Monday, October 22, 2012

සෑම් අයියගෙ කතන්දර.

පහුගිය ටිකේම දේශපාලන පෝස්ට් ලියවන නිසා කතන්දරයක් ලියන්න බැරිවුනා. අනෙක කතන්දර උල්පත වෙච්ච රවි අයියත් ඔපීසියෙ නෑ. මෙන්න මේ වෙලාවට තමයි සෑම් අයිය මගේ පිහිටට ආවෙ. සෑම් කියන්නෙ අපේ ඔපීසියෙ වැඩකරන පියන්-එහෙම නැත්තං කාර්යාල කාර්ය සහයක මහත්තයෙක්. මීට කාලෙකට ඉස්සෙල්ල ලිව්ව වැඩිහිටියන්ට පමණයි කතාවක් වෙච්ච 'ටෝච්පාර' සෑම් අයියගෙ කතාවක්.

සෑම් කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අතිපණ්ඩිත මනුස්සයෙක්. එයා එක්ක කතාකරල දිනන්න කාටවත් බෑ. හැබැයි මොනව හරි උදව්වක් කිව්වොත් කරනව. සෑම්ගෙ මූලිකම වැරැද්ද තමයි අධික ලෝභකම. උදාහරණයක් විදියට අපේ බ්‍රාන්ච් එකේ අයට ඕනවුනා කියල හිතමු කෑමෙන් පස්සෙ අයිසික්‍රීම් කන්න. ඉතිං කස්ටිය කලෙක්ෂන් එකක් දාල සෑම් අයියට තමයි කියන්නෙ අයිස්ක්‍රීම් ගේන්න කියල. ඒ ගෙනාවම එයාටත් එකක් ලැබෙනව. ඒත් මෑන් තමුන්ගෙ එක ගේන්නෙවත් කන්නෙවත් නෑ. ඒ සල්ලි ටික ගන්නව. කොහොමද ලෝභකමේ තරම! මේ නිසා ඔපීසියෙ අනිත් පියන්ලගෙන් සෑම්ට සෑහෙන කැපිලි තියනව. සෑම් අයිය එක්තරා කාලයක් වැඩ තහනම් වෙලා හිටිය. ඊට පස්සෙ ඇරියස් එකත් එක්ක ජොබ්එක ලැබුන. ඒ ලැබුන සල්ලි ගමේ මිනිස්සුන්ට පොලියට දුන්න. දැන් ඒ ව්‍යාපාරයත් නැගල යනව.

සෑම් අයිය කියන්නෙ අතිපණ්ඩිතයෙක් කියල කිව්වනේ. එයාගෙ ලඟ තියනව අමුතු අමුතු උපහැරන. සමහරවිට ඒව කිසිම ගැලපීමක් නැති වෙලාවලුත් තියනව. එයාගෙ වැඩ තහනම අවසානයේ දිස්ත්‍රික් ලේකම්තුමා කතාකරල ජොබ්එක නැවත දෙන්න.
"තමුන් කලේ වැරැද්දක් උනත් නැතත් දැං ආයෙත් ජොබ්එක දෙන්න තීරණය කරල තියනව. හොඳින් රාජකාරී කරගෙන යන්න මීට පස්සෙ" කියල දිස්ත්‍රික් ලේකම්තුමා කිව්වම සෑම් කිව්වලු,

"ඔව්සර්, මං වැරැද්දක් කලේ නෑනේ. අනෙක මං දැනගෙන හිටිය ගහේ පිත්ත වැටෙන්නෙ ගහ මුලටම තමයි කියල"

ආන්න ඒවගේ කතන්දර තමයි සෑම්ගෙ තියෙන්නෙ.

තවත් සෙනසුරාද දවසක ඔපීසියට ඇවිල්ල අපි එක්ක කතාව. සෑම් කියනව,
"මහත්තයෝ මම හිඟාකාල හරි හවසට කීයක්හරි හොයාගෙන ගෙදර එනකොට මම කැමතියි මගේ ගෑනි ගිනි කිකිළි වගේ ඉන්නවනං"
අපි බිපෙසි.

මේ තවත් කතාවක්.
සෑම්ට තියනව කුඹුරක්. වතුර ගන්න වැවේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් නිසා ඊලඟ කන්නයට වතුර ලැබෙන්නෙ නෑ කියන රාවයකුත් තිබුන. මේ අතරෙ කුඹුර කිට්ටුව ගෙදරක හිටිය මනුස්සයෙක් කුඹුරෙ මංඇට වපුරල. (වතුර නැති නිසා සෑම් අයිය කුඹුර වගාකරන එකක් නෑ කියල හිතල). ඔන්න සෑම් සිද්ධිය විස්තර කලේ මෙහෙමයි.

"මහත්තයෝ තිලකරත්න මම නැති අතරෙ අපේ ගෙදර ඇවිල්ල ගෑනිට කියල තියනව කුඹුරෙ මුං ගැහුව කියල. මම ගියා උගේ ගෙදරට, ගියාම මූ කියනව, සෑම් අයියේ මේසැරේ කුඹුර කරන්නෙ නැතිනිසා මම මුං ගැහුව කමක් නෑනේ කියල. මම කිව්ව කමක් නෑ, හැබැයි කුඹුර දුන්නනං වී කිලෝ හයසිය පනහක් ගන්නවනේ. ඒ නිසා මට මුංඇට කිලෝ හයසිය පනහක් ඕන කියල"

"ඉතිං සෑම් අයියේ අක්කරේක මුං හොඳට හැදුනත් කිලෝ හාරසීයකට වඩා බෑනේ" මම ඇහුව.

"නෑ රාජ් මහත්තයෝ වී ද මුංද තලද කියල මට අදාල නෑ. රත්තරං වගා කලත් මං කියන්නෙ මට කිලෝ හයසිය පනහක් ඕන කියල!"

"ඉතිං මෑන් මොකද කියන්නෙ?"

"දැං ඇඬිල ඉන්නවලු!"
ඕන්න සෑම්ගෙ වැඩ.
සෑම්ගෙ තවත් කතා ඊලඟ පෝස්ටුවෙන්.


58 comments:

  1. මම හිතුවා අපේ සෑම් මලයගේ පොස්ටුවට ඌන පූරණයක් කියලා.. මේ අපි වගේ සෑම් කෙනෙක්නේ...

    ReplyDelete
    Replies
    1. මාත් හිතු‍වේ ඌන පුර්ණ කරලා මට ‍කෙලලා කියල ‍බොල !

      Delete
  2. මාත් හිතුවෙ සැමාට මොකක් හරි සීන් එකක් කියලා... බලගෙන ගිහාම උගෙයි මුගෙයි වැඩි වෙනසක් නෑනේ.. හික් හික්

    ReplyDelete
    Replies
    1. මෙන්න මම යක්ෂයා ‍වෙන උබ දාපු එකම ක‍මෙන්ට් එක !

      අ‍ඩෝව්..

      Delete
  3. අපරාදෙ අරූට තිබ්බෙ මඤ්ඤොක්ක හිටවන්න බන්.

    ReplyDelete
    Replies
    1. අන්න නියම ක්‍රමේ. මට මතක් උනේ නෑ ඒක.

      Delete
  4. මමත් මේ දුවගෙන ආවේ අර පොඩි එකාට බැන්නද බලන්න :)

    650ක්ම ඕනෑ නෙහ්? ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. මාතලන් Mee Godayaa අඩවි රජ
    අන්තිමට අපේ බ්ලොග් ලියන සෑම් ගැන දාන්න හිටියත් අමතක උනා.

    ReplyDelete
    Replies
    1. එ‍හෙම වුනානම් ‍මේක උබ දාපු අන්තිම ‍පෝස්ට් එක ‍වෙයි පුතා..

      Delete
  6. මාත් හිතුවේ සෑමා ගැන කියලා! :-) ඇත්තටම අක්කරේකින් මුන් කිලෝ කීයක් විතර පුලුවන්ද??

    ReplyDelete
    Replies
    1. 400ක් විතර පුළුවන් මං හිතන්නෙ.

      Delete
  7. සෑමගෙ දේශපාලනේ කියවල මාරයට ජීවිතෙත් එපාවෙල. මම හිතුවෙම රාජ්ටත් ඒ උණම ගැනිලය කියල, තකහනියක් සෑමෙක් ගැන කියද්දි.

    මමත් දන්නව ඔහොම පොරක් ගැන. මම නම් අහන්නෙ මැරුනම ගෙනියන්න එකතුකරනවද කියල.

    ReplyDelete
    Replies
    1. උඹ මොනව කියනවද කියල හොයල බලල මාරයගෙ ලිපිය දැක්කෙ දැං.

      Delete
    2. මාරයා ක‍මෙන්ට් කරල ‍පෝස්ට් එකක් හැදුවා.. :)

      පට්ට ආතල් ! අහුවු‍‍නොත් මාව මරයි !

      Delete
  8. අපේ පැත්තේ එකෙක් ඉන්නවා. වැඩ පොලිසියෙ. යාළුවෝ කට්ටිය ට්‍රිප් එකක් කාරිය යනකොට උදේම ගෙදරින් රුපියල් 10කුත් අරගෙන හන්දියට එනවා බස් එකේ. බස් ගාස්තු 10යි. ඊට පස්සේ ට්‍රිප් එකේ සියළු වියදම් යාළුවන්ගෙන්, ආයේ ට්‍රිප් එක අහවර වෙලා ගෙදර යන්නයි, දුමක් දාන්නයි සල්ලි අපිම දෙන්න ඕන. කොහොමද ටිකිරි මොලේ.

    අඩෝව්...අපේ සෑම් මලයට මොනවහරි කියනව නෙමේ හරිය?

    ReplyDelete
    Replies
    1. සෑමට මාරය ලියපු පෝස්ටුව දැක්කෙ දැං. අපේ සෑමත් එලකිරි ඩයල් එකක් හරිය!

      Delete
    2. බලපං රාජ් ‍අද ‍මේක සෑමා‍ගේ බ්‍ලොග ව‍ගේ.. රිප්ලයි ක‍මෙන්ට් දාන්නත් ‍වෙලා :))

      Delete
  9. කතා පටන් ගත්තු එකට නම් ගොඩක් කැමතී...:)

    //"මහත්තයෝ මම හිඟාකාල හරි හවසට කීයක්හරි හොයාගෙන ගෙදර එනකොට මම කැමතියි මගේ ගෑනි ගිනි කිකිළි වගේ ඉන්නවනං"//

    පව් අප්පා...
    මෙන්න නෝනලාට ආදරේ අය...:D

    ReplyDelete
    Replies
    1. කතා පටන් ගත්තු එකට නම් ගොඩක් කැමතී...:)

      දෙන්නං! කතා වලටද වඩා කැමති?

      Delete
  10. අඩේ කට්ටියම සැමාට බකප් එක දෙනවනේ.. රාජ් ගේ සැමාත් නැගලම යාවි ඒක කියන කතා හින්දම. නියමයි

    ReplyDelete
    Replies
    1. සෑමගෙ හොඳ කතා දෙකතුනක් ලඟම එනව.

      Delete
  11. සෑමාගේ හොම්බ සමතලා කරන්න එකෙක් තාම ඉඳලා නෑ වගේ ඔය ගමේ නේද?

    ReplyDelete
    Replies
    1. සෑම් කියන්නෙ ගහන්න හිතෙන කෙනෙකුත් නෙවේ බං. ඒක උගේ දක්ෂතාවය.

      Delete
  12. okkogema kathandara liyanawane oya. "raaj aiyage kathandara" kiyala kauru hari post dammoth mokada karanne.divi nahagannawaye?

    Anikwath ikmanata ewanna hode.

    ReplyDelete
    Replies
    1. මගේ කතාත් කවුරුහරි ලියනව නං මම කැමතියි. අවුලක් නෑ. ඕනම කෙනෙකුට ඔයවගේ චාටර් සීන් ලියනව.

      Delete
    2. මම හිතුවෙත් පොඩි සෑම කියල. මේක මාරු කතාවක්. වට්ටක්ක වැව්වත් ගොඩ යන්න තිබ්බ. තට්ටු හතරක පහක වවන්න් තිබුණනේ. මම ඊයේ තඹුත්තේගම හිටියේ මේ දවස් වල වාට්ටක්කා නිකන් දෙන ගානට පලදාව කියල කිව්වේ.

      Delete
  13. අන්තිම කතාව නියමයි..... හික්ස්.... :))))

    ReplyDelete
  14. හික්ස්...
    //"මහත්තයෝ මම හිඟාකාල හරි හවසට කීයක්හරි හොයාගෙන ගෙදර එනකොට මම කැමතියි මගේ ගෑනි ගිනි කිකිළි වගේ ඉන්නවනං"// දවසේ කියමන..

    ReplyDelete
    Replies
    1. කොහොමද? ඒක නරකම නෑ නේද?

      Delete
  15. හිහ් මලු පොලක්නේ එයත් බලාගෙන ගියාම... පෝස්ට් එක කියවන්න කලින් සෑම් කිව්වම මම හිතුවේ බ්ලොග් ලියන සැමා ගැනද කියන්න යන්නේ මේ කියලා... මරු මරු... අපි ගියා එහෙනම්... ජය වේවා...

    ReplyDelete
  16. ඔය වගේ එවුන් ජීවත්වෙන්නෙත් නෑ මැරෙන්නෙත් නැ.

    ReplyDelete
  17. ඔහොම උන් එකෙක් වත් ඕනෑම තැනක ඉන්නවා.. හැබැයි ආස්සරය කරන්න ඕනෙ ප්‍රවේශමෙන්...

    ReplyDelete
  18. රාජ් උඹත් ණයට ගන්නෙ පොරගෙන්ද බං..!

    ReplyDelete
    Replies
    1. ණයක් ගන්නස පුළුවන්. අවුලක් නෑ. සෑම් හොඳ මනුස්සයෙක්.

      Delete
  19. -කිලො 650ක් ඈ?
    මචං මූ කොහොමද ඔය ගාණ හදාගෙන තියෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. වී වල ගානට බං. කියෙව්වෙ නැද්ද පෝස්ටුව.

      Delete
  20. මම රත් ‍වෙලා යකෝ දුවගෙන ආ‍වේ...

    බලපං ‍ලොවෙත් සෑමා කියන්නේ එල පොරක් :)

    ReplyDelete
  21. උන් තමයි දියුණු වෙන මිනිස්සු.

    ReplyDelete
  22. ඔය වගේ ගති ලක්ෂන අඩු වැඩි වශයෙන් තියෙන පොරවල් අපිට නිතර හම්බ වෙනවා රාජ්. නමුත් සෑමා ඇවිල්ලා විශේෂ එකතුවක්. Special Edition එකක් වෙන්න ඇති.
    පොර තේ එකට සීනි දාන්නෙ ගෑරුප්පුවෙන් ද කියලා හොයලා බලාපං, රාජ් මල්ලි.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඇත්ත හෙන්රි අයියේ. දවසක් සෑම කිව්ව කතාවක් කියන්නං. "මහත්තයෝ මම මෙතන ඉඳල අතෙන්ට යද්දි මගේ සෙරෙප්පුව ගෙවෙනව. ලාභයක් නැත්තං මම යන්නෑ"

      Delete
  23. සැමාලා ඔක්කොම එකයි :)

    ReplyDelete
  24. "මහත්තයෝ මම හිඟාකාල හරි හවසට කීයක්හරි හොයාගෙන ගෙදර එනකොට මම කැමතියි මගේ ගෑනි ගිනි කිකිළි වගේ ඉන්නවනං"
    ඔය කියල තියෙන්නේ අපි කවුරුත් කැමති විදිහ තමයි..

    ReplyDelete
    Replies
    1. බැලුවම මේකට හැමෝම කැමතියි!

      Delete
  25. ගෑනි ගිනි කිකිලි වගේ ඉන්නවනම් කවුද අකමැති... (හික්ස්)

    ReplyDelete
  26. පට්ට පොරක් නෙ රාජ් අයියේ. ගෑනි ගිනි කිකිළි වගේ ඉන්නවට අකමැති පොට්ටයෝ විතරයි වෙන්න ඇති.

    ReplyDelete
  27. හිකිස් ...මම හිතුවෙත් සෑමට මඩක් ගහල කියලා..අපරාදේ එහෙම 1ක් නෙවෙයිනේ අෆ්ෆා ..

    ReplyDelete
  28. මම මේ කල්පනා කලේ අර මනුස්සයා කිලෝ හයසිය පනහ නුදුන්නොත් මොකො වෙන්නේ කියලා..

    ReplyDelete
  29. මං හිතුවෙත් රූබික් කියුබ් එකේ එරිල ඉන්න සැමා අයියට කියලා! පිස්සුනේ බං!මමත් දැන් හිතන්නෙ උඩ දිනේෂ සහෝ හිතන දේමයි ඕං!

    ReplyDelete
  30. ඔය වගේ ඩයල් ආශ්‍රේ කරන්න ඕන පරිස්සමින්

    ReplyDelete