Wednesday, October 24, 2012

සෑම් අයියගෙ ඉතිරි කතා.

පොරොන්දු වෙච්ච විදියටම සෑම් අයියගෙ ඉතිරි කතා ටික අරගෙන ආව. මේ සිද්ධිය වෙලා තියෙන්නෙ සෑම් ඇඹ්ලිපිටියෙ වැඩකරන කාලෙ. ඒ ආරක්ෂකයෙක් නැත්තං සිකියුරිටි කෙනෙක් විදියට. සෑම් ඇඟපත තියන හාදය. කොන්ඩෙත් කොටට කපල ඉන්න නිසා ටිකක් විතර පොලිස් ලුක් එකක් තියනව. දවසක් බස්එකේ කොන්දොස්තර මල්ලි සෑම් දිහා බලල අහල තියනව පොලිසියෙද කියල. සෑමත් එකසැරේම කිව්වලු තමුන් එස්අයි කෙනෙක් කියල. සාමාන්‍යයෙන් පොලිසියෙ උදවිය බස්එකේ ගියාට සල්ලි ගන්නෙ නෑනේ. එදා වගේම ඊට පස්සෙත් සෑම් යන්නෙ ඒ බස්එකේ. ටික කලක් මේ විදියට නොමිලේ බස්එකේ යනකොට කොන්දොස්තර මල්ලි දැනගෙන තියනව සෑම් පොලිසියෙ නොවන බව.
ඔන්න සුපුරුදු විදියට එක දවසක් සෑම් බස්එකේ නැඟල තමුන්ගෙ පාඩුවෙ යනවලු. ටික දුරක් ගිහිල්ල බස්එක නැවැත්තුවලු. කොන්දොස්තර මල්ලි සෑම් ලඟට ඇවිල්ල ඇහුවලු 'මහත්තය පොලිසියෙද?' කියල. සෑම් ඔව් කිව්ව. ඊට පස්සෙ කොන්දොස්තර මල්ලියි තවත් යාළුවො කිහිපදෙනෙකුයි සෑම්ව බිමට ඇදල දාල හොඳටම සංග්‍රහ කරල. අන්තිමට යන ගමන කිව්වලු, "දැං ‍උඹේ පොලිසියට කියපං" කියලත්. ඒත් සෑම් ඕවට සැලෙන මනුස්සයෙක් නෙවේ. ඇ‍ඟේපතේ තිබුන වැලි එහෙම පිහිදාගෙන වැඩට ගියාලු.

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

සෑම් උපහැරණ හදන්න සූරය කියල මම කිව්වනේ. මේක ඒවගේ සිද්ධියක්.
ලඟදි දවසක ඔපීසියෙ කෙනෙකුගෙ වෙඩිමක් තිබුන. සෑම් හැර අනිත් පියන්ල සෙට්එක ඒකට ගියා. ගියා විතරක් නෙවේ, ගල් අරක්කු බෝතලයකුත් ගල්කලා. ඒකත් අරගෙන ඔපීසියට ආවත් ඒ වෙද්දිත් අමුවෙන් හිටිය සෑම්ට සලකන්න අනිත් උදවියට ඕනකමක් තිබුනෙ නෑ. ඒ සෑම්ගෙ ගතිගුණ නිසා. මේ නිසා සෑම් හිටියෙ බොහොම දුකෙන්. සල්ලි නැතුව බොන්න තිබුන චාන්ස් එකනේ මිස්වුනේ. අපි මේ සිද්ධිය ගැන සෑම්ව බයිට්කලා. සෑම්ට නොදී බීපු යාළුවන්ගෙ කෑදරකම සෑම් හැඳින්නුවෙ මෙහෙමයි.

"මහත්තයෝ ඔය නන්දෙයි ලීලෙයි චමින්දයි ඉන්නව නේද, අරක්කු මූඩියක් මෙන්න මෙහෙම බිමින් තියල ඊට මෙහා පැත්තෙන් මලයක් තිව්වොත් මුං තුන්දෙනා අර මලේට අහුවෙනව" (මලය=මන්ද)

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

සෑම් කියන්නෙ ඉඩම් වලට තන්හාව තියන මනුස්සය. කාටහරි පොලියට සල්ලි දෙනව නං ඉඩමෙ ඔප්පුව ඇප තියාගෙන තමයි දෙන්නෙ. ඒ වගේම ලාභෙට ඉඩමක් ගන්න ලැබුනොත් ඒ ගැනත් උනන්දුයි. ලඟදි දවසක ඉඩමක් ගන්න ගිහිල්ල සෑම් නූලෙන් බේරුනා. සෑම්ගෙම වචනයෙන් මෙන්න කතාව.

"මහත්තයෝ ලඟදි දවසක එකෙක් මට ඇවිල්ල කිව්ව අක්කර පහක පොල් ඉඩමක් ලක්ෂ දහයකට දෙනව කියල. මමත් වැඩේට කැමතිවුනා. ඔය ගානට පොල් ඉඩමක් ගන්න ලැබෙන්නෙ නෑනේ. මම හැදුවෙ බැංකුවෙනුත් කීයක් හරි අරගෙන ඉඩම ගන්න. ඉඩම තියනව කිව්වෙ ජූලම්පිටියෙ. මම සෙනසුරාද දවසක ගියා අරූ එක්ක ඉඩම බලන්න. වැරැද්දක් ඇත්තෙත් නෑ. මම ඌට පොරොන්දුවුනා මම ඉඩම ගන්නව කියල. ලෝන්එකත් දාන්න ලෑස්තිවෙලා මට ආයිත් හිතුන මෙතන මොකක්හරි අවුලක් තියනව කියල. මම ගිය සතියෙ තනියම ගියා ඉඩම බලන්න. වටේ පිටේ ඉන්න මිනිස්සු එක්කත් කතා කලාම තමයි වැඩේ තේරුනේ. ඒ ඉඩමට අල්ලපු ඉඩමෙ ඉන්නෙ ජූලම්පිටියෙ අමරෙ! ඌ වත්තට පැනල පොල් කඩනවලු, වැටවල් කඩනවලු, සීන් ගොඩයි. ඌ ඇතුලෙ ඉඳල ආව දවසට මට වෙඩිකන්න වෙන්නෙ. මම වැඩේ ඇතෑරිය එකෙන්ම. මට වෙඩිකන්න බෑනෙ මහත්තයෝ"

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

59 comments:

  1. 1.. මොනව හරි දෙනවද දන්නෙ නෑනේ

    ReplyDelete
    Replies
    1. මහත්තයා පොලිසියේද කතාව එල... උස මහතින් මාත් ඔය සෑමා වගේ තමයි... ඒ ලෙවල් කරන කාලේ ඉඳලම යාලුවෝ උන්ගේ පොඩි පොඩි තග් වැඩ වලට, මාව පාවිච්චි කරනවා පොලිසියේ කියලා. ගෙවල් කුලී නොගෙවන අය බය කරන්න, නැතිවෙච්ච බඩු හොරකම් කලා කියලා සැකකරන අය බය කරන්න. උන්ගේ නංගිලා යාලුවෙලා ඉන්න කොල්ලන්ව බය කරන්න, ඔය වගේ සද්භාවයෙන් කරන වැඩ වලට මගේ නොමසුරු දායකත්වය දීලා තියනවා. හැබැයි එක කොන්දේසියක් පිට තමයි මාව ගන්නේ... මට කතාකරන්න තහනම්, රකුස් මුහුණක් දාගෙන ඉන්න විතරයි තියෙන්නේ... මොකද මගේ ඇඟට කොහෙත්ම ගැලපෙන්නේ නැති ළදරු කටහඬ ඇහුණ ගමන් මගේ පොලිස් පට්ටම් ගැලවෙනවා...

      Delete
    2. කටහඬත් හදාගත්තනං ඉවරයිනේ.

      Delete
  2. ඉතින් බයවෙන්නේ මක්කටෙයි.. ජූලම්පිටියෙ අමරේ කියන්න සමාජ සේවකයෙක් නේද... ප්‍රසිද්ධ..

    ReplyDelete
    Replies
    1. ඕක ගැන පලියක් දාන්නත් හදල....... මට හිතුන කවුරුහරි අහවි කියල "කවුද ජූලම්පිටියෙ අමරෙ" කියල.

      Delete
  3. ඉඩම ජූලම්පිටියෙ කියද්දී මට මතක් වුනේ අමරේව.බලද්දී කතාවේ අන්තිමට ඒ පොරත් ඉන්නවා.. :)
    එළ..!

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හි හි... උගුල් ඇටවීමේ අලුත්ම විදිහ.. අරක්කු මන්ද..

      Delete
    2. මේ විදියට උගුලක් හැදුවොත් අහුවෙන අය ඉන්නව ඕනතරම්.

      Delete
  5. සෑම් ද මෑන් .... අමුතුම චරිතයක්...



    ReplyDelete
  6. මට මතක් උනේ කෝපි කඩේ පොලියව... හි හි...

    ReplyDelete
    Replies
    1. ඒවගේ තමයි. හැබැයි සෑම්ගෙ හොඳ ගතිගුණ තියනව.

      Delete
  7. මාව හිරිවැටෙනව බං මේව කියවද්දි, ආදේශ නමක් දාල ලියපං.. පිං සිද්ද වෙයි :)

    ReplyDelete
    Replies
    1. සෑම්ගෙ කතා ඉවරයි. :)

      Delete
    2. මටත් දුක හිතුනා මේ කමෙන්ට් එක දැකලා..... :)

      Delete
    3. අනේ පව් සෑම් අයිය..:ඩී

      Delete
  8. මම ඉඩම ගඤ්ඤං???? හැබැයි අමරේ සැමාට සෙටි කරමු. (මේ අපේ සැමාට නෙමයි හරිය)

    ReplyDelete
    Replies
    1. අපේ සෑමට සෙට්කරමුද!

      Delete
    2. ඒක නං රජෝ කරන්න එපා මොන සැමා මොන සැමාව හුරා කයිද කියල කව්ද දන්නේ. අපේ සැමත් විස්වාස ඇති පුත්තරයෙක් නෙමෙයි...

      Delete
    3. අපොයි ඔව්. පොඩියට හිටියට මූ අපේ සෑමගෙ කණෙන් රිංගයි.

      Delete
  9. සෑමා එල බුවෙක් වගේ... වැටෙන්න වැටෙන්න නැගිටින පොරක්...

    ReplyDelete
    Replies
    1. අපේ බ්ලොග් ලියන සෑම වගේ!

      Delete
  10. මෙච්චර කල් ජුල්ම්පිටියෙ අමරය තණකොල කෑවෙ ඒ වත්තෙන්ද දන්නෙත් නෑ. සෑම වෙලාවට ඒක ගත්තෙ නැත්තෙ.

    ReplyDelete
  11. අරක්කු මන්ද.. ඒක්ත් මරු ඈ

    ReplyDelete
    Replies
    1. මරු නේන්නං බෙබාලට.

      Delete
  12. මේ සෑමාත් අපේ සෑමාත් හැර තවත් සෑමලා ඉඳීද ?

    ReplyDelete
    Replies
    1. ඔය දෙන්න හිටියම මදැයි ලංකාවටම!

      Delete
  13. සෑම් වගේ අය ඉන්න එක හොඳයි අනේ. හිනාවෙලා හරි ඉන්ට පුලුවන්...:D

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. මේ දැනුත් මගේ ලඟ ඉඳල ගියේ.

      Delete
  14. අමරේ අය්යගෙ ගැන්සියටම සෙට් වුණා නම් ඉවරයිනේ!

    ReplyDelete
  15. අරක්කු මන්ද තමයි මරුම කෑල්ල!!

    ReplyDelete
  16. හිකිස්..! ජුලම්පිටිය..නම්..අමරේ.., අමරේ නම්..ජුලම්පිටිය. , ගහට පොත්ත මෙනි..~!

    ReplyDelete
  17. ජුලම්පිටියේඅමරේගේ රාජධානියේ ගේමට බැහැලා ඉල්ලන් පරිප්පු කන්නේ මොකටෙයි නැද්ද සෑම්. සෑම් ලොක්කට මොලේ තියනවා, ඉතින් රාජ් අයියේ සෑම්ගේ කතා වෙන නැද්ද ?

    ReplyDelete
    Replies
    1. දැනට නැත! ඉස්සරහට බලමු.

      Delete
  18. මගේ කලින් පෝස්ට් එකක කමෙන්ටුවක රාජ් ඔය පොලිස් කථාව කිව්ව මතකයි. මම නොබොන එකා වෙච්චි අරක්කු මන්දට අහුවෙන එවුන්නම් ඕන තරම් දන්නවා.

    හැබැයි සෑමා අමරේ මැතුතිමා එක්ක සෙට් නොවුන එකනම් අපරාදේ.

    ReplyDelete
    Replies
    1. අම්මප! මට අමතක උනා ඕක කිව්ව කියල.

      Delete
  19. අපරාදෙ ඌට ඉඩම ගන්නයි තිබුනෙ. සෑම් වගේ පොරක්ට අමරෙගෙන් කරදරයක් වෙන්න ඉඩක් නෑ. "සාමලා අමරලා" වගේ ඉන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. නෑ බං. අමරෙ ආවම වැටවල් කඩනවලු පොල් කඩනවලු බලහත්කාරෙන්......

      Delete
  20. ඔය කියන්නේ ජුලම් පිටියේ අමරේ ගැනද නැත්තං ජුලම් පිටියේ ඉන්න වෙන අමරේ කෙනෙක් ගැනද දන්නේ නෑ .....

    ReplyDelete
    Replies
    1. The ජූලම්පිටියෙ අමරෙ!

      Delete
  21. අපේ සෑම් ගොයිද?
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මේ වෙන සෑම් කෙනෙක්.

      Delete
  22. පලවෙනි කතාව ඇත්තම එකක්ද නැත්තම් සෑමා ගහපු බොරුවක්ද?

    ReplyDelete
    Replies
    1. සෑම කියයිද ඕව. සෑමගෙ යාළුවො කියපු කතාවක් ඒක.

      Delete
  23. සෑමගෙ උපහැරණ නරකයි කියලා උඹ කිව්වට අර අරක්කු මූඩියෙ එක හරියට හරිනෙ බං. අරුන් තුන් දෙනා කොයි තරං අරක්කු වල්ට පෙරේතද කියන එක ඒකෙන් නියමෙට කියවෙනවනෙ. අර වයිපරේ ගිණි කිකිළි වගේ ඉන්න ඕනෙ කියන එකත් නැවත සලකා බලන්න වෙනවා.:D
    නන්දෙයි, ලීලෙයි, චමින්දයි විතරයි ඔය ලිස්ට් එකේ කියලා උඹට ෂුවර්ද? තව නමක් තිබිලා මකපු පාර තියෙනවා. ;P

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. නරකයි කිව්වෙ සමහර ඒව විතරයි. මේ අරක්කු මූඩි කතාව නං ඇත්ත‍‍. අපි එක්ක ඔය උදවිය එච්චර සෙට්වෙන්නෙ නෑ. මොකද උං ප්‍රොෆෙෂනල් බෙබාල.

      Delete
  24. මේ වගේ මිනිස්සුත් ඉන්න එපැයි ඉතින්.
    අයියෝ ඇයි මේක සෑම් ගැන ලියන අන්තිම කතාව කියල කිව්වේ..?? :O

    ReplyDelete
    Replies
    1. සෑම්ගෙ කතන්දර දැනට ඉවරයි. ආයෙත් ටිකක් එකතුවුනාම දෙන්නං. :)

      Delete
  25. අර බ්ලොග් ලියන සෑමත් මේ වගේම තමයි කියලා අහල පහල ඉන්න අපි විතරයි දන්නෙ...

    ReplyDelete
  26. සෑම් නියමයි.... බලද්දි අපේ සෑමා නෙමෙයි.

    ReplyDelete
  27. මට පේන්නෙත් ඒ සෑමා අපේ සෑමා වගේම ඩයල් එකක්..

    ReplyDelete