Friday, December 28, 2012

SL top chart සමඟ සමුගනිමි 2012

Top 3 රාජ්‍යසේවකයෝ.

3.ඛනිජ තෙල් අමාත්‍යංශ ලේකම්.
2.විභාග කොමසාරිස්.
රජයත් තම දෙපාර්තමේන්තුවත් වෙනුවෙන් අසීරු කාර්යභාරයක් ඉටුකිරීම වෙනුවෙන්‍,.........
1.පොලිස් මාධ්‍ය ප්‍රකාශක.



වසරේ තරුණයා


3.නාමල් රාජපක්ෂ
2.මාලක සිල්වා
ජනපති පියාගේ හෝ පියාට අයත් රජයේ, විශය භාර අමාත්‍යාංශයෙන් කිසිදු උපකාරයක් නොලබා චීන රජය සමඟ එක්ව මාතෘභූමිය වෙනුවෙන් චන්ද්‍රිකාවක් ගුවන්ගතකිරීම වෙනුවෙන්,.......
1.රෝහිත රාජපක්ෂ


2012 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම මිතුරා

3.වෙනිසියුලාව
2.ඉරානය
ලංකාවට සැපත්වූ රාජ්‍ය නායකයාගේ, උණුසුම් මිත්‍රත්වය මැද්දෙන්,......
1.ස්වාසිලන්තය.


නැගී එන දේශපාලනඥයා

3.අජිත් ප්‍රසන්න.
2.ලියනගේ සුනිල් හෙවත් සාරුවා සුනිල්.
විදේශ බලවේග වලට එරෙහිව සටන් කරමින්ද ඔවුන් හමුවේ නොසැලී සිට රටටත් නායකත්වයටත් පක්ෂපාතීව කල සේවය වෙනුවෙන්,
1.සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ.


තම ශිෂ්‍ය පිරිස වෙනුවෙන් අපරිමිත පරිත්‍යාගයන් සිදුකර වැරදිකරු වී, විශේෂ දිසාපාමොක් සම්මානයෙන් පිදුම් ලබන්නේ(නිතරගයෙන්),......
1.සම්පත් අත්තටගේ


Top 3 ministers

3.සුසිල් ප්‍රේමජයන්ත
2.එස්බී දිසානායක‍
තම අමාත්‍යාංශ නිලධාරීන්ගේ(?) මෝඩකම් හමුවේ තවදුරටත් තනතුරේ රැඳී සිටීම වෙනුවෙන්,.....
1.බන්දුල ගුණවර්ධන


Most Powerful civilian

3.
2.ජූලම්පිටියේ අමරේ
කිසිවෙකුගේ සහයෝගයකින් තොරව අධි ආරක්ෂාවක් තිබූ රටේ ජාතික කෞතුකාගාරයට පිවිස පෞරාණික භාණ්ඩ සොරාගැනීම වෙනුවෙන්,.......
1.ලන්සගේ ප්‍රියන්ත මෙන්ඩිස් හෙවත් කන්ගැට්ටා.


The Modern Patriot කාන්තාවන් සඳහා සම්මානයක් යෝජනා කරනු ලදුව පසුව එක්කරන ලදී.
උපුටනය:

වසරේ නිර්මාණශීලීම කාන්තාව

3. ගෝල්ඩන් සිරප් ශ්‍රී ලාංකීය ජනතාවට හදුන්වාදීම වෙනුවෙන් - රෝසි සේනානායක
2. CCTV වලින් ප්‍රවෘත්ති රූ ගත කළ හැකි බව සහ 'මර්ඩර් ත්‍රිල්' සංකල්පය හදුනවාදීම වෙනුවන් - සෝමා එදිරිසිංහ
වෙළද දැන්වීම් පමණක් විකාශණය වන රූපවාහිනී නාලිකාවකින්, ක්‍රීඩා තරග විකාශය කළ හැකි බව සොයාගැනීම සහ සියළු ජාතික ක්‍රීඩා තරග පුද්ගලික නාලිකාවට ලබා ගත හැකි අයුරින් රටක නීතිය වෙනස් කරවා ගැනීම වෙනුවෙන්. CSN නාලිකා ප්‍රධානී
1.යසාරා අබේනායක රාජපක්ෂ

උ.ගැ. අවසන්.

වසරේ කියමන: "නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ, නඩු අහන බඩුත් හාමුදුරුවන්ගෙ!"

ලබන්නාවූ 2013 වසර සුබ නව වසරක් වේවා! රැවටිලිකරුවන්ට හසුවීම් අඩු වේවා!

75 comments:

  1. කතන්දර ගොඩාආආආආක් මතක් කරලා , රාජ් මචං --මෙතන නෑ නේද රටත් නායක්ත්වයත් වෙනුවෙන් අභීතව පෑන මෙහෙයවමින් කටයුතු කළ වසරේ ජනමාධ්‍යවේදියා.... මෙන්න මගේ යෝජිත නම් ලැයිස්තුව.
    1. වික්ටර් අයිවන්
    2. කරුණාදාස සූරියාආරච්චි
    3. මහින්ද අබේසුන්දර

    ReplyDelete
    Replies
    1. ඉහත නම් පළ කොට ඇත්තේ පිළිවෙලින් නොවන බැව් සලකන්න.

      Delete
    2. 1 2 3 මාරුකලාම වැඩේ හරි! මාධ්‍යවේදියො මතක් උනේ නෑ බං.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. ඉදහිට ඇනෝලාද නිවැරදි යමක් පවසති.

      Delete
  2. 2013දී වත් රැවටීම්වලට අසු නොවේවා.
    පළවෙනිය කවුද කියල හොයාගන්න හෙනම ගේමක් දුන්න බන්.මුලින් හිතුවේ පලවෙනියෙක් නැතුව ඇති කියලා.

    ReplyDelete
    Replies
    1. :-) වෙනසකටත් එක්ක සුදු කලා.

      Delete
  3. "නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ, නඩු අහන බඩුත් හාමුදුරුවන්ගෙ!"
    මේක තමා වසරේ රුවන් වැකිය...

    රාජ්... උඹට සුභ නව වසරක් වේවා....!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මාතලන්‍.

      Delete
    2. ඒ විතරක් නොවේ වරදිකරුවන්ගේ බෙල්ල කපන කඩුත්, ගිහින් දාන කූඩුත්, නඩු අහන මඩුත් ඒ හාමුදුරුවන්ගේම තමා - සුජීව කොකාවල බුකියේදී

      Delete
    3. "නඩුත් හාමුදුරුවන්ගෙ - බඩුත් හාමුදුරුවන්ගෙ - හොරුත් හාමුදුරුවන්ගෙ " මෙක තමයි 2013 අලුත්ම වැකිය.... හි හ් හි..... ඔබ ඇතුළු සියලු ලෝක වාසින්ටම සාමයෙන් සතුටින් පිරි සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා....!

      Delete
  4. මොකද බං අඹට බ්ලොග් ලියුවා ඇති වෙලාද

    ReplyDelete
  5. මොනාද අර පලවෙනි තැනට ආපු අයගේ නම් නොපෙනෙන්ට දාලා තියෙන්නේ? :-)

    2012 ආයුබෝවන් කීවට 2013 ආපහු එනවනේ.
    රාජ්ට සුබ නව වසරක්!!!

    ReplyDelete
    Replies
    1. ඇස්වහ කටවහ වැදිල තැන නැතිඋනොත් එහෙම ....

      Delete
    2. බොහොම ස්තුතියි. 2013 තමයි ආයෙත් එන්නෙ.

      Delete
  6. //නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ, නඩු අහන බඩුත් හාමුදුරුවන්ගෙ!"//

    :D :D

    සුභ නවවසරක් !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බුවා.

      Delete
  7. නියමයි....සුභ නව වසරක් වෙවා....!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉන්ද්‍රජිත්

      Delete
  8. ඔය රාජ්‍ය සෙවකයට නොමිනේශන් එකක් මෙන්න

    ජනතාව ගෙවන බදු වලින් පඩි අරගෙන
    ඒ වෙලාවෙ බ්ලොග් ලිවීම හා කියවීම කරමින්,
    අනුන්ගේ ඇද හෙවීම වෙනුවෙන්

    රාජ්

    ReplyDelete
  9. "වසරේ මෝඩයෝ"
    වගේ එකක් නැද්ද අපිටත් ගන්න?
    සුබ නව වසරක් !

    ReplyDelete
    Replies
    1. ඒක දැම්මෙ නැත්තෙ ජයග්‍රාහකයින් බර ගානක් ඉන්න නිසා.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  10. ඔය තියෙන්නෙ ලෙසටම.....(y)

    2013(වත්) සුබ නව වසරක් වේවා....!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුමිත්.‍

      Delete
  11. "නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ, නඩු අහන බඩුත් හාමුදුරුවන්ගෙ!"

    රාජ් මේක තමයි මම දුටු වසරේ කියමන.

    එන අවුරුද්දෙත් මොනව හරි ලියමු. ජය පතනවා!

    සුභ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ලියමු. බොහොම ස්තුතියි.

      Delete
  12. නාන්න යනවද නාගන්න යනවද?

    ReplyDelete

  13. //"නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ, නඩු අහන බඩුත් හාමුදුරුවන්ගෙ!"//

    හාමුදුරුවන් පත් කල දේශප්‍රේමී ජනතාවට ජය වේවා......සුබ නව වසරක් වේවා............

    ReplyDelete
  14. සුභ නව වසරක් වේවා...

    ReplyDelete
  15. හික් හික් සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  16. හපොයෝ හොදටම පරක්කු වෙලානේ බොල දකිද්දී ..
    2013 මීටත් වඩා හොඳ ටොප් චාට් එකක් හිමි
    කරගන්න එකාවන්ව වැඩ කරමු මචන්..:(
    Good post

    ReplyDelete
    Replies
    1. එච්චර පරක්කුවක් නෑ. තාම දැක්කෙ නැති උදවිය ඉන්නව. බොහොම ස්තුතියි

      Delete
  17. Most Powerful Civilian තුන්වන ස්ථානය උඹද?

    පොඩි අඩුවක් තියනවා..උඹ රටේ අඩක් වන කාන්තා පාර්ශවය වෙනුවෙන් සම්මාන දීලා නෑ.

    මෙන්න එහෙනම් මම යෝජනා කරන්නම්.

    වසරේ නිර්මාණශීලීම කාන්තාව

    3. ගෝල්ඩන් සිරප් ශ්‍රී ලාංකීය ජනතාවට හදුන්වාදීම වෙනුවෙන් - රෝසි සේනානායක
    2. CCTV වලින් ප්‍රවෘත්ති රූ ගත කළ හැකි බව සහ 'මර්ඩර් ත්‍රිල්' සංකල්පය හදුනවාදීම වෙනුවන් - සෝමා එදිරිසිංහ
    1. වෙළද දැන්වීම් පමණක් විකාශණය වන රූපවාහිනී නාලිකාවකින්, ක්‍රීඩා තරග විකාශය කළ හැකි බව සොයාගැනීම සහ සියළු ජාතික ක්‍රීඩා තරග පුද්ගලික නාලිකාවට ලබා ගත හැකි අයුරින් රටක නීතිය වෙනස් කරවා ගැනීම වෙනුවෙන්. CSN නාලිකා ප්‍රධානී - යසාරා අබේනායක රාජපක්ෂ

    ReplyDelete
    Replies
    1. මමත් කියන්න ආවේ මෙන්න මේක අඩුයි කියල.

      Delete
    2. ඕං පෝස්ටුවටම දැම්ම. කාන්තා නියෝජනයක් කල්පනා කලත් ඔලුවට ආවෙ නෑ. නුදුරු අතීතය අමතක වෙලා.

      Delete
  18. හෑක්කෑ බං අපිනම් මේවා දන්නේත් නෑ දැක්කෙත් නෑ අරිය?

    ReplyDelete
    Replies
    1. පේන්නෙ නැති වෙන්නනෙ දාල තියෙන්නෙ. බොහොම ස්තුතියි

      Delete
  19. මේ වසරේදීවත් අපිට සුභ වේවා!!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කාගෙත් පැතුම. බලමු.

      Delete
  20. දිලා තියෙන්නේ රෙදි ගැලවෙන්නම

    ReplyDelete
  21. රාජ්ටත් සුභ අලුත් අවුරුද්දක් වේවා.. තව තවත් රුවන් වැකි .. නෑ නෑ .. ඕන් නෑ .... හි හි...

    ( අර කතාවට තමා බං වසරේ කතාවට සම්මානේ දෙන්න ඕනේ... හි හි.. )

    ReplyDelete
    Replies
    1. නෑ ඔන්න ඔහේ කියල දාන්න තියනව නං.

      Delete
  22. මරු . නඩු අහන බඩු සහ ඒ අය අහන නඩු නේද ...

    ReplyDelete
    Replies
    1. හ්ම්. බොහොම ස්තුතියි‍.

      Delete
  23. //ලන්සගේ ප්‍රියන්ත මෙන්ඩිස් හෙවත් කන්ගැට්ටා// මේයා ගැනනම් කතා කරන්න ඕන. ලෝක හොරෙක් තමා ඒ උනාට මේ යකා කොහොමද අප්පේ ඔච්චර තැනකින් බඩු උස්සන්නෙ.

    අනිව තව ලොකු ලොකු අතු වල උදවු තියෙනවමයි. ඒ අස්සෙ, නීති රකින ලොකුම කෙනෙක් ලැජ්ජ නැතුව කිව්ව. "මේක කෙරුවෙ කන් ගැට්ට තනියෙන් කියල ඔප්පු උනා"

    හැම තැනම බළලුන් වටා කොස් ඇට බාවනව. බළලව මරනව බාපු අය වැජබෙනව.

    ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඔව් බං. මටත් ලැජ්ජ හිතුන ඒ කතාවට නං.

      Delete
  24. සිතුම් පැතුම් ඉ‍ටු වෙන සුබම සුබ නව වසරක් වේවා රාජ් අයියේ.

    ReplyDelete
  25. සුභ නව වසරක් වේවා...... ඔන්න අපි මේවා දැක්කේ නැහැලු.......

    ReplyDelete
    Replies
    1. ගම්පහ ගේට්ටුවට එනවද? දැකලත් නැනේ අයියන්ඩි....

      Delete
    2. බලමු! තව කල් තියනවනේ. :-)

      Delete
  26. හික්...මරු මරු...
    සුභ අළුත් අවුරුද්දක් වේවා!
    ලබන අවුරුද්දෙත් මේ වගේ නිර්මාණශීලි අදහස් ඔලුවට ඇවිත් වැඩි වැඩියෙන් ලියන්නට පුළුවන් වේවා! :)

    ReplyDelete
  27. මිනිස්සුන්ට බොන්න වතුර ටික නෑ... මුන්ට ගොල්ඩන් සිරප්... මෙච්චර කාල මදි පාඩුවට වෙන්න ඈති රටත් කන්නෙ... කෙසේවෙතත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
  28. මං හිතුවා අර ගූගල් එකේ එක උන එකත් මේකේ ඇති කියලා...

    2013 සුභම වේවා!!!

    ReplyDelete
  29. නීති කෘත්‍යයන්හිදී දක්වන සුවිශේෂී උපක්‍රමික කුසළතාව
    3 තමන්ගේ ගෝලයකු වූ අග විනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහි දෝශාභියෝගය කෙටුම්පත් කල අමාත්‍ය ජී.එල්.පීරිස්
    2 අතුරුදන් වූ මාධ්‍යවේදී එක්නැලිගොඩ සිටින ස්ථානය දිවැසින් දුටු නීතිපති මොහාන් පීරිස්
    1 මට මොකවත් මතක නෑ න්‍යාය තුලින් නීතියෙන් ගැලවී සුර සැප විඳින කෙයුඩීයූ සිල්වා

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  30. සම්මාන බෙදාදීමේ උත්සවය නෙළුං පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදි තිබ්බා නම් තමා හොඳ !

    ReplyDelete
  31. ඔය තියන්නේ චාට් නේ.

    ලබන්නා වූ 2013 වසර සුබ නව වසරක් වේවා..!

    ReplyDelete
  32. මොකක්ද බන් රාජ් අයියේ මේ අසාධාරන් මේ මෙච්චර වැදගත් මිනිස්සු ඉන්න රටේ මේ ටිකදෙනේක්ව විතරක් තෝරලා කරලා තියෙන්නේ හරිම අසාධාරණයක්. මෙයට විරෝධය දැක්වීම පිණිස ලිප්ටන්වටරවුමට හෝස් ප්ලේන්ටියක් බී ලෙමන් ෆෆ් එකක් කා උපවාසයේ නිරතවීමට මා සූදානම්. :P


    අයියටත් සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  33. මේ ඇත්තන්ටත් මොකක් හරි සම්මානයක් ලැබුණේ නැත්නම් හරි අඩු පාඩුවක් :D

    මර්වින් සිල්වා, නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ, සනත් ජයසූරිය

    ReplyDelete
    Replies
    1. ඕනෙම මනුස්සයෙක් අමතක වුණානේ "විමල් වීරවංශ" :P

      Delete
  34. පලවෙනි ස්ථාන දෙන්න සුදුසු එවුන් ගැන සෑහෙන කල්පනා කලාට පස්සෙ තමයි දැක්කේ, උඹ ඒක සුදු පාටින් එතනම දාල කියලා. මෝඩ පාඨකයන් මුලා කිරීම පිළිබඳ මගේ බලවත් විරෝධය.

    ඒ එක්කම එහෙනං 2013ට ජයවේවා....

    ReplyDelete
  35. Fucking, absofuckinglutely amazingly fucking RAJ. Wish you all the fuck for 2013

    ReplyDelete
    Replies

    1. ඔයා දඟ ළමයෙක් වෙන්නද හදන්නේ හ්ම්ම්ම්ම් ... :D

      Delete
    2. පිත්තුද අනේ.. ඔය ෆක් කියන්නේ වටිනා වචනයක්..

      Delete