල අරං හිටිය නම් අද වෙනකොට අපට ජාතියක් ඉතිරිවෙන්නේ නෑ.

      Delete
    9. මම බාර් සංගමයේ සභාපති ලෙස විජේදාසව හැඳින්වීමේ දී ඉන්ගිරිසියෙන් Bar යන්න සිංහලට ගෙඩිය පිටින් හැරෙව්වා. සපතේරු උන්නැහේ කිව්වා හරි. මම හිතුවේ Bar Association of Sri Lanka යන්න බොහෝ දෙනා දන්නා වචනයක් බවයි.

      බාර් (Bar) යන වචනයට තේරුම් දෙකක් නොව තවත් කිහිපයක් ඇත. එනිසා පාඨකයන් ප්‍රවේශමෙන් මගේ ලිපියෙහි සන්දර්භයට අදාලව එම වචනය තෝරනු ඇතැයි බලාපොරොත්තු වීමි. ;) තරහා අවසර!

      Delete
    10. බාර් හිමියන්ගේ සංගමය ............ඉහි ඉහි තනි ඇහැට ඇන්ඩෙනවා .....:))))

      සමහර වෘතීය ආයතන වලට අපහාස කරද්දී පරිස්සම් වෙන්න :)

      Delete
    11. ජයශ්‍රී

      ඔය කියන්නෙ බොහොම ජනප්‍රිය ඒවගේම බරපතල විදියට ‍රැවටිච්ච දේශපාලන ගුණ්ඩු කතාවක් ජයශ්‍රී. භික්ෂූන් යනු කවුද ? බුදුන්වහන්සේ විසින් සියළු ලෝක සත්වයාගේ හිත සුව පිණිස දේශණා කරපු දහමක අනුගාමික / නියෝජිත පිරිසක්. එහෙම දහමක නියෝජිත පිරිසක් මුල් සිඳගන්නෙන් නැතිව මූලික ධර්මයනට පරිබාහිරව නොයා මොන ක්‍රමයකටද එක රටක්, ජාතියක්, ප්‍රදේශයක් වෙනුවෙන් පෙනී හිඳින්නෙ ? ඔන්න ඔතන තමයි බොහෝමයක් දෙනා ප්‍රශ්ණයෙන් පැනල යන තැන.ඒ මොකද ඕකට දෙන උත්තරයෙන් බොහොමයක් දෙනාට ‍රැකගන්න තියන දේවල් අහිමි වෙන නිසා.

      Delete
    12. @ ජයශ්‍රී June 5, 2012 9:12 PM

      ඔන්න මට තියන ලොකුම ගැටළුවක්. මට හිතෙන්නෙ ජයශ්‍රී ඒ ගැන අදහසක් පලකරන්න දැනුම් තේරුම් ඇති පුද්ගලයෙක් වගේ. ඒකයි මේ අහන්නෙ.

      හැබෑටම අපිට [අපිට කිව්වෙ මුළු මහත් මිනිස් සමාජයටම] මොකටද ජාතියක් ? "ජාති" සංකල්පය නිසා ඇතිවෙලා තියෙන්නෙ හොඳක්ද නරකක්ද, එහෙමනම් ඒ කොහොමද ? ජාතියක් නැතිඋනොත් [මේකත් ජයශ්‍රීටත් මටවත් විතරක් නෙමෙයි] මොකකින් මොකක් වෙයිද ?

      Delete
    13. @නවම්, මෙන් උත්තරේ.ඇත්ත ජාතිය, රට, ආගම කියල පටු විදියට හිත්නේ නැතිව එකම මිනිස් ප්‍රජාවක් හෝ ඊටත් එහාට ගොස් (සියලු සත්වයෝ නිදුක් වෙත්තා කියල)එකම සත්ව ප්‍රජාවක් ලෙස සිතා අපි හැමෝටම කටයුත් කරන්න පුලුවන් නම් ඉතාම හොදයි.එහෙම කරන අයට හිස නමා අචාර කරන අතර ගෞරව ද කරමි.

      නමුත් මිත්‍රයා අපි වටා ඉන්න අනෙක් සියලු ජාතීන් අනෙකා පෙලා තමන්‍ගේ ගොඩ විශාල කරගැනීමට සටන් කරද්දී, අනෙකා විනාශ කරද්දී අපට නොදුටු දෑසින් නිහඩව හිටිය හොත් අවසානයට කුමක් සිදුවේද?
      (ඉන්දීය උප මහද්වීපය හා ඒ ආශ්‍රිතව සියවස් කීපයකට පෙර තිබූ බෞද්ධ රාජ්‍යයන් සියල්ල අද වන විට හින්දු සහ ස්ලාම් රාජ්‍යය බවට පත්වී ඇත්තේ කෙසේද?)

      Delete
    14. ඔය මාතෘකාව අල්ලගත්තොත් ආයෙ කොටිවලිගෙ අල්ලගත්ත වගේ තමයි, ජයශ්‍රීටයි මටයි මැරෙනකල්ම වාද කරන්න තමයි වෙන්නෙ. සමහර විට මගේ අතක් පයක් කැඩෙන්නත් බැරි නෑ. මේ වෙච්ච කරදරවලින් යාන්තම් ගොඩයාගෙන අව් අස්සෙ අහවල් එකකටෙයි. හෙහ් හෙහ්.. සුභ දවසක් මිත්‍රයා !!

      ඒත් ඔය උඩම ඡේදයෙ කියල තියන දවස එන්නෙ අපිට විරුද්ධව තියන බලවේග සියල්ලම පරාද කරපු දවසට වෙන්ඩැ. හෙහ් හෙහ්.. ඒකත් නරක නෑ බලාන ගියාම !!

      Delete
    15. විරුද්ධවාදියේ හොයාගෙන ගිහිල්ල පරාජය කරන්න කියල නෙවෙයි කියන්නේ (එහෙම කරන්න ගියොත් විනාශ වෙන්නේ අපිමයි).තමන් ගේ ආත්ම ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වීමට හැමෝටම අයිතියක් කියෙනව.අඩුගානේ බිත්තියට ම හේත්තු කරගත්තට පස්සේ වත්.හැම ජාතියම එකයි-ඔන්න ඔහෙ වෙනදෙයක් වෙද්දෙන් කියන අකුලගෙන ඉන්න එක වැරදියි කියලයි මම කිව්වේ.

      @සමහර විට මගේ අතක් පයක් කැඩෙන්නත් බැරි නෑ.- ඇයි එහෙම හිතුණේ?

      Delete
    16. බුධාගමේ කොහෙද කියල තියෙන්නෙ රට ජාතිය රකින්න පෙරට එන්න කියල... ඒක බුධාගමේ අලුත් වර්ශන් එකක්ද...?

      X-Porter

      Delete
    17. එල එල සිවුරු කරට අරං සතුරුව එන සේනා නැතිකොරල දාන්න ඕනෙ.... අනෙක් ඔක්කොම ආගං වලට විසාල ගොඩවල් විසාල රටවල් තියෙනව අපිට තියෙන්නෙ මේ හුන්ඩුව විතරයි.... නිර්මල බුදු දහම තියෙන්නෙත් අපි ගාව විතරයි.. අපි දිවි පුදල හරි අනික් උන්ගෙ දිවි නසල හරි අපේ මේ හුන්ඩුවයි නිර්මල දහමයි ආරස්සා කොර ගන්න ඕනෙ....එල එල... බොක්කෙන්ම අපේ සහයෝගය....

      X-Porter

      Delete
  12. සාශන අභිවෘදියටවත් යම් දෙයක් කල නෑති මොවුන් ගෑන මොන කතාද,

    ReplyDelete
  13. හැබැයි රාජ්, මේක නීති මගින් තහනම් කරලා විසඳන්න පුළුවන් කමක් නැහැ. මේ නිතිය සම්මත කරපු දාක, මේ සිවුරු දාගෙන ඉන්න කට්ටිය සිවුරු ගලෝලා ආවොත්, ආයෙත් මිනිසුන් චන්දෙ දෙන තාක් කල් මොන නීති ගෙනාවත් වැඩක් වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. සිවුර ගලවල එනවට අපි විරුද්ධ වෙන්නෙ මොකටද! සිවුරෙන් එන එකයි අවුල.

      Delete
    2. මා කියන්න හැදුවේ රාජ්, දුෂිත කට්ටිය සිවුරු දාගෙනද ඉන්නේ, කලිසන් දාගෙනද ඉන්නේ, ටයි කෝට් දාගෙනද ඉන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් නොවේ. දුෂිත එකා මොන පොරෝනය ඇතුලේ හිටියත් දුශිතටයි. මේ අයට තියන මහජන කැමැත්ත තියන තාක් කල් ඒ අය ව දේශපාලනයෙන් අතුගාල දාන්න බැරි වේවි!

      Delete
    3. ඔව්. ඒක හරි. නමුත් අපි මෙතන කතා කලේ වෙන මාතෘකාවක්නේ. දූෂණ නවත්වන්න ඕන. මේ හැම දේකටම මහජනයා වගේම නීති හදන උදවියත් වගකියන්න ඕන.

      Delete
  14. අපිත් දන්න හාමුදුරු කෙනෙක් ඉන්නව හැම වෙලේම පිස්තෝලයක් ඉනේ ගහගෙන ඉන්නෙ...පන්සල පිටිපස්සෙ ගෙදර ගැහැනු කෙනාට ලව් කර කර ඉඳල..දැන් මේ ලඟකදි වෙන ගැහැනු කෙනෙකුට ගේකුත් හදල දීලා..අයියෝ සංසාරේ..!! අයියෝ සල්ලී...!!!!!

    ReplyDelete
    Replies
    1. ගංගාරාමයේ පොඩි උන්නාන්සෙටයි දයාන් ජයතිලකටයි ලලිත් ඇතුලත්මුදලිගෙ අවසන් කටයුතු දවසෙ මිනිස්සු එලෝ එලෝ ගැහුවා. පණ බේරගන්න දුවගෙන යනවෙලාවෙ පොඩි උන්නාන්සෙගෙ පිස්තෝලෙ මග වැටිලා. (සිද්ධිය පත්තර වලින් හොදට පබ්ලිෂ් වුනා-එවකට මේ ඩබල සේවය කලේ ප්‍රේමදාසට)

      Delete
    2. ඇතුලත්මුදලිගේ මරණේ දවසේ නෙමේ මොට්ටස්.ජෙනරාල් කොබ්බෑකඩුවගේ අවසන් කටයුතු දවසේ. ඉතිහාසය විකෘති කරන්න එපා.

      Delete
    3. ඔව් නේ ... මමත් ඔය සීන් එක අහල තියනව. මිනිස්සු අර මර්වියට කොටපු වගේ ඔළුවට කොටනවට උන්නාන්සෙට හෙල්මට් දාගෙනළු වැඩම්මුවෙ අන්තිමට පොලිස් ආරක්‍ෂාව ඇතුව. අපරාදෙ කියන්න බෑ දැන් වුණත් එයාට තියෙන්නෙ විස්කි මූණක්. තෙල් බේරෙනව.

      Delete
    4. කිසිම විකෘතියක් නෑ.ඔය සිද්ධිය වුනේ ලලිත්ගෙ අවසන් කටයුතු දවසෙ. එදා ඔය දෙන්නට විතරක් නෙවෙයි ඇල්ලේ ගුණවංසගේ අසපුවටත් මිනිස්සු සලකලා තිබුණා.
      මේ පෝස්ටුවෙන් මතුකරන්නෙ හාමුදුරුවරු ඍජු දේශපාලනයට ගියාම විය හැකි අනතුර,ඒකට අදාල සාක්ෂි තමයි ඔය.

      Delete
  15. හැබැයි රාජ්, මේක නීති මගින් තහනම් කරලා විසඳන්න පුළුවන් කමක් නැහැ. මේ නිතිය සම්මත කරපු දාක, මේ සිවුරු දාගෙන ඉන්න කට්ටිය සිවුරු ගලෝලා ආවොත්, ආයෙත් මිනිසුන් චන්දෙ දෙන තාක් කල් මොන නීති ගෙනාවත් වැඩක් වෙන්නේ නැහැ.

    ReplyDelete
  16. දෙයියෝ සාක්කි.. මේ අපේ රටේද..

    ReplyDelete
    Replies
    1. අපේ මාතෘ භූමියේ.(ලොක්කගෙ වචන)

      Delete
  17. නීති මඟින් දේශපාලනේ කරන්න තහනම් කලොත් ඔය උන්නාන්සෙල දානව මානව හිමිකම් නඩු. හෙහ් හෙහ්.. ආයෙ දෙකක් නෑ ඒකෙ. ආණ්ඩු ආගමික කරණයෙන් තොරවෙන්න ඕනෙ මචං. එහෙම නැත්නං බෞද්ධයගෙන් ගන්න බද්දෙන් ආණ්ඩුව වෙනත් ආගමික සුභසාධන කටයුතු කිරීමත් අන්‍යාගමිකයන්ගෙන් අයකරගන්නා රාජ්‍යබදු වලින් බෞද්ධායතන නඩත්තුකිරීමත් ප්‍රතිශතයක් විදියට ගත්තම සාධාරණීකර්නය කරන්න පුළුවන්ද ? එතකොට කිසිම ආගමකට අයත් නැති උන්ගෙන් ගන්නා බදු ? ඔහොම කල්පනා කරගෙන ගියොත් මේක මහ අවුල් ජාලයක්. ආගමික සංස්ථා තම තමන්ගෙ දේවල් බලාගනිපුදෙන් රජයට රාජ්‍යපාලනයට ඉඩ දීල. එහෙම නොවෙන තාක් ඕව නොවෙනස්ව පවතියි. ඒවගේම මෙතන තියන කමෙන්ට් විවාද වගේ දේවල් හැමදාටම පවතී. අතු කපල වැඩක් නෑ මචං මුල මරන්නෙ නැතුව. අපි හැමෝම කරන්නෙ කපන්න කපන්න වැවෙන අතු දිහා බලාගෙන මරාගන්න එක.

    ReplyDelete
    Replies
    1. හරි ම‍චං. මගෙත් අදහස ආගම්(සියල්ලම) දේශපාලනයෙන් තොර වෙන්න ඕන. විශේෂයෙන්ම පක්ෂ දේශපාලනයෙන් තොර වියයුතුයි. ඒ නිසා තමයි මහානායක හිමිවරුන්ට නැති බලයක් අගරදගුරුතුමාට තියෙන්නෙ.(අගරදගුරුතුමාට අඩු බලයක් සහ හාමුදුරුවන්ට වැඩි බලයක් දියයුතු යයි මා නොකියන බව තේරුම්ගනිත්වා!) ඇයි මේක තේරුම්ගන්න බැරි.

      Delete
  18. වැඩක් නෑ රාජ්! සිවුරු මංත්‍රීලාට ගහල පන්නනකං මේක හැදෙන්නෙ නෑ! කාළකණ්නි!

    ReplyDelete
  19. මෙව්වත් අනාගතේදී වෙන්න බැරි නෑ රාජ් අය්යේ..

    ReplyDelete
    Replies
    1. දේශපාලනය වගේ කැත මඩ ගොහොරුවකට ඇවිල්ල කරන්න පුළුවන් දෙයක් නෑ මඩගා ගැනීම හැරුනු විට.

      Delete
  20. දෙපාරක්ම කියවලයි තේරුම් ගත්තේ.. මේවා ගැනනම් ඉතින්....

    ReplyDelete
    Replies
    1. දෙපාරක් කිවුවට පාඩු නැද්ද මංද!

      Delete
  21. නෙද්දකිං විතරක් කාලකන්නි.... අපේ පන්සලේ පොඩි හාමුදුරුවන්ට උගේම වයසේ කෙල්ලෙකුත් ඉන්නවා දැන්...

    ReplyDelete
    Replies
    1. දේශපාලනයට ආවත් එන්නෙ එය ජාතියෙ බඩු තමයි.

      Delete
  22. විජේදාස ගොයියට පේන විදියට ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක වෙන්ටැ. කෝප් නිර්දේශ වල ඉන්න හොරුන්ට දඬුවම් දෙන්න උන්නැහේට බැරිවුණා. 1948 ඉඳන් ලංකාව විනාශ කළ බලලෝභී දේසපාලුවෝ තවමත් කරන විනාසේ එතුමට පේන්නෙ නෑ වගේ, මොකද උඩ බලාගෙන කෙළ ගහගන්න බෑනේ. අණපනත් ගේනවනම් ඔයිට වඩා කොයිතරම් ගැටලු රටේ තියෙනවද? හැබැයි එහෙම කියලා භික්ෂූන් වහන්සේලා දේශපාලනයට ඒමත් අනුමත් කරන්න බැහැ. මොකද සංයුක්ත නිකායේ සීලක්ඛන්ධ වර්ගයේ පලමු සූත්‍රය වෙන බ්‍රහ්මජාල සූත්‍රය කියෙව්ව(අවබෝධ කරගත්ත) භික්ෂුවක් නම් තමන් කරන්න ඕන මොකක්ද කියලා හොඳටම දන්නවා!

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම විජේදාස නිදහස් කරන්න ඕන. මොකද මම නිසා උන්නැහේ නිකං බැනුම් අහනව.
      විජේදාස මහත්තය කියන්නෙ අද ඉන්න එවුන් එක්ක බැලුවම හොද මහත්මයෙක්. ඒක එහෙම නෙවේ කියල ඒත්තුගන්වන්න පුළුවන් කෙනෙක් ඉන්නවනං මං ලෑස්තියි පිලිගන්න.

      මීට කලිනුත් එයා රටේ ප්‍රශ්න ගැන කතා කරල තියනව.
      කෝප් වාර්තාවෙන් යන්න පුළුවන් උපරිම දුර ගියේ මේ දක්වා එයා විතරයි. දඬුවම් පවා නිර්දේශ කලා(එච්චර බලය නැතත්). ලහිරු මලය බොහොම වැරදියට වටහාගෙන තියෙන්නෙ කෝප් වාර්තාව ගැන. මොකද ඒක නිර්දේශ දෙන තැනක් මිසක් දූෂිතය එල්ලන්න පුළුවන් අධිකරණයක් නෙවේ. එතනොට වැරැද්ද කලේ නිර්දේශ ඉදිරිපත් කල කෙනාද නැත්නම් නිර්දේශ ක්‍රියාත්මක නොකල කෙනාද? ;-)

      Delete
    2. මමත් අහලා තියෙන විදියට එතුමා හොඳ මහත්මයෙක් තමයි. නමුත් අයියේ මම එතනදි අදහස් කළේ කෝප් කමිටු සාමාජිකයෙක් විතරක් විදියට නෙවෙයි ජනාධිපති නීතිඥවරයෙක් විදියටත් ඔහුට යම් බලපෑමක් කරන්න තිබුණා ඔය සම්බන්ධයෙන්. ඒකයි මම කියන්නේ. මොකද සාමාන්‍ය ජනතාවට වඩා වැඩි දෙයක් නීතිය පැත්තෙන් එතුමට කරන්න පුළුවන් වෙන්නෝන ඒ ගැන. ඒත් අන්තිමට නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. අපේ බදු මුදල් තවත් එක දේකට නාස්ති වුණා විතරයි. ඒ වගේ ම රටේ දැවෙන ගැටළුව ඕක නෙවෙයි කියන එක හිතන්නෝන. පාරට බැහැලා බැලුවානම් කාට වුණත් තේරෙයි. ඒ වුණත් ඕනකමක් නැහැ ඒකට කාටවත්!

      Delete
  23. http://thripitakaya.com/category/%E0%B7%83%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB-%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B6%BA/%E0%B6%AF%E0%B7%93%E0%B6%9D-%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA/

    ReplyDelete
    Replies
    1. බොහොම පින්. මේක හෙමිහිට බලන්නම්.

      Delete
  24. ඇත්ත..රාජ්.. අනේ මන්ද..අපේ ඊලඟ පරම්පරාවට මොනව අහන්න ,දකින්න ලැබේද...?

    ReplyDelete
    Replies
    1. අනේ මංද මෙහෙම ගියොත්!

      Delete
  25. බෞද්ධ ආගමට නිගරු නොකරව්!

    අපි ලිව්වොත් නම් ඔහොම තමා වැටෙන්නේ මේවට

    ReplyDelete
    Replies
    1. අපේ රටේ අපිට තියන ප්‍රශ්න. අම්මෝ නිශානයෝ යං බං කොහේ හරි මේ ලබු ගෙඩීය දාලා

      Delete
  26. ‍සියල්ලන්ටම,
    මෙන්න දැන් ලැබුන පුවතක්.
    "Bar Association of Sri Lanka" යනු "ශ්‍රී ලංකාවේ නීතීඥවරුන්ගේ සංගමය" බව තහවුරු කරගන්නා ලදී.
    එහි ලේකම් මහින්ද බී.කේ. ලොකුගේ මහතා බවත් පරිපාලන ලේකම් ‍ජේ.එම්.ඩබ්. කලවිල මහතා බවත් සඳහන් කරමි. (2012 පෙබරවාරි 10දින වනවිට)

    ReplyDelete
    Replies
    1. රැඩිකල් අදහස් බ්ලොගයට ලින්ක් එකකුත් දාල මෙහිදී සිදු වූ මේ වරද ගැන මම යම් තරමකට වගකිවයුතුයි. රැඩිකල් අදහස් “බාර් සංගමය” යනුවෙන් අර්ධ සිංහල අර්ධ ඉංග්‍රීසි වලින් දැක්වූ ආයතනය “බාර් හිමියන්ගේ සංගමය” ලෙස වරදවා දැක්වීම මෙහිදී මා අතින් සිදු වූ වරදයි. (මගේ කඩුව සුපිරිම නෑනේ)

      Delete
    2. ජයශ්‍රීගෙ එතරම් වැරැද්දක් මම දකින්නෙ නෑ. මම මගේ පෝස්ටුව ලියන්න පටන් ගන්නකොටත් රැඩිකල්ගෙ පෝස්ටුව කියවල ඉවරයි. වෙනද මම කොමෙන්ටුවක් දැම්මත් ඊයෙ එහෙම නොකලේ විජේදාස මහත්තය බාර් හිමියෙක්ද කියන සැකය මතුවුන නිසාත් සමහර කරුණු ඉංග්‍රීසියෙන් තිබුන නිසාත්(මගේ කඩුව ජයශ්‍රීගෙ තරම්වත් නෑ). ඒ නිසා මම මගේ පෝස්ටුවට ඇතුලත් කරන්න හිතාගෙන හිටිය විජේදාස මහත්තය සම්බන්ධ කරුණු කිහිපයකුත් කපල දාන්න සිදුවුනා.(බරපතලයි)

      මෙතනදි මම කෙලින්ම ඇඟිල්ල දිගු කරන්නෙ රැඩිකල්ට. මොකද බාර්=තැබෑරුම් කියන විදියට හැඟවෙන හෙඩිම දැම්මෙ ඔහු. ඒක මම දකින විදියට ලජ්ජාසහගත වැඩක්. මීට කලිනුත් ඔයවගේ සිද්ධියක් උනා මුද්‍රිත මාධ්‍යක. "රනිල් සමලිංගිකයෙක් බව මෛත්‍රී කියයි" කියලයි නිව්ස්එක තිබුනෙ. එතනදි මෛත්‍රී කිව්වම අපිට ඉස්සෙල්ලම මතක් වෙන්නෙ මෛත්‍රී වික්‍රමසිංහ නෝන. ඒත් එහෙම කිවුවෙ මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහත්තය. මෙතනදි රැඩිකල් එක්කෝ වරදවා වටහාගත්ත නැත්නම් තක්කඩිකමට එහෙම දැම්ම.

      Delete
    3. // රනිල් සමලිංගිකයෙක් බව මෛත්‍රී කියයි //

      ආ .. රාජ් එක කුප්‍රකට හෙඩිමක් නෙව. ඒක ලියපු එකා ඒ විදියට ලියල තියෙන්නෙ හිතාමතාමයි.

      Delete
  27. මෙවුවට කමෙන්ට් කරන්ඩ බයේ බෑ.

    ReplyDelete
  28. මෙන්න තවත් ප්‍රවෘත්තියක්.
    අද දෙරණ වාද පිටිය වෙන්වෙනෙත් මේ මාතෘකාවමයි.

    ReplyDelete
    Replies
    1. එතනත් ඔය කියන පාර්ලිමේන්තු කණ්ඩායමේ ගිහි නියෝජිතය කුලප්ප්පු වෙච්ච ගවය වගේ හැසිරුනේ කිසිම පදනමක් නැති සිල්ලර සාමාන්‍ය දේශපාලන තර්ක ගෙන එමින්. බලය අහිමි වෙන්න යනකොට කොයි කෙනත් ඔහොම වියරු වෙනව මම හිතන්නෙ.මොනව උනත් ඒ සාකඡාවෙදි උනේ පාට කරල තිබිච්ච වසුරු මුට්ටියෙ කඩතොළු දෙක තුනක් ඇහ්ටිවෙච්ච එක. දන්නවනෙ ඕක පිපිරුනාම වෙන දේ. වැඩි කලක් යන එකක් නෑ ඒකටත්.

      Delete
    2. නවම් බැලුවද? මම නං බැලුව. සරත් විජේසූරිය විජේදාස රාජපක්ෂ මහත්වරු මතුකල කරුණු කොතරම් තර්කාණුකූලද! නිවැරදිද! හෙළ උරුමයෙන් ආව ගොයිය නං බලය රැකගන්නනෙ උත්සාහ කරන්නෙ.

      Delete
  29. හමුවු දිනක මේ ගැන කතා කරමු.

    ReplyDelete
    Replies
    1. @ අටර්‍මපහුර

      අනිවාර්යයෙන්ම අයියා

      Delete
  30. ඕනෑම දේශපාලන වාදයක් මතයක් ගැන හොයාගෙන ගියොත් අවසාන වග උත්තර කරු වෙන්නේ ජේ.ආර්. ඒක නිසා මම වැඩිය හිතන්නතුවම කියනවා මේකටත් වග කියන්න ඕනේ ජේ.ආර්. පප්පා කියල. එතුමාගේම වචන වලින් කියනවනම් මේ ව්‍යවස්ථාවට කරන්න බැරි ගෑණියෙක් මිනිහෙක් කොරන එකයි මිනිහෙක් ගෑනියෙක් කොරන එකයි විතරයි කියලා. සෝවාන් වෙච්ච කෙනෙක් වුනත් ආපහු පෘථග්ජන කොරන්ට මේකට පුළුවන්. මෙය කාටවත් සුධු හුණු ගෑමක් නොවේ. මගේ සම වයස් කාන්ඩේ කියල හිතෙන සුමිත් නිරිඇල්ල මේකට සාක්ෂි දරයි.

    ReplyDelete
    Replies
    1. // සෝවාන් වෙච්ච කෙනෙක් වුනත් ආපහු පෘථග්ජන කොරන්ට මේකට පුළුවන්
      …ඒකනම් ටිකක් ගැටළු සහගතයි නේද ? උපමාව ගැලපෙන්නේ නැහැ මම හිතන්නෙ!

      Delete
    2. සුදීක
      මම නං පොඩි සංශෝධනයක් එක්කයි වගඋත්තරකරු දක්වන්නෙ.
      19වන සංශෝධනය දක්වා ජේආර් මුත්තත් 19වන සංශෝධනයෙන් පස්සෙ වගකීම් ...බීප්..බීප්..බීප්..

      Delete
    3. @සුදීක
      මමත් එකගයි.'78 ව්‍යවස්ථාව තමයි මේ සියල්ලටම වගකියන්න ඕන.
      සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ ඕනෑම තක්කඩියෙකුට ජනප්‍රියත්වය පදනම් කරගෙන දේශපාලන ධාරාවේ ඉහළට එන්න පුළුවන්.හාමුදරුවරු ආවෙත් ඒ පාරෙමයි,නැත්නම් උඩුවේ ධම්මාලෝක,කොලොන්නාවේ සුමංගල,වගේ ජනප්‍රිය උන්නාන්සෙලා මොන දේශපාලනයක් දන්නවට ද ?
      ඉස්සරත් හාමුදුරුවරු දේශපාලනය කලා තමයි.(හේන‍්පිටිගෙදර ඥානසීහ වගේ) හැබැයි මේ දැන් අය වගේ හත්පොලේ ගාගත්තෙ නෑ.

      Delete
    4. 78 ව්‍යවස්ථාව සංශෝධනය වුනා මතකද මේ ලඟදි? ;-)

      Delete
    5. සංශෝදනයක් විතරයිනෙ වුනේ. සම්පූර්ණ වෙනසකට ලක්වුනේ නැහැනෙ....අනික ඔය සංශෝදනෙත් ඒ දවස්වලම ගේන්න ජේ ආර් දැගලුවා ඒත් හරිගියේ නෑ. 5‍/6 ක බලය ජේ ආර්ට තිබුනේ පැරණි ව්‍යවස්ථාව හින්දා. අලුත් ව්‍යවස්ථාවෙන් 2/3 නොලැබුණ නිසා සංශෝදනය එකතුකරගන්න බැරිවුනා. මෙයා කොහොමහරි පබාලා කොබාලා එකතුකරගෙන වැඩේ ගොඩදාගත්තා.

      Delete
  31. රට යහමාර්ගයට ගන්න හාමුදුරුවොරු පාර්ලිමේන්තු යන්න ඕනේ නැහැ. සුද්දන් ලංකාවේ පන්සල කඩලා ගිනිතියලා. සංස්කෘතිය විනාස කරද්දී ඒවා වෙනුවෙන් හාමුදුරුවරු සටන්කලත් කවදාවත් දේශපාලනය කරන්න උත්සහ කාලේ නැහැ. දැනටත් සැබෑ උවමනාවක තියෙනවනම් රට රැකගන්න පුළුවන්.

    ReplyDelete
  32. සීයට පන්සීයක් එකඟයි.. මේ විනාසේ නවත්වන්න නම් උන්නාන්සේලා සිවුවූ තියල පාර්ලිමේන්තු යන්න අඔන එහෙම නැත්නම් සිවුර පාර්ලිමේන්ති ඔයන්න නීති ගෙනෙන්න ඕනා. බොහොම කාලීන පියවරක්.. බලමුකෝ .. මං හිතන්නේ නැහැ වැඩක් වෙයි කියලා එත් ඒ ක්‍රියාවෙන් ගොඩ නැගෙන සංවාදේ වැදගත්..

    ReplyDelete
  33. බුදු අම්මෝ ... මේක කියවන්න ගත්ත ගමන් මම හොල්මන් වෙල ගියා. 2040 දැක්කම ආයෙත් කූල් ඩවුන් වුණා.
    මේ රටේ දැන් දැන් වෙන දේවල් ගැන කතාකරන එක මට නම් දැන් ඇතිවෙල තියෙන්නෙ. ඇත්තටම ඔය උන්නාන්සෙල පහුගිය කාලෙ නටපු නාඩගම් කියපු කියුම්වල හැටියට එයාල ආයිත් පන්සල්වලටම වැඩමකරනව නම් ලොකු දෙයක්, කරන එකෙක්ට දේශපාලනේ කරගන්න ඇරල. මේ නාරාවල හාමුදුරුවොත් බැහැල ඉහින්න ගත්තම බුද්ධ චීවරෙත් ජරාව ගෑවෙනව. අනෙක දැන් ආශ්චර්යයෙ ධර්ම රාජ්ජෙට තව හූවක දුරක් විතරනේ තියෙන්නෙ, ඔය ඉතිරි ටික ඉන්න උත්තමයො ටික අරගෙන යාවි. මම හිතන්නෙ ඕක සම්මත වුණත් ක්‍රියාත්මක වෙන්නෙ මේ පාර්ලිමේන්තුවෙ නිල කාලයෙන් පස්සෙ. යන යකා අර මොකක්දත් බිඳගෙන යාවිද මන් ද?

    ReplyDelete
  34. ඈත්තෙන්ම මේ ජරාජීරන සිස්ටම්ඵක වෙනස්කරන්න අපේ හාමුදුරුගොල්ලන්ට පුලුවන්නම්, උන්නාන්සේලා මේ දේශපාලනේට බෑහෑලා ඵ් දේ කරනඵකේ කිසිම වරදක් නෑ.අඩුම තරමින්, වෙන්න ඔනෙත් ඵ්කම තමයි.

    හෑබෑයි කරුමෙට අපේ ස්වාමීන්වහන්සේලා ජාතික අරමුණු කියාගෙන දේසපාලනේට බෑහෑලා අන්තිමට උතුම් අරමුණු අමතක කරලා(හෝ පවතින දේශපාලන බල අදිකාරිය හමුවේ අමතක කරන්න සිද්දවෙලා... )පවතින ජරාජීරන ක්‍රමයේම කොටසක් වෙමින් ඵ්වා මත යෑපෙමින් බලවතුන් කරන හෑම ජරාවෑඩටම ඵහෙයි කියනඵක නේද වෙලා තියෙන්නේ.
    මාලිගවේ ටිකක් බිව්වාට වරදක් නෑත,නිදන් හෑරීම රජයේ යුතුකමකි වගේ හතරබීරි කතා ද මෙයාල මේ ජාතික යුතුකම ගෑන පුනුරුච්චාරනය කරමින් කියන්නේ.කතාවම ඵහෙම නම් ක්‍රියාව ගෑන හිතාගන්න පුලුවන්නේ.
    ඉතින් අපේ රටේ ස්වමීන්වහන්සේලගේ දේසපාලනය යන්නේ මේවගේ ගමන්මාර්ගයකනම් අන්තීමට රටට වෑඩකුත් නෑත්නම් ශාසනයට හොදකුත් නෑත්නම් ඵක නතරකරන්න පියවරගන්න ඵ්කේ වෑරද්දක්නෑ.අඩුමතරමේ රටේ දේසපාලනය කෙසේවෙත්ත් ශසනයවත් රෑකෙයි.
    ශාසනය රෑකුනයි කියන්නේ නිසෑකවශයෙන්ම කවදාහෝ රට හෑදේවි.
    -චාමර

    ReplyDelete
    Replies
    1. දේශපාලනය විතරක් නෙවෙයි ඕනෑම ක්ෂේත්‍රයකට ස්වාමීන් වහන්සේලා එනව කියන්නෙ ඒකෙ ඇලී ගැලී ඉස්සරහට යනඑක වලක්වන්න බෑ කියන එකයි මගේ අදහස.
      "....දේශපාලනේට බෑහෑලා ඵ් දේ කරනඵකේ......" ඒ දේ කරන්න ප්‍රායෝගිකව බෑ.

      Delete
  35. කියපන් බොල දේශපාලනය ගෑවුණු ඒත් ගූ නොගෑවුනු එක තැනක් හරි. මේක පන්සලටත් පොදුයි. සමහරු තර්ක කරනවා හාමුදුරුවරු තමා මේවට වග කියන්න ඕනෙ කියලා. ඒත් මම කියන්නේ ඒ 'පෘථග්ජන' හාමුදුරුවරු නරකයට ඇද ගෙන යන්නේ ජරා ජීර්ණ දේශපාලුවෝ තමා.

    මැර දේශපාලුවන්ට ලකුණු දාගෙන 'සදාකාලික සුවය' හොයන්න බැරි බව හාමුදුරුවොත්, හාමුදුරුවන්ගෙන් ලකුණු දාගෙන 'මැරකම්' වලට 'අහෝසි කර්මයක්' සිද්ධ කරගන්න බැරි බව දේශපාලුවොත් ඇත්තටම තේරුම් ගත්ත දවසට ආයෙත් අපිට නාමික බුදු දහම වෙනුවට 'අර්ථාන්විත බෞද්ධ දර්ශණය' ලo කරගන්න පුළුවන් වේවි.

    රාජ් සහෝදරයගේ 2040 නිවුස් වෙනුවට බියගම පැත්තේ පන්සලක මෑතකදී වෙච්ච ඇත්තම සිද්ධියක් කෙටියෙන්ම කියල මම කමෙන්ටුව ඉවර කරන්නම්.

    මේ පන්සලේ හිටිය පන්සලෙන්ම කාල බීල පොඩි පොඩි වැඩ කරගෙන ඉන්න හාදයෙක්. අපි මෙයාගෙ නම 'සුනිල්' කියමු. සුනිල් ට පන්සලේ ඉන්න ඔක්කොම හාමුදුරුවෝ හැම දාම දකින කොක්කු වගේ. දවසක් සුනිල් සුපුරුදු විදිහට හවස් වෙලා 'ගමේ ස්පෙශල්' ටිකකින් සප්පායම් වෙලා පරණ සිoදු කෑල්ලක් අනුභව කර කර එනකොට දාන ශාලාව හරියේ කළුවරේම කවුද ඇගේ හැප්පුනා.

    "කවුද යකෝ මේ මහ රෑ ඇගේ හැප්පෙන්නේ?"

    නෑ මුකුත් සද්දයක්.

    සුනිල හීනියට ටෝච් එක ගහල බැලුව කව්ද කියල. හිටියේ 'ලොකු හාමුදුරුවෝ'.

    "ආ...මේ ලොකු හු...තනේ." සුනිල ටෝච් එක ඔෆ් කලා.

    (මේ ලොක්කත් රාජ් ගේ 2040 හීනෙ ඉන්න කෙනෙක් නම් මෙහෙම කිව්වත් මොකෝ නේද?)

    Modern Patriot

    ReplyDelete
  36. දේශපාලනේට ඇවිල්ල ඉන්න හා එන්ට ඉන්න සඟ උත්තමයෝ ගැන වෙන කියන්ට දෙයක් නෑ. පේන්නැද්ද පෙළපාලියක, විරෝධතාවයක දාන සෙල්ලම්. සඟ උත්තමයෝ දේශපාලනයට වැඩමවීමේ ගෞරවය (හෝ x!Z*) හිමිවෙන්න ඕන නිල් පාට පක්ෂයටයි ජෙප්පන්ටයි...

    ReplyDelete
  37. කොහොම වුනත් මගේ අදහසනම් සංඝයා වරුන්ට ඡන්දය බාවිතා කිරිම සහ ඡන්දයට ඉදිරි පත්විම තහනම් කරන්න ඔනේ, මොකද බුදුහාමුදුරුවො ඡන්දය (කැමැත්ත) කියන වචනයම පිලිකුල් කලා, කාලයක් අහිංසක හාමුදුරුනමක් දු‍ටුවිටත් ඔන්න හක්ගෙඩියක් කියමින් විහිළුවට පත්වුනා . ඉතින් බුදුදහම බෙරාගැනිමට නම් සංඝයා වහන්සෙලා හට ඡන්දය ලබා නොදිමයි....

    ReplyDelete
  38. යකෝ අදයි මේක දැක්කෙ.
    මරු ඈ... මේ යන විදිහට ඕව තමයි අහන්ඩ වෙන්නෙ.

    ReplyDelete
  39. ගමගේ ගෙ ඇටේ... පා පහරින් වැටේ... LOL

    ReplyDelete
    Replies
    1. සතුටුයි උඹ වගේ-මම කැමතිම-බ්ලොග්කාරයෙක් ආවට.

      Delete