Thursday, June 7, 2012

IRC දන්සැල්.






නවතමින්
රථ
වීථියට පැන බලෙන්,

කවමින් පොවමින්
පුරති
දන් පාරමී!

නවතමින්
රථ
වීථියට පැන බලෙන්,

කඩාගත්
මුදලින්.

නිමිත්ත: දන්සැල් දෙන ලෝකෙ එකම රට ශ්‍රී ලංකාව වෙන්නැති. ඒත් මේවගේ හිඟන දන්සැලුත් තියනව. මම දැක්ක දන්සැලක් ගැන තමයි මේ.

ඡායාරූපය ගූගල් වෙතින්.

78 comments:

  1. දන්සැල හා ඡායාරූපය අතර සම්බන්ධයක් තිබේ ද?

    දාන පාරමිතාව පුරන්න නෙවි යාළුව දැන් දන්සල් දෙන්නෙ. ඒක අත හොඳ ලාභ තියෙන බිස්නස් එකක්, හුඟ දෙනෙකුට.

    ReplyDelete
    Replies
    1. නෑ. යටින් කියල තියෙන්නෙ. :-)

      Delete
    2. ආ ... ඔව් නේ. දැන් නම් එහෙම එකක් තියේ. කලිනුත් තිබුණද මන්ද. :-)

      Delete
    3. කලිනුත් තිබුණ. ඇත්තමයි!:-)

      Delete
  2. හොද වැඩේ නිකන් කන්ඩ යනවට... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මම නිකං කන්න ගියේ නෑ බං. වැඩට යන පාරෙ, පෝයට කලින්, පාරට පැනල වාහන නවත්තල සල්ලි එකතුකලා. ඊට පස්සෙ පෝය දවසෙ බලනකොට ඒ විදියටම කන්න බොන්න දෙනව.

      Delete
  3. මොකද්ද උනේ බං...අඩෙ ගිය සතියේ මමත් දැක්ක දන්සැලක් " හුලං දන්සැල" කියල ගහල තිබ්බේ බලන කොට හුලං ගහන මැෂිමක් ගෙනත් දාල නොමිලේ හුලංගහනව කොහොමද ඩිසල් පෙට්‍රල් දන්සැලක් දුන්නොත් පොලිම තියෙයි ඉන්දියාවටම

    ReplyDelete
    Replies
    1. වෙච්චදේ ඔන්න අඩවිට කිව්ව. හුලං දන්සැල්නං නරක නෑ. "සාධාරණ මුදලාලි" ගිය පොසොන් එකටද කොහෙද ලාම්පුතෙල් දන්සැලක් දීල තිබුන.

      Delete
    2. භූමිතෙල් දන්සැල මටත් මතකයි !

      Delete
    3. ඔව්. ඔව්. ඒ දන්සලේ විස්තර නම් පත්තරෙත් දාල තිබුණ. තව ඒ මුදලාලිගෙ කඩෙන් තමන්ටම බඩු කිරාගෙන ඒවට අදාල මුදල තමන්ටම ලාච්චුවට දාල යන්න පුළුවන් කියල ලියල තිබුණ. ඒ තරමටම අවංක ගණුදෙනුකාර භවතුන් මේ රටේ ඉන්නවද මන්දා.

      Delete
    4. ඒ මුදලාලි තමයි. අන්න මුදලාලිල.

      Delete
    5. ඇයි බන්දුල මුදලාලි. කීයකට කන්න දුන්නද. 2500යි ගත්තෙ

      Delete
  4. මමත් පට්ට දන්සල් ටිකක් දැක්කා පහු ගිය ටිකේ... වෙනම පෝසට් එකක් දාන්න තරම්.... එන මිනිස්සුන්ට බැන බැන කෑම දෙන්නේ....

    ReplyDelete
    Replies
    1. ඒවගේ තැන් තියනව බං. ඔච්චරම අකමැති නම් නොදී ඉන්න තිබුනනේ.

      Delete
  5. කෙටි මාර්ගවලින් නිවන් යන්නනේ ඔය ට්‍රයි එක ...

    ReplyDelete
  6. තමන්ගෙ මහන්සියෙන් දනැසැල් දෙන ඇත්තෝ ඉන්නව නොවැ.

    අපේ පැත්තෙ තිබ්බ. සල්ලි එකතු නොකර දන්සැල දුන්නේ. අන්න මිනිස්සු..

    ජය !

    * අර දොලොස්මහේ දන්සැල තාම තියේද ?

    ReplyDelete
    Replies
    1. දොලොස්මහේ දන්සැල ගැන ලඟදි ආරංචියක් නෑ.

      Delete
  7. මම අහගෙන නිව්සු වලට කියනවා මේපාර තිබුණ දන්සැල් වලින් හුගක්ම පිරිසිදු නෑලු. ඒවගේ නම් දන්සැල් දෙනවට වඩා හොදයි නොදී ඉන්න එක. දන් සැල් දෙන්නේ පිං ලබන්න. ඉතිං එහෙම දෙයක් කරනව නම් ඒක භක්තියෙන් කරන්න ඕන. එතකොටයි පිං.
    අපි ගෙදර කාලයක් කොළ කැද විකුණුවා. එතකොට මායි අම්මයි, තාත්තයි, අයියයි එකතුවෙලා ගමේ හැමෝටම දුන්නා කොළ කැද දන්සැලක්. අපි කතාවුනේ ආයෙම එහෙම දෙයක් දෙන්න. කට්ටිය ඇවිත් පෝලිමේ ඉදලා බීල යද්දි දැනෙන්නේ පුදුම සතුටක්.

    ReplyDelete
    Replies
    1. ම් ... අනිත් දන්සැල් නම් දන්නෑ. බත් දන්සැල් වගේ නම් මම හිතන්නෙ දැන් අවසර ගන්න ඕන කලින්. පී.එච්.අයි. කෙනෙක් ඇවිත් බලල යනවළු දන්සැල දෙන දවසට.

      Delete
    2. බට්ටී
      අන්න වැදගත් විදියෙ දන්සැල්. මාත් කියන්නෙ තමන්ට දෙන්න පුවවන් උදවිය පුළුවන් ප්‍රමාණය දුන්නනම් හරි.

      DDT
      අවසර ගැනීම අත්‍යවශ්‍යයි.

      Delete
  8. ධාර්මිකව දෙන තැනුත් නැතිවම නෙවෙයි රාජ් අය්යේ.... හැබැයි ඉතින් දැන් දන්සල් දෙන්නෙත් ලෝකෙට පේන්න පොරවල් වෙන්න

    ReplyDelete
  9. අදයි මේ පැත්තෙ ආවෙ රාජ් අයියේ...හිත ගියා ලියපු පද ටිකේ කථාවට..පිං බලාපොරොත්තුවෙන්නම් දන්සල් දෙන්නෙ මොකටද අනුන්ගෙන් ඉල්ලන්නේ..පිං ගන්නනම් තමන් දෙන්න එපැයි.සම්මාදමේ ගිහින් සල්ලි එකතු කරන් ඒකෙත් කාල බීල නටල සල්ලි එයාලගෙ වියදමට අරන් දුන්න කියල පෙන්නන්න ‍පොඩියට මොනව හරි දීල දානවා..සල්ලි නොදී අපිත් ආධාරෙට මොනව හරි දුන්නොත් ඒව කඩවලට විකුණල සල්ලි ගන්නවා...

    අපිට කියන්න වෙන්නෙත් අයියෝ සල්ලි කියල තමයි....

    ආයෙත් එන්නම්කෝ මේ පැත්තෙ...

    ReplyDelete
    Replies
    1. බොහොම සංතෝසයි ආවට. එකතු කරල උනත් දෙන දන්සැල් තියනව. උදාහරණයක් විදියට අපේ ගමේ තියනව. අපිත් පුළුවන් විදියට ආධාර කරනව. ඒත් දෙන්න අකමැති උදවියගෙන් බලෙන් සල්ලි ගැනීම, කාල බීල ඉවර උනාට පස්සෙ ආධාර ඉල්ලීම වගේ නොකලයුතු දේවලුත් තියනව.

      Delete
  10. අපොයි ඔව් හරි කරදර වෙලාවකට ඔය දන්සැල්....

    ReplyDelete
  11. අනේ මන්දා මේ පොසොන් එකට තිබ්බ දන්සල් තොගේ නම් කළුතර ඉදලා මතුගමට එන ටිකට මම දන්සල් විසි පහකට වඩා නැවැත්තුවා. ඔය ටිකේ කිලෝමිටරුත් එච්චර නෑ. අයියෝ සල්ලි තමා

    ReplyDelete
    Replies
    1. කොච්චර දුන්නත් කමක් නෑ. බලෙන් එකතුකිරිල්ලට තමයි මගේ විරෝදෙ.

      Delete
  12. ඔය සල්ලිවලින් වෙන මොනවා හරි වැඩක් කලා නම් ඉවරනේ. මම නම් දන්සැලකින් කාපු කාලයක් මතක නෑ.:)

    ReplyDelete
    Replies
    1. කන්න දුන්නට කමක් නෑ ඉතින්. පෝය දවසෙ කඩවල් එහෙමත් වහලනේ තියෙන්නෙ. බලෙන් එකතු කිරිල්ල හොඳ නෑ.

      Delete
  13. අරලියගහ දන්සැල එහෙමත් අරීවි නේ පලාත් සභාවක් දෙකක් විසිරෙව්වම ..:)

    ReplyDelete
    Replies
    1. මැතිවරණ කාලෙට ඒක ඇරෙන්නෙ.

      Delete
  14. දං දීමත් දැං ආයෝජනයක්. මරනෙන් පස්සෙ අනෙක් ජීවිතේ ගැන හිතල කරනව.

    ReplyDelete
  15. දැන් දන්සැල් දෙන්නෙ ජොලියට...සැබෑවටම දුප්පත් මිනිස්සුන්ට ඒවට ඇතුල්වෙන්නත් බැහැ...!

    ReplyDelete
    Replies
    1. ඇත්ත! සමහර දන්සැල් තියනව ලොකු ලොකු වාහන වලට කොඩිය වනන.

      Delete
  16. කාට කියන්නද ? පොසොන් එකට මට දෙන්න වුනා ගම්මිරිස් කිලෝ 03, තාමත් මට පුදුම මේකෙන් මොනවා හදන්න ඇතිද කියලා. ඇයි යකෝ ගම්මිරිස් කිලෝ තුනකින් හදන හොද්ද මොකක්ද? ගේ ගාවමයි ඉල්ලුවම නොදීත් බැහැ. යන එන කොට නිතර දකින මිනිස්සුනේ. අනේ මන්ද මෙහෙම පිං කරලා කොයි දිව්‍යලෝකෙට යන්නද. තව්තිසාවට යන්න නම් මේ පිං වැඩිත් තරම්. වෙනම පොට් එකක් ඇති නේද????

    ReplyDelete
    Replies
    1. ගම්මිරිස් කිලෝ තුනක්! ;-)
      මාත් එනව ගම්මිරිස් ටිකක් ගෙනියන්න.

      Delete
    2. ගම්මිරිස් කිලො 3ක්.... දන්සලේ ගම්මිරිස් මාලුවක් උයන්න ඇති

      Delete
    3. ඉතුරු ටික රට පටවන්න වෙන්න ඇති.

      Delete
  17. සමහර අය සල්ලි එකතු නොකර දෙන හොඳ දන්සලුත් තියෙනව, එත් වැඩි හරියක් තියෙන්නේ බලෙන් සල්ලි එකතු කරල බලෙන් බෙදන දන්සැල්..... පසුගිය අවුරුද්දක මාත් එක්ක වෙසක් බලන්න ගිය නංගි කෙනෙක්ට බලෙන් සව් දන්සැලක කට්ටියක් සව් දෙන්න ගිහින් සව් කෝප්පයක් අර නංගිගේ ඇ‍ඟේ වැදිලා උනු උනු සව් වලට ඇඟත් පිච්චුනා....

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. කරදර දන්සැල්.

      Delete
  18. එකතුකරන සල්ලිවලින් තුනෙන් දෙකක් සාක්කුවේ .. ඉතිරි තුනෙන් එකෙන් දන්සල් දෙනවා. ..

    ReplyDelete
    Replies
    1. එහෙම ඒවත් තියනව. මම පොඩිම කාලෙ අපේ පැත්තෙ දන්සැලක් දුන්න එක පවුලක කට්ටියක්. එතෙන්ට ඇවිල්ල කෑම කාපු සුද්දෙක් දන්සැල වෙනුවෙන් රු.50000ක් දුන්න.(දැන් කාලෙ නං ලක්ෂ 5ක් විතර). ඒත් අර අයියල මල්ලිල ඒක කාරුණිකව ප්‍රතික්ෂේප කලා.

      Delete
  19. පහුගිය කාලේ ෆයිව් ස්ටාර් දන්සැල් තිබුනා කියලා පත්තරවල දාලා තිබුනා... වී අයි පී ලාත් ඇවිත් හිටියාලු!

    ReplyDelete
  20. සල්ලි එකතු කරපු විදිහටම කන්න දීලා.. එක අතකට අවුලක් නෑ.. සල්ලි එකතු කරලා කන්න නොදී ඉන්නවට වඩා.. :)

    ReplyDelete
    Replies
    1. ඒවුනත් බල්ලෙකුට උනත් දෙන විදියක් තියනවනේ. :-)

      Delete
  21. අනේ අප්පොච්චියේ ඇහුවමයි මෙහෙව් කතාවක්....

    ReplyDelete
    Replies
    1. පොසොන් වලට කලින් මේවගේ දේවල් තියනව. එක සැරයක් තන්තිරිමලේදි කෑවට පස්සෙ ටිකට් පොතක් දික්කලා. ඒ කාලෙ සල්ලි තිබුනෙත් නෑ. බැච්එකේ එවුන් සෙට්වෙලා ගියේ. :)

      Delete
  22. හික්ස්....අනේ මෙහෙමත් මිනිස්සු.....:D:D

    ReplyDelete
  23. බලෙන් ගන්නවා බලෙන්ම දෙනවා, එතකොට පිනක් සිද්දවෙනවද ඇත්තටම??

    ReplyDelete
  24. මෙහෙව් රටේ මොනවද තව නොවෙන්න පුළුවන්? මීයක් කඩන්නෙ අත ලෙවකන්ටයැ ආයිබෝං... (සමහරක් විතරයි! )

    ReplyDelete
  25. මාතර දිග්වැල්ල පැත්තේ ඒ වගේ දන්සල් තියෙනවා. හිටපු ගමන්. මොන එකකට දෙනවද දන්නේ නෑ.තව පින් පෙට්ටියකුත් තියෙනවා ආධාර කරන්න.

    ReplyDelete
    Replies
    1. දෙවුන්දර නං තියනව හොඳ දන්සැලක්.

      Delete
  26. අපි ඉන්න ගුරු නිවාසෙ අවට මේ පෝයට දන්සැල් 4ක් තිබුණා. අපි දුන්නෙ උදේ බත් දන්සැල. දවල්ට තව තැනක ප්‍රයිඩ්රයිස්, රෑට පොල්රොටී එක තැනක-තව තැනක පාන්. කිසි අවුලක් නෑ. වැඩේ පිළිවෙලයි පිරිසිදුයි.
    ආධාර එකතු කිරීමක් නෑ.තමන්ට පුළුවන් විධියට සංවිධායකයින්ගෙන් අහලා අවශ්‍ය දේවල් ගෙනිහින් දෙනවා. ඊට අමතරව විවේකය තියෙන අය ඉවුම් පිහුම් වලදි සහයෝගය දෙනවා.
    මේ හැම දේම කරන්නෙ පිං බලාපොරොත්තුවෙන් කියලා මටනම් හිතෙන්නෙ නෑ. මොකද වැඩේ අවසානයේදී ආනිසංස ගැන කියලා පිං දෙන්න හාමුදුරුවෝ එනකොට දෙතුන්දෙනෙක්වත් එතන ඉතුරුවෙලා හිටියෙ නෑ.

    එහෙමනම් මොකටද දන්සැල් දෙනවා ඇත්තෙ....?

    ReplyDelete
    Replies
    1. පින්දෙන වෙලාවෙ නොහිටිය කියල අවුලක් නෑ යහපත් චේතනාවෙන් වැඩේ කලානම්.

      Delete
  27. ඇත්ත...මේ වගේ දන්සල් ඕන තරම් තියනවා

    ReplyDelete
  28. හෙහ්.. IRC දන්සල් නේ..

    ReplyDelete
    Replies
    1. ඔරිජිනල් IRC දන්සැලක් ගැන ඒකාංග ටෙලියක් තිබුණා මීට අවුරුදු හත අටකට කලින්...
      ඒක පෘට් සැලඩ් දන්සැලක්, කට්ටිය අදනන හින්දද කොහෙද මිනිස්සු කවුරුවත් වාහන නවත්වන්නෙ නෑ කොඩි වැනුවට. බැරිම තැන ටැටූ කරපු "අයියලා" දෙතුන්දෙනෙක් කඩු පොලු අරගෙන පාරට පැනලා වාහනයක් නවත්තගන්නවා. ඒත් සැලඩ් එක කන්න වැඩි දෙනෙක්ගෙ කැමැත්තක් නෑ. කන අය කන්නෙත් අයියලාට බයේ. එක පොෂ් පොරක් සැලඩ් එක කාරුණිකව ප්‍රතික්ෂේප කරනවා. බෙදන උන් ඒක ලොකු "අයියට" කිව්වම පොරට තද වෙනවා..

      "මේ..ඒන් බෑ...කන්නම ඕනැ...අරි කන්නම ඕනැ....මේක ශ්‍රීමත් කළුමල්ලි අනුස්මරණ දන්සැල...කන්නම ඔනැ...."

      එහෙම කියලා අර පොරට සැලඩ් කවාලෙන කවාගෙන යනවා....බලෙන්ම....
      ඔරිජිනල් අයි ආර් සී කිව්වෙ ඒකයි...

      Delete
    2. අන්න ඔරිජිනල් එකක්.

      Delete
  29. දන්සැල් කන කොට ඒකෙන් වෙන කරදරේ ගැනයි ඒකට සල්ලි හොයා ගත්තෙ කෝමද ලියලත් හොතන්න ඕනි තමයි..මන් නම් ඕනි එකක් කියලා මේක දීපු අයට පිං සිද්ධ වේවා කියලත් හිතෙන් හිතනවා...

    ReplyDelete
  30. පාරට පයින්නෙත් නිකන් නෙමේ බෞද්ධ කොඩියත් අමෝරාගෙන !!

    ReplyDelete
    Replies
    1. දැක්කම බය හිතෙනව නේ.

      Delete
  31. මිනිස්සු කැමැත්තෙන් දෙන පුංචි පහේ දන්සැල් තමයි අපේ පැත්තෙනම් වැඩිපුර තියෙන්නේ.
    ඒ වගේ තැනකදී ඒ වෙනුවෙන් එක්කාසු වෙන උදවියගේ හිත්වලට ලොකු සතුටක් දැනෙනවා.
    ඒ ඇරෙන්න මිනිස්සුන්ගෙන් බලෙන් සල්ලි එකතු කරගෙන, බලෙන් කන්න දෙන මහා පරිමාණයේ දන්සැල් ගැනනම් මගෙත් පැහැදීමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මම කිව් එකත් පොඩි එකක් තමයි.

      Delete
  32. මේ දන්සැල් වල හොඳ නරක කතා කරන්න නෙවෙයි යන්නෙ. අවුරුදු ගනනාවකට පස්සෙ මට මේ පර දන්සැල් වලින් කන්න ලැබුනා. පොසොන් දවසට පස්සෙ දවසෙ පට්ට බඩගින්නෙ යනකොට පූගොඩ වෙල මැද්දෙ දන්සැලක තම්බපු මඤ්ඤොක්කා කොච්චි සම්බලේකුත් එක්ක දෙනවා කැන්ද කොලවල. අනේ අපරාදේ කියන්න බෑ හරිම රහයි. කාලා පින් දීලා ආවා.

    henryblogwalker the Dude

    ReplyDelete
  33. දන්සැල් ඉතින් නමට තමයි හිතෙ සතුටකින් දෙන ඒවා බොහොම අඩුයි

    ReplyDelete
  34. මේවා ඉතින් "දන්සල්" නෙමේ "දන්සැල්" නේ :D

    ReplyDelete
  35. අපරාදේ කියන්න බෑ පොසොන් පෝයටනම් දන්සැල් වැහි වැහැලා තිබුනා... ඒ ඔක්කොමත් හරි මීට අවුරුදු දෙකකට කලින් බ්‍රේක් නැති බයිසිකලේක දන්සැල් වඳින්න යද්දි කෙල්ලො ටිකක් පාරට පැන්නා ට්‍රේ එකකුත් අරන් බීම ටිකක් බීලා යන්න කියලා බ්‍රේක් නැති නිසා කෙල්ලගේ දෙපා මැදින් ඉස්සරහා රෝදේ ගිහින් බීමටිකත් පෙරලගෙන බිමට වැටුනා... කෙල්ල කෑ ගහනවා මර ලතෝනියක්... බැලින්නම් උණුම උණූ බෙලිමල් දන්සැලක් තිබිලා තියෙන්නේ කෙල්ලව පිච්චිලාද කොහෙද මායි තව එකෙකුයි ඩබල් දාලත් හිටියේ... දන්සලේ අයියලා අපි දෙන්නව වට කරලා තොපි මේ හලපු බීම කෝප්ප ගානටම බෙලි මල් කෝප්ප බීලා යන්න ඕනේ කිව්වා.... අපායට ගියාම ලෝදිය පොවන්නෙත් මෙහෙම වෙන්නැති කිය කිය බිව්වා නැත්තම් කන්න වෙනවනේ... එදා කාපු කිසිම දන්සලක කෑම වල රහක් දැනුනෙත් නෑ දිව පිචිචිලා නිසා....

    ReplyDelete