Friday, October 5, 2012

අනාගතයෙන් පැමින,.........


කොහේදෝ ඇවිදිමින් සිටි මා එක්වරම ඇදවැටුනේ අඳුරු ගුහාවකටය. ඇතුලත තිබූයේ ඝනකම් අඳුර ම පමණක් වූ අතර ක්ෂණයකින් ඒ තුලින් ඇදී යන්නට විය. ශරීරයේ පාලනය ගිලිහී ගිය අතර තත්පර කිහිපයකින් ආලෝක වර්ෂ ගනනක් දුරක් යයි සිතියහැකි තරම් ගමන්කලේය. අවසානයේ එක්වරම අඳුර තුලින් එලියට විසිවූ අතර විනාඩි කිහිපයක සිහි එලවාගැනීමක ඇවෑමෙන් යලිත් මට මා හමුවීය. එහෙත්,.......

*****************************************************************************

මාර්ගය දෙපස තැනින් තැන දල්වා තිබූ විදුලිපහන් ඒ සන්ධ්‍යාව බව කියාපෑවේය. එහෙත් මා සිටියේ මධ්‍යහ්නයේ බව සිහිවිය. යම් දෙයක් සිදුවී ඇතිබැව් තේරුම්ගත් මා මාර්ගයේ ගමන්කරමින් සිටියෙකු නවතාගතිමි.

"මල්ලී, අද දිනේ කවද්ද?"

"විස්ස"

"දහවෙනි මාසෙ නේ?"

"දෙවනි මාසෙ!" කතාව එපමනකින් නැවැත්වීමි. සළුවෙලා වගේ ඉන්නෙ! යන ගමන් ඔහු මුමුනණු ඇසිනි. මගේ කාල වේලාව බරපතල අර්බුධයකට පත්වී ඇති බැව් සිතාගැනීම අපහසු නොවීය. ඈතින් තවත් තරුණයන් දෙදෙනෙකු එමින් සිටි අතර මට ගණදෙවි නුවණ පහලවිය. සාක්කුවට අතදමා ජංගම දුරකතනය අතටගත් මා එය තරුණයන්ට දිගු කලෙමි.

"මල්ලී මගේ ෆෝන්එකේ වෙලාව වෙනස්වෙලා හදල දෙන්න"

අයියෝ මේක විසිකරල දාල හොඳ ෆෝන්එකක් ගන්න අයියා" වේලාව සකස්කර නැවත මා අතට දුරකතනය දෙමින් ඔවුන් පිටත්වී ගියේය. ඔවුන් දෙස යටැසින් බැලූ මා වෙව්ලන ඇඟිලි තුඩින් දිනය පිරික්සීමි!..........

2028! මට කෑගැසිනි.
"ඇයි අයියා ප්‍රශ්නයක්ද?" තරුණයන් දෙදෙනා මා දෙස බැලුවේය.

"නෑ මල්ලී හරි හරි!"

එසේ නම් මා අවුරුදු දහසයක් අනාගතයට පැමිණ ඇත. එහෙත් වටපිටාවේ එතරම් වෙනසක් සිදුවී නැත. එක්වරම විදුලි කණුවක එල්ලා තිබූ බැනරයක් මාගේ අවධානයට යොමුවිය.

අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඉක්මන් සුව පතමු!

මෙය වියහැකි දෙයක්ද! මුළු කතාවම කිවහැකි අයෙකු දැන් සොයාගත යුතුය.

*****************************************************************************

"අච්චර බලයක් තිබුන මහින්ද මහත්තය පැරදුනේ කවද්ද?" ඇසිය යුතුම ප්‍රශ්නය මා මිතුරාට යොමු කලෙමි.

"ඒක සිද්ධවුනේ දෙදාස් දාහසයේ. ඒත් පටන් ගත්තෙ දෙදාස් දොලහෙ වෙච්ච සිද්ධියකින්."

"දෙදාස් දොලහේ? මම අන්තිමට හිටියෙ දෙදාස් දොලහෙනේ. මට මතක නෑනේ විශේෂ සිද්ධියක්"

"ඔහේ උතුරුමැද පළාත්සභාව වෙලාවෙ හිටියෙ නැද්ද?"

"මොකද නැත්තෙ! බර්ටිගෙයි එස්එම්ගෙයි නාඩගම මට මතකයි"

"හරි ඊට පස්සෙනෙ හොඳ සීන්එක උනේ. උතුරුමැද සභාපතිකම විපක්ෂෙන් පත්කලානෙ"

"ඒ කොහොමද? යූඇන්පී කාරයන්ට එච්චර බලයක් තිබුනෙ නෑනේ"

"නෑ නෑ උනේ මේකයි. සංධානෙන් යෝජනා කරපු අපේක්ෂකයට විරුද්ධව යූඇන්පී කාරයො, සංධානෙම‍ වෙන කෙනෙක් ගෙනාව. එයාගෙ නම සභාවෙදි ඉස්තීර උනා"

"ඉතිං?"

"උතුරුමැද විපක්ෂ නායකය කිව්‍ව එයාල ආණ්ඩුවෙ පලවෙනි යෝජනාවම පැරැද්දුව කියල, ආණ්ඩුව හෙල්ලුව කියල. එකම පක්ෂෙන් මිනිස්සු දෙන්නෙක් ගෙනාවම ඒ පක්ෂෙ උදවිය හොල්මන් වෙනවනේ, කාට දෙන්නද කියල. අනිත් අතට විපක්ෂෙ මන්ත්‍රීවරු ඡන්දෙ දෙන්නෙ තමුන් යෝජනාකල මිනිහටනේ. ඉතිං එයා දිනන එක අහන්න දෙයක්ද"

"ඊට පස්සෙ?"

"ඔය ප්ලෑන ගහල තියෙන්නෙ රනිල් මහත්තයලු. ඊට පස්සෙ අනිත් හැම පළාත්සභාවකම ඕක උනා. ආණ්ඩුව පැරදුනා."

"එතකොට?"

"ඊට පස්සෙ මහ මැතිවරණ ජනාධිපතිවරණ වලදිත් උනේ ඒක. සංදානෙ කට්ටිය කා කොටාගන්න අතරෙ මහින්ද මහත්තය කොරවෙලා ගියා. උන්නැහේ අන්තිමට ගෙදර ගියා. රනිල් ජනාධිපති උනා. බලන්න එතුමාගෙ මොලේ තමයි මොලේ"

*****************************************************************************

යූඇන්පී කාරයො කෑගහපු තරමට ඇත්තටම මම හිතුවෙ මේවගේ අනා(ග)ත ප්ලෑනක් තියනව කියල.

ටියුබ් ලයිට්ද?

65 comments:

  1. 16 ඉස්සරහට ගිය එක වැරදියි මං කියන්නේ... ඔයිට කලින් රනිල්ව රජ කරවන්න තිබ්බෙ.... 2028 දි පොරට 80 විතර වෙනවා මං හිතන්නේ. ඉඳියිද දන්නේත් නැහැ

    ඒක නෙමේ ආයේ දෙදාස් දොලහට ආවෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඉක්මන් සුව පතමු! කිව්වෙ ඒකනේ. වලපයයි ගොඩපයයි තමයි.
      ගියපු විදියටම යන්තං ආව.

      Delete
    2. කරු තක්කාලයෙන් අනාගතය දිවැසින් දකින (රාජ)ත්තමයෙනි, ඔබගේ අනාගතය පිළිබද අදහස් සත්‍යයය. අන්න බොලේ අර එස් එම් චන්දරසේනය‍ා ආයෙත් පත් කරලා...

      Delete
    3. දේශකයා
      මොකක්? මම දැක්කෙ නෑනේ ඒ නිව්ස් එක. ලින්ක් එකක් නැද්ද?

      Delete
  2. ඒක තමා ආයෙත් ආවේ කොහොමද?

    2028 ජනාධිපති වෙලා රනිල්.හි හි.. නරක නෑ.මරණාසන්නයේ ඉදලා හරි එයාගේ එකම අවසන් පැතුම ඉටු වෙනවනේ.ඊට කලින් නායකයා උනත් වැඩක් නෑනේ.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්. ඒ අහිංසකය එහෙම හරි නායකය උනඑක මදැයි.

      Delete
  3. මාමගෙම බෑනනේ, මාමට පුළුවන් නම් වලපයයි ගොඩපයයි තියන් ජනාධිපතිකම් කරන්න බෑනට බැරිද? (ඔටුන්න හිමි කුමාරයට මොකද උනේ කියල කාගෙන්වත් ඇහැව්වෙ නැත්ද?)

    ReplyDelete
    Replies
    1. හපොයි ඒ ගැන ඇහුවෙ නෑ. ඕව සුදුවෑන් කේස්.

      Delete
  4. ඒ වෙනකොට රටක් තිබුනද..බං...!
    හෑ ...එතකොට සජිත් ගොය්ය...!

    ReplyDelete
    Replies
    1. ඒ වෙනකොට රටක් තිබුනද..බං...!
      :)

      Delete
    2. රාජ් හොදම ටිට මග ඇරලා //හෑ ...එතකොට සජිත් ගොය්ය...!//

      :)

      Delete
  5. මේක නම් පට්ටම පට්ට රාජ්.. අර උඹ ඉන්නෙ 2028 කියලා දැනගන්න විදිහ ඇත්තටම මරු ee ඒ වගේම ජවනිකා එකිනෙකින් වෙන් කරලා තියෙන විදිහත් පට්ට. . උඹේ මෙන්න මේ වගේ අමුතු,,නිර්මාණශීලී ඉදිරිපත් කිරීම් නම් ඇත්තටම අගය කළ යුතුයි.
    හැබැයි පුතේ අන්තර්ගතය වෙනස් නම් කියලා වැඩක් නෑ ..මොකද රනිල් ආයෙ පාරක් ඉපදිලා ආවත් එයාට යූඇන්පිය බලයට ගේන්න බෑ කියන එක නම් හොදටම පැහැදිලියි.
    ජයවේවා..

    ReplyDelete
    Replies
    1. //හැබැයි පුතේ අන්තර්ගතය වෙනස් නම් කියලා වැඩක් නෑ ..මොකද රනිල් ආයෙ පාරක් ඉපදිලා ආවත් එයාට යූඇන්පිය බලයට ගේන්න බෑ කියන එක නම් හොදටම පැහැදිලියි//

      උත්තරේ
      //යූඇන්පී කාරයො කෑගහපු තරමට ඇත්තටම මම හිතුවෙ මේවගේ අනා(ග)ත ප්ලෑනක් තියනව කියල//

      Delete
  6. විපක්ෂේ අනාගත වැඩපිළිවෙලක් කොහොම වෙතත් අනාගත් වැඩ පිළිවෙලවල් නම් බොහොමයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්. මේකත් ඒවගේ තමයි මට පේන විදියට නං. පොඩි ජයග්‍රහනයක් නැතුවමත් නෙවේ. ඒත් එච්චර ූදම් අනන්න දෙයක් නෑ.

      Delete
  7. සිම්ප්ල් ප්ලැන් එකක් තියනවා කරනවා නම් රනිල්ට

    01) මොකක් හරි කරල ලොක්කව මේ පාර ෆයිනල් එකටයි , ලබන අවුරුද්දේ චැම්පියන්ස් ෆයිනල් එකටයි යවනවා
    02) මහේලට වැඳල හරි ෆයිනල් දෙකම පරාද වෙන්න කියනවා

    ආයේ මොකුත් ඕනි නෑ ඊලඟ ඡන්දෙන් ලොක්කා ගෙදර

    ReplyDelete
    Replies
    1. ඒකනං හරි. මෙදා ලොක්ක ඇවිල්ල පැරදුනොත් මරාගෙන කන්න තරහක් මිනිස්සුන්ට ඇතිවේවි.

      Delete
    2. පේන හැටියටනම් ලොක්කා ආවත් නාවත් බඩු බනිස් වෙයි වගේ (ටොස් එක ගත්තෙ නැත්නම්)

      Delete
  8. පොතක් ලිව්වනම් හරි බං....

    ReplyDelete
    Replies
    1. පොතක් ලිව්වට හාරපන්සීයක් බලන්නෙ නෑ බං. ☻

      Delete
  9. රනිල්ගේ මොලේ තමයි මොලේ, රනිල් මහත්තයාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු...!

    පට්ට උපකල්පනයක්, ගොසිප් නයින් එකෙත් මේ ටයිප් එකේ කතාවක් තිබ්බා..

    ReplyDelete
  10. නියමයි....
    රනිල්ට මේක මේල් කරානම් මිනිහ ට්රයි එකක් දීල බලයි...

    ReplyDelete
    Replies
    1. මේල්එක දන්නෙ නැද්ද? ☻

      Delete
  11. හිකිස්.. එතකොට එස්.එෆ්., සජිත්, විමල් වගේ අයට මොකද වෙලා තිබුනේ කියලා හොයාගන්න බැරි වුනාද?

    ReplyDelete
    Replies
    1. එයාලට මොනව උනාද දන්නෑ.

      Delete
  12. http://www.gossip9.com/2012/09/2062.html?m=1

    Mekath e wagema ekak thamai,

    Monawa unath man theranayak gaththa. Ape pakshe nayakathwaya raj aiyata denna. Hoda anagatha dakmak thiyanawane.

    ReplyDelete
    Replies
    1. මගේ අදහස වෙනස්. මෙතඩ්එක සමානයි.

      Delete
  13. මාමා වගේ ම නැතෑ බෑණත්!

    ReplyDelete
  14. මට හිතා ගන්නම බැරි වුනා එක පාරටම යාලුවෙක් ආවෙ කොහෙන්ද කියලා.

    මරු කතාව.

    ReplyDelete
    Replies
    1. //මුළු කතාවම කිවහැකි අයෙකු දැන් සොයාගත යුතුය//
      අන්න ඊට පස්සෙ තමයි යාළුවෙක් හොයා ගත්තෙ.

      Delete
  15. රනිල්ට 2016දි අවශ්‍ය නම් බලයට එන්න පුළුවන්. (2010දි නම් චාන්ස් එකක තිබුණෙම නෑ.) කොහොමද කියල හිතා ගන්න බැරිවීම රනිල්ගෙ කරුමය.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ බුවා කිව්ව විදියට වෙන්නැති.

      Delete
  16. හුටා එහෙම එකකුත් උනාද, නිවුස් බලන්නේ නැති නිසා වෙන ඒක කෙංගෙඩියක් වත් දන්නේ නෑ. මම නං හිතන්නේ මහින්ද ස්වභාවිකව මැරෙනකං යුඑන්පි එක ඔය වගේ පොඩි පොඩි ගේම් දිදී ඉදීවි

    ReplyDelete
    Replies
    1. මම නං හිතන්නේ මහින්ද ස්වභාවිකව මැරෙනකං යුඑන්පි එක ඔය වගේ පොඩි පොඩි ගේම් දිදී ඉදීවි

      Delete
  17. මටත් හිතෙනවා රාජ්ට පොඩ්ඩක් විතර වැඩි වෙලාද කියලා.

    ReplyDelete
    Replies
    1. වැඩිවුනේ මේක ලිව්වට පස්සෙ. අද නං හරි. ☻

      Delete
  18. මං මේ කල්පනා කලේ 2028 මම කොහේ ඉඳියිද කියල......පාරේ හිඟාකාවිද දන්නෙත් නෑ.........

    ReplyDelete
    Replies
    1. මේ යන විදියට නං එහෙම වෙන්නත් ඉඩ තියනව. ඒත් කාගෙන්ද හිඟා කන්නෙ.

      Delete
  19. මට හිතෙන විදියට මේක හරියටම හරි.

    ReplyDelete
  20. රටක් තිබුනොත් ජනාඨිපති වුනාට පාඩු නැහැ :)

    ReplyDelete
  21. කිව්වත් වගේ 2028 දි රට ඉතුරුවෙලා තිබ්බද?

    ReplyDelete
    Replies
    1. නැතිවෙන එකක් නෑ බං.‍ ☻

      Delete
  22. මාර උපහාසයක් තියෙනවා සිරාවටම :)

    ReplyDelete
  23. පටන් ගන්නකොටම මම හිතුවේ වෙනසට හේතුව මැච් එක කියල.

    උඹට ෂුවර් ද ඔය ලංකාවමයි කියල.

    ReplyDelete
    Replies
    1. මැච්එකකට මෙච්චර දේවල් වෙනස් කරන්න බෑ. හැබැයි රනිල් මහත්තයට පුළුවන්.‍

      Delete
  24. මෙන්න නිර්මාණ.. අර අලුත් පොරත් නියම පෝස්ට් එකක් දාලා තිබුනා උඹ දැක්කද දන්නෙ නෑ...
    http://ithihaasaya.blogspot.com/2012/10/blog-post.html#comment-form

    ReplyDelete
  25. අලුත් යමක්...මම නම් කැමතියි මේවගේ පෝස්ට් වැඩිපුර ලියැවෙන තරමට... රාජ් හැමවිටම වෙනස් දෙයක් ලියන්න ගන්න උත්සාහය මම අගය කරනවා... ජය !

    ReplyDelete
  26. ලස්සන හීනයක්! හැබැයි හීනයක් විතරයි!! :)

    ReplyDelete
  27. ඒ කියන්නේ එතකන්ම රනිල් මහත්තයා ගේම අත අරින්නේ නෑ කියන එක.. එහෙම තමයි ඉන්න ඕන..

    ReplyDelete
  28. 2028 කින්නෙ රජය පෙරලන්න රනිල් මහත්තයගෙ උත්සහයෙ 30 වන වසර....(මම ඉපදිච්ච කාලෙ ඉදං ට්‍රයි කරෙ)

    ReplyDelete