Thursday, December 20, 2012

ලෝක විනාසෙට කලිං.......!‍

ලෝක විනාශයට තව තියෙන්නෙ පැය විසිහතරකට අඩු කාලයක් :P .ඉතිං මංතුමත් හදිස්සියෙන්ම බ්ලොග් පෝස්ටුවක් දාන්න හිතුව.
අද හවස් වෙනකොට-ඒ කියන්නෙ මේ වෙනකොට- ලෝක විනාසෙ බලපෑම ලෝකය පුරාම දැනෙනව කිව්වොත් බොරුවක් නෙවේ. ලෝක විනාස බඩු ලැයිස්තුවකුත් හැදුවෙ අපේ මාරයනෙ. ඒ මදිවට සුබ ලෝක විනාසයකුත් ප්‍රාර්ථනා කලාද කොහෙද!

දැන් ටිකකට කලින් ටවුමට ගියපු අපේ නැන්දම්ම කිව්ව විදියට නං ටියුෂන් පංති කිහිපයකුත් ලෝක විනාශය නිමිත්තෙන් හෙට නිවාඩු දීලලු. ඒ මදිවට සමහරු අවුරුද්දට-නත්තලට ගෙනියනව වගේ ටිකක් වැඩිපුර හාල් පොල් තුනපහ ‍එලවලු ගෙනියනව කියලත් කිව්ව. මොකද කියල ඇහුවම ලැබිල තියන උත්තර
"මොනව වෙයිද දන්නෙ නැහැනෙ" , "හෙට කඩවල් වහයිද දන්නෙ නැහැනෙ" වගේලු!

අද උදේ මම දැක්ක චීන සමාගමක් ලෝක විනාශෙන් ආරක්ෂා වෙන්න සවි ශක්තිමත් බෝලයක් හැඩැති බංකරයක් හදලත් තියනව. ඒක ඇතුලට ගිහිල්ල ආසනේක වාඩිවෙලා සීට් බෙල්ට් දාගත්තම ලෝක විනාසෙන් බේරෙන්න පුළුවන්.

මේ ලෝක විනාස සංකල්පය කොහෙන් ආව උනත් මේක විශ්වාස කරන උදවිය ලෝකය පුරාම ඉන්නව. ලංකාවෙ නං ප්‍රතිශතය ටිකක් වැඩිත් ඇති. සංචාරක හෝටලයක අයිතිකාරයෙක් මාත් එක්ක කිවුව විදියට නං එයාගෙ හොටෙල් එකේ හිටිය සුද්දො සෙට්එකකුත් තමන්ගෙ රටට ගියාලු ලෝක විනාසෙ නිසා.

මේ මතවාදයට මූලික හේතුවක් උනේ මායාවරුන්ගේ කැලැන්ඩරේ අවසන්වීම. ඒත් ඇත්තටම සිද්ධවෙලා තියෙන්නෙ වෙන දෙයක්. ඔය කැලැන්ඩරේ හදපු වෙද පප්ප වගේ පොර නිධානයක් ගන්න ගිහිල්ල ගල් බෝරෙකට අහුවෙලා මැරුන දවසෙ ඉඳල කැලැන්ඩරේ හැදිල්ල නැවතුනාලු! ඕක මට කිව්වෙ අධ්‍යාත්ම වේදී අහවලා.

ලෝක විනාසෙන් දවසකට පස්සෙ අපේ Raj සහෝදරයගෙ උපන්දිනෙත් ඊට දවසකට පස්සෙ මංතුමාගෙ උපන්දිනෙත් තියනව. ඔපීසියෙ එවුන්ගෙන් බේරෙන්න බෑ අද ලෝක විනාසෙට කලිං පාටියක් ඉල්ලල. මං නං දෙයි! ඒ ගානත් මෙදාසැරේ ඉතුරුයි. :)

අපේ සෑම් අයිය "සුළු සේවකයන් ලිපිකරු තනතුරට උසස් වීමේ" විභාගෙට ලියනව විසි දෙවැනිදා. විභාගෙ තියන දවස මට කියල කලින්ම නෙට් එකෙන් බලාගෙනයි හිටියෙ. ඊට ටික දවසකට පස්සෙ මගේ ලඟට ආව. අපේ කතාබහ මෙහෙමයි,

සෑම් අයිය : රාජ් මහත්තයෝ අපි අරක බලමුද ආයි සැරයක්......
මම : මොකද්ද?
සෑම් අයිය : අපේ විභාගෙ....
මම : ඇයි මම පෙන්නුවෙ?
සෑම් අයිය : නෑ අර ඔය දවස් වලට ඉර පායන්නෙ නැතුව කරුවල වෙන කතාවක් තියනවනේ. විභාගෙ කල් යයිද?

ඔය කතාව මම කා එක්කවත් කිව්වෙත් නෑ. සෑම්ට කවුරුත් මොකුත් කිව්වෙත් නෑ.

මේ සෑම් අයියගෙ තවත් කතාවක්.
විභාගෙ නිසා සෑම් අයිය මේ සතියෙ නිවාඩුයි. පාඩම් කරන්න කියල! අද උදේ අපේ එකෙක් ගිහිල්ල සෑම් බලන්න. ඌ කිව්වෙ නං මෙහෙමයි,

"මොන පිස්සුද! සෑම් වී මලු ටික ගේ මැද උගේ වටේට තියාගෙන, ඒක මැද ඉන්නව අතේ සල්ලි වගයකුත් තියාගෙන ලෝකෙ විනාස වෙනකං"

හරි හරි ඔය කතා ඇති. එහෙනං කස්ටියටම සුබ ලෝක විනාසයක්! මතක ඇතුව මාරයගෙ බඩු ලැයිස්තුව ගනිල්ල. ලැප්ටොප් එකයි ඩොංගල් එකයි අනිව ගනිල්ල. මොකද ලෝක විනාසෙන් ටෙලිෆෝන් ලයින් විනාස උනොත් බ්ලොග් ලියන්න ඩොංගලේ එපැයි!

91 comments:

  1. මම මේ 2012 චිත්‍රපටිය බලන්න හදන්නේ ඕනි *කක් කියල

    ReplyDelete
  2. ලෝක විනාශය ගිනිච් වේලාවෙන් 11.11 ට වෙන්න තියෙන්නේ..ලංකාවෙ වෙලාවෙන් 16.41 ට.ඒත් මට නම් කිස්ට් මාමා විශ්වාසයි.කිස්ට් මාම බොරු කියන්නේ නෑ..මම ගත්ත කිස්ට් ජෑම් බෝතලේ කල් ඉකුත් වන දිනය 2013

    ReplyDelete
    Replies
    1. කිස්ට් මාම කිව්වනං ඉතිං ආයෙ අහන්න දෙයක් නෑ!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  3. ඔය හැම එකටම කලින් අර කැලැන්ඩරේ හදපු වෙද පප්පාගේ ආත්මය ගෙන්වන්න ඕනේ මළවුන් ගෙන්නලා සාස්තර කියන තැනකට.ඊට පස්සේ ඔය ආත්මේ කුප්පියක හිරකරලා, පොරට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනල්ලා,1 චෝදනාවක් හරි ඔප්පු කරලා, 2/3 බහුතර බලයක් අරන් පරසක්වළ ගහන්නයි තියෙන්නේ.ඇයි අෆ්ෆා, ඔය කැලැන්ඩරේ බාගේට හදපු හින්දානේ මේ මිනිස්සු පිස්සු නටන්නේ. :(

    ReplyDelete
    Replies
    1. හැබැයි කරනව නම් දැනුත් වෙලාව ඇති , එලිවෙන කන් ඉඳලා හරි දෝෂාභියෝග වාර්ථාව හදන්න පුලුවන්

      Delete
    2. ඒ වාර්තාව ගැන වාර්තාවක් හදන්න තව කමිටුවක් හදන්නත් ඔනි.වේලාව ඇතිවෙයිද බං?

      Delete
    3. අයියෝ.. ඕවා සුළු දේවල්නේ මේ ලංකාවේ ඉන්න අපිට.ඔය වෙලාව හොදටම ඇති.

      Delete
    4. කමිටුව පප්පට කුනුහබ්බෙන් බනියිද?

      Delete
  4. ඉදල ඉදල මමත් ඔයාගෙ අඩවියට ඈවිත් තියෙන්නෙ ලෝකේ විනාසෙ වෙන දවසෙනෙ... ඉතින් මොකේදෑයි දන් වලදන්නේ.....දෑන් ඉතින් කමෙන්ට් කරත් නෑතත් ඔබ තුමාට මාව මතක හිටිය එකක් නෑනෙ..... අය්යෝ සල්ලි.....

    ReplyDelete
    Replies
    1. අන්තිම මොහොතෙ කමෙන්ට් කරන උදවිය නේන්නං වැඩිපුර මතක තියෙන්නෙ.:-)
      සාදරයෙන් පිලිගන්නව අන්තිම දවසෙ මගේ නවාතැනට.

      Delete
  5. අපලාදෙ ගෙට්‍ටුව නේ..!

    ReplyDelete
    Replies
    1. අඩේ අපරාදෙ මම අතින් ගෙවල ග්‍රවුන්ඩ් එක බුක් කළේ :(

      Delete
    2. ඔන්න අයහපත් කාලගුණේ නිසා කල්ගිහිංලු.

      Delete
  6. අපරාදේ ලෝක විනාසෙට කලින් ශිරානි නෝනා ගෙදර යවන්න මැදමුලනේ ගොයියෝ ටික මාර ට්‍රයි එකක් දුන්නේ. ඒත් ටික් ටික ලෝක විනාශෙ ලංවෙනකොට පර්සි මහත්තයිට හිතිලා යන කතරගමක පව් නොකර යන්න. සමහරවිට සමාන්තරලෝකෙක විධායක ජනාධිපතිකමක්වත් ගන්න මෑන්ගෙ හිතේ ඇති. උඹටත් සුබම සුබ ලෝක විනාශයක් වේවා,,,,, ?

    ReplyDelete
  7. ආයෙත් ජනවාරි එනව කියපු එකා දැන් මේ මැදින් පැනලා ලෝක විනාසයක් ගැන කියල අපිව මෙව්ව කරන්න හදනවා. ඇයි බොල අපේ කැළණියේ ගැමුණු කිව්වේ විනාසයක් වෙන්නෙ නැහැ කියල. වුනොත් ලංකාව විතරයි. ඒ මලින්ද මාමා නිසා.

    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ඔව් බං උඹල ගැන දුක හිතිල කලිං ආව.

      Delete
  8. මේක සිරාවට ගත්තු එවුන් ඕන තරම් ඉන්නවා රාජ් අයියේ.. ඕවා උන්ට පැහැදිලි කරන්න ගියාම උන් හිතන්නෙ අපි මැට්ටො කියලා.. මැට්ටෝ උන්ද ? අපිද? තව සුලු මොහොතකින් බලමු..

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද බං. ගොන්නු උනා කියල මරන්න යැ!

      Delete
  9. සුභ ලෝක විනාශයක් වේවා!

    ReplyDelete
  10. මේකත් ඔය ලෝක විනාසේ ගැන. අද කට්ටිය වැඩිය කමෙන්ට් කරන්නේ නැත්තේ පන්සල් ගිහින් වත්ද ?

    ReplyDelete
  11. තව ටික වෙලාවයිනෙ. මොනව වෙන්නද හෙටත් ඉර පායයි. හවස් වෙනකොට කරුවල වෙලා ඉර බැහැල යයි. අපිත් වෙනද වගේම වැඩක් කරගෙන නිදාගෙන 22 උදේට ඇහැරෙයි. අවිනිශ්චිත ලෝකෙ මේක නම මට හොදටම නිශ්චිතයි. මම මැරුනොත් නම් ඒ ලෝක විනාශෙ නිසා නෙමෙයි. මගේ කෝටා එක ඉවර නිසා.

    ReplyDelete
    Replies
    1. ඉර නං පායල තියනව සැරටම.

      Delete
  12. හික්...හොදා හොදා....සුභම සුභ ලෝක විනාසයක් වේවා...! :D

    ReplyDelete
  13. හැපිම හැපි ලොක විනාසයක් වේවා ..... වෙනිදා උදෙන්ම නැගිටලා මම මුලින්ම කරන්නේ කැලන්ඩරේ හදපු එකාගේ ජාතිය අමතලා කථාවක් පවත්වන එක

    ReplyDelete
    Replies
    1. මොකෝ හිස්තැන් තිව්වෙ? බයයි නේද? හූ හූ..........

      Delete
  14. මම හිතුවා සෙල්ලං දැම්මට කොල්ලට ලෝක විනාසේ මතක් වෙනවයි කියල.. හැක්.. අපි නං සුජානං වෙනවා.. ඕක.. කුමන්ත්‍රණයක්ය කියල අර පදුරු දේශකයා කියනවා. හරි කෝකටත් පැය ගානයි නෙව තියෙන්නේ. එහෙනං දිව්‍ය ලෝකේදි හමු වෙමු. රාජ්ල ඩබලගෙම පාටි දෙක සුපිරියට ගම්මු සක්කරයටත් ෂොට් එකක් හෙම දීල.

    ReplyDelete
    Replies
    1. පාටිය ගමු! එච්චරයි.

      Delete
  15. මමනම් පම්පර්ස් දෙක තුනකුත් ගත්තා. කියන්න බැහැනේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අයියෝ ඔයවගේ පොඩිදෙයක් කාටවත් පේනඑකක් නෑ මං හිතන්නෙ මේ වෙලාවෙ. :)

      Delete
  16. ඇත්තට විනාස වෙයිද බං

    ReplyDelete
  17. උදාවන නව ලෝක විනාසය...කිරියෙන් පැණියෙන් උතුරන සුභ ලෝක විනාසයක් වේවා..!

    ReplyDelete
    Replies
    1. මාරය නං බේරෙයි. අපිට තමයි සොරි වෙන්නෙ. කොහොම උනත් උඹේ බඩු ලිස්ට්එක සූජානං කරගෙන ඉන්නෙ.

      Delete
  18. සුබ උපන්දිනයක් වේවා යැයි අද පැතුම් ලියන්න බැරි නිසා රාජ්ට සුබ අනාගතයක් පතන්නම් උදාවෙන්නා වූ උපන්දිනයෙන් ආරම්භ වෙන ඊ ළඟ වසරට!

    ඔස්ට්‍රේලියාවෙ අයට මෙහෙට කළින් හැමදාම උදාවෙන හෙට, හෙටත් උදාවේවිද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඇමරිකාවට 21 උදාවෙන්නෙ අන්තිමට නිසා ඒකත් වාසියි නේද? :-)

      Delete
  19. උබ ටිකට් ගත්තද බන් ලෝක විනාසේ බලන්න .මන් නම් ගැලරි ටිකට් එකක් ගත්තා .ආයේ කවදා බලන්නද බලන එක සුපිරියටම බලන්න ඕනේ .
    එහෙනම් සුබ ලෝක විනාශයක් වේවා

    ( මට නින්ද ගියොත් කවුරුහරි මාව 16:21 ට ඇහැරවපල්ලා .නැත්තන් ෂෝ එක මිස් වෙයි )

    ReplyDelete
    Replies
    1. ඒ ගමන්ම සුබ උපන්දිනයක් වේවා කියලත් විශ් කරා ඕන් ඈ

      Delete
    2. තැන්කූ. ටිකට්ඒක අපරාෙද්!

      Delete
  20. "මොනව වෙයිද දන්නෙ නැහැනෙ" , "හෙට කඩවල් වහයිද දන්නෙ නැහැනෙ"// ආතල් නේ අර ලංකාවට සුනාමි එනව කිව්ව වගේ තමා

    ReplyDelete
  21. කාරුණික නිවේදනයයි!

    2012-12-21 දිනට යෙදී තිබූ ලෝක විනාශය දිවයින පුරා බල පැවැත්වෙන අයහපත් කාළගුණය හේතුවෙන් කල් දැමීමට සිදු වී ඇත. ලෝක විනාශය බලාපොරොත්තු වූ සැමට අපගේ බලවත් කණගාටුව.

    මීට, ලෝක විනාශ සංවිධාන කමිටුව.

    (ඔන්න ලෝක විනාසෙට කලින් මාස ගාණක් වේලිච්ච බ්ලොගට පෝස්ටුවක් කෙටුවා. ඒක දැක්කට පස්සේ උඹල ආයෙත් කියනව නෙමෙයි ලෝකෙ විනාස සංසාර් වුනානම් හොදා කියල.)

    ReplyDelete
    Replies
    1. ආ..තව ඩිංගෙන් අමතක වෙනවා...ඔන්න උඹටත් ඉංග්‍රීසි මලයටත් සුභම සුභ උපන් මෙව්ව එකක් වේවා! අඩේ මම උඹටත් පස්සේ දවසේ...හරියටම කිව්වොත් නත්තලට ඉස්සෙල්ලා දවසේ....ආ...ඇයි දුමියා..ඌත් 22නේ බොල. බලං ගියහම එළ කොල්ලොයි (මං වගේ) අංකල්ලයි (උඹ වගේ) සෙට් එකක්ම දෙසැම්බර් නේ...

      Delete
    2. අප්පට සිරි. බර්ත්ෙඩ් සීරීස් ඒකක්ම තියනව.

      Delete
  22. හරි මධ්‍යම රාත්‍රී 12 පැන්නා.....කෝ මොකුත් නෑනෙ..

    ලෝක විනාසෙ කෙසේ වෙතත් ගෑස් රු 300කින් විතර උස්සලා තියෙයි. මධ්‍යම රාත්‍රී 12 කියන්නෙ අන්න එහෙව් වෙලාවක්....

    ReplyDelete
    Replies
    1. අඩේ ඒ කියන්නේ සුමිත් අයියත් ලෝක විනාසෙ වෙනකං වෙලාව බලං ඉදියද??

      Delete
    2. කොහොමත් මම සාමාන්‍යයෙන් නිදාගන්නෙ මධ්‍යම රාත්‍රී 12 පහුවෙලා තමයි.....නැත්නම් බ්ලොග් කියවන්න වෙලාවක් කොයින්ද....?

      Delete
    3. පුදුමයි බං. ෙම් ෙවනකල් ෙමාකුත් මිල වැඩිවෙලා කියල අාරංචියක් නෑ.

      Delete
  23. මමනම් වොඩ්කා ෂොට් එකක් දාලා නිදාගන්න යන්නේ.

    ReplyDelete
    Replies
    1. අපිට ෙකායින්ද බූල් බල්ෙලා. ගල් ෙෂාට් ඒකක් ගහල නිදාගන්නව.

      Delete
  24. ඔයාටත් සුබ ලෝක විනාසයක් වේවා !!

    ReplyDelete
  25. මමත් උදේ පාන්දරම නැගිට්ටා ලෝක විනාසේ බලන්න කෝ තාම නෑනේ.. කොහොම හරි කමක් නෑ..
    සුභ ලෝක විනාසයක් වේවා!!

    ReplyDelete
  26. එහෙනම් උඹටත්.. "විනාසවේවා" කිව්වා.. හරි...
    විනාසනොවී ඉතුරු උනොත් 23 ට සුභ මෙව්ව එකක් වේවා...

    ReplyDelete
  27. අප්පට සිරි අද වැරදුනානේව .......

    ReplyDelete
  28. අඩේ සුබ උපන් එකක් වේවා.
    යන දේවාලෙක යන්න බෝතල් දෙක තුනක් සෙට් කරගත්තනම් එල.නැත්තන් ඉතින් වේලි වේලි ඉන්න වෙන්නේ.

    ReplyDelete
  29. සුබ ලෝක විනාසයක් වේවා !

    ReplyDelete
  30. Replies
    1. තැන්කූ. ඔයාටත් සුභගැතුම්.

      Delete

  31. ///ලංකාවෙ නං ප්‍රතිශතය ටිකක් වැඩිත් ඇති///

    තමන්ගෙ රට පහත් කරල කතා කරන
    තුට්ටු දෙකේ මානසිකත්වය
    හොයල බලල ලියන්න
    ලංකාවට වඩා වැඩියි තමුන් ඔය දියුනුයි කියලා
    උඩදාන රටවල ඔය තත්වය

    ReplyDelete
    Replies
    1. අෙන් සමාවෙන්න වැරැද්දක් උනානං. හැබෑටම සාත්තරකාර ෙයායි ෙජා්තිෂ පප්පලයි වැඩිෙයන් ඉන්ෙන අෙප් රෙට් කියලයි මං හිතුවෙ.

      Delete
  32. ලෝක ‍විනාසේ ගැන කිසම දෙයක් කියන්නේ නෑ.. සුදීක කිව්වා වගේ කෝටා ඉවර නං අපිත් ඉවරයි..
    මොනා උනත් රාජ් සහ Raj දෙපළටම සුභ උපන්දිනයක් වේවා කියල කියන්නම්කෝ!!

    ReplyDelete
  33. කවුරුහරි ඉන්නවද බන් ඔට්ටුවක් අල්ලන්න ?

    ReplyDelete
    Replies
    1. හරි! මම ඒනව. ෙලා්ක විනාෙසන් පස්ෙස ඔට්ටුෙව සල්ලි ගන්ෙන ෙකාෙහාමද? ;-)

      Delete
  34. නියමෙට ලියල තියනවා. පිවිසෙන්න http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  35. සෑම් අයියා වී මලු ටික වට කරගෙන අතේ සල්ලි තියාගෙන හිටියේ ලෝක විනාශේ වුනාම කාගෙන් බඩු ගන්නද දන්නේ නෑ. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. අෙන් මංද බං. සෑම්ෙග වැඩ.

      Delete
  36. ඔය මායා වරුන්ගේ කැලන්ඩරේ බලන්න මම ගියා උඹලා වෙනුවෙන්.... වෙලා තියෙන්නේ ඕක ගලේ කොටපු එකාගේ ගල් කූර ඉවරවෙලා.... අලුත් ගලක් කපා ගන්න කියලා ලංකාවට ආපු වෙලේ ඌ මෙහේ නැවතිලා සෙල්ලිපි කොටන්න.... මොකෝ ළෝකේ අනිත් අයට වඩා මේ රටේ අය වෙනස්නේ....

    ReplyDelete
    Replies
    1. මං හිතුවෙ ඌ තාම ගල් කපනව කියල.

      Delete
    2. කපනවා,ඒත් ඉස්සර වගේ නිතරම නෙමේ.නිවාඩු පාඩු වෙලාවට.

      Delete
  37. හයියූ .... මේ ලෝක විනාශෙ මට දැන් අහල අහලම එපා ..... වෙල. පික්ෂු වගේ අෆ්ෆා.

    ඔන්නොහෙ උඹටත් සුබ ලෝක විනාශ දිනයක් සහෝදරයා.

    හෙට අනිද්ද උපන්දින මෙව්ව එකකුත් තියෙද? දන්න අඳුරන බෙබේල සෙට් එකට පාටියක් දෙන්න සෙට්වුනොත් නම් උඹටත් හිතෙයි අනේ 21 ලෝක විනාශෙ උනානම් කොච්චර ෂෝක් ද කියල. :)

    ReplyDelete
  38. ලෝක විනාශේ කල් ගිහින් අප්පා :(

    ReplyDelete
  39. මේ තවම මේ අට මගලේ වුනේ නැහැ නේ..

    ReplyDelete
  40. ඇත්තටම මචං මට ඕක අමතකම වෙලා තිබුනෙ, මට ඔයිට වඩා ප්‍රශ්න තිබුනා බං මේ ටිකේ කල්පනා කරන්න .......

    ReplyDelete
  41. ලෝක විනාස උනේ නැතෝ.
    අපි තාමත් ඉන්නවෝ

    ReplyDelete
  42. පරක්කු උනාට සොරි.. අපි නං තාමත් යහතින්.. :)

    ReplyDelete
  43. වැඩේ අබිලික් නේහ්?
    හත්වලාමෙ (නො)වෙච්ච දේට මක්කොරන්නදෑ?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  44. තාමත් උනේ නැහැනේ.. :(

    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)

    ReplyDelete