Thursday, November 8, 2012

ඇඟිල්ල ගහල පනින්න බෑ.

කන්තෝරුව කන්තෝරුව මම වැඩකරන........ එතන තමයි මාහට ඇති විනෝද උයන...... කියල කිව්වෙ ඇන්ටන් ජෝන්ස්ද කොහෙද මට මතක විදියට. ඒ කාලෙ 8.30ට පටන්ගන්න කන්තෝරුවට 10ට විතර ඇවිල්ල තේ බීල කාල පොඩි නින්දකුත් දාල වෙලාවටත් කලින් ගෙදර ගියාලුනෙ! ඔය මතය අදටත් සමාජගතව තිබීම ගැන ඒකාලෙ කන්තෝරුකාරයන් වගකියන්න ඕන. "මල්ලී ඉස්සර මෙහෙම ගැංගෙන්න ඕන නෑ, අපි සිගරට්එක බිව්වෙ සීට්එකේ ඉඳගෙන" ලඟදි දවසක් මට එහෙම කිව්වෙ අල්ලපු සීට්එකේ ඉන්න මහත්තය.


අදකාලෙ නං මිනිස්සු සෑහෙන දියුණුයි. රාජ්‍ය සේවකය කියන්නෙ තමුන්ගෙ සේවකය කියනඑක කෙසේ වෙතත් අඩුම තරමින් රාජ්‍ය නිලධාරියෙක් ඉස්සරහ දෙකට තුනට නැවෙන්න ඕන නෑ කියල හරි තේරුම්අරගෙන තියනව මේ වෙනකොට. මේ නිසා ඉස්සර දාපු සෙල්ලං දැං දාන්න බෑ. ඒ වගේම බොහොමයක් තැන්වල උදේ හවස අස්සන් කිරීම වෙනුවට ඇඟිලි සලකුණු යන්තරේ (ඇඟිල්ල ගහනව කියන්නෙ මේකට) තියන නිසා හොරෙන් පනින්න වගේම ප්‍රමාදවෙලා එන්නත් බෑ. වෙලාවට වැඩ. ඇඟිලි සලකුණු යන්තරේ කිව්වම මතක් උනේ, ඕක ඉස්සෙල්ලම ආවෙ ඉස්පිරිතාල වලට. ඒත් හැම මඟුලටම විරුද්ධ වෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නෝනල මහත්තයල (අපේ ගෙදර උන්දැත් ඉන්නව තමයි) මේ යහපත් කාර්යට විරුද්ධවුනා. ඉතිං කොයිදේත් භාරගන්න අපේ හිටපු ඇමතිතුමා ඒ ටික රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට භාරගත්ත. ඔන්න ඔහොමලු ඊට පස්සෙ දිස්ත්‍රික්-ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට ඇගිලි සලකුණු යන්තරේ ආවෙ. මට හිතෙන හැටියට නං රටක් සංවර්ධනය වෙන්න අඩුම තරමින් මිනිස්සු වෙලාවට වැඩකිරිල්ලවත් තියෙන්න ඕනනෙ. අපරාදෙ කියන්න බෑ මේ වෙනකොට අපේ කාර්යාලවල පැමිණීමේ පිටවීමේ තත්වය "සාමාන්‍යයෙන්" හොඳයි. වෙලාවට නාවොත් නිවාඩු වැටෙනව ඉබේම! හාමිනේ කියන කතන්දරවල හැටියට නං ‍මැසිම එපා කියපු සෞඛ්‍ය ක්ෂේත්‍රය අපිට වඩා පිටුපසින් ඉන්නෙ.

අද කියන්න යන්නෙ කාර්යාල වලින් පැනීම් ගැන ඇත්ත කතා කිහිපයක්.
මම රස්සාවට ආව මුල් දවස්වල ඇඟිලි යන්තරේ තිබුනෙ නෑ. ඉතිං පොත අස්සන් කරල තමයි වැඩ කලේ. සතියේ දවස්වල දවස්වල සාමාන්‍ය විදියට වැඩ සිදුවුනත් සති අන්තයේ අතිකාල වලදි නං හොරෙන් පැනිලි තිබුන. වැ‍ඩේ සිද්ධවෙන්නෙ මෙහෙමයි. උදේම ඇවිල්ල පොත අත්සන් කරල හවස 1න් පස්සෙ යනව. පිටවීම අස්සන් කරන්නෙ පව1.00 කියල. ඊට පස්සෙ දවසෙ 1, 6 කරනඑක සිම්පල්. ඒ වගේම නීතියෙනුත් රිංගල. මොකද එදා හවස් වෙලාවක කවුරුහරි ආවත් 1.00ට නෙ ගිහිල්ල තියෙන්නෙ. :)

ඔන්න එක ඔපීසියක සහකාර දෙවනි ප්‍රධානිය සහ මුදල් සහකාර(එෆ්.ඒ) මහත්තය ටිකක් වලි. ටිකක් කිව්වට හොඳටම නෝක්කාඩුයි. දෙන්නට දෙන්න තමුන්ගෙ වාරයේදි අනෙකාට කපනව. දවසක් සෙනසුරාද දවසක ඔපීසියෙ උදවිය ඕටී කලා (එෆ්.ඒ මහත්තයත් ඇතුළුව) ඒ මම මුලින් කිව්ව විදියට. ඊට පස්සෙ දවසක ඕටී වවුචර් දෙවැනි ප්‍රධානියාගෙ අනුමැතිය ලබාගන්න ගියා. දෙවනිය අනිත් අයගෙ වවුචර් අනුමත කරල එෆ්.ඒ මහත්තයගෙ වවුචරයට ගැහුව මේවගේ සටහනක්.

".....දින කාර්යාලය වසා මාගේ නිල නිවසට යතුරු භාරදෙන ලද්දේ පස්වරු එකටය. පස්වරු හය දක්වා මෙම නිලධාරියා වැඩකලේ කාර්යාලයෙන් පිටත සිටද?"

දැක්ක නේද බොසා එක්ක හැප්පුනාම වෙන දේ.

මෙතන පොඩි ප්‍රශ්නයකුත් තිබුන. ඒ අනෙක් නිලධාරීන්ගෙ ඕටී අනුමත කලේ කොහොමද කියනඑක. ඒ පොයින්ට්එක ඇද්දනං එෆ්.ඒ මහත්තයට දිනන්න තිබුන. ඒත් එතකොට තවත් සහෝදර නිලධාරීන් පිරිසක් මේකට ගෑවෙන නිසා එයා මොකුත් නොකර හිටිය. මාස කිහිපයකට පස්සෙ කාර්යමණ්ඩල රැස්වීමක් තිබුන. (පළමු)බොසාගෙන් අවසර ගත්ත එෆ්.ඒ මහත්තය නැඟිට්ට. එයාගෙ කතාව කතාව මෙහෙමයි,

"සර් මට තියනව ප්‍රශ්නයක් අහන්න. මගේ මෙන්න මේ ඕටී වවුචර්එක දෙවනි මහත්තය අනුමත කලේ නෑ, ඔපිස් එකේ යතුර 1ට එයාට ක්වාටස් එකට භාරදුන්න කියල. (තවත් වවුචරයක් රැගෙන)එතකොට සර් දෙවනි මහත්තය විදුලි පරීක්ෂණයකට ඒ දිනයේම ගිහිල්ල තියෙන්නෙ උදේ හයට. ඇවිල්ල තියෙන්නෙ හවස හතයි ගානකට. මේ තියෙන්නෙ ඒ වවුචරේ. එතකොට සර් මේ මහත්තය එකට කොහොමද යතුර භාරගත්තෙ?" (කාල වරෙංකො)

දෙවනි මහත්තය රතුවෙලා දාඩියදාල රැස්වීමෙ හිටිය කියලයි කියන්නෙ. ඕක තමයි කියන්නෙ වීදුරු ගෙවල්වල ඉඳල ගල් ගහන්න එපා කියල. කාගෙ කාගෙත් පයියවල් වල හුනුපොඩි තියනව කියල කියන්නෙත් ඔයවගේ දේවල්වලට තමයි. (වැරදි වැටහීම් තියාගන්න ඕන නෑ ඔතන පයිය කියන්නෙ ඉස්සර තිබුන බෑග් වර්ගයක් මං හිතන්නෙ)

ඊලඟ කතාවෙ නායකය පොලිසියෙ පොඩ්ඩෙක්. කොටි කලබල තියන කාලෙ ටිකක් නරක ප්‍රදේශයක රාජකාරී කල මෙයා දෙමළ ජාතිකයෙකුගෙ ගෙදර කොටු පැනිල්ලක් කලාලු.(රාජකාරි අතරෙ) මේ සිද්ධිය කලක් යනකොට කොටින්ට ආරංචි වෙලා. එක දවසක් මෑන් ඒ ගෙදර ඉන්න වෙලාවෙ එයාව මරන්න කොටි දෙන්නෙක් ආවලු. අපේ මිනිහගෙ වෙලාව කියන්නෙ කොටින්ට කලින් එයා ඉස්සරවෙලා. කොටි දෙන්නම මරල තුවක්කු දෙකත් අරගෙන බොසාට වාර්තා කරල කියනවලු,(ඒ වෙනකොට බොසාටත් ආරංචි වෙලා තිබිල තියෙන්නෙ කොටු පැනිල්ල)

"සර්, මට ලැබුන ඔත්තුවක්. ටික දවසක් අර ගෙදරට ගියේ මේකට තමයි, දෙන්නටම ගේම දුන්න. මෙන්න වෙපන්!"

කොටු පැනල රාලහාමිට උසස්වීමකුත් ලැබුනලු!

අවවාදයයි: පනින්න පෙර සිතා බලනු!

109 comments:

  1. //කාගෙ කාගෙත් පයියවල් වල හුනුපොඩි තියනව //

    මේක දැක්ක ගමන් හිතුනේ රාජ් මරදානේ බුලත් විට හප හප ඉන්න ස්වීට් අක්ක කෙනෙක් එක්ක මෙව්ව කරල කියලා....
    වරහන් ඇතුලෙ රාජ් පය්ය හෝදගෙන වෙලාවට ( පය්ය කියන්නේ බෑග් එකටලුනේ .. )

    ReplyDelete
    Replies
    1. හුනු දාන්නෙ කිල්ලොටේ.කිල්ලොටේ දාල තියෙන්නෙ මඩිස්සලේ/පයි‍යෙ.

      Delete
    2. //මේක දැක්ක ගමන් හිතුනේ රාජ් මරදානේ බුලත් විට හප හප ඉන්න ස්වීට් අක්ක කෙනෙක් එක්ක මෙව්ව කරල කියලා//

      අයියෝ මෙහෙමත් ලජ්ජාවක්! :)

      Delete
    3. මීගොඩයයි සයිබරයයි දෙන්නගෙම මෙව්ව සලකල බලල මම තීරණය කලා රාජ් මහත්තයගෙ පයියයි, අක්කගේ හුණු කිල්ලෝටෙයි අතර මොකක් නමුත් වෙලා තියනවා කියලා. :D

      Delete
  2. පයින්න පෙර හිතා බලනු ඈ

    ReplyDelete
  3. //කන්තෝරුව කන්තෝරුව මම වැඩකරන........ එතන තමයි මාහට ඇති විනෝද උයන.//
    මේ කියන ඒවා දකින කොට මටත් එහෙම හිතෙනවා. :D

    ReplyDelete
    Replies
    1. විනෝදෙන් ඉන්නකෙනා කොතන හිටියත් විනෝදෙන් ඉන්නව. හැබැයි වැඩ ටිකත් කරල විනෝදෙන් ඉන්න උදවිය අඩුයි.

      Delete
  4. ඔය ඇඟිල්ල ගහන මැශිම නිසා අපටත් මල කරදරේ. වේලපහ පනින්ඩම බෑ.
    ඔන්න කරන්ට් ගිය දාට නම් මල් හතයි !

    ReplyDelete
    Replies
    1. කොහොමද උඹලා කරන්ට් නෑ කියලා කලින් පැන්නට පස්සෙ හරියට ඕෆ් වෙන වෙලාවට කරන්ට් ඇවිත් තිබුනොත්..

      Delete
    2. අපේ නං පොතත් තාම තියනව. පවර්කට් එකේදි පොත අස්සං කරනව.

      Delete
    3. ඔවු. එදාට ඇඟිල්ල වෙන තැනක ගහගන්ඩ වෙන්නේ. :)

      Delete
  5. හප්පේ අර දෙවෙනියාට පොලව පලාගෙන යන හිතෙන්න ඇති නේද? හැබැයි අර රිටන් එක දීපු විදිහනම් මරු. ඌරගෙ මාලු ඌරගෙ ඇගේම තියලා කපලා. :))))

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. නියම රිටන් ඒව තමයි.

      Delete
  6. මැෂින් වලට ඇඟිල්ල ගහන්න පුරුදු උනොත් අර බෑග් ජාතියෙන් කරන්න දෙයක් නැතුව යනවනෙ.

    ReplyDelete
  7. හි හි.. තාමත් ඔය ජාතියෙම කන්තෝරු හිඟ නෑ.....

    ReplyDelete
  8. ඔය ඇගිලි ගහන යන්තරේ හින්දා මගෙත් වැඩ ඔක්කොම අවුල් වෙලා තියෙන්නේ බං... හදිසියකටවත් පරක්කු වෙලා ඇවිත් ඇගිලි ගහන්න කියලද ඉතින්.. වෙනදා වගේ කලින් හොරෙන් පනින්නත් බැහැ කාර්ඩ් එක වෙන එකෙක්ට දීලා ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත! අපිට නං නිවාඩු තියන නිසා හොඳයි.

      Delete
  9. හික්..... ඔන්න රජයේ සේවකයින්ගේ වැඩ.........

    ReplyDelete
  10. හුනු තියෙන්නේ කාගේ කාගේත් කිල්ලෝටවල රාජ් !! කුනුහබ්බවල නෙවෙයි..

    ReplyDelete
    Replies
    1. නෑ මෙතන තියෙන්නේ කිල්ලෝටේ තිබ්බ හුනු ටික ගාගත්ත සීන් එකක්. ගාගෙන තියෙන්නේ කුණුහබ්බෙක.... හික්ස් :)

      Delete
    2. නෑ නෑ මම කිව්ව ප්‍රස්තාපිරුළ හරියට හරි! ඔහොම කියමනක් තියනව.

      Delete
  11. අනේ දෙයියන්නේ පිහිටෙන් මගේ ඔපීසියේනම් තවම අත්සන් කොරන්නවත් පොතක් නැහැ.ඕන වෙලාවක ඇවිත් ඕන වෙලාවක පුළුවන්.( එහෙම කීවට 8ට ආවාම මට හැමදාම යන්න වෙන්නේ රත්තිරී 12ත් පහුවෙලා ).හැබැයි කවුරුත් 8 පහුවෙලා එන්නෙවත් 4.30 ට කලින් යන්නේවත් නැහැ.

    ReplyDelete
    Replies
    1. එහෙමත් තැන් තියනව තමයි.

      Delete
  12. කොහොම හරි කරලා මමත් එන්න ඉන්නේ රාජ්‍ය සේවෙට. මෙව්වා අපිටත් හොද පාඩම්

    ReplyDelete
  13. ඇඟිල්ල ගහන්න මොක තිබ්බත් ඕකුන් වැඩි හරියක් වැඩ කරනවට වඩා කරන්නෙ අයිස් ගහන එකනෙ...

    උඩ කියලත් තියෙනව වගේ හුණු තියෙන්නෙ කිල්ලෝටෙ බන්... ඉස්සර පයිය කියල තියෙන්නෙ හම් පසුම්බියකටලු...

    ReplyDelete
    Replies
    1. අයිසුත් නැත්තෙ නෑ. ඒත් මේ විදිය ටිකක් හොඳයි.

      Delete
  14. කවුරුත් තමන්ගෙන් ඉටු විය යුතු දේ හරියට කරනවනම් මේ ගැටලු නැ නේ.හැම එකාම කරන්නේ බොරුව.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  15. අවංකවම කියන්න ඕන.. දැං රාජ්ජ සේවේ.. ඉස්සරට වඩා හොඳයි කියන එක.. ඒත් ඉතිං අපේ උන්දැලා වෙලාවට වැඩකරන්න නං පුරුදු කරවන එක හරිම අමාරු දෙයක්.. කොහොම වෙතත්.. මාත් ඔය ඇඟිල්ල ගහන මෙවුවා එකයි රාජ්ජ සේවෙයි එක්ක පොඩි සම්බන්ධයක් තියෙන හින්දා කියන්නෙ.. ඔය ඇඟිල්ල ගහන මෙවුවා එක රාජ්ජ සේවයට ගේන තරමට හොඳයි හැබැයි අමාරුයි..

    එක සැරයක්.. පරිසරයට සම්බන්ධ අධිකාරියක මම වැඩ කොරපු කොම්පැණියකින් ඔය මෙවුවා 3ක් විතර හයි කොළා.. සතියක් යන්ට කළියෙං.. ඒකෙ වැඩකරන ජනතාව.. ඔය මෙවුවා 2කම ප්‍රිස්ම සෙන්සර් විනාශ කොළා නොවැ.. හැබැයි ඊට පස්සෙ කැමරාවක් හයි කොරන්ට ඕන කියලා එයාලගෙ ලොකු මහත්තැන් කිවුවා.. මං එතන වැඩ කොරනකම්.. ආයෙමත් එහෙම දෙයක් නං උනේ නෑ.. දවසක් අපේ ගොයියෙක් එතන වැඩකට ගිහාම එතන සේවකයෙක් හිමීට ලං වෙලා අහනවාලු.. අපිට බැරිද මොකක් හරි වෙන පොලිතීන් එකක් වගේ එකක ඔය ඇඟිලි සලකුණ තියලා.. වෙන කෙනෙක් ලවා ඔය ඇඟිලි සලකුණ තියවන්න කියලා.. ඒ තරං අවංක මිනිස්සු තමයි ඔය රාජ්ජ සේවෙ වැඩකරන ජනතාව අතරෙ ඉන්නෙ..

    අනික් කාරණය.. සෞඛ්‍ය සේවෙට ඕක නොගෙනාපු එකේ ලොකු වරදක් මම දකින්නෙ නෑ.. එතන වැඩකරන හුඟක් ඈයො .. තමන්ට පුළුවං වෙලාවට ඕනවටත් වඩා කැපවීමෙන් වැඩකරන අය.. ඉතිං ඒ අයට අවශ්‍ය වෙලාවට පොඩි නිදහසක් ගන්න අවස්ථාවක් දුන්නට පවු සිද්ධ වෙන්නෙ නෑ.. හැබැයි එතන ඉඳගෙනත් වැඩ වලින් මඟ අරින අමනයින්ට නං මරණිං මතු අනිවා ප්‍රතිඵල ලැබෙයි..

    ReplyDelete
    Replies
    1. සෞඛ්‍ය සේවකයන් ඉන්නව වෙලාවට වැඩ නොකරන. ඒක නං හරියටම දන්නව.

      Delete
  16. කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන
    එතන තමයි මා හට ඇති විනෝද උයන
    ගී ගයමින් නිතරම මා සතුටින් සිටින
    කන්තෝරුව තමයි මාගේ විනෝද උයන

    මම වැඩට යන්නේ දවල් දහය පහු වෙලා
    මගේ යාලුවේ ඇත මා එනතුරු පුල පුලා
    අපේ ලොකු මහත්මය එන වෙලාව බල බලා
    මම ගී ගයනාව මිතුරන් හා එක් වෙලා
    මම වැඩ කරනවා කියාලා කන්තෝරුවේ
    මගේ මෙසේ ලඟින් ඉඳගෙන මගේ යාලුවේ
    තේ වෙලාව එනතුරු මගේ පාඩුවේ
    කටු ගැන ගැන ඉන්නවා ඔරලෝසුවේ

    කන්තෝරුව කන්තෝරුව ...

    පාටියකට යන්නට මට තිබුනොතින්
    කන්තෝරුව ඇරෙන වෙලාවට කලින්
    මගේ මිතුරන්ගෙන් ලැබෙන්නාවූ උදව්වෙන්
    මම පැනල ගෙදර යනවනේ ලොක්කට හොරෙන්
    පැනල ආ නමුත් මගේ වැඩ හරියට
    මගේ යාළුවො ටික කරලා තියයි නුලට
    දවසක් අසු වෙන්න ගිහින් ලොක්කට
    බේරුනේ මම පුරුවේ ලොකු පිනකට

    කන්තෝරුව . . කන්තෝරුව

    පඩි දින හැර අනිත් දවස බල බලා
    මම වැඩට යන්නේ තේ වෙලාව අල්ලලා
    තේ බී එනකොට මම වැඩපොළ බලා
    දහවල් කෑමට යන්නට සිදු වෙලා
    කෑම පැයට ටිකක් නිදා ගන්නවා
    ඇහැරෙනකොට සවස් වෙලා තිබෙනවා
    එවිට මෙමට වැඩ කරන්න හිතෙනවා
    එතකොට මගේ කන්තෝරුව ඇරෙනවා

    http://www.youtube.com/watch?v=60wtMRnHtM8

    ReplyDelete
  17. අන්තිම කතාවේ පොලිස් අයියාගේ කතාව පට්ට මට නම්...

    ඔව් හැබැයි ඔය ඇඟිල්ල ගහන මැසිමේ මෙහෙම වාසියකුත් තියනවා අපේ ඔෆිසියේ. මෙහෙමයි. ඔය වෙලාව ගැන කටයුතු කරන්න "ටයිම් ඔෆිස්" කියල වෙනම ඩිපාර්ට්මන්ට් එකක් තියනවා. වෙලාවක "ඉන්" එක හරි "අවුට්" එක හරි වැදිලා නැත්තම් තමන්ටම බලාගන්න තම තමන්ගේ ඩෙක්ස්ටොප් එකේ "ෂෝර්ට් කට්" එකකුත් තියනවා. (නෙට්වර්ක් සම්බන්ධ ජිල්මාර්ට් එකක්)..ඉතින් කොහොමත් ඕක එක එක්කෙනා චෙක් කරනවා. නැත්තම් නෝපේ වැටෙනවනේ ගොඩක් වෙලාවට (එහෙම වැටෙනවා අඩුයි, දන්වල එවනවා එහෙම සීන් එකක් තියනවනම්). හරියට ඇඟිල්ල වැදුනේ නැති වුනාම මැසිමේ "Acess Denied" කියලා එන්නේ..ලක් එක කියන්නේ අර ඩිපාර්ට්මන්ට් එකේ එකත් සටහන් වෙනවා. එහෙම වෙලා තිබිලා ටයිම් ඔෆිස් එකට ගිහින් කිව්වොත් කොහොම හරි එක හරිගස්සනවා.. වෙන එකෙක්ට කියලා ඊ පී එෆ් නම්බර් එක ගහලා උගේ ඇඟිල්ල තිබ්බම කොහොමත් එන්නේ "Acess Denied". දැන් ඉතින් හිතා ගන්න
    පුළුවන්නේ. මම නම් එහෙම කරලා නෑ...හැබැයි එකත් කියන්න එපයි ඉතින්....

    ReplyDelete
    Replies
    1. අපේ නං නම්බර් ගැහැලි නෑ. ආව තිව්ව. එච්චරයි.

      Delete
  18. මේ රාජ් අයියේ..
    ඔය වේලාසන පයින ට්‍රික්ස් ඒම තීනවනං දාන්න ඈ..
    මොකෝ දැං අපිත් ඔපීසි යනවනේ..
    එවුවා හරි වැදගත් අපිලට...

    ReplyDelete
    Replies
    1. හපොයි මම ඕවට අනුබල දෙන්නෙ නෑ.

      Delete
  19. ඔය ඇඟිලි ගහන මැසිම heat sensitive නැත්නම් ඒකටත් බෙහෙතක් තියනවා රබර් කිරි පොල්කට්ටකට ගහන ඇඟිල්ල ඔබලා ගන්න විනාඩි කීපයක් යනකොට ඒක අනිත් අතින් ඇල්ලුවම නොඇලෙන ගානට වේලුනම ආයෙම ඒ ඇඟිල්ල රබර් පොල්කට්ටෙ ඔබලා ගන්නවා. ආයෙම ආයෙම ඔය වැඩෙ කරලා ඇඟිල්ල වටේ ලොකු රබර් තට්ටුවක් බැදුනට පස්සේ ඇඟිල්ල එලියට අරගන්නවා ඊට පස්සේ ලොකු ඉටිපන්දමක් උනුකරලා අරගෙන අර ඇඟිලි කොපුවට දාලා හොඳට හයි උනාට පස්සේ තමන්ගෙ ඉටි ඇගිල්ල ඇඟිලි ගහන මැසිමට තියනවා . කාටද ආඩම්බර ගෙදර ඉඳලා ඔපීසියෙ ඇඟිල්ල ගහතෑකි. මේක මම ඔය Fingerprint මැසිමක් (Error Checking)අත් හදා බලන්න 2000 දි කරපු වැඩක් සාර්තක උනා හැබැයි ඊට පස්සෙ ඔහ heat sensitive මැසින් ආවා ඒවටනම් උත්සහ කරන්න හම්බ උන්නෙ නෑ මොකද මම් ඒ ආයතනයෙන් අයින් උනා. …

    ..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි! ඔය තියෙන්නෙ ක්‍රම! හැබැයි මෙහෙම දෙයක් තියනව නේද? ඇඟිල්ලෙ යම් වර්ගඵලයක් ස්පර්ශවුනාම තමයි වැඩ කරන්නෙ. ඉටි කැබැල්ලකින් ඒක වෙයිද?

      Delete
    2. අපේ රටේ උන් මැෂින් හදන්නනම් දන්නෙ නෑ. හැබැයි ඕන මැෂින් එකකින් හොරකම් කරන්න නම් දන්නවා. ඉස්සර බස් ටිකට් මැෂිමටත් පරිප්පු ඇටයක් තියලා ගේම දුන්නලු.

      Delete
    3. නෑ අපි ඒ මැශින් විකුනුවා අපේ පේරෝල් පැකේජ් එකක් එක්ක. හොර කරන්න පුලුවන් ක්‍රම අපිම හොයාගන්න එකතමයි ඒ කාලේ මම කලේ . තව බාර්කෝඩ් මැශිනුත් තිබුනා මෙ ගැන පොස්ට් එකක් ලියන්නත් හිතෙනවා

      Delete
    4. මෙතන ඉටි කැබැල්ල හරියටම ඇඟිල්ලට සමානයි ප්‍රමානය රේඛා පිහිටීම. ඉටි පුරවන්නේ අර උඹ කලින් කියුව පයිය වගේ එකකට (කුඩා කොපුවක්) ඒකනේ රබර් කිරිවල කීප සැරයක් ඔබලා ගන්නෙ .
      …ප.ලි මේවා දැන් හරියන්නට බැරිය මොකද ඒකාලෙත් අපි ඔය වැරැද්ද හැදුවා.

      Delete
    5. මේකට ඕනනං විසඳුමක් තියනව. හැබැයි නිවාඩු සබ්ජෙක්ට් එක කරන නිලධාරිය හවුල් කරගන්න වෙනව. ඉස්ඉස්සෙල්ලම අපේ ඇඟිලි රෙජිස්ටර් කරද්දි අත්දෙකේ ඇඟිලි දෙකක් දෙනව. උදාහරණයක් විදියට මගේ අත් දෙකේ දබර ඇඟිලි දෙකම මේ වැඩේට ගන්න පුළුවන්. එතනදි දෙන්නෙක් සෙට්වෙලා එක අතකට තමුන්ගෙ අංකයත් අනෙක් අතට යාළුවගෙ ඇගිල්ලත් දුන්නනං හරි. මම නැත්තං යාළුවට පුළුවන්. දෙන්නම නැත්තං සොරි තමය්‍.

      Delete
  20. ඔය ඇගිල්ල ගහන වැඩේ අපේ එකෙක් ට හැමදාම් අමතකවෙනව, දවසක් අපේ HR නෝන කියපි "අනේ මම හැමදාම ඔයාට කියනව ඇගිල්ල ගහන්න කියල, කවදාවත් කරන්නෙ නෑනේ "

    ReplyDelete
    Replies
    1. ඉතිං ඇඟිල්ල ගහන්නකෝ.......

      Delete
  21. අදටත් ඔවා තියෙනවා.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඇත්ත‍. ටිකක් විතර තියනව.

      Delete
  22. හිකිස්..!
    කාර්‍යාල කතා තවත් තියේද..!

    ReplyDelete
    Replies
    1. කාර්යාල කතා තව තිබේ. කාර්යාල ජීවිතේ නැවතුන දවසටයි ඒව ඉවර වෙන්නෙ.

      Delete
  23. හැම එකටම විකල්පයක් හොයා ගන්න උන් තාම ඔය ඇඟිල්ල ගැහිල්ලට විකල්පයක් හොයා ගත්තෙ නැති එකනේ වැඩේ, මැෂිම කඩන එක ඇරෙන්න.

    ඇත්තටම රාජ් ඉස්සරට වඩා දැන් රාජ්‍ය සේවෙ හොඳයි මම හිතන්නෙත්. අපි පොඩි දවස්වල මට මතකයි තාත්තලගෙ ඔපිස් එකේ ෂීන් එහෙම. මැතිවරණ කාලෙට එහෙම තාත්ත ගෙදර එන්නෙ ගොඩක් රෑ වෙලා, ඕටී කරල. මම හිතන්නෙ කස්ටිය ඔපීස් එකේ තියාගෙනම අනුමත වෙලා. තව ඔය අන්කල්ල කච්චේරියෙ ජීප් දෙක තුනකින්ම ඇවිත් සමහරදාට රෑ වෙනකම් අපේ ගෙදර බොනවත් මතකයි. මම නම් ඒ දවස්වලට හරි කැමතියි. කොත්තුද, බයිට්ද, ස්ප්‍රයිට්ද. අනෙක බිව්වට පස්සෙ කට්ටිය තවත් හොඳයි. දවසක් ඩ්‍රැයිවර් කෙනෙක් වෙරිමරගාතෙ රිවස් කරද්දි පෙජරෝ එකක වීදුරුව බිඳුන ගහක වැදිල. කස්ටිය එකතුවෙල සල්ලි දාලා පහුවදා වාහනේ හැදුවලු. ඒ දවස්වල හිටපු ආයතන ප්‍රධානීන්ගෙනුත් වැඩි අවුලක් නැහැ මම හිතන්නෙ, ඕන ප්‍රශ්නෙකදි කොහොම හරි තමන්ගෙ නිලධාරීන් බේරගන්නව, එයාලත් කනබොන මිනිස්සුනේ. ඒ කාලෙ තිබුණු වාතාවරණෙට අනුව ඔව්ව එච්චර දේවල් නෙවි. දැන් නම් මම හිතන්නෙ ඔය විකාරවලට තියා රාජකාරිවලටත් වාහන නිදහස් කරන්නෙ අඩුවෙන්, රාජකාරි වෙලාවල නිලධාරීන් අයාලෙ යනවත් අඩුයි. කොහොම උනත් දැන් අයට වඩා ඒ කාලෙ හිටපු අය ගොඩක් දුරට සහෝදරයො වගේ හිටියෙ. තනතුරුවල උස්පහත් කම් අනුව ලොකු කමට හිටපු අය හරි අඩුයි. මගේ යාළුවො කියන හැටියට දැන් නම් ඔපිස්වල ඉන්න අයගෙ වැඩි සමඟියක් නෑ, ඔක්කොම මූනිච්චාවට.

    ReplyDelete
    Replies
    1. ඒකාලෙ තිබුන ආතල් දැං නෑ. දැන් වාහන වලට තෙල් දෙන්නෙ සීමා සහිතව‍. අත්‍යවශ්‍ය ගමන් බිමන් විතරයි යන්නෙ. වැඩ වැඩිවෙනකොට සමගියත් ටිකක් අඩුවෙනව තමයි.

      Delete
    2. විකල්ප ඕනෙනම් දෙන්නම් ඔය මැසින් හදපු අපිට ඕක මගහරින්නත් බැරි නෑ

      Delete
  24. මම තාම දැකල නැහැනේ අප්පා ඔය ඇඟිලි ගහන මැෂිම.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ පිංතූරෙ. ඒවගේ තමයි. ඇඟිල්ල හරියට වැදුනම තැන්ක්‍යු කියනව‍. නැත්තං අන්රෙජිස්ටර්ඩ් ෆින්ගර් ප්‍රින්ට් කියනව.

      Delete
    2. මිස්ටර් ඇනොනිමස් දැකලා නැත්තේ ඉලෙක්ට්‍රොනික් ඒවද නැත්නං .....මැනුවල් ඒවද?????ඔන්න බලපංකෝ රාජ් තාම ඇගිල්ල ගහපු නැති උන් නැති කරන්න බැරිවෙලා නෙව මේ ක්‍රරමෙටවත්... ,“සියළු ශ්‍රී ලාංකිකයන්ට ඇගිල්ල ගහන්න ක්‍රමයක්“ වගේ නමක් දාලා චින්තනේ යටතේ ව්‍යාපෘතියක් පටන් ගන්න වෙනවා දැන්නං. (උඹට කොමෙන්කටුව කොටාබාන්න පහුඋනාට මේ ඇරියස් කවර් කරන්නේ.. හික්)

      Delete
  25. රාලහාමිගෙ කතාව නම් පට්ට....

    ReplyDelete
    Replies
    1. වැඩෙත් කරගෙන උසස්වීමකුත් අරගෙන. මොන තරං ආතල්ද....

      Delete
  26. ඇඟිල්ල ගහන එකේ වාසිත් ඇත...

    ReplyDelete
    Replies
    1. හ්ම්. තියනව තමයි. පරක්කු වෙලා ඇවිල්ල බොසා ලඟ නැවෙන්න ඕන නෑ. අනෙක පැය 1/2ක් කවර් කරන්නත් පුළුවන්.

      Delete
  27. බෙදාහදා ගෙන කනවට වඩා ඔහොම ගැටුමක් තියන නිළධාරී ඉන්න එක පොදු මහජනයා වෙන අපිට හොදා.

    අර රාළහාමි නම් සිරා පොර. මොකක්ද පොර ගාව තිබ්බ ගන් එක. ෂුවර් එකට මිනිහ ඔය වෙලාවෙ මිනිහගේ වෙපන් එක අඩ කුඹු කරන් ඉන්න ඇත්තේ. නැත්නම් ඉතිං ඉලක්කෙයි මිනිහයි දෙකම කොට උඩ.

    ReplyDelete
    Replies
    1. නෑ!ගැටුම් වලින් පාරිභෝගිකයට සිදුවන පාඩුව වඩා වැඩියි.

      Delete
  28. අපිටනම් ඉතින් ඔය මොකවත් නෑ.. මයි කාර් මයි පැට්රෝල්... තව ටික දවසක් යනකොට ඕකටත් බොරු කරන්න මොකක් හරි ක්‍රමයක් හොයාගනී...


    ජය..

    ReplyDelete
    Replies
    1. හ්ම්. මම නං කැමතියි වෙලාවට වැඩ කරන්න.

      Delete
  29. කොටු පැනිල්ල තමයි පට්ට සීන් එක. :)

    ReplyDelete
    Replies
    1. හැබැයි ගැස්සුනානං ජීවිත් නහී!

      Delete
  30. හෙහ් හෙහ් නියම කතා ටික. //කාගෙ කාගෙත් පයියවල් වල හුනුපොඩි තියනව කියල කියන්නෙත් ඔයවගේ දේවල්වලට තමයි. // හොද වෙලාවට පැහැදිලි කිරිමකුත් දිලාම තියෙනවා.

    ReplyDelete
  31. අපි උදේ ගිහිල්ලා - යළි හවසට එනවා
    අපි උදේ ගිහිල්ලා - යළි හවසට එනවා
    ඒ දවසේ ඒ පැය අට - බොරුවෙන් ගතවේනම්
    අපත් එතැනමයි - රටත් එතැනමයි
    අපත් එතැනමයි - රටත් එතැනමයි.......(වික්ටර් ද..?)

    කොහොම වුනත් දැන්නම් රාජ්‍ය සේවය තරමක් හොදයි.

    ReplyDelete
    Replies
    1. අප්ඩේට් වන තැන්වල තත්වය හොඳයි

      Delete
  32. හඳ මාම උඩින් යතේ කියන ගීතයත් මේ වගේ එකක්.

    ReplyDelete
    Replies
    1. ඔව්මයි. ඒකත් නියම සිංදුව.

      Delete
  33. බැලුවම එයාලා වැරදි නෑ. අර හාලරාමි උනත් නරක චේතනාවකින් ගිය ගමනක් නෙවේය කියනවානේ.

    රාජ් අරක පයිය නෙමේ පහිය කියලයි මටනම් හිතුනේ.

    ඔයත් කුමාරිහාමිගේ සෛලෙන්ම අසභ්‍ය වචනයක් එහෙම ප්‍රකාශ කොලා නෙවීනේ...?

    ReplyDelete
    Replies
    1. මම? කවදාවත් කියනවද අසභ්‍ය වචන? :)

      Delete
    2. ඔව් ඔව් සූටි බබාල අතගාන කොට ඒවා කියන්ට හොදනෑ මෙයා. දැං පොඩි එකාට මාස කීයද බං?

      Delete
    3. දැං මාස තුන හමාරක්! ඕං දැනුත් මට වැඩක් කරන්න නෑ.

      Delete
    4. ඔය සරා කියපු පහිය කියන වචනේ තමයි හරි මාත් දන්නා විදිහට. ඒක කියවෙන කොට ඇහෙන්නේ අරෙහෙම නේ. මිනිහෙක් ගමනක් යන අතරේ විඩා නිවා ගන්න නැවතුනු ගලක් උඩ (බුලත් හෝ වෙඩි බෙහෙත්)පහිය අමතක වෙලා ආපු සිද්ධියක් නිසාලු පයියාගල කියන ගමේ නම හැදුනේ. දකුණු පළාතේද කොහෙද තියන්නේ.

      Delete
    5. මං හිතන්නේ රජ කෙනෙක්. නම මතක නෑ. පයියාගල. කළුතර පැත්තෙ

      Delete
  34. මගේ රස්සාවේනම් පොත් අත්සන් කිරීමක් නැත. උදේ 6 ත් 10 ත් අතර වෙලාවක පැමිණ පැය 10 1/2 ක් වැඩ කර ගෙදර යා හැකිය. සෑම සතියකම දින තුනක්, සිකුරාදා, සෙනසුරාද, සහ ඉරිදා නිවාඩුය.

    ReplyDelete
    Replies
    1. ඇබෑර්තු එහෙම තියේද ඔතන?

      Delete
    2. ඒක නං නියම ඔපීසියක් වගේ.

      Delete
    3. 10 ට විතර ඇවිල්ල හතරට විතර පනින්න පුළුවන් තැනක් තිබ්බොත් මටයි තිසරයටයි කියපං. සමහර විට රාජයත් එන්ට බැරි නෑ. හරිනේ...

      Delete
    4. එහෙම තැන් තියනව බං. ඇඟිලි ගැහිලි නැති කෘෂිකර්ම,අධ්‍යාපන .....වගේ කාර්යාලවල මේක තාම සිද්ධවෙනව.

      Delete
  35. //අදකාලෙ නං මිනිස්සු සෑහෙන දියුණුයි. රාජ්‍ය සේවකය කියන්නෙ තමුන්ගෙ සේවකය කියනඑක කෙසේ වෙතත් අඩුම තරමින් රාජ්‍ය නිලධාරියෙක් ඉස්සරහ දෙකට තුනට නැවෙන්න ඕන නෑ කියල හරි තේරුම්අරගෙන තියනව මේ වෙනකොට.//

    රාජ් නිතරම මේවගෙ අදහස් කියනවා. මේ ඇත්තමද බං? මට නම් විස්වාස නෑ.

    අපෙත් තියෙන්නෙ ‍ෆින්ගර් ප්‍රින්ට් මගුල්නෙ. අපේ ඒකාධිපති බොසාම මේ ලඟදි කිව්වා, ඕකට යම් කිසි වරදක් වෙලා අපි ඇවිල්ලත් ඇවිල්ලා නෑ කියල රෙකෝඩ් වුනොත්, බොසාම දන්නවා වුනත් අපි ආපු බව, එදාට නිවාඩු තමයි, කරන්න දෙයක් නෑ කියලා.
    කිව්වත් වගෙ එහෙම වුනා කීප වතාවක්.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මම කියන්නෙ කාලයට සාපේක්ෂව තත්වය හොඳයි කියල. උදාහරණයක් විදියට මේ වනවිට අල්ලස් කියන දේ ගත්තොත් "යම් යම් විශේෂ" කාර්යාල වලට සීමාවෙච්ච දෙයක්.

      නීතිරීති සාධාරණ වෙන්න ඕන. වැඩට ආව කෙනෙකුට තාක්ෂණික දෝශයකින් නිවාඩු වැටෙනව නම් ඒ තාක්ෂණය වැඩක් නෑ. මම නං කියන්නෙ හොරාට පැනල යනඑක ඊට හොඳයි.

      Delete
    2. මමත් රාජ්ගේ බ්ලොග් එකේ නිතර දකින දෙයක් මේ රාජ්‍ය සේවේ ඉස්සර වගේ නෙමෙයි කියන එක. ක්‍රමවත් කඩිසර සේවයක් ලැබෙනවා කියලා. ඒත් අවාසනාවකට වගේ අපිට ඔහොම දෙයක් දැනෙන්නේ නැත්තේ මොකෝ...?
      (මට සීමිත අවස්තා වල පමණයි රජයේ කාර්‍යාල වලට යාමට සිදු වෙලා තියෙන්නේ. )

      Delete
    3. එහෙම කියන්න හේතුව මම වැඩකරල තියන ප්‍රාදේශීය-දිස්ත්‍රික් කාර්යාලවල ස්වභාවය. යම්කිසි වැඩක් කරගන්න ඉස්සර තරම් කාලයක් යන්නෙ නැත්නම්, ඉස්සර තරම් අල්ලස් දෙන්න වෙන්නෙ නැත්නම් එහෙම කීමේ වැරැද්දක් නෑ.

      ඒක පාරිභෝගිකයට නොදැනෙනව කියල කියන්න බෑ. සමහර විට ඔයාට සීමිත අත්දැකීම් ගනනක් ඇති නිසා වෙන්න පුළුවන්.

      Delete
  36. රජයේ සේවකයන් ඇගිලි ගැසිය යුතුයි කියල වෙනම චක්‍රෙලේඛ නිකුත් කරල තියෙද්දි ඊට එරෙහි කතා කීම සම්පූර්ණයෙන්ම රාජ්‍ය විරෝධීයි. උඹල අර අස්සන් කරන ගිවිසුම් ප්‍රකාරව නීතියට පටහැනියි. ඔබාමාට උදව් කරා කියල බලන්නේ නෑ දඩුවම් දිය හැකියි. මේ සදහා මීට වඩා සුදුසු ක්‍රියාමාර්ග ගත යුතු විනා එය චක්‍රෙල්ඛ අබිබවා කටයුතු කිරීම නොහොබි. නියම පිළියමක් දෙන්නෙමි පෙරලි පෙරලි උදේනම ඇවිත් ඇගිලි ගහන්නට

    ඔය මැෂිම බිත්තියට හයි කල යුත්තේ සියළු නාරි දේහ සම්පූර්ණ නිරුවත් කාන්තාවගේ පිළිරුවක පුන් පියොවුරු තුඩු අතරයි. (එතකොට මැෂින් දෙකක්ම හයි කල හැකිය) ඉන් පසුව බලන්ටකෝ කොල්ලෝ උදෙන්ම ඇවිල්ල ඇගිල්ල තියෙන එක නවත්තන්න වෙනම චක්‍රෙල්ඛ ගහන්ට වෙයි.

    ReplyDelete
    Replies
    1. අඩේ උඹේ විසඳුම පුරුසාදිපත්ය එකක්. කාන්තා පක්සෙටත් පිලිගත හැකි විසඳුමක් දෙන්නෙ නැත්නම් මම මේකට සම්පූර්ණයෙන් විරුද්දයි.

      Delete
    2. ඒ කොටස උඹට බාරයි..

      Delete
    3. කොහේද බොල මම විරුද්ධ වෙච්ච කතාවක් තියෙන්නෙ?

      ඔය විදියට හදන මැසිමට ගහන්න ඕන ඇඟිල්ලමද?????

      Delete
  37. ඒ දවස් වල මම වැඩකරපු තැන හිටපු බොස්තුමා කට්ටිය වෙලාවට ගෙන්න ගන්න හොඳ උපක්‍රමයක් පාවිච්චි කලා. හරියට උදේ 9 තියනවා මීටින් එකක්, කලින් දවසේ කරපුවා, කරන්න හිතන් ඉඳලා බැරි උන ඒවා, අද කරන්න හිතන් ඉන්න ඒවා ගැන කතා කරනවා. දැන් කාට හරි ඕකට එන්න බැරි උනොත් තනියම බොස් ගේ කාමරේට ගිහින් කියලා එන්න ඕනේ. ඉතින් එහෙම චාටර් වෙනවට වඩා කට්ටිය කොහොම හරි වෙලාවට එන්න බලනවා. හැබැයි අපේ හිටියේ 20-25 කණ්ඩායමක්, ඒවගේම බොස් කැනේඩියන් කාරයෙක්.

    හොඳ වෙලාවට අර රාළහාමි එයාගේ පයියේ බුලට් ලෝඩ් කරං ගිහින්.. කොටු පැනිල්ල අස්සේ වෙඩි තියනවා කියන්නෙ එසේ මෙසේ ස්කිල් එකක් නෙමේ... වීඩියෝ ගේම් එකකුත් තිබ්බා... කොටු දර්සනයක් පසුබිමින් යනකොට, වෙන ඉලක්කෙට වෙඩි තියන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඒවගේ ක්‍රමයක් නරක නෑ.

      Delete
  38. ඒ කියන්නෙ සිරිලංකාවෙ රාජ්‍ය සේවය දැන් ඉතා කාර්යක්ෂමයි වගේ..

    ReplyDelete
    Replies
    1. එහෙමම නෑ. ඒත් යම් යම් සාධනීය තැන් නැත්තෙත් නෑ.‍

      Delete
  39. රාළහාමිගෙ කතාව නම් පට්ට .
    හැබැයි .මචං 'පයිය' කියන වචනෙ තනියම ගත්තම නම් තනිකරම කුණුහබ්බයක්.
    'බුලත්පයිය' කියලා නුවර යුගයේ භාවිතා කරලා තියෙනවා. 'පයිය' කියන වචනෙ බුලත් නැතුව පාවිච්චි කරනවා නම් කියන්නේ 'පහිය' කීයලයි මගෙ හිතේ.

    ReplyDelete
    Replies
    1. ඕන පහියක් කියලා පෝස්ටුකටුවක් කොටපිය රතුවෝ. (සුදුවැයිං එකකුත් දාලම.. වැරදුනා උඹලගේ ඉතිං ඕව පාවිචිචයක් නෑනේ. ෂිවාස් රිගල් පිහිටයි)

      Delete
    2. ඕක තිබුනෙ අපේ තාත්තල ඉගනගත්ත ඇම්ඩී ගුණසේන සමාගමෙන් ගහපු එඩ්වින් රණවක මහත්තයගෙ සිංහල පොතේ‍‍. පිරුළ හරි කියලයි මගේ අදහස!

      Delete
    3. පයිය කියන එක වැරදි යෙදුමක් විදියට භාවිතා කලාට පයිය යනු යම් කිසි මඩිස්සලයක් බව හැගවීමට පුරාතනයේ සිට භාවිත වූ වචනයක්. බුලත් පයිය කියන්නෙත් ඒ වගේ, මොකද ඒ කාලේ සාක්කු වල දාගෙන නෙමෙයි නේ අරං ගියේ. එතකොට එක්කෝ අමුඩ පටියේ හෝ හම් පටියක හෝ මේ බුලත් දාපු පයිය එල්ලගෙන යන්නේ, දන්නව නේ පුරුෂ ලිංගයට ආසන්නයෙන්ම තමා. ඉතිං මේ පයිය කියන වචනය එතැන සිට පුරුෂ ලිංගය දක්වා සංක්‍රමණය වූ ග්‍රාම්‍ය වචනයක් බව මා අසා තිබෙනවා. (වැරදි නම් නිවරැදි කිරීමට සම්පූර්ණ අයිතිය ඇත)

      Delete
    4. පිලිගන්න පුළුවන් විග්‍රහයක්!

      Delete
  40. පොලිස් කතාව නම් සුපිරි හිනා වෙලා බඩ රිදෙනවා.

    ReplyDelete
  41. හපොයි දැන් ඔය කෙසෙල් මල අපේ කන්තෝරුවටත් ඇවිල්ල තියෙන්නේ. වැඩි අවුලක් නැත්තේ මොකද ඕකේ ඇඩ්මින් මම නිසා වෙලාව වෙනස් කල මම අවුට් කල ආයෙම වෙනස් කළා. කෝරලේ පට්ටමෙන් නිලමේ පට්ටමක් ගහන්න බැරිවෙයිද දන්නේ නැහැ කොටු පැනලා.

    ReplyDelete
    Replies
    1. ඔය වැඩෙන් මහත්තයා‍‍ගේ තියෙන පට්ටමත් ගහල යනවා අපි නිව්ස් එක දුන්නම.. හැක්..

      Delete
    2. හත් ඉලව්වේ දේශක තුමෝ කට කට අමතක උනයි වැයික්කියේ කෝරලේ රාලහාමි මමයි කියල අල්ලලා ගහනවා දඬුකඳේ ඕන කිව්වා. වලව්වේ ඇත්තොන්ට ඔව්වා වච්චයි බොල. ඒක ඉස්සරකාලේ ඉඳන් දැන් වෙනකල්ම ලොකු ලොක්කන්ට ලැබිල තියෙන වරප්‍රසාදයක්. අනේ ඉතින් මේ අහිංසක. කෝරලේ වන මම තමයි එහෙම නැත්තේ හරී.....ම හොඳයි නේද?

      Delete
  42. ඇඟිල්ල ගහන්නේ පරෙස්සමෙන් ඈ.........

    ReplyDelete
  43. අපිත් අවුරුදු දෙකක් ඇගිලි ගැහුවා. මම කලින් වැඩ කරපු කොම්පැනියේ.

    කොටි කතාව සිරා බං !

    ReplyDelete
  44. උඹට වයසට වඩා අත්දැකීම් තියෙනවා බන්. ඒ සිරාම සිද්දි.

    ඉස්සර මම වැඩ කරපු තැනත් ටික කාලයක් තිබුනා ඇඟිලි ගහන මැෂිමක්. මගේ ළඟ තම එකේ sys fils එන කොම්පියුටර් එක තිබුනේ මම පරක්කු වෙන හැම දවසකම මම එක එඩිට් කරනවා. හැමදාම මම උදෙන්ම ඇවිල්ලා.

    ReplyDelete